###බිහිසුණු රැයක්###
පූරණී හා ප්‍රගීත් හැම වසරකම අවසානයේ විනෝද චාරිකාවක් යාම සිරිතක් කරගෙන උන්නහ.. ඔවුන් විවාහ වී වසර තුනක් ගියද දරුවන් සිටියේ නැත..එහෙත් එය ඔවුන්ගේ ආදරයට බාධාවක් නොවීය.. සුපුරුදු පරිදි මෙවරත් ඔවුන් රැකියා ජීවිතේ කාර්‍යබහුලත්වයෙන් මිඳෙනු වස් දෙසැම්බරේ විනෝද චාරිකාවක් සූදානම් කර ගත්හ..පූරණීගේ ඉල්ලීමට ප්‍රගීත් තෝරා ගත්තේ රත්නපුරයයි...දින පහක චාරිකාවක් වූ මෙය දෙදනාම ගමන් ඇරඹූවේ මහත් සතුටිනි..
කෙමෙන් කෙමෙන් ඔවුන් රත්නපුරයට ළඟා වනවිට රෑ බෝ වී තිබුණි..ප්‍රගීත්ගේ යාලුවෙකු මාර්ගයෙන් ඔවුන් නවාතැන් පලක් කලින් වෙන් කර තිබුණද මිතුරාගෙන් අසන්නට ලැබුණේ ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූ පණිවුඩයකි..
"මාර වැඩේනෙ ප්‍රගීත්.. ඒ ගෙදර මිනිස්සු හදිසියේම මළ ගෙදරක් වෙලා කොළඹ ගිහින්.."
"ශිට්...දැන් මොකද බං කරන්නෙ..අටයි වෙලාව.."
ප්‍රගීත් පැවසුවේ කළකිරීමෙනි.
"ම්....මෙහෙම කරපං බං..උඹ ඔය පැත්තෙන් පොඩ්ඩක් අහල බලපං..නැත්තම් චුට්ටක් ගෙවල් චෙක් කරල බලපං බෝඩ් දාල ඇති.."
"හරි හරි.."
ප්‍රගීත් පූරණී දෙස බැලුවේ සුසුමක් හෙලමිනි..
"අනේ ප්‍රගීත් ..මොකද දැන් අපි කරන්නෙ.."
"වෙන කරන්න දෙයක් නෑ පූර්ණි..අපි මේ පැත්තෙන් ටිකක් අහල බලමු.."
නන්නාඳුනන පැත්තක් වූ එහි අඳුරු වැටෙත්ම ඉසිලුවේ පාලු ගතියකි.එමෙන්ම වැසිබර කාලගුණයද ඒ ගුප්ත බව දෙගුණ කළේ ය..පූරණී ඔහේ බලාගෙන උන්නේ පරිසරයේ මෙම නිහඬ බව දරාගත නොහැකිවය..
පැයක් පමණම ඔවුන් බෝඩිමක් සොයා ගැනීමට වෙහෙස දැරුවත් වෑයම අසාර්ථක විය..කලින් සූදානම් කරගත් ගෙය සුඛෝපභෝගී වූ අතර නිවසම ඔවුන් සඳහා වෙන්කොට තිබුණි.. ඉතිං ඔවුන්ට තවත් එවැනි ගෙයක් සොයා ගැනීමට නොහැකි විය..
"පූර්ණි..නමයයි වෙලාව..මේක නම් හරියන වැඩක් නෙවෙයි අනේ..මුලු රෑම කාර් එකේ එහෙටයි මෙහෙටයි ගෙවල් හොය හොයා යන්න වෙයි වගේ.."
ප්‍රගීත් බලාපොරොත්තු කඩ වු හඬින් පැවසුවේ ය..පූරණී උන්නේ මඳක් තැති ගැන්මෙනි..
"ඊට එහා වැස්සකුත් එන්නද කොහෙද හදන්නේ.."
පූරණී යමක් කීමට කට අරිත්ම ඈත කන්දේ සිට පැමිණෙන මිනිස් රුවක් දක්නට ලැබිණි..
"මනුස්සයෙක් එනව නේ..බලමු එයාගෙන් වත් අහල.."
ප්‍රගීත් අලුත් බලාපොරොත්තුවකින් යුතුව ඔහු එන පෙර මඟ බලා උන්නේය..ඔහු තරමක් වයෝවෘද්ධ පුද්ගලයෙකු බව ප්‍රගීත් ඈත තියාම දුටුවේ වාහනේ එලියෙනි..විදුලි පන්දමක් අතේ රැඳි ඔහු ප්‍රගීත් දෙස බැලිය..
"මේ උන්නැහේ.අපිට අද රෑට නවතින්න තැනක් කියනවද..මේ ළඟ බෝඩිමක් දෙන තැනක් එහෙම දන්නවද.."
ඔහු එහෙමම අත දිගු කළේ තමන් ආ පාර දෙසටයි..
"අර පාර දිගේ දිගටම ගියහම හම්බවෙනව දකුණු පැත්තෙ තියෙන විශාල රබර් වත්තක්.. එතැනම තියෙන වංගුවෙන් හරවපුවාම බෝඩ් එකක් දාල තියෙනවා නවාතැන් ඇත කියල ..ඒකෙ නවතින්න පුළුවන් මහත්තයා.."
"බොහෝම ස්තූතියි ..."
ප්‍රගීත් හා පූරණී මහත් සතුටින් ඔහු පැවසූ පාර සොයාගෙන ඒ නිවස අසලටම පැමිණියහ..පූරණී නම් රබර් යාය දකිත්ම හිතට මහා අමුත්තක් දැණිනි..
"රෑ නිසා වෙන්නැති.."
ඈ එහෙම හිත හදාගත්තාය..
"පූර්ණි..මේක තමා ගෙදර ..මරු ගෙයක් හැබැයි.. ඒත් අපි හිතුවෙ කාමරයක් ගන්න නෙවෙයිනෙ.. ගෙයක්මනෙ.. කමක් නෑ.අද රෑට මෙහෙ නතර වෙලා හෙට මෙහෙන් වෙන තැනක් බලමු.."
පූර්ණි යමක් කීමට ප්‍රථම ප්‍රගීත් පැවසුවේය..
"ඔව් ප්‍රගීත් .මේකත් ලොකු දෙයක්..බලන්න.. නවය හමාරයි වෙලාව..බඩගිනිත් එක්ක.."
"කෑම ගෙනාවනෙ..ගිහින් කමු.."
දෙදනාම රියෙන් බැස නිවසේ ගේට්ටුවේ බෙල් එක නාද කළහ.. විනාඩි පහකින් පමණ එතැනට පැමිණියේ කබායකින් සැරසුණු මහලු මිනිසෙකි..
"ආ...අපිට අද මෙහෙ නවතින්න පුළුවන්ද උන්නැහේ.."
ඔහු සිනාසුණේය..
"අපොයි පුළුවන් මහත්තය..දවස් කීයටද.."
"ම්...පහකට විතර.."
"හරි මහත්තය ..යමු..මෙතන බෝඩ් එක දැම්මට මේ ගේ නෙවේ කුලියට දෙන්නෙ.."
පූරණී ප්‍රගීත් දෙස බැලුවත් ඔහු මිනිසා කී දේ ගැන වැඩි තැකීමක් නොකළේය..
"ගොඩක් දුරද.."
"අනේ නෑ මහත්තය ..කිලෝමීටර කාලක් විතර.."
ප්‍රගීත් ඒ මනුස්සයා කී පරිදි ගේ සොයා ගියේය.. ඔහු ආවේ ප්‍රගීත්ගේ වාහනයට පසුපසින් ත්‍රීවීලර් එකකිනි..පූරණී වටපිට බලමින් ගියේ ඒ පැත්ත ඉතා පාලු මූසල බවක් ඉසිලූ හෙයිනි..
මනුස්සයාගේ ඉල්ලීම පරිදි ප්‍රගීත් එක්තරා ගෙයක් අසල වාහනය නතර කරවීය..
වෙලාව හරියටම රාත්‍රි දහයයි පහලොව වී තිබුණි.. එය පරණ ගේට්ටුවකි..රාත්‍රිය වුවත් පූර්ණි එහි තිබූ මළකඩ දැක කට ඇඹුල් කළාය..කිසිත් නොදෙඩූ මනුස්සයා ඔවුන් කැටුව නිවසට ඇතුලු විය..
නිවසටම තිබුණේ බල්බ් දෙකකි.. පෙනුමෙන් ඉතා විශල වූ නිවස දෙමහල් විය.ඉතා පැරණි නිවසක් වූ එය මෑතකදි කිසිවෙක් පරිහරණය නොකළ බවට සාක්ෂි හැමතැනම විය..
"මේකෙ කවුරුත් පදිංචි වෙලා හිටියෙ නැද්ද.."
"හිටිය මහත්තය ..අවුරුදු ගාණක්ම පවුලක් පදිංචි වෙලා හිටියා..පස්සෙ ඒ ගොල්ලො රට ගියා ගේ මට බාර දීලා..මේක ගම ඇතුලට වෙන්න තියෙන නිසා කවුරුත් කැමති නෑ මේකෙ නවතින්න එන්න..ඒත් මෙහෙ හරිම නිස්කලංකයි මහත්තය .. මුලු ගෙයක්මනෙ අඩු ගාණට දෙන්නෙ.."
මනුස්සයා සිනාසෙමින් පැවසුවේ ය..ප්‍රගීත් සතුටු වූවේ මෙවැනි තැනක් හෝ ලැබුණු එක ගැනය. පූරණී නම් ගේ ගැන මඳක් හෝ සතුටක් පෙන්වූවේ නැත.. තැන තැන මකුලු දැල් බැඳ කලු වී තිබූ අපිරිසිදු බිත්ති හා වහලත්,පරණ ගෘහ භාණ්ඩත් තැනුන් තැන කැඩුණු සිමෙන්ති පොලවත් නිසා ඇගේ හිතට එය ඇල්ලුවේ නැත..
"මහත්තය..කලින් කියල තිබුණ නම් ගේ ටිකක් අස් කරල දාන්න වත් තිබුණා..බලුප් දෙක තුනක් තව ගේන්න තිබුණා..මං හෙට ඔක්කොම දේවල් හරියටම කරල තියන්නම් මහත්තය..අදට විතරක් ඔහොම ඉන්නකෝ.. දැන් ගොඩක් රෑ වෙලානෙ.."
කී මනුස්සයා යන්නට ගියේය.. පූර්ණී දිගු සුසුමක් හෙලා ප්‍රගීත් දෙස බැලීය..
"මොකද්ද ප්‍රගීත් අනේ මේ ගේ.. හරියට හොල්මන් ගෙයක් වගේ..මට නම් බයයි අනේ.."
ප්‍රගීත් සිනාසී ඇගේ කර වටා අතක් දමා ගත්තාය..
"බයවෙන්නෙ මොකටද බබෝ.. හොල්මන් කියල ජාතියක් නෑ අනේ...මේක කාලෙකින් කවුරුත් පාවිච්චි කරල නෑ..ඒකයි එහෙම පේන්නේ..යමු.. උඩට ගිහින් වොෂ් දාල කෑම කාල නිදාගමු..දහය හමාරයි වෙලාව.."
පූර්ණි ඔහුගේ අතේ එල්ලී තරප්පු පේළිය නැග්ගාය..
එහි බැල්කනියේ හාන්සි පුටුවකි.. එතැනට ලයිට් එකක් නොතිබුණද සාලයේ බල්බ් එකේ එලිය නිසා එය යන්තමට පෙනේ..පූර්ණි ඒ පුටුව දෙස බලමින්ම උඩට නැග්ගාය..එක්වරම පුටුව පැද්දෙන්නට පටන් ගත්තේන් පූර්ණි දිගු සුසුමක් ඉහලට ගත්තාය ..
"මොකද පූර්ණි..මොකද.."
ප්‍රගීත් ඇසුවේ කලබලයෙනි..
"අ..අර පුටුව...අර පුටුව හෙලවෙනව... අර.... අර..බලන්නකෝ.."
ප්‍රගීත්ද එය දුටුවේය..
"ආ.....හුළඟට වෙන්න ඇති..අද ටිකක් හුළඟ සැර වැඩියි..ඒක ගණන් ගන්න එපා.යමු.."
එහෙත් පූර්ණීගේ තිගැස්සුණු හිත හැදුණේ නැත..
උඩුමහලේ ඇත්තේ කාමරදෙකකි..පහල මාලය මෙන් නොව,උඩුමහල ඊටත් වඩා පරණය.. ගුප්තය..එහි එක් බල්බයක් පමණක් දැල්වී තිබුණේය..ඒකත් කොහෙටවත් නැති අයිනකය.. හැම පැත්තටම ටික ටික එලිය බෙදුණද එහි තිබූ මූසල බව ඉන් පළවා හැරිය නොහැකි විය..
ප්‍රගීත් පූර්ණිවත් ඇදගෙන කාමරයට පිවිසියේ ඇගේ හිත වෙනස් කිරීම පිණිසය.. එහෙත් මුලු කාමරේම මකුලු දැල් බැඳ තිබුණි..පරණ ජායාරූපයක් එහි මේසයක් මත දූවිලි වැදි කැත වී තිබුණි..ඇඳෙහිද මකුලු දැල් හා දූවිලි වැදී අපිරිසිදු වී තිබුණි..
"ඊයා....අනේ ප්‍රගීත් අපි යමුකො මෙහෙන්..මේකෙ නිදාගන්නවට වඩා හොඳයි අනේ එලියට ගිහින් කාර් එකේ නිදාගන්නව..මට නම් බෑ මේකෙ නිදියන්න.."
පූර්ණි පැවසුවේ අප්පිරියාවෙනි..
"ඉන්නකො පූර්ණි..ඔයා ගිහින් ඇඟ හෝදගන් එන්නකො.මං මේක ලස්සනට අස් කරල තියන්නම්."
පැවසූ ඔහු අසල තිබූ නාන කාමරයේ දොර හැර සියලු දේ පරීක්ෂා කර බලා ඇය අතට දුරකථනය දුන්නේය..
"ඕකෙ ටෝච් එක ඔන් කරගෙන නාගන්න.බය නම් දොර ඇරල තියන්න.මං කාමරේ ඉන්නවනෙ.. ම්..බය වෙන එපා හොඳද..එලියෙ ඉන්න බෑනෙ බබා..වහිනවනෙ..උන්නු හැටියට මළා මදෑ කියල..අද රෑට විතරක් මෙහෙ ඉමු..හෙට කොහෙහරි වෙන තැනක් හොයාගමු.."
ඔහුගේ වදනින් හිත සනසා ගත් පූරණී නාන කාමරයට වැදුණාය. එහෙත් ඈ දොර ලොක් කළේ නැත.එය මඳක් අඩවල් කර දුරකථනයේ ටෝච් එක ඔන් කරගත් ඈ එය අසල තිබූ සින්ක් එක මත තැබුවාය..සෙමෙන් ශවර් එක හැරිය ඈ ඉක්මනින් ඇඟ සෝදා ගන්නට විය..
මඳ වෙලාවක් ගත විණි..
එක්වරම ලොක් නොකළ දොර සෙමෙන් ඉදිරියට තල්ලු වී අගුල වැටිණි.. පූර්ණි ගැස්සුණාය.. හනිකට එතැනට පැමිණි ඈ ලොක් එකේ එල්ලී කෑ ගැසුවද දොර හැරුණේ නැත.. පුදුමයකට මෙන් එතනම ඇඳ පිරිසිදු කරමින් උන් ප්‍රගීත්ට ඇගේ කෑ ගැසීම ඇසුණේ නැත.. පූර්ණි කෙතරම් බෙරිහන් දුන්නද අගුල හරින්නට හැකිවූයේ නැත.. එක්වරම ආ සුලං පහරකින් ඇගේ හිරිගඩු පිපී ගියාය.. පූර්ණීගේ දෑස් නැවතුණේ නාන කාමරයේ තිබූ කුඩා කවුළුව දෙසටයි..
එහි කුමක් හෝ දෙයක් ඇතුලට පැමිණ නැවතත් එලියට විහිදෙනු ඇයට පෙණිනි.. ගැහෙමින් දුරකථනය ගෙන ටෝච් එක එදෙසට ඇල්ලූ ඇය දුටුවේ කාගේ හෝ බොකුටු කෙස් වැටියක් සුලඟට කවුලුව තුලින් ඇතුලටත් පිටටත් විහිදෙන ආකාරයයි.. යටි ගිරියෙන් කෑ ගැසූ ඈ යලිත් දොරේ එල්ලෙමින් මර හඬ තැලුවාය..එක්වරම දොර වේගයෙන් හැරුණේ ඇයව පසුපසට තල්ලු කරමිනි..
"ප්‍රගීත්..."
ඈ යටි ගිරියෙන් කෑ ගසත්ම ප්‍රගීත් දිව ආවේ වේගයෙනි..
"පූර්ණි...පූර්ණි..මොකද මේ...මොකද .."
ඈ ඔහුව දැඩිව තුරුල් කොට ගත්තේ මහත් භිතියෙනි.. ඇයට හරිහැටි සිහියක් නොලද නිසාවෙන් ප්‍රගීත් වහා ඇගේ තෙත ඇඳුම ගලවා දමා තුවාය ඇඟ වටා දවටා ඔසවාගෙන විත් ඇඳ මත තැබීය..
"ඇයි පූරණී ..මොකද මේ..කාටද ඔයා බය වුණේ.."
පූර්ණි තොල් සෙලවූයේ වෙව්ලමිනි..
"ප්‍ර..ප්‍රගීත්..මේ ගේ අමුතුයි..මං බාත් රූම් එකේ ඉද්දී එක පාරටම දොර වැහුණා..ලොක් එක අරින්නම බැරිවුණා.."
ප්‍රගීත් සිනහ විය..
"පූර්ණි..ඒක ගොඩක් පරණ දොරක්..නිකං වැහෙන්න ඇති..ඕවගෙ ලොක් මළකඩ කාලා.. තදයි ඒකයි.."
"ඒ වුණාට ප්‍රගීත් මං ඒකෙ අර ජනේලයෙන් ගෑණියෙක්ගෙ කොණ්ඩයක් දැක්කා..මං හොඳටම දැක්කා හුළඟට කොණ්ඩෙ ඇතුලට එනවා.."
ප්‍රගීත් බකස් ගා හිනාවුණේය..
"පිස්සු කෙල්ල ..මනෝ විකාරනෙ ඕව..නිකං බය වෙනව.."
පූරණී කෙසේ කීවද ප්‍රගීත් නම් ඇගේ කතාව කිසිසේත් විශ්වාස කළේ නැත..එපමණක් නොව, ඔහු අපූරුවට නාගෙනද පැමිණියේ ය.පූර්ණි තමන් දුටු දේ ගැන හිතමින්ම නින්දට වැටුණාය...
ගත වූවේ මධ්‍යම රාත්‍රි 12 පසුවී විනාඩි කීපයක් පමණි..
කුමක්දෝ ඇඟේ ඇතිල්ලීමකින් පූර්ණි තිගැස්සී ඇහැරියාය.. ලයිට් එලියක් වත් නොතිබූ නිසා ඈ දුරකථනයේ ටෝච් එක ඔන් කර එය හැමතැනටම ඇල්ලීය..මහා ගුප්ත බවක් ඉසිලූ වටපිටාව නිසා ඇගේ හිතට යම් බියක් දැණුනි.. එහෙමම එලිය තියෙද්දී ඈ යලිත් කොට්ටය මතට වැටුණාය.. ප්‍රගීත් තද නින්දේ පසුවිය..
මොහොතකින් ඇය යලිත් නින්දට වැටිණි..
ගතවූයේ සුලු මොහොතකි..
නාන කාමරයේ දොර හරින කිරි කිරි හඬ ඇසිණි.. ඈ හැරී නිදා උන්නේද ඒ පැත්තටමය.. එක්වරම ගැස්සුණු ඈ දුරකථනයේ ටෝච් එක ඒ පැත්තට ඇල්ලුවාය.. ප්‍රගීත් නාන කාමරයේ දොර අසල සිටගෙන ඇය දෙස බලා උන්නේය.. ඈ මඳක් කෙලින් වී ඔහු දෙස බැලීය..
"ඇයි ප්‍රගීත් උලුවස්ස ළඟ හිටගෙන මං දිහා මෙහෙම බලන් ඉන්නෙ..??"
සිතූ ඈ කෙලින් වී ඇඳෙහි හිඳගත්තාය ..එක්වරම එහා පැත්තේ නිදන් උන් ප්‍රගීත් ඇගේ උකුල මතට අතක් දැමුවේ ඇය තිගැස්සවමිනි ..
එයින් බියට පත් පූර්ණි යලිත් නාන කාමරයේ දොර දෙස බැලුවාය..එතන ප්‍රගීත් සිටගෙන ඈ දෙස රෞද්‍රව බලා සිටියි..
"ප්‍රගිත්..අනේ ප්‍රගීත් .. නැඟිටින්නකො ..ප්‍රගීත් "
ඔහු ඇහැරුණේ ගැස්සෙමිනි..
"පූර්ණි මොකද මේ..ඇයි කැ ගහන්නෙ.මොකද මේ මහ රෑ ඇහැරලා.."
පූර්ණි ඔහුව වැළඳගත්තේ බියෙන් ගැහෙමිනි..
"අර අතන අර.."
"කොතනද..?"
පූර්ණීගේ දෑස් උඩ ගියාය.නාන කාමරය අසල කිසිවෙක් සිටියේ නැත.. ඇය අමාරුවෙන් කෙළ පිඩක් ගිල්ලාය..
"අ..අනේ ඇත්ටමයි ප්‍රගීත් මං දැක්ක එතන ඔයා ඉන්නව ..ඒත් දැන් ඒ කෙනා නෑ.."
ප්‍රගීත් හිසේ අත ගහ ගත්තේ ය..
"අයියෝ පූර්ණි මොකද මේ..බලන්න වෙලාව..12 හමාරයි..ඔයා හීනයක් දැකල.."
"නෑ නෑ ප්‍රගීත් ..මං හොඳටම දැක්ක..ඊට පස්සෙයි මං ටෝච් එක ගැහුවෙ..මං දැක්ක ඔයා එතන ඉන්නව.."
"අනේ වස්තුවේ මට මහන්සියි. නිදාගන්නකො දැන්..මෙහෙම නිදි මරල කොහොමද උදෙට ඇවිදින්න යන්නෙ..ම්..නිදාගන්න දැන් හොඳ ළමය වගේ..විකාර දේවල් සිහියෙ තියාගෙන නිදාගත්තාම ඔහොම හීන පේනව.."
කෙසෙ කීවද පූර්ණිට නින්ද ගියේ නැත..එහෙත් වාහනය පදවා වෙහෙස වී උන් ප්‍රගීත්ට ඉක්මනින්ම නින්ද ළඟා වුණි..ඇය දෑස් හැරගෙනම කල්පනා කරමින් උන්නේ තම ඇඟ වටා තිබුණු ප්‍රගීත්ගේ අත දැඩිව අල්ලා ගනිමිනි..
#ගතවූයේ #සුලු #මොහොතකි..
කිසියම් කෙනෙක් තම කාමරය අසලින් ඇවිදන් යන හඬ පූර්ණිට ඇසුණි..ඒත් සමඟම ඇඟේ හෘද ස්ඵන්දනයද වැඩි විය..හොඳින් ඇහුම්කන් දී උන් ඇය සපත්තු හඬ නැවතෙන තැනත් අනුමාන කරගත්තාය..ඔව්..එය තමා මුලින් දුටු බැල්කනිය පැත්තෙනි.. ඒත් සමඟ කවුරුන් හෝ කහින හඬක් ද ඇසිණි..
"ප්‍රගීත්..ප්‍රගීත්..අනේ නැඟිටින්නකො .. නැඟිටින්නකො ප්‍රගීත් "
"අයියෝ...ඇයි පූර්ණි.මේ වතාවෙ මොකද.."
"අනේ ප්‍රගීත් .දැන් මෙතනින් කවුරුහරි ගියා..මට ඇහුණ නිකං කහිනව වගේත්..සපත්තු සද්දයකුත් ඇහුණා.. අනෙ අපි ගිහින් බලමුකො ප්‍රගීත් "
"ශිට්..ඔයා නම් පූර්ණි ...නිදාගන්න දෙන්නෙම නෑනෙ අප්ප.."
ප්‍රගීත් පොරෝනය පසෙක දමා නැඟිට්ටේ කේන්තියෙනි ..පූර්ණි ඔහු පසුපස වැටුණාය..
"බැල්කනිය පැත්තෙන් ඇහුණේ.."
එතැනට කොහොමත් සාලයේ බල්බයේ එළිය මඳක් වැටේ.. එහෙයින් ප්‍රගීත් බැල්කනිය දෙසට හැරිණි..
#එක්වරම දුටු දෙයින් ඔහු එක තැන නතරව ගල් ගැහිණි..
බොකුටු කොණ්ඩය පිට මැදට මුදා හැර කලු ලෝගුවක් පොරවා එහි තිබූ හාන්සි පුටුවේ හිඳගෙන, පැද්දෙන ගැහැණියකි.. ඇය උන්නේ ඔවුන්ට පිටුපා නිසා ඇගේ මුහුණ ඔවුන් දුටුවේ නැත..
පූර්ණිට කෑ ගැසිණි..
ප්‍රගීත් ඇයට අතෙන් සන් කළේ කෑ නොගසන ලෙසටයි.. එහෙත් පූර්ණිට එය වළකා ගැනීමට බැරි විය..මොහොතකින් ගැහැණිය අතුරුදන් විය..
මේ සිදුවීමෙන් ප්‍රගීත්ටද විශාල තැති ගැන්මක් ඇති විය..ඔහු පූර්ණිවත් ඇදගෙන ඉක්මනින්ම කාමරයට පැමිණ තම කළමනා රැගෙන මහ රෑ එක හමාරට පමණ නිවසින් පිට විය..ඔවුන් සාලයෙන් පිටවනවාත් සමඟම මහා හිනා හඬක් ද ගෙදර බඩු මුට්ටු පෙරෙළන හඬක්ද ඇසිණි..
ප්‍රගීත් හා පූර්ණි මර බියෙන් කාරයට නැඟ ගත් අතර අසල තිබූ රබර් වතු යාය දිගේ කවුරුන් හෝ දිව එන හඬක්ද ඇසිණි..පූර්ණි වෙව්ලමින් ප්‍රගීත් බදාගත්තා ය..
කෙසේ හෝ ඔවුන් දෙදනා අතුරු පාරකට හරවා එහි බොහෝ දුරක් පැමිණයහ..වාහනය පාරේ අයිනකට කර නතර කළ ප්‍රගීත් වෙලාව බැලීය..
"දෙකයි හතිලිස් පහයි...දැන් ඉතිං එලි වෙනකන් මෙතන ඉමු.. දෙයියනේ ..මං ඔයා කීවට විශ්වාස කළේ නෑ..පුදුම ගෙදරක්නෙ ඒක.."
දෙදනාම එලිවනතුරු නිදි මරා යලිත් වාහනය ධාවනය කළහ.. එක්වරම තම මිතුරාගෙන් ඇමතුමකි..
"හෙලෝ අවිශ්ක.."
"ආ...ප්‍රගීත්.මොකද මචං..ගෙයක් හොයාගත්තද.. අන්න..අර අපි රෙන්ට් එකට ගත්තු ගෙදර මිනිස්සු ඇවිල්ල..උඹලට අද ඉඳන් එහෙ නවතින්න පුළුවන් "
"තෑන්ක්ස් මචං"
ප්‍රගීත් හා පූර්ණි මහත් සතුටින් තමා කලින් වෙන් කරගත් බෝඩිම සොයා ගියහ..
"අපිට හදිසි ගමනක් වැටුණා.. ඒකයි..සමාවෙන්න ඕන.."
ප්‍රගීත් හා පූර්ණි තමා පෙරදා රැයෙහි මුහුණ දුන් අද්භූත සිදුවීම ඔවුන් ඉස්සරහ පවසන්නට විය.. එය අසා ඔවුන් සියලු දෙනාම සුසුම් හෙලීය..
"අප්පේ...ඒක බෝඩිමක් නෙවේ මහත්තය ..අත් හැරල දාපු ගෙදරක්..ඔය ගේ කුලියට දෙන්න දඟලනව මහ තණ්හාකාර මනුස්සයෙක් ..හැබැයි දන්න කිසි කෙනෙක් ඔය ගෙදරට නම් යන්නෑ..
නිවසේ උන් අය පැවසීය
ඕකේ හොල්මන් තියෙනවා කියල හරි ප්‍රසිද්ධයි . මහත්තයලට පෙණුනෙ නැද්ද ඒක පරණ ගෙයක් කියල "
"නෑ අපි රෑනේ ගියෙ..ගාණක් නෑ ඒ හින්දා.."
"ඕකේ ජීවත් වුණේ වයසක ගෑණු කෙනෙකුයි වැඩකාර කොල්ලෙකුයි..කොල්ල සල්ලි වලට තණ්හාවේ ගෑණිව මරල සල්ලිත් අරන් ගෙයින් පැනල.. මාසෙකට පස්සෙ පොලිසියට අහුවුණේ.. දැන් අවුරුදු පහ හයක් වෙනවා.ඌ තාමට් හිරේ. මැරිච්ච ගෑනිත් හරි තණ්හාකාරී..ඒ ගෑණි මරල තියෙන්නෙ නාන කාමරේලු.. මිනිය හංගල තිබ්බෙ රබර් වත්තෙලු.."
පූර්ණි වෙව්ලුවාය.තමා කවුලුව තුලින් දුටු දේ ගැන යලිත් ඇයට සිහි විණි..
කොහොම නමුත් ප්‍රගීත් හා පූර්ණි දින පහක් එම නිවසේ නතරව හිඳ සුන්දර තැන් නරඹා බොහෝ සේ විනෝද වී අවසානයේ නිවස බලා ඒමට පිටත් විය..
කෙතරම් විනෝද වුවද තමා මුහුණ දුන් ඒ බිහිසුණු රාත්‍රිය කිසිදාක අමතක නොවන ලෙස දෙදනාගේම හිත් තුල මනාව සටහන් වී තිබුණි..
👻 👻 👻 👻 👻 👻 👻 👻 👻 👻 👻 👻 👻 👻 👻 👻
###සමාප්තයි####
#සමුදුනී #දිසානායක
No comments:
Post a Comment