#නාදුනන_ඇමතුම
"තාරැ...
ඇයි අයියේ..
අදවත් මාව හම්බෙන්න එනවද..
අද බෑ අයියේ අම්මල ඔක්කොම ගෙදර..
තමුසෙට හැමදාම එන්න බෑ..
අනේ ඇයි මෙහෙම බනින්නේ...
දැන් අවුරැද්දක් තිස්සේ මම බලන් ඉන්නේ..
හැමදාම ඉවසුවා.
තවත් නම් බෑ ඉවසන්න..
මගේ අනිත් යාලුවෝ උන්ගේ කෙල්ලෝ එක්ක හැම තැනම ඇවිදිනවා..
ඒ මදිවට ඒවා ඇවිත් රස කරලා කියලා යනවා.
අවුරැදු 24 කියන්නේ ඔයා පොඩි ලමයෙක් නෙමේ තාරැ..
ඔයාට මාව ඕනේ නම් හම්බෙන්න එන්න..
නැත්තම් මම මැරැනා කියල හිතා ගන්න.."
ඇමතුම විසන්ධි විය..
තාරැකාට ප්‍රසාද්ව මුන ගැසෙන්නේ මගහැරැනු ඇමතුමකිනි..
තාරකාගේ කටහඩේ තිබුනු අහිංසක කමට ප්‍රසාද් ආස කරා..
දින ගනන් මාස ගනන් කල් දුරකතනයෙන් කල් මැරැ ඔවුන් අද පෙම්වතුන් බවට පත්වි අවසානය..
නමුත් කෙදිනකවත් ඔවුන් දෙදෙනා දැක තිබුනේ නැත..
තාරැට තිබුනේ ස්මාර්ට් ෆෝන් එකක්ද නෙවේ..
චායාරැපයක්වත් හුවාමාරැ කිරිමට දෙදෙනාටම නොහැකි වුයේ එබැවිනි..
ප්‍රසාද් පෝසත් පවුලක කොල්ලෙකි..
කඩවසම් පෙනුමක් ඇති ඔහු සැබවින්ම තාරැට ආදරේ කලේය...
" ප්‍රසාද් අයියේ .
හම් කියනවා...
තරහද..
කිව්වනේ මම මාව හම්බෙන්න එනවා එච්චරයි..
හම්..හම්බෙන්න ආවොත් විතරද යාලු වෙන්නේ..
තාරැ බොරැවට හුරතල් වෙන්න එපා..කියන දේ තේරෙනවනේ බබෙක් නෙමේනේ...
හරි මම සිකුරාදට එන්නම් අයියව බලන්න..
ඇත්තමද..
ඔව් අයියේ මම තියන්නම්...
අම්මා කතා කරනවා..
බුදු සරණයි අයියේ
බුදු සරණයි තාරැ මම ගොඩක් ආදරෙයි "
..............
ප්‍රසාද් සිහින ලොවක සැරිසරන්නට විය..
"අම්බෝ ඇති යන්තම්.."
ඔහු තනියම මුමනවිය...
ප්‍රසාද් දුරකතන ඇමතුමක් ලබා ගත්තේ මිතුරෙකුටය..
"අඩෝ කොහෙද ඉන්නේ...
ගෙදර බං මොකෝ මේ උදේ පාන්දරම
ලැස්ති වෙයන් මට ඇදුම් ගන්න යන්න ඕනේ..
විනාඩි පහක් දියන් උඹලගෙන් වදේ බං"
............................
"හිරැනි..
මොකෝ තාරැ කෙල්ලේ..
අනේ මට උදව්වක් ඕනේ...
කියන්න බබා..උඹ වෙනුවෙන් ඉතින් ඕන දෙයක්..
හිරැ සිකුරාදා මොකද කරන්නේ..
ගෙදර තාරැ ඇයි..
පුලුවන්ද මම වෙනුවෙන් තරහ ගන් නැතුව ප්‍රසාද් අයියව හම්බෙන්න යන්න...
මම ගිහින් හරි යනවද බං..
අනේ හිරැ උඹ ගිහින් කියපන්කෝ උඹයි තාරැ කියලා...
හම් හරි උඹ වෙනුවෙන් මේ දේ කරන්නේ..."
...............................
" ප්‍රසාද් අයියා නේද...
තාරැ මේ ඔයාද..
අනේ රත්තරන් අවුරැද්දක්ම බලන් හිටියා මේ මුන දකින්න.."
හිරැව දුටු ගමන් ප්‍රසාද් ඈ වැලද ගත්තේ සතුට වැඩි කමටය..
නමුත් හිරැට මෙම සෙනෙහස නුහුරැ අත්දැකිමක් විය..
නමුත් රසිකගෙන් වෙන්විමත් සමග තනිකමින් සිටි ඇයගේ සිත ප්‍රසාද්ගේ ස්පර්ශය ප්‍රතික්ශේප කලේද නැත..
එදින මුලු දවසම ඔවුන් දොදනා සතුටෙන් ගත කලහ..
හිරැගේ නමද වුයේ හිරැනි තාරැකායි...
එබැවින් ප්‍රසද්ධට කිසිම සැකයක් මතු නොවිය..
කාලය ගෙවි ගොස් දවස නිමා විමට අාසන්න විය..
"ප්‍රසාද් අයියේ මට කියන්න දෙයක් තියෙනවා..
කියන්න මගේ පැටියෝ ඔ්න දෙයක්..
අනේ මගේ කලින් සිම් එක අක්කා ගත්තා..
මේක මගේ අලුත් නම් එක.."
හිරැනි ඇයගේ නම් එක ප්‍රසාද්ට ලබා දුන්නාය..
"අක්කා කැමති නෑ ප්‍රසාද් අයියා එක්ක මම යාලු උනාට.
එයා කෝල් කරයි ඔයාට දිගටම මම ගියාම ගෙදර
මොන හේතුව නිසාවත් ගන්න එපා..
අපි දෙන්නව වෙන් කරනවට මම කැමති නැ
මට ඔයාව ඕනේ"
ඒ හිරැගේ වචනයි..
ඇ තාරැට දොහි වුවාය..
ප්‍රසාද්ගේ සෙනෙහස හමුවේ ඇ හට ප්‍රසාද්ව තාරැට දිමට ලෝබ සිතුනි...
තාරැකා හසිනි සිල්වා දෛවයේ සරදමට ලක්වු තරැනියක්..
කුඩා කල සිට දිව පැන සැමගේ අවධානය දිනාගත් ඈ එක්වරම රෝගි වුයේ කකුල් දෙකම පන නැතිව ගොස් එක්තැන් විමෙනි..
එතැන් පටන් නිවසේ සිරකාරියක් වන ඈ හට තිබු එකම සතුට වුයේ ප්‍රසාද්ගේ හමුවිමය...
නමුත් ප්‍රසාද්ට ඇය සත්‍ය කිසි දිනක පැවසුවේ නැත්තේ ඔහුනැති වේ යැයි අෑ තුල තිබු බියනිසාවෙනි..
අවුරැදදකට පසු ප්‍රසාද්ට ඇය හමු නොවි සිටිම ඉවසා ගත නොහැකි වු තැන ඇයට ප්‍රසාද්ව රැක ගැනිමට තිබු එකම මග වුයේ අැයගේ මිතුරියගේ සහය පැතිමයි.
ඒ තමන් ලෙස ප්‍රසාද් ඉදිරියේ පෙනි සිටිමට මිතුරිය යැවිමෙනි.
නමුත් සිදුවු දෙය දන්නේ ප්‍රසාද් සහ ඇයගේ මිතුරිය පමනි..
මිතුරිය දුටු පලමු දිනම ප්‍රසාද් හා ඈ පෙමින් බැදිනි..
ප්‍රසාද්ටද ඇය කිසිම ගැටලුවක් නොවුනේ ඔහු අවුරැද්දක සිටම මෙම නොදුටු තරැනයට ආදරේ කල බැවිනි.
හිරැ රැමත් තරැනියනද වු නිසාවෙනි.
" හිරැ අනේ කියන්නකේ ප්‍රසාද් අයියව දැක්කද..
එයා ලස්සනද
උසද
මහතද
සුදුද
අනේ එයා මොනවද කිව්වේ..
උඹ එයාව ඉම්බේ එහෙම නෑ නේද.."
තාරැකාගෙන් ප්‍රශ්න වැලක් හිරැ වෙත එල්ල කෙරෙනි. නමුත් හිරැ නිහඩය..
" හිරැ අවුලක්ද
මට බයයි කෙල්ලේ..
ප්‍රසාද් අයියා ෆොන් එක උස්සන්නෙවත් නෑ..
මගේ මැසේජ් වලට රිප්ලයි නෑ.."
ප්‍රසාද්ගේ මනස වෙන පැත්තකට යොමු කල හිරැ තාරැගෙන් ලැබෙන මැසේජ් block කරේ හොද වෙලාවට යැයි සැනසුම් සුසුම් හෙලමින් හිරැ තනිවම සිතුවාය..
" තාරැ කෙල්ලේ මම කියන දේ අහනවා නේද..
මම හිතන් නෑ ප්‍රසාද් කියන්නේ හොද කෙනෙක් කියලා..
මිනිහා බැදපු මිනිහෙක් වගේ..
මට කතා කරා නරක තැනකට යන්න..
මම බැනලා ආවා
ඒකයි ඔය කොල් ආන්සර් කරන් නැත්තේ.."
හිරැ තාරැට පැවසුවේ බොරැවකි..
ඇට අවශ්‍ය වුයේ තාරැගෙන් ප්‍රසාද්ව ඇත් කිරිමටයි..
කාලය මෙසේ ගෙවි ගියේය..
දැන් හිරැ සහ ප්‍රසාද් හැකි සෑම දිනකම මුන ගැසෙන අතර ආදරේ සුන්දරත්වය ඔවුන් විදියි..
නමුත් තාරැට සිදු වු දෙය දන්නේ ඇයම පමනි..
ඇ දවස ගෙවුවේ හැඩු කදුලෙනි..
ප්‍රසාද්ට කොල් කරන එක නැවත්වුවද ඇයට ප්‍රසාද්ව එක මොහොතක් අමතක කිරිමට නොහැකි විය..
ඇට ප්‍රසාද් නැති වුයේ ඇයගේ කාලකන්නි කමට යැයි ඈට සැම විටම සිතුනි..
දිනක් හිරැට දුරකතන ඇමතුමක් ලැබුනේ තාරැගේ නිවසෙනි..
"හිරැ දුවේ අනේ මගේ තාරැ..."
හිරැට ඇසුනේ විලප දෙන තාරැගේ මවගේ කටහඩයි..
හිරැ තාරැටගේ ගෙදරට කඩිමුඩියේ ගියේ සිදු වු දෙය සිතා ගත නොහැකිවය..
පඩිපෙලින් ඇද වැටි තාරැ මිය ගියාය..
හිරැ නිවසට යනවිට සියල්ල සිදු වි හමාරය..
තාරැගේ මවගේ අතේ වුයේ ලියුම් කැබැල්ලකි..
.................
" ප්‍රසාද් අයියේ මගේ යාලුවෙක් නැති වෙලා..
එයා ඔයාව බලන්න ආසවෙන් හිටියේ...
ඒත්...
අනේ දෙයියනේ මේ තරැන වයසට මොනව වෙලාද..
එයාට ඇවිදින්න බෑ අයියේ..
පඩිපෙලින් වැටිලා..
පුලුවන්ද මාත් එක්ක ගිහින් මලගෙදරට සහබාගි වෙන්න.."
හිරැ සමගින් ප්‍රසාද් පැමින මල ගෙදරට සහබාගි විය..
ඔහු තාරැ හට නිවන් සුව පැතුවේ හදවතින්මය..
"පව් අසරන කෙල්ල..
ලස්සනයි බොනික්කෙක් වගේ.."
ප්‍රසාද් තාරැ දෙස බලා පැවසිය..
ඔහු යන්නට ගියේ..
නමුත් ඔහු කිසිම දිනක දැනගත්තේ නැ මේ ඉන්නේ ඔහුව බිමත් කමින් ඇත් කරපු අවුරැද්දක් පුරා ජිවතේ ලගින්ම හිටපු කෙල්ල බව...
......
මල ගෙදර වැඩ කටයුතු නිමා වි දිනක් තාරැගේ මව හිරැ හමු වි තාරැ හිරැට ලබා දුන් ලිපිය පිලිබද විමසුවාය..
"ඒක නෑ අම්මේ..
මටත් හදිස්සියට දා ගත්ත තැන මතක නෑ.."
"කමක් නෑ දුවේ මගේ කෙල්ල මට නැති වෙලා ඉවරයි..
ඒ දේවල් තිබුනත් එ්කිව ආයිත් මට හම්බෙන් නෑ.."
නිවසට ගිය හිරැ එම ලිපිය නැවත කියවා බැලිය..
"#හිරැ..
මම කාලකන්නි කෙල්ලෙක්..
තව දුරටත් මට මේ ලෝකේ ජිවත් වෙන්න අමාරැයි.හැම තත්පරේකම මට ප්‍රසාද් අයියව මතක් වෙනවා..
මේ ලියුම ඔයා අතට හම්බෙනකොට මම මේ ලෝකේ නැති වෙයි..
මම වෙනුවෙන් එකම දෙයක් කරන්න..
ප්‍රසාද් අයියට ඇවිත් මගේ මිනිය බලල යන්න කියන්න..
මම දන්නවා හිරැ ඔය දෙන්නා දැන් සතුටෙන් ඉන්නේ කියලා..
මගේ ප්‍රසාද් අයියව බලාගන්න..
#තාරැකා."
-නිමි 😢😢😢
Anjana Dushyantha
උපුටා ගැනිමකි
No comments:
Post a Comment