සිත් නිවූ සත් සෙනේ...
🌻🌻🌻🌻🌻🌻🌻🌻
"අයියේ .....ඔයාට යාළුවො හිනාවෙන්නෙ නැද්ද....."
"ඒ මොකටද සුද්දි....."
සෙනුල ඇහුවෙ පුදුමයෙන්......ශාරි දිහා බලලා....
"ඇයි අයියේ ....ඔයා වගේ ලස්සන කොල්ලෙක් මං වගේ....කැත කළු කෙල්ලෙක් එක්ක යාළු උනාට....."
ශාරි ඒක කිව්වෙ හිනාවෙලා.....එයාගෙ හිතේ කොණකවත්...
දුකක් තිබුණේ නෑ....මොකද ශාරි කියන්නෙ අනිත් ගෑණු ළමයින්ගෙන් ගොඩාක් වෙනස් චරිතයක්.....ජයවර්ධනපුර සරසවියේ....තෙවන වසර සිසුවියක් උණු ඇය.....ඉගෙනීමට හරී හපනියක්....ඇය....කළුයි....කළුයි කියන්නෙ මේ ඔයාලා අපි කියන තළෙළු නෙවෙයි.....ඒක කට්ට කළු.....ඒත් ඒ පැහැය ඉරාගෙන ඒ මැඳින් කළ එළි බැහැපු.....ලොකූ දැකුම්කළු...බවක් තමයි ශාරි ගෙ මූණෙ තිබුණේ.....හරියටම කියනව,නම් ඒක තමයි පින් පාට.......
"ඒයි ශාරි.....උඹට සුදු වෙන්න බෙහෙතක් කියන්නද.....අඩුම කොල්ලෙක් බලන පාටක් වෙනකල් වත් සුදු වෙයන්කෝ"
දවසක් නේවාසිකාගාරෙ යෙහෙළියක් ශාරි ළඟට ඇවිත් අහනවා......
ශාරි හිනාවෙවී අතමිට මොලවනවා......නෑ...ඔයාලා හිතුවා වැරදී.....ගහන්න එහෙම නෙවෙයි....එයා එහෙම කරන්නෙ.....
"මල්කි....."
ශාරි යෙහෙළිය අමතන්නෙ හරි ආදරෙන්....
"ම්ම්ම්"
මල්කි....එයාගෙ නිය ආලේපන ගල්වන ගමන්....ශාරි දිහා බලනවා....
"බලන්න මගේ මිට මොළවපු අත දිහා....රූපෙ පාට....පෙනුම....ගැන වදවෙන්න මං මෙහෙම මිට මොලවගත්ත කෙනෙක් නෙවෙයි....අකුළගත්තු කෙනෙක් ....නෙවෙයි.....මෙන්න මෙහෙම දිග ඇරපු කෙනෙක් ...."
එයා එහෙම කියලා....මිටමොලවපු අතේ ඇඟිලි දිග අරිනවා......
මල්කි බලං ඉන්නෙ තුෂ්ණිම්භූත වෙලා..ඒ කියපු කිසි දෙයක් මල්කිට නම් තේරුණේ නෑ...
මල්කිට විතරක්ම නෙවෙයි ....ගොඩාක් දෙනෙක්ට ශාරිගේ මේ කතා බහ......අපභ්‍රංශ වගේ.....ඒත් මූණට කව්රුත් මොකුත් කියන්නෙ නැත්තෙ ....ශාරී කොහොම කතා කළත් කාට හරි අසනීපයක් උණාම....එයා නෙවෙයි හෙලවෙන්නෙ ඒ කෙනා ළඟින් .....ඉතිං කව්රු හරි ලෙඩ වේගෙන එනවනම් එයා ඔක්කෝටම බලන්නෙ....හොස්ටල් එකේ....ශාරි ඉන්නවද කියලා.....
සමහර කාලවලට නම්....එයා එක පාර අතුරුදහන් වෙනවා....ආයෙ දකින්න ලැබෙන්නෙ දවස් ගාණකින්....
ඉතිං දවසක් කට්ටියට ආරංචි වෙනවා....ඒකත් මේ හරිම අහම්බෙන්.....අලුතෙන් හදන ආරාමෙක සෑ...රදුන් වහන්සේ....ගොඩනඟන්න....අත් උදව් දෙන්න තමයි එදා ශාරි ගිහින් තිබ්බෙ....
ඒකත් මේ වෙන ෆැකල්ටි එකක ළමෙක් ශාරිව දැකලා...අඳුනගෙන තිබ්බෙ... නැත්නම් ඒකත් සදාකාලික රහසක්...
සෙනුල කියන්නෙ පානම්පත්තුවෙ....හද්දා පිටිසර උපන් මේ ශාරිගෙ පෙම්වතා...ඇත්තටම හැමෝටම පුදුමයි ...ශාරි එක්ක එක ළඟ තිබ්බම....සෙනුල....පේන්නෙ රාජ කුමාරයෙක් වගේ....උස....ඒකටම ගැළපෙන මහත.....
සෙනුල දැකපු මුල්ම දවසෙ මල්කි හිටියෙ.....පුදුමෙන් කටත් ඇරිලා....ඒ තරම් ස්මාර්ට් කොල්ලෙක් ශාරිට කොහෙන් හම්බ උණාද කියලා මල්කි දහ අතේ කල්පනා කලත්....එයාට හේතුවක් හොයාගන්නම බැරි උණා.......ඒත් ඒ දෙන්නා හිටියේ පුදුමාකාර ආදරේකින්.....
ඇත්තටම සෙනුල කියන්නෙ....ශාරිගෙ අය්යගෙ හොඳම යාළුවා.....කව්රුත් ඇහුවොත් පුදුම වෙයි....සෙනුල.....ශාරි පස්සෙන් අවුරුදු ගාණක් ගිහින් තමයි ආදරේ දිනාගත්තෙ.....මුලින් ශාරි කැමති උනේම නෑ....එකක් එයා හිතුවෙ එයා වගේ කෙල්ලෙක්ට සෙනුල වගේ ගොඩාක් ලස්සන කොල්ලෙක් ගැළපෙන්නෙ නෑ කියන එක....දෙක....පොඩි කාලේ ඉඳලම ශාරිගෙ හිතේ තිබුණෙ එකම එක හීනයයි.....ඒක හැබෑ කරගන්න බැරිවෙයි කියන හැඟීම ...
ඒ හීනේ තමයි කවදාම හරි පැවිදි ජීවිතේට ඇතුළු වීමේ....හීනය......පුංචි කාලෙ ඉඳලා...ඒ හීනෙ ජයගන්න කොයි තරම් පෙරුම් පෙරුවත්...දෙමාපියන්ගෙන් ඒකට අවසර ගන්න...ශාරිට බැරිඋණා.....
ඒත් සෙනුල කියන්නෙ ශාරි සසර පුරාම පතාගෙන ආපු සහකාරය හින්ඳම වෙන්න ඇති.....අන්තිමේ....සෙනුලට ශාරිගෙ ආදරේ ලැබුණා.....
සෙනුල හිටියෙ පුදුම සතුටකින්.....සෙනුල ශාරි ගැන හැමවෙලේම හොයලා බැලුවෙ තාත්තා කෙනෙක් වගේ...තාත්තාගෙ මූණවත් දැකලා නැතිව කුඩප්පච්චිගෙ සෙවනෙ හැඳුණ කෙල්ලට ඒක ලොකූ හයියක් උණා....
කොහොමින් කොහොමින් හරි කාලය ගත වෙලා යද්දි....ශාරි ගෙ හදවතම කැඩපතක් වගේ සෙනුලට...පේන්න ගන්නවා...දෙන්නගේම,අදහස් හරිම සමානයි....ඇත්තටම සෙනුලත් ගොඩාක් නිවුණ චරිතයක්......
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
කායෝ ජිගුජ්ජෝ....සකලෝ....දුගන්ධෝ....
ගච්චන්ති සබ්බේ.....මරණං....අහංච....
හරීම ලයාන්විතව....ඒ ඇහෙන්නෙ.....මිහිරි කටහඬක්...ඒ හඬට හදවත පුදුමාකාර විදියට නිසල වෙනවා....සසල හිතක් නිසල කරන එක ගොඩාක් අමාරුයි....ඒත් මොකක්දෝ මන්දා.....ලෝකෝත්තර පැත්තට හිත නැඹුරු කිරීමේ පුදුම....බලයක් මේ හඬට තිබුණේ .....මල්කි......මේ කට්ටියක් එක්ක ඈත පිටිසර ගමක ආරාමෙකට දානයක් දෙන්න ආවෙ......
මේ පුදුමාකාර හඬ ඇයට ඇසෙන්නෙ එතනදි....ඇය කට්ටිය එක්ක යන්න නැඟිට්ටත් මේ හඬ ඇයව ආපස්සට අඳිනවා....බෝ මළුවෙ පසුපස හැරිලා අසුන් අරගෙන දොහොත් මුදුනේ තබාගෙන වඳින කසාවතක් විතරයි පේන්නෙ....ඕනි එකක්.....ගිහිල්ලම බලනවා......එහෙම හිතුව මල්කි.....හෙමින් යන්නෙ බෝ මළුවට....
එක පාරටම මල්කි දකින දෙයින්....ඇස් උඩ ගිහින් කටත් ඇරෙන්නෙ.....ඇය ලොකුක්කරගත්ත ඇස් දෙකෙන් බලාගෙනම ඉන්නවා.......
"ශාරි.....ඔයා...."
මල්කිට කියවෙන්නෙ හිතලා නෙවෙයි.....නැත්නම් මේ කසාවත දාරාගෙන ඉන්න මෙහෙණින් වහන්සේට ශාරි කියයි ද....
"මං දැක්කා....ඔය ඇත්ති.....බුදු ගෙයි ඉන්නවා....මං පැත්තකට උණේ....නිදහසේ ඔය ඇත්තිට වැඳගන්න ඕනි නිසා.."
අභයචින්තා මෙහෙණින් වහන්සේ කියන්නෙ....හරිම ලෙංගතු හිනාවෙන් මුව...පුරෝගෙන...ඒක ඉස්සරම හිටපු ශාරිගෙ හිනාවටත් වඩා පින් පාටයි.....
එකපාරම දෙයක් මතක් වෙලා වගේ මල්කි....දනි පනි ගහලා පසඟ පිහිටොලා මෙහෙණින් වහන්සේට වඳිනවා.....
සුවපත් වේවා.....!!!
සරසවියෙ තුන් වන වසරෙදි එකපාරටම හොරු ගෙනිහින් වගේ.....ශාරි අතුරුදහන් වෙලා යනවා.....ඒ අර කලින් සැරවල වගේ ආයෙ එන්න නෙවෙයි....නොඑන්නම.....සෙනුල.....ඉතිං ඔහුවත් ආයෙ කවදාවත් අහම්බෙන්වත් සරසවියෙදි කාටවත් දකින්න ලැබෙන්නෙත් නෑ.....හැමෝම ටික කාලයක් ඒ ගැන කතා කලත් පස්සෙ ඒ හැමෝගෙම මතකෙන් ශාරි ගිලිහිලා යනවා...
දැන් වසර 3ක් ගෙවිලා ගිහින්....මල්කි....දැන් ගුරුවරියක්.....ඉස්කෝලෙ ගුරුවරු එක්ක ආපු චාරිකාවෙදි තමයි මේ පුරාණ ආරණ්‍ය සේනාසනේට කට්ටිය එන්නෙ වැඳ පුදාගෙන,යන්න....ඒත් අහම්බෙන් හරි මල්කි නැවතිලා තිබුණෙ.....අභයචින්තා මෙහෙණින් වහන්සේ ළඟ.....
මල්කිගෙ හිතේ ප්‍රශ්න කෝටියයි....කොහෙන් කොහොම පටන්ගන්නද කියලා හිතාගන්න බැරි තරම්.....
"මෙ...හෙ...ණින් වහන්සේට මොකද එක පාරට උණේ....කැම්පස් එකේ හැමෝම කලබල උණා.....ඇයි උපාධිය අතැරලා ආවෙ..."
බොහෝම අමාරුවෙන් වචන ගැටගහගෙන මල්කි ඇහුවෙ.....ඇයි ඉතිං ශාරි.....ශාරි .....කියපු කටින් කොහොමද මෙහෙම කතා කරන්නෙ....මල්කිට හුරු නෑ වගේ......
"ඔය ඇත්ති දන්නවද.....මේ සංසාරෙ අපි කොයි තරම් නම් උපාධි ගාණක් අරගෙන තියෙද කියලා....ඒ උපාධි එකක්වත් අපි ආයෙ අරගෙන ගියෙත්.....නෑ....මේ ලෝකෙට අරගෙන ආවෙත් නෑ....අනිත් හැමදේමත් එහෙම තමයි....තව කොච්චර හති වැටෙනකල් අපි මේ සසර සැපයි කියලා දිව්වත්.....ඒකෙ කිසි සැපක් නෑ....දුකම විතරයි.....ඒක මේ ලෝකෙ ස්වාභාවය...."
මෙහෙණින් වහන්සේ මල්කි දිහා බලලා කිව්වෙ මල්කිට ඒක වැටහුණාද බලන්න වගේ.....ඇත්තටම ....ටිකක් විතර.....ඉස්සරට වඩා නම් දැන් මල්කිට මේවා ගැන යමක් කමක් වැටහෙනවා.....
"එතකොට.....එතකොට.....සෙනුල......"
මල්කි තටමලා තටමලා අහන්නම බලන් හිටපු ඒත් අහන්න අපහසුම ප්‍රශ්නෙ අහනවා.....ඒකට නම් මෙහෙණින් වහන්සේ් හරි ලස්සනට හිනාවෙලාම උත්තර දෙනවා....
"දැන් සෙනුල කෙනෙක් නෑ.....ඉන්නෙ ධම්මවිජිත හාමුදුරුවො..."
ඔන්න ඒකනම් අර ඉස්සර වගේම මල්කිට තේරුණේම නෑ...ඒකයි එයා තව ටිකක් ඇස් ලොකු කරන් බලාගෙන ඉන්නෙ ....
"මං මෙහෙම කියන්නම්කො....පොඩි කාලෙ ඉඳලා මගෙ එකම ආසාව....පැවිදි වෙනෙක....ඒත් ඒකට ගෙදරින් විරුද්ධ උණා...සෙනුල ජිවිතේට ආවට පස්සෙ.....එයාඅ මගෙ සිතුවිලි හරිම ලස්සනට කියෙව්වා....ඒකෙ ප්‍රතිඵලේ තමයි මේ.....මගෙ දෙමව්පියන්ට කරුණු පහදලා දීලා.....පැවිදි වෙන්න අවසර අරන් දුන්නෙ සෙනුල....එයාගෙත් ප්‍රාර්ථනා වක් තිබ්බ ඒ වගේම....ඉතිං මං මෙතන පැවිදි වෙනකොට.....සෙනුල.....ධම්මවිජිත නමින්....අනුරාධපුර පැත්තෙ ආරාමෙක පැවිදි උණා......"
බොහොම නිවුණ හඬින් එහෙම කියපු මෙහෙණින් වහන්සේ හිණා උණා....
මල්කිට නම් සියලු සංවේදනා නොදැනි ගිහිල්ලයි තිබ්බෙ....හරියට නිකං නිර්වින්දනය කරලා වගේ...මේ වගේ දේවල් ඇත්තටම වෙනවද කියලා....ඇයට තාමත් හිතාගන්න බෑ....
"මං එහෙනං බුද්ධ පූජාව ලෑස්ති කරලා එන්නම්....ඔය ඇත්ති එතකං...වැඳ පුඳාගන්න....සසර මහා භයානකයි....ඒ සසරින් මිදෙන්න උත්සාහ ගන්න....ඒක හෙටට කල් දාන්නෙපා...."
කිසිවක් නොකියපු මල්කි මෙහෙණින් වහන්සේ ඉදිරියෙ දනින් වැටෙන්නෙ....මේ තරම් වෙලා නිර්වින්දනය....වෙලා තිබ්බ හැඟීම් ඔක්කොම එක පාර පිට පනින්න හදනකොට....
"සුවපත් වේවා....සංසාර සයුරෙන් අත මිදේවා...!!!!"
මල්කි....පඩිපෙළ නැඟගෙන බුදු කුටියට යන ඒ පින්වන්ත රූපෙ දිහා බලාගෙනම ඉන්නෙ....පුංචි කඳුළක් ඇස් අගට මෝදු වෙද්දි...හැබැයි ඒ දුකට නෙවෙයි.....මොකක්දෝ ලොකූ ශ්‍රද්ධාවක් හදවත පතුලටම දැනෙන නිසා කියනෙක.....නම් මල්කිට ඒ වෙද්දි හොඳ්ටම තේරෙනවා......
මෙහෙණින් වහන්සේ ගිය මඟ දිගේම ගිය මල්කි බුදු කුටියට පිවිසෙන්නෙ දෙවෙනි උපතක් හිතින් දරන්......
උපුටා ගැනීමකි
No comments:
Post a Comment