පමා වූ අතීතේ


💕🌹පමා වූ අතීතේ 🌷💕

හුරු පුරුදු මුහුණකි.නැත.ඒ ඔහු විය නොහක.ඇත්තෙන්ම කියනව නම් ඒ ඔහු නොවේවායැයි මම පැතුවෙමි.සිත කෙතරම් රවටගන්න හැදුවත් යටි සිත කියනුයේ ඒ ඔහු කියාය.

නුගේගොඩ බස් නැවතුම්පොළ අසල අවර්ණ වූ නිල් ඩෙනිමක් සහ අත් කොට ඉරි ෂර්ට් එකක් ඇඳ සිටි ඔහුගේ මුහුණේ හසරැල්ලක් විය.දසන් දෙතිස විහිදෙන එම හිනාව අවංක එකක් විය.ඔහුගෙන් කිසි කෙනෙක්ට කරදරයක් නොවීය.ඔහු කල එකම දේ වූයේ වෙලාව බලනවාක් මෙන් ඔහුගේ අත දිහා බැලීමය.නමුත් ඔහුගේ අතේ ඔරලෝසුවක් නොවීය.

ඔහු දැකීමත් සමග මගේ හිත ගියේ මීට අවුරුදු පහකට පමණ පෙර අතීතය වෙතය.”සදාදර නයෝ ඔබේ මංගල දිනේ..
ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ..
හඬවන්නෙපා මා රිදවන්නෙපා..
සුභ මංගලම් කියා පැතුවා සිතින්..”
“ඔයා කවද හරි බඳින දවසට මන් මේ සින්දුව තමා කියන්නෙ නයෝමි.”

“එතකොට මන් මැරි කරන්නෙ ඔයාව නෙමෙයිද.””හරි හරි මැට්ටි මන් ඒක විහිළුවට.කිව්වෙ.””මෝඩය…”ආදරය…හදවත් දෙකක බැඳීමක්.ලොව පිවිතුරුම බැඳීම.හැම කෙනෙක්ම ආදරය විඳල ඇති.ආදරයෙන් පැරදුණු බොහෝ අය තාම විඳවනව ඇති.ආදරය දිනාගත්ත අය ඒ ජීවිතය තුල සතුටින් ජීවත් වෙනව ඇති.නමුත් පාසල් කාළයේ පටන් මට ආදරය තනිකර විහිළුවක්ම පමණක් විය.මන් ජීවිතේ ආශ නොකරනම දෙයක් වේ නම් ඒ ආදරය පමණක්ම විය.නමුත් ඒ හැමදෙයක්ම වෙනස් වී මා ආදරය ගැන දැනගත්තේ ඔහුගෙනි.මට ආදරය කියාදුන්නේ ඔහුය.ඔහු නමින් දේවින්ද විය.ඒ කාල වකවානුවේ අපේ උසස් පෙළ පන්ති වලට පැමිණි අළුත් සිසුවා ඔහුයි.මගේ ජීවිතේ හමුවුනු අහිංසකම කොල්ලා ඔහුයි.

නමුත් මා ඔහු දිහාද බැලුවේ අනිත් කොල්ලන්ගේ ගානටමය.මා අළුත් ඇඳුම් ගන්නාක් මෙන් සම්බන්ධතා අළුත් කරගන්නා අයෙකු විය.මතකයේ වත් නැති තරමට මා කොල්ලන් සමග යාළුකම් පවත්වා ඇත.ඔවුන් මට අවංකවම ආදරය කලාද යන්න මම නොදනිමි.නමුත් මගේ සිතේ පොඩි හෝ ආදරයක් ඔවුන් කෙරෙහි ඇති නොවුනු බව මට විශ්වාසය.

ඔහු දකිත්ම මට සිතුනේ ඔහු සමග යාළු වීමටය.මා ලද අත්දැකීම් වල හැටියට එය මට අපහසු දෙයක් නොවීය.පන්ති අවසන් වීමෙන් පසු ඔහු බස් නැවතුම්පොළ අසල සිටිනවා දැක මා එතැනට ගියේය.ඔහු බසයකට නගින්න හදනවාත් සමගම මා ඔහුව අතින් අල්ලා නැවැත්තුවෙමි.

“මන් ඔයාව මීට කලින් දැකල තියෙනව.මේ දේවින්ද නේද.”පන්තියේදී යාළුවෙක්ගෙන් ඔහුගේ නම අසා දැනගත් මා ඔහුව කතාවකට අල්ලා ගැනීමට බොරු කතාවක් ගෙතුවේය…ම්ම්ම්ම් ඔවු දේවින්ද තමා.අනේ ඒත් මට ඔයාව මතක නෑනෙ.”ඔහු ඇසෙන නොඇසෙන අහිංසක හඬකින් කෙඳිරුවේය.

විනාඩි පහක් පමණ එසේ කතා කරමින් සිටි අප දෙදෙනා පැමිණි බස් රථයකට නැග එකම හසුනක හිඳගත්තේය.හිඳගත් මොහොතේ සිට මා බහින වෙලාව තෙක් අප දෙදෙනා බොහෝ දේවල් කතා කළේය.මා ඔහුගේ ෆෝන් නම්බර් එකද ඉල්ලා ගත්තේය.වෙන අයෙකු නම් කෙල්ලෙක් කතා කරපු සැනින් කරන එකම වැඩේ එයයි.නමුත් ඔහු මගෙන් ෆෝන් නම්බරය ඉල්ලන පාටක් නොවුනු හෙයින් මා ඉස්සර වූයෙමි.

එතැන් පටන් හැකි හැමවිටම මා ඔහු හා දුරකථනයෙන් කතා කළේය.මාස ගානක් ගත වුවත් ඔහු ආදරය ගැන කිසිම දෙයක් මා සමග කතා කලේ නැත.මාද ඉස්සර නොවුනෙමි.වෙන අය සමග නම් මා හමුවෙලා සතියක් යන්නටත් පෙර යාළු විය.එමෙන්ම මාසයක් යන්නටත් පෙර එම සම්බන්ධතා නැවැතුනේය.එය මට සෙල්ලමක් මෙන් විය.

දේවින්දව යාළු කරගන්න සිතුවත් ඔහු ඒ ගැන කිසිම කතාවක් නැති හෙයින් මාද එය අමතක කර දමා තිබුනි.නමුත් දිනක් ඔහු මගේ උපන් දිනේට තෑග්ගත් සමග ලියුමක් දුන්නේය.පිටු හතරක් පමණ වූ එහි අසා තිබුනේ ඔහුගේ ආදරයට මගේ පිළිතුරයි.පහුවදා ඔහු හමුවූ සැනින් මගේ කැමැත්ත ඔහුට කිව්වෙමි.ඔහු ලෝකෙම දින්නක් මෙන් ආඩම්බර සිනහවක් පෑවේය.

“ආදරය කියන අකුරු හතරෙ තේරුම මොකක්ද කියල දන්නවද.”
ඔහු මගෙන් විමසුවේය…ම්ම්ම්ම් ආ කියන්නෙ ආදරය.ද කියන්නෙ දයාව.එතකොට අනිත් අකුරු දෙකේ තේරුම මොකක්ද.””රයන්නෙන් රණ්ඩු කරල යයන්නෙන් යන්න යනව.”..අප්පෝ මෝඩයා.”

ඔහුගේ ඇසුර මට හැම විටම සතුටක් විය.මා නොසිතූ විදිහට ඔහු නැතුව ඉන්නට බැරි තරමටම මා ඔහුට ළං විය.වෙනදා ආදර සම්බන්ධයක් නැති වූ පසුව එහි මතකයක් වත් නැති වී යන මට ඔහු නැති ජීවිතයක් ගැන සිතන්නට වත් නොහැකි විය.ඒ හැඟීම මට වදයක් විය.මා ජීවිතයේ අකමැතිම දේ වන ආදරය මගෙ ජීවිතේට එපා යැයි මගෙ සිත කෑ ගහන්නට විය.මා ඔහු හා බැඳි බැඳීම නවතා දැමීමට තීරණය කළෙමි.එදා උසස් පෙළ රසායනික විද්‍යා පන්තියේ අවසාන දිනය විය.ඔහු මට උදෑසන දුරකථන ඇමතුමක් ගත්තේය.

“හෙලෝ බබා අද ක්ලාස් එකේ අන්තිම දවස.අනේ අද ටිකක් කලින් එන්නකො.””ම්ම්ම්ම් හරි මන් එකයි තිහ වෙද්දි එන්නම්.”හරි බබා මන් බලන් ඉන්නව.”ඒ වන විටත් මා සිටියේ ඔහුව හමු නොවීමට තිරණයක් ගෙනය.මා එදැයින් පසු කිසිම දිනක ඔහු හමුවට නොගියෙමි.දුරකථන ඇමතුම් වලටද පිළිතුරු නොදුන්නෙමි.ඔහු අවුරුද්දක් දෙකක් යන තෙක්ම දිනපතාම ඔහුගේ දුක කියා මට මැසේජස් එව්වේය.ඒ එකකට වත් මා උත්තර නොදුන්නෙමි.ආදරයට ඇති අකමැත්ත නිසාම හිත යට ලොකු දුකක් හංගාගෙන මා කල් ගත කෙරුවෙමි.

ඔහුගෙන් එක වරම මැසේජස් ඒම නතර විය.ඔහුට කරදරයක් වත් වන්න ඇතැයි සිතුනද මා ඔහු ගැන සොයන්නට නොගියේය. ඔහුව සොයා යෑමට මා සිතූ වාර අනන්තයි.නමුත් මා ඒ සිතුවිලි සියල්ලටම එරෙහි විය..අනේ නෝන වෙලාව කීයද..කල්පනා ලොවක තනි වී සිටි මා පියවි සිහියට ආවේ නුගේගොඩ බස් නැවතුම්පොළ අසලදී මා දුටු මිනිසාගේ හඬ ඇසීමත් සමගය.

“දහයයි තිහයි.”මා ගානකට වත් නොගෙන කෙඳිරුවේය.”එකයි තිහට මගෙ නයෝමි එනව කිව්ව..””අනේ දේවින්ද.”මගේ යටි සිත කෑ ගහන්නට විය.මුළු ලෝකයම නතර වන්නාක් වැනි හැඟීමක් මට දැනෙන්නට විය.අනේ ඒ ඔහුයි.මහා ලොකු පවුකාරී හැඟීමකින් මගේ සිත වැසී ගියේය.ඔහුට මේ ඉරණම අත්වූයේ මගේ පවුකාරකම නිසාය.මට සැබෑ ආදරයක් ලැබුනද එය තියාගන්න තරම් මා වාසනාවන්ත නොවීය.මා මටම දොස් පවරා ගත්තෙමි.කර කියා ගතහැකි දෙයක් නොවූ මා එතැනින් පිටත් විය..

මට සමාවෙන්න සුදු මහත්තයෝ…

~~~~~~නිමි~~~~

උදාර පැතුම් කුමාර

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment