33 කාමරය

#___33_කාමරය___

"අනේ අයියේ මට බෑ වගේ රත්තරන්"

"අනේ ඇයි මැණික එහෙම කියන්නේ"

"ඔයාට ඔයාගේ අයියම විස්වාස නැද්ද"

"අනේ"

"ඔය ඉතින්"

"මගේ පන රත්තරන් අයියේ"

"මං මගේ ජීවිතේම ඔයා වෙනුවෙන් කැපකරලනේ අයියේ ,මගේ හැම දේම දැන් ඔයාගේ අයියේ"

"මට මටත් වඩා ගොඩක් අයියව විස්වාස වන්තයි"

"ඒත් අයියේ මම කවදාවත් එහෙම ගිහිල්ල නෑ"

"මට බයයි ඉතින්"

"ඒකයි රත්තරන් කිවුවේ"

"නෑ නෑ ඔයාට අයියව විශ්වාස නෑ"

"මගේ ලඟ ඔයා ඉන්න කොට ඔයා කාට බය වෙන්නද මගෙ පැටියෝ"

"මං ඔයාට නපුරක් කරන්නේ නෑනේ"

"අනික ඔයාගේ ඒ දේ විනාස කරල මම කොහොමද සතුටින් ඉන්නේ"

"මට ආසයි ඔයගේ ඇදුම් ටික අයින් කරල හදවතට තවත් කන තියාගෙන ඉන්න"

"මගේ හීනේ ඔය පුංචි හිතේ උනුසුමට තුරුල් වෙලා ඉන්න"

"ඔයාට බැරිද මැනික ඔයාගේ පන වෙනුවෙන් මගේ හීනේ ඉෂ්ට කරන්න"

"ඉතින් මගේ අයියේ මාව ඉක්මනින් අරගෙන යන්න "

"එතකොට මට පුලුවන් හැමදාම ඔයාගේ හීන ඉෂ්ට කරන්න මගේ අයියේ"

"නංගිව විස්වාස නැද්ද මගෙ අයියට"

"මම තියනවා "

"හැමදාම මගේ හිත රිද්දනවා"

"අනේ මගේ අයියේ නංගී" එක්ක තරහද"

සම්පත් පෝන් එක කට් කලේ එකපාරටමය..රෙනුලිගේ හිත ගොඩක් පෑරුනේ ඇසට හොරෙන්ම ගලන කදුලු බින්දු සියුම් කම්මුල් අලංකාර කදු මුදුනක් දරුනු ලෙස නායේ යන්නා සේය..රෙනුලි නැවත නැවත සම්පත් ට කෝල් ගන්න උත්සහ ගත්තත් පලක් නැති වුනේ රෙනුලි කෝල් සම්පත් කට් කරන නිසාය,රෙනුලි යවන මැසේජ් එකකටවත් සම්පත් රිප්ලයි නොකලේ දැඩි සේ රෙනුලිට වේදනා දීමේ බලා පොරොත්තු වෙනි,නැවතත් සම්පත්ට රෙනුලි කෝල් ගන්න උත්සහ කලත් ,ටික වේලාවකට පසු සම්පත් ⁣තම දුරකතනය ඕප් කර තිබුනි .ඒත් සමගම රෙනුලිගේ කාමරයේ දොරට

ඩොක් ඩොක් කරන හඩ වේගෙන් ඇසෙනවාත් සමගම

"දුව"...

"ඇයි අම්මා"

"මොකද දොරත් ලොක් කරගෙන"

"මොනවද කරන්නේ"

"කෝ දොරඅරින්න "

"ඉන්න අම්මා මේ එනවා

රෙනුලි වේගයෙන් හදවත පුපුරා ගලා වැටුන කදුලු බින්දු පිස දමා ගමින්, ⁣ඇද වුඩට නව කතා පොත් ටිකක් දමා වේගයෙන් දොර ඇරියේ අම්මාට සැක.නොසිතෙන නිසාය..

" මොකද මේ ඇස් රතු වෙලා"

"අඩුවද"

"අනේ නෑ අම්මේ"

"පොතක් කියව කියව හිටියේ ටිකක් නින්ද ගියා"

"ටිකක්"

"මටනම් පේන්නේ අඩල වගේ"

"බලන්න ගෑනු ලමයෙක්ගේ කාමරයේ හැටි"

"දන්නවද ලමයෝ"

"වැඩිහිටි ගෑනු ලමයෙග්ගේ යට අට ඇදුම් දකින්නේ අම්මයි කසාද බැදල ගියාම, කවද හරි බදින කොල්ල විතරය"

"ඔයා බලන්න හොදල දෙන්නෙත් තාම අම්ම නැත්නම් ලීලා පවු ඒ ගෑනිත්"

"කිලිටි ඇදුම් ටිකවත් සෝදන තැනටවත් දාල නෑනේ"

"හොදල දෙන ටිකවත් අල්මාරියට දාල නෑ"

"යට ඇදුම් ටික වත් පිලිවලකට තියාගෙන නෑ"

"වැඩට ගිහින් එනව රෑවෙනකන් පෝන් එකේ එල්ලෙනව"

"දැන් අවුරුදු 22 ක් නේද"

"නිදාගන්න කලින් ඇදවත් අස් කරල නෑ "

"ලීල නැත්නම් ගෙදර මේ කෙල්ලගෙ කාමරය කුණු වෙලා"

"උදේ වැඩට ඇන්ද සාරියත් තාම පුටුවේ"

"පේනවනේ"

"කෑම කන්නේ නැද්ද"

"දැන් නවයා මාරත් වෙලා"

"අනේ අම්මේ මහන්සි යි නේ ඉතින්"

"කොම්පැනි එකට ගියාම තාත්ත වැඩ දෙනව ගොඩක්"

"තාත්ත අමාරුවෙන් ඕවා කරගෙන ආවේ "

"ඉස්සරහට ඕවා බලා ගන්න ඕනේ ඔයානේ ඒකනේ ඒ තැනට ඔයාව පුරුදු කරන්නේ"

"හා දැන් ගිහින් කාල එන්න"

"මං අස් කරල තියන්නම්"

" හා අම්මේ"

අම්මාගෙන් ⁣ඉක්මනින් ලිස්සල ගිහින් කෑම එකත් හොර රහසේම කුණු කූඩයේ සැඟ වෙන්න දැම්මේ අම්මාව මුලා කරන්නටය ,

"ගුඩ් නයිට් අම්මා"

නැවතත් රෙනුලි කාබරයට රින්ගා ගත්තේ අම්මාට ඇය නින්දට යන බව සගවා ,සම්පත්ට ට කෝල් කරන්නටය.ඒත් සම්පත් ගෙන් රිප්ලයි නම් රෙනුලිට ලැබුනේ නැත්තේ හදවත කම්පා කරවමින්ය ,මුලු රාත්‍රියම කල්පනා කර කර හඩපු රෙනුලි පාන්දර දෙකට පමන නැවතත් සම්පත් ට අමතන්න විය එවිට නැවතත් ඉසුරු ගේ පෝන් එක ක්‍රියා කරන හඩ ඇසුන රෙනුලියට ඇතිවුනේ පුදුම සතුටක්..

දෙතුන් සැරයක් රින්ස් ගිය සම්පත් ගේ දුරකනය නින්දේම ආන්සර් කරේ රෙනුලිට බැන වදිමින්ය

"මේ මහ රෑ මොන යකා වැහිලද"

"අනේ රත්තරන් ඔයාගෙ රෙනූට බනින්න එපා"

"මගෙ අයියේ අයියව ගොඩක් මට විස්වාසයි "

"මගෙ අයියගෙ හීන මගෙත් හීන"

"මහත්තයෝ"

"දන්නවද"

"පිස්සා"

"මම එන්නම් හැබැයි එක පොරොන්දුවක් "

"මේ මේ මට ඔය එක එක පොරොන්දු වෙන්න බෑ"

"මොකද්ද රත්තරන් අයියේ බනින්න එපා නංගිට"
"නංගි ඉල්ලන්නේ"

එහෙනම්

"මගෙ අයියේ මං එන්නම් හැබැයි ,ලඟ තැනකට බෑ හැබැයි ටිකක් දුරකට"

"හැමෝම මාව අදුරනව"

"හා අන්න එහෙම එන්න"

"මගෙ මැනික මං එක්ක යන්නේ ගොඩක් හොද තැනකට"
"හම්"

"මගෙ රත්තරන් අයිය දැන් තරහ නෑ නේද"

"මම තරහ වුනේ නෑ මට දුක හිතුනා"

"දැන් මම නිදා ගන්නව හෙට 11ට එන්න "

"නුගේගොඩ හංදියේ මම ඉන්නම්"

"ගුඩ් නයිට් මැනික"

"මෙන්න මගෙන් ummmmmma ekak"

"අයියේ ඒක පොඩියි"

"දැනට ඇති හෙට ඇතිවෙන්න දෙන්නම්කෝ"

නැවතත් සම්පත් එකපාරටම දුරකතනය විසින්දි කර නින්දට ගියේ රෙනුගේ හිත පාරවමින්ය,අකමැත්තෙන් වුවද රෙනු සම්පත් ගේ ඉල්ලීමට එකඟ වුනේ ,ඔහුට තියෙන ආදරේ මුලු ලෝකෙටවත් සම නොවන නිසාය,එහෙත් සම්පත් රෙනුට පෙර ලෙස ඇල්මක් නොදක්වන්නේ මේ නිසා වෙන්න ඇති බව රෙනුගේ යටි සිත තමන්ටම වද දෙන්න විය,කෙසේ වුත් තමන්ගේ ඇඟට සම්පත් පිස්සෙක් වගේ ඇලුම් කරන බව රෙනුට සතුටක් විය..

"අයිය මාව කිස් කරල තුරුල් කර ගන්නනේ ආසාවට"

"කමක් නෑ මම යනව ඕන දෙයක් වුන දෙන්"

"එක්කෝ අයියා මාව විනාස කරයිද"

"නෑ නෑ "

"මට විශ්වාසයි"

"අනේ මට පිස්සු ඒක හෙටනේ"

කෙසේ වුනත් නින්ද නොගියේ රෙනුට මුලු රාත්‍රියම යනවාද..? නොයනවාද ..? යන ප්‍රශ්න කෝටියක හිර වෙමින්ය,පසු දා උදෑසන වැඩට නොගොහින් යාලුවන් එක්ක ගමනක් යන්න. ගෙදරින් අවසර ගනිමින් ...උදෑසන ඉදන්ම් 10.30ට පිට වෙන්න හෝරා ගනිමින් රෙනුලිට ගෙවෙන කාලයේ වේගයද ඇයට මහත් වේදනාවකි...
මේ වෙනකොට සම්පත් සතුටින් හිටියේ රෙවුලිව තමන්ගේ කැමැත්තට නතු කර ගැනීම නිසාය,මුලු රාත්‍රියම පහන් වූවේ රෙනුලිව කොතනටද රැගෙන යන්නේ ,හැගීමෙනි...

"දුව තාම නිදිද..?"

"මෙන්න තේක ඇල් නොකර බොන්න"

"ඉන්න අම්මේ මම එන්නම්"

"මේ මොකද අද කුකුළ අතින් අරන්"

"වෙනදට කෙදිරිය නැගිටින්න කම්මැලි කම ,අද?"

"හා හා මේක බොන්නකෝ"

"අම්ම මයිලෝ දැම්ම නේද"

"ඔවු ඔවු දැම්ම"

"මම නැති දවසක කොහාම කරගනීද දන්නේ නෑ"

"මම දුවට කියන්න හිටියේ ඊයේ රෑ මම නරක හීනයක් දැක්ක"

"මේ කාලේ දුවට අපලයි කියල වෙලාව බලන තැනදිත් කිවුව "

"පරිස්සම් වෙන්න ඕනේ හොදද "

"දාන්ගලෙත් වැඩියි ඊයේ පෙරේදා ඉදන් මාත් බලන් හිටියේ"

"තාත්තත් බනිනව මට පෝන් එකේමලු රාජකාරිය කියල"

"පරිස්සම් වෙන්න මොකද අපිට කියල මහ හුගක් නෑනේ"

"දුව විතරයි අපිට ඉන්නේ "

"දුවට මොනව හරි වුනොත් අපිට ඉදල වැඩක් නෑ"

"අනේ අම්මේ මම පොඩි එකෙද්ද"

"හා හා වාද ඇති මේක බොන්න ඇල් වෙයි"

අම්මේ බස් කනකටවත් නොගත් රෙනුලි තේක බී ,කාමරයේ රේඩියෝව ඔන් කර ඉංගිරිසි සින්දුවට මනස යොම කරමින්, ඇද අයිනෙම තබා තිබු හා කන්දෙක වගේ ලස්සන සෙරෙප්පු දෙකට සියුමැලි ඇගිලි වලින් තද කර ගනිමින් , දොර ලොක් කර කාමරයේ වොශ් රෑම් එක වෙත ගියේ රාත්‍රිය ගෙවෙනකන් බලා සිටි මොහොතට ලන් වෙන්න නිසාය.
පුන්චි බුරැසුවට සියුම් රතැගිලි වලින් මිරිකා දමාගත් දත්තාලේපය මුතුවන් දත් අතර පිරිමැදී ඉංග්‍රිසි සින්දුවට තාලය ගත්තේ ඉමහත් සතුටිනි,

කොරතරම් සතුටින් සිටියත් ,රෙනුලිගේ යටි සිත තවමත් පුංචි බියක් දැනුනේ සම්පත්ව මදක් අවිශ් වාසෙනි
මොකද සම්පත්ගේ පුංචි පුංචි වැරදි රෙනුලිට ආරන්චි වුනත් ඇඩි ආදරය නිසා ඇය විස්වාස කලේ නැත, කෙසේ වුවත් වතුර දෝතක් ගෙන කට සෝදා ගත් රෙනුලි සවරය යටට ගියේ ඇග සෝදා ගැනීමටය.

ඒත් එක්කම රේඩියෝවේ රෙනුලි ආසම සින්දුව ක් විකාසය වූවේ රෙනුලිලේ සියුම් කම්පෙති සසල වෙමින්ය,

"ඇස්දෙක පුරා හීනෙනන් වගේ"

පද පේලි සියුමැලි තොල් අතර රැදුනේ හදවතේ ආදරය වෑහෙමින්ය.
කෙමික් කෙමින් දත් මැදීම අවසන් කර රෙනුලි සවරය යටට ගොස් කරාමය සෙමින් විවෘත කිරීමමත් සමඟ,
පුංචි වතුර බින්දුවක් රෙනුලිගේ වම් පියයුර දිගේ නාබිය පසු කිරීමත් සමගම ඇඟ කිලි පොලා ලියේ සීතලට සෙනෙහසක් දෙමින්ය,කෙමින් කෙමින් ජල බිංදු සමග හාද වෙමින් සබන් කෑල්ල සිනිදු හම ,පියයරු හා රෝම ගස් අතරින් රතගැලි අතර සිරවුනේ නිරැවත් සිරැර සබන් පෙන වලින් වැසීමෙනි .

ඒත් එක්කම වැටුන ජල බින්දු සබන් පෙන එක්ක ගලාගෙන සිනිදු සම දිගේ ගලා බසිද්දි රෙනුලිට ප්‍රමාද වුනොත් අර මරැමුස්ගෙන් බැනුම් අහන්න බව මතක් වුනේ ඒත් සමගමය.ඒ සමග ඉක්මන් වුන රෙනුලි ඉක්මනින් ඇඟ සෝදා කාමරයට දුවගෙන පැමිනියේ ඒ නිසාය..
එකක
"අම්බෝ නවයත් වෙලා ..."

කියමින්,ඇදන් සිටි සලුව ගලවා ඇදට දැමා,අනෙක් දුහුල් සලුවෙන් තෙත මාත්තු කර ගත් රෙනුලි ,ඉක්මනින් සම්පත් ආසම ඇදුම තෝර ගත්තේ අල්මාරියෙන් පුරුද්දට මෙන්මය...නිරුවත් ශරීරය උඩින් ලස්සනයිද බව හැඩ බැලූ රෙනුලි ට විනාඩියක් වත් ඇදුම අදින්න ගියේ නැත,ඒ ගමන්ම් රත් පැහැයෙන් නිය ආලේප කර ගත්තේ තවත් තමන්ගේ ලස්සන බබලවන්නටය,ඒ අතරින් රෙනුලිගේ මතකය දිව ගියේ ඉසුරු වෙතය ඉසුරු ගේ ආසම පාටත් රතුය , මදක් අතීතයත් එක්කය

"රෙනූ ඔයාගෙ නියපොතු වල රතු පාටද ගොඩක් ලස්සනයි පැටියෝ..."

"දැන් ඒව වැඩක් නෑ "

"සම්පත් මට පන වගේ ආදරෙයිනේ"

තමන්ටම කියා ගනිමින්,ඉක්මනින් කාමරයෙන් එලියට බැස්ස රෙනූ බෙරිහන් දෙන්න ගත්තේ ,හැමදාම වගේ පුරුද්දටය

"අම්මා කාර් එකේ යතුර දැක්කද"

"මමද කාර් ලවන්නේ "

"අනේ අම්මා කියන්නකෝ"

"මට පරක්කු වෙලා"

"හම්"

"ඔය tv එක ලඟ ඇති"

"හරී"

"මම යනව අම්මේ"

"පරිස්සමෙන් යන තැනකින් රෑ නොවේ එන්න"

"හම්"

කාර් එක ස්ටාර්ට් කර ගත් රෙනුලි පිටත් වුනේ ඉක්මනින් සම්පත් දැකීමට නුගේගොඩට ලඟා වීමටය.

සින්දුවට සවන් යොමු කර ගනිමින් රෙනු පාදුක්ක ටවුමට ඇතුලු වෙනවාත් සමඟම අනෝර වැස්සක් ඇද හැලෙන්න පටන් ගත්තේ මාස දෙක තුනක් දැඩි නියන් කාලය නිමා කරමින්ය

"අර මොඩය තෙමෙනවද දන්නේ නෑ"

ඒ එක්කම දුරකථනය අතට ගත් රෙනූ සම්පත්ට දුරකථන අැමතුමක් ගත්තේ සම්පත් හොදින්ද තෙමෙනවද කොහෙද ඉන්නේ දැන ගැනීමටය.

"මේ මෝඩය නම් වෙලාවට කවදාවත් පොන් එක ආන්සර් කරන්නේ නෑ"

දිගින් දිගටම සම්පත්ට ගත් රෙනුලි තරමක් කෝප වුනේ සම්පත් වෙනුවෙන් කොතරම් කැප කලත් සම්පත්ගේ හැසිරීම නම් එන්න එන්න නරක නිසාය.

ඒ එක්කම රෙනුලිගේ හයවෙනි උත්සහයට සම්පත් දුරකතනය ඉස්සුවේ රෙනූට බැන වැදිමින්ය.

"තමුසෙ මොනව කරනවද මෙච්චර වෙලා"

"මම මෙතන තෙමි තෙමි පාරවල් ගානේ "

"වෙන එකෙක් එක්ක ගියාද උදේම"

"රෙද්ද"

"අනේ මගේ රත්තරන් පොඩ්ඩක් ඉවසන්න බබා"

"මහ වැස්සෙ එන්න අමාරුයි"

"තමුසෙට නිදහසට කාරණා ගොඩයිනේ "

"උදේම යන්නතැ අරූව හම්බ වෙන්න"

"අනේ පන ඇයි ඔහොම මට මට කරන්නේ"

"මම ඉසුරු ගෙන් ඈත් වෙලා ඔයා ලඟට ආවේ ඔයාගේ මුලු ලෝකයම මම නිසා ඒත් ඉසුරු කවදායත් මට බැනල හිත පාරල නෑ..."

"ඉතින් ඌත් එක්ක ඉන්න තිබුනනේ"

"ඇයි මාත් එක්ක ආවේ"

"උබ"

"ඉක්මනට වරෙන් මම මෙතන තෙමෙනව"

"උබ රෝන්දේ"

රෙනුලි ගේ කේන්තිය දිග් කදුලු බිදුවක් ගලා ආවේ ඉසුරු ලේ ආදරය මතක් වුන නිසාය,කවදාවත් ඉසුරු රෙනුලිට මේ වගේ යන්න ආරාධනා කරලා නෑ..ඒ අස්සේ දවසක් ඉසුරු රෙනුලිට කියපු කතාවක් මතක් වුනේ එක පාරටම..

"දන්නවද මගෙ පන මගේ හීනේ"

"දවසක ඔයා කුමාරියක් වගේ ලස්සන ලොකු ගවුමක් අන්දල කුමාරිකාවක් වගේ ලස්සනට සැබෑ අයිතියෙන් අත්සනින් සහතික කර මගේම කරගෙන ජය සක් හඩ මැද්දේ ඔයාව අරගෙන ගිහින් පුංචි රෝස මල් අතුරපු යහනක ,ආදරෙන් ඔයාගේ පපුවට උනුසුමින් ලං වෙලා ආදරෙන් ,බබරෙක් වෙලා ලස්සන මගෙ මල නොතලා මල මත් කර ඒ රොන් උරන්න ඒ ඔයාගෙ පිරිසිදු කම සිදින්න,

"ඒකයි මේ දුප්පත් කොල්ලගේ හීනේ ඊට කලින් මම ඔයාගෙ සුවද විදල ,කවද හෝ අයිති කර ගන්න කලින් මගෙ ජීවිතෙන් හුස්ම පොද ගියොත් ඔයාට ජීවිතේ අසරන වෙනව නේද රත්තරන් ,මොකද මම මලත් ඔයාව සතුටින් ජීවත් කරන්න ඕනේ..."

"මේ කොල්ලට පිස්සු නේ"

"අනේ මගේ පන එහෙම නෑ මම ගොඩක් ආදරෙයි,ඔයා තමයි මලේ සැබෑ හිමිකාරයා ඉසුරු අයියේ.
මගේ පන ,මගෙ හුස්ම"

ඒත් රෙනූ නොකියාම පසු කල ඉසුරු ගෙන් ඈත් වුනේ ඉසුරුගේ ආදරය අඩු නිසා නොවේ ,සම්පත්ගේ වැරදි වචන මුසා බස් ඉසුරු වෙනුවෙන් ගොතපු බොරු කතා වලට යට වෙලා මුදල් නිසා රෙනුට තිබ්බ ආශාවේ විපාකය නිසාය ,

ඒත් රෙනු ඒ දේවල් අවබෝධ කර ගද්දි සම්පත් එක්ක ආදරෙන් ඇවිත්ය,සම්පත් ගේ මුලදි තිබුන ආදරය ආශාව රෙනූට ඉසුරු ව ගානක් වත් වුනේ නැත,

ඒත් සමගම මහ අනෝර වැස්සේ මහරගමට ලං වුන රෙනුලිට තම වාහනයේ පාලනය ගිලිහීයනවාත් සමගම එක පාරටම

"බුදු අම්බෝ........"

හඩක් මැද අසල තිබූ ලයිට් කනුව වැලද ගත්තේ රෙනූගේ කාර් එක සුනු විසුන වෙමින්ය

යාන්තමට හුරු පුරැදු හඩක අදෝනා මුසල හඩක් මැද රෙනුට සිහිය නැතිවුනෙ ඒත් සමගම සම්පත්ගේ බැනුම් ඇසීමට වෙන හැගීමත් සමඟය....

සම්පත් උදේ හොටල් කාමරේ අනිත් පෙම්වතිය එක්ක රස පහසේ වෙලෙද්දි රෙනූ ඔහු වෙනුවෙන් වද වී අද කරදරේය...ඒත් එක්කම රෙනුලිගේ.කල්පනාවත් එක්ක සිහි විකල් තත්වයෙන් ලාවට රෙනුලි දැක්කේ රතු පාට ආලේකයක් ඉතාමත් ඉහල හඩකින් නලා සද්දයක් එක්ක ඉදිරියට යන බවත්ය ඒත් එක්කම ඇයට එහා පැත්තෙන් අතක් ස්පර්ශ වුනේ ඉතාමත් පුරුද කමක් මගින්ය...."

සුර සැප නිමා කර ඇයව යවා සම්පත් නැවතත් රෙනුට අමතන්න උත්සහ කලේ රෙනූ ස්පර්ශ කර විනාස කිරීමට දැඩි ආශාවෙනි..

" මේ බැල්ලි නම් එපා වෙනව අප්පා"

"කොහොමත් ඕකිට හොද පාඩමක් උගනවන්න ඕනේ"

"ආපු දෙන්කෝ ආයේ ඕකිට දඟලන්න දෙන්නේ නෑ මම"

ඒ සමගම පැය දෙක තුනක් බලා සිටි සම්පත් රෙනූගේ නොපැමිනීමයෙන් කෝපයෙන් හොදටම බැන කෙටි පනිවිඩයක් දමා නැවත්ත නිවසට යන්න ගියේ ඇය ගැන පොඩි හෝ තැකීමක් නොමැතිවය.

ජීවිතේ සමහර දේවල් හරි අපූවට ලියවිල තියෙන බවනම් ඇත්තෙම්ම ,සමහර අත්දකීම් අපූරැවට පෙන්වල දෙන්නේ ,ඇසට කදුලක් සතුයටක් ලබා දෙන බවින් බව අපි යට සිතට මදක් උත්තර දුන්නනම් හදවත් ගැහෙන වේගය,අපි ගොඩක් දෙවල් අපි අපිම විනාස කරගෙන ඇති බව නම් ඉතා පැහැදිලිය.
රෙනුට හිමින් හිමින් සිහිය එනකොට ගොඩක් දේවල් වෙනස් වෙලා..ඇස් යාන්තමට අරින රෙනුලි ⁣මුලු පරිසරයම බොද වෙලා හිමින් පැහැදිලි වෙනකොට ,මුලින්ම දකින්න ලැබුනේ තම මවයි පියයි පමනි,ඒ වන විටත් ඇය අවට පරිසයරයෙන් දැන ගත්තේ ඇය රෝහලක සයනයක් මත ඉන්නා බවයි...

"අම්මේ මම මේ කොහෙද?"

"දුව දගලන්න නැතුව ඉන්න පැටියෝ"

"ඔයාට පොඩි අනතුරක් වෙලා සිහිය නැති වුනා"

ඒ වන විටත් රෙනූ තම.දෙමාපියන් විසින් කලුබෝවිල රෝහලින් නවලෝක රෝහලේ 33 කාමරයේ මූලික ප්‍රතිකාර ලබමින් සිටියේය..

"දුව ඔයාට දවස් දෙකකින් සිහිය ආවේ"

"අපි කොච්චර බය වුනාද"

"අනේ මරෙ රත්තරන් කවදාවත් මේ අම්මගෙ ඇස් කදුලෙන් පුරවන්න එපා රත්තරන්"

"ඩොක්ටර් කිවුව ඔයාට මුකුත් වෙලා නෑ කියල"

" ඒක නිසසි ඇගට ලේ ටිකක් ඉනුවේ පන"

ඒ එක්කම ඩොක්ට කාමරයට ආවේ රෙනුගේ නවතම තත්වේ මැන බැලීමටය..

"කොහොමද රෙනු දුව"

"මේ සැරේ ලොකු අඩවුවක් අල්ලල තිබුනා නේද"

"අනේ නෑ ඩොක්ට එක පාරටම අන්තිමට මට ඇහුනේ අම්බෝ ගාන හඩක් විතරයි මට මොනව වුනාද කියල මමවත් දන්නේ නෑ"

"දැන් ඒව ඉවරයි දුව දැන් ඔයාට හොදටම සුවයි"

"දෙවියෝ දූගෙ ජීවිතය බෙර ගෙන තියෙන්නේ අනූ නමයෙන්"

"මට පොඩි ගැටලුවක් තියෙනව ඩොක්ට"

"ඒ ⁣මොකද්ද දරුවෝ"

ඒත් සමගම රෙනු දෙමාපියන්ගේ මූන දෙස බලා කට තදකර ගැනීමත් සමගම ,එය දුටුව ඩොක්ටර්

"දෙමාපියෝ දෙන්න පොඩ්ඩක් එලියට යන්න මට දුවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න "

"දැන් කියන්න දුව මොකද වුනේ කියල "

ඒ සිදුවීම මුලු මනින්ම ඩොක්ටට කියපු රෙනූට ඩොක්ට සම්පත් තමන්ට කරන්න හදපු දේ බරපතල කම පෙන්වා දෙනවත් සමගම.රෙනූට සිහිය නොමැති තැන ඉදන් සියලු කතාව කියන්නට විය.

ඒ අම්බෝ ගාල තියෙන්නේ ඔයා අතින් හැප්පුන පිරිම ලමය,එයාට ටිකක් විතර අමාරුයි,

"අනේ ඩොක්ට මට එයාව බලන්න ඕනේ"

"Plz ...... ඩොක්ට"

"හා හා කලබල වෙන්න එපා ලමයෝ"

"ටිකක් ඔයා විවේක ගන්න"

"අපි ටිකකින් බලන්න යමු"

"එයාවත් ඔයාගේ දෙමාපියන් මෙහෙට එක්කන් ආවා"

"දැන් එයාට අපි අවශ්‍ය දේවල් කරල තියෙන්නේ"

දොස්තර රෙනුගේ කරදරය මැද්දේ කරුණාරත්න ලෙස කරුනු අවබෝද කර දී.ලබාදුන් ඉන්ජෙක්ෂන් එකෙන් රෙනූ නින්දට ගියේ නර්ස් ගේ හිස පිරිමැදීමත් එක්කමය..

"කොහොමද ඩොක්ට මගේ දූට"

"දැන් අඩුයි බය වෙන්න, එපා එයාට කිසි කරදරයක් නෑ"

"ඔයාලා දැන් ගෙදර යන්න"

"අපි එයාව හොදට බලා ගන්නම්"

දෙමාපියන් සැරෙන් සැරේ ඇවිත් රෙනූව බැලුවත් ඒ ඇතිවුන කම්පාවයි,බෙහෙත් වල සැර නිසා රෙනු නින්දෙන් ගත වුවේ දැඩි පීඩාවෙන්ය

ඒත් සමගම දවස් තුනකටත් ගත වුනේ සියලු දෙනාටම නොදැනීමය,එදා රෙනු පාරට පැමිනිමත් සමගම ඇද හැලුන මුරුගසන් වැස්ස නිමා වුවේ ලංකාවට දරුනු නායේ යාමත් මිනිසුන් සිය ගනන්ත ඉන්න හිටින්න වත් තැනක් නොමැතිවය.

"ඩොක්ටර් ඩොක්ට ඉක්මනටම එන්න"

"අර පේශන්ට ටිකක් අමාරුයි"

"එ් හඩත් සමගම රෙනු

"ඉසුරු ...................රු"

හයියෙන් ඉසුරු කියාගෙන අවදි වුනේ,හීනෙන් ඉසුරු ඇවිත් ඇයට මොනවදෝ කියාගෙන එද්දීම අනතුරකට බාජකය වන බව දැකීමෙනි..

ඒත් සමගම එහා කාමරයේ සිටි ලෙඩාගේ හෘද යන්ත්‍රය

කීක් කීක් .....කීක්....කීක්..............කීක්..........කී............................................ගාමින් නතර වුනේ වුනේ හුස්ම මාරයා විසින් රුගෙන යන්න වෙර දැරීමත් සමගය.

නමුත්

හිරි අපූරු හාස්කමක් වුනේ මේ අතරමය......අදහා ගත නොහැකි ලෙස නතර වුන ලෙඩාගේ හෘද යන්ත්‍රය නතර වීමත් සමගම නැවත එක පාරටම තප්පර දෙක තුනකට පසු වැඩ කරන්න ගත්තේ රෙනූගෙත් වාසනාවටය...මොකද ඒ ලෙඩා රෙනූ අතින් හැප්පුන තරුණ ගැටවරයාය...

"කොහොමද රෙනු දුව"

"ආ එහෙමද ගෙදර යන්න පුලුවන් එහෙනම් අද"

ඩොක්ට ගේ කරුණාරත්න කම රෙනූගේ දවන සිතට සහනයක් වුනේ දෙවියන් තමන් ලග සිටින්නා මෙනි..දොස්තර මේ පුදුම සහගත දේ රෙනූගේ සිතට කිවීමත් සමඟ රෙනූ රෝගියාගේ විස්තර හාරවුස්සන්න වූවේ ඉතාමත් සංවේදීවය..

"කොහොමද ඒ ලෙඩාට දැන් ඩොක්ට "

"දැන් අඩුයි"

"එයා දවස් ගානක් හුස්මත් එක්ක සටන් කලේ දුව"

"දන්නවද ඒ කොල්ලට කාත් කවුරුත් නෑ"

"හැදිල තියෙන්නේ අනාථ නිවාසෙක"

"වයස 18 පහු වුනාට පස්සේ කොල්ල තමන්ගෙ හයියෙන් නැගිටපු එකෙක්"

"ගොඩක් දුප්පත් "

"ජීවිතේ එක්ක ලොකු සටනක් දැන් ගත කරන්නේ "

රෙනුලිට මේ කතාව ගොඩක් සිතට කා වැදුනේ රෙනුගේ පිවිතුරු ආදරය ඉසුරු මේ කතාවට සමාන නිසාය..

ඉසුරුට රෙනූව මුන ගැහෙන්නේ හදිසියේය,දවසක් මහ අනෝර වැස්සේ රෙනූ තාත්තා එනකන් මහර ගම යූත් එක ඉස්සරහ ඉන්නකොට ,එතනින් වැස්සට යටින් තෙමීගෙන හිසට ආවරනයක් සොයා දුවගෙන විසේකාර කොල්ලාගේ අඩිය මඩ වලට වැටීමෙන් විසිවුන මඩ පහර රෙනූගේ ඇග පුරා වැදීමෙන්...

"කොහේ යනවද මන්ද මීහරකා"

"පාරේ යන්න දන්නෙත් නෑ"

"ගොන් වස්සෙක්"

"රෙද්ද මුලු ඇදුමම ඉවරයි"

රෙනුයි ඉසුරුයි දෙන්නම එක ආයතනයේ ඉගන ගත් අතර අවුරුද්දක් ගත වුනත් කතා බහ කරේ නැත.ඉසුරු තරමක් හුදකලාවෙ ජීවත් වුන අතර රෙනූ ගොඩක් ඳගකාර චරිතයක් විය ,කෙසේ නමුත් රෙනූව පසුදා හමුවූ ඉසුරු රෙනූගෙන් සමාව ඉල්ලුවේ බැගෑපත්වය.

"මට සමාවෙන්න රෙනුලි"

"මෝඩය වගේ දුවල මාව තෙමල ආවද සමාව ගන්නත්"

"හරකෙක් වගේ කුලප්පුව බලනව මගේ නෝට් එකක් වත් ගන්න බෑ තෙමිල"

"මම නෝට් ටික බෑග් එකට දැම්මෙත් නෑ පොඩි වෙයි කියල"

"තමුසෙනම් මහ ගොන් වස්සෙක්"

රෙනුගේ බැනුම් ඔලුව නවා ගනිමින් අසා සිටි ඉසුරු ,රෙනුට තමන්ගේ නෝට් ටික දුන්නේ තමන් වරදක් කලා යන හැගීමෙනි..රෙනූ නෝට් ටික ගත්තේ මහත් ලොකුකමිනි එය ගත්තෙත් නෝට් ටික නැවත ලියගෙන ඉසුරුට දීමේ අදහසින්ය,

"මම දෙන්නම් ආයි ලියාගෙන"

"කෑව හැමදේම රෙද්ද"

"සමාවෙන්න රෙනුලි වැස්සට තෙමෙන අවුවට වේලෙන මගේ ජීවිතයට අනෝර වරුසාවෙන් බේරෙන්න තමයි මම දිවුවේ.... රෙනූ මම ඔයාව දැක්කේ නෑ"

කවදාවත් කතා කරපු නැති ඉසුරු රෙනුලි ලඟ බැගෑපත්වය සමාව ඉල්ලුවත් රෙනූ අහක බලා ගත්තේ අහංකාර කමිනි.ඒත් සමගම රෙනුගේ යටි සිත ටිකක් රෙනූටත් හොරෙන් කල්පනා ලෝකයට යන්න ගත්තේ හිමිහිට ඇයටත් හෙරෙන්ය,රෙනූ නැවත ඉසුරු දිහා බලන්න හදනවත් සමගම ඉසුරු නොපෙනීම ගිහින්ය..

ඇය ගෙදර ගිහින් කල්පනා කලෙත් ඉසුරු ට කතා කරපු විදිය වැරදි යන්නය හිතින් දුක් වෙමින්ය,ඒත් සමගම ඉසුරුගෙ නම්බර් එක නදීරාගෙන් ඉල්ල ගත්තේ ඉසුරෙන් සමාව ගන්නටය,ඒ වෙනකොට සිදුවීම හදවත දෙදෙරා ගිය රෙනූ හදිසියේම දුරකතනය ඇමතුම ගත්තේ ඉසුරු ටය..

"හෙලෝ "

"ඉසුරු ද"

"මට සමාවෙන්න ඉසුරු "

සමාව ගත් රෙනූ ඉසුරු ආදර කතාව පටන් ගත්තේ ඔන්න ඔහොමයි

"රෙනු දුව ."....."රෙනූ දුව"

"රෙනූ දුව"

"ඔයා මොනවද කල්පනා කරන්නේ "

"නෑ නෑ ඩොක්ට"

"මට එයාගෙ නම කියන්න පුලුවන්ද?"

"කාගෙද දුව"

"අනේ ඩොක්ට ඒ මගෙ අතින් වැරැද්දක් වුන ඒ කොල්ලගෙ"

"අැයි මේ කලබල"

"අපිටත් තාම හොයා ගන්න බෑ දුව"

"එයාවයි ඔයාවයි එකට ගෙනාවේ ඇම්බිවුලස් එකේ"

"එයාගෙ ලියවිල්ලක් වත් නෑ දරුවෝ"

"දැන් කොහෙද ඩොක්ට එයා"

"එයා ඔයාටම එහා පැත්තේ 32 කාමරයේ "

"රෙනූ එක පාරටම දුවගෙන ගියේ සසර පුරුද්දට මෙන්මය"

එක පාරටම ඇය කලබල වීමත් සමගම සේලයින් බට කඩා ගෙන ඇදෙන් පැන කාබරයට දුවන්න ගත්තේ ඒ ගැටවරයා බලා ගැනීමටය..

"දුව............ දුව........"

"නර්ස්.......නර්ස්"

"මේ ලමයව අල්ල ගන්න"

කාටවත් මේච්ල් කර ගන්න බැරි වුන රෙනූ නැවතුනේ 32 කාමරයේ ය...රෙනූගේ හදවත තව තවත් කම්පා වෙන්න ගත්තේ ඉතා සුලු මොහොතකි ....මුලු මූනම වෙලුම් වලින් ආවරනය වී ඒ තරුනයාගේ ගෙල දැක්ක රෙනූ හයියෙන් ඉකි ගගා ඔහුගේ පාමුල ඇද වැටී අඩන්නට විය..

ඒ ඇයගේ සැකය වු දේ ස්තීර වුන නිසාය,ඒ තරුණයා ඇගේ වාහනයට යට වී ඇත්තේ ඉසුරු නිසාය.ඇය එය ස්තීර කර ගත්තේ දවසක් ඇය ශිව දේව සුර යන්ත්‍රයක් ගෙලේ ගැට ගැසුවේ ඉසුරුගෙ ආදරය හැමදාම ශක්තිමත් කර දෙන්නටය,ඒ විතරක් නොවේ ,ඉසුරු ට රෙනූ දීපු වැලන්ටයින් තෑග්ග ඔහු තාමත් ඇගිලි අතර සිර කර තිබූ නිසාය...

"දූව ..... දුව .....ඔයා මෙයාව දන්නවද"

"දුව නැගිටින්න කෝ"

"අනේ ඩොක්ට .....⁣ඔවු මේ මගේ ජීවිතය"

මහ අදෝනාව මැද රෙනූ එකපාරටම

"මම මහ පවු කාරියක් ඩොක්ට"

"කාත් කවුරුවත් නැති අසරනයව මම මරා ගන්නද හදල තියෙන්නේ ඩොක්ට "

"මේ ඉන්නේ ඉසුරු .........ඩොක්ට "

දින ගනනක් ඉසුරු ගැන තොරතුරක් හොයා නොගත්තු රෝහලට ,ඒ ඉසුරු කියන පුද්ගලයා කියා හොයා ගත්තේ රෙනූගෙන්ය

"දුවට හොදටම සුවර්ද ඒ ඉසුරු බව"

"මගේ ඇස් දෙක වගේ සුවර් ඩොක්ට ,එයාව අමතක වෙන්න මම මැරිල ඉපදුනේ නෑ ඩොක්ට "

"ඉසුරු ගේ මයිල් ගහක් ගානේ මට කියන්න පුලුවන් ඩොක්ට"

"මේ ඉන්නේ ඉසුරු ...."

රෙනූ ජීවිතේ ගොඩක් කඩා වැටුනේ දෛවයේ සරදමින්ද යන්න බව මට සිතේ කෙසේ වෙතත් රෙනූ තම පන වගේ ඉසුරු ව බලාගෙන ප්‍රතිකාර කරන්න ගත්තේ ආදරයයි,අවාසනාවයි මැදින්ය....දිනෙන් දින සිහිය එනකන් ⁣ඉසුරුට රෙනූ අවුරුදු දෙකක් බලන් හිටියාය...එක දවසක් හදිසියේම ඉසුරු මරණේ ලගින් නැගිට්ටා වගේම ..අවුරුදු දෙකට පසු හිමිහිට ඇස් ඇරියේ දෛවයේ සෙනෙහස ආදරය රෙනූගේ විශ්වාසය හා රෙනූගේ කැප කිරීම සුව කර ගැනීමට දැරෑ විශ්වාසයේ ප්‍රතිපලයක් නිසාය.පසු කාලීනව කෙමෙන් සුව තත්වෙයට එන ඉසුරු රැගෙන රෙනූ දැන් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවේ වැඩිදුර ප්‍රතිකාර ලබා දෙන්නේ ආදරේ පරම අමරණීය සෙනෙහසකින්ය......රෙනූ ඉසුරු ගෙ ජීවිතෙන් ගිය දා පටන් ඉසුරු හදවතින් තනි වුනේ රෙනූට දුන්න ආදරේ වෙනෙකුට දෙන්න නොහැකි නිසාය....රෙනූ නැතුව ඉසුරු ගත කල කාලය ඉසුරු රෙනූගේ උකුලේ තුරුළුව සිටින විටදී කියන්න ගත්තේ රෙනූට ඇය ගැනම කල කිරීමක් ඇති කරමින්ය...ඒත් සමගම රෙනූ සම්පත්ට වෛර කරන්න ගත්තේ කාලි වෙස් ගෙනය.ඇයව මුලා කර ඉසුරු ඈත් කර තමන්ම රැවටු බව දැන ගත් රෙනූ දැන් හදවතින් පසු තැවෙන්නේ මහත් වේදනාවකි...රෙනූ ඉසුරුගේ ඇදේම එක ඇලයකිකන් ඇල වුන්නාත් සමගම..

"රෙනූ ........"

"අද මොකද මේ"

"දැන් ඔයාට හොදයි ඉසුරු "

"දැන් මම මලත් කමක් නෑ"

ඉසුරු රෙනූගේ කට මිරිකුවේ තරහින්ය,

ඒත් සමගම හිමිහිට ඇහුන රේඩියෝවේ සිහින්ව ගිය,

"ඔබේ සිනා ලඟ නෙත නැවතුන දා
ඔබේ කතා ලඟ සිත නැවතුන දා
ප්‍රේමය හැදින්නෙමී........../
මේ ලෝ තලයේ........./

කුමටද උපමා ඉතිහාසේ වුන් ප්‍රේමවන්තයින් ගෙන්...
කුමටද ආදරයේ පෙම් සැමරැම් පෙම් පාරාදීසෙන්...
ඉමක් කොනක් නැති ආකාසේ තරැ පායා එන සේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා...

ඔබේ සිනා ලඟ...........//

"රෙනූ සීතල මේ රෑ ලස්සනට ඕස්ට්‍රේලියාවේ හද පායල ..ඒත් ඔයා ගොඩක් උනුසුම් "

"ඉසුරු ඔන්න මන් ඔයාගේ උනුසුමට ලැමද ලඟ"

"ආයි කවදාවත් මාව දාලා යන්න එපා "

"රෙනූ ඔයාගේ විතරමයි"

"උනුසුම් රාගයෙන් සියුමැලි රෙනූගේ ලෝකය රතු ලෙයින් නෑ වෙද්දී රාගයේ දොරෙන් ඉසුරු රෙනු ඇතුලු වුනේ අමරණීය ප්‍රේම පුරානයක ලියවූ රාධා ක්‍රිෂ්ණා වගේ ආදරේ ශක්තියක් ලෙසය

ටික කාලෙකට පසු

ඔන්න ඔහොම ගලාගෙන ගිය ඉසුරුටයි රෙනූටයි ජීවිතේ තවත් ලස්සන කරන්න 2017 - 02-14 වෙනිදා පුංචි ඉසුරු රෙනු ලෝකයේ එලිය දුටුව දැන් එයාට අවුරුද්දක් අවුරුදු හයකට පසු තමන්ගේ ලංකාවට පැමිනීම පුංචි ඉසුරු බබාට අමුත්තක් උනේ පලමු පය ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ නිසාය..

"අම්මේ .........."

"⁣අනේ මගේ රෙනූ දුව"

"නොකියම ආවේ ඇයි දුව අපි එනවනේ එයාර්පොට් එකට"

"මේ ඉන්නේ අපේ අමුත්තා"

"ආනේ මගේ වැලන්ටයින් කුමාරය ඇවිත්"

"පුංචා"

"පුතා මේ ආච්චි කෝ"

"රත්තරන් "

"අද උපන්දිනේ වැලන්ටයින් අරන් ආවද ආච්චිටයි සීයටයි.."

"කෝ ඉසුරු "

"අම්මේ ......."

"කෝ අම්මේ තාත්තා. ."

"ඉසුරු පුතේ තාත්තා පොඩ්ඩා එයි කිය කිය බලාගෙන හිටියේ .............මේ මාසෙම මොකද පෙබරවාරි දාහතර කොලු පුංචට අවුරුද්දක්නේ "

"පන්සලට ගියා දාන වේලක් බාර ගන්න"

"ඉසුරු නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ දුව"

"අන්න අදත් ඉස්සර වගේ මමයි ,ලීලයි කාමරේ අස් කරා දැන් ගිහින් හැඩි කරන්න"

"අනේ අම්මේ......"

"බලන්නකො ඉසුරු අම්මගෙ විහිලුව"

"මම දැන් එහෙම නෑ නේද?...."

"හම් හම් මොකට කියනවද අම්ම"

"ඕස්ට්‍රේලියාවේ ගිහිනුත් ඒ විදියට තමා හිටියේ"

"මමනෙ දන්නේ"

"අනේ අම්මේ බලන්නකො මෙයත්"

"ඉන්නවකෝ අල්ල ගන්න"

"අනේ අම්මේ මාව බේර ගන්න ⁣අම්මගෙ දුව මට මෙන්න ගහනව"

ඉස්සර වගේමයි වෙනසක් නම් නෑ කියා පැටියා සමග රෙනුගේ මව යනවාත් සමග දෙදෙනාගේ ලඟට එකපාරටම ආවේ රෙනූගේ තාත්තාය...

"දුව ,පුතා"

තාත්තා..........

ඉතින් ඔන්න ඉසුරු ගේ ගෙදර කට්ටිය වැලන්ටයින් සැමරැවේ වැලන්ටයින් කුමාරයත් එක්ක ,ඉසුරුගේ දෙමාපියන්ටත් පිං පිනිස සාංගික දානයක් සමඟය.....

...................නිමි................
...........#ඉසුරු_සම්පත්.........

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment