කෙටි කතාව....
[ සත්‍යය කතාවක් ඇසුරින් ]
මට මතකයි උබව මුලින් හම්බුන දවස මන් හොස්ටල් අවෙ අට වසරෙදි..
එදා මන් හොස්ටල් එකෙ දැක්ක නපුරුම චරිතෙ උබ...
එත් පස්සෙ උබ මගෙ හොද යාලුවෙක් උනා හැබැයි කවදාවත් මේ තරම් දුකක් හිතෙ තියන් හිටිය කියලා නම් උබ කාටවත් ඉගියක්වත් දුන්නෙ නෑ..
අවුරුදු දහයකට පස්සෙ උබ මට උබේ කතාව අකුරු කරන්න කිවෙ...
ඒ කතාව දැක්කාම මගෙ ඇස් වලට කදුලු අවා.. මේ තරම් දුකක් කොහොම දරන් උන්නද හිතුනා... එත් අද උබ ජිවිතෙ දිනලා එක ගැන මට සතුටුයි.. ආදරෙ බන් මහ ගොඩක් 😍
ඔව් මේ උබේ කතාව
මගෙ අකුරින්....
********************************************
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
" කො මගෙ සුදු දු... "
නිවසෙ දොර විවර කරන් සදුන් ඇතුලු උයෙ දැතෙ යමක් සගවන් ය...
දු ලැබුන දා ඉදන් ගෙදර එද්දි ඈට යමක් අරන් එන්නට සදුන් අමතක කරපු දවසක් නැති තරම්..
" අන්න... සුදු මැනික...තාත්ති.... "
බිම සෙල්ලම කරමින් උන් දොනිව දැතට ගනිමි මා කිවෙ මුවෙ රැදුන සිනහවත් සමගිනි...
සදුන් මා අසලට විත් ආදරනිය හදුවක් මා නලල මත සටහන් කර දියනිය තම දැතට ගත්තෙ දැසෙ පිරිගිය දරු සෙනෙහසිනි...
" දන්නවද අම්මි අද තාත්ති සුදු මැනිකට ගෙනපු දෙ.... මෙන්න බලන්න...."
ලස්සන පුලුම් බොනික්කෙක් දියනියගෙ සුරතල් පුන්චි දැතට දෙමින් සදුන් කිවෙ මා දෙසද බලමිනි... අවුරුද්දක් පමන වු පුන්චි සමනලි ඒ දෙස බලා උන්නෙ කිරි සිනහවක් මුවෙ රදවා ගමිනි...
තාත්තාගෙත් දුගෙත් හුරතලෙ බලා උන් මට මගෙ අතිතය සිහි උනේ අහින්සක සතුටට පුන්චි දුකකුත් එකතු වෙමිනි...
මන් දෙව්මි චාරුනි අදිකාරි... මගේ ලොකු තාත්තා දයාවන්ස අදිකාරී.. ඒ කාලේ ගමේ හිටපු ලොකුම සල්ලි කාරයා කිවොත් මන් නිවැරදි...
එයාගෙ සෙල්ලක්කාර බලා පුතා මගෙ තාත්තා අරුන්ද අදිකාරි.... මගේ තාත්තට අක්කයි , අයියයි , නංගිලා දෙන්නෙකුයි හිටිය...
ඒ කලෙ තාත්තා වැඩ කරලා තිබුනෙ ඇමති කෙනෙක්ගේ රියදුරු විදියට...
මගේ අම්මා ඉදුවරි සෙනානායක.. පවුලෙ එකම අහින්සක කෙල්ල... අම්මගේ පවුල් පරිසරේ සාමාන්‍යයි මහ සල්ලියක් නොතිබුනාත් අම්මට කිසි අඩුවක් තිබිලා නෑ....
ගොඩක් වැදගත් විදියට ගමෙ උන්න පවුලක්..
තාත්තව අම්මට හම්බෙන්නෙ මගෙ අම්මා ගුරු වරියක් වෙන්න ඉගන ගන්න කාලෙ ...
තාත්තා අම්මගෙ ගෙදරින් අම්මා ඉල්ලන් එද්දි අම්මගේ පවුලෙන් අකමැති උනත් තාත්තගේ පවුලෙන් උඩින්ම අම්මට කැමති වෙලා තිබුනා...
අම්මා ඒ වෙද්දි ටිචින් යන්න ඉදලා තියෙන්නෙ .... එකත් නැවතිලා කෝම හරි අම්මලගේ ගෙදරින් කැමැත්ත අරන් තාත්තා ලොකුවට වෙඩින් එක අරන් තාත්තම හදපු ගෙදරට අම්මා එක්ක ඇවිත් තිබුනා... ඒ දෙන්න ගොඩක් ආදරෙන් සතුටින් ඉද්දි අවුරුද්දක් යද්දි මත් හම්බ වෙලා...
අම්මා තාත්තා මං ගොඩක් සතුටින් වුන්නා අපි අපේ ගෙදර ඉන්නකන් තාත්තා අම්මටයි මටයි ගොඩක් ආදරෙන් සැලකුවා.. කොටින්ම කිවොත් තාත්තාට අපෙන් තොර ලොකයක් තිබිලා නෑ...
කවදාවත් තනියම අම්මව එලියට ඇරියේ නෑ එත් මගෙ ඒ ලස්සන පවුලට ඇස්වහක් වැදුනා වගෙ ඒ හැම දේම වෙනස් වෙන්න ගද්දි මට අවුරුදු 4ක් 5ක් මං නසරි යනවා.....
" චාරු.. අපි මේ ගෙ විකුනලා පාර අයිනට වෙන්න ගෙයක් ගත්තොත් මොකද... දුට ස්කුල් යන කලෙට උනත් එක පහසු වෙයි...."
දවසක් තාත්තා අම්මගෙන් ඇහිවෙ මවත් ඔඩොක්කුවෙ තියගන...
" එත් අරුන්ද මට මේ ගෙ දලා යන්න හරි ලොබයි... අපි බැදලා අපු ගෙ අපෙ දු අපිට ලැබුන ගෙ.. "
අම්මා කිවෙ හැගිම්බර හඩින්.. එත් තාත්තාට නම් එකෙ ගනක් වත් තිබුනෙ නෑ..
" එහෙමයි කියලා හැමදාම මෙව බදන් ඉන්න බෑනෙ.. ලමයගෙ පහසුවත් බලන්න එපැයි... "
" හ්ම්ම්... ඔයාගෙ කැමැත්තක් ..."
අම්මා එයට එකග වුනෙ තාත්තාගෙ කැමැත්ත අන්තිම කැමැත්ත බව දන්න නිසාදෙනි..
කොහොම හරි තාත්ත ගේත් විකුණලා අපිව අරං තාත්තගේ මහ ගෙදරට අවා හොද ගෙයක් හොයලා අපිවත් අරන් යන පොරොන්දුව පිට...
එත් ඒ පොරොන්දු තාත්තාට හරි ඉක්මනින් අමතක වුනා..
අපෙ ඔනැ එපා කමක්වත් බලන්න තාත්තාට වෙලාවක් තිබ්බෙ නෑ... මගෙ අම්මා සමහර දාට මව තුරුලු කරන් කාමරෙට වෙලා අඩනවා.... තාත්තාගෙ තාත්තා තමා අපිව බලා ගත්තෙ කිසි අඩුවක් නොකර..
ඒ වෙද්දි ගෙදර වුන්නේ තාත්තගේ සහොදරයන්ගෙන් නංගිලා දෙන්නා විතරයි. .
අනිත් අය විවාහ වෙන වෙනම ජිවත් උනේ... මගෙ පුන්චිලා දෙන්නා හරිම නපුරුයි...
" දැන් මේ දෙන්නව නඩත්තු කරන්න වෙලා තියෙන්නෙත් අපිටනෙ... මේ මගෙ රෙදි ටිකක් ඇති හොදලා දානවා හරිද... මෙතන හැමදාම පිනට කන්න දෙන්න බෑ... "
සදුනි පුන්චි මට බත් කව කව ඉන්න අම්මාට කිවෙ ඔච්චම් සිනහවක් මුවෙ රදවන්මයි...
පුන්චිලා දෙන්නම අම්මාට ගොඩක් වෙනස් කම් කලා මට එච්චර තෙරුමක් නොවුනත් අම්මගෙ ඇස් වලින් කදුලු එද්දි මගෙ පුන්චි හිතටත් දුක හිතුනා..
අම්මා වැඩක් කරන වෙලාවට පුන්චිලා මාව කොහෙට හරි අරං ගිහින් කොනිත්තනවා...
" අනේ ඌයි.. පුන්තියො මට සිදෙනවා... ඉහ්හි...ඉහ්හ්....."
" යමන් ගිහින් කියපන් කෙලම උබෙ මහ ලොකු අම්මට.. එතකොටවත් උබව අරන් යයිනෙ අපිට සැනසිමෙ ඉන්න ඇරලා... "
මන් අඩනකොට පුන්චිල දෙන්නා නපුරු හිනවක් මුවෙ ඇදගන කියනවා...
මන් එයාලගෙන් බෙරියා අම්ම ඉන්න තැනකට දුවනවා අඩ අඩම..
තාත්තට නම් අපි ගැන ගානක් වත් තිබුනෙ නෑ එයා මේ හැම දෙම දැනගනත් නොදන්න ගානට ජිවත් උනා....
වාහනේ නැතුව එලියට නොබස්සපු අපිව බිතක් හෙතක් ගන්නවත් තාත්තා එක්කන් ගියෙ නෑ....
එක දවසක් ගෙදර ලොකු කලබලයක් දොර රෙද්දට මුවා වෙලා අඩන අම්මගෙ සයෙ එල්ලිලා මන් බලන් උන්නෙ බය වෙලා...
තාත්තට වෙන සම්බන්දයක් තියනවා කියලා ලොකු තාත්තාට ආරන්චි වෙලා
තාත්තා ගෙදරට අව වෙලෙම ලොකු තාත්තා හොදටම රන්ඩු උනා... අම්මා කදුලු පිහ පිහ ඈගෙ සයෙ එල්ලිලා උන්න මගෙ ඔලුව අත ගනවා...
" උබ ඔය කරන රක්සව දැන් කලා ඇති.... අයෙ උබ වැඩට යන්න ඔනි නෑ... මගෙ කාර් සෙල් එක කරන් පවුල බලන් ඉදපන්... මන් නොකිවා කියන්න එපා... අයෙ මට මෙවගෙ එවා අරන්චි උනොත්... මන් උබ මගෙ පුතෙක් කියලා හිතන්නෙත් නෑ...."
ලොකු තාත්තා කැගහද්දි නිහඩව අහන් හිටියට තාත්තා ඒ සම්බන්ද නම් නැවැත්තුවෙ නෑ... ජොබ් එකෙන් අයින් වෙලා කාර් සෙල් එක කරන් ගියත් තාත්තා හොරෙන් ඒ සම්බන්දෙත් තියන් හිටිය...
බැරිම තැන දවසක් අම්මා මවත් අන්දන් කොහෙද ගෙදරකට ගියා...
ඒ ගෙදර දොරට ගැහුවාම ඇන්ටි කෙනෙක් දොර ඇරන් එලියට අවෙ මයි අම්මයි දිහා පුදුමෙන් වගෙ බලාන..
" කවුද මේ.... "
" ඔයා අපිව දන්නවද දන්නෙ නෑ... එත් ඔයා මගෙ මහත්තයව දන්නවා අරුන්ද ඒ මගෙ මහත්තයා ..."
අම්මා ලෙන්සුවෙන් කදුලු පිහන ගමන් කිවෙ මගෙ අත තදින් අල්ලගනමයි...
ඒ ඇන්ටිගෙ මුන බලන් උද්දි වෙනස් උනා තාත්තාගෙ නම කිවම...
" ඉතින් ඇයි මෙහෙ අවෙ.... "
" අව කාරනාව ඔයා දන්නව ඇතිනෙ... පින් සිද්ද වෙයි.. මගෙ මහත්තයගෙන් අයින් වෙන්න... මට මොන උනත් කමක් නෑ... මේ අහින්සක දරුව ගැන හිතලවත් මෙ සම්බන්දෙ නවත්තන්න.... මන් ඔයාටවදින්නම්...."
අම්මා ඒ ඇන්ටිගෙ කකුල් අල්ලන්න වගෙ පත් උනත් ඒ ඇන්ටි එටතනින් ඇත් උනා...
" එවා මට කියලා වැඩක් නෑ... තමුන් දැන ගන්න ඔනි තමන්ගෙ මිනිහ තමුන් ලග තියා ගන්න... දැන් කරුනා කරලා මෙතනින් ගියොත් හොදයි ...."
වට පිට බලන ගමන් ඒ ඇන්ටි කිවෙ කිසිම අනුකම්පාවක් නොරැදි හඩින්..
" අනේ එහෙම කියන්න එපා.... මේ දරුවව අසරන කරන්න එපා... ඔයත් ගැනියක් නෙද..."
අම්මා ඉකිබිදුම තද කරන් කිවෙ මාව ඉස්සර කරන ගමන්මයි..
" මන් දැන් සැරයක් කිවා... මෙතනින් ගියොත් හොදයි... මට ලැජ්ජා නොකර..."
කොපයෙන් මෙන් එසෙ කියා ඒ ඇන්ටි ගෙට ගොස් දොර වසා දැම්මෙ අම්මාත් මාත් බලා ඉද්දිමය.. අම්මා අසරන බැල්ලම් මා වෙත හෙලුවෙ අපි පාරදයි පුතෙ කියන්නා මෙන් යයි මට සිතුනි...
****************~~~~~~*****************
පුන්චිලාගෙ වද හින්සත් ඉවසන් හැමදෙම ඉවසන් අම්මයි මයි ඒ ගෙදර ජිවත් උනෙ නොමැරි අපායක වගෙ...
අපෙ අවසනාවට මට අවුරුදු අටක් වෙද්දි මගෙ ලොකු තාත්තා අපිට ඒ ගෙදර හිටපු එකම පිහිට අපි වෙනුවෙන් කතා කල එකම කෙනා එයත් අපිව දලා මේ ලොකෙන් යන්න ගියා.... ඒ දුක නම් මට හොදටම දැනුනා..
ඊට පස්සෙ අපිට උනෙ කබලෙන් ලිපට වැටෙන්න....
තාත්තාට නම් එක මහ නිදහසක් උනා.. තාත්තා කාර් සෙල් එක විකුනලා රෙස්ටුරට් එකක් කරන්න පටන් ගත්තා.. හැබැයි තාත්තා අයෙ ඉදලා හිටල මිසක් ගෙදර අවෙ නෑ..
" මුන්ගෙ මුසලකම තමා අපිටත් ගැහුවෙ.. යසට හිටිය තාත්තාට බඩෙ ගෙඩියක් අවා... මුන් තව හිටියොත් අපිට මොන වෙයිද මන්ද... එක අතකින් අයියා බෙරුන එකමයි හොදෙ..."
පුන්චිලා ලොකු අම්මා අපෙ මුනටම මේවා කිවෙ අපිට යන්න නොකියා යන්න කියන්න වගෙ...
අම්මා බැරිම තැන අම්මගෙ අම්මට මේවා කිවත් ලොකු අම්මා කැමති උනෙ නැ අම්මා පවුල කඩන් ගෙදර එනවට... අම්මගෙ අම්ම කලෙ අපෙ ඔනැ එපා කම් හැම එකක්ම ඒ ගෙදරට ගෙනත් දෙන එක...
එත් එමයි කියලා අපිට ඒ ගෙදර සැනසිමක් තිබ්බෙ නෑ... අම්මා ඉවසල බැරිම තැන එයාගෙ බැන්කුවෙ තිබ්බා සල්ලි වලින් කඩයක් අරන් මවත් අරන් ඒ කඩෙම කාමරෙකට අවා....
කඩෙ පටන් ගද්දි අම්මා එක්ක තව ඇන්ටි කෙනෙක් උයන්නයි කොත්තු ගහන අයියා කෙනෙකුයි විතරයි උන්නෙ...
ඒ දවස් වල නම් අපි ටිකක් සැනසිමෙ සතුටින් උන්නා..තාත්තාත් ඉදලා හිටලා ඒ කඩෙට අවා අපිව බලන්න ...
