නොනිමි කඳුළ - Nonimikandhula
💚💛I Mis You 💙💖(කෙටිකතාවකි)💕💕
අප්පච්චී..කෙල්ල මගේ දොර ලඟට ඇවිත් කතා කළා.මම හිටියේ සයිට් එකක වැඩ කර කර….ඒ වැඩේත් දෙතුන් පාරක් කළත් හිතුව විදියට කර ගන්න බැරි වුනා..හිතේ කේන්තියත් එක්කම මම පුටුව පිටිපස්සට තල්ලු කරන් ශානිකා ලඟට ආවා…තොගේ අම්මගේ මිනිහද මට අප්පච්චී කියන්න…මම ශානිකාගේ කම්මුලට ගැහුවේ විසික් වෙළා යන තරම් වේගයෙන්…කෙල්ල අඬාගෙනම කන අල්ලා ගත්තා…කරාබුවත් කඩාගෙන කන තුවාල වෙලා ලේ එනවා….මගේ කම්මුල් පාරෙ සැරට කරාබුව නැමිලා….ශානිකා පොඩි ළමයෙක් වගේ ඉකි ගහ ගහා අඬනවා..අම්මා මට අරන් දීපු කරාඹු දෙක මට කියළා මෙච්චරයි තිබුනේ..කෙල්ල ඉකි ගහන ගමන් කියනවා….
කොහොමත් ඉතින් උඹළාගේ අම්මා ඉද්දී උඹට දුන්නූ දෙයක් නැහැනේ හිඟන හැත්ත..මම එහෙම කියළා කාමරේට ඇවිත් දඩාස් ගාළා දොර වැහුවා..ශානිකා ඉකිබිඳින සද්දෙ තාමත් ඇහෙනවා..මට ගානක් නෑ..මම කට කොනකින් හිනාවෙළා ආයෙත් කම්පියුටරේට මූණ ඔබා ගත්තා..
ශානිකා කියන්නේ මගේ බිරිඳ.ශානිකායි මමයි විවාහ වුනේ මීට අවුරුද්දකට කලින්..අපේ මාමා කෙනෙක් තමා ශානිකා මට යෝජනා කළේ..””දුප්පත් හැබැයි පුතේ කෙල්ල වැදගත් විදියට හැදිච්ච කෙල්ලෙක්…මාමා එහෙම කිව්වම මටත් ඕන වුනා කවුද මේ කියළා බලන්න යන්න…ශානිකා දැක්ක දවසෙම මට හිත ගිය නිසා මාසෙකින් වගේ අපේ වෙඩින් එක ගත්තා…මම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්..ශානිකා ඒ ලෙවෙල් විතරයි කරළා තිබුනේ.ඒකත් ෆේල්ද කොහෙද ..මං ඒව අහන්න ගියේ නෑ.මට අහන්න වුවමනාවක් තිබුනෙත් නෑ.
මම ශානිකාට වැඩිපුරම ආදරේ කළේ ලස්සනටද මන්ඳා ,ශානිකාට තිබුනේ පට්ට ෆිගර් එකක්…ඒ නිසාද මන්ඳා මම ශානිකාට කැමති වුනේ…ඒත් අපි මැරි කරළා මාස හයකින් වගේ ශානිකාගේ අම්මයි,තාත්තායි රිය අනතුරකට ලක් වෙළා නැති වුනා.එදා ඉඳළා ශානිකා මාස ගානක් යනකම් මොකුත් කෑවෙ බිව්වේ නෑ..අඬාගත්ත ගමන්මයි ඉඳියේ..ශානිකා ඇදිළා ගියේ බලන් ඉද්දී.හරියටම කිව්වොත් හුලඟට පිම්බම විසික් වෙන තරමට කෙල්ල ඇදිළා ගියා….ඒ නිසාද කොහෙද මට ශානිකාව එපා වුනේ…
ශානිකාගේ ලස්සන ටික ටික අඩුවෙද්දී ශානිකාට තිබුනු ආදරෙත් නැති වෙළා ගියා..හිතේ තිබුනෙ තරහක්ද කොහෙද?
රෑ එකත් පහු වුනා…මම සාලෙට ඇවිත් බැලුවා ශානිකා නිදිද කියළා…සාලේ පුටුසට්ය උඩට වෙළා කෙල්ල නිදි..මම ශානිකාව උස්සලා අතට ගත්තා..කෙල්ල පුළුන් රැලක් වගෙයි.. ඒ වෙලාවෙනම් පව් කියලා නොහිතුනා නෙමෙයි…අපි දෙන්නගේ ඇඳ උඩින් මම ශානිකාව තියළා ආයේ ඔෆිස් රූම් එකට ආවා….
උදේ හතයි වෙළාව ශානිකා ඇවිත් කතා කරද්දී මට ඇහැරුනේ..මේසේ උඩ ඔලුව තියා ගත්ත මට එහෙමම නින්ඳ ගිහින්….ආ මේ තේක…ශානිකා මගේ මූණ දිහාවත් බලන්නෙ නැතුව තේක මේසෙ උඩින් තියළා යන්න හැදුවා..ඊයේ රෑ ගහපු පාරට කෙල්ලගේ කම්මුල එක්කම කන පැත්ත ඉදිමිළා…මම ශානිකාව ඇදළා අරන් උකුලෙන් වාඩි කරවා ගත්තා..මට සමාවෙන්න බබා..ශානිකා ඇස් වල කඳුළුන් පුරවන් මගේ පපුවේ මූණ තියා ගත්තා…
මම මෙහෙම කියපු කී වෙනි වතාවද කියළා කෙල්ලට හිතෙන්න ඇති..ශානිකා මට මහා ගොඩාක් ආදරේ කළා…මම එක පාරක් ආදරෙන් කතා කළාම කෙල්ලට ඒක සති ගානකට ඇති කියළා මම හොඳටම දැනන් හිටියා ..ඒ තරම් ශානිකා මට ආදරෙයි….
ශානිකා ඔතල දීපු බත් එකත් අරන් මම එහෙමම කාර් එක අරන් ගේට් එක ලඟට ආවා..ශානිකා දොර ලඟට වෙළා බලන් ඉන්නවා..ශානිකාට ඕන වුනේ සල්ලි නෙමෙයි සතුට,මගේ ආදරේ කරුනාව..මං මොනව ගෙනත් දුන්නත් ,,,මම එක පාරක් ආදරෙන් මැණික වස්තූ ,බබා ,සුදූ කියද්දී තරම් ඒ මූණට කිසිම වෙලාවක එලියක් ආවෙ නෑ…ඒත් මට ශානිකාව ඕන වුනේ සමහර රෑකට විතරයි….ශානිකාට මාව මුළු ජීවිතේම වෙද්දී මට ශානිකාව එකම එක අවස්ථාවක් විතරක් වුනා…
ඔෆිස් එකේ ඉද්දී ශානිකා මට කෝල් දෙක තුනක්ම ගත්තා.මම දැක්කෙ නෑ වගේ හිට්යා..ගෙදර ඉද්දිත් වද දීළා මෙතනත් මාව මරන් කන්න කෝල් දෙනවා කියළා, හිතන ගමන් මම ෆෝන් එක සයිලන් කළේ…වෙනදට කලින් වැඩ ඉවර වුන නිසා මම එහෙමම ගෙදර ආවා..නිදහසේ ටිකක් ඉන්න හිතාගෙන… මම කීයට ගෙදර ගියත් ශානිකා වෙනද හවස පහේ ඉඳළා පුටුවක් තියන් ඉස්සරහට වෙළා පොඩි ළමයෙක් වගේ බලන් ඉන්නවා…මම කොච්චර ගැහුවත් බැන්නත් ශානිකා වෙනසක් නැතුව මට ආදරේ කළා.. මගේ ඇඳුම් සෝදළා දීළා, කෑම හදළා දීළා ගෙදර දොර පිළිවෙලට තියා ගත්තා..ශානිකා පිරිසිදු කමේ උපරිම කිව්වොත් මම හරි..ගේ ඇතුලෙ වැලි කැටයක් පෑගෙනවට කෙල්ල කැමති නෑ…
මම කාර් එක ගේට්ටුවෙන් ඇතුලට දාළා බැලුවේ ශානිකා බලන් ඉන්නවද කියළා..ඒත් ශානිකා පේන්න හිටියේ නෑ…මල් පෝච්චිය යට තිබුන යතුර අරන් මම දොර ඇරන් ගෙට ආවා…ශානිකා..මම දෙතුන් පාරක් කතා කරත් කෙල්ල එලියට ආවේ නෑ..ඒ පාර මම ශානිකාට කෝල් එකක් ගත්තා..ෆෝන් එක ගෙදර දාළා ගිහින්…මේ ගෑණි මොන මගුලක ගියාද?කියල හිතන ගමන් මම බාත්රූම් එකට ඇවිත් දොර වහගත්තේ.
නාගෙන එලියට එද්දීම ශානිකා ගේ ඇතුලට ආවා..කොහෙද වේසියේ ගියේ…මට ශානිකා දැක්කම ආවේ පුදුම කේන්තියක්..
මම ගියා….ශානිකාට එතනින් එහාට මොකුත් කියන්න කලින් ශානිකාගේ කොන්ඬෙන් ඇදළා අරන් බිත්තියේ ඔලුව ගැහුවා..ශානිකා හය්යෙන් අඬනවා..අනේ ගහන්න එපා අය්යේ…මම අම්මගෙයි,
තාත්තගෙයි සොහොන ලඟට ගියේ පහන් පත්තු කරන්න….මම එහෙමම ශානිකාව ඇතෑරියා..කෙල්ල බිම වාඩි වුනා…
අනේ මට මෙහෙම ගහන්න එපා.මම වැරදි ගමනක් නෙමෙයි ගියේ..මං කී පාරක් කෝල් ගත්තද ඔයාට කියන්න කනත්තට යනවා කියළා ඔයා ෆෝන් එක ගත්තේ නැහැනේ…ශානිකා ඔලුව අත ගා ගා අඬනවා…මම එහෙමම කාමරේට ඇවිත් ඕඩි කොලොන් බෝතලේ අරන් ශානිකා ලඟට ආවා…එපා මාව අල්ලන්න එපා…ශානිකා මාව තල්ලු කළා…අනේ සොරි බබා….ශානිකා මාව බදා ගත්තා…අනේ මට ගහන්න එපා මට රිදෙනවනේ..
මම ශානිකාගේ ඔලුවේ ඕඩි කොලොන් ටිකක් ගාළා අතගෑවා…හැබැයි ඒ ආදරේකටනම් නෙමෙයි..ශානිකා කනත්තට ගියා කිව්වම මට බය හිතුනා ශානිකාගේ අම්මයි,තාත්තායි කොහේ හරි ඉඳන් මේව බලන් ඉඳළා මගෙන් පලි ගනීවි කියළා….
ඊට පස්සේ ශානිකා මං ගෙදර එනකම් අඩුම තරමෙ කඩේකට ගියේ නෑ..ඒත් ශානිකා ගුටි කන්න හරි මගේ ලඟ දැවටි දැවටි හිටියා..හොඳටම වැස්ස දවසක් ….මම ශානිකා ලඟට ආවා කෙල්ල හාන්සි වෙළා ඉන්නවා..බබා….ශානිකාව මට ඕන වුනා ඔව් ඒ තප්පර ගානකට. මගේ ආශාවල් එකින් එක ශානිකාගෙන් ඉෂ්ට කරන් මම එහෙමම නැගිටින්න හැදුවා….
අනේ මට ටිකක් තුරුල් වෙළා ඉන්න දෙන්න..ශානිකා මගේ පපුවේ මූණ තියන් කියනවා..ඔව් ඔව් උඹව හුරතල් කර කර හිටියම ඔෆිස් එකේ වැඩ කරන්නේ කව්ද?මම ශානිකාව තල්ලු කරළා දාළා ඔෆිස් කාමරේට ආවා …
ශානිකා ඉකි ගහන සද්දෙ මට හොඳටම ඇහුනා..මට ගානක් නෑ මම මගේ වැඩ කරන්න පටන් ගත්තා..ශානිකා හරියට ජීවත් වුනේ හීන ලෝකෙකද කොහෙද…මට ශානිකාගෙන් ආශාවල් විතරක් ඉෂ්ට කර ගන්න ඕන වෙද්දී ශානිකා මගෙන් ඉල්ලූ එකම දේ ආදරේ…තුරුල් කරන් උම්මා දෙන එක,උකුලට වෙළා ඉන්න දෙන එක..ඔලුව අත ගාන එක වගේ දේවල්..ඒත් මට ඒ දේවල් පෙනුනේ ශානිකාගේ බොළඳ දේවල් විදියට…මේ ගෑනිටනම් පිස්සූ මම හිතුවෙ එහෙමයි….ඒත් මට දැන් හිතෙනව ආදරේ කියන්නේ එකම එක අවස්ථාවක් නෙමෙයි කියළා ….ශානිකා හරි බොළඳ ආදරේ හරිම ලස්සනයි…
ගෙදර අඩු පාඩු ගොඩායි. යමුද පුඩ් සිටි එකට..මම ඔෆිස් යන්න ලෑස්ති වෙද්දී ශානිකාත් ඇඳුමක් දාන් ඉස්සරහට ආවා..මම ඔෆිස් යන්න ඕන තමුසෙ ගිහින් බඩු අරන් එනවා..කොහොමත් ගෙදරට වෙළා නිකන් ඉන්න එකනේ..අනේ මේ හොඳටම වැස්සේ මේ වෙලාවට පාරේ ත්‍රීවීල් එකක්වත් නැහැනේ.. කෙල්ල දුකින් වගේ කිව්වේ..ඇයි තමුසෙට කකුල් දෙක පන නැද්ද ..මම සද්දෙට ඇහුවේ…ඔයාට බැරිද මාව ෆුඩ් සිටිය ලඟින් දාන්න.?මට ශානිකා එක්ක වාහනේ යන්න ලැජ්ජ හිතුනා..මම ශානිකාට වඩා ගොඩාක් ලස්සනයි ම්නිස්සු මට හිනාවෙයි කියළා හිතුනා.මම එද්දී පරක්කු වෙනවා.. තමුසේ යනවා..ශානිකා ඊට එහා මොකුත් කිව්වේ නෑ.එකෙට එක කියවන් ආවොත් උදේම කන්න වෙයි කියළා කෙල්ලට හිතෙන්න ඇති..ශානිකා කුඩේකුත් අරන් වැස්සේම ඈතට යනවා බලන් ඉඳපු මම ටයි එක අතේ අරන් කාර් එකට ගොඩ වුනා…
ටිකක් දුර ආවම දැක්කේ ශානිකා වැස්සේම තෙමි තෙමී යනවා..ශානිකාගේ ඔලුවේ ඉඳළා මඩ වතුර විසික් වෙන්න කාර් එක ශානිකාගේ ලඟින් ඊගහේ වේගෙන් එද්දි ශානිකා බය වෙළා වගේ පාර අයිනට පැන්නේ..කෙල්ලගේ ඔලුවේ ඉඳළා මඩ…ශානිකා කාර් එක දිහා නෙමෙයි සායේ මඩ පිහිදනවා මම සයිට් කන්නාඩියෙන් හොඳටම දැක්කා..මට තනියම හිනා…
අනේ බලන්නකෝ අය්යේ උදේ ෆුඩ් සිටි යද්දී මොකෙක්ද කාලකන්නියෙක් වාහනයක් මගේ ලඟින් කප්පලා ගියා.අනේ මට තිබුන හොඳම සායේ මඩ තුන් හතර පාරක් හේදුව ඒත් මඩ පාර යන්නෙ නැහැනේ ශානිකා පොඩි ළමයෙක් වගේ ඇස් වල කඳුළු පුරවන් කියනවා.ම්ම්..එහෙමද..මම එහෙම කියළා කාමරේට ආවා..
ශානිකා සතියටම ඕන කරන මගේ ඇඳුම් සේරම මැදලා පිලිවෙලට රැක් එකේ එල්ලලා….මට අලුතින් ඇඳුමක් දෙකක් ගත්තත් ශානිකාට අලුත් ඇඳුම් ගෙනල්ල දුන්නෙ නෑ..ඒත් මම ශානිකාට සල්ලි දුන්නා අලුත් ඇඳුම් ගන්න කියළා .ඒත් ශානිකා අලුත් ඇඳුම් ගන්න කියළා කඩ සාප්පු වලට ගියේ නෑ..මටත් ශානිකාව එක්ක යන්න වුවමනාවක් තිබුනෙ නෑ..ලැජ්ජාව නිසා….
මේ ලඟදි ඉඳළා ශානිකා රෑට කහින්න පටන් ගත්තා..මොන කරුමයක්ද ගෑණියේ මැරිල මැරිලා ආවම නිදා ගන්න නැහැනේ..මම ශානිකාගේ ඔලුව අතින් තල්ලු කරන ගමන් කිව්වේ..ශානිකා අමාරුවෙන් වගේ මගේ පපුව බදා ගත්තා…මම ෂර්ට් එකක් නැතුව ඉඳියේ..අනේ මේ මගේ ඇඟේ කෙල ගාන්න එපා මටත් කාසේ බෝවෙයි මම එහෙම කියළා ඇඳ විට්ටම උඩ තිබුන ෂර්ට් එක ඇඳ ගත්තා..ශානිකා අසරණ විදියට මගේ මූණ දිහා බලන් ඉන්නවා..ශානිකාට මම කොච්චර හිර හැර කළත් ශානිකා මගේ ලඟමයි නිදාගත්තේ. ඇහෙරෙන හැම වෙලාවකම කෙල්ල මගේ පපුවේ ඔලුව තියා ගත්තත් මම එහාට තල්ලු කළා…
අපේ ඔෆිස් එකට අලුතින් ගර්ල් කෙනෙක් ආවා.සුදුයි ලස්සනයි…හරියම කිව්වොත් ඇක්‍ට්‍රස් කෙනෙක් වගේ..නම චායා මගේ දිහා හොරාට හොරාට දෙතුන් පාරක් බලනවා මම දැක්කේ මගේ ඔෆ්ස් කාමරේ වීදුරු වලින්..වැඩි දවසක් යන්න කලින් චායා මගේ පෙම්වතී වුනා..චායාගේ ලස්සනට මම පිස්සූ වැටිලේ ඉඳියේ…ඒ නිසාද කොගෙද ශානිකා ගැන තිබුන අංශුමාත්‍රයක අනුකම්පාවත් මගේ හිතෙන් මැකිළා ගියා..නිදාගන්න කාමරේට එද්දිම ඇහුනේ ශානිකා කහින සද්දෙ..අද වේලාසනම පටන් අරන් වගේ. මම එහෙම කියළා ඇඳට ආවා…ශානිකා හය්යෙන් හුස්ම දානවා..අනේ මේ අදවත් රෑට නිදහසේ නිදා ගන්න ඕන..කහින්න ඕන නම් සාලේ ඕන තරම් ඉඩ තියෙයි ගිහින් කහින්න..මම සැරෙන් කිව්වේ .ශානිකා කොට්ටෙත් අරන් එලියට ගියා.මට මාර සතුටුයි නිදහසේ චායාට කෝල් එකක් ගත්තා…..
උදේ නැගිටළා බලද්දී මගේ උදේ ටී එකයි,වැඩට අරන් යන කෑම එකයි ඇඳ ළඟ.ශානිකා පේන්න හිටියේ නෑ.වෙනද නම් කෝ මේ ගෑණි කියළවත් හොයන මම,මට මොකෝ කොගේ ගියත් කියළා හිතළා චායා බලන්න ඉක්මනට ආවා….මං යනකොටත් චායා මං එනකම් බලන් ඉන්නවා…දවල් කෑම වෙලාවේ චායා මගේ බත් එකෙන් කෑවේ..අනේ ඔයාලගේ අම්ම රසට උයනව නේද? කියළා චායා කියද්දී කකා ඉඳපු බත් කට උගුරෙ හිර වුනා..උදේ පහට අවදි වෙළා මට ඔෆ්ස් ගේන්න කෑම හදන ශානිකාගේ අසරණ මූණ මට මතක් වුනා..
චායා වෙනුවෙන් මම ගොඩාක් සල්ලි වියදම් කළා…චායා ෂොපින් ගියේ නෝමල් කඩ සාප්පු වලට නෙමෙයි ,කෑවේ බිව්වේ එසේ මෙසේ තැන් වලින් නෙමෙයි සමහර දවස් වලට බිල එක දවට ලක්ෂයයි..ඒත් චායාට මං වියදම් කරණ සල්ලි වලට හරි යන්න චායා මට හොඳට සැලකුවා..ඔව් ඒ ආදරෙන් නෙමෙයි සෙක්ස් වලින් කිව්වොත් මම හරී….වෙනදා ශානිකා එක්ක රංඬු කරන්න හරි කතා කළත් මට ශානිකා එක්ක රංඬු කරන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. හැම වෙලාවෙම චායා එක්ක ගමන් බිමන්..කෝල් විතරයි ….
මගේ සයිට් ඔක්කොම හැක් කරලා ..මගේ ඔලුව ගිනි අරන් වගේ හිට්යේ..අතේ සල්ලි තිබුනෙත් නෑ. චායාට තිබුන ඔක්කොම වියදම් කරළා සතේටම හිඳිළා තිබුනේ..ශානිකා දොර ලඟට ඇවිත් කතා කරනවා..මාස හයකට විතර පස්සේ ශානිකා දිහා බැලුවේ.ගෙව්නු කාලේ ශානිකා මට කෑම හද හදා දිදී ඇඳුම් සෝදළා දිදී වැඩ කාරියෙක් වගේ ගෙදරට වෙළා හිටියා..සමහර රෑකට මට නින්ඳ ගියාම මගේ පපුවට මූණ තියාගෙන ශානිකා මගේ මූණ දිහා බලන් ඉන්නවා මම දැක්කා..
ශානිකාගේ කැස්සට එක පාරක් බෙහෙත් ටිකක් අරන් දෙන්න මට ඕන වුනේ නෑ..කෙල්ල තව ඇදිළා ගිහින් කියළා මට හිතුනා..
ඇයි මොකෝ මම සැරෙන් ඇහුවේ…මට ටිකක් කතා කරන්න ඕන….ඒ අතරෙ චායාගෙන් කෝල් එකක්…සයිට් ඔක්කොම අවුල් වෙළා..හිතට ආපු කේන්තිය එක්කම මම ශානිකාව ඇදළා අරන් මගේ කේන්තිය යනකම් ගැහුවා..කීයක් ගහුවද කියලවත් මට මතක නෑ…ශානිකාව ඇතෑරළා කාමරේට එන්න හදද්දීම ශානිකා සිහි නැතුව බිම වැටුනා..
මම එහෙමම ශානිකාව හොස්පිටල් අරන් ආවා…ශානිකාව අයිසී යූ එකට ගත්තා…චායාගෙන් කෝල් එකක් …කියන්න චායා ඇයි..ඔයා හදපු ඔක්කොම සයිට් හැක් වෙළා..ඔෆිස් එකේ වැඩ ඔක්කොම අවුල් වෙළා ඔයාව ජොබ් එකෙන් අයින් කරා කියන්න කෝල් කළේ..හෙලෝ චායා හෙලෝ මම කෑ ගහද්දිම චායා ෆෝන් එක කට් කළා…මම ෆෝන් එක සාක්කුවේ දාන් එහෙමම ශානිකා ඉඳපු පැත්තට ආවා…
මිස්ට දනුක ඩොක්ට ඔයාට කතා කරනවා…මම එහෙමම ඇතුලට ආවා..ඩොක්ට හය්යෙන් හුස්මක් දාළා ශානිකාගේ ස්කෑන් රිපෝට් අතට ගත්තා…වයිෆ්ට බල්ඩ් කෑන්සර් එකක්..මිස්ට දනුක දැනන් ඉඳියේ නැද්ද ?මගේ මුලු ඇඟම පන නැති වුනා…අවුරුදු දෙකක ඉඳන් තිබිළා තියෙන්නේ ඔයාගේ වයිෆ්ට වැඩි කාලයක් නෑ මිස්ට දනුක….ඩොක්‍ට කියපුව මට ඇහුනේ හීනයකින් වගේ.. මම එහෙමම ශානිකා ලඟට දුවන් ආවා….මම දැක්කම කෙල්ල අමාරුවෙන් වගේ හිනා වුනා..ශානිකා මට සමාවෙන්න කියළා මට කියන්න හිතුනත් මම එහෙමම චායාව හමුවෙන්න ඔෆිස් එකට ආවා….
මිස්ට දනුක අපේ කම්පැනි එකෙන් පාවිච්චි කරන්න කියළා දීපු වෙහිකල් එක ආයේ බාර දීළා යන්න…බොස් අස් වීමේ ලිපිය දෙන ගමන් කිව්වේ ..මම එහෙම චායා ලඟට ආවා..චායා මාව දැක්කෙ නෑ වගේ අහක බලා ගත්තා..චායා …ඇයි මොකද? චායා මාව දාළා ගියා…කාර් එක ආයේ බාර දීළා මම එහෙම බස් එකට නැග්ගා…ජීවිතේ සංතකේම නැති වෙන්න යන්නේ කියළා මට හිතුනා..මම එහෙමම ගෙදර ආවා..ශානිකා බලන්න යන්න මොනවා හරි හදා ගන්න හිතාගෙන…
වෙනද මං එනකම් පාර දිහා බලන් ඉන්න ශානිකා අද නෑ..දරා ගන්න බැරි දුකක් එක්ක මම කුස්සියට ආවේ..උයන්න පිහන්න තියා තේකක් හදන්න මම දැනන් ඉඳියේ නෑ.. හැමදේම කරළා දුන්නේ ශානිකා..අමාරුවෙන් සුප් එකක් හැදුවා මටවත් කටේ තියන්න බෑ…මට දැනුනේ ලොකූ පසුතැවීමක් …ලස්සනට ආදරේ කරණ ගොඩාක් අයගේ අවසාන ඉරනම මේකද කියළා මට හිතුනා..මං ශානිකාට කරපු තරමක් කළේ වෙනස් කම්…ලස්සනට නැතුව ශානිකාගේ ගතිගුණ වලට මට දුන්න ආදරේට,සෙනෙහසට ආදරේ කළානම් ශානිකාට මෙහෙම වෙන එකක් නෑ කියලමයි මගේ හිත කිව්වෙම..ජීවිතේ පලවෙනි වතාවට ශානිකාගේ නමින් මගේ ඇස් වල කඳුළු…
මම හොස්පිටල් එකට ආවා…ශානිකා හය්යෙන් හුස්ම දානවා ඩොක්ටර්ස ශානිකා ලඟ වට වෙළා….මම දුවගෙන ගියා ශානිකා ලඟට…මගේ අම්මී අමාරුද දෙය්යෝ…ශානිකාගේ මූණ පුදුම විදියට එලිය වුනා..මං හිතන්නේ අවුරුදු ගානකට පසේ කෙල්ලගේ මූණේ එලිය වැටෙනව දැක්කේ මම….අප්පච්චී …කෙල්ල මගේ මූණ අතගානවා..ඔව් මගේ පන මම අප්පච්චී තමා.මට ජීවත් වෙන්න ඕන අනේ මට මැරෙන්න බෑ…කෙල්ල මගෙන් ජිවිතේ ඉල්ලලා අඬා වැටෙද්දී මම කෙල්ලට වඩා අඬා වැටුනා….
අනේ ඩොක්ට මට මගේ වයිෆ් සනීප කර ගන්න ඕන.මම වැඳළා ඩොක්ටට කිව්වේ …සොරි පුතා..කෑන්සර් එකක් මුල් අවදියේ අඳුර ගත්තොත් සනීප කරන්න පුළුවන්..ඒත් ඔයාගේ වයිෆ් පරක්කුයි ….අනේ දෙවියනේ …මගේ කෙල්ල…කවුරු ආව ගියත් හැමදාම මගේ ලඟ වෙනසක් නැතුව ඉඳපු කෙල්ල…මට ආදරේ කරපු කෙල්ල….අනේ මට කෙල්ලගේ අගේ දැනෙද්දී මට අහිමි වෙන්න යන්නේ.ශානිකා මගේ මැණික මට සමාවෙන්න …
කෙලගේ කොන්ඬේ ගියේ දවසට දෙකට,,මගේ මේ අත් දෙකෙන් කෙල්ලගේ හැම වැඩක්ම කළා…මට මැරෙන්න බෑ අප්පච්චී.මට ජීවත් වෙන්න ඕන..ගෙවෙන හැම දවසකම කෙල්ල මට කිව්වේ එච්චරයි …මගේ මැණික මං මොකද්ද රත්තරං ඔයා වෙනුවෙන් කරන්න ඕන. මම කෙල්ලගේ නලල ඉඹින ගමන් ඇහුවේ…..අර ඉස්සරම ඉස්සර දවස් වල වගේ මාව තුරුල් කරන් ඉන්න….කෙල්ල අසරණ විදියට කිව්වම මම කෙල්ලව හරි පරිස්සමට තුරුල් කර ගත්තා …අනේ මේ තරම් ආදරයක් මට කෙල්ල මුලින් ලඟට ආපු දවසෙවත් දැනුනෙ නෑ…මැණික මම කෙල්ලගේ මූණ හැම තැනම ඉම්බා..ඒ මූණ එලිය වෙළා කවදාවත් නැති තරම්…..ටික ටික කෙල්ලගේ ඇස් පිටවිළා ගියා..මගේ අම්මී ඇයි මගේ දෙය්යෝ මේ…විෂ්වාස කරන්න දෙවියනේ ශානිකා මගේ තුරුලෙම අන්තිම හුස්ම හෙලුවා..ශානිකා..
අනේ මගේ අම්මී…මම ශානිකාව බදාගෙන හොස්පිටල් එක දෙවනක් වෙන්න කෑ ගැහුවා…ඩොක්ටර්ස ඇවිත් මාව ශානිකාගෙන් ඈත් කරළා ශානිකාගේ මූණට සුදු රෙද්දක් දැම්මා.එපා එපා මගේ අහිංසක කෙල්ල මම පැනළා ඒ මූණ වහලා තිබුන සුදු රෙදි කෑල්ල අයින් කළා..අනේ ඒ මූණෙ වෙනසක් නැතුව එදා වගේම අහිංසක අහිංසක හිනාව සටහන් වෙළා තිබුනා…ශානිකා මට සමාවෙන්න මම කෑ ගහගෙනම ශානිකාගෙ නිසල සිරුර ලඟ සිහිසුන්ව වැටුනා…
💛💙💛💖~~~~~~~නිමි~~~~~~~~💙💚💛💖
උපුටා ගැනීමකි
No comments:
Post a Comment