🍺කෙටිකතාව🍺
🍻බේබදුකම🍻
🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃
"සයුමි...සයුමි...දොර අරිනවා....."
"ම්ම්....මේ මනුස්සයා අදත් බීලා.."
"ඔවු මං බිවුවා තමයි...උබෙ කටින් නෙවේනේ මං බොන්නේ...මගේ කටින්.."
"උබේ සල්ලී වලිනුත් නෙවේ බොන්නේ මගේ සල්ලීවලින්..."
"ඉතින් උබ මොකටද කෑගහන්නේ...උබට මං කන්න අදින්න දෙනවා...ඒ නිසා උබ සද්ද වහලා හිටපන්...තේරුනානේ..."
"කට නම් තියනවා ඒ උනාට යකෝ උබට බැරි උනා මට දරු පැටියෙක් දෙන්න.."
"තෝ වද ගෑනියක්..."
"මොනවද අරවින්ද මේ කියන්නේ...ඔයත් දන්නවනේ මේක මගේ වරදක් විතරක් නෙවේ කියලා.."
"එහෙනම් කාගෙද යකෝ වරද ආආ....දැන් බැදලා අවුරුදු 10ක් උනා යකෝ..."
"තෝ තෝ මට පේන්න බෑ...පලයන් මගේ දෑහට නොපෙනි.."
"හරි අරවින්ද අපි යමු කන්න...කාලා ඉන්නකෝ..."
"තියාගනින් යකෝ තොගේ කෑම..මට ඕන් නෑ...උබම කාපන්..."
එදත් සයුමිට ලැබුනේ අරවින්දගේ ගුටි බැට...අවුරුදු 5ක් ආදරේ කරලා කසාද බැන්දේ මේ දෙන්නා...
ඒත් ආදරේ කරන කාලේ සයුමි දැනගෙන හිටියේ නෑ අරවින්ද බේබද්දෙක් කියලා..
දැනගත්තේ ඔවුන්ගේ පලමුවෙනි රාත්‍රියෙදි.....හොදටම බී ගත්ත අරවින්ද එදා හිටියේ හොදටම අසිහියෙන්....
අරවින්ද මධුසමය සැමරුවෙත් ඒ අසිහියෙන්මයි..
සයුමිට ජීවිතේ පලවෙනි වතාවට අසරනකමක් දැනුනේ මිනිස්සුන්ව කොයිතරම් ආස්‍රය කරත් කොහොම අදුරගන්නද කියලා....
මුලින් කොච්චර හොදට හිටියත් පහුවෙනකොට කාගේ උනත් තිරිසන් ගති මතු වෙනවා..
එහෙම දෙයක් තමයි අරවින්දට සිද්ධ උනේ...
ජීවිතේ කියන්නේ බීමත්කම විතරයි කියලා හිතන් ඉන්න කාට උනත් අරවින්ද උදාහරනයක් උනා...
හැමදාම හවසට බිවුවා...ඒකටම හොද යාලුවෝ ටිකකුත් අරවින්දට හිටියා....
හොදටම ගුටි කෑව සයුමි අඩමින්ම නිදාගන්න ගියේ ජීවිතේ ගැන අන්තෙටම කලකිරිලා..යනකොටත් අරවින්ද හොදටම වමනේ දානවා...
"අරවින්ද ඔයාට අමාරුද..."
"ඉන්න මං අල්ලගන්නම්.."
මොන දේ උනත් මේ තමන්ගේ කසාද මනුස්සයනේ කියලා සයුමි ඔහු ලගට ගියේ...තාමත් ඒ හිතේ තිබුන ආදරෙත් එක්ක...
දැකපු දෙයින් සයුමිට උතුර දකුන මාරු උනා...බාත් රූම් එක ලේ වලින් පිරිලා...
අරවින්දට ලේ වමනේ යනවා..
සයුමි අරවින්දව හෙමීට වත්තම් කරගෙන කාමරේට ආවා...
ඔහුගෙම කකුල් දෙක උඩ ඔලුව තියන් කෑගහලා ඇඩුවා....
"මන් කලින්ම කිවුවා නේද මහත්තයෝ ....ඔයාට ඩොක්ටර් බොන්න එපා කියද්දිත් ඔයා බිවුවා..."
"මං මං මොනවද දැන් කරන්නේ...."
අරවින්දගේ දෑසේ තිබුනේ මහ ලොකු අසරනකමක්..
"මට සමාවෙන්න සයුමි...මට මේක අතාරින්න බෑ..."
"මං ඇබ්බැහි වෙලා..මට උදවු කරන්න මැනික...මට මැරෙන්න බෑ..."
"මං ඔයාට මැරෙන්න දෙන්නේ නෑ.."
සයුමි අරවින්දව හොස්පිට්ල් ගෙනාවේ ඇඩු කදුලෙන්...
ඒ මොහොතෙම අරවින්දව ඇඩ්මිට් කරා...වෛද්‍යවරයා අරවින්දව පරීක්ශා කරා...
සයුමි හිතින්ම තිස් තුන් කෝටියක් දෙව්වරු මතක් කරේ අරවින්දට කිසිම නපුරක් නොවේවා කියා පතමින්.
"දරුවා ඔයා මේ ලෙඩාගේ කවුද.."
"මං එයාගේ වයිෆ් ඩොක්ටර්..."
"හරි අපි යමුකො ..."
වෛද්‍යවරයා සයුමිව එක්ක ගියේ ඔහුගේ ඔෆිස් එකට...
"මේ දරුවා ලෙඩාගෙ කලින් රිපෝට් ගෙනාවද.."
"ආ..ඔවු ඩොක්ටර් ගෙනාවා.."
වෛද්‍යවරයගෙ මූනේ තිබුනේ කල්පනාකාරී පෙනුමක්..
"ඇයි ඩොක්ටර් මොකද..."
"මේ ලෙඩාට ඇල්කොහොල් තහනම් කරලා නේද...මොකද මෙයා සීරෝසීස් තියෙන ලෙඩෙක්.."
"ඔවු ඩොක්ටර්..ඒත් අරවින්ද බීම අතෑරියේ නෑ..."
"අනේ ඩොක්ටර් කොහොමහරි මගේ මහත්තයා හොද කරලා දෙන්න පින් සිද්ධ වෙයි.."
"මේ අහන්න ලමයා දැන් අපිට කරන්න මුකුත් නෑ මොකද අරවින්දගේ වකුගඩු දෙකම නරක් වෙලා..."
"මොකක්...."
"ඔවු සෑහෙන කාලෙක ඉදන් මෙයාට බ්ලීඩ් වෙලා තියෙනවා..."
😨😨😨😨😨😨😨😨😨
ඒ සැනින් සයුමි ක්ලාන්ත විය....
අරවින්දගේ වකුගඩු සහ අක්මාව විනාස වෙලා...ඔහු ගත කලේ අන්තිම දවස් ටික....හැමතැනින්ම ලේ පිටවෙන්න ගත්තා...
අන්තිම මොහෙතේ ඔහු ජීවිතය ගැන කල කිරුනා...මං නොබී හිටියනම් යන සිතුවිල්ල ඔහුගේ හිතේ හොල්මන් කරේ මේ විදින වේදනාව දරාගත නොහැකිව..
සයුමි මාව හදන්න කොච්චර උත්සහ කරාද....ඒත් මං එයාට මොනවද කරේ....මගේ කටින් කොච්චර ජරා වචන් පිට වෙන්න ඇද්ද..
කොච්චර ඉවසන්න ඇතිද මගෙ කෙල්ල....
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
දරු පැටියෙක් වත් හිටියනම් මං මැරිලා ගියත් සයුමි ජීවත් වෙයි...
මං මොනවද මේ කරගත්තේ...😥
සිහි ලද සයුමි යලිත් වෛද්‍යවරයා හා කතා කරේ කුමක් හෝ කරන්න යැයි කීමටයි...
"අනේ ඩොක්ටර් මගේ වකුගඩුවක් හරි අරගෙන එයාව හොද කරන්න. මට ඉන්නේ එයා විතරයි ඩොක්ටර්.."
"ඉවසීමෙන් අහගන්නකෝ දරුවෝ.."
"මිනිස්සුන්ට දවසට ඇගට යන්න ඕනි ඇල්කොහොල් ප්‍රමානයක් තියනවා...ඊට වැඩියෙන් ඇගට මේවා ඇතුල් උනොත් වකුගඩු වලින් පෙරෙන්නේ නෑ...ඒවා වකුගඩු වල රැදිලා වකුගඩු නරක් වෙනවා.."
"අනික එයාට වකුගඩු බද්ධ කරන්න බෑ අක්මාවත් විනාශ වෙලා නිසා"
"තේරුනාද...දැන් මේ ලමයා ඉවසීමෙන් ඉන්න..ඇඩුවා කියලා ඒ දරුවව හොද කරන්න බෑ..."
"ඒ නිසා මේ ඉන්න ටිකේ ඒ දරුවා ලගින් ඉන්න..."
සයුමි හිතට හයිය ගත්තේ අරවින්ද ගැන හිතලමයි...
වැඩි කාලයක් අරවින්ද මේ ලෝකේ රැදුනේ නෑ...
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
අද සමාජේ තියන බලවත්ම ප්‍රස්නයක් මං මේ විදියට කතාවකට ගත්තේ...බීමත්කම නිසා මේ ලෝකෙට වෙන විනාසේ සුලු පටු නෑ..
සීමාවකින් තොරව බීමට ඇබ්බැහි උනොත් අන්තිමට දුක් විදින්න වෙන්නේ තමන්ටමයි...
තේරුම් ගන්න...කෙනෙකුගෙ ජීවිතේකට දුකක් වෙන්න එපා...තමන්ගේ ජීවිතේට දුකක් ගන්නත් එපා..බීමත්කමෙන් පුලුවන් තරම් දුරස් වෙන්න...ලැබුන මිනිස්කම රැකගන්න...තිරිසන් වෙන්න එපා...
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
උපුටා ගැනීමකි
No comments:
Post a Comment