කෙටි කතාව ..
කඳුළු බිඳු...
අම්මා අප්පච්චි තාම ආවේ නැද්ද ?
තාම නෑ බං.ඒකා කොහේ හරි බීලා බීලා මකබෑවිලා ඇති .
පව් අම්ම අප්පච්චි ..ඔහොම කතා කරන්න එපා.
අනේ පලයන් බං යන්න .උබනම් කියයි.මං එපැයි මේ කරුමේ විඳින්න .ළමයි අටක් හදලා ඒකා ඒකාගේ ලෝකේ .මං ගෙවල් වල වළං හෝදලා කන්න ගේන්න ඕන.මොන කරුමයක් ද මේ.
මං රස්සාවක් කරන්නම් අම්මා ..
තොට පිස්සු ද?.කොහොම හරි ඉහෙළට ඉගෙන ගනින්.එච්චරයි මේ වලෙන් ගොඩ යන්න තියෙන්නෙ බං.
හ්ම්....
අාන් පොඩි එකා අඬනවා..මේ බත් කැඳ ටික පොවපන් කෙල්ලේ .පව් ඌ..
මං බත් කැඳ කෝප්පය ද රැගෙන මාගේ බාලම මල්ලි වෙත ගියේ පෑරී ගිය හිතත් සමගමයි .තාමත් වයස මාස අටක් වන මොහුත් මේ ජරා වලේ ඉපදුනේ ඔහුගේම කරුමෙටයි.
තරුදි නිසංසලා වන මම උසස් පෙළ විභාගය සඳහා මුහුණ දීමට සිටින තරුණියකි.ගෙදර දැඩි දරිද්‍රතා මැද වුව ද මා කෙසේ හෝ ඉගෙන ගන්නේ මේ නරා වලෙන් ගොඩ ඒමටයි.රෑ ජාමවට කට ගොන්නක් බීගෙන එන මාගේ පියා ගෙදර වියදමට සතයක් හෝ නොදෙයි.මාගේ මව වලව්වේ හාමුගේ ගෙදර බැල මෙහෙවර කර හවසට රැගෙන එන හාල් මිටෙනුයි අප නව දෙනෙකු ජීවත් වෙන්නේ.
සෝමාවතීයෝ.දො.ර..ඇර..පන්..බං..
අදත් ආව ද කට ගොන්නක් බීගෙන.දැන්වත් හැදියන් මිනිහෝ.
අනේ කටවහගෙන කන්න මොනාහරි දීපන්..
ඇයි උබ ගෙනත් තියලා තියනව ද මෙතන බීගෙන එනකොට කොත ගහලා බෙදලා තියන්න.
වෙන දා මෙන්ම අදත් නිවසේ රණ්ඩු සරුවල් මැද්දේ මා පාඩම් කිරීමට අතට ගත් පොත පසෙකින් තැබුවෙමි.කුප්පි ලාම්පුවේ ලා එළියෙන් සවස සිට පාඩම් කර මා දෑස් ද බොඳ වී තිබුණි.මල්ලිලා පස් දෙනත් නංගිලා දෙදෙනාත් කාමරයේ බිම ගුලි වී බිය වී සිටියේ අප්පච්චි දැකීමට බියෙනි.
සලාංංං...
තෝ අන්තිම පිඟානත් බින්‍ඳද යකෝ.
අනේ බං අතෑරුනනේ..
හිටපන්කෝ හෙට ඉඳන් උබට දෙන්නේ කොළපතක.මොන බේබද්දෙක් ද යකෝ උබ.මාවයි ළමයිනුයි මරලා දාපන්.ඒක හොඳයි මීට වඩා.
අම්මගේ අඳෝනාව වෙන දා මෙන්ම මා දෙසවන් තුළට ඇඳුණේ දැඩි කළකිරීමකිනි.අප්පච්චි සමග හොඳින් හිටියානම් ඔහු කියන දේ අසන බව මා දැන වුන්නෙමි .ඒ මන් ද යත් සමහර දින වලදී ඔහු මා හට රුපියල් පනහක් සියයක් දෙන්නේ පොතක් පතක් ගන්නට කියා ය.
උසස් පෙළ විභාගයට මා මුහුණ දුන්නේ ඉතාමත් පහසුවෙනි.මා පාඩම් කළ සියල්ලම ඒ පරිද්දෙන් ඇවිත් තිබීම මාගේ ම වාසනාවකි.විභාගයෙන් පසු මා ද මව සමග වලව්වේ වැඩට ගියේ මවට සහාය වීමට යි.නමුත් අම්මානම් කවදාවත් ඒ සඳහා කැමැත්තක් දැක්වූයේ නැත.
වලව්වේ හාමු මහත්තයාගේ ඇස් දෙක හැමදා ඇදී තිබුණේ මා පිරිපුන් ළැම දෙසටත් කළවා දෙසටත් බව මා හට හොඳටම හැගුණි.දරිද්‍රතාවයෙන් අප පෙළුණ ද මා ඉතා සුරූපී පිරිපුන් සිරුරක් සහිත තරුණියක් බව නොරහසකි .
සෝමාවතී වත්තේ පල්ලේ පොල්ටික අහුලලා දාපන්කෝ බං.
හා හාමු මහත්තයා ..යන් කෙල්ලේ .
අහ් කෙල්ලේ උබ මට තේ ටිකක් හදපන්.උබ පලයන් සෝමාවතී .
අම්මා මා දෙස තවත් වරක් බලා එතැනින් නික්මුණේ අකමෙත්තෙන් බව මා දනිමි .මා කුස්සියට වැදී තේ සෑදීමට පටන් ගත්තේ වෙනදාටත් වඩා ඉක්මනින් මෙතනින් මිඳීමට යි.එක්වරම මා දැඩි සේ තද කරන් බඳාගත් අයකු මා කට තදකර කාමරයට ඇඳගෙන ගියේ මා හට කෑ ගැසීමට වත් නොහැකි පරිද්දෙනි.
ලොකු හාමු ..
ඔව් කෙල්ලේ ..කෝ දඟලන්නැතුව හිටපන්කෝ බං.
අනේ මාව බේරගන්න අම්මේ..
කටවහපන් තෝ තව එකපාරක් හරි කෑගැහුවොත් මං තොපි ඔක්කොම මරලා දානවා.තෝ දන්නවනේ මගේ හැටි.කෝ ඔය ගවුම ගලවපන්.
මා කිසිවක් නොකියා ඔහුට යටත් වූයේ ඔහු කියන දෙය කරනා බව මා පමණක් නොව මුළු ගමම දන්නා නිසාවෙනි .
උබේ ඇගනම් මාරයි බං.කෝ වරෙන් ළගට .
අනේ හාමු මහත්තයා මට බයයි.
උබට මං ඇති වෙන්න සල්ලි දෙන්නම් ..වරෙන් කෙල්ලේ .මාව සතුටු කරපන්.
මට බෑ හාමු මහත්තයා මට බෑ .
තෝ මං කියන දේ කරනව ද නැත්තම් මං තොට බලෙන් කරන්න ද.
මා බියෙන් සලිත වී වෙව්ලුවේ කර කියාගන්නට දෙයක් නොමැති නිසාවෙනි .මා වත උඩට බර වූ හාමු මහත්තයා මා පියයුරු මිරිකන්නට පටන් ගත්තේ මා දැඩි සේ අසරණ කරවමිනි .
අප්පච්චි මොනව ද මේ කරන්නේ ..
පු..තා..ඔ..යා..
අනේ පුංචි බේබි මාව බේරගන්න ..
තරුදි ඔයා...
මාගේ වාසනාවට එදා එතැනට ආවේ හාමුගේ පුතයි.ඔහු මා නිරුවත් වතට බෙඩ් ශීට් එක දමා මා එම තිරිසනාගෙන් බේරාගත්තේ සදහටම මා දිවියට සවියක් වෙමිනි .අද මා ගුරුවරියකි.විශ්ව විද්‍යාල ගමනට මා හට අත දුන්නේ පුංචි මහත්තයයි.ඔහු මා සමග විවාහ වී සතුටින් කාලය ගත කරයි.ලොකු හාමු මහත්තයා මියගියේ පපුවේ අමාරුවක් සෑදීමෙනි.මාගේ පියා බීමත්කමින් මිදුණේ අප පවුලට වසන්තය උදා කරවමිනි .මා සැමදා පුංචි මහත්තයට ණය ගැතිය.ඒ ඔහු මාගේ ප්‍රාණය මෙන්ම ජීවිතය ද රැකගත් මාගේ ස්වාමිපුරුෂයා වූ නිසාවෙනි .
නිමි..
අවවාදයයි..!
උපුටා ගැනීමකි
No comments:
Post a Comment