ඔක්කොම හොදටයි

ඔක්කොම හොදටයි

කෙටි කතාව
........................................
අම්මේ ඉක්මන් කරන්නකො. දැන් ලොකු අයියා මග එනවත් ඇති

මොකද්ද චූටි ඔච්චර තියෙන හදිස්සිය. ලොකු පුතා ඇවිත් ටික වෙලාවක් ඉදීවිනෙ. හෙමීට හදමු.

හෙමීට උනාට කමක් නෑ. රසට හදන්න ඕනෙ අම්මෙ. ලොකු අයියා අවුරුදු තුනකට පස්සෙනෙ එන්නෙ.

ඇයි මං වෙනදා හදන කෑම රස නැද්ද චූටි ආ...
වෙනදට කොච්චර කියලත් කුස්සියට ගෙන්නගන්න බැරි එක්කෙනා අද විතරක් මොකද මේ  කුස්සියට ඇවිල්ලා. ඕවා තේරෙයි කවදාහරි නැන්දම්මගෙන් බැනුම් අහනකොට

අනේ ඉන්න අම්මා. ගෙදර ඉන්න කාලෙ ෆුල් ජොලියෙ ඉන්න ඕනෙ. බැන්දට පස්සෙ කොහොමත් කුස්සියට යන්න වෙනවා. ඉතින් ගෙදර  ඉන්න ටිකේවත් නිදහසේ ඉන්න දෙන්නකො. 😐

නිදහසේ ඉන්න දෙන්න තිබ්බා. ගෙදර වැඩ දන්නැති ලේලියෙක් ගෙදරට ආවම නැන්දම්මා බනින්නෙ ලේලිට විතරක් උනා නං.

හරි හරි. තව කල් තියේනෙ අම්මා. මං හිමීට ඉගෙනගන්නම්.

අන්න ලොකු පුතා ආවා මං හිතන්නෙ

මේසෙ උඩ වාඩි වෙලා හිටපු මං ඉස්සරහට දුවගෙන ගියේ වෙඩිල්ලක් වගේ...
මං යනකොට ලොකු අයියා අපේ ගේ ඉස්සරහ හිටගෙන හිටියා. අනේ අයියා ලස්සන වෙලා😍 ටිකක් විතර මහත් වෙලා තිබුනට ඒ මහත පෙනුම කලින් පෙනුමට වඩා හොදයි.

අනේ ලොකු අයියෙ ඔයාගෙ ලස්සන. සදූ අක්කට නං පිස්සු හැදෙයි මෙයාව දැක්කම...

😂😂 එයාට අමුතුවෙන් පිස්සු හැදෙන්න දෙයක් නෑ චූටි. කොහොමත් පිස්සු කෝච්චියනෙ.

අනේ පව් අයියෙ. එයා කොච්චර ආදරෙයිද ඔයාට. එහෙම කියන්න එපා. පව්නෙ.😔

මැට්ටි. මං ඉතින් විහිලුවටනෙ කිව්වෙ. ඒක නෙවෙයි චූටිත් දැන් ලස්සන වෙලානෙ. මට එක පාරට අදුරගන්නත් බැරි උනා.

අනේ බොරු නොකිය ඉන්නවා. මැට්ටා. ඒක නෙවෙයි මොනවද මට ගෙනාවෙ. චොක්ලට් ගොඩාආආආක් ගෙනාවද??

ගොඩාආආආක් ගෙනාවෙ නෑ. අන්න ටිකක් ගෙනාවා. බෑග් එකේ ඇති

අයියට බැන බැන ගිහින් බෑග් එක බැලුවා. අම්මෝ මට අවුරුද්දකට විතර කන්න චොක්ලට්. ( කමක් නෑ ඉතින් මට දුන්නට මොකෝ. මංනෙ එයාගෙ චූටි 😉)

අම්මෝ අයියෙ මෙච්චර ගොඩක්. මං මෙච්චර ඉල්ලුවෙ නෑනෙ.

කමක් නෑ. කමක් නෑ. පෙරේතකම යනකං කනවකො.

හා 😁

මං මධූ. පව්ලෙ එකම ලමයා මං. ලොකු අයියා කියන්නෙ අපේ තාත්තගෙ අක්කගෙ ඒ කියන්නෙ මගෙ නැන්දගෙ එකම පුතා. අම්මගෙ පව්ලෙත් හිටියෙ චූටි චූටි නංගිලා මල්ලිලා. ඉතින් මාත් එක්ක ගොඩක්ම සමීප ලොකු අයියා. අයියගෙ හැම රහසක්ම මං දන්නවා. මට නං ඉතින් රහස් නෑ. රහසක් තිබුනා නං මං ඉතින් කියන්නෙ ලොකු අයියට තමයි 😊

ලොකු අයියා යලු වෙලා ඉන්නෙ සදූ කියලා අක්කා කෙනෙක් එක්ක. එයා හරිම ලස්සනයි. බාබි ඩෝල් කෙනෙක් වගේ  (වෙලාවකට ඉතින් ඉරිසියාත් හිතෙනවා😬)  ලස්සන උනා කියලා ආඩම්බරකමක් නෑ එයාගෙ. හරි ලස්සනට හැමෝම එක්ක හිනා වෙලා කතා කරනවා. ඒ වගේ කෙනෙක් ලබන්න ලොකු අයියා ගොඩාක් වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ. මාත් හැමදාම ප්‍රාර්ථනා කරේ ලොකු අයියා වගේම ලස්සන, අවංක, මට ආදරේ කරන කෙනෙක් ලැබෙන්න කියලා.

ලංකාවට ආවට පස්සෙ ඉතින් ලොකු අයියට වැඩ ගොඩයි. ඇයි ඉතින් අපි දෙන්නව කියන කියන තැනට එක්කන් යන්නත් එපැයි. ඒ ටිකේම අපි ගොඩක් තැන් වල ඇවිද්දා. ලොකු අයියා ඒ හැම තැනදිම අපිව හුගක් පරිස්සමට බලා ගත්තා. ලොකු අයියා ගැන දන්න නිසාම තමයි අපේ අම්මත් කිසි බයක් නැතුව එයා එක්ක මාව යවන්නෙ.

කොල්ලෙක් නං ලොකු අයියගෙ ගතිගුණ තියෙන්න ඕන කියලා මගේ හිතටම කා වැදිලා තිබුනෙ පොඩි කාලෙ ඉදන්මයි.

ලොකු අයියා ලංකාවට එනකොට නැන්දා හිටියෙ ටිකක් අසනීපෙන්. අයියා ඇවිත් ටික කාලෙකට පස්සෙ නැන්දා නැති උනා. පව්ලෙ හැමෝම වගේම සදූ අක්කත් හරි හරියට මළ ගෙදර වැඩ වලට උදව් උනා. ඒත් අක්කගෙ කටින් පිටවෙච්ච එක වචනයක් නිසා පළවෙනි පාරට මගේ හිතේ එයා ගැන අප්‍රසාදයක් ඇති උනා.

චූටි මං දෙයක් අහන්න හිටියෙ. නිසල් එක්ක ඔයාගෙ මොකක් හරි සම්බන්දයක් තියේද??

අපෝ අක්කෙ මොනවද මේ අහන්නෙ. නිසල් කියන්නෙ මගෙ යාලුවෙක්නෙ. යාලුකමට එහා දෙයක් අපි අතරෙ නෑ.

හ්ම්ම්  එහෙනම් කමක් නෑ. මොකද නිසල්ගෙ අම්මා එක්ක වසන එක එච්චර ලේසි නෑ. ගිනි බෝම්බෙ.

😂😂අනේ නෑ අක්කෙ. ප්‍රේමා ආන්ටි හටි හොදයි. පිටට පේන තරම් එයා නපුරු නෑ. අනික නිසල් මගේ යාලුවෙක් විතරයි.

ඒක හොදයි නංගා. කොහොමත් කෙල්ලෙක් මැරි කරලා යනවානං යන්න ඕන නැන්දම්මා කෙනෙක් නැති ගෙදරකට. මට නං දැන් එහෙම ප්‍රශ්න නෑ. නැන්දම්මා කෙනෙක් නෑනෙ.

එතකොට අක්කෙ කවදාහරි ඔයාටයි ලොකු අයියටයි පුතෙක් ඉන්න කාලෙක එයා මැරි කරාම අක්කට පුතාගෙන් ඈත් වෙන්න වෙනවා නේද??

ඒ ප්‍රශ්නෙට අක්කා නිරුත්තර උනා.

එදා ඒ කතාවෙන් පස්සෙ අක්කා ගැන පොඩි අප්‍රසාදයක් මගේ හිතේ ඇති උනා. එයා එදා කතා කරේ මගේ නැන්දා නැති උන එක එයාගෙ හොදට උන දෙයක් වගේ. මල්ලිගෙ දරුවා වෙච්ච මට එයාගෙම දරුවෙක්ට වගේ සලකන මගේ නැන්දා අක්කා ගෙදරට එනකොට හිටියා නං කොච්චර සතුටු වෙයිද. කොහොමත් ඒ විදියට හිතන ලේලි කෙනෙක් එක්ක එකට ජීවත් වෙනවට වඩා නැන්දා මේ ගිහිපු විදිය හොදයි කියලා මට හිතුනා.

අක්කගෙ හදිස්සි කිරිල්ල නිසාත් දෙන්නගෙම වයසත් පහු වෙන නිසාත් අයියගෙයි අක්කගෙයි වෙඩින් එකට නැකැත් බලලා අපි දිනත් දා ගත්තා.

චූටි...

මොකෝ...

අද සාරි බලන්න යනෝ. එනවකො යන්න. මට තනියෙන් කට්ට කන්න බෑ ඕයි. 😐

අපෝ ඕවා මහ එපා වෙන වැඩ. අක්කා යනවනෙ. එයාටනෙ සාරිය ගන්නෙ. එයා තෝරගනීවිනෙ හලෝ

හ්ම් හ්ම්ම්. එහෙනං අපි යනෝ. පස්සෙ චුරු චුරු ගාන්න එපා එක්කන් ගියේ නෑ කියලා

හා හා. මොකුත් කියන්නෙ නෑ. එනකොට මට ටිපි ටිප් එකකුයි වඩේ ටිකකුයි අරන් එනෝ හොදේ මතක් වෙලා

අපෝ මේකිට කන බනේමයි. අරන් එන්නම්කො

මගෙ හොද... අයියා. 😘😘

දවල් වෙද්දි මට ආපු කෝල් එක තමයි මට මෙච්චර කාලෙකට ආපු අවාසනාවන්තම ආරන්චිය දුන්නෙ.

හෙලෝ ලොකු අයියෙ. සාරි ගත්තද ?

නංගි මේ ෆෝන් එකේ අයිතිකාරයා දැන් ටිකකට කලින් ඇක්සිඩන්ට් උනා. මං මේ අන්තිමටම ඩයල් කරපු නම්බර් එකට අරන් පණිවිඩේ දුන්නෙ. ඔයා කලබල වෙන්නෙ එපා. දෙන්නවම අපි හොස්පිටල් ඇඩ්මිට් කරා. ඔයාලා දැන් හොස්පිටල් එකට එනවද

හරි අයියෙ අපි එන්නම්....
...........................................

ඇක්සිඩන්ට් එකෙන් අක්කට ඒ තරම් තුවාල වෙලා නැති උනත් ලොකු අයියගෙ වම් කකුල දණහිස ගාවින් කපන්න උනා. අපි හැමෝම ඒ ටිකේම හිටියෙ පුදුම වේදනාවකින්. නැන්දත් නැතුව මාමට තනියම ලොකු අයියගෙ වැඩ කරන්න බැරි නිසාම අපි ලොකු අයියව අපේ ගෙදර එක්කගෙන ආවා. අම්මටත් වඩා අයියගෙ ඕන එපාකම් බලලා හැම දෙයක්ම කරේ මං. අයියව සතුටින් තියන්න මට කරන්න පුලුවන් හැම දේම මං කරා. ඒත් එයා මොකක් හරි දෙයක් නිසා හිතින් දුක් විදිනවා කියලා මට තේරුනා.

ලොකු අයියෙ....

ම්ම්ම්ම්....

මොකක් හරි ප්‍රශ්නයක්ද....

නෑ...

අනේ බොරුව දාන්න එපා හලෝ මට. කියනො කියනො

සදූ දැන් වෙනස් චූටි. එයත් පව්....අබ්බගාතයෙක්  එක්ක කොහොමද ජීවිත කාලෙම ඉන්නෙ. මං එයාට කැමති තීරණයක් ගන්න කිව්වා චූටි. මං නිසා ඒ කෙල්ල දුක් විදින්න ඔනෙ නෑනෙ.

පව් මගෙ අයියා. තමන්ගෙ වැඩ ටිකවත් තනියම කරගන්න බැරුව රෝද පුටුවක් උඩ දවසම ඉදගෙන මොන තරම් නං දුකක් විදිනවා ඇද්ද. ඒ දුක බෙදා ගන්න මංවත් ලග නොහිටියා නං කොහොමද ඒ දුක දරාගන්නෙ.

හිතේ තියෙන කලකිරීමත් එක්කම  මං ගියා සදූ අක්කිව හම්බෙන්න

සොරි නංගා. මටත් කරන්න දෙයක් නෑ. අපේ ගෙදරින් දැන් මේකට කොහෙත්ම කැමති නෑ. කොහොමද නංගි කකුලක් නැති කෙනෙක් එක්ක මං ජීවිතේ පටන් ගන්නෙ. අනාගතයක් තියේවිද අපිට

හරි අක්කෙ. ඕක ඔයාගෙ අන්තිම තීරණෙ නං ඔයා ආපහු මගෙ අයියගෙ ඉස්සරහටවත් එන්න එපා. මං ගියා

එදා මං ගෙදර ආවෙ තීරණයක් අරගෙන. මං දන්නෑ මං ගත්ත තීරණෙ හරිද වැරදිද කියලා. මගේම අයියා වගේ ඉන්න ලොකු අයියා ගැන මං මීට කලින් මෙහෙම හිතලා නෑ. ඒත් මට කරන්න දෙයක් නෑ. ලොකු අයියට දැන් වෙන කෙනෙක් ආදරේ කරන්නෙ නෑ. ලොකු අයියා තරම් මට ආදරේ කරන කෙනෙක් මට හොයා ගන්නත් බෑ. ලොකු අයියා කිව්වට එයා මගේ මස්සිනානෙ. ඒ නිසා අපේ අම්මලා මේකට අකමැති උනේ නෑ. ඒත් ලොකු අයියා මේ තීරණෙට තදින්ම විරුද්ධ උනා. ඒත් මගේ බල කිරීම නිසාම එයා මගෙ කැමැත්තට ඉඩ දුන්නා
..........................................
වසරකට පසු....

හැමෝගෙම ආශිර්වාද මැද්දෙ අපි දෙන්නා විවාහ උනා. හිතුවටත් වඩා සතුටින් අපි දෙන්නට ඉන්න පුලුවන් උනා. මං බලාපොරොත්තු උනාටත් වඩා ගොඩාආආක් ලොකු අයියා මට ආදරේ දුන්නා...

චූටි....

ම්ම්ම්ම්ම්......

මගේ කකුල කපපු එකත් වෙලාවකට හොදයි කියලා හිතෙනවා හලෝ....

ඒ මොකෝ ආ...

නැත්තං මගේ චූටිව මගේ කරගන්න වෙන්නෙ නෑනෙ. එහෙනං මං මෙහෙම ආදරේ කරන්නෙ මට ආදරේ නැති කෙනෙක්ටනෙ....

හැම දේම වෙන්නෙ හොදටනෙ මගෙ අයියෙ....

ඒත් වෙච්ච එක දෙයක් නං උනේ හොදට නෙවේ.

ඒ මොකක්ද ආ😠

ඇයි ඉතින් ටිපි ටිප් එකක් ගෙනාවොත් සේරම තනියම කනවනෙ. මට ඉතින් හුලං😏

ඔයා හොද නෑ අයියෙ. එහෙනං මීට පස්සෙ මං ටිපි ටිප් කන්නෙ නෑ😟

පිස්සුද මැට්ටි. මං විහිලුවක් කරේ. ආදරෙයි මගෙ මැණික ගොඩාක්😘

මාත් ආදරෙයි අයියෙ 😘😘
..............

- පමුදිකා මධුරංගි -
උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment