චංචල සිතුවිලි

චංචල සිතුවිලි
(කෙටි කතාවක්)

ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්..සංසාර ගමන තුල ලැබුනු එක සංදිස්ථානයක්. මීට අවුරුදු 25ට කලින් මම අම්මගේ කුසින් මේලොකේ එලිය බැලුවා. එයින් පස්සේ කිහිප වතාවක්ම මම නැවත ඉපදුනා.

මගේ නම කුඹුක්වැවේ චරිතධීර හිමි. පාසල් යන කාලේ එච්චර ඉගෙනීමට දක්ෂතාවයක් නොදක්වපු මම මොකක්දෝ වෙනස්ම මගකට හිතන්න පුරුදු වෙලා හිටියා. ඒක වච⁣නයෙන් විස්තර කරන්න බැරි හරි අමුතු දෙයක්. මගේ වයසෙ අනිත් ලමයි එක්ක ගත්තම මම හිතන පතන විදියෙ වෙනසක් තිබුනා.ඒක කවදා කොහොම ඇති වුනාද කියල මට තේරෙන්නෙ නෑ.සමහර විට අද මම ඉන්න තැනට එන්න ඒ සිතුවිලි ⁣උදව් වෙන්න ඇති. දරුවො තුන් දෙනෙකුගෙන් යුක්ත පවුලෙ තුන් වෙනියා නැත්නම් බඩපිස්සා තමයි මම. පුංචි කාලේ ඉදලම කිසිම අඩුපාඩුවක් නැතුව අම්මා තාත්තගෙත් වැඩිමල් සහොදරියො දෙන්නගෙත් හුරතලේ මැද සැපට හැදුනේ මම.සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දුන්නු මම පැවදි ජීවිතයට ඇතුලත් වුනේ හිතේ ඇති වුනු ආසාවත් එක්කමයි.පුංචි කාලේ ඉදල කහ සිවුරට තිබුනු ආසාව නිසාමයි.. ඒ තමයි මගේ දෙවනි උපත.
"පොඩි නම...."
ලොකු හාමුුදුරුවො කතා කරන හඩ ඇහිලා මම ගැස්සිලා ගියා.
"අපේ හාමුදුරුවනේ"
මම ඇහුවේ හාමුදුරුවන්ගේ මුහුණවත් නොබලා බිම බලාගෙනමයි.
"මොකක්ද මේ අමුතු කතාවක් ඔය නම ගැන යනව කියන්නේ.."
මගේ කකුල් දෙක ගැහෙන්න ගත්තා.. දෙය්යනේ ලොකු හාමුදුරුවො මගෙයි සමින්දිගෙයි සම්බන්ධය ගැන දැනගෙනවත්ද..
"මො.... මොකක්ද අපේ හාමුදුරුවනේ"
මම ඇහුවේ හිස් මුදුනේ ඉදන් කකුල් දෙක දක්වාම දාඩිය බින්දු බින්දු බේරීගෙන යද්දි.
"අර පන්සලේ ටියුශන් පන්තියට එන සමින්දි ලමය එක්ක මුකුත් ඇයි හොදයියක් ත්යෙනවද"
ලොකු හාමුදුරුවො ඇහුවේ කිසිම ආවේගකින් නෙමෙයි.හරිම තැන්පත් විදියට. මට බොරුවක් කියන්න හිත දුන්නේම නෑ.
"එ⁣..එ..එහෙමයි අපෙ හාමුදුරුවනේ."
මම කිවුවේ ගොත ගහ ගහ.
" දැන් එතකොට ඔය නම කරන්න හිතාන ඉන්නේ මොකක්ද?.ඔය විදියට සාසන බ්‍රහ්මචරියාව රකින්න පුලුවන් වෙයිද?"
මම ගැස්සිලා ගියේ ඒ වචන ටික කනට වැටුනම..
"අපේ හාමුදුරුවනේ... මං... මේ... මට.. මට නැවත ගිහි වෙන්න අවසරයි.."
මම ඇස් බිමට හරවගෙන කිවුවේ.
"හ්ම්.. ඒකත් එහෙමද?"
ලොකු හාමුදුරුවො කිවුවේ එච්චරමයි. මම එදා පන්සලෙන් එලියට බැස්සා.ගිහි ජීවිතේ සුන්දරකම හොයාගෙන. ඔය විදියට කාලයක් ගත වුනා.මම හොද රැකියාවක් කලා. සමින්දි සමග විවාහ ජීවිතයට මම පත්වුනා. ඒ තමයි මගේ තුන්වෙනි උපත.එහෙම අපේ විවාහ ජීව්තයට මාස කිහිපයක් ගත වුනා. සමින්දි ලග මම හිතපු ඒ සුන්දර ලොකය නම් තිබුනේ නෑ.මම ඒ සුන්දර ලෝකය හෙව්වා.
දවසක් මම අල්මාරිය අවුසද්දි දැකපු දෙයින් මගෙ ඉහමොල රත්වෙලා ග්යා.
"සමින්දි??????"
මම සමින්දිට කතා කලේ හිතේ ඇතිවුන තරහවයි දුකයි න්සාමයි.
"මේ මොනවද?"
මම ඇහුවෙ සමින්දිගෙ කෙස් වැටියෙන් අල්ලගෙන..
"ඇයි තමුසෙට පේන් නැද්ද? Abortion tablets.."
සමින්දි කිවුවේ මගේ අත ගසලා දාන ගමන්..
" ඒ් කියන්නේ උඹ උඹ මගේ දරුවා මැරුවද ගෑණියේ කියපං.."
මම සමින්දිගේ උරහිස තද කරල අල්ලගෙන ඇහුවේ..
" ඔව් මට ළමයි හදන්න බෑ. මට ඩිවෝස් එක ඕන."
මම සමින්දිගේ කම්මුල් දෙපැත්තට ගහගෙන ගහගෙන ගියේ හිතට ආපු දුකත් තරහවත් නිසා.
සමින්දි අඩ අඩම බෑග් හදාගෙන ගෙදරින් යන්න ගියා.ඊට මාස කිහිපයකට පස්සේ සමින්දිගෙන් වෙන්වුනු මම කල්පනාවෙන්මයි ජීවත් වුනේ. එදා ඉදන් මම මගේ ජීවිතේ ගැන නැවත කල්පනා කලා. පන්සලට වෙලා උන්නු ඒ ජීවිතේ කොය්තරම් නිදහස්ද සුන්දරද. ඒත් අද මම මොනතරම් දුකක්ද උහුලන්නේ...
මට සමාවෙන්න බුදු හාමුදුරුවනේ. මට පිහිට වෙන්න.මේ ගිහි ජීවිතේ දුකක්.දරන්න බැරි දුකක්.. අනේ මගේ බුදු හාමුදුරුවනේ මට පිහිට වෙන්න.
මම එහෙමම ගියේ ලොකු හාමුදරවො මුනගැහෙන්න. ලොකු හාමුදුරුවෝ දැකපු ගමන් මම ලොකු හාමුදුරුවන්ගේ කකුල් ලග වැටිලා හොදටම ඇඩුවා.
"අනේ ⁣අපේ හාමුදුරු⁣වනේ මට සමාවෙන්න හාමුදුරු⁣වනේ"
" ඔය ලමය නැවත ඒවි කියල මම දැනගෙන හිටියා.ගිහි ජීවිතේ අපි හිතන තරම් සුන්දර නෑ දරුවෝ.. 'ගිහි ගේ ගිණි ගේ' කිවුවෙ නිකන් නෙවෙයි දරුවෝ"
ලොකු හාමුදුරුවෝ එදා තරම්ම ⁣නිවනු හඩකින් එහෙම කිවුවා.මම උන්වහන්සේ ඉදිරියේ වාඩි වුනේ අඩ අඩමයි.
"පේමතො ජායති සොකො
පේමතො ජායති භයං
පේමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං"
අපි ඇලෙන බැදෙන හැමදේකින්ම අපිට ඉතුරුවෙන්නේ දුකක් බයක් විතරයි.අපි කිසිම දේකට ඇලෙන්නේ බැදෙන්නේ නැත්තම් අපිට දුකක් බයක් කියල දෙයක් කොයින්ද?? "
ලොකු හාමුදුරුවො එහෙම කියල සිහින් සිනාවක් එක්ක මගෙ මුණ දිහා බැලුවා.ඔව් එදා ඉදලම උන් වහන්සේ මට කියල දීපු ගාථාවක් ඒක.ඒත් මට ප්‍රායෝගිකව ඒක යොදාගන්න බැරි වුනා..
"අපේ හාමුදුරු⁣වනේ මට අනුකම්පා කරලා මට අයිත් පැවදි වෙන්න දෙන්න අපේ හාමුදුරුවනේ. "
මම ලොකු හාමුදුරුවනගේ දෙපා මුල වැටෙමින් කිවුවා.
"හ්ම් ඒකත් එහෙමද"
එදා වගෙම අදත් උන්වහන්සෙගෙ පිලිතුර වුනේ ඒකමයි..
මම නැවතත් පැවදි ජීවිතයට පත්වුනා.ඒ මගේ සිවුවෙනි උපත. නමුත් අත්දැකීම් එක්ක. දැන් මට කිසිම දෙයක් කෙරෙහි මානසික බැදීම් නැහැ. දැන් මම නිවන් මග යන්නට පාරමී දම් පුරන බුද්ධ පුත්‍රයෙක්.

-නිමි-

මලී සෙහංසා.
 
උපුටා ගැනීම්කි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment