#තව_දන්නෙ_නෑ_නුඹත්...
#මගෙ_ආදරේ_තරම් ...❤️
කෙල්ල හිටියෙ ටීවී රූම් එකේ සෝෆා එකේ පැත්තට හාන්සිවෙලා.කටත් ඇරගෙන ටීවී එක බලබල...
කෙල්ල බලබල හිටියෙ #ඇනබෙල් කියන හොරෝර් මූවි එක...
අගල් 75සුවිශාල රූපවාහිනියක් තමයි කෙල්ලගෙ ගෙදර තිබුනෙ.
වටේ ජනෙල් වල කර්ඩ්න් වහලා හෝල් එකේ වගේ කලුවර කරගෙන කෙල්ල මේ ෆිල්ම් එක බලන්නෙ..
ඒකෙ තියෙන්නෙ බෝනික්කෙක් හොල්මන් කරන මිනීමරන එකක්...
නිකම්ම ෆිල්ම් එක බලන්න බැරි නිසා කෙල්ල කලින්ම පොප්කෝන් බකට් එකකුයි, කෙල්ල ආසම චීස් පීසා එකකුයි ඕඩර් කරලා ගෙන්නගත්තා.
කකුල් දෙකත් උඩ තියාගෙන හොල්ල හොල්ල පොප්කෝන් කකා කෙල්ල ෆිල්ම් එක බැලුවා..
ඒක චුට්ටක් බයයි...කෙල්ල සමහර කෑලි බැලුවෙ ඇස් දෙක අතින් වහගෙන ඇගිලි අස්සෙන්..
🎥 🎥 ඇනබෙල් හෙමින් හෙමින් ඇවිදගෙන යනවා.... නිලිය හිටියෙ කුස්සියෙ .. ඇනබෙල්ට පිටුපාලා.. ඇනබෙල් දකිනවා පිහියක්..එයා ඒකත් අරගෙන
කෙල්ල ලගට යනවා..ගිහින් එකපාරටම කෙල්ලට ඇනගෙන ඇනගෙන යනවා.....
ඒත් එක්කම කෙල්ලගෙ ඇගට බෝනික්කෙක් වැටුනා...
"ආ.........................."
කෙල්ල බයවෙච්චි පාරට සෝෆාවෙන් බිමටම වැටුනා..
පිටිපස්සෙන් මහා හයියෙන් හිනාවෙන හඩක් ඇහුනා ...
"හහ් හහ් හහ් හහ්..හා.....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂"
කෙල්ල කොන්දත් අතගගා නැගිට්ටෙ මේ ජරා වැඩේ කලේ මොකාද කියලා බලන්න.
"අහ්....භූමික....."
කෙල්ල දුවලා ගිහින් කොල්ලගෙ බෙල්ලෙ එල්ලිලා තදින් බදාගත්තා ..
"දෙයියනේ...ඔයා.....මට ඇස් අදහාගන්නත් බෑ... කොයි තරම් කාලෙකින්ද....දෙයියනේ..."
කෙල්ල කොල්ලගෙ මූණ හාදු වලින් පිරෙව්වා...
"එන්න..."
කෙල්ල කොල්ලගෙ අතින් ඇදගෙනම සෝෆාවෙන් වාඩිකෙරෙව්වා.
පස්සෙ කෙල්ල කොල්ලගෙ උකුලෙන් හරහට වාඩි උනා.
"අදුනගන්නත් බෑ.."
කෙල්ල කිව්වෙ කොල්ලගෙ මූණ අතගාන ගමන්..
"ඇයි?"
"රට ගියා විතරයි කොල්ලා ලස්සන වෙලා..සුදු වෙලා ..මහත්වෙලා.. "
"පිස්සු..."
"ඇයි ඊයෙ රෑ මට කෝල් කල වෙලාවෙ කිව්වෙ නැත්තෙ අද එනවා කියලා..?උදේ පාන්දරම මම් ගත්තා.ෆෝන් එක ඕෆ්..මම් හිතුවා තාම නිදිඇති කියලා.."
"හ්ම්ම්...කිව්වානම් මෙහෙම සප්‍රයිස් කරන්නෙ කෝමද..ම්ම්?"
"හ්ම්ම්..ඒකත් ඇත්තනේ.."
"දැන් ළමයත් ලස්සන වෙලා...."
කොල්ලා කිව්වෙ උකුලෙ හිටපු කෙල්ලගෙ උඩ ඉදලා යටටම බැල්මක් දාන ගමන්..
"හී...😄😄😄 අපි ඉතින් කෝමත් ලත්තන කෙල්ලොනෙ..."
කෙල්ල කිව්වෙ කොල්ලගෙ නහය මිරිකලා..
"මේ...බය උනා නේ මම් ඩෝල්ව ඇගට දැම්මම..?"
"අම්මෝ..😨😨😨😱😱...ඔව්..මම් හිතුවෙ ඇනබෙල් මාවත් මරන්න ඇවිල්ල කියලා..."
කෙල්ල කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙන..
😂😂😂😂😂කොල්ලට හිනා..
"ඔයා ගේන්න කිව්ව බාබි ඩෝල්.."
කෙල්ලට එතකොටයි මතක් උනේ කෙල්ලත් එක්කම බෝනික්කත් බිම වැටුනා කියලා.කෙල්ල ඉක්මන්ට ඒක අහුලගෙන කොල්ලා ලගින් වඩි වෙලා උකුලට ඔලුව තියාගත්තා..
"ලස්සනයි.."
බාබිගෙ ක්‍රීම් පාට කොන්ඩෙ අල්ල අල්ල කෙල්ල කිව්වා..
"අහ්..කෝ මට ගේන්න කියපුවා.."
"ගෙනාවා..ගෙනාවා..අන්න පහල බැගේජ් ටික..මගෙ මාස දෙක තුනක පඩියත් ඉවරයි ඒවටම.."
කෙල්ලට දුක හිතුනා..
"අනේ......"
"විහිලුවක් කලෙ බන්.."
කෙල්ලගෙ කම්මුල් මිරිකලා කොල්ලා කිව්වා..
"ඔයා ඉගෙනගන්න නෙමිද එතකොට ගියෙ?ජොබ් එකකුත් කලාද?"
"ඔව් බබා..පාට් ටයිම් එකක් කලා..නැත්තම් එහෙ ජීවත්වෙන්න අමාරුයි.."
"ඉතින් මම සල්ලි එව්වනෙ හැම මාසෙම ..."
"ඔව් ඉතින්...."
*ම්ම් ඒවා වියදම් කලේ නෑ බබා.. කොල්ලගෙ හිත කිව්වා.
"අද මෙහෙ ඉන්නවනෙ ?"
"බෑ බබා...මම් කෙලින්ම මෙහාට ආවෙ.ගෙදර ගියෙත් නෑ තාම."
"අනේ....අනේ..අනේ..අනේ...අනේ..."
කෙල්ල දගල දගල කිව්වා.
"මේ...දගලන්න එපා බන්..මම් රහත් වෙලා නෑ තාම හරී...."
ටික වෙලාවකිනුයි කෙල්ලට මතක් උනේ කෙල්ල ඔලුව තියාගෙන ඉන්නෙ කොල්ලගෙ උකුලෙ කියලා..
"අහ්....සොරි..."
ඔන්න ඉතින් කෙල්ලට ලැජ්ජ හිතුනා..
"මම් ඇදුම් නැතුව හිටියත් මේ ලෝකෙ කාගෙන් කරදර උනත් ඔයාගෙන් පුංචි ඉදිකටු තුඩක කරදරයක් වත් වෙන්නෙ නෑ කියලා මම් දන්නවා භූමි...ඔයා ඔයාගෙ පණටත් වඩා මාව බලාගන්නවා කියලා මම් දන්නවා..."
"එච්චරටම මාව විශ්වාසද?"
"හ්ම්...ඊටත් වඩා..."
කොල්ලට මේ කෙල්ල ගැන පුදුමයි.
#මංදාරා...මේ ලස්සන හුරුබුහුටි කෙල්ල....
#මංදාරා යි #භූමික යි කියන්නෙ.........
නෑ...ඔයාලා හිතුවා වැරදියි...
එයාලා හොඳම හොඳම හොඳම යාලුවෝ..අවුරුදු 2 ඉදලාම...
මංදාරාගෙ තාත්තා මිස්ටර් ගජවීරයි, භූමිගෙ තාත්තා මිස්ටර් තේනුවර යිත් පොඩි කාලෙ ඉදලම යාළුවො..ඒ යාලුකම ඊලග පරම්පරාවටත් එහෙමම ආවා..
"කෝ අම්මලා..?"
"අම්මි ගියා අද කාන්තා සංගමේ රැස්වීමකට..එයානෙ දැන් ඒකෙ සභාපති .."
"ශා...එහෙමද..."
"හ්ම්ම්..."
"එතකොට තාත්ති?"
"ඇයි අනේ ඔයගෙ තාත්ති එක්කමන එයා ඩුබායි ගියෙ.."
"හ්ම්.කෝ නංගා.?"
"එයා ඊයෙ ආවෙත් නෑ..කොහේහරි ක්ලබ් එකකට වෙලා බිබී ඇති..."
"මන්දිරා පව් බබා..."
"හ්ම්...මොනවා කරන්නද භූමි..එයා විනාස වෙලා ඉවරයි ..සල්ලිකාරයො වෙලා ඉපදෙන එක වෙලාවකට කරුමයක් භූමි"
"හ්ම්.....බබා...."
"ම්ම්....."
"මම් නැති ටිකට ...ඔයත්...මොනවාහරි...නරක..වැඩ...."
"මෝඩයා.."
කෙල්ල නැගිට්ටෙ විදුලි වේගෙන්..
"එහෙමද මම්ගැන හිතන්නෙ?"
"න්..නෑ.. ඉතින්...මම් කිව්වෙ..."
"ඔයාට නොකිය ටොයිලට් එකකටවත් මම් යනවද..නෑනෙ...ඉතින් ඇයි ඕම කියන්නෙ..."
කෙල්ලගෙ ඇස් වල කදුලු පිරුනා..😢😢
" හරි හරි බබා...සොරි....කෝ එන්න..."
කොල්ලා කෙල්ලව තුරුල්කරන් නලල සිපගත්තා...
"මම් ගෙදර ගිහින් හෙට උදේම එන්නද...?ම්ම්"
"ම්ම්ම්ම්ම්....හා..."
"තරහද..?"
"නෑ...."
"ඔය...තරහා වෙලා..."
"නෑ..තරහා නෑ..ප්‍රොමිස්..."
"එහෙනම් මට උම්මක් දෙන්න..කෝ..."
"ආ...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘"
කෙල්ල කොල්ලගෙ මූණ ඉඹගෙන ඉඹගෙන ගියා...
"මම් යන්නම් එහෙනම්..පරිස්සමින් ඉන්න බබා.ගිය ගමන් කෝල්.කරන්නම්.."
"හා...."
කෙල්ල කොල්ලගෙ අතින් අල්ලගෙනම.පහලට ආවා..
කොල්ලා කෙල්ලට ගෙනාපු බැගේජ් එක දීලා එයාගෙ අනිත් බැගේජ් දෙකත් අරගෙන යන්න හැදුවා..
"සෝමෙ මාමා..භූමිව ඇරලවලා එන්න.."
"හරි චූටි මැණිකෙ.."
"ගිහින් එන්නම්..."
කෙල්ල ඉස්සිලා කොල්ලගෙ නලල ඉම්බා..
"ගෝඩ් බ්ලෙස්යූ...."
කොල්ලා යනදිහා කෙල්ල බලාගෙන හිටියෙ දුකින්..
*ඔයා යන්නෙ මගෙ මුලු ආත්මෙම අරගෙනම භූමි.....
කෙල්ල හිතුවා...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"මැට්ටී...තාම නිදිද....."
කොල්ලා උදෙන්ම ඇවිත්..කෙල්ල හිටියෙ ගෙම්බා පොලවෙ ගහලා වගේ අත් කකුල් හතර අතට දාගෙන නිදාගෙන.
"ම්ම්...ඔයා ආවද?"
බාගෙට ඇස් ඇරගෙන කෙල්ල ඇහුවා..
"හ්ම්ම්...නැගිටිනෝකෝ ඉතින්.."
"බෑ..තා තුත්තක්ක්..එනෝ ඔයත් මෙතන්ට.."
කෙල්ල එකපාරටම ඇද ලග හිටපු කොල්ලගෙ අතින් ඇද්දා.කොල්ලා බැලන්ස් නැතුව කෙලින්ම ගිහින් වැටුනෙ කෙල්ලගෙ පපුව උඩට.
ස්කිනි එකකින් විතරක් වැහිලා තිබුනු කෙල්ලගෙ පිරුනු ලැම කොල්ලගෙ ඇගේ වැදුනා.කොල්ලට ළැජ්ජා හිතුනා.
ඉතින් හෙමීට කෙල්ල ලගින් එහාට වෙන්න හැදුවා..
"කොහෙද යන්නෙ මැට්ටෝ..ඕම ඉන්නෝකො.සීතලයි.."
"ලැජ්ජ නැති කෙල්ල..මේ ..මේවා මගේ ඇගේ වදිනවනෙ.."
කොල්ලා කිව්වෙ කෙල්ලගෙ පපුව දිහා බලලා..
"ඉතින්..මොකෝ වෙන්නෙ.."
"වෙන්නෙද ...වෙන්නෙ ඉතින්....නෑ එක්කො ඕනෙ නෑ.."
"ඇයි කියනවා.."
කෙල්ල කිව්වෙ අනිත් පැත්ත හැරිලා කොල්ලගෙ පපුවට මූණ තියන ගමන්.
"ඒවා ඕන නෑ..ම්ම්..අද කොහෙහරි යමු..?"
"බෑ..අද මේම ඉමු මුලු දවසම.බලනෝකො අවුරුදු 5කින් ඔයා ලංකාවට ආවෙ.ඉතින් චුට්ටක් මේම ඉන්න දෙනෝකො.."
"කවුරුහරි දැක්කොත්.."
"මේ ගෙදර මේවා දකින්න ඉන්නෙ බිත්තිවල ඉන්න හූනො මකුලුවො විතරයි අනේ..".
ඇත්ත...කෙල්ලගෙ අම්මා කොයිම වෙලාවකවත් ගෙදරක නැත..තාත්තාද නිතරම සිටින්නෙ රටින් පිටය.නංගීද ගෙදරක ඉන්නා වෙලාවක් නැත.කෙල්ල නිතරම සිටින්නේ තනියමය.
"මේ..අපි අද සූ යමු..?"
"හා...යමු.."
"ඉතින් නැගිටලා වොශ් දාන් එනෝකෝ.."
"හා...."
කොල්ලගේ දෙතොලට බරවී දිගු හාදුවක් දුන් මංදාරා නැගිට බාත්රූම් එකට ගියා.
කෙල්ල නාගෙන එනකොට කොල්ල ෆෝන් එකේ ගේම් එකක් ගහනවා....
දනහිසට ටිකක් උඩින් නැවතුනු ටවල් එක ඇදගෙන කෙල්ල එලියට ආවෙ..කොල්ලට කෙල්ලගෙන් ඇස් අහකට ගන්න බැරිඋනා..
"මොකෝ බං?"
"නිකම්... උඹ බදින එකා උඹව කාවි හැමදාම..."
"හී...එතකොට මාත් ඌව කාගෙන කාගෙන යනවා..."
😄😄😄😄😄 කෙල්ල කිව්වෙ හිනා වෙවී...
"ලැජ්ජ නැතුව කොල්ලෙක් ඉස්සරහට ආවනෙ ටවල් එකත් ඇදගෙන.."
"ඉතින්..මොකෝ වෙන්නෙ?"
"මොකෝ වෙන්නෙ තමා..හා හා ඉක්මන්ට ඇදගන්නෝ.."
කෙල්ල ඇදුම් තේරුවා..
ශෝට් ඩෙනිම් එකකුයි නිල් පාට ටී එකකුයි අතට ගත්තා..
"මේක හොදයිනෙ?".
"ඔය කොට කෑල්ල?"
"ඇයි?"
"එපා...ගෙදරට ඔය වගේ ඒවා ඇන්දට එලියෙ යද්දි අදින්නෙපා බබා.."
කොල්ලා කිව්වෙ දුකෙන්.කෙල්ල කෝමත් ගෙදරට අදින්නෙ චූටි කොට ඩෙනිම් කෑලි..
"හ්ම්ම්..එහෙනම් දිග ඩෙනිම් එකක් අදින්නම්කෝ.."
"කෝ අනිත් පැත්ත හැරෙනෝ ඉතින් මට ඇදගන්න.."
"මෙච්චරලා ලැජ්ජාවක් නැතුව ඕම හිටියානම් දැන් මට පේන්නම ඉතිරිටිකත් අදිනෝ ඉතින්..".
කොල්ලා කිව්වෙ විහිලුවට..
"හා...ඒකත් එහෙමද.."
කෙල්ල එකපාරටම ටවල් එක ගැලෙව්වා.
කොල්ලා තත්පරයක් යන්නත් කලින් ඇස් පියාගෙන අනිත් පැත්ත හැරුනා..
"නරක කෙල්ල..."
කොල්ලා කිව්වෙ හිනාවෙවී...
කෙල්ලත් කොල්ලා ඇදගෙන ආවා වගේ ලා නිල් ඩෙනිමයි තද නිල් ටීශර්ට් එකයි ඇන්දා.. උරහිස දක්වා ඇති කොන්ඩෙ ඩ්‍රයර් එකෙන් වේලගෙන කර්ල් අයන් එකෙන් චුට්ටක් කර්ල් කරගත්තා.
තද රතු ලිප්ස්ටික් ගාලා ෆවුන්ඩේශන් චුට්ටක් විතරක් ගාගත්තා..
"යමු..."
ශූස් දාන ගමන් කෙල්ල කිව්වා.
🐯🦁🐮🐷🐸🐰🐹🐭🐵🐼🐻🐦🐤🐍🦀🦂🕷🐴🐠🐟🐜🐃🐗🐡🐺🐌
දෙන්නත් එක්ක සත්තු වත්තට යනකොට් නමයයි..
එච්චර සෙනගක් හිටියෙත් නෑ..කෙල්ල කොල්ලගෙ අතේ එල්ලිලා ඇවිදන් ගියා..
"මේ ...අන්න අරයා ඔයා වගේ..."
"කෝ...කෝ අනේ...අර රතු පාට ටී එක ඇදන් ඉන්න ගර්ල් ද?"
කෙල්ල අතින් ඈත පෙන්නලා ඇහුවා..
"නෑ බං..අර කූඩුවෙ ඉන්න පස්ස රතු බැබුන්.."
"මෝඩයා..මෝඩයා..මෝඩය..."
කෙල්ල කොල්ලට ගහගෙන ගහගෙන ගියා..
"මට අයිස්ක්‍රීම් ඕනෙ.."
"යමු.."
කොල්ලා කෙල්ලට අරන් දුන්නෙ රැ.500/= බටර්ස්කොච් එක.
චූටි කෝන් එකක් අරන් දීලා පිරිමහගන්න බෑ කියලා කොල්ලා දන්නවා..
"ආ....."
කොල්ලාටත් කව කව කෙල්ල ඒක කෑවා..
හවස් වෙලා ගෙදර ඇවිත්, රෑට දෙන්නත් එක්ක එද්දි අරගෙන ආපු පීසා කෑවා..
"මම් ගිහින් එන්නම් බබා..ම්ම්.."
"අනේ..මම් තනියමනෙ.."
"අම්මි දැන් එනවා කිව්වනෙ.."
"කිව්වානම් තමා ඉතින්.ඒත් කොයිවෙලේ ඒවිද දන්නෑනෙ."
"දොර හොදට වහගෙන ඉන්න..මට අද යන්නම ඕන පැටියා.හෙට අම්මිගෙ බර්ත්ඩේ එකනෙ .හරියටම 12ට විශ් කරලා මම් එද්දි අරන් ආපු සප්‍රයිස් ගිෆ්ට් එක දෙන්නත් ඕනි.අනේ බබා...තරහා නෑනෙ.."
"හා..මමත් අම්මට කතාකරන්නම්කො.."
"ගිහින් එන්නද මම්"
"හා.."
කෙල්ල ඉස්සිලා කොල්ලට උම්මා ගොඩාක් දුන්නා.කොල්ලාත් කෙල්ලගෙ නලල සිපගෙන යන්න ගියා..
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"බබා...බ......"
කොල්ලා පහුවෙනිදා එනකොට උදේ 10ට විතර ඇති...කෙල්ලගෙ කාමරේට ඇතුලු වෙනකොටම කොල්ලා දැක්ක දේ අදහාගන්නත් බැරිඋනා..
"අනේ දෙයියනේ....ම..ං
දා..රා...."
කෙල්ල හිටියෙ ඇද උඩ වැටිලා..ඇඟේ නූල්පටක් වත් නැතුව...ලේ විලක් මැද....
කොල්ලා පිස්සුවෙන් වගේ දුවගෙන ගිහින් ඇදගෙන හිටපු ශර්ට් එක ගලවලා කෙල්ලට ඇන්දුවා..
මුලු ඇගේම තැල්ම් පාරවල්..සීරීම්....තොල් පැලිලා...ලේ ගලනවා..
"බබා...අනේ බබ...කතාකරන්නකෝ...මොකක්ද මේ උනේ...අනේ...."
කොල්ලා කෙල්ලගෙ බෙල්ල ලගින් අල්ලගෙන හොලව හොලව ඇහුවා..
"භූ....මි.....ඔ..යා...ආ..ව..ද..."
"අනේ මගෙ මැණික..මොකද මේ උනේ..කියන්න රත්තරං .."
කොල්ලා හොදටෝම අඩනවා...
"අනේ...භූමි....මට ..රිදෙ...න.වා..අනේ....."
කෙල්ල බඩ අල්ලගෙන කෑගැහුවා..
"දෙයියනේ...කවුද මගෙ කෙල්ලට මේ අපරාදෙ කලේ...අනෙ..."
කොල්ලා කෙල්ල බදාගෙන ඇඩුවා..
"යමු මැනික..හොස්පිට්ල් යමු.."
කෙල්ලට ඇදුමක් අන්දලා
භූමි කෙල්ලව උස්සලා හරහට වඩාගත්තා..
"අනේ...භූමි..මට රිදෙනවා ..ආව්...මගේ යට රිදෙනවා දෙයියනෙ...."
"අනේ මගේ කෙල්ල...."
කොල්ලා දුවගෙන ගිහින් කෙල්ලව කාර් එකට දැම්මා..
පුලුවන් තරම් වේගෙන් ඩ්‍රයිව් කරගෙන කෙල්ලව හොස්පිට්ල් එකට එක්කගෙන ගියා..
"අනේ ඩොක්ටර් ..."
කොල්ලා කෑගහගෙන ඇතුලට ගියා.
හොස්පිට්ල් එකේ හිටපු ඇටෙන්ඩන්ලා දුවගෙන ආවා..ට්‍රොලියක කෙල්ලව තියලා අරගෙන ගියා..
"අනේ ඉක්මන් කරනකෝ..."
කොල්ලා කෑගහනවා..ඉන්න තැන කොහේද කියලාවත් එයාට සිහියක් නෑ..
ඩොක්ටර් කෙනෙක් ඇවිත් කෙල්ලව බැලුවා...
"මේක පොලිස් කේස් එකක් නේද..අපිට පොලීසියෙන් එනක්ම් ඉන්න වෙනවා.."
"ඩොක්ටර්..මගේ කෙල්ලව බේරගන්න..දෙයියනේ ....
එයාව බේරගන්න.."
අපිට එහෙම කරන්න බෑ මිස්ටර් .මේක රේප් කේස් එකක්.ඉතින් පොලිසියෙන් එනකම් මුකුත් කරන බෑ..."
කොල්ල ඩොක්ටර් ගෙ කොලර් එකෙන් අල්ලගත්තා..
"මගෙ කෙල්ල මට නැති උනොත් තමුසෙ ඒකට වගකියනවද මිනිහෝ...එහෙම දෙයක් උනොත් මම තමුසෙව මරාගෙන මැරෙනවා..ඉක්මන්ට එයාට ට්‍රීට කරන්න ගන්නවා...."
කොල්ලා පිස්සෙක් වෙලා...
"ගන්න මෙයාව තියටර් එකට..".
කෙල්ල ඇතුලට ගන්නකොට කොල්ලා එතනම බිමින් වාඩි උනා..
"මොකාද බල්ලෝ මගෙ කෙල්ලට මෙ අපරාදෙ කලේ...මම් උඹව මොන ලෝකෙ හිටියත් හොයාගෙන ඇවිත් මරනවා..නෑ මම්තෝව කෑලි කෑලි වලට කපනවා..."
කොල්ලා ඔලුව බදාගෙන කෑගහනවා...
ටික වෙලාවකින් පොලීසියෙන් ආවා.ඇවිත් කොල්ලගෙන් කටඋත්තරයක් ගත්තා..
"මට ඌව මොන ලෝකෙන් හරි හොයලා දෙන්න සර්..කියන ගානක් වියදම් කරන්නම්.."
කොල්ල කිව්වෙ ඇස් වලින් ගිනි පිටවෙන තරම් තරහින්..
"අපි මේ දැන්ම ඉන්ක්වයිරි එක පටන් ගන්නවා මිස්ටර් .."
පොලීසියෙ අය ආපහු ගියෙ කෙල්ලට සිහිය ආවම දැනුම් දෙන්න කියලා..
කොල්ලා කෙල්ලගෙ අම්මාට කෝල් එකක් අරන් විස්තරේ කිව්වා..
පැයකට විතර පස්සෙ එයත් ආවා...
"අනේ මගේ කෙල්ල..."
"ඔයාලා නිසා මට මගේ කෙල්ල නැතිවෙන්න යන්නෙ ඇන්ටි .කවදාවත් තමන්ගෙ දරුවො ගැන හෙව්වද?හැබැයි මගෙ කෙල්ල මට නැති උනොත් මම් ඔය එක්කෙනෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑ..."
කෙල්ලගෙ අම්මත් අඩනවා..එයාටත් තේරුනා තමන් දරුවො ගැන බැලුවෙ නෑ නේද කියලා...එයා ඒකට පසුතැවුනා ..
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"දැන් කෝමද මැණික?"
"ටිකක් හොදයි භූමි..එන්න මෙතන්ට.මට ඔයාගෙ පපුව උඩ දොයියන්නෝන.."
කොල්ලා කෙල්ල ලගින් හාන්සි උනා..
"මිනිහව අහු උන මැණික .ගෙදර cctv වල රෙකෝඩ් වෙලා තිබුනා .කියන්න..එදා මොකද උනේ..?"
"ඌ නංගගෙ බෝයි.නංගත් එක්ක රෑ 11ට විතර අපේ ගෙදර ආවා.නංගා හොදටම බීලා හිටියෙ .එයාව රූම් එකෙන් දාලා මගෙ කාමරේට ඇවිත් දොර වහගත්තා..මම් කෑගැහුවා ..ඒත් වැඩක් උනේ නෑ...ඊට පස්සෙ......😢😢😢😢😢😢"
කෙල්ල ඇඩුවා ...
"අඩන්නෙපා මගෙ මැණික.."
"මම් දැන් මොනාද කරන්නෙ භූමි .මට මැරෙන්න හිතෙනවා.දැන් මගෙන් කාටවත් වැඩක් නෑ..".
"එහෙම කියන්නෙපා බබා...ඔයා මට වටිනවා කාට නැතත්.."
"මෙ..හෙට අපේ ගෙදර චූටි පාටියක් තියෙනවා..යමු හොදේ.."
"අනේ..මට බෑ...දැන් මම් ගැන හැමෝම දන්නවා..මට ලැජ්ජයි".
"බබා..අපේ ගෙවල් දෙකේ අය විතරයිනෙ ඉතින්"
"හ්ම්..හැබැයි මාත් එක්ක ඉන්නවනෙ අද..දාලා යන්නෙ නෑනෙ.මට බයයි දැන්..".
"නෑ මැණික...කවමදාවත් දාලා යන්නෙ නෑ....".
කොල්ලා කෙල්ලව තවත් තුරුලු කරගත්තෙ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දි...
පහුවෙනිදා උදේ 9ටවිතර භූමියි මංදාරා යි ,භූමිලගෙ ගෙදර යන්න පිටත් උනා.කොල්ලා රෑ හිටියෙ කෙල්ල ලග..
කොල්ලා කියපු නිසාම කෙල්ල ලස්සන ලා රෝසපාට ලේස් සාරි එක ඇන්දා...
භූමිගෙ ගෙදරට යනකොට කෙල්ලගෙ අම්මයි තාත්තයි නංගිත් ඇවිත් හිටියා.කොල්ලගෙ අම්මා තාත්තාත් හිටියා.ඊට අමතරව තවත් කණ්නාඩි දාපු ලේඩි කෙනෙකුත් හිටියා මේසයක් ලග..
"යමු.."
කොල්ලා කෙල්ල එක්ක ගියේ අර ලේඩි ලගට..
"වාඩිවෙන්න.."
කෙල්ලටඒ මුකුත් තාම තේරුනේ නෑ..
ඒ ලේඩි ලොකු පොතක් දිගඇරියා..
#විවාහා_රෙජිස්ටාර්
ඒ පොතේ ගහල තිබුනා..
"දෙයියනේ...භුමි.."
"ඇයි...?".
"මේ මොකක්ද?"
"මම් ඔයාව මගේම කරගන්න හදන්නෙ.."
"මාව...මේ.මාව...."
කෙල්ල නැගිටලා අඩාගෙනම එලියට දිව්වා...
"බබා...".
කොල්ලා ගිහින් කෙල්ලගෙ අතින් අල්ලගත්තා.
"මට යන්න දෙන්න භූමි..අනේ.."
"මේ අහන්න...කෝ..කෝ ඉතින්..බලන්න මං දිහා.."
"මට බෑ භූමි...මම් කෝමද ඔයාගෙ වෙන්නෙ.?"
"ඇයි?ඇයි බැරි?ඔයා මට කැමති නැද්ද?"
"කැමතියි දෙයියනේ කැමතියි... මුලු ජීවිතකාලෙම ඔයා ලගටම වෙලා ඉන්න තමයි මමත් ප්‍රාර්ථනා කලේ...ඒත්...ඒත් මම්දැන් ඉදුල් වෙච්චි ගෑනියෙක්..ඒක තේරුම් ගන්න භූමි.ඔයාගෙ ලස්සන ජීවිතේ මම් නිසා කාලකන්නි කරගන්න එපා.."
කෙල්ල අඩ අඩම කිව්වා..😢😢😢
"බබා...මේ බලන්න....මම් ඔයාට ආදරෙයි...මගෙ අම්මා තාත්තාටත් වඩා ආදරෙයි..තේරෙන කාලෙ ඉදලම මගේ ලෝකෙ හිටපු එකම කෙල්ල ඔයා...මම් ආදරේ කරපු එකම කෙල්ල ඔයා..ඔයා නැතුව මම් හුස්ම ගන්නවත් දන්නෙ නෑ..කෝමද ඉතිරි ජීවිත කාලෙ මම් ඔයා නැතුව වෙන කෙනෙක් එක්ක ගෙවන්නෙ..ආ... ඔයා කැමතිද මම් වෙන කෙල්ලෙක්ව මැරිකරනවට..වෙන කෙල්ලෙක්ව තුරුලු කරගන්නවට.වෙන කෙල්ලෙක්ව හුරතල් කරනවට..වෙන කෙල්ලෙක් එක්ක එකට ඉන්නවට...?".
"නෑ....නෑ...දෙයියනේ නෑ...".
කෙල්ල භූමිව බදාගත්තා...
"මට ඔයාව වෙන කෙනෙක්ට දෙන්න බෑ...."😢😢😢😢
"එහෙනම් එනවා...මාව මැරි කරලා මුලු ජිවිත කාලෙම මගේ ලගින්ම ඉන්නවා.."
"අනේ භූමි..."
"දැන් තමුසෙ හා කිව්වත් බෑ කිව්වත් බලෙන් හරි මම් තමුසෙව මගේ කරගන්නවා.ඒ නිසා එනවා යන්න..."
කෙල්ලගෙ අතින් ඇදගෙන ඇතුලට එක්කගෙන ගියා.
"අත්සන් කරනවා මෙතන.."
කෙල්ලත් අත්සන් කලා..
"අද ඉදලා ඔයා මගේ...මගේ මගේ මගේම විතරයි..දැන් ඉදලා එක මොහොතකටවත් මම් ඔයාව තනි කරන්නෙ නෑ...පොරොන්දු වෙනවා...
මම් ඔයාට ගොඩාක් ආදරෙයි #මංදාරා ......"
පෙරදාක සුසුමක් හිත රැදී...
සෙනෙහසින් පිදුවා මිහිරැතී..
සංසාර ගමනේ දුර ඇතී...
ගැඹුරුයිද ආදරේ මේහැටී....
ගැඹුරුයිද ආදරේ මේ හැටී...
හුරුපුරුදු ජීවිතේ තව.. ඉගිලෙන්න හිතෙනවානම්..
සෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී...
කුලුදුල්ම හීනයක් මේ..
මහමෙර වගේ උසනම්..
හිත පිරුනු ආදරේ..
උහුලන්න බැරිතරම්...
තනිකඩ හිතේ නැවතිලා ..
පෙම් ඇරඹුමේ වැහි අරන්...
නොමැකෙන්න සේ සෙනෙහේ...
සිතුවම් ඇදී....
දුර යනෙන ජීවිතේ දිගු..
හිමිකම නුඹේ ලගනම්..
#තව_දන්නෙ_නෑ_නුඹත්...
#මගෙ_ආදරේ_තරම්...
නිමි.....
*****************එශ්*********
උපුටා ගැනීමකි
No comments:
Post a Comment