නිදියගන්න ‍රත්තරනේ සුවෙන් සැතපිලා

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

🌷🌷🌷කෙටි කතාවක්🌷🌷🌷

නිදියගන්න රත්තරනේ සුවෙන් සැතපිලා........

මචං පට්ට කෑල්ල බං ඒකි කව්ද බං.

බුකුමගේ නංගි නේ බං.

ඒ කව්ද බං.

උඹ දන්නේ නෑ බං

" සිංහල ක්ලාස් එකේ ඒ මං සුලක්ෂි ව දැක්ක පලවෙනි දවස වගේම හිතේ ඉපදුනු පලවෙනි ආදරය. දන සති ගෙවිලා යන්න දීලා මං හෙමිහිට කෙල්ලට වචනේ දැම්මා.ඒ කාලේ නම් ජීවිතේ ගැන හුඟාක් හිතුවේ නෑ. ජීවිතේ ගැන මහ මෙරක් බලාපොරෙත්තු තිබුනේ නෑ. ඒත් එක පුංචි හැගීමක් තිබුණා ලස්සනට ඔයත් එක්ක ජීවත් වෙන්න"

සුලක්ෂී.....

ම්ම්.

චුට්ටක් කතා කරන්න පුළුවන් ද???

දැන් අයියා එනවා මාව එක්කන් යන්න.

හරි විනාඩියයි.

හම්ම්.

මං රශ්මි අතේ පණිවිඩයක් එව්වා හම්බ වුනා ද???

හම්ම්ම්.

ඉතින් මොකක්ද ඔයාගේ තීරණේ.

හිතලා බලන්නම්.

හරි ඔයා කැමතී කාලයක් හිතලා කියන්න.

හම් හෙට දහම්පාසලේ උත්සවේ අද හවසට පන්සල් එනවාද???

ඔයා එනවාද???

හම්ම්.

හරි එහෙනම් මමත් එන්නම්කෝ

"පලවෙනි වතාවට මං කතා කරපු ඒ වචන.ඒ වදන ටික අදටත් හදවතේ ඇතුලෙන් දෝංකාර දෙනවා වගේ දැනෙනවා"

ඒ කසුන් හවසට පන්සල් යනවාද බං

ආහ් ඔව් බං.

යන වෙලාවට කියපං.

උඹ එනවාද.

ඔව්

යකූ එහෙනම් අද වහියි බං.

අනේ පල හු$$@

"හවස පන්සලට ⁣දහම්පා⁣සලේ ළමයි එකතු වුනා"

පුබුදු අයියේ.

"මගේ ලඟට ආවේ රශ්මි.

ඕ කියන්න.

සුලක්ෂි අක්කා.

ඕව් ඔව් ඉතින්.

එයා ඔයාට කැමති කිව්වා.

"එදා නම් හිතුනා රත්තරනේ ලෝකේ ඉන්න වාසනාවන්තම මනුස්සයා මම කියලා. ඇත්තටම ඒ තරම් සතුටු වුන දවසක් මේ හිතට අදටවත් දැනිලා නැති තරම්"

හම්මා තැන්ක්ස් කෙල්ලේ උදව් කලාට.

එහෙම කියලා බෑ අපිට පාටියක් වත් දෙන්න.

හරි හරි අනේ දෙන්නම් කෝ දැන් එයා.

අර බෝධියේ ඉන්නවා.

මං ගිහින් බලන්නම්.

"මං කෙලින්ම බෝධියට යනකොට එතන ඉඳියේ එයා විතරමයි"

සුලක්ෂි.

ම්ම්ම්.

එහෙනම් ඒකත් හරි නේද.

හම්ම් ඒත් අපි හුඟාක් පරිස්සම් වෙන්න ඕනි

ඒ මොකද.

අපේ අයියා එක්ක බෑ අනේ.

අහ් හා.

ඉතින්......

"දවස දෙක ගෙවිලා ගියේ පුදුම ආදරේකින් දවසින් දවස ඒ ආදරේ වැඩි වුනා මිසක් වෙනසක් වුනේ නෑ ඒත් දවසක්"

ඒ මල්ලී මෙහෙ වරෙන්.

ඇයි.

මොකක්ද උඹට මගේ නංගි එක්ක තියෙන ගණුදෙනුව

"මොකක්දෝ හේතුවක් නිසා මං බය වුනා. ඒ බය දැනුනේ කෙල්ලව මට නැති වෙයි කියලා........එදා පොඩි බහින්බස් වීමක් නිසා ඌ මට ගැහුවා"

ඇයි පුබුදු ඔයා අයියා එක්ක රණ්ඩු කරගන්න ගියේ.

මං රණ්ඩු වුනේ නෑ අනේ ඌ නේ මට ඇවිල්ලා පාර්ට් එක දාලා ගහලා ගියේ.

අනේ මන්දා. මේ ආයේ එහෙම රණ්ඩු කරගන්න එපා හොඳේ.

හම් හම්.

අද ඉඳන් ඔයා මවෙ හම්බවෙන්න එන එක එහෙම ටිකක් සීමාවකට තියාගමු.

ඒ ඇයි.

අයියාට කව්රැ හරි කේලම් කියනවා.

හා හා.

මං ආස නෑ අනේ ඔය චණ්ඩි කම් වලට.

ඔයා මොනවටද කැමති.

මං ආසයි කවදා හරි ඔයා ස්ටාර් කෙනෙක් වෙනවා දකින්න.

අපෝ මං ආස නෑ අනේ සින්දු කියන්න.

අනේ ⁣එහෙම කියන්න එපා අනේ.

මං ආසයි ලියන්න.

හරි ඔයා ඒකත් කරගෙන සින්ගර් කෙනෙක් වෙන්න බලන්න.

හම් හම් බලමුකෝ.

"දවස් දෙකක් ගියේ නෑ බුකුමා ඒ කියන්නේ කෙල්ලගේ අයියා ආපහු මාත් එක්ක රණ්ඩුවට ආවා. එදා නම් මං නිකන් හිටියේ නෑ. මගේ යාළුවෝ එක්ක සෙට් වෙලා ඌට හොඳටම නෙළුවා. කේන්තියට වටේ පිටේ කව්ද හිටියේ කියලා වත් මට සිහියක් තිබුනේ නෑ ඒත්.හුඟක් අය වලිය බේරන්න කෑ ගැහුවා. එතන සුලක්ෂිත් ඉඳලා. අපි එයාගේ අයියාගේ අතකුත් කඩලයි වලිය නතර කරේ එතකොටයි දැක්කේ එතන කෙල්ලත් හිටියා කියලා"

පුබුදු මං කිව්වා නේද රණ්ඩු වෙන්න එපා කියලා.

සුලක්ෂි...මං මේ....

එපා පුබුදු එපා. ආයේ අපි අතර කිසිම සම්බන්ධයක් නෑ.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.

"ඒ වචන ටික ඇහෙනකොට මට මං ගැනම ලොකු තරහක් ආවේ.එදා ඉඳන් හුඟක් විඳෙව්වා.මාසයක් යන්න කලින් එයාලා ගමත් අත ඇරලා කොළඹට ගියා.ඊට පස්සේ නම් මට එයාව හම්බ වුනේ නෑ"

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

                        🌷🌷🌷වසර තුනකට පසු🌷🌷🌷

"මට දැන් අතීතේ ගැන මතක වැඩක් නෑ ඒත් මං සුලක්ෂි ගේ හීන හැබෑ කරන්න කැප වුනා. මට හොඳ සින්ගර් කෙනෙක් වෙන්න බැරි වුනාට හොඳ ගිටාරිස්ට් කෙනෙක් වුනා. ලංකාවේ සුපිරිම එකෝස්ටික් බෑන්ඩ් එකක ප්ලේයි කරන්න වාසනාව මට හම්බ වුනා.ඒ වගේම ලේඛනය පැත්තෙනුත් මං හුඟක් දුර ගියා අද මේ සේරම හීන හැබෑ වෙනකොට සුලක්ෂි ත් ලඟ හිටියනම් කියලා හිතෙනවා"

හැලොව් මේ හෝමගම පොලිසියෙන් කතා කරන්නේ මහත්තයා පුබුදු ද???

ඔව්.

මහත්තයා පොලීසියට එන්න. ගෑණු ළමයෙක්ගේ සිය දිවි හානි කරගැනීමක් නිසා අපිට ඔයාගෙන් කටඋත්තරයක් ගන්න තියනවා.

මොකක් ඒ කව්ද???

සුලක්ෂි විජේරත්න.

"අව්රැදු ගානක මතකට එකපිට ආයෙත් අවදි වුනා. ඒක අහලා ඇස් වල කඳුළුත් පිරැණා.මං පොලීසියට ගිහින් කට උත්තරයක්. දුන්නා.මට ඒ කටඋත්තරය දෙන්න වුනේ සුලක්ෂි අන්තිම වතාවට ලියලා තිබුණ ලියුමේ මගේ නමත් තිබුණ නිසා"

===මං පුබුදු ට කරපු දේට තමයි අම්මේ අද මට මේ විදිහට ළමෙක් එක්ක මේ ලෝකේ තනි වෙන්න වුනේ===

" ඒ දේ පොලීසියෙදි මට කිව්වාහම.මට කියාගන්න බැරි වේදනාවක් ආවත් දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි. මං මළගෙදරට ආවේ කෙල්ලගේ මූණ බලන්න. අව්රැදු තුනට කෙල්ල පුදුම විදිහට වෙනස් වෙලා දැන් මට අයිති නැති වුනත් මං උඹට හුඟක් ආදරේ කලා කෙල්ලේ මගේ මුළු ජීවිතේම උඹටයි කෙල්ලේ මං කැප කලේ ඒත් අද මේ කරගත්තු දේ මට හිතගන්නවත් බෑ කෙල්ලේ. කවදාවත් මං එයාව කිස් කරලා නෑ පලමු හාදුව වගේම අවසන් හාදුවත් මං ඒ නලලෙන් පරිස්සමට තිබ්බා. එතනින් එළියට ඇවිල්ලා පුටුවකින් වාඩි උනහම සුලක්ෂි ගේ අක්කා මගේ ලඟට ආවේ පුංචි පැටියෙකුත් තුරැළු කරගෙන"

මේ නංගි ගේ බබා.

" මට මොන මොන ආරන්චි ආවත් මං ඒවා මේ අව්රැදු තුනට ගනන් ගත්තේ නෑ ඇත්තටම සුලක්ෂි ව මං අමතක කරලයි තිබුණේ ඒත් මේ මගේ පලවෙනි ආදරේ කොච්චර අමතක කරලා හිටියත් හදවතේ කොනක ඒ හැම දෙයක්ම වේදනාවකින් ලියලා තිබුණා.උඹ නරක ගෑනියෙක් වෙන්න ඇති උඹේ මේ නොදරැවාගේ තාත්තා කව්ද කියලා උඹවත් නොදන්නවා ඇති ඒත් උඹ අද ගත්තේ හරි තීරණේ නෙවෙයි කෙල්ලේ .මේ පොඩ් වයසට මෙච්චර දුරක් උඹ කවදාවත් යයි කියලා මං හිතුවේ නෑ රත්තරනේ. මං ඒ පැටියා ව අත් දෙකට ගත්තේ හරිම පරිස්සමට.මට දැනුනේ ඒ පොඩි එකා මගේ ළමෙක් වගේ මං ඒ කිරිකැටියම ඉම්බේ පිස්සුවෙන් වගේ සුලක්ෂි ගේ මූණ ඒ කිරි කැටිය ගේ ඇඳලා වගේ ම⁣ට මැවි මැවි පෙනුනා ඒ ළමයා ට තාත්තා කෙනෙක් නෑ. සුලක්ෂි ගේ මරණය ට තවත් හේතුවක් හොයාගන නෑ.ම⁣ව දාලා ගිහහම මං උඹට වෛර කලා සාප ක⁣ලා. ඒත් කවදාවත් හිතුවේ නෑ රත්තරනේ උඹට මැරෙන්නවෙයි කියලා......උඹට මගෙ වෙන්න පිං නැති වුනාට මං උඹට තවමත් ආදරෙයි පව්කාරී ඉන්න තැනක හොඳින් යන්න රත්තරං.......නිවන් සුව.

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

මෙච්චර කල් මං අනිත් හැමෝගෙම කතා හරි ලස්සනට ලියලා ඔයාලාට ගෙනාවා.සතුට දුක දෙකම උපදවන දේ එක්ක ඒ හැම දෙයක්ම හරි ලස්සනට ගෙවුනා. කතාවක් ටයිප් කරලා ඇස් වල කඳුළු වැටුනේ අද යාළුවනේ මගේ කෙල්ලගෙම මිනිය දිහා බලාගෙන මේ කතාව මට ටයිප් කරන්න වෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. මේ මගේ ජීවිතේ යාළුවනේ .කවදාවත් මං කමෙන්ට් කරන්න කියලා ඔයාලාට වද කරලා නෑ ඒත් අද මං කියනවා මගේ කෙල්ලට 'නිවන් සුව' ප්‍රාර්ථනා කරගෙන යන්න. 😢😢😢😢😢😢😢😢

නිදියගන්න රත්තරනේ............සුවෙන් සැතපිලා........

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment