අවසන් හුස්ම...
ටකස්, ටකස්, ටක්ස්...
නොනවත්වා ඇසෙන රෝහලේ සිවිලින් ෆැන් හඩ හැර ඉද හිට ඇසෙන ගිලන් රථයේ සයිරන් නාදය හැර වෙනත් හඩක් ඇසෙන්නට නොමැත...මීට සුළු මොහොතකට පෙර හෙදිය විසින් පැමින ඇද අසල එල්ලා දකුණු අතට සවිකර ඇති සේලයින් බෝතලයේ භාගයකටත් වැඩි පිරිසක් ඉතිරිවි ඇත..
" ඔයා කෑම කන්නෙ නැති නිසා තමයි ඩොක්ටර් සේලයින් දෙන්න කිවෙි..බලෙන් මොනව හරි කෑවනම් ඔය අමාරුව ඉක්මනින් අඩු වෙනවා.."
" කෑම කන්න තරම් ප්‍රියයක් නැහැ මිස්..කට තිත්තයි .."
" ඔයාගේ ගෙදරින් කවුරුත් එන් නැද්ද ඔයාව බලන්න..දැන් දවස් දෙකක් උනා කවුරුත්ම ආවෙි නැනි.."
මා උණ රෝගය සෑදි රෝහල් ගතව දින දෙකක් ගෙවි ගියද නිවසින් කිසිවකු මා බැලිමට පැමිනියේ නැත..අනෙක් රෝගින්ගේ පවුලේ අයවලුන් පැමින සුවදුක් සොයා බලා එම රෝගින් සදහා කෑම පවා කැවිම සිදුකරන්නට විය..එහෙත් මා අසලට කිසිදු අයෙකු පැමිනියේ නැත..ඊයේ සවස ඇද අසල රෝගියා ලගට පැමිනි කෙනෙකු ලවා ආපනශාලාවෙන් ක්‍රිම් ක්‍රැකර් බිස්කට් එකක් ගෙන්වා ගත්තද..එයින් බිස්කට් භාගයක්වත් කන්නට හැකිවුනේ නැත...
" අද ලොකු ඩොක්ටර් එනවා..ඒ ආවහම ඔයාව බලලා අනුරාධපුරට ට්‍රාන්සර් කරනවා කිවා.."
මා දැනට ඉන්නේ කිලිනොච්චිය රෝහලේය..මාගේ වෙලාවට සිංහල දන්නා නර්ස් කෙනෙකු සිටිම සතුටක් සේ මට දැනුනි..
" එහෙනම් හොදයි මිස්...මගේ ගමත් අනුරාධපුරනි.."
" ආ..එහෙනම් ඔයාට හොදයි...ගෙදර අයත් ඇවිල්ලා බලලා යාවි.."
මම කිසිවක් නොකියා නිහඩවිය..
ලොකු ඩොක්ටර් යනු සිංහල වෛද්‍යවරයෙකි..ඔහු එන විට තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම ඔහු පසු පස එන්නට විය ...මාගේ වෛද්‍ය වාර්තා පරික්ෂා කර ඉන් පසුව ඔවුන් ඉංග්‍රිසියෙන් විස්තර කරන්නට විය..ඒ කිසිවක් මටනම් තේරුනේ නැත..
" මල්ලි..කොහොමද ඔයාට.."
ඔහු හරිම කරුනාවන්තය..
" ඉන්නවා සර්...ඇගට ටිකක් අමාරුයි..කෑම කන්න ප්‍රියයක් නැහැ.."
" ඒක තමා මල්ලි...අපි ඔයාගේ රිපෝර්ට් බැලුවා...වැඩිදුර චෙක් කරන්න අපි ඔයාව අනුරාධපුරට ට්‍රාන්සර් කරන්න වෙනවා.."
"කමක් නැහැ සර්...මෙහෙ ඉන්නවට වඩා මට එහෙ යන එක හොදයි..."
" ඔයාගේ ගම කොහෙද කිවේ.."
වෛද්‍යවරයා මාගෙන් ඇසිය..
" මං අනුරාධපුර සර්..අනුරාධපුර කිවට ඇතුලට වෙන්න..කහටගස්දිගිලියේ.."
" ආ..එහෙනම් ඔයාට ලේසි වෙිවි, ගමටනි.."
" දැන්ම යවනවද සර්.."
" ඔව් තව ටිකකින් ඔයාව අරන් යාවි...ඉක්මනට සනිපවෙලා එන්න.."
වෛද්‍යවරයාගේ මුවතුල කරුණාව ඉතිරි තිබුනි..එහෙත් ඔවුන් විසින් හංගන කුමක් හෝ රොගයක් මාතුල ඇතැයි මට සිතුනි..දින කිහිපයක් පුරා හිසේ ඇතිවන වෙිදනාව වචනවලට කියන්නට බැරිතරම්ය..
මා අනුරාධපුර රෝහලට රැගෙන එනවා මට මතකයක් නැත.හෙදියන් කිහිපදෙනෙකු මා වටකර පරික්ෂා කරද්දි මා දැස් හැරියෙමි...සිංහලෙන් කතා කරන අය සිටිද්දි මා අනුරාධපුර බව මට හැගුනි..
" පේෂන්ට්ට සිහිය ආවා.. "
" අපි කතා කරන එක ඇහෙනවද.."
අසල සිටි හෙදියක් මගෙන් අසනවා යාන්තමට මෙන් ඇසුනි...
" ඉන්න...දැන් ඩොක්ටර් එනවා.."
" මොකද්ද මිස් මට තියෙන අසනිපේ..."
" ඇයි...කිලිනොච්චි වලින් කිවෙි නැද්ද.."
මා කිසිත් නොකියා හිස සැලිය...
" ඔයාගේ මොලයට විෂ බිජයක් ගිහිං.."
ඒ වචනය කන වැකෙත්ම මා දැස් පියාගත්තේය..පෙර හුරුපුරුදු උණුහුමකින් මගේ දෑත අල්වා ගන්නා විට මා දැස් හැර බැලිය..වෙද නලාවක් කණ රදවා වෛද්‍යවරිය මගේ මුහුණට එබි උන්නාය..හිසේ වේදනාව තවත් දැඩිවුයේ ඒ රුව නෙතුගැටෙද්දිය..
" ප්‍රාර්ථනා ...ඔයා..."
මට කියවිනි..
" දෙනුවන් නේද මෙි..."
ඇය කිවාය..ඇයට මාව හදුනා ගැනිමටත් නොහැකි තරම් ශරිරය කේඩැරිවි ගොස් තිබුනි..
පාසල් කාලයේ මාගේ පලමු පෙම ඇයයි..ඇය සාමාන්‍යා පෙල ඉහලින් සමත්වි නගරයේ පාසලට ඇතුලත් වුයේ ජිවවිද්‍යා අංශයෙනි..මා කලා විෂයන් හදාරා ගමෙි පාසලේම ඉගෙනුම ලැබිය...
" මං ආසයි දෙනුවන් ඩොක්ටර් කෙනෙක් වෙන්න..."
" ෂොක්නි..එතකොට මට පුලුවන් ඔයාගෙන් බෙහෙත් ගන්න.."
" මැට්ටෝ...මෝඩ කතා කියන්න එපා."
" ඇයි ඉතිං...ඔයා ඩොක්ටර් උනහම ලෙඩ්ඩුත් ඉන්න එපැයි.."
" ඒ වුනත් ඔය වගේ මැටි කතාවක් තමයි කිවෝත් කියන්නේ.."
ඇයත්, මාත් පන්තියේ එක ලගින් වාඩිව් උන්නේය..ඇයගේ හීන මාත් සමග බෙදාගත්තේ එලෙසිනි.ඒත් ඒ හීනවලට වැඩි ආයුෂක් තිබුනේ නැත..ඇය අවසනට හමුවුයේ නගරයේ උපකාරක පංති අවස්ථාවකය...
" මං මගේ හීනයට යනවා දෙනුවන්..මට ඕන ඩොක්ටර් කෙනෙක් වෙන්න...."
එදත් ඇය කිවෙි එයමය..
" මාව අමතක කරනවද.."
මා ඇසුවෙි ඇයගෙනි..
" සමහර හීන ජයගන්න..සමහර ජිවිත අතහරින්න වෙනවා දෙනුවන්.."
" හ්ම්...මං ප්‍රාර්ථනා කරනවා එක දෙයක්.."
" මොකද්ද.."
" ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න..මගේ ජිවිතේ අන්තිම කාලයේදි හරි ඔයාගෙන් බෙහෙත් පෙත්තක් ගන්න මං එනවා.."
මා එසේ කියද්දි ඇය සිනාසුනි...එය සිහිනයක්මැයි ඇයට සිතෙන්නට ඇත..
සීතල කදුලක් මාගේ කම්බුල මත පතිතවිය..ඇයගේ දැස්මත කදුලුපිරි තිබුනි...මා නෙතුනොපියා ඇයගේ මුව දෙස බලා උන්නෙමි..ඇයගේ දෑත් මත මා මියැදෙන්නට මැව් සිහිනය සැබැවක් කරමින් මා තදින් නෙතු පියාගත්තෙමි...
නිමි.
No comments:
Post a Comment