හීන කැන්දනා ආදරේ

💞💏 හීන කැන්දනා ආදරේ...💏💞

   "සුදු මහාත්තයෝ..මොකද කරන්නේ කෑවද පන.."මේකිට පුදුම උනක් නේ යකෝ තියෙන්නේ.කෝල් කරන හැම වෙලාවකම ආහන්නෙ කෑවද කෑවද කියලා විතරයි.ඇයි අප්ප ඔය කියන විදිහට කාලා මාහත් උනාම අමාරු මේකිටම කියලා තේරේන් නෑනේ..

"නෑ අප්පා..මට කන්න බෑනේ පන කවන්න ඔනීනේ කාලූ හලී.."එහෙම බැලුවොත් මට මොන්ගල්.මෙයා ලග හුරතල් වෙන එක තරම් ලොකු වැඩක් වෙන නෑ.

"ඒකනේ කෝ එන්න මගෙ පැටියට කවන්න මන්.හ්ම්ම්ම් ආආආ කියන්න..කෝ."
"ආ ආ ආ"
"අම්මෝ මේකා පොඩි වුනාට කට නම් පොඩි නෑ."ඇත්ත ලග නැතත් එහෙම කවද්දි බන්ඩිය පිරෙනවා.ආදරේ හරි පුදුමයි..මන් දන්නෑ කොහොම කියන්නද කියලා.ඒත් මන් ඔයාට පැලෙන්න ආදරෙයි.ජිවත් වෙන්න බලාපොරොත්තුවක් ඕනෝ.ආනාගතේ හදාගන්න හෙට ලොකේ දිනන්න අරමුනක් ඕනී.මටනම් මේ හැම දේම ඔයා වෙලා.ගන්න හැම හුස්මකම ඔයාගේ නම ලියවිලා පන.වෙන කොල්ලෙක් බැලුවත් ඔයා දිහා මට මල ඉතින්.මොනා කරන්නද මගෙ මැනික මට වඩා ලස්සන කෙනෙක් ආවොත් ඔයාගෙ ජිවිතෙට මන් කොහොමද මේ ආදරේ නැතුව ඉන්නේ...

"සුදු මහාත්තයා..අහාන්නකෝ."

"මට ඔයාව බලන්න ඕනී..ඩේටා ඔන් කරන්නකො.."

"ඉතින් පන විනාඩි 5ක් නෑනේ වස්තු අපි කතා කරලා.හ්ම්ම් අනික මූන බලලා උම්මා දුන්නම කුරුලෑ ගෝඩාක් එයි මුනෙ මෙහෙම මෙහෙම මගෙ.."

"ඉතින් එහෙම උනාම මොකද..මගෙනේ."..අනේ හිනෙකින්වත් වෙන කෙනෙක්ගෙ වෙන්නෑ පන.

"ඒත් පාරේ යද්දි කෙල්ලෙක්වත් බලන එකක් නෑනේ."ටිකක් අවුසන්න හිතන් මන් කිවුවා.

"මන් කියන් නෑ උබට..අනේ ගන්නකෝ අප්පා."

"හ්ම්ම් ටිකක් ඉන්නකෝ මැනික."..
 
"අම්මෝ මෙකගෙ තියෙන මනමාල කම."ආන්ස්වර් කරපු ගමන් මූන බලන් කියපු විදිහට ලැජ්ජත් හිතුනා.කම්බුලට අත තියන් කට උල් කරලා හුරතලෙට කියද්දී ලෝබයි පන.

"හවසට එන්නද බලන්න සුදු බොලේ."

"හ්ම්ම් එපා සුදු මහාත්තයෝ."

"අනේ ඇයි ඒ මොකක් හරි වැඩක්ද.."

"නෑ එහෙම මත් නෑ.."කල්පනා කරන විදිහට රගපාල ඔහේ ගිරවි වගෙ කියවනවා.

"හරි කමක් නෑ මන් එන්නෑ.ම්න් පස්සෙ ගන්නම් වස්තු බුදු සරණයි.."

"ඒයී මැට්ටෝ..පොඩ්ඩක් ඉන්නකෝ."

"ඇයි..."මන් නිකන් දුකින් වගෙ ඇහුවා.

"මන් ඉපදිලා තියෙන්නෙත් ඔයා වෙනුවෙන්නෙ රත්තරනේ.අනේ හිතෙන ඔනීම වෙලාවක එන්න.හැබැයි චොකලට් එක ඕනී. "

"මන් තුනට විතර එන්නම් පන.ටිකක් දොයියන්නත් ඔනි..නැගිටල ගන්නද පන."

"හ්ම්ම් මෙතනට තු වෙල දොයියන්න හාද.මන් ඔලුව අතගන්නම් වස්තු.."පපුවට අත තියලා පෙන්නනවා.අනේ උතුරන්න ආදරයක් මේ පපුවෙ තියෙනවා  වස්තු ඔයා නමින් ඇති වුනු..

"හ්ම්ම් උම්ම්ම්ම්මා..බුදු සරණයි පන."

"බුදු සරණයි මහාත්තයෝ.උම්ම්ම්ම්මා පරිස්සමට එන්න හොදද.."දින සති මාස ගෙවිලා අපේ ආදරේට අවුරුදු තුනක් ගෙවිලා.එදා වගේම අදත් පැලෙන්න ආදරෙයී.පුංචිම වෙනසක්වත් දෙන්නගෙන් එක්කෙනෙක්ගෙවත් නෑ.සන්සාරේ පුරාවටම මගෙම විතරක් වෙන්න පන.ගගක් උනත් ලස්සන හැප්පි හැප්පි ගලනකොට කියලා ආදරෙත් ඒකට උපමා කරාට ප්‍රශ්නයක් ආවම කොච්චර අසරන වෙනවද දන්නේ ආදරේ කරන ආදරේ අදුරන හිත් විතරයි ..

    අපිට ගෙවල් වලිනුත් ආශිර්වාදය ලැබුනා.කැපිලි කෙටිලි දුස්ටයෝ හිටියෙම නෑ.අනේ අපේ ආදරේ හරි ලස්සනයි.යාලුවන්ට මන් ඔයා ගැන කිවුවේ හරී ආඩම්බරයෙන්.හැමෝම පතන්නේ ඔයා වගෙ කෙනෙක්.හැමෝම ආස ඒ වගේ ආදරයකට.කොල්ලො කෙල්ලන් එක්ක පාර්ක් යද්දී.රූම් වලට යද්දි මන් ඔයා එක්ක ගියේ පන්සල්.දාලා යන්නෑ කියලා පොරොන්දු දීලා හැම දේම ගද්දී මන් ඉල්ලුවේ හැම ආත්මෙම මගේ වෙන්න කියලා.හැගීම් දැනීම් නැතුව නෙවෙයි පන.මට ඕනී ඔයා මගේම කරගන්න.ආදරය කරපු ඔයාව කෙල්ලෙක් විදිහටම පෝරුවට නන්ගන්න.කප්පරක් හීන දැකපු මට නෝතේරේන දේවල් වෙන්න ගත්තේ හීනෙකින්වත් නොහිතපු විදිහට..ඒදා කතා කරද්දී ඔයාට කැස්සක් ආව.ටිකකින් ගන්නම් කියලා තියපු ඔයාට මන් කෝල් කරත් දවසම කතා කරෙ නෑ.අනේ මන් ඇඩුව තරම් පිරිමියෙක් වෙලත් ඇඩුවා මහා මුහුද පරදින්න කදුලු යන්න ඇති.

  දකින්න නැතුව ඉන්න බැරි උනු ඔයාට අද පාඩුවේ ඉන්න පුලුවන් උනා.ඒත් මට තවම අදාහාගන්න බෑ ඇයි මෙහෙම උනේ කියලා.හිතෙන ඔනීම වෙලාවක බලන්න එන්න කියපු ඔයාව මාසෙකට සැරයක් දකින්න මුලු මාසෙම අඩන්න උනා.මට හෙම්බිරිස්සාවක් හැදුනත් දුවගෙන ඇවිත් හොරෙන් අඩපු ඔයා.අද මන් අඩද්දිද් ගානක් වත් නැතුව ඉන්නවා.කොහොමද දෙයියනේ මෙහෙම උනේ.රත්තරනේ ඔයා හරි ආසයි මන් පිලිවෙලට ඉන්නවා දකින්න දැන් මන් රැවුල් කොන්ඩේ වවන් පිස්සෙක් වෙලා.ඒත් ඔයා ලගට ඇවිත් ඉන්න විනාඩියෙත් ආහාක බලන් ඉදලා "දැන් දැක්කනේ එහෙනම් යන්න "කියන්න තරම් නපුරු වෙලා..

  ඉවසන්න බැරිම තැන මන් මගේ යාලුවට හැම දේම කිවුවෙ.අඩන මේ පපුට ඔයා නැතුව සැනසීමක් නැ තමයි.එත් තියෙන බර හරි ටිකක් අඩුවෙයිනෙ රත්තරන්.මදුට මන් කියනවට වඩා කරේ උව බදන් අඩපු එක.ඒදා ඌටත් බලන් ඉන්න බැරිම තැන වෙන්න ඇති ඔයාලගෙ ගෙදර ඇවිත් කතා කරලා විසදගමු කිවුවේ.මාත් කැමති උනේ අනේ ඔය මුන මට දකින්න ලැබෙන නිසා.දයිවය හරස් වුනේ මන් හීනෙකින් වත් නොහිතපු විදිහට.ඔයාල ගෙදර නෑ දවස් ගානකින් මිදුලක් වත් අතුගාලා නෑ.පන්සලක් වගෙ මගේ සුදු මැනික තියන් හිටිය ගෙදර අම්බලමක් වෙලා.මන් කාගෙන්ද පන  ආහන්නේ ඔයා ගැන.කෝල් ගත්තට මේ දවස් ටිකේම ඔයා ආන්ස්වර් අරෙත් නෑ.කදුලු ආයෙත් අලුත් වෙලා ඇස් අගිස්සෙන් වැටෙද්දී මදුවා පිටට තට්ටුවක් දාලා අල්ලපු ගෙවල් දිහාට ගියේ මොනා හරි තොරතුරක් දැනගෙන එන්න.

  වෙනදා මන් ආවම එලියට වෙලා අත අල්ලන් වාඩි වෙලා කතා කර කර ඉන්න බන්කුව උඩින් වාඩිවෙලා ඔහේ ගලන කදුලු වලට ආත්මෙම හොදන්න දීලා බලාගෙන හිටියා ඇර කරන්න දෙයක් මට වෙන නෑ පන.ගියාට වැඩිය ඉක්මනට මදුවා ආවෙ ලොකු කලබලයකින්..

"මචන් මේ අවුල් වෙන්න එපා හාද.."

"අමුතුවෙන් අවුල් වෙන්නවත් හිතක් මට දැන් නෑ බන්.කියපන් මන් ආහන් ඉන්නෙ.."

"නෑ මන් කියන්නෑ හොද එකා වගෙ වරෙන් පොඩි ගමන් යන්න තියෙනවා.කිවුවම ආහාල ප්‍රශ්නය ආහන් නැතුව යමන් හරිනෙ." මාව ගෙදරින් දාලා."ඉදපන් මන් අයියගෙන් වහානේ ඉල්ල ගන්නම් පැය බාගෙන් මන් එනවා උබ ලෑස්තිවෙලා ඉදපන්.දවස් දෙක තුනකට එන්නෑ කියලා විතරක් කියපන්.හරිනේ.."කිසිම දෙයක් තේරෙන්නෑ.මදු කියපු විදිහට මන් ලෑස්තිවෙලා හිටියා.කිවුවා වගෙම මූ අයියගෙන් වෑන් එකත් ඉල්ලන් වෙලාවට ආව.ඇවිදින මල මිනිහක් ගානට වහනෙට නැගලා වාඩි වෙලත් මන් කල්පනා කරේ අපේ ලස්සන අතීතේ ගැන..

පැය කිහිපයක් යන්න ඇති.වාහානය නැවැත්තුවා."මචන් බැහැපන්..කෙල්ල ඉන්නෙ මෙතන.කලබල කරන්න එපා ටිකක් ඉවසන් ඉදපන් අපි හොයලා බලමු.."

දෙයියනේ එතකොට එතකොට මගෙ කෙල්ල වෙනස් වෙන්න හේතුව මේකද .."මචන් මාව නවත්වන්න එපා.මට තවත් ඉවසන්න බෑ.ලොකයක් ආවත් මන් යනවා මගෙ කෙල්ල ලගට.කෝ පැත්තකට වියන්.."

"පිස්සු කෙලින්න එපා යකෝ.උබ මෙතන කලබල කරොත් අපිට මුකුත්ම දැන ගන්න වෙන්නෑ.ඒ නිසා ඉවසන් ඉදපන්.මන් විස්තර හොයන් එන්නම්."මදුවා මට දාහාක් දේවල් කියන්න ඇති මට ඒවා ඇහුන්නෑ.මන් හෙමිට ගියේ මාහාරගම පිලිකා රෝහලේ තියෙන බුදු කුටියට.අමාරුවෙන් වාරු අරන් අත් එකතු කරලා වැදලා ඉල්ලුවේ එක දෙයයි වෙන ඕනිම දෙයක් දෙන්නටම වෙන්න කියලා විතරයි.මට බෑ බුදු සාදූ එයා නැතුව ඉන්න එයාව සනිපකරලා දෙන්න නැත්නම් මාවත් එතනටම යවන්න කියලා විතරයි ඉල්ලන්නේ..

"මචන් කෙල්ලගෙ නම කියපන්."මදුවා  දුවගෙන ඇවිත් ඇහුවා.."දෙවුලී පැහැසරා.."ඔවූ ඒ මගේ කෙල්ලගෙ නම.මදුවත් එක්ක වාට්ටුව්ට ගියා..ඈත ඉදන්ම හිස් ආහාස දිහා බලන් හූල්ලන මගෙ පනව දැක්කම කාඩාගෙන වැටුනා.

"මට බෑ බන් යන්න.ටිකක් ඉදපන් අපි ඩොක්ටර් හම්බ වෙමු.."මදුවත් එක්ක ඩොක්ටර් හම්බවෙලා විස්තර දැනගෙන.මදුට ටිකක් ඉන්න කියලා ගෙදරට කෝල් එකක් අරන් විස්තරේ කෙටියෙන් කියලා.ඩොක්ටට කියලා සතියකින් එක්කන් එන්න පොරොන්දු වෙලා.මන් එලියට ආවා.මාව මෙහෙම දැක්කොත් ඔයා දුක් වෙයි වස්තු.ඔයා ආස මන් පිලිවෙලට ඉන්නවා දකින්නනේ.කොන්ඩේ රැවුල කපලා පිලිවෙලට ගියා පන ලගට..

"වස්තුවෙ.."ආහක බලන් හිටිය එයාගෙ පිටට අත තියලා මන් කතා කරා.ගැස්සිලා වගෙ පුදුමෙන් මන් දිහා බලපු එයා "සුදු මාහත්තයෝ මට සමා වෙන්න ඔය හිතට ගින්දර දුන්නට"කියලා මාව බදන් අඩන්න ගත්තා .

"කෝ ඉන්න පන.මන් ආවනේ දැන් අඩන්න බෑ.ඔයාගෙ සුදු මාහත්තයට දුකයි එතකොට.."ටිකක් වෙලා තු කරන් ඉදලා ටිකට් කපන් බෝඩිමක හිටිය අම්මලාත් එක්කන් අපි අපේ ගෙදර ආවා.අපේ අම්මලා අපිව ආදරෙන පිලිගත්තා.විවාහ රෙජිස්ටර් මහාත්තයාත් ඇවිත් හිටියා.එනකල් මගෙ පපුවෙ ගුලි වෙලා හිටිය මගේ පනව මන් මගේම කරගත්තා.."දෙවුලී පැහැසරා සහා නිර්වාන් ඉරුගල් බන්ඩාර" වන මමයි අතිනත ගත්තා.

"ඇයි රත්තරනේ මෙහෙම දෙයක් කරේ.."පපුවට ගුලිවෙලා පුන්චි හා පැටියෙක් වගේ මගේ පන ආහද්දී කියන්න තිබුනේ එක දෙයයි ..

        "මේ ආදරේ තමයි මට හීන දුන්නේ.මට ඕනී හැම ආත්මයකම ඔයා ලග ඉන්න විතරයී පන"එහෙම්ම පාත් වෙලා ඒ නලල සිප ගත්තේ උතුරල යන ආදරෙත් එක්ක..

Writer -Isuri Udeshika-

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment