ලිනුකී


නොනිමි කඳුළ - Nonimikandhula

❤️ලිනුකී💛💚

ලිනුකි මම කෙල්ලට කතා කලා.ම්ම්….කොහෙද කෙල්ල ඔලුව
උස්සන්නෙම නෑ.මගේ පපුවට මූණ තියාගෙන ඉකි ගහනවා…අඬන්න එපා කිව්වොත් මේකි මෙතනම ටැප් එක ඇරිය වගේ රඟන්න ගනිවී කියළා මට හිතුනා.
කෙල්ලෝ එහෙමනේ..””කෙල්ලෙක්ට අඬන්න එපා මයි අම්මා,, කියාපන් හාපෝ මාසයක් එක දිගට නොකා නොබී අඬයි..ඒක දන්න නිසාම මම ලිනුකිට ඇති තරම් අඬන්න දුන්නා..අඬලා අඬලා ඒකිටම එපා වුනාම නතර කරයිනේ…
මම හොඳට කෙල්ලෝ ගැන දැනන් ඉඳියේ..
මොකද ලිනුකි මගේ පලවෙනි කෙල්ලත් නෙමෙයි. ඔව් සමහර විට අන්තිම කෙල්ලත් නොවෙන්න පුළුවන්..
මගේ තියරිය තමා සල්ලි සබන් පෙන කෙල්ලෝ අයිස් කැට කියන එක.

ලිනුකිට තිබුනේ අහිංසක මූණක්.හරියටම කිව්වොත් වහින්න ඔන්න මෙන්න කියළා තියෙන අහස වගේ..ලිනුකි සුදුත් නෑ කලුත් නෑ.ඒ දෙක අතරමැද පාටක්ද කොහෙද. ලිනුකි වැඩ කලේ සැලෝන් එහෙක… ලොකූ ලස්සනක් නැතත්..ලිනුකිට ඕන වුනේ අනිත් අයව ලස්සන කරන්නද මන්ඳා.ලිනුකිගේ ලෝකෙම එයාගේ අම්මා තමා..ලිනුකි එයාගේ තාත්තා ගැන අහපු හැම වෙලේම ගොලු වෙනවා මොකුත් කියන්නෙ නෑ..මටත් ඉතින් ආයේ ආයේ එකම දේ අවුස්සන්න බැහැනේ මම වැඩේ අතෑරලා දැම්මා…

එදා මම මාතර ඉඳලා බොරැල්ලට ආවා මගේ අයිඩී එක නැති වෙලා ඒක හදාගන්න.කට කපලා සෙනඟ බස් එකේ අමාරුවෙන් කකුලක් දාලා එල්ලුනේ බස් එකේ..බස් එකේ තෙරපෙන මිනිස්සු අතරේ ලිනුකි තෙරපිලා..මං හිතන්නේ තද වෙච්ච තරමට කෙල්ලගේ ඇස් දෙකෙන් කඳුළුත් පැනලා..මම අමාරුවෙන් තෙරපි තෙරපි කෙල්ල ලඟට කිට්ටු වුනා..කෙල්ල ඇස් වල කඳුළු පුරවන් මගේ දිහා බැලුවෙ.නංඟී ඔහොම යන්න අමාරුනේ ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැලා වෙන බස් එකක යන්න..කෙල්ල අසරණ විදියට හිනා වුනේ.බස් එක ඉස්සරහට ඉස්සරහට යන්න සෙනඟ අඩු වුනා..මට තේරුනා කෙල්ලව දැලේ දා ගන්න මහා අමාරුවක් නෑ කියළ.ඒ නිසා මම දෙපාරක් නොහිතම මගේ නෝ එක දුන්නා.මගේ නෝ එක ලියපු කොල කෑල්ලක් මගේ පර්ස් එකේ නිතරම තිබුනා.
මොකද ඊලඟ කෑල්ල ඊටත් වඩා රසවත් කියනවනේ…

බොරැල්ලේ ඉඳලා ගෙදරට එන්නත් කලින් ලිනුකිගේ පලවෙනි මැසේජ් එක ආවා…”ඔයා හොඳ කෙනෙක් අය්යේ.”ඉල්ලුමට සැපයුම කියනවනේ. ඔයත් හොඳ කෙනෙක් නංඟී””.මමත් දෙපාරක් නොහිතම මැසේජ් කළා.මැසේජ් එක දෙක තුන හතර දිගට ගිහින් මම ලිනුකිට අයිලව් යූ කියලා අන්තිමට යැව්වා..තප්පරයයි ගියේ මාත් ආදරෙයි කියළා උත්තර ආවා..

මම ලිනුකිව හමුවෙන්න ආවා.ලිනුකි විතරයි සැලෝන් එකේ හිටියේ…..ඔයා තනියමද මෙතන වැඩ කරන්නෙ?මම ලඟ තියෙන පුටුවක් ඇදලා අරන් වාඩිවෙන ගමන් ඇහුවේ…ඔව්””කෙල්ල හිනාවෙළා  කිව්වේ…මට ඕන වුනේ ලිනුකිගෙන් ආදරයක් නෙමෙයි.ලිනුකිත් මට තව එක කෙල්ලෙක් විතරයි…මම ලිනුකී ලඟට ආව.කෙල්ල ගොඩදාපු මාළුවා ගානයි ගැහෙනවා.මට හොඳටම තේරුනා කෙල්ල කවදාවත් කොල්ලෙක් ලඟට ගියපු එකියක් නෙමෙයි කියළා…ලිනුකී කෙල්ලගේ උගුර කට වේලිලා ගිහින්.ලිනුකිට කිසිම දෙයක් හිතන්නවත් ඉඩක් නැතුව යද්දී මම එකපාරම මගේ තොල් දෙක ලිනුකිගේ තොල් දෙකට තියලා තද කළා..ලිනුකි ඇස් දෙක ලොකු කරලා මගේ දිහා බැලුවේ..ඊටත් පස්සේ ලැජ්ජාවෙන් වගේ බිම බලන් හිටියා.ඔලුව ඉස්සුවෙවත් නෑ..
ලිනුකී..ම්ම්ම්ම්..කෙල්ල කතා කලේ රහසින් වගේ.තාම ගැහෙනවද කොහෙද…මොකද අනේ ඔච්චර බය මම හය්යෙන් හිනා වෙළා ඇහුවේ.මට මෙහෙම දේවල් පුරුදු නෑ බිනර අය්යේ…මමත් පුරුදු වෙලා නෙමෙයි හලෝ කිස් කරන්නේ.ලිනුකි අහිංසක විදියට හිනා වුනා විතරයි .

මම හරියට ජීව්ත් වුනේ කුරුල්ලෙක් වගේ.මගේ වචනෙන් කියනවනම් සැපේ හිටියේ..අප්පච්චීගේ සල්ලි වලින් කාලා බීලා ආතල් එකේ ගෙවන ජීවිතයක්….
ලිනුකී…මම කෙල්ලට කෝල් එකක් ගත්තා.
කෙල්ල සැලෝන් එකට යන්න ලේස්ති වෙනව ඇති කියළා මට හිතුනා.ලිනුකී…මහත්තුරු..කෙල්ල මට කතා කලේ හරි ආදරෙන්.. ඒත් මම කවදාවත් ලිනුකිට ආදරෙන් කතා කළේ නෑ.වස්තු පැටියෝ,සුදූ ,පන වචන මම ලඟ නෑ..මොකද කෙල්ලෝ කැමති ගනන් උස්සන රෙස්පක්ට් කොල්ලන්‍ට..කොල්ලොත් ඒ වගේ තමා කැමති ගනන් උස්සන කෙල්ලන්ට ඒ තියරිය ලිනුකි දැනන් ඉඳියෙ නෑ….

අද මට ඔයා එක්ක ඉන්න ඕන දවසම …
මොකක්?…කෙල්ල බය වෙලා වගේ ඇහුවේ.ඔව්…ඔයාට තුරුල් වෙලා..අනේ මම වැඩනේ…වැඩ තමුසෙ මොකෝ ඔෆිස් එකකද වැඩ කරන්නේ එක දවසක් සැලෝන් එක වහලා ආවම ලක්ෂ ගානක් පාඩු වෙනවද..ආ…මම එහෙම කියළා ෆෝන් එක කට් කළා…ඊට විනාඩි දෙකක් ගියේ නෑ ලිනුකි මට ආයේ කෝල් කළා..මොකද?…මම සැරෙන් ඇහුවේ..මහත්තයො..ලිනුකි කතා කල විදියෙන්ම මට තේරුනා කෙල්ල ඇස් වල කඳුළු පුරවන් මේ කතා කරන්නේ කියළා.
මම එන්නම්…ඕන නෑ ලිනුකි….මම දුක හිතිලා වගේ කතා කලේ..අනේ තරහා වුනාද..?මං එක්ක?..නෑ ඉතින් ඔයාට මාව වටින්නෙ නැහැනේ.අනේ..මහත්තයො මට ඔයාව ගොඩාක් වටිනවා..නවය වෙද්දි නිහාල් කැෆේ එක ලඟට එන්න.බුදුසරණයි..කෙල්ල හිනාවෙළා ෆෝන් එක කට් කලා..

මම ලිනුකිව එක්කරන් ගල්කිස්සේ හොටෙක් එහෙකට ආවා..කෙල්ල බයයි මම නැති වෙයි කියළා.ඒකයි කෙල්ල අකැමැත්තෙන් වුනත් මම එක්ක මේ ගමන ආවේ..ලිනුකි මට පුදුම තරම් ආදරේ කළා..මං හිතන්නේ මට හමුවුන කෙල්ලොන්ගෙන් මට මේ තරම් ආදරේ කළ අහිංසක කෙල්ල ලිනුකිද කොහෙද…..

ඇයි ළමයෝ මේ බය වෙළා?මං ඔයාව ගිලින්නේ නෑ.මම ලිනුකිට තව ලං වෙන ගමන් කිව්වේ.ලිනුකිගෙ බ්ල්ව්ස් එකේ බොත්තන් එකින් එක ගැලවෙද්දී ලිනුකිගේ පපුවේ සද්දෙ ටික ටික වැඩි වෙනවා මට හොඳටම ඇහුනා…ඇසිල්ලකින් ලිනුකිගේ ජීවිතේ සංතකේම උදුරගෙන ඈත්වු නේ..ලිනුකි මගේ කකුල් දෙක ලඟ වැටිලා අඬන්න පටන් ගත්තා…අනේ මට ආයේ ගෙදර යන්න බෑ.අනේ මාව එක්ක යන්න..අනේ මාව අසරණ කරන්න එපා…කෙල්ලගේ කඳුළු නතර වුනේම නෑ..කෝ ඉතින් අඬන්නෙ නැතුව ඉන්න මේ මම ඉන්නේ දාලා ගියේ නැහැනේ..හොඳ ළමයා වගේ කඳුළු පිහිදා ගන්න.අපි දැන් යමු….

කෝ මගේ ඔලුවේ අත තියලා දිව්රන්න මාව දාලා යන්නෙ නෑ කියළා..ලිනුකී මගේ අත අරන් එයාගේ ඔලුවෙ තියා ගත්තා….
දිවුරන එකනම් මොකද්ද කී දෙනෙක්ට නම් මම දිවුරල ඇද්ද…ඒ නිසා දෙපාරක් හිතුවෙ නෑ…මම ලිනුකිගේ ඔලුවෙ අත තියලා දිවුරුවා..ලිනුකි මගේ කකුල් දෙක අල්ලලා වැන්ඳා.ඒ වෙලාවෙ නම් මගේ හිත ලාවට වගේ ගැස්සිලා ගියා…

වෙනඳ දවසට පස් හය පාරක් කෝල් දෙන ලිනුකි දැන් හැම වෙලේම කෝල් ,මැසේජ් වෙලාවකට ෆෝන් එක පොලවේ ගහන්න හිතුන වෙලාවලුත් තිබුනා..ලිනුකී හරියට හැසිරෙන්නේ මම එයාව බැන්ඳ ගානටනේ පොඩි ආතල් එකක් දුන්නම සිරා ගන්නවනේ..මහත්තයො මට උනයි හෙම්බිරිස්සාවයි.ලිනුකී උදේම කෝල් කරලා දවසම මස්ත බාල්දු කළා..
මම දොස්තරද මට කියන්නේ ගිහින් බෙහෙත් ගන්න..ලිනුකී අඬන්න පටන් ගත්තා.එපා වෙනවනේ එල්ලී එල්ලී එනකොට. ඇයි හලෝ අඬන්නේ? මම වැරදි දෙයක්ද කිව්වේ ජීවිතේම අරගෙන ඔහොම කතා කරන්න එපා බිනර  අය්යේ…..ආ යකෝ මේක හරි කතාවක්නෙ.. එකට හිටිය කියල මට මැරෙන්නද කියන්නේ ….ආ……
මම සද්දෙට ඇහුවේ…

එකට හිටිය කියළා මැරෙන්නද කියන්නේ..ආ..මම සද්දෙට ඇහුවේ…කෙල්ල අඬ අඬාම ෆෝන් එක කට් කළා………..මගේ අතිජාත මිත්‍රයා සඳුන් එක්ක මම නුවර යන්න ආවා….උගේ බිස්නස් වැඩකට..ඌයි මායි සීට් දෙකක වාඩි වෙලා ගියේ..මගේ ළඟ වාඩි වෙලා ගිය කෙල්ල යාර බාගෙන් උඩ එකයි යට එකයි දෙකම මහන් ඇඳලා..පුදුම සුදක්. කකුල් දෙකත් එලියෙ දාගෙන.මගේ වචනෙන් කියනව නම්..පට්ට කෑල්ලක්..මං හතර පස් වතාවක්ම බැලුවා. එත් ඒකි මගේ දිහා බැලුවෙම නෑ.මට තේරුනා අල්ලන්න අමාරු අත්තක් කියළා.ඒ නිසාම මම ඒකිට ට්‍රයි කළා.පැය දෙකක් එක ලඟ වාඩි වෙළා ගියත් ඒකි නෙමෙයි මගේ දිහා බැලුවේ..

එක්ස්කියුස් මී නංඟී වතුර ට්කක් දෙනවද?මම බොරුවට කහින ගමන් වතුර ටිකක් ඉල්ලුවේ..ලතාවකට වගේ උකුලේ තිබුන බෑග් එක ඇරලා, ලාවට හිනාපාරක් දාන ගමන් කෙල්ල මට වතුර බෝතලේ දිගු කලේ.කොහෙද මේ යන්නේ? ඩැඩී බලන්න..මට තේරුනා කෙල්ල හෙනහයි ෆැමිලි එහෙක කියළා.කොහොම හරි ට්‍රයි කරලා නෝ එක ඉල්ල ගත්තා..හම්මේහ් ඇති යන්තන්..ඒකිගේ නම නසීරා..

ගෙදර ඇවිත් කෝල් පාරක් දැම්මා.බටර් ගාලා ගාලා කොහොම හරි කැමැත්ත ඉල්ල ගත්තා.ඒ අස්සේ ලිනුකිත් කෝල්..ෆෝන් එක බිසීනේ ප්‍රශ්න කෝටියයි..කවුද බිනර අය්යා කෝල් හැමවෙලාවෙම වේටින්.
ඔයා ඉස්සර ඔහොම නෑ…ලිනුකිගෙ අඳෝනාව එපාවෙනවා..එකපාරටම ලිනුකිව අතාරින්න මට හිතුනෙ නෑ.ඒත් ඉතින් හැමදාම එකම හෝටලේකින් කන්නත් බැහැනේ. ඒ නිසා ඩුප්ලිකේට් වෙනුවට ලිනුකිව තියාගත්තේ.බැරිම තැන මම තව ෆෝන් එකක් ගත්තේ.දැන් ඉතින් ප්‍රශ්න කරදර බාධක් සේරම ඉවරයි.ගානට දෙකම හැඬල් කරන් යන්න තියෙන්නේ..

ඒත් වැඩි කල් මට නසීරාගේ ලව් එක ඇදන් යන්න බැරි වුනා.නසීරාගේ ඩැඩීගේ ඉක්මන් තීරණේ නිසා ලොකුම ලොකු වෙඩින් එකක් අරන් අපි මැරි කළා.මේ මොකුත් ලිනුකී දැනන් ඉඳියේ නෑ. වෙඩින් එක දවසෙත් මම ලිනුකිට කෝල් එකක් දුන්නා..යාළුවෙක්ගේ වෙඩින් එහෙක ඉන්නේ කෝල් ආන්සර් කරන්න බැරි වෙයි කියළා.මැරි කලාට පස්සේ මම ෆෝන් දෙකක් පාවිච්චි කරනවට නසීරා කැමති වුනේ නෑ.

නසීරගේ බර බරේ නිසාම එක ෆෝන් එකක් අයින් කරන්න වුනා.මම අපේ අප්පච්චිගේ බිස්නස් වැඩ වලට සම්බන්ඳ වුන නිසා මට ගෙදරින් පිට ගොඩාක් වෙලාවට ඉන්න වුනේ.ඒ නිසා මට ලිනුකිට කෝල් එකක් දෙන එක ලොකු අවුලක් නොවුනත් ලිනුකී රෑටවත් කෝල් එකක් දුන්නොත් කියළා මට බයකුත් හිතේ තිබුනා..මම කෝල් ගන්නකම් මට කෝල් ගන්න එපා ලිනුකී….මම කෙල්ලට එහෙම කිව්වම කෙල්ල අහිංසක විදියට හා කියළා කිව්වා.

බැඳපු නසීරට වඩා ලිනුකී මට පුදුම තරම් ආදරේ කළා.බැඳලා අවුරුද්දක් ගෙවිලත් ලිනුකී මේ මොකුත් දැන ගත්තෙ නෑ.එහෙම දැනගත්තා නම්.එහෙම දැනගත්තා නම් ලිනුකි වස කාලා මැරේවි කියළා මට හිතුනා.මොකද නසීරා ලඟ නොතිබුන පිරිසිදු කම මම දැක්කේ ලිනුකිගෙ විතරයි.
ඒත් සල්ලී ඉස්සරහා නසීරාගේ වැරදි අඩු පාඩු මට මහා ලොකු දේවල් උනේ නෑ.දනිසෙන් පහලට දිගම දිග සාය අදින ලිනුකිට වඩා දින්සෙන් උඩට කොට කොටේ කලිසන් කෑල්ල අඳින නසීරට මම ආශා කලා.ඔව් මට දැන් හිතෙනව මම නසීරට කලේ ආදරයක් නෙමෙයි ආශාවක්ද කොහෙද කියළත්.

නසීරා එක්ක මම ටවුන් ආවා.ඉරිදා නිවාඩු නිසා.නසීරාට ඕන වුනා ගාලු කොටුව බලන්න යන්න.මම බෑම කිව්වා..මට බය හිතුනා.හදිසියෙන් ලිනුකිට අහුවෙයිද කියලත්.මොකද ලිනුකිලාගේ ගෙවල් තිබුනේ ගාල්ලේ බද්දේ ගම.මං බයෙන් බයෙන් වගේ ආවේ..හිතුව වගේම ඔක්කොම ඉවරයි.ලිනුකි එයාගේ යාළුවෙක් එක්ක ගාල්ලේ කොටුවේ.මම දැකලාඇස් දෙක ලොකු කරන් මම ලඟට ආවේ..

මම ලිනුකී කතා කරන්නත් කලින් නසීරගේ පැත්තට හැරුනා.මේ මගේ යාලුවෙක්ගේ නංඟි කෙනෙක්.මම එහම කියලා ලිනුකිව පෙන්නද්දී කෙල්ලගේ ඇස් දෙක ලොකු වුනා.මං හිතුවේ සිගි නැතුව වැටෙයි කියළා .මේ මගේ වයිෆ් මම නසීරව පෙන්නද්දී කෙල්ල අඬාගෙන යන්න ගියේ.එදා ඉඳලා ලිනුකිගේ ෆෝන් එක වැඩ කලේ නෑ.මම ලිනුකිව ගොඩාක් හෙව්වා.මගේ හිත කිව්වෙම කොහේ හරි කැලේකටවත් ගිහිල්ලා කෙල්ල වස බීලා මැරිලා කියළා .මොකද ලිනුකිට කිසි දෙයක් දරා ගැනීමේ ශක්තිය තිබුනෙ නෑ.

නසීරටත් මන් ගැන ලාවට වගේ සැක හිතිලා කියලත මට තේරුනා.මේ ප්‍රශ්න අතරම මගේ යාළුවා අකලංක ජපන් ඉඳලා ලංකාවට ආපු ගමන් අපේ ගෙදර ආවා.නසීරට කවුරු ඉඳියත් ගානක් නෑ.ඔහේ සබ්බ සකල මනාවම එලියේ දාන් ඉන්නවා..අකලංක ඉන්නවා කියලා ගානක් වත් නෑ.මට ලැජ්ජත් එක්ක.කොහොම හරි මට පස්සේ ආරංචි වුනා නසීරා අකලංක එක්ක යාලුයි කියළා ..මම ගෙදර ආවේ යක්ෂාවේස වේලා.නසීරා මොකද්ද උඹ අකලංක එක්ක තියෙන සම්බන්දෙ ..ආපු කේන්තියට මං නසීරාගේ කම්මුලට පාරක් ගැහුවා….මට හිතුනා මට මේ පනිසන් දෙන්නේ ලිනුකිට දීපු දුක කියලා.අවුරුද්දක් විතර රංඬු වල කෙලවරක් තිබුනෙම නෑ.එක දවසක් මම වැඩට ගිහින් එද්දී නසීරා අකලංක එක්කම යන්න ගිහින් තිබුනා..මට ලිව්මකුත් ලියලා.

මම පිස්සෙක් වගේ ලිනුකිව හොයන්න පටන් ගත්තා…ලිනුකි වැඩ කල සැලෝන් එකට ගිහින් ගෙදර ඇඩ්‍රස් එක ඉල්ලන් මම ගාල්ට ආවා..ඒත් ලිනුකි ගැන මොකුත් විස්තරයක් දැන ගන්න බැරි වුනා….මගේ කරුම අප්පච්චිටත් පල දීලා වගේ එයාගෙත් බිසන් කඩාගෙන වැටුනේ බලන් ඉද්දිමයි.මට අප්පච්චී බලා ගන්න ඕන නිසා හැමදේම අමතක කරලා ජොබ් එකක් හොයා ගන්න ඕන වුනා..හිතේ දුකයි පසුතැවිල්ලයි හැමදේම දරාගෙන මම ඉන්ටෙව් එකට ආවේ..මම වගේම තව ගොඩාක් අය ඉන්ටෙව් එකට ඇවිත් හිටියා…එකපාරටම සාරියක් ඇඳන් දොර ගාවින් මතු වුනේ ලිනුකී..දෙවියනේ මට අදහාගන්නත් බෑ. කෙල්ල ලස්සන වෙලා. මම හිතුවේ ලිනුකිත් ඉන්ටෙව් එකට ආවේ කියළා.මම හිනාවෙළා ලිනුකී එක්ක කතා කරන්න ඉස්සරහට ගියේ..

මැඩ්ම් කොල්ම්බියා එකේ කොලෝත්ස් වල ඉන්කම් එක ඕකේ මැඩම්.සර්ටත් කිව්වා…
ලිනුකිගේ ලඟට මටත් කලින් දුවගෙන ඇවිත් කිව්වේ එතන වැඩ කරන ගර්ල් කෙනෙක්ද කොහෙද….දෙවියනේ මට හිතා ගන්නත් බෑ.මෙච්චර ලොකූ කම්පැනියක අයිති කාරියක් වෙන්න තරම් ලිනුකී…මම කතා කරන්න හිතන් ලිනුකි ලඟට ආවේ..ගුඩ් මෝනින් බබා…මටත් වඩා ලස්සන කොල්ලෙක්.. ටයි එකක් දාලා කම්පැමියේ බොස්ද කියළා හිතුනා…ලිනුකිගේ අතින් අල්ලා ගත්තා.. යමු ඇතුලට..මට කිසි දෙයක් හිතන්නවත් ඉඩ නොතියා ලිනුකී මාව දැක්කේ නෑ වගේ අර බෝයිගේ අතින් අල්ලන් ඈතට ගියේ මගේ ඇස් දෙක කඳුලින් පිරෙද්දී…..

———නිමි——–

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment