අමාවකට පෑයු සද


🌹💕අමාවකට පෑයූ සඳ🌹💕( කෙටිකතාවකි)🌹💕🌷

මට මේ ජීවිතය දමා යන්නට උවමනාය. මට මේ ලෝකය ගැනම ඇත්තේ ලොකුම ලොකු කලකිරීමකි ජීවිතය මෙසේ අපායක වේයැයි මම කිසිදිනක නොසිතුවෙමි. එත් මට දැන් හුදකලා වීමට අවශ්‍යය. කොහේ හෝ ඇතකට ගොස් තනිවෙන්නට උවමනාය. මේ ලෝකයෙන් ඇත ව යන්නට උවමනාය. එත් මගේ මුළු හදවත පුරාම ඔබ නිතර සැරිසරයි. එක තප්පරයක් වත් ඔබ මට තනිවන්නට ඉඩ නොදෙයි. දමා යා නොහැකි එකම දේ ඔබයි ඔබ පදින්ච්චි වී සිටින මේ හදවතයි.

ඔබ මා හදවතේ සින්නක්කකර පදිංචි වී ඇත මේ තරම් දුක හිතෙන්නේ ඒ නිසාය. ඔබ ලගට යන්නයි මගේ මුළු ආත්මයම කැ ගසා කියයි. එත් ඔබ මා පිළිගන්නට සුදානම් නැත. ඔබට පැලෙන්නට තරම් ආදරය කර මේ හදවත පිලි ගන්නට ඔබට උවමනාවක් නැත.

මේ නගරය පුරා ඇත්තේ…. අපේ ආදරයේ මතකයන්ය ඔබව මුලින්ම හමු වුයේද මේ බෝ සමිදු අබියසදිය ඒ ඉතාම ලස්සන පුන් පොහෝ දිනයකදීය එදා බෝ සමිදුන්ට ඉහල අහසේ තිබුනේ තුනී මන්දාරමක් බව සැබෑය. එහෙත් ඒ මන්දාරම පවා ලස්සනය.
ඔබ සිහි වී මුළු හිතම සතුටින් පිරි යයි. එත් එය සුළු මොහොතකට පමණි.

මට ඉකි බිද හැඩෙයි මම හිස පාත් කරගෙන බෝ සමිදු දෙසට යන්නෙමි. කොතරම් හැඩුවද කොතරම් දුක් උවද පපුව දැවී පිච්චි ගියද මම තවමත් බෝ සමිදු අබියසට පෙම් කරමි. මගේ ජිවිතයේ මා දුටු අදරනියම හදවත …. ලස්සනම හිනාව…. මට හමු වුයේ මේ පින්බර බෝ සමිදු අබියසදීය. යලිත් තවත් කෙනෙකු හමු වීමේ අපේක්ෂාවෙන් තවත් මගක යන්නට මට හිතක් නැත. රත්තරනේ ඔබ හමුවන තුරු මම බෝ සමිදු අබියස බලා සිටිමි.

දවසක ඔබ මගේ වෙන බව මම දනිමි. එත් කෙදිනක කොහේදී ඔබ මා එක් වේදැයි මා දන්නේ නැත. ඔබගේත් මගෙත් ආදරයේ මුදුන් මල්කඩ මගේ කුස තුල හුස්මගන්නා බව ඔබ දන්නවානම් ඔබට කුමක් සිතෙනු ඇත්දැයි මට සිතා ගත නොහැක. ඔබෙත් මගෙත් දැත් අතරට පුංචි පැටියෙක්ව මැදි කරගෙන මේ නගරයේ ඇවිද යන්නට මා පැතු සිහින කොතරම්ද. එත් හෙට දින අපේ පුංචි පැටියටත් මටත් තනිව ජිවන ගමන යන්නට වන බව මම දනිමි.

ඔබ මුලින් මා දිහා බැලු හැටි මට තාම මතකය ඔබේ තුරුලට වී මේ නගර දෙක අතර කොතරම් අපි ගමන් කරන්නට ඇත්ද ඉස්සර ඔබ හැම දිනකම මා බැලීමට පැමිණියාය. ජීවිතය සුන්දර වුයේ එදා පටන්ය ඔබ හමු වූ දින පටන්ය. මා මුළු ජිවිතයම යන්නට පැතුවේ ඔබත් සමග පමණි. ඔබ නැතිනම් මම මේ මග තනිවම යමි. අපේ ආදරයේ සුන්දර මතකයන් සිහි කරමින් තනිවම යාම මට සැපකි. ඔබත් සමග ගිය මග තවත් කෙනෙකු සමග යා නොහැක.

ඒ තරමටම ඔබේ ආදරය බලවත්ය පින්බරය… රසබරය….. අපේ අතීතය කෙතරම් මිහිරිද ඔබ මට හිමි නොවුනත් මට පාළුවක් නොදැනේවි. ඒ අපේ පුංචි පැටියාත් අපේ අතීත මතක ගොන්නත් නිසාය. පෙරදා ඔබ මා එනතුරු බලා උන්නේ මාතර බස් නැවතුම්පලට වීය. ඔබේ දිලිසෙන දෑස දුටුවම මගේ පපුව හිරවෙයි… ඊටත් පසුව පපුවේ මල් වෙඩිල්ලක් පිපිරුවක් මෙන් මහා සතුටක් දැනෙයි. දවස් කියක් අප හමු වුණාදැයි මම නොදන්නෙමි. එහෙත් හමු වූ හැම දිනකම මා ඔබ වෙතට දුව ආවේ.

ඔබව ප්‍රථම වරට දුටු ආශ්වාද ජනක පිවිතුරු හැගීමෙනි. ආ විගස ඔබට ඇලෙන්නට මට අවශ්යය සතියක් පුරා ඔබ ගැනම සිතා ඉරු දින පාන්දරම ආ කල මා දකින ඔබව ස්පර්ශ කර අතගා බලන්නට මට ඇත්තේ පුදුමාකාර හදිස්සියකි.දුම්රියේ බසයේ කොතරම් සෙනග සිටියත් සුලගිල්ලෙන් හෝ මම ඔබව අල්ලමි මගේ බද හෝ ඔබේ බදට ලං කරමි.

මට අවශ්‍ය ඔබ ලගට ආ විගස ඔබේ උණුසුමට ගුලි වන්නටය. ඔබගේ දෙමාපියන් අපට විරුද්ද වන තෙක්ම ඔබ මට මහා මෙරක් තරම් පෙම් කරා යැයි මම දනිමි. රාජපක්ෂ පරම්පරාවේ නම්බුව බේරාගන්නට ඔබ අපේ ආදරය බිලි දුන්නා නොවේද විසුල මට ඔබ ගැන අහිතක් නැත මම තවම ඔබට පෙම් කරමි. ඔබ වෙනුවෙන් අපේ ආදරය වෙනුවෙන් මේ රෝස කැකුළ මම ආදරයෙන් හදා ගන්නෙමි.

මේ ගැන ඔබට නොකිවායි ඔබ දිනක මට දොස් නගනු ඇත. එහෙත් කීවයි කියා මේ වෙන දේවල් වල වෙනසක් වන්නේ නැත වෙන එකම දේ ඔබේ මාන්නක්කාර පියා මාවත් මේ මල් කැකුලත් මේ ලොවෙන් අයින් කරනවා හැර අනෙකක් සිදු වන්නේ නැත. උමා සේල්වනාදනට කිසි දින විසුල රාජපක්ෂ මේ ආත්මයේ හිමි වන්නේ නැත. ඔබත් දෙමාපියන් කි ගමන් මේ අසරනියව හැර දමා හිත් පිත් නැත්තෙකු සේ ගිය හැටි මට තවම මතකය.

මමත් මගේ රෝස මලත් තනිවම ඉදිරි ජිවිතයට මුහුණ දෙන්නෙමු. සිංහල මවකගේත් දමිල පියෙකුගේත් ආදරණිය දියණිය වලවුකාර පරපුරක පුතෙකුට ආදරේ කර වරදට අද තනිවම දඩුවම් විදියි.
ඉතින් මා ජිවත් වීය යුතුය කිරි කැටි සිගිති සිනා දකින්නට ඒ වෙනුවෙන් පේ වී මම ජිවත් වන්නෙමි..

Umega Chathurani.❤️💛

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment