එකෝමත් එක කතාවක්


🌹💕එකෝමත් එක කතාවක් 🌹💕

ගැබ්බර අම්මා කෙනෙක්….හතරවටින්ම එලිය එද්දී ,ඇස් ඇරිමට නොහැකි තැන වටෙ සුවද බැලුවෙමි මං…ටික දවසක් යනවිට ඉතීම් මම වැටි වැටි ඇවිද්දෙමි ..ඈ මගෙ ලගින් නොසෙල්ලුනී. කාලේ යනවා නොදනීම අපෙ රැහේ නායකයා උනේ අපේ මාමා කෙනෙක්.

කොම හරි දවසක් අපේ ගෙදර උන්දලාගේ ලොකු උත්සවයක් …ගෙදර දොනියන්දව කරකාර බන්දලා දුන්න .ගෙදර උන්දැලගේ සුදුදෝණි දිග ගිය මහත්තයා බින්නබහින්න ආවා ..හා හාපුරා ආපු අලුත මනමාලයා මුලින්ම අපිව බලන්න ආවා ..කවදාවත් නැතිවිදියට හරිආදරයෙන් අත ගෑවා ….

සත්තුන්ට කරුණාවන්ත පාටයි ….ඔන්න ඉතින් ඒ මහත්තයා ආවාට පස්සේ අපිට ආහාර වැඩියෙන් ලැබුනා ..එලියට පෙහෙලියට එක්ක ගියා …අපේ රැහේ එක එකා අඩුවෙනවා අපි..ඒ මොකද කියුවොත් අර අලුත ආපු මහත්තයා අපේ රැහේ හිටපු රතු මාමව අරන් ගියා …

අපි එලියට ගිහින් එද්දී අරන් ගිහින් රතු මාමගේ ගෙදර උන්දැ හැමතැනම රතුමාමාව හොයනවා වේදනාවෙන් කැගැහුව ..ඉතින් අපි එයාට රතුමාමා කිවේ රැහේ නායකයා ….එයාගේ පිටේ ලොකු අකුරින් ගහල තිබුන නම රතු කියල ..එක නිසා හැමෝම කියන්නේ රතු කියලා .පොඩි අය කියන්නේ රතුමාමා කියලා ..අද අපිට හුගක් දුක දවසක්. ඔහෙ බලන් හිටියා..

තව දවසක් පාන්දර මාවයි නංගිවයි ඇදගෙන එලියට අවා. අපි මහා හයියෙන් බෙරිහන් දුන්න …අනේ මට අම්ම දාලා යන්ට බැහැ ..ගැහැණු හරකුන්ව තියල පිරිමි හරක් මසට ගෙනියනෝ …ගෙදර දොනියන්ද කේන්ති ගිහින්..මිනිහට හොදටම ගැහුවා ..

“මේ ඉන්නේ මගේ හරක් ටොපිගේ ගෙදරින් ගෙනාපුවා නෙමි ..මාව කාලා දැන් හරක් ටිකක් කනවද ?”මහා හයියෙන් කැගැහුව .
මිනිහට කේන්ති ගියා ..තඩි කම්මුල් පාරක් ගැහුව කසාද බැඳපු බිරිඳට..මෙහෙමත් මිනිස්සු, තමන්ගේ බිරිඳට මේ විදියට ගහන්න පුලුවන්ද ..?මේවගේ අයටනේ අපි මෙච්චර කල් මහත්තය කිවේ .ගුටි කාගෙන දෝනි වැටුනා …ගෙදර උන්දැලා හරි අසරණ වෙලා බලන් ඉන්නවා ,මිනිස්සු අපි වගේ ජීවයන් නැති වෙනවා ..අපිට කතා කරන බැහැ ..ඔයාලට හොද මොලයක් ,හදවතක් දීල තියෙනවා නේද ?

ගෙදර නෝනා අපිව බේරාගන්ට දගලනවා ගෙදර නොනාව ගැටගහල …කසාද බැඳපු මහත්තය …මහත්තය කියන්නත් ලැජ්ජයි එම මිනිස්සුට එම කියන්න බැහැ දැන් සල්ලි අඩුපාඩු වෙනකොට මසට දෙන්න හදනවා .

එකපාරටම පොලිසියෙන් පැන්න ..එදා ඉදන් අපි ඉන්නේ මේ නෝනලාගේ ගෙදරින් පන්සලට දුන්න අපිව නිදහස් කරා ..මේ වගේ රටේ ලෝකේ කි දෙනෙක් ඇත්ත මරණ බයෙන් ඉන්න ..ඒ අයව රැකගන්න ..මිනිසුනේ … ඔයාලගේ නොසැලකිල්ල නිසා සමාජයේ තිරිසන් සතුන් පවා අසරණ වෙනවා ඒ අයට ආරක්ෂා කරන්න ආහාර ටිකක් දෙන්න ..මේ තවත් එක ජීවිතයක්………………සත්තුන්ට හැකිතරම් සලකන්න …ඔයාලට ඒකම ජාති ජාතිත් පින් ලැබෙන දෙයක් ..

~~~~~~නිමි~~~~~

   එරන්තිකා

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment