🌸🌸🍁#සුදු_නෙළුම්..🍁🌸🌸
--------------------
"තුන්වෙනි වේදිකාවට දැන් පැමිනෙන දුම්රිය බදුල්ල බලා පිටත්වේ..
තුන්වෙනි වේදිකාවට දැන් පැමිනෙන දුම්රිය බදුල්ල බලා පිටත්වේ..දුම්රිය නවත්වන්නේ කඹුරුගමුව,වැලිගම,අහංගම ,ගාල්ල.........."
පොඩි ට්‍රැවලින් බෑග් එක වම් අතිනුත්,වතුර බෝතලය දකුනු අතිනුත් අරගෙන කෙල්ල දුවලා දුවලා ගිහින් කෝච්චියේ ජනේලයක් ලග අසුනක වාඩි උනා.කෝච්චිය මාතරින් ගමන් ආරම්භ කරන නිසා එච්චර සෙනගක් හිටියෙත් නෑ.
බෑග් එක උඩ රැක් එකෙන් දාලා වතුර බෝතලෙන් බාගයක් විතර බීගෙන බීගෙන ගියේ දුවගෙන ආපු මහන්සියට දිව ගිලෙන්න වගේ ආපු නිසා.කෙල්ල මේ යන්නෙ ඉතා දෛවෝපගත ගමනක් කියලා හදවත කෙල්ලට සැරින් සැරේට කිව්වා.කෝච්චිය අද්දනකොටම කෙල්ල ජනේලෙට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තා.පහු උනු කරුමක්කාර හිරිකිත අතීතය ෆිල්ම් එකක් වගේ එක දිගට මතක්වෙන්න ගත්තා..දැන් මේ ඒ ජීවිතෙන් මිදිලා නිදහස්වෙලා යනවා නේද කියලා හිතෙනකොට හිතට පුන්චි සහනයක් දැනුනා.
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
මේ අහිංසක කෙල්ලගෙ නම නෙළුම් ආශිංශනා... ගම හක්මණ.. කෙල්ලගෙ අම්මා නැතිවෙලා.තාත්තා වෙන කසාදයක් කරගෙන..දැන් නෙළුම්ගෙ ගෙදර ඉන්නෙ කුඩම්මයි එයාගෙ කලින් කසාදෙ පුතයි.
තාත්තා වැඩකලේ මාගම්පුර වරායෙ.එයා එන්නෙ මාසෙකට දවස් 2,3ක්.එයාලට සල්ලි යහමින් තිබුනා.තට්ටු දෙකේ ගෙයක්,කාර් දෙකක් තිබුනා.
ඒත් තිබුනෙ නැත්තෙ ආදරයයි සංවරකමයි රැකවරණයයි විතරයි.
කුඩම්මා හැමදාම මිනිස්සු අරන් බීගෙන ගෙදර එනවා.එයාගෙ පුතා ඊට හපන්.කෙල්ලො දෙතුන්දෙනා එක්කඑනවා.මුලු ගෙදරම මඩමක් වෙලා තිබුනෙ.ඔය එන මිනිස්සු අතරෙ සමහර එවුන් කෙල්ලට කතා කරපු අවස්තා නැතුවම නෙමෙයි.
ඊයෙ රෑ කෙල්ල නිදාගෙන ඉන්නකොට කුඩම්මාගෙ පුතා කාමරේට ඇවිත් කෙල්ලට කරදර කරන්න හැදුවා.කොහොමහරි පොරබදලා උගෙන් එවෙලෙ බේරුනත් තවත් එක මොහොතක්වත් මේ ගෙදර ඉන්නෙ නෑ කියලා කෙල්ල එවෙලෙ තීරනය කලා.අතට අහු උනු ඇදුම් කෑලි 3,4ක් බෑග් එකේ ඔබාගෙන බැංකු පොතයි, ලග තිබුනු සල්ලි ටිකකුයි අරන් ගෙදරින් පැනගත්තා.යන්නෙ කොහෙද කියලා හරිහැටි තීරණයක් නැතුව පාර දිගේ දුවගෙන ඇවිත් ත්‍රීවිල් එකක නැගල ස්ටේෂන් එකට ආවා. ඒ එනකොට වෙලාව පාන්දර 2යි.උදේ වෙනකම් ඉදලා යන්න පුලුවන් දුරම ට්‍රේන් එකේම කෙල්ල නැග්ගෙ ඊලගට මොකක්ද කරන්න ඕන කියලාවත් තීරනයක් නැතුව.....
බදුල්ලෙන් බහිනකොට රෑ 9ට විතර ඇති..
ස්ටේශන් එකෙන් එලියට ඇවිත් බැලුවත් ත්‍රීවීල් එකක් වත් තිබුනෙ නැහැ..
කෙල්ල එහෙම්ම පඩිය උඩ වාඩි උනා..
"මේ දැරිවි මොනවද මේ රෑ වෙලා තනියම මෙතන කරන්නෙ?"
පිටිපස්සෙන් ඇහුනු කටහඩට කෙල්ල ගැස්සිලා ගියා..
කෙල්ල හෙමීට හැරිලා බැලුවා..
වයස 75ක විතර අත්තම්මා කෙනෙක් චූටි මල්ලකුත් අතේ තියාගෙන ඉන්නවා.
"මම්...මේ.මෙ...."
කෙල්ලට කියන්න වචන කටට ආවෙ නෑ..
"ඇයි දරුවෝ.."
කෙල්ලගෙ ඇස් වල පිරුනු කදුලු දැකලා අත්තම්මා ඇහුවා..
කෙල්ල අත්තම්මාට කතාව කිව්වා පුලුවන් තරම් කෙටියෙන්..
"යමු මාත් එක්ක.."
කෙල්ලගෙ අතින් අල්ලගෙන අත්තම්මා කිව්වා..
කෙල්ලත් අත්තම්මා එක්ක ගියේ දැන් වෙන කරන්න දෙයක් ඇත්තෙම නැති නිසා..
අත්තම්මා කෙල්ල එක්ක ගියේ ලස්සන පුංචි නිවසකට.ස්ටේෂන් එකේ ඉදලා විනාඩි 15ක විතර දුර.දෙන්නත් එක්ක හෙමින් ඇවිදගෙන තමයි ගියෙ.
ගෙදර ඇතුලත් හරිම ලස්සනයි.පිලිවෙලයි.පිරිසිදුයි.
"වාඩිවෙන්න දරුවෝ"
අත්තම්මා ගේ ඇතුලට ගියා.
කෙල්ල එතන තිබුනු වේවැල් පුටුවක වාඩි උනේ බෑග් එක බිමින් තියලා.පස්සෙ කෙල්ල වට පිට බැලුවා..
ඉස්සරහම බිත්තියේ ෆොටෝඑකක් ගහලා සුදු මල් මාලයක් දාලා තිබුනා..
*ඒ සීයා වෙන්න ඇති..* කෙල්ල හිතුවා.
පුංචි මේසයක් පුටු කිහිපයක් ඇරුනම සාලෙ තිබුනෙ මල් පෝච්චි දෙකක් විතරයි.
"එන්න දරුවෝ.මම් කාමරයක් ලේස්ති කලා.ඔයා ඒකට යන්න."
කෙල්ලත් හෙමින් අත්තම්මා පෙන්නපු කාමරෙට ගියා..
ඒක්ව් ඇතුලෙ තිබුනෙ ඇදයි, මේසෙයි,පුටුවකුයි ඇදුම් රැක් එකකුයි විතරයි.
කෙල්ල කාමරෙන් බෑග් එක තියලා එලියට ආවා.අත්තම්මා කුස්සියෙ ඉදන් එලියට ආවා..
එලියෙ ලිද තියෙනවා.ඇදුමක් අරගෙන එන්න ඇග පත සෝදගන්න.මම් ඉන්නම් තනියට.."
කෙල්ලට අත්තම්මා ගැන ලොකු ආදරයක් ඇති උනා..
ඇග සෝදන් ආපු කෙල්ලට උනුම උනු කෝපි එකකුත් හදලා දුන්නා..
"මේක බීලා නිදාගන්න.උදේට කතාකරමුකො අපි"
කෙල්ල නිදාගත්තෙ ලොකු බලාපොරොත්තු ගොන්නක්ම හිතේ ගුලිකරගෙන....
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
"වන්දනා...මේ ස්කර්ට් ටික අර ඉස්සරහා තියෙන රැක් එකට දාන්න..."
"හරි මැඩම්.."
නෙළුම් අතේ තිබුනු ස්කර්ට් ටික වන්දනා ට දුන්නා.
"මම් උඹට කොච්චරවත් කියනවනෙ මට මැඩම් කියන්න එපා කියලා.."
"අනේ..එහෙම කොහොමද..අන්ත අසරන වෙලා ඉන්න මම් වගේ කෙල්ලෙක්ට ජොබ් එකකුයි ඉන්න තැනකුයි දුන්නෙ මැඩම්..ඉතින් මම් මැඩම්ට නම කියලා කතාකරන්නෙ කොහොමද?".
"පිස්සි...මම් ඔයාට වඩා අවුරුදු දෙකයිනෙ වැඩිමල්..හොඳ කෙල්ල වගෙ මට අක්කා කියපන්.මැඩම් කිව්වම නිකම් මම් නාකියි වගේ කියලා හිතෙනවා.."
කෙල්ල කිව්වෙ හිනාවෙවී..
"මම් ට්‍රයි කරන්නම් මැඩම්.."
"හා..හා.දැන් යන්න.කස්ටමර්ස්ලා එන වෙලාවනෙ."
"හරි මැඩම්.."
වන්දනා එහෙම කියනකොට කෙල්ල ඔරවලා බැලුවා..
වන්දනා හිනාවෙවීම ශොප් එකේ ඉස්සරහාට ගියා.
නෙළුම් කෙලින්ම ගියේ බුදු පහන ගාවට ..වට්ටියෙ තිබුනු පරන මල් අයින් කරලා උදේ පිච්ච වැලෙන් කඩාගෙන ආපු පිච්ච මල් ටික කෙල්ල වට්ටියට දැම්ම. පහනට තෙල් දාලා හදුන්කූරුත් ගහලා පත්තු කලා..පස්සෙ කෙල්ල අලුතින් ගොතාගෙන ආපු මල් මාලෙ උඩ එල්ලලා තියෙන අත්තම්මාගෙ ෆොටෝ එකට දැම්මා. කෙල්ල මුලින්ම වැන්ද අත්තම්මාගෙ පින්තූරෙට.
ඊලගට බුදුන් වැදලා කෙල්ල කැශියර් එකෙන් වාඩි උනා..
ඒත් එක්කම කෙල්ලට කෝල් එකක් ආවා . ..
"හෙලෝ..."
"සුදූ..."
කෙල්ල උඩගියා...ඒ කටහඩ....අවුරුදු 4කට පස්සෙ..
කෙල්ලගෙ ඇස් වලට කදුලු ඉනුවා..
"සුදූ....."
ඒ පාර කතාකලේ සැරෙන්..
කෙල්ල ඉක්මන්ට කට් කලා.
ආයෙ කෝල් දෙක තුනක්ම ආවත් කෙල්ල ආන්සර් කලේ නෑ..
ඉක්මන්ට ෆෝන් එක ඕෆ් කරන්න හැදුවත් කලබලේට ඕෆ් කරගන්නත් බැරි උනා.
**කෝල් එක ආන්සර් කරනවා.නැත්තම් මම් මොන ලෝකෙන් හරි හොයාගෙන ඇවිත් තෝව මරනවා...
ඒ පාර ආවෙ මැසේජ් එකක්..
ඒත් එක්කම ආයෙත් කෝල් එක ආවා.
කෙල්ල බයෙන් බයෙන් ආන්ස්වර් කලා..
"සුදූ..කොහෙද තමුසෙ ඉන්නෙ?"
"පලිඟු අයියා...මම...."
"ඔව් තමුසෙ තමයි..කියනවා..කොහෙද ඉන්නෙ?"
"බදුල්ලෙ"
"බදුල්ලෙ..? එඩ්‍රස් එක කියනවා."
"ම්ම්..."
"කියනවා .."
"ම්..ම්...නො.12,මල් ආසන පාර,බදුල්ල.."
"මම් මේ දැන් එනවා.බදුල්ලට ඇවිත් කෝල් එකක් දෙන්නම්.ෆෝන් එක ඕෆ් කරගන්නැතුව ඉන්නවා.."
කෙල්ලට හිතන්නවත් කාලයක් තිබුනෙ නෑ..කොල්ලා කට් කලා.
මේ මොකක්ද මේ වෙන්න යන්නෙ..කෙල්ල සිතුවිලි ගොඩක් අතරෙ පැටලිලා හිටියා.
"මිස්..මිස්..."
කස්ටමර් කෙනෙක් ඇවිත් කතාකරනකම්ම කෙල්ල දැක්කෙ නෑ...
"අහ්...දෙන්න.."
කෙල්ල කස්ටමර් ගෙනාපු ඇදුම් තුනට බිල දැම්මා..
"දෙදාස් හයසිය පනහයි."
"ආ මිස්..."
"ඕකේ තැන්ක් යූ.."
"ඕකේ.."
කෙල්ල හිටියෙ තෝන්තුවාවෙන් වගේ..
"මැඩම්.."
"ම්ම්.."
"අසනීපයක්වත්ද?".
වන්දනා පාර දිහා බලාගෙන හිටපු කෙල්ලගෙන් ඇහුවෙ උදේට වඩා දැන් කෙල්ලගෙ මූඩ් එක වෙනස් නිසා..
"ඔලුව චුට්ටක් රිදෙනවා වන්දනා.."
"අනේ...මට විනාඩියක් දෙන්න..".
කෙල්ල කඩෙන් එලියට දුවලා ගියා ..
"ආ.."
කෙල්ල හතිදානවා..මේ හදිස්සියෙ දුවලා තියෙන්නෙ පැනඩෝල් ගන්න..
"බොන්න මේක.."
නෙළුම් හිනා වෙවී පැනඩෝල් දෙක අරන් බිව්වා.
"අමාරුම නම් මැඩම් ගෙදර යන්න.මම් ශොප් එක බලාගන්නම්..
"අනේ..කමක්නැද්ද?"
"කමක්නෑ මැඩම් "
"හරි මම් යන්නම් එහෙනම්.හැබැයි අදින් පස්සෙ ඔය මැඩම් කෑල්ල බෑ හරී.."
"හරි මැඩම්.."
කෙල්ල ගියේ වන්දනාගෙ කනත් මිරිකලා..
පාරට බැස්සත් කෙල්ල කල්පනා කලේ පලිඟු අයියා ගැන..
පළිඟු කියන්නෙ නෙළුම්ගෙ තාත්තාගෙ නංගිගෙ පුතා.කෙල්ලට වඩා අවුරුදු 5ක් වැඩිමල්..
හවස 4වෙනකොට කොල්ලා බදුල්ලට ආවා.. පස්සෙ කෙල්ලට කෝල් එකක් ගත්තා.
"හෙලෝ.මම් බදුල්ලෙ ඉන්නෙ."
"ඔහොමම ස්ටේෂන් එක ලගට එන්න.එතනින් වමට පාරෙ විනාඩි 15ක දුර."
කෙල්ල කිව්වා.
කොල්ලා කෝල් එක කට් කලා.
කෙල්ලට තේරුනා කොල්ලා ගොඩාක් තරහින් ඉන්නෙ කියලා.
කෙල්ල හිටියෙ දොරකඩ ඉදන් පාර දිහා බලාගෙන.
සුදු පාට කාර් එකක් ගේට්ටුවෙන් ඇතුල් කරලා මිදුලෙ නැවැත්තුවා.
කොල්ලා ඒකෙන් බැහැලා ආවා.
රතු පාට ටීශර්ට් එකකුයි තද නිල් පාට ඩෙනිම් එකකුයි ඇදලා කොල්ලා හරිම ලස්සනයි .කෙල්ල බලාගෙන හිටියෙ ඇස් ලොකුකරගෙන.
කොල්ලා වේගෙන් ඇවිදගෙන කෙල්ල ලගට ආවා.
ඇවිත් කෙල්ලගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ගියා.
කෙල්ලව බිත්තියකට තියලා තදකරගත්තා.
"තමුසෙට මම් කිව්වෙ මම් එනකම් ඉන්න කියලා නේද..ආ..කියනවා..මම් කිව්වා නේද අවුරුදු 4කින් එනවා කියලා..තමුසෙට ඉන්න බැරි උනාද ඒ වෙනකම්.."
"අයියෙ..ම..ම..".
"ඇයි තමුසෙ මෙහෙම කලේ..මම් රට ගිහින් එනකම් ඉන්න කිව්වම ඇයි තමුසෙ මම් එන්නත් කලින්ම එහෙන් ආවෙ ..
බලනවා..බලනවා..ආපුදවසෙ ඉදන් පිස්සෙක් වගේ මම් තමුසෙව හොයනවා..ඒත් තමුසෙ කාටත් නොකියා ගෙදරින් පැනලා ඇවිත්....කියනවා..කොල්ලෙක් එක්කද පැනලා ආවෙ?"
කොල්ලගෙ ඇස් තරහින් පුපුරනවා.ගිනි බෝල වගේ රතු වෙලා.
"අ..අනේ..නෑ....අයියෙ...මම්..තනියම..."
"තනියම..තනියම කෙල්ලෙක්ට ජීවත් වෙන්න පුලුවන් කාලයක්ද මේක?ආ...තමුසෙට මොනාහරි උනානම් එහෙම..."
කොල්ලගෙ ඇස් අග කදුලු කැටයක් නලියනවා..
"තවදුරටත් එහෙ හිටියානම් මේ වෙනකොටත් මොනවාහරි වෙලා අයියෙ..."
කෙල්ල ඒක කිව්වා විතරයි කොල්ලා ගැස්සිලා කෙල්ල ගාවින් එහාට උනා..
"ඒ කිව්වෙ.."
"ඒක දිග කතාවක්..."
කොල්ලා දැන් නම් ටිකක් සන්සුන් වෙලා...
"වාඩිවෙන්නකො ඉතින්"
කොල්ලා වේවැල් පුටුවක වාඩි උනා..
"මොකද සුදූ උනේ"
ඇස් දෙක පිහිදන ගමන් කොල්ලා ඇහුවා..
"විනාඩියක් ඉන්නකෝ.."
කෙල්ල ගෙට ගියා..
ආයෙත් එනකොට කොල්ලා ගේ ඇතුලෙ නෑ..කෙල්ල එලියට ගියා..
ජම්බු ගහ යට බංකුවෙ කොල්ලා වාඩිවෙලා..
"ආ...".
කෙල්ල වීදුරුවක් දික්කලා..
"ඇඹුල් දොඩම්.."
කොල්ලා කිව්වා..
පළිඟු හරිම ආසයි වැඩිපුර ගම්මිරිස් දාලා ඇඹුල් දොඩම් බොන්න.ඒකත් කූල් කරලා.කොල්ල එනවා කිව්ව නිසා කෙල්ල කලින්ම හදලා ෆ්‍රිජ් එකේ දාලා තිබුනෙ.
"දැන් මේවට ආසද දන්නෑ ඉතින්.."
"ඇයි මම් මැරිලා ඉපදිලාද සුදූ මෙච්චර ඉක්මන්ට වෙනස්වෙන්න?"
කෙල්ල හිනාවෙලා අහක බලාගත්තා.
"එන්න මෙතන්ට.."
කෙල්ල බංකුවෙන් වාඩි උනා.
"කියන්න සුදූ මොකද උනේ?ඇයි මම් එන්න කලින් එහෙන් ආවෙ? ඔයා දන්නවනෙ ඉතින් මට ඔයාව රට එක්ක යන්න බැරි උනේ ඔයාගෙ උප්පැන්නේ තිබුනෙ නැති නිසා කියලා.නැත්තම් මම් ඔයාව ඒ අපායෙ තියලා යන්නෙ නෑමයි.."
කොල්ලා කිව්වෙ ලොකු කලකිරීමකින්..
"හ්ම්..මම් දන්නවා අයියෙ.."
"මොකද උනේ කියන්න සුදු.."
කෙල්ල එදා රෑ වෙච්ච සිද්දියෙ ඉදලා සේරම විස්තර කලා..
"ඊටපස්සෙ මාව එක්ක ආපු අත්තම්මා මාව ආදරෙන් බලාගත්තා.එයාගෙම දරුවෙක් වගේ.අත්තම්මගෙ දරුවො තුන්දෙනාම හිටියෙ පිටරට.ඉතින් එයා ඒ දරුවන්ටත් කියලා මේ ගේයි අත්තම්මා ඒ වෙනකම් ජීවත් වෙච්චි එයාගෙ ශෝප් එකයි මගේ නමට ලිව්වා.
හරියටම අවුරුදු දෙකකට පස්සෙ හදිසියේම අත්තම්මා නැති උනා..
එදා ඉදන් ඒ ශොප් එක බලාගෙන ඉන්නෙ මම.."
"එතකොට...ඔයා තනියමද මෙහෙ ඉන්නෙ?"
"නෑ..මගෙ ශොප් එකේ වැඩ කරන නංගි කෙනෙක් මෙහෙ නැවතිලා ඉන්නවා.."
"හ්ම්ම්...මට සමාවෙන්න සුදූ..මට ඔයාට උදව් කරන්න බැරි උනාට.."
"කමක්නෑ අයියෙ..අයියාට මාව මෙහෙම මතක තිබ්බ එකටත් සතුටුයි.."
"උඹ මම් ගැන හිතාගෙන ඉන්නෙ එහෙමද සුදූ..?"
"අනේ මම් වැරදි දෙයක් කිව්වෙ නැනෙ ඉතින්.."
"හ්ම්ම්..."
"අපි යමු ශොප් එකට.."
"හා.."
කෙල්ල වීදුරුව කුස්සියෙන් තියලා දුවගෙන ඇවිත් දොරත් වහලා කොල්ලා එක්ක කාර් එකෙන්ම ශොප් එකට ගියා..
"NELUM FASHIONS"
කාර් එකෙන් බැහැලා යනගමන් කොල්ලා බෝඩ් එක කියෙව්වා..
ඒක පුංචි නිමි ඇදුම් අලෙවිසැලක්.. කෙල්ල ලස්සනට ඒක කරගෙන යනවා..
කෙල්ල එක්ක කොල්ලෙක් එනකොට වන්දනා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා..
"වන්දනා..මේ පළිඟු අයියා.. අයියෙ..මේ වන්දනා ..මගේ නංගි..".
කෙල්ල එහෙම කිව්වා විතරයි වන්දනාගෙ ඇස් කදුලින් තෙත් උනා...
*කඩේ වැඩට ඉන්න මේ ආතක් පාතක් නැති කෙල්ලට මැඩම් ඔයා නංගි කිව්වෙ... වන්දනාගෙ හිත් කිව්වා..
"කොහොමද නංගි.."
"හොදින් ඉන්නවා සර්.."
"සර්...?මොන සර් ද?මට අයියා කියන්න.."
කෙල්ල හිනා උනා..
"මැඩම්...මේ..".
"ඔන්න ආයෙත් මැඩම්..".
"මේ...6ටත් ලගයිනෙ.කැශියර් ක්ලෝස් කරමුද?'
"හරි නංගි මම් බලන්නම්..එන්න අයියෙ..".
කෙල්ල කොල්ලත් එක්ක කැශියර් එක ලගට ගියා.පස්සෙ කොල්ලට පුටුව වාඩි වෙන්න දීලා කෙල්ල හිටගෙනම අද ලැබුනු සල්ලි ගනන් කලා..
"දැන් හරි පෝසත් නේ"
කෙල්ල හිනා උනා.
"මේ ශොප් එකට ඇදුම් දාන්නෙ ගොඩාක් දුප්පත් ලමයි වගයක්.ඉතින් එයාලගෙ සල්ලි බේරුවම මටයි නංගිටයි ඉතිරි වෙන්නෙ පොඩි ගානක්.."
"මම් විහිලුවට කිව්වෙ දරුවෝ.."
"😄😄මම් දන්නවා.."
කෙල්ල කැශියර් ක්ලෝස් කරන අතරෙ වන්දනා ශොප් එක අතුගාලා ක්ලෝස් බෝඩ් එක දැම්මා..
"හරි..යමු වන්දනා.."
තුන් දෙනාම එලියට ආවා..
"අයියෙ යනගමන් කාගීල්ස් එකේ චුට්ටක් නවත්තන්න හොදේ.."
"හරී..."
කෙල්ල කාගීල්ස් එකට දුවලා ගිහින් ගෙදරට ඕන කරන බඩු ටිකක් අරගෙන ආවා...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"මොනාද හදන්නෙ..සුවද කාමරේටම එනවා.."
කොල්ලා කුස්සියෙ දොර ලග ඉදන් ඇහුවෙ අත් දෙකත් බැදගෙන.
"චිකන් චුට්ටක් හැදුවා අයියෙ.."
"ම්ම්ම්..හරි සුවදයි.."
"තව විනාඩි පහකින් කන්න පුලුවන් හොදේ.."
"හා..මම් එතකම් සාලෙට ගිහින් ඉන්නම්.කෝ වන්දනා..?"
"කෙල්ල කාමරේට වෙලා ඇති."
"හා..."
කොල්ලා සාලෙට ගිය අතරෙ කෙල්ල ඉක්මන්ට කෑම ටික මේසෙට ඇරියා..
"යමු අයියෙ.."
කොල්ලත් කෙල්ලගෙ ඔඅස්සෙන් ආවා..
"අම්මෝ....."
කෑම මේසෙ දැක්ක ගමන් කොල්ලගෙ ඇස් උඩ ගියා..
"මෙච්චර කෑම?"
"කන්න..ඔයාට හැදුවෙ.ඔයා ආසම ඒවා.."
"තාමත් මතකයිද?"
"හ්ම්ම්.."
කොල්ලගෙ ඇස් මොන මොනවද කියනවා.කෙල්ල ඒ බැල්ම දරාගෙන හිටියෙ හරිම අමාරුවෙන්..
සම්බා බත් උයලා,චිකන් හදලා,පරිප්පු හින්දලා උයලා,කංකුන් තෙල්දාලා,කට්ලට් හදලා,පපඩමුයි මිරිස් කරලුයි බැදලා..
කොල්ලා කන්න කලින් කෙල ගිල්ලා.
බත් පිගන් දෙකක් කාලා අමාරුවෙන් බඩ අතගගා නැගිටින පළිඟු දිහා කෙල්ල බලන් හිටියෙ හරිම ආදරෙන්..
වන්දනා කලින්ම නිදාගන්න ගියා.කෙල්ල දන්නවා මේ ජෝඩුව ට කතාකරගන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා.
කොල්ලා හිටියෙ ඉස්සරහා දොර ගාව බිම වාඩිවෙලා..කෙල්ලත් එතන්ට ආවෙ උනු කෝපි එකකුත් හදාගෙන.
"කොහොමද දන්න?"
"මොනාද.."
"මම් කෝපි එකක් තිබුනොත් හොඳයි කියලා හිතුවා කියලා.."
"ඉව ඉව..😄😄😄"
කොල්ලා කෝපි එක ගත්තා.
"මෙතන්ට එන්න."
කෙල්ලත් කොල්ලා ලගින් වාඩි උනා.
"සුදූ....."
ලොකු හුස්මක් පිටකරලා කොල්ලා මේ පටන්ගන්නෙ ලොකු කතාවක් කියන්න කියලා කෙල්ල දන්නවා.
"මට මතක ඇති කාලෙ ඉදලා කෙල්ලෙක්ට කියලා මම් ආශ්‍රය කලේ ඔයාව..ඔයා දන්නවනෙ ඒක..ඔයා මගෙ නංගි..හරියටම කිව්වොත් මගෙ නෑනා..මේ පපුව ඇතුලෙ ඔයා ගැන මහා ලොකු කැක්කුමක් තියෙනවා.."
කෙල්ල අහගෙන හිටියෙ අහස දිහා බලාගෙන..
"දන්නවද..ඔයා ගෙදර නෑ කියලා මම් දැනගත්තු ගනම් මට පිස්සු හැදුනා.ඔයාව හොයපු නැති තැනක් නෑ..ඒත් ඔයා නෑ.. හිතන්න චුට්ටක් ..*ඔයා එනකම් මම් පරිස්සමට ඉන්නම් අයියෙ* කියපු ඔයාම එකපාරටම මේ අයියව දලා ගිහින් තියෙනකොට මට මොනවා වෙන්න ඇතිද කියලා.."
"හ්ම්ම්ම්.."
දැන්නම් කෙල්ලට ඇඩෙන්න වගේ...
"අන්තිමට ඔයාව හියාගන්න මට උදව් කලේ අරා..කොල්ලා වැඩ කලේ මොබිටෙල් එකේ..මම් කොල්ලට විස්තරේ කියලා බොහොම රහසිගත විදියට ඔයාගෙ නම්බරෙ හොයාගත්තා.පර්සනල් ඩීටේල්ස් දෙන්න තහනම් උනත් මගේ ෆිට් එකට ඌ මට උදව් කලා.
ඔයා මට දවසක් id කොපි ගෙනත් දෙන්න කියලා දීපු එකක කොපියක් මම් ලග තිබුනා.ඒකෙ පිහිටෙන් තමයි මට ඔයාගෙ නම්බර් එක හම්බුනෙ."
"සමාවෙන්න අයියෙ.."
"සමාව ඉල්ලලා වැඩක් නෑ දැන්."
කොල්ලත් අඩනවද කියලා කෙල්ලට හිතුනා.
කෙල්ල හෙමීට කොල්ලගෙ උරහිසට ඔලුව තියාගත්තා.
"නංගි...මාව මතක් උනේම නැද්ද?"
"මතක් උනා දෙයියනේ..ඒත්...".
"ඇයි ඒත්?"
"මම් වගේ කාලකන්නි කෙල්ලෙක් ඔයා වගේ ලස්සන කොල්ලෙක්ගෙ ජීවිතේ විනාස කරන්න ඕන නැති නිසයි මම් ඔයාට කතාකලේවත් නැත්තෙ.".
"හිතුවෙ නැද්ද ඔයා නැතුව මට මොකක් වේවිද කියලා.."
"අනේ අයියෙ.."
කෙල්ල අඩ අඩම කොල්ලට තුරුලු උනා ..
"මේ පපුව ඇතුලෙ පිරිලා ඉන්නෙ ඔයා විතරයි නංගි..
මම් රට ගියේ ඔයාට හොද අනාගතයක් ලබාදෙන්න ඕන නිසා.."
"අයියේ....අනේ....."
කොල්ලා කෙල්ලගෙ ඉන වටා අතදාලා කෙල්ලව තවත් ලංකරගත්තා.කෙල්ලගෙ මූණ තියෙන්නෙ කොල්ලගෙ පපුවෙ.
"දැනෙනවද මගෙ පපුව ගැහෙන තරම්..ඒ ගැහෙන වාරයක් වාරයක් ගානෙ හිත ඉල්ලන්නෙ ඔයාව...ඔව් මගෙ වස්තුවේ ...මම් පොඩිකාලෙ ඉදලම ඔයාට ආදරේ කලා..ගොඩාරියක් .."
"ඒත් අයියෙ මම..."
"ඇයි?ඔයාට බැරිද මට ආදරේ කරන්න.."
"පුලුවන් දෙයියනේ පුලුවන් ... මමත් ඔයාට ආදරේ කරන නිසාමයි ඔයාට නොකියා ආවෙ."
"මම් පිස්සෙක් වෙයි කියලා හිතුනෙ නැද්ද.."
"අනේ මට සමාවෙන්න අයියෙ .."
"කෝ මේ බලන්න."
කොල්ලා කෙල්ලගෙ නිකටෙන් අල්ලා ඉස්සුවා.
"කියන්න මැණික..මට ආදරෙ කරන්න ඔයාට පුලුවන්ද?මුලු ජීවිතකාලෙම මගෙ ලගින් ඉන්න පුලුවන්ද..?"
"ඔව් මගෙ අයියෙ...මම් ඔයාට ආදරෙයි ..ගොඩාක් ආදරෙයි..මැරෙනකම්ම මම් ඔයා ලගින්ම ඉන්නවා.සත්තයි..."
කොල්ලා එහෙම්ම කෙල්ලගෙ තොල් වලට බර උනා..කෙල්ලත් ඇස් පියාගෙන ඒ ආදරනීය හැගුම විදගත්තා....
නිමි...
*************එශ්*************
උපුටා ගැනීමකි
No comments:
Post a Comment