දුකදරාගන පටන් ගත්ත නිසාද මන්දා කඩෙ හරි ඉක්මනින් දියුනු උනා.... ඒ හැම දෙටම අපිට පිහිට උනෙ නම් අම්මගෙ අම්මා විතරයි... තාත්තාගෙ පැත්තෙ අය අපි උන්නද මලාද කියලවත් බැලුවෙ නෑ... එයාලට අපෙන් නිදහස් උන එක සැනසිමක් වෙන්න ඇති...
මට අවුරුදු දහයක් විතර වෙද්දි අයෙත් අපෙ ලොකෙ විනාස වෙන්න ගත්තා... අම්මාට වෙන අන්කල් කෙනෙක් එක්ක සම්බන්දයක් තියනවා කියලා මන් දැන ගත්තෙ ඔය කලෙ..
මට අම්මාව පෙන්න බැරි උනා ඇත්තට මට ඇති උනෙ අම්මා ගැන මහ වයිරයක්..
අම්මා එ අන්කල් එක්ක විවාහ වෙන්න ලොකු අම්මගෙන් අවසර ඉල්ලන තරමටම එක දුර දිග ගියා...
ඒ වෙන කොට අපි අම්මගෙ අම්මගෙ ගෙ පිටිපස්සෙ වත්තෙ කඩෙන් ලැබුන ආදයමෙන් ගෙයක් හදන්න අත්තිවරම් පවා දලා උන්නෙ ඒ කෙඩෙත් අපි සල්ලි වලටම ගත්තෙ ඒ ලොකු අම්මගෙ සල්ලි වලින්..
ඒත් ඒ හැමදෙම වතුරෙ ගියා වගෙ උනා...
සිස්සත්වෙ ලියන්න යන්න මන් නැගිටිද්දි අම්මා මන් ලග උන්නෙ නෑ... අම්මා මව කඩ කාමරෙම දලා ගිහිල්ලා .... එක දැනගන මන් කැගහල ඇඩුවා... කාමරෙ දෙක වෙන්න... මන් ලග උන්නෙ කඩෙ වැඩට උන්න නැන්ද විතරයි...
" අනේ තාත්තේ.... ඉහ්හි ... අම්මත් මව දලා ගිහින් තාත්තෙ.... ඉහ්හි ...."
සිස්සත්ව විභගගෙට මව එක්කන් යන්න අපු තාත්තා වහනෙන් බහිද්දිම ලගට දුවන් ගිහින් මන් ඇඩුවෙ තාත්තාව බදාගන....
එදා නම් තාත්තාගෙ ඇස් වලත් කදුලු පිරුනා.. තාත්තා මව තුරුලුකරන් ඇඩුවා...
සතියක් විතර යද්දි.. ගෙයි කුබුරයි සිය නමින් තියලා මගෙ ලොකු අම්මා අම්ම කරපු දෙ ගැන ලැජ්ජාවට ඉඩම් විකුනලා කඩෙත් ලොකු අම්මගෙ නන්ගිට මත් එක්කම බර දිලා බාවනා අසපුවකට ගිහින් තිබුනෙ මටත් නොකියාමයි...
මුලදි සැලකුවත් ලොකු අම්මගෙ නන්ගි පහුවෙද්දි මට ගොඩක් වෙනස් කම් කලා... එක වෙලක් කන්න දෙන තරමට එයා නපුරු උනා....
කඩෙ වැඩට උන්න ඇන්ටි එයාට හොරෙන් මට කැම දුන්නා... පරිප්පු හාල් එලවලු හොරෙන් ගෙනත් දුන්නා... විස්වස කරන්න මන් අවුරුදු දහයෙන් තනියම උයන් කැව රසක්නම් දැනුනෙ නෑ එත් මන් බඩගින්න නිවා ගන්න උයන් කැවා...
උයන ඇන්ටි නම් මට ඇත්තටම ආදරෙන් සැලකුව... මන් ලග කාමරෙ නිදා ගන්න පවා අවෙ ඒ ඇන්ටි..
ලොකු අම්මගෙ නන්ගිගෙන් මට වෙන වෙනස් කම් ඉවසන්න බැරිව දවසක් ඒ ඇන්ටි අපෙ තාත්තාට ගිහින් හැමදෙම කියලා තිබ්බා...
තාත්තට මව අරන් යන්න කියලා නැන්ද වැදලා කියලා ඒ තරම් මට වෙන වෙනස් කම් එයාට බලන් ඉන්න බැරි වෙලා...
පස්සෙ තාත්තා මව අරන් තාත්තාගෙ මහ ගෙදර ගියා...
" අයෙත් අරන් අවාද විසබිජෙ... අම්මෙ මේ බර ගන්නව එහෙම නෙමේ මේ වාත.... "
මව දැක්ක ගමන් මගෙ පුන්චි ලොකු අම්මා දෙසට හැරෙමින් කිවෙ මට රවාන ගමන් ය...
හිතට දැනුන අසරන කම නිසාම මන් තාත්තාගෙ අත තදකරලා අල්ල ගත්තෙ ඔහුගෙ මුහුන දෙස කදුලු පිරි දැසින් බලමිනි...
" එහෙම කියලා කොහොමද බන්... අහිසක දරුව කොහෙ කියලා යන්නද... "
ලොකු අම්ම මා අසලට විත් මගෙ ඔලුව අත ගාමින් කිවෙ තාත්තා අසරන දැසින් බලා ඉද්දිය..
" අනේ තාත්තෙ... මව තාත්තා ගව තියා ගන්න බැරිද.... මන් දග වෙන්නෙ නෑ කියන දෙ අහන් ඉන්නම්..."
දැසෙන් ගලන කදුලු එක්කම අපහසුවෙන් වචන එකතු කරමින් මා කිවෙ හිතෙ වු දුක මෙන්ම මා දෙස කොප දැසින් බලා හිට ගෙ ඇතුලට යන පුන්චි ගැන ඇතිවු බියත් නිසාවෙනි...
තාත්තා ඒයට කිසිදු පිලිතුරක් නොදි ලොකු අම්මා මව බාර දී නිවසින් පිට වුයෙ මගෙ කදුලු ගනනකට නැතිවා මෙනි...
පුන්චිලාගෙ බැනුම් ගුටි බැට ඉවසන් මන් ඒ ගෙදර උන්නෙ හැමදාමත් අඩ අඩ.. අනේ පොඩි එකෙක් නෙද කියලා කවදාවත් පුන්චිලා මට අනුකම්පා කලෙ නෑ...
ඒ කලෙම තාත්තාගෙ සම්බන්දෙ තිබුන ඇන්ටි එක්ක තාත්තා විවාහ වුනා.... එ වෙනකොට මගෙ අම්මගෙන් තාත්තා නිතියෙන් වෙන් වෙලා උන්නෙ...
තාත්තාගෙ මහ ගෙදර මට අපයකටත් අන්ත වුනා... ඉස්සරනම් ඒ දුක් විදිද්දි අම්මා හරි ලග වුන්නා එත් දැන් මන් ආනාත දරුවෙක් වගෙ..
පස්සෙ තාත්තා මව තාත්තාලා උන්න ගෙදරට එක්කන් ගියා.. එත් ඒ ඇන්ටි මගෙ මුනවත් බලන්න කැමති වුනෙ නෑ... මොකද මන් හැඩරුවෙන් මගෙ අම්මා වගෙ නිසා...
හැමදාම තාත්තා එක්ක ඒ ඇන්ටි රන්ඩු වෙනවා මන් අහන් ඉන්නවා..
" මේ කෙල්ලෙ යමන් ගිහින් කුසියට වෙලා කපන්... මෙකි අවදා ඉදන් ගෙත් එක්ක මුසලයි.. අම්මා වගෙම නැතැ දුවත්..."
බත් එක අරන් කන්න ඉද ගන්න හදද්දිම ඇන්ටි ඇවිත් මගෙ කනෙන් අල්ලන් කිවෙ මගෙ හිතට පිහියකින් අයින්නා වගෙ... රිදුම් දෙන කන එක් අතකින් අල්ලම් බත් පිගාන අනිත් අතින් අරම් මන් කුසියෙ මුල්ලකට වෙලා බත් අඩ අඩම බත ටික කනවා... පස්සෙ මන් එකට පුරුදු උනා..
තාත්තාට මොකුත් කර ගන්න බැරි උනා එයාත් අසරන වෙලා හිටියෙ...
ඒ ඇන්ටිට බබෙක් හම්බෙන හිටියෙ ඔය අතරෙ වගෙ.. තාත්තා මව අයෙත් ලොකු අම්මලාගෙ ගෙදර ගිහින් ඇරිය... මට උනෙ එහාට මෙහාට විසි වෙවි ඉන්න..
දවසක් අම්මා මව හොයන් ලොකු අම්මලෑ ගෙදර අවා... එයාට මව ඔනි කිවම ලොකු අම්මලා හරිම කැමැත්තෙන් මව අම්මට බාර දුන්නා...
අම්මලා ඒ දවස් වල පුන්චි බෙකරියක් කරගන ගියා... අම්මාට මාස තුනක පුන්චි නන්ගි කෙනෙක් උන්නා... එහාට මෙහාට මරු උනත් මන් ඉස්කොලෙ වැඩ හරියට කරගත්තා...
අම්මා ලගදි මට කෙනෙහිලි කමක් නොවුනත්.. ඒ අන්කල් නම් මගෙ මුන බලලා කතා කලෙවත් නෑ....
මොන හෙතුවකටද මන්ද මට ඒ ගෙදර ඉන්න හිත දුන්නෙම නෑ....
ඔය අතර මට අපෙ ස්කොලෙට හොස්ටල් එකෙන් එන ලමයෙක් හම්බුනා...
" අම්මේ..... "
" ඇයි දුව...."
" මන් අම්මගෙන් දෙයක් අහන්න කියලා... "
" ඒ මොකක්ද.... "
" අපෙ ස්කුල් එකෙ ඉන්නවා ලමයෙක් එයා එන්නෙ හොස්ටල් එකක ඉදලා... මත් අසයි හොස්ටල් වෙලා ඉගන ගන්න...."
" ම්ම්... බලමු කො එහෙනම්...ඔවට වියදන් කරන්න නම් මට බෑ... මහ එකාට කියලා බලන එකයි..."
අම්මා කිවෙ නන්ගිට කවන ගමන් මා දෙස නොබලමයි...
කොහොමින් හරි මට ඒ හොස්ටල් එකට යන්න හම්බුනා...
හොස්ටල් ඇතුල් කලෙ අම්මා උනාට එවට වියදන් දැරුවෙ තාත්තා එයාගෙ නොනට හොරෙන්.. ඒ වෙනකොට මට අවුරුදු දොලහයි....
හොස්ටල් ජිවිතෙත් මන් හිතපු තරම් සුන්දර නොවුනත් මට ගෙදරට වඩා එතන සැනසිමක් දැනුනා..
ලමයි අතර මන් වස නපුරු චරිතයක් උනා... මට යාලුවො හම්බුනා එත් මන් කවදාවත් ඒ කටත් මගෙ පවුල් පසු බිම ගැන කිවෙ නැ.... මන් තනියම විදෙව්වා කවුරුත් නැති වෙලාවට ඇඩුවා...
බාගෙට උයපු රාබු එක්ක කට්ට විතරක් ඉතුරු වෙන්න තම්බන පුන්චි මලු හොදි එක්ක එක්ක අනිත් ලමයි දොස් කිය කිය කැවත් මන් මොකුත්ම නොකිය කැවෙ මන් විදපු දුක් එක්ක එක මට මහ දෙයක් නොවුන නිසා...
හොස්ටල් දැම්මට පස්සෙ අම්ම මව බලන්න අවෙ කලාතුරකින්.. තාත්තා නම් ඉදලා හිටලා මව බලලා යන්න එනවා... මාස් පතා හොස්ටල් පීස් වෙලාවටම ගෙවනවා... හැබැයි ඒ හැමදෙම කලෙ තාත්තා එයාගෙ අලුත් පවුලට හොරෙන්...
" කවුද මගෙ ඇදෙ මෙට්ටෙ මරු කලෙ... ගත්ත එකෙක් දුන්නොත් හොදයි... පුදුම හොරුනෙ යකො ඉන්නෙ... "
" අනේ මේ බුරන්නෙ නැතිව ඉන්නවා... මොකද මෙකෙ මෙට්ටා කාටවත් ලියලා දිලා නෑ.... "
" එහෙම කොහොද තමුසෙ තමා එහෙනම් අර ගන්න ඇත්තෙ... බලන්න...."
මන් කැගහම්ම ගිහින් වරුනිව තල්ලු කරලා එයාගෙ ඇදෙ වඩි උනා.. දොලහක් විතර ඇදන් එකදිගට දලා තිබ්බෙ සලවක් වගෙ එහෙක...
" මන් හිතුව හරි තමුසෙ තමා අරන් තියෙන්නෙ.... යනවා අහකට..."
රන්ඩුව දුර දිග ගොස් මන් ඈව තල්ලු කරලම මෙට්ටෙ අරන් මගෙ ඇදට දා ගත්තෙ තරහෙන් පිපිරෙමින්.. මටපොඩි දෙටත් ගොඩක් තරහ ගියා...
පස්සෙ එකට මන් සිස්ටගෙන් වෙවැල් පාරවල් කැවා.. එවා රිදුනෙ මගෙ අතට නෙමෙ හිතට...
අවුරුදු දාහතෙදි.. ඔලෙවල් වලට පස්සෙ මව අයෙ හොස්ටල් එකෙන් අයින් කරලා තාත්තාගෙ මහ ගෙදර එක්කන් අවා මට ආදරෙට නම් නෙවෙ... මගෙ පුන්චිලගෙන් එක්කෙනෙක් බැදලා ගිහින් අනිත් කෙනා රට යන නිස ලොකු අම්මා තනියම තියන්න බැරිව
ඒතකොට නම් පුන්චි ලොකු අම්මයි දෙන්නා මව ආදරෙන් පිලි ගත්ත.... අවස්තා වදි ලොකෙක එක මට මහ දෙයක් උනෙ නෑ...
පාසල් ගමනට සමු දිලා මන් ලොකු අම්මාට උදව් කරන් එහෙට වෙලා අවුරුදු දෙකක් හිටියා එතකොට අනිත් පුන්චිත් රට ... එයා එහෙම්ම කෙනෙක් එක්ක විවාහ වෙලා හිටියෙ...
ඔය අතර තමා මට විවාහ යොජනාවක් අවෙ ඒ සදුන් ගෙන්...
සදුන් කලුආරච්චි... ඔව් මගේ ජීවිතය වෙනස්කරපු.... මට නොලබුනු ඒ ආදරය සෙනෙහස ලබා දීපු...
කඩා වැටිල අනන්තයටම කලකිරිල තිබුනු මගේ ජීවිතයට අලුත් පනක් අලුත් ආරම්බයක් දීපු මගේ ආදරනීය සැමියා..මගේ පුංචි හුරතලීගේ තාත්ත....මං වැඩිපුරම ආදරේ කරන ගරුකරන එකම පිරිමියා...
ඒ මගේ දායාබර සැමියා.....
එයා හිටියෙත් පිට රටක.. එයා එක්ක විවාහ වෙලා මන් එයා එක්කම රට අවා..
ඔව් මේ තමා මගෙ පවුල ... සිතුවිලි වලින් මිදිලානු මන් නැවතත් තාත්තාගෙයි දුගෙයි හුරතලෙ දිහා බලා උන්නෙ ආදරය පිරිගිය ඇස් වලින්..
" අම්මි එන්නකො.... සුදු දු සෙල්ලම් කරනවා බලන්න..."
ඇතට වෙලා බලන් උන්න මට එක් අතක් දික් කරමින් සදුන් කිවෙ ආදරනිය හඩිනි..
ඔහුවෙතට ලන් වු මා දැසට උනා තිබු කදුලක් ඔහුට රහසින් පිසදාගන ඔහුගෙ දැතට තුරුලු උයෙ සිතෙ වු සැනසිමත් ආදරයත් සමගිනි...
**************~~~~~***************
************************************************
මේ එක දෙව්මි කෙනෙක්ගෙ ඇත්ත කතාවක්... මේ වගෙ දෙව්මිලා කි දෙනෙක් අද සමාජයෙ ඇද්ද..
...... තිරනය ඔබට බාරයි ......
ස්තුතිය ධනුෂ් රු ...... කහ අරලියා
උපුටාගැනීමකි
No comments:
Post a Comment