#කෙටි_කතාව෴෴
#අහිමි_පෙම
"අපේ අාදරේ අවසානෙ මේකද. අැයි අපිට මෙහෙම වෙන්නෙ"
"මට තේරෙන්නෙ නැහැ විහග. ඔයා හිතන්න එපා මම සතුටින් කියල..එ්ත් මම අසරණයි"
"මට තේරෙනව ඔයා ගැන එ්ත් මම කියන්නෙ අැයි ඔයා උත්සහ කරල බලන්නෙ නැත්තෙ"
"අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බැහැ විහග. මට හැමදාම සතුට පෙනි පෙනි නැති වෙනව.....එ්ත් මට ඔයා විතරයි ඉන්නෙ මගෙ දුක කියන්නත්....අපි දෙන්න මෙහෙම හැමදාම දුරින් ඉදන් අාදරේ කරමු මට පුළුවන් එච්චරයි"
"මම ඔයාව අත අරින්නෙ නැහැ දෙව්මි...මම ජීවිතේ තියනකම් කොහෙ හිටියත් හොයල බලනව එ්ක මම ඔයාට පොරොන්දු වෙලා තියෙන්නෙ"
"මම වැඩ ඔයාට පස්සෙ කෝල් කරන්නම් බුදු සරණයි"
මම පෝන් එක තියල අායෙත් කල්පනාවට වැටුනෙ අැත්තටම දෙව්මිගෙ ප්‍රශ්නෙට මොකද කරන්නෙ විසදුමක් අැත්තෙම නැද්ද...මම දෙව්මිට ගොඩක් අාදරෙයි අැත්තම කියනවනම් මගෙ පණටත් වැඩිය. එ්ත් අපි පොඩි අය නෙමෙ. අාදරේ කියල.ප්‍රශ්න වැඩි කර ගන්නත් බැහැ...එහෙමයි කියල අත අරින්නත් බැහැ මොකද අපි හදවතින් බැදිල ඉන්නෙ...
දෙව්මි මට අහම්බෙන් මුණ ගැහුනු දැන් මගේ මුලු ජීවිතයම උන කෙනක් එ්ත් අපි අපිට හම්බ උනේ හුගක් පරක්කු වෙලා...දෙව්මි කියන්නෙ කසාද බැදපු කෙනෙක්..එයාගෙ මහත්තය එයාව අත අැරල ..එදා ඉදන් තනියම ජීවිතේ ගොඩ දාගන්න උත්සහ කරනව..
පෝන් එක රින්ග් වෙන සද්දෙට මම බැලුවෙ දෙව්මි අායෙත්
"කියන්න දෙව්මි"
"මට හිත එක තැනක තියන් වැඩක් කරගන්න බැහැ විහග..."
"ඔයා කල්පනා කරන්න එපා..වැඩ කරන්න...මම ඉන්නවනෙ දාල ගියෙ නැහැනෙ"
"ඔයා දන්නවනෙ මම මගෙ ජීවිතේම කැප කලේ මගෙ දුව වෙනුවෙන්..එයාට මම වගේ දුක් විදින්න දෙන්න බැරි නිසා.."
"හරි ලමයො ඉතින් මම එ්ක දන්නවනෙ....එ්ත් මට ඕන උනේ ඔයා දුක් විදින එක නවත්තන්න...ඔයා ජීවිත කලයටම වින්ද නැති ඔයාගෙ ජීවිතේ ඔයාට ලංකරන්න"
"මම දන්නව...මම දරැවත් එක්ක තනි උනාම හැමෝම මට ලංවෙන්න බැලුවෙ උදව් කරන්න වගේ වෙන දේවල් බලා පොරොත්තුවෙන්...එත් ඔයා විතරයි අැත්තටම මට අාදරේ කරපු කෙනා...මම ගොඩක් හීන දැක්ක..මගේ ජීවිතේ දුක ඉවරයි කියල හිතුවෙ එ්ත්...."
"ඔයා දුවත් එක්ක අපි ගැන කතා කරන්න...දුව තේරැම් ගනියි..."
"වැඩක් නැහැ විහග දුව කැමති නැහැ මම කසාදයක් බදිනවට....එ්ක දුවට කැලලක්"
"එ්ත් මට දුක ඔයා මුලු ජීවිත කාලෙම දුව වෙනුවෙන් කැප කරල දුවගෙ ජීවිතේ හැම දෙයක්ම හරි ගස්සල ඔයාගෙ ජීවිතේ පටන් ගන්න හදනකොටම එ්ක නැති වෙච්ච එක ගැන"
"එ්ක මට උරැම නැතුව අැති විහග...දුවගෙ සතුට වෙනුවෙන් මෙච්චර කැපවීම් කරපු මට ජීවිතේ ඉතිරි කාලෙත් කැප කරන්න පුලුවන්"
"මම ඔයාට බල කරන්නෙ නැහැ...ඔයා අසරනයි කියල මම දන්නව....එ්ත්...මගෙ හදවතේ...වේදනවක් තියනව....එ්ක කියන්න මට තේරෙන්නෙ නැහැ දෙව්මි"
"ඔයා හිතනවද විහග මම සතුටින් ඉන්නව කියල....මම ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ....මගෙ හිත පිච්චෙන තරම් මම විතරයි දන්නෙ"
"කමක් නැහැ ඔයා සතුටින් ඉන්න..මම දුරින් ඉදන් හරි ඔයාගෙ දුකට ඉන්නව.."
මම දෙව්මිට අාදරේ කරේ ගොඩක් හීන තියගෙන. එයා ගොඩක් දුක් විදපු කෙනෙක් මට ඕන උනේ එයා දුක් විදින එක නවත්තන්න එ්ත් මම දන්නව එයා අසරණයි මට දුක එයාට ඉතුරැ කාලෙත් දුක් විදින්න වෙයිද කියල..අපි ගොඩක් අාදරෙන් හිටියෙ අනාගතේ ගැන ගොඩක් හීන මැව්ව මම බලාගෙන හිටියෙ ජීවිත කාලෙම දුක් විදපු එයාව රැජිනක් වගේ තියන්න මට පුලුවන් එ්ක..එ්ත් දෛ්ව්‍ය අපිට හරස් උනා..
මම පාර පැත්තට ගියෙ තනියම කල්පනා කර කර ඉන්න කොට මටත් ජීවිතේම එපා වෙනව ටවුම පැත්තට අැවිත් කෑම එකකුත් අරගෙනම යන්න හිතාගෙන හෝටලේ පැත්තට අැවිදන් ගියෙ...මගෙ ලගින් ගිය කාර් එකක් එකපාරම නැවත්තුව මමත් එ්ක දිහෑම බලාගෙන එතනින් යන කොට කාර් එකේ වීදුරැව පාත් කරල..අැතුලෙ හිටපු ගෑණු කෙනා කතාකරා...
"මේ විහග නේද"
"ම්ම්ම්...මේ දිස්න නේද"
"මටත් එක පාරටම අදුර ගන්න බැරි උනා....මේ කොහෙද"
"මම මේ ලග වැඩ කරන්නෙ..ඔයා කොහෙද මෙහෙ"
"මම පොඩි උවමනාවකට මේ පැත්තෙ අාවෙ...කොහෙද යන්නෙ"
"මම කෑම එකක් ගන්න කියල අාවෙ"
"නගින්නකො කාලෙකට පස්සෙනෙ...මාත් තිබහෙන් හිටියෙ මොනව හරි බොමු "
මම දිස්නත් එක්ක ලග තිබුනු...කඩේකට ගිහින් බීම දෙකක් ගත්ත
"අා දිස්න බොන්න..කොච්චර කාලෙකට පස්සෙද"
"ඔව් මම හිතන්නෙ අවුරැදු පහලවකට වැඩි මිසක් අඩුනම් නැහැ"
"ඔව් ඔයාගෙ තාත්ත නැති උනාට පස්සෙ ඉස්කෝලෙන් අයින් වෙලා ගියට පස්සෙ අපි හම්බුනේම නැහැනෙ"
"ඔව්....අපේ ඉස්කෝලෙ කාලෙ මතක් වෙද්දිත් කොච්චර සුන්දරද...අායෙ එ් කලෙට යන්න අැත්නම්"
"කාලෙත් එක්ක හුගක් දේවල් වෙනස් වෙලා දිස්න...ඔයාට හුගක් දේවල් ලැබිල මට හුගක් දේවල් නැති වෙලා"
"අැයි විහග කලකිරිල වගේ...දැන් මොකද කරන්නෙ..වයිෆ් ගෙදරද බබාල ඉන්නවද"
"මම තනියම ඉන්නෙ දිස්න මට වයිෆ් කෙනෙක් නැහැ"
"එ් මොකෝ බැන්දෙ නැත්ද..මොකද අර එ් කාලෙ හීන මව මව හිටපු ඔයාගෙ හීන කුමාරි හම්බුනේ නැද්ද"
"දිස්නට මතකද ඔයා දවසක් කිව්ව මම හිතනව වගේ කෙල්ලෙක් ජීවිතේට හම්බවෙන්නෙ නැහැ කියල"
"අපෝ මතකයි එ්කාලෙ ඔයා ලියුපු විදිහට මමනම් හිතුවෙ ලේඛකයෙක් වෙයි කියල"
"මට මම හිතපු විදිහෙම කෙනෙක් ලැබුන දිස්න එ්ත පරක්කු වැඩියි"
"එ් මොකද.....අැත්තටම එහෙම කෙනෙක් හිටියද විහග"
"එ්ක ලොකු කතාවක්....ඉතින් කොහොමද ඔයාගෙ ජීවිතේ"
"මම බැදල මට දුවෙකුයි පුතෙකුයි ඉන්නව අපි කාසේල් එකක් කරනව...තව බිස්නස් දෙකතුනකුත් කරනව"
"එ් කියන්නෙ එ් කාලෙ හිතපු තැනටම අාව....කොහොමත් අපි එක පන්තියෙ හිටියට ඔයාල එදා ඉදන්ම සල්ලි කාරයොනෙ"
"තාම මට හින්ට් ගහනඑක අමතක නෑ නේද..තාත්ත නැති උනාට පස්සෙ අපේ බිස්නස් වැටුන අපේ මාම කෙනෙක් තමයි අපිට හෙල්ප් කරේ එ්ව ගොඩගන්න එයාගෙ පුතාව තමා මම බැන්දෙ"
"ඉතින් මහත්තය කෝ.....තාම ඉස්සර වගේ මුරණ්ඩුද තනියම කොහෙද ගියෙ"
"අපි පොඩි ප්‍රශ්නෙක ඉන්නෙ විහග"
දිස්න මාවත් මම ඉන්න තැනට ගෙනත් දාල ගියා. දිස්නට උදව්වක් කරන්න බලන්නම් කියල මම කිව්ව..
දෙව්මිටත් මම කිව්ව යාළුවෙක් හම්බුනා කියල වැඩිය විස්තර කිව්වෙ නැහැ එයාට මොනව හරි කිව්වම මහ ගොඩක් හිතනව...ඊට පස්සෙ දවසම මාත් එක්ක රණ්ඩු තමයි....
දිස්න මට හැමදාම වගේ කෝල් කරා එයාගෙ වැඩේ ගැන කතා කරන්න...මගෙයි දෙව්මිගෙයි ප්‍රශ්නෙටත් විසදුමක් නැති තැනටම අාව දෙව්මි දුකින් හිටියත් එ්ක මට පෙන්නුවෙ නැහැ...මම හැම වෙලාවෙම දෙව්මි එක්ක කතා කරේ එ් ගැන මොකද මට ඕන උනේ දෙව්මිගෙ සතුට එයාට දුකක් නැතුව ජීවත් වෙන්න පුලුවන්නම් මට එ්කත් අැති..
කාලය ටික ටික ගෙවිල ගියා මම දෙව්මිගෙන් ටික ටික අෑත් වෙන්න උත්සහ කරා එ්ක දෙව්මිට තේරිලා තිබුනෙ දවසක් එයා මගෙන් අැහැව්ව..
"විහග ඔයා දැන් හුගක් වෙනස් වෙලා..දැන් ඉස්සර වගේ කතා කරන්නෙත් නැහැ..මැසේජ් දාන්නෙත් නැහැ අැයි"
"තේරැමක් නැති දේවල් ගැන හීන මවල වැඩක් නැහැ දෙව්මි ඔයාට වගේ නෙමෙ මට කවුරැත්ම නැහැ ඉතින් මට කියල ජීවිතයක් තියෙන්න ඕනෙ මම මගේ ජීවිතේ හොයන් යනව"
"මම ඔයාට අාදරෙයි එ්ත් මගෙ දුව කැමතිනැහැ මම අසරණයි...මගෙ දුවට මම අාදරෙයි...එ්ත් ඔයා හොදටම දන්නව මට කවුරැත් නැහැ කියල..ඔයා මාව දාල ගියොත් මම තනි වෙයි"
"ඔයා තනි වෙන්නෙ නැහැ ඔයාට සතුටින් ඉන්න පුළුවන්...තනි උනේ මම මටයි කවුරැත් නැතිව ගියෙ"
"ඔයාට කවුරැත් නැති උනේ නැහැ මම ඉන්නව එකතු වෙන්න බැරි උනත් අපි දුරින් ඉදන් හරි අාදරේ කරමු...මාව දාල යන්න එපා"
"මොකක්ද දෙව්මි එ් අාදරේ තේරැම...ඔයා ඔයාගෙ ජීවිතේ ගෙවන්න මම මගෙ ජීවිතේ ගෙන්නම්..."
"මම දන්නව ඔයා වෙනස් උනේ අර යාළුව හමුබුන දවසෙ ඉදන් තමයි...කමක් නැහැ විහග...ඔයාට හොද කෙනෙක් ලැබෙයි.....අැත්තටම මගෙන් ඔයාට වැඩක් නැහැ..."
"ඔයා කැමති විදිහක් හිතා ගන්න...මම හැම වෙලාවෙම උත්සහ කරේ අපේ සම්බන්දෙ තියා ගන්න....ඔයා තමයි එ්ක අත අැරල කතා කරේ.....ඔයාට කිසිම උවමනාවක් නැහැනෙ අපිට විසදුමක් ලබා ගන්න"
"විසදුමක් නැත්නම් මොනව කරන්නද විහග....මට මගෙ දුව නැති කරගන්න බැහැ"
"කවුද කිව්වෙ දුව නැති කරගන්න කියල....ඔයා හොදටම දන්නව...දුවට මමත් මගේම දුවෙකුට වගේ අාදරෙයි කියල...මම කියන්නෙ අපි දුවට තේරැම් කරල දෙමු"
"වැඩක් නැහැ එ්ක කවදාවත් වෙන්නෙ..නැහැ...ඔයා කැමති තීරණයක් ගන්න..මම මොකුත් කියන්නෙ නැහැ"
"මම පොඩි ගමනක් යන්න ඕනෙ...ගිහින් අැවිත් කෝල් එකක් ගන්නම්...පරිස්සමින් ඉන්න"
මම යන්න ලෑස්ති උනේ දිස්න එනව කිව්ව අද මාව ගන්න....මම පාරට ගියෙ දිස්න මට මග කියල කෝල් එකක් දුන්නට පස්සෙ මම ගිහින් ටික වෙලාවකින් දිස්න අාව මම කාරෙකට නැගල ඉදගත්දි....දිස්න මට ෆයිල් එකක් දුන්න
"මෙඩිකල් රිපොට් එක.....මැච් වෙනව..."
"මට අවුලක් නැහැ දිස්න මම කැමතියි...එ්ත් මට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඕනෙ"
"හරි..පන්සලට යමු..."
දිස්නයි මමයි පන්සලට ගියා..එයා බෝ අත්තකට බාරයක් ගැටගහල..මොනවදෝ පාර්ථනා කරා..මගෙ හිතේ විශ්වාසයක් නැතත් මමත් බාරයක් ගැට ගහල දෙව්මිට කරදරයක් නොවෙන්න කියල පාර්ථනා කරා...අපි දෙන්න අයිනක තිබුනු බැම්මක් උඩ වාඩි උනා..
"විහග ඔයා මට මේකරන්නෙ ලොකු උදව්වක්...මට එ්ක ගොඩක් වටිනව"
"එ්ක උදව්වක් වෙන්නෙ කොහොමද දිස්න මම එ්කට මිලක් නියම කරලනෙ තියෙන්නෙ"
"ඔයා දන්නවනෙ විහග මට සල්ලි වලින් අඩුවක් නැහැ...අැරත් මට මේකට ගානක් නියම කරන්න බැහැ..මොකද මේ හැම දේකටම වඩා මට මගෙ මහත්තය වටිනව එයාගෙ ජීවිතේ වෙනුවෙන් ඔයා ඉල්ලපු ගාණ මට ගාණක් නෙමෙයි"
"අැත්තටම දිස්න මට සමා වෙන්න මට මේක මුදලට කරන්න උනාට"
"නැහැ විහග නැහැ...මම දෙවියන්ගෙන් හැම දාම ඉල්ලුවෙ මට මේකට ඉක්මනට උදව් කරන්න කියල දෙවියො මම කියපු දේ අැහැව්ව...එ්කයි මට ඔයාව මුණ ගැස්සුවෙ"
"දෙවියො ගැණ මම විශ්වාස කරන්නෙ නැහැ...එ්ත් මගෙ අාදරේ ගැන මට විශ්වාසයක් තිබුන.. මම හැම වෙලාවෙම කල්පනා කරේ එ්ක එ්කයි මට ඔයා මුණ ගැහුනෙ"
"අැහැව්වට මොකුත් හිතන්න එපා...ඔයා මේ සල්ලි වලින් මොනවද කරන්න හිතන් ඉන්නෙ නිකන් නාස්ති කරන්න එපා ඔයාගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න"
"මට ඔයාගෙන් තව එක උදව්වක් ඕනෙ දිස්න"
"කියන්න විහග තව සල්ලි ඕනෙද මම දෙන්නම්"
"නැහැ...මේ ලක්ෂ දහයම දෙව්මිගෙ නමට එකවුන්ට් එකක් හදල දාන්න...පොත ඔයා ලග තියාගන්න...ගෙදර අැඩ්රස් එක මම දෙන්නම්...ඔයා..දෙව්මි ලංකාවට අාපු දවසක එයාට දෙන්න...හැබැයි...මේ දේවල් කිසි දෙයක් එයාට කියන්න එපා...මම හොදින් ඉනනව කියන්න"
"එ් කියන්නෙ ඔයා දෙව්මි එක්ක එකතු වෙන්නෙ නැද්ද..."
"නැහැ දිස්න අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බැහැ...එයාගෙ දුව කැමති නැහැ අපි එකතු වෙනවට...එ්ත් මට බැහැ දෙව්මි දුක් විදිනව බලන්න..මට ඕනෙ එයා ජීවිත කාලෙම සතුටින් තියන්න...මම හීන මැව්වෙ එයාව මගෙ ලගට අරන්..ජීවිතේ සතුටින් තියන්න එ්ත් එකට වාසනාව නැහැ...එයාව සතුටින් තියන්න මට පුලුවන් දේ තමයි මේ කරන්නෙ"
"මෝඩ වෙන්න එපා විහග උත්සහ කරල බලන්න"
"නැහැ දිස්න....මට ඕනෙ එයා සතුටින් ඉන්නව දකින්න විතරයි....මගෙ ලගට ගන්න බැරි උනත් මට මේ දේ නිසා සතුටු වෙන්න පුලුවන් මොකද මම දන්නව...එයාට කාත් කවුරැත් නැති උනත් අසරණ වෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවන් මට එ් අැති"
"ඔයා දන්නවද...විහග ඔයවගේ ප්‍රශ්නයක් නිසා මම අදටත් හිතින් විදනව කියල"
"එ් කිව්වෙ....මොකක්ද"
"තාත්ත නැති වෙලා අපි එහෙන් අාවට පස්සෙ අම්මට තනියම මේ හැම දෙයක්ම කරගන්න බැරි උනා....කාලයක් යද්දි අම්මගෙ යාලුවෙක් අම්මට උදව් කරා...හොද මනුස්සයෙක්...එයා අම්මට ස ,ි,ි,ි,ි යෝජනාවක් ගෙනාව"
"ඊට පස්සෙ"
"අම්ම කැමති උනා කසාද බදින්න...එ්ත මම කැමති උනේ නැහැ..මම දැක්කෙ අම්මව මගෙන් උදුරගන්න අාපු කෙනෙක් වගේ අන්තිමට මම හින්ද අම්ම එයාගෙ ජීවිතේ ඉතුරැ ටික කාලෙත් මගෙ සතුට වෙනුවෙන් කැප කරා"
"එ්ක තමා දිස්න මමත් කියන්නෙ අම්ම කෙනෙකුට දරැවෙක් තරම් වටින වස්තුවක් නැහැ"
"එ්ක හරි විහග එ්ත්..මම බැන්දට පස්සෙ..මම මගේ ජීවිතේ අැතුලෙ මගෙ පවුල වෙනුවෙන් වෙහෙසුනා..අම්මට අඩුවක් කරේ නැහැ...අම්මට ඕන හැම දෙයක්ම දුන්න එ්ත් අම්ම එක්කම රැදිල ඉන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ..අම්මට හැම දේම දුන්නත් අම්මගෙ ජීවිතේ ගෙවුනෙ තනිකමෙන්...සමහර දවස්වලට අම්ම තනියම පැත්තකට වෙලා කල්පනා කරනව...තනියම උහුල්ලනව මම දැකල තියනව...එදා මම අම්ම ගැන හිතුවනම් අම්මගෙ ජීවිතේත් මීට වඩා සතුටු වෙන්න තිබුන නේද කියල හිතෙන වාර අනන්තයි..."
"මම දන්නව දිස්න..කවද හරි දෙව්මිට.තනි වෙන්න වෙනව...එ්ත් එයාට දුක් විදින ජීවිතේ නවත්තන්න පුලුවන් වෙයි...එයා අවුරැදු ගානක් දුක් විදල විදල ජීවිතේ අන්තිම කාලෙ සතුටින් ගෙවන්න හීන දකිනව.....මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් දේ තමා මම මේ කරන්නෙ.."
"එ්ත්...ඔයා ලගහිටියොත් නේද...එයාට සතුටින් ඉන්න පුලුවන් වෙන්නෙ"
"නැහැ....දිස්න..අපි අාදරේ කරන අය වෙනුවෙන් දෙයක් කරන්න ලගින්ම ඉන්න ඕනෙ නැහැ....අනික අාදරේ කරල දෙන්න දෙපැත්තකට වෙලා හූල්ල හූල්ල ඉන්න ඕනෙ නැහැ එතකොට වේදනාව වැඩියි"
"ඔයා මොකද කරන්නෙ ඊට පස්සෙ"
"මම කවදාවත් එයාව බලන්න යන්නෙ නැහැ...මම එයාගෙ මතකෙත් එක්ක හැමදාම තනියම ඉන්නව....එ්ත මට සතුටින් ඉන්න පුලුවන් මොකද....දෙව්මිට අායෙ කවදාවත්....දුක් විදින්න වෙන්නෙ නැහැ"
"ඔයා දෙව්මිව මීට් වෙලාම නැද්ද"
"නැහැ දිස්න අපි තාම එකදවසක්වත් මුන ගැහිල නැහැ.....එයා ලංකාවට අාවම අපි මුණ ගැහෙන්න හිටියෙ.....එ්ත් මගෙ හීන කුමාරි හීනයක්ම කියල හිත හදා ගන්නව"
"අැහැටවත් නොදැකපු කෙනෙක් වෙනුවෙන් මෙච්චර අාදරයක්...මට හිතා ගන්නවත් බැහැ විහග"
"අාදරේ කියන්නෙ හදවතට දැනෙන දෙයක්..දිස්න...හුගක් අය එකට ජීවත් උනත් අාදරයක් නැහැ. .සමහර අය වෙනම ජීවත් වෙනව අාදරය විතරක් තියාගෙන"
"අපි මේක නවත්තමුද විහග...මම මේකට වෙන කෙනෙක් හොයා ගන්නම්.....ඔයාල දෙන්න එකතු වෙන්න.. මම උදව් කරන්නම්...."
"වැඩක් නැහැ....මම හුගක් උත්සහ කරා.....එ් ගැන තවත් කතා කරල එයාගෙ හිත රිද්දන්න මම කැමති නැහැ...."
"එයාට පුලුවන් වෙයිද....ඔයාව අමතක කරන්න"
"සමහර විට බැරි වෙයි එ්ත් කාලයත් එක්ක හැමදේම වෙනස් වෙයි...මගේ ජීවිතේ නිකන්ම තේරැමක් නැතිව ගෙවිල යයි...මේ වැඩෙන් දෙව්මිට..සතුටින් ජීවත වෙන්නත් පුලුවන්... ඔයාලට සතුටින් ඉන්නත් පුලුවන්......දෙව්මිගෙ සතුට ගැන හිතල මට සතුටින් ඉන්නත් පුලුවන්"
"හැබයි මම දෙව්මිව හම්බවෙන්න යන්නෙ එකපාරයි...මේක දුන්නට පස්සෙ මම අායෙ එයාව හම්බවෙන්නෙ නැහැ"
"එ් මොකද එ්"
"ඔයා දන්නවනෙ..මම එ්කාලෙ ඉදන්ම...මට වඩා දෙයක් වෙන කෙනෙකු ලග තියනවට මම කැමති නැහැ කියල"
"ඉතින් දෙව්මි ලග මොනාද තියෙන්නෙ එයා අහිංසක දුප්පත් නෙනෙක්"
"නැහැ විහග එයාට හම්බ වෙලා තියන අාදරේ ලොකුයි..මම එ්කට ඉරිසිය කරනව..අැත්තටම...අාදරේ කියන්නෙ මොකක්ද කියල මට දැන් තේරෙනව "
"මට දෙව්මි සතුටින් තියන්න පුලුවන් වෙනඑකම අැති දිස්න...මම හීන දැක්කෙ එ්කට...අාදරේ වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්නම් එ්කයි වටින්නෙ"
"මම අපි යන්න ඉස්සෙල්ල සල්ලි ටික දාල පොත ගෙනත් දෙන්නම්"
"මට ඔයා විශ්වාසයි..එ්ත් මට යන්න ඉස්සෙල්ල මට පොත පෙන්නන්න...ඊට පස්සෙ ඔයා ලග තියන් ඉදල එයා අාවට පස්සෙ එ්ක දෙන්න....මොකද.මම අායෙ ලංකාවට අැවිත් බැස්සට පස්සෙ ඔයාව හම්බවෙන්වත් එන්නෙ නැහැ"
"එ් මොකද විහග...ඔයාට ඕන වෙලාවක උදව් කරන්න අපි ඉන්නව...අනික ඔයා ඔයාගෙ වකුගඩුව දෙන්නෙ මගෙ මහත්තයට...එයා ජීවත් වෙන්නෙ එතකොට ඔයා නිසා...අපිට අයිතියක් තියනව ඔයා ගැන හොයල බලන්න"
"මම මේක පිනට නෙමෙනෙ දිස්න දෙන්නෙ...මිලක් නියම කරල....අැරත් මට මගේ ජීවිතේ මගෙ හැම මතකෙන්ම අෑත් වෙලා ගෙවන්න ඕනෙ..මම අායෙ හීන තියා ගන්නෙ නැහැ... මලෙ ජීවිතේ අන්තිම වෙනකල්ම මම තනියම ගෙවනව...."
"එහෙනම් අපි ලබන සතියෙ ඉන්දියා යනව මම අායෙ එන්නෙ අපි යන දවසට ඔයාව ගන්න...එතකල් එන්න වෙන්නෙ නැහැ...මේ වැඩ වලට එහෙට මෙහෙට යන්නත් ඕනෙනෙ"
"හරි දිස්න....අපේ පරණ යාලුවො හම්බ උනොත් එහෙම කියන්න මම එ්කාලෙ ඉදන් හොයපු කෙනා මට හම්බුනා කියල..."
"අනිවාරයෙන්ම කියනව විහග...ඔයා දින්න කියල හැමෝටම කියනව....ඔයාට බලන්න බැරි උනත් එයාව බලන්න මට වාසනව තියනව අැත්තටම මට එ්කත් සතුටක් විහග"
"එදාට එයාට කියන්න මම මගෙ පණටත් වඩා එයාට අාදරේ කරා කියල"
#සමාප්තයි
#සංසාරා
උපුටා ගැනීමකි
No comments:
Post a Comment