කෙටි කතාව
මගේ නොවන මගේ ආදරේ
මෝඩියක්...."
"මො...මොකද්ද කිව්වෙ..?" තරින් මං දිහා බලාගෙන හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන. ඒ බැල්මටනම් මගෙ කට නිකම්ම බ්ලොක් උනා. එයාට තරහ යනව කියල් දැන දැනත් මං කරන වැඩ.
"ම්..මෙ..මේ...."
"මේ මේ නෙමෙයි මොකක්ද කිව්වෙ කියල මං ඇහුවෙ...." අම්බෝ සැර...මට මේ වසවර්තියටම මොකට හිත ගියාද මන්ද....
"න්...නෑ අයියෙ ඉතිං ඔය තරම් ආදරේ කරපු කොල්ලෙක්ව දාලා යන්නෙනම් ඒ කෙල්ලගෙ මෝඩ කමට...." ඕන එකක් කියල හිතට ආපු දේ මං කියල දැම්මා.හැමදාම මෙයා කියන දේවල්ම අහ අහ මම හිතින් විඳවන්න ඕනෙද... එයාගෙ කලින් ආදරේට වචනයක් කිව්වම එයාට ඔච්චර රිදෙනවනම් එයා බඳින්න ඉන්න මට හැමතිස්සෙම එයාගෙ පරණ ආදරේ ගැන ආදරෙන් කතා කරනකොට මට කොච්චර රිදෙනවද කියල එයාට තේරෙන්නෙ නැද්ද...
ඔව්..මේ මගෙ ආදරේ මං විතරක් ආදරේ කරන ඒත් මට ආදරේ නොකරන මගේ නොවන මගේම ආදරේ. තරින් අපේ තාත්තගෙ යාලුවෙක්ගෙ පුතෙක්. තරින්ට මාව යෝජනා කලෙත් එයාලගෙ ගෙදරින්මයි. තාමත් විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න මට ගෙදරින් මෙච්චර ඉක්මනට මනමාලයො හොයන එක විකාරයක් වගේ පෙනුනත් මගෙ හිත තරින්ට ඇදිල ගියෙ එයාලගෙ ගෙදරින් මාව බලන්න ආපු පළවෙනි දවසෙමයි. එදා එයාල අපේ ගෙදරින් ගියෙ පස්සෙ තීරණයක් දන්වන්නම් කියල. ඉතිං ඒ තීරණේ ලැබෙනකම් මං ඇඟිලි ගැන ගැන බලාගෙන හිටියෙ නෑ කිව්වොත් ඒක බොරුවක්.
ඉතිං ටික දවසකින් එයාලගෙන් පණිවිඩයක් ආවා කැමතියිවත් අකමැතියිවත් කියල නෙමෙයි තරින්ට මාත් එක්ක කතා කරන්න ඕනෙයි කියල. ඉතිං එයාම දිනේ වෙලාව තීරණය කරල අපේ ගෙදරටම ආවා.
"අපි එළියට යමුද..." ඒකත් එයාග තීරණේ...මමත් ඔලුව වනල එයාගෙ පස්සෙන්ම ඇවිත් මිදුලෙ අඹ ගහ යට බංකුවෙ එයා ළඟින්ම වාඩි වෙලා කල්පනා කලේ කොහෙන්ද කතාව පටන් ගන්නෙ කියල.
"ඔයා මට කැමතිද?" ඔලුවට පොල්ලකින් ගහනව වගේ තරින් මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙ ඒ. ඔව්..ඔව්..ඔව්...හිත වීරය වගේ එහෙම කෑ හැහුවත් ගෑනු ළමයෙක් විදියට මම කොහොමද එකපරටම කැමැත්ත ප්‍රකාශ කරන්නෙ. මූ ජීවිතේටවත් කෙල්ලෙක් පස්සෙන්වත් ගිහින් නැද්ද කොහෙද... කියන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව මං උඩ බිම් බලද්දි මෙයා මාව තවත් අමාරුවෙ දාන්නෙ මං දිහාම බලාගෙන ඉඳල..
"අ..අයියට අකමැති වෙන්න තරම් මට ලොකු හේතුවක් නෑ..." මං ඉතිං ඇඹරිලා ඇඹරිලා වක්‍රාකාරයෙන් මගේ කැමැත්ත ප්‍රකාශ කලා. ඒක අහල එයා කලේ ඈත බලාගෙන යන්තම් කට කොනකින් හිනාවුන එක.
"ඒ කියන්නෙ කැමතියි කියන එකනෙ...ඒත් නංගි මටනම් ඔයාට කැමති වෙන්න තියෙන එකම හේතුව ඔයා තාම ඉගෙන ගන්න ළමයෙක් වුනු එක..."
අම්මෝ මෙයා කියන කතා බයත් හිතෙනවා...ඒත් ඇත්තටම මං බයවුනේ එයා ඊළඟට කියපු කතාවට.
මං බලන් හිටපු හැටියෙන් එයාට තේරෙන්න ඇති එයා කියපු ඒ හරුපෙ මට තේරුණේ නෑ කියල.
"මෙහෙමයි නංගි අපේ අම්මලට ඕනෙ මාව ඉක්මනටම බන්දන්න. ඒත් මං ඔයාට කැමති උනොත් ඔයා ඉගෙනගෙන ඉවරවෙනකම් අපේ අම්මලට ඉවසන්න වෙනවා..."
"ඒත්...ඇයි එයාල එහෙම කරන්නෙ...අනික ඔයා බඳින්න කැමති නැත්තෙ...."
අම්මල ඉක්මනටම බන්දන්න හදන්නෙ මෙයාට මොකක් හරි ලෙඩක්වත් තියෙනවද දන්නෑනෙ.අනික ඉතිං බඳිනවනම් මේ මනුස්සයගෙ හිසේ සිට පාදාන්තය දක්වා සියලු දේ මම දැනගන්න එපැයිනෙ.
"මං කලින් කෙනෙකුට ආදරේ කලා නංගි. කලා නෙමෙයි දැනුත් කරනවා..." ඒක කියද්දිනම් එයාගෙ අර අහංකාර ගතිය ටිකක් අඩුවෙලා ගිහින්. කටහඬේ තිබ්බෙ දුකක්ද කොහෙද
"ඉතිං එයාට ගෙදරින් කැමති නැද්ද..?" එයාගෙ කතාවට මගේ සියලු බලාපොරොත්‍තු සුන් වෙලා ගියා වගේ දැනුනත් මං සන්සුන්ව ඇහුවා.
"නෑ....ගෙදරින් කැමැත්ත ලැබිල හැමදේම හොඳ විදියට වෙද්දි එයා හේතුවක් නොකියම මාව දාල ගියා නංගි. මං හුගක් විඳෙව්වා අදටත් විඳවනව නංගි...." දෙන්නම ටිකක් නිහඬයි මොනා කියන්නද කියල මටත් තේරෙන්නෙ නෑ.
"අම්මල හිතන්නෙ මාව ඉක්මනට බැන්ඳුවොත් මගෙ හිත හදාගන්න පුලුවන් වෙයි කියල. ඒත් මට තවමත් සවීණව අමතක කරන්න බෑ නංගි.මං දන්නෑ ඉස්සරහටත් මට එහෙම කරන්න පුලුවන් වෙයිද කියල. ඉතිං මං කොහොමද ආදරෙ නැති කෙනෙක්ව බඳින්නෙ. ඒක ඒ ළමයට කරන අසාධාරණයක් නංගි...."
ඒ ආඩම්බර කටහඬ ඇස්දෙක හැමදේම හුඟක් අසරණ වෙලා වගේ.
"අපි සවීණා ගැන හොයමු...එයා යන්න හේතුව. මං උදව් කරන්නම් ඔයාට."
තරින් පුදුමෙන් වගේ මගෙ මූණ දිහා බලන් හිටියෙ. ඇත්ත මටත් හිතාගන්න බෑ ඇයි මං එහෙම කිව්වෙ කියලා. ඒත් දැන් මං ඒක කියල ඉවරයි.ඉතිං අන්තිමට මං මගේ නොවන මගේ ආදරේක හිමිකාරියක් වුනා.
තරින්ගෙ අම්මල ගොඩක් සතුටු වුනා තරින් මට කැමති වුන එකට..එයාල හිතන්න නැතුව ඇති තරින් මෙච්චර ඉක්මනට බඳින්න කැමති වෙයි කියල. මං ඉගෙනගෙන ඉවර වෙනකන් බඳින්න බෑ කියල මංම කියපු නිසා තරින්ගෙ ඒ ප්‍රශ්නෙත් විසඳුනා. තරින්ගෙ අම්මල අපේ අම්මල හැමෝම සතුටින් ඒත් මං දුකින්. මොකද තරින්ගෙ අම්මල මාව එයාලගෙ ලේලි විදියට හිතුවත් ඒ අයිතිය මට දෙන්න තරින් තාමත් සූදානම් නෑ. ඒක මට අනාගතේදිවත් ලැබෙයිද නැද්ද කියල මං දන්නෙ නෑ. කවදහරි තරින් මාව එපා කිව්වොත් මට යන්නම වෙනවා. ඒත් පුලුවන් තරම් කල් මම මගෙ පළවෙනි ආදරේ රකිනවා.
මට ටික කාලෙකින්ම තේරුනා තිමිරගෙ අම්ම තාත්තා ගොඩක් ගුණයහපත් අය. මෙච්චර ලස්සන පවුලක්, අච්චර වටින ආදරයක් දාලා සවීණා ගිය එකනම් ඇත්තටම ප්‍රශ්නයක්. ඔව් මට ඒ ආදරේ අගය වැඩියෙන් දැනෙන්නෙ මට ඒ ආදරේ නොලැබෙන නිසා වෙන්න ඇති. තිමිර හරියට මගෙ තාත්තා වගේ මාව ගොඩක් හොඳට බලාගත්තා.මං ගැන හොයල බැලුව. හැබැයි එතන තිබුනෙ යාලුකමක් වගකීමක් මිස ආදරයක් නෙමෙයි කියලත් එයා මට ඒත්තු ගැන්නුවා. මොකද අපි හම්බෙලා මාස තුනක් විතර වුනත් තාමත් තිමිර ආදරෙන් මතක් කරන්නෙ මතක් කරල දුක්වෙන්නෙ එයාගෙයි සවීණගෙයි මතක. මට් හැමදාම වෙන්නෙ ඒව අහගෙන ඉන්න එයා වෙනුවෙන්. එයාගෙ සතුට වෙනුවෙන්...ඒත් එයාට,තේරෙන්නෙ නැත්තෙ ඇයි මට තියෙන්නෙත් හිත හිතක් ඒ හිතත් ඔය හිත තරම්ම රිදෙනවා කියල. එයා සවීණට කවුරුත් කිසිම දෙයක් කියනවට කැමති නෑ කියල දන්නව වුනත් මගෙ කටින් එහෙම වචනයක් පිටවුනේ මටත් නොදැනි මගේ ඉවසීමේ සීමාව ඉවර නිසා වෙන්න ඇති.ඒත් මං බලාපොරොත්තු වුනා වගේ එයා තරහ ගිහින් කෑ නොගහපු එකනම් පුදුමයක්.
.................................................................................
වැඩි කල් නොයාම අපි දෙන්නගෙම මහන්සියෙන් සවීණා ගැන හොයාගන්න පුලුවන් උනත් ඒ තරින් බලාපොරොත්තු වුන විදියෙ දෙයක්නම් නෙමෙයි. තරින් කියපු විදියට සවීණා ගමක දුප්පත් කෙල්ලෙක්. සවීණා හම්බුනු දා ඉඳන් තරින් එයාට ගොඩක් ඉගෙනගන්න උදවි කරල එයාගෙ හීනයක් වෙලා තිබ්බ ඩිග්‍රි එක කරන්නත් වියදම් කරල රට යවල තියෙන්නෙ තරින්මයි. එයා වෙනස් වුනෙත් ඊටපස්සෙලු. ඔව් ඒකට හේතුව තමයි එයා ඒ රටේ තරුණයෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන. ළඟදිම එයාල මැරි කරයි. එයාගෙ පවුලෙ අයවත් සවීණා එහෙට ගන්නලු හදන්නෙ.
තරින්ගෙ හිතේ කොනක ඉඳන් තිබ්බ හැම බලාපොරොත්තුවම බිඳිල යන්න ඇති. මේ දේවල් දැනගත්තට පස්සෙ සතියක්වත් යනකන් එයා මාත් එක්ක කතා කලෙත් නෑ. ඔව් දැන් එයාට මගෙන් වැඩක් නැතිව ඇති. මං එයාගෙ ජීව්තේට ළංවුනේ මගෙ උවමනාවට. එයාට උදව් කරන්න.
ෆෝන් එක රින්ග් වුනේ මං ලොකු කල්පනා ලෝකෙක ඉද්දි. හරියටම සතියකට පස්සෙ තරින්...
...........................................................
මං තරින් එන්න කියපු බීච් රෙස්ටූරන්ට් එක ළඟට ගියෙ එයා කියපු වෙලාවට පැය බාගෙකටත් කලින්. ඇත්තටම මේක මං ආසම කරපු තැනක්..හීනයක් තිබ්බ කවද හරි මං ආදරේ කරන කෙනත් එක්ක මේ වගේ තැනක ඩිනර් එකක් ගන්න. මේ වගේ තැනක එයා මට ප්‍රපෝස් කරනව බලන්න..ඒත් ඒවා හීනම විතරක් වෙලා...
"යාලුවෙක් විදියට අන්තිම වතාවට ඔයත් එක්ක කතා කරන්න..." හීන් රිදුමකුත් එක්ක එයා එදා කෝල් එකෙන් කිව්ව වචන මතක් වෙද්දි ආපහු හැරිල දුවන්න හිතුනත් ඒ මූණ තව එක පාරක් හරි බලන්න හිතුනු ආසාවෙන්ම මම ඇතුලට ගියා.
රිසිප්ෂන් එකට තරින්ගෙ නම කිව්වම බීච් එක පැත්තට තියෙන දොරක් පෙන්නුව. එතනින් එළියට ගියාම ලස්සනට බීච් එක පේනවා. ඒත් තරින් පේන්න නැති නිසා මං එයාට කෝල් කලා. ළඟින්ම ඇහුන රිනිගින් ටෝන් එක නිසා හැරිල බැලුවම මන් දැක්කෙ ලස්සනට සරසපු මේසයක් උඩ රින්ග් වෙන තරින්ගෙ ෆෝන් එක. ඒ මං වෙනුවෙන්ද කියල මොහොතකට හදවතේ සිහින් රේකාවක් ඇඳිල යද්දි ඒක වැහෙන්න ආපු කලු වලාවක් වගේ මං දැක්කෙ ඊට ඔබ්බෙන් තරින්ට තුරුලු වෙලා ඉන්න සවීණාව. මොහොතකට හැමදේම නතර උනා වගේ. මේක පෙන්නන්න්ද මට තරින් එන්න කිව්වෙ. සවීණා ආයෙමත් එයාව හොයාගෙන ඇවිත්. මම වෙරළ දිගේ වේගෙන් දුවගෙන ගියා තවත් දුවන්න බැරුව හති වැටෙනකම්ම. එහෙමම බිම ඉඳගත්තා ඔව් මට අඬන්න අයිතියක් නෑ..ඒත් කොහොමද එහෙම ඉන්නෙ...
"අඬල ඉවරනම් මං කතා කරන්නද?" නොහිතපු විදියට මං එහාපැත්තෙ ඉඳගෙන හිටියෙ තරින්.ඒත් එයා මොකද මෙතන.
"ත් .තරින් ඇයි ඔයා මෙතන...?"
"ඇයි අහන්නෙ මමනෙ ඔයාට එන්න කිව්වෙ..."
"ඒත් සවීණා...එයා බලාගෙන ඇති. යන්න තරින් මං තරහ නෑ...."
තරින් හිනාවුනේ මං කියපු දෙයක් ගාණකටවත් නොගෙන.
"මාවත් පේන්නෙ සවීණා වගේ මෝඩයෙක් ගානටද?"
මට අදහගන්න බැරිවුනා තරින් කතා කරන විදිය.මං එයා දිහා කටත් ඇරන් බලන් ඉද්දි එයත් මගෙ මූණට එබුනෙ මං නොහිතපු විදියට.
"මෙච්චර මට ආදරේ කරන කෙල්ලෙක් දාලා මං මොකටද දාලා ගිය කෙනෙක් පස්සෙ යන්නෙ..."
මට තවත් හයියෙන් ඇඬුනා දුකට නෙමෙයි සතුටට..තරින් මගෙ අතින් අල්ලගෙන්ම නැගිට්ට.ඒ මොහොතෙම ආයි දණගහපු තරින් "විල් යූ මැරි මී..බේබි" කියල ඇහුවෙ ලස්සන පුංචි මුදුවක් අතේ තියාගෙන. මං එහෙමම ඒ තුරුලට පැන්නෙ සතුට වැඩි කමට.
"මීට වඩා හොඳට කියන්න හිටියෙ. සොරි ස්ක්‍රිප්ට් එක චූට්ටක් වෙනස් වුනා. දැන් ඉතිං ඩිනර් ගන්නවත් ඩෙකරේට් කරපු තැනට යමු"
නිමි...
<b>රෝස සුරංගනාවි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment