තනි උනු මා............
" අම්මියෝ,මත බෝනික්කෙන් ඕනි.අලන් දෙන්නකෝ"
සදෙව්ගේ කට හඩින් තමා මං පියවි සිහියට ආවේ.ඒ හුරතල් මුහුන දකිද්දි මොන තරම් ප්‍රශ්න තිබ්බත් අමතක වෙනවා.සදෙව්ට දැං අවුරුදු 3යි.මීට අවුරුදු හතරකට විතර කලින් අපේ ජීවිත ගැන දන්නේ මගේ හිත විතරයි.
මම නිම්සරා අතපත්තු මගේ අක්කි දම්සරා අතපත්තු අපි දෙන්නා නිවුන් සහෝදරියෝ.ගෝඩාක් සතුටින් හිටියේ.මටයි අක්කිටයි අවුරුදු 17 ක් විතර වෙද්දි අපේ අම්මි තාත්ති ඇක්සිඩන්ට් එකකින් නැති උනා.අපිව බලා ගත්තේ නැන්දා.මුලදි ගොඩාක් ආදරෙන් හිටියා.
පස්සෙ නැන්දා වෙනස් කම් කලා ඉගන ගන්න දුන්නෙත් නෑ.එයාට ඕනි උනේ අපේ සල්ලි.මමයි අක්කි ගාමන්ට් ගියා.ඉතිං ඔහොම දවස් ගෙවිලා ගියා.අක්කි අහිංසකයි.මං සැරයි.
ඔය කාලෙදි තමයි නැන්දගේ පුතා මිහිරාන් ලංකාවට ආවේ.එයා සෙල්ලක්කාර රස්තයාදු චරිතයක්.එයාට ඕනි උනේ අපිව විනාස කරන්න.
දවසක් අක්කිට සනීප නෑ කියලා ගෙදර නැවතුනා.මං වැඩට ගියා.එදා මිහිරාන් අක්කිගේ ජීවීතේම කෙලෙසලා.අක්කි මං ආව ගමන් ඇඩුවා.විස්තරේ කිව්ව.තරහා ආවත් අපිට මුන් එක්ක හැප්පෙන්න බෑ.මන් අක්කිවත් එක්කන් තිබ්බ සල්ලිත් අරන් නුවර එලිය පැත්තට ආවා.
ඉතිං ඔහොම කාලයක් යද්දි අක්කි ලස්සන පුතු පැටියෙක් මට දීලා යන්නම ගියා.
" අම්මියෝ තීතලයිනේ බබාට "
" කෝ එන්නකෝ සත්තලන් පැටියා අම්මි ලගට"
" අපි තමනල්ලු බලන්න යන්කෝ "
" අම්මිට උම්මා එකක් දුන්නොත් එක්කන් යනවා "
" උම්ම්ම්ම්ම්ම්ම්ම්මා"
මං දැනට මල් වගා කරලා විකුනනවා.හොද ලාභයක් තියනවා.ඉතිං මං සදෙව් වඩා ගෙන ගියා වත්‍තට ඉතිං කාර් එකක නැවත්තුවා
" නංගි මේ මලක් කීයද? "
එක පාරට මං හැරිලා බැලුවා.ලස්සන කොල්ලෙක්.
" හ්ම්ම්.මේ මලක් 70ක් වෙනවා අයියේ.මට මල් 100ක් දෙන්නකෝ."
" හරි අයියේ වඩි වෙලා ඉන්න මං එන්නම්.'"
මං ශොප් එක ඇරලා සදෙව්වත් ඉන්දවලා ගියා මල් ටිකක් කපන්න.ඒ අතරට අර අමුත්තා එක්ක සදෙව් බර කතාවක් කියලා මට තේරුනා.
" පුතාගේ නම මොකක්ද"
" සදෙව් "
" ශා තෝයි නමක්නේ "
ඔන්න ඔහොම සදෙව් එක්ක කතා කල කෙනා සදෙව්ගෙන මෙහෙම ඇහුවා.
" කෝ පුතේ තාත්ති "
" තාත්ති සට ගිල්ලා "
එතකොටම කෙල්ල මලුත් අරන් ආවා.
" අම්මි තාත්ති සට ගිල්ලා නේද "
කෙල්ලගේ මූණ අදුරු වෙනවා කොල්ලා දැක්කා.
" තැන්ක්ස් නන්ගි.මං වෙඩ්ඩින්ග් ඩිසයිනර් කෙනෙක්.මට නිතරම මල් ඕනි වෙනවා.මට නන්ගිගේ කන්ටැක්ට් නම්බර් එකක් දෙනවද"
ඔහොම පටන් ගත්ත කතාව ආදරයක් වුනා.
සදෙව්ට තාත්තා කෙනෙක් හන්බුනා.
අමිල නෙතුශ ඔහු මටත් ජීවිතේට අරුතක් දුන්නා.
වසර 2කට පසු....
"අම්මි මං ඉස්ස්කෝලේ යනවා.නංගි බලා ගන්න"
" යං පුතේ කාරෙකට නගින්න "
" ඔකේ තාත්ති"
" මං යන්නම් අම්මි.පරිස්සමෙන් ඉන්න"
" බුදුසරණයි මහත්තයා "
නිමි.
චන්දු
උපුටා ගැනීම්කි
No comments:
Post a Comment