දෛවය

#දෛවය......😢😊

කෙටි කතාවකි...
--------------------------------------

" ඔය ගමන යන්නම ඔනිද පුතේ...

" නොයා කොහොමද මගේ අම්මේ...අපි අප්පාච්චීව සනිප කරගන්න ඔනි නෙද

" එත් මය පුතෙ...උඹේ ඉගෙනිම...

" අප්පාච්චීට  වඩා ඉගෙනිම වටිනවාද මය අම්මා ....

" මය රත්තරං අප්පාච්චීගේ එකම හීනේ..මය මැණික දොස්තර නෝනා කෙනෙක් වෙනවා බලන්න ....

" දොස්තර කෙනෙක් වේලා මොකටද අම්මා එදට මගෙ රත්තරං අප්පාච්චී නොහිටියොත්... මම කාට බෙහෙත් කරන්නද....

" මගේ හිත වාවන්නෙ නැ.. මගේ මැණික ....

" මගේ අප්පාච්චීව මම කොහොම හරි සනිප කරනවා අම්මා ...

" අපේ කරුමයක් පටිසන් දිලාද කොහෙදෝ අප්පාච්චට නැත්නම් මදුරුවෙක් වත් මරපු මිහිහෙක් ද දෙවියනේ ...

" හ්ම්ම් ...

" ඉඩමත් අර පොළි මුදලාලිට තියෙලා බෙහෙත් කරා එත් ගුණයක් නැ නොවැ....

"  මොනවා කරන්නද මය අම්මේ .. මෙක මහා නරක කාලයක් ....

පිනිදි  බණ්ඩාර පවුලේ  එකම දරුවාය...

පිනිදිගේ පියා වකුගඩු රෝගයෙන් පිඩා විදි..

වකුගඩු බද්ධ නොකලොත් ඔහුගේ ජිවිතය දොස්තරවරුන් විසින් වසරකට සිමා කර ඇත..

ඒ නිසාම පිනිදි තම ගමේ සොයුරියක මාර්ගයෙන්  කාලාපේ රස්සාවකට එන්න හිතුවේ...

මවගේ අකමැත්ත මත පිනිදි රැකියාවට යාමට හිත හදගත්තාය...

😢😢😢😢😢😢😢😢😢😢😢

සොයුරියගේ බෝඩිමට මින් පෙර පිනිදි පැමිණ තිබේ ...
ඒ කලාප නාට්‍ය තාරඟයකට ආ ගමන්ය...

යහලු සොයුරියට එන බව කිවාට එන දිනය පැවසුවේ නැත...

පිනිදි ආ බස් රිය මඟදි කැඩුණු නිසා පිනිදි කොළඹට එද්දි රැ බොවි තිබුනේය...

පිනිදි යෙහෙළියගේ බෝඩිමට යන බස් එකට ගොඩ විය...

පැය භාගයකට පසුව ඇය කොන්දොස්තරගේ උදවුවෙන් අදාළ ස්ථානයෙන් බැස ගත්තාය ..

තැනින් තැන විදි ලාම්පු තිබුනත් බොහො එවා නිමි තිබිණ ...

අඳුරේම ඇය පය තිබ්බේ ඉක්මනට යෙහෙළිය ලඟට යාමටය....

"ආ නංගී බාබා කොහෙද මේ ලැසි ගමනින්...

අනතුරක සෙයාවක් දැනුන නිසා පිනිදි පය ඉක්මන් කලාය...

" සුදු මැණිකේ මොකො මේ දුවන්නෙ.. අපිව දලා...ඔහොම ඉන්න රත්තරං අපි එනකම්..

පිනිදි  තවත් හයියෙන් පය තිබ්බාය...

විනාඩි කාලක් ගතවිමට මත්තෙන් ඇය අසලට ආ වැන් රථය ඇයව ඒ තුලට ඇදගත්තේ ඇයට හිතන්නටවත් කාලය ඉතිරි නොකරය....

කැගැසිමට වත් ඇයට ඉඩක් නොතිබුනෙ කෙනෙකු ඇයගේ කට වැසු නිසාය ...

වාහනයට ගත් සැනින් ඇගේ අත් පා හා කට මෙන්ම දැස් ද බැද දැමුවේය...

පිනිදිට ඇසුනේ වාහනයේ සිටින්නන්ගේ හඬවල් පමණි ...

ඇය දැඟලු පාරට ගැසු කම්බුල් පාරින් ඇ සිහිසුන් විය...

සිහිය එද්දි ඈ සිටියේ විසල් යාහනකය...

ඇ අසලම සිටියේ තරබාරු කාන්තාවකි..
බොහො මහලු වුවත් තරුණ වන්නට උත්සහායක් ඇගේ මුහුණේ තිබිණ ....

" ම...මම .. මේ.. මේ.. කොහෙද ... ඔයා කවුද...අනේ අර ... අර.. මාව අරන් අපු අය...

" මේ වතුර එක බීලා ඉන්නකෝ කෙල්ලේ..

"මට එපා ඔයා කවුද... මේ කොහෙද .....

" මේ මගේ ගෙදර කෙල්ලෙ... මම තමයි නීටා...

" ඇ.. යි... මාව.. මෙහෙට ගෙනාවේ ...අනේ මට යන්න දෙන්න ...

" උඹට පිස්සුද කෙල්ලේ දැන් නම් උඹට යන්න දෙන්න මට බැ... අරුන්ට මම රුපියල් 50000 ක් දුන්නා උඹ වේනුවෙන් ...

" දෙවියනේ මාව විකුණුවා... ඒ කියන්නෙ .. එ කියන්නෙ මේක...

පිනිදිට දොලෝ රත්විය...
ඇය ඉන්නෙ ගණිකා මඩමක බව එත්තු ගියේය....
ඇය මහා හඬින් විලාප තැබිය...
අම්මා අප්පාච්චී ට කතා කරමින් පෙළෙවේ හැපිණ....

අන්තිමේදි ඇය නීටාගේ කකුල් බදා අය කොළඹ ආ කාරණය කිවේය ...
ඒ ඇගේ අසරණ කම මත ඇ නිදහස් කරයි සිතාය....

එහෙත් නීටාගේ සිත උණු වුයේ නැත...

ඒ වෙනුවට ඈ කිවේ ගමන්ට් ගිහින් අවුරුද්දේන් හම්බ කරන දේ මාස දෙක්න් හම්බ කිරිමට හැකි බවය....

පිනිදි කිසි දිනක තම නම්බුව මුදල් වලට විකිණිමට කැමති වුයේ නැත...

" හරි ... උඹ අද රෙස්ට් කරපන් කේල්ල .. හෙට ඉදලා වැඩ පටන් ගමු.. බයවෙන්න එපා අප්පාච්චීව  ඉක්මනට සනිප කර ගත හැකි... අප්පාච්චී ගැන හිතලා දැන්  හිත හදගන්න එකයි ඇත්තේ....

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

පිනිදි කාමරයට වි හැඬුවේය ...
කාමරයේ දෝර අඟුල් හැරෙන හඬ ඇසු ගමන් ඈ බියවි බිත්තිය මුල්ලකට විය...

කිසිවකු පුද්ගලයකු කමරය ඇතුලට තල්ලු කර දමා දොර වැසුවේය...

පිනිදි ඇස් කොනින් ඔහු දිහා බැලුවේ වෙව්ලමින් තම දෙමාපියන්ට හිතින් අඩගහන ගමන්ය...

අතුලට ආ පුද්ගලයා බිමතින්ම සොෆාවට කඩා වැටිය...

පිනිදිට ඔහු ගැන අමුත්තක් දැනුණ නිසා  ඔහු ලගට දිව ගොස් ඔහුගේ දෙපා ලඟ දණ නැමිය...

" අනේ රත්තරං මහත්තයෝ .. මට කරදරයක් කරන්න එපා.. මං.. මං.. කොළඹ අවේ...

බිමතින් සිටියේ දම්සර බණ්ඩාරනායක ය..
කොටිපති ව්‍යාපාරික  ඇපා බණ්ඩාරනායකගෙ පුත්ය...
දම්සර වැදගත්  පිරිමි ළමයෙකි..

ඔහුගේ පෙම්වතිය වෙනත් පුද්ගලයකු හා නිදන අයුරු දුටු මොහෙතෙ පටන් ඔහු සිටියේ සිහිය විකල් කරගෙනය ...

ඔහුගේ දුක දුරු කිරිමට ඔහුගේ යාහළුවා දම්සර ව රැගෙන අවේ කාන්තාවකගේ පහස ලබා දිමටය...
ඔහු ආවා නොව යාහළුවා ඇයව ඇදගෙන අවේය.....

පිනිදිගේ විලාපය දුටු ගමන් ඔහුගේ  සිහිය යථාතත්වයට පැමිණියේය...

ඔහු වහාම හුන් තැනින් නැගිට ඇය නැගිට්ටවා සොෆාවේ වාඩි කරවිය..

ඉතින් පිනිදි සිදුවු සියල්ල ඔහුට පැසුවේ ඇඬු කඳුලෙනි....

ඔහු හිතට දැනුනේ දරාගත නොහැකි දුකකි...
ඇගේ කදුළු හදවත් පුච්චා දැමුවේය...

ඔහු නැගිට ඈගේ අතින් අල්ලා ඇ රැගෙන එද්දි නීටා ඔහු නැවතිය...

" මහත්තයෝ ඔය කෙල්ල කොහෙද අරන් යන්නෙ  .. මහත්තයාට දුන්නේ පැයකට විතරයි....මහත්තයාගේ පැය ඉවරයි .. තව අය ඉන්නවා.. අර පොළිමේ... මෙකි තාම නැඹුල්නේ.. මහත්තයා විතරනේ...

නීටාට කියා නිම කිරිමට නොදි ඔහු නීටාට කම්බුල්ට ඇතුල් පහරක් එල්ල කලාය...

ඇය විසි වි ගියේය...

එතන සිටි මිනිසෙකු පිනිදි  දිහා කෑදර බැල්මක් හෙලා..

"  මේ මල්ලි අපිටත් රස විදින්න දෙන්නකෝ  ඔය චිස් බෝලෙව...කිය...

දම්සර පිනිදිගේ අතින් අල්ලා ඔහු ලඟට ගෙන ගොස්

" පුලුවන්නම් අත තියලා පෙන්නපන් මේයාට කිය...

ඔහු අත තබන්නට යනවත් සමඟම දම්සර ඔහුට අත් පහරක් එල්ල කරේ ඔහු විසි වි යාමටය...

නීටා අමාරුවෙන් නැගිට ඇවිත්

" මහත්තයෝ ඔය කේල්ලට මම...

" තමුන්ට කියක් ඔනිද

"ලක්සයක් වත්...

" සහන් ගෙනෙන් මගේ චෙක් බුක් එක...

😢😢😢😢😢😢😢😢😢

දම්සර පිනිදිව ඉහල පෙලේ සුඛෝපභෝගී හොටලයක නවතා ඇයට අවශ්‍ය පහසුකම් සැලසුවේය....

" නංගි ඔයාගේ නම මොකක්ද ...

" පිනිදි ..

" ගෙදර ඇඩ්රස්   එක  දෙන්න මට.. ආ අර මේහෙ ඉන්න යාලුවාගේ ෆොන් නම්බර් එකක් තියෙනවා නම් දෙන්න ....

ඇයගේ යෙහෙළිය ගෙන්වා දුන්නාය ...

දිනයක් ගතවිමට මත්තෙන් දම්සර   පිනිදිගේ පියා කොළඹ රැගෙන විත් පෞද්ගලික රෝහලක නතර කරය...

පිනිදිගේ මවද ඇය සිටිනා හෝටලයට ගෙන අවේය....

මසක් ගත වුවද    පිනිදිගේ පියාට ගැලපෙන වකුගඩුවක් ලැබුනේ නැත..

බෙහෙත් නොකෙරු හෙතුවෙන්  පිනිදිගේ පියාගේ කාලය අඩුවි තිබුනේය...

අන්තිමේදි  පිනිදිගේ පියාට අලුත් වකුගඩුවක් බද්ධ කරවිය...

ඒ දම්සරගේ වකුගඩුවකි...

දම්සර යනු බොසත් දරුවෙකි...

පිනිදිගේ මව හා පිනිදි ඔහුට බුදුබව ලැබිමට පැතුවේය....

තප්පරයක් ගානෙම පින් දුන්නාය..

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

පියාගේ වකුගඩු බද්ධ කර තෙමසකි...

පියාගෙ ටිකට් කපන දවස අදය....

පිනිදි හා ඇයගේ මව රෝහල් කාමරය තුල රඳවා දම්සර ගියේ තම පියා එක්කරගෙන එමටය....

දම්සරගේ පියාට අවශ්‍ය වුයේ තම දරුවා උපකාර කල  පිනිදි කියන ගැහැණු ලමයා දැක ගැනිමටය .....

ඒ තම දරුවා වන දම්සර ඇය හා පැටලි ඇතැයි සිතාය...

පියාට අවශ්‍ය වුයේ එහෙම පැටලැවිල්ලක් ඇත්නම් එය නවතා දමන ලෙස පැවසිමටය ...

දම්සරගේ හිතේ කොණකවත් එසේ අදහසක් නොතිබුනෙය...

විවෘත වු දොරින් ඇතුලු වුයේ කවුරුන්දයි පිනිදිගේ මව බැලුවේය ..

දම්සරගේ පියාද පිනිදිගේ මවද එකෙනෙකා දෙස බලා පුදුමය පල කරාය ...

ඈපා බණ්ඩාරනායක පිනිදිගේ පියා දෙස බැලු ගමන් ඔහු අසට ගියාය...

පිනිදිගේ පියාගේ   ඇස් වල  මෙන්ම  දම්සරගේ පියාගේ ඇස්වල තිබුනේ විශ්මයය..

" ඈ..පා...

" සිරි....ඔයා...

" එතකොට ඔයාගේ පුතාද ඈපා මාව බෙර ගත්තේ ....

" නැ .. සිරි.. ඔයාගේ පුතා ...

"  ඈපා...මොනවාද  මේ කියන්නෙ...

" මට සමාවෙන්න සිරි... අනෙ මේ පවුකාරයාට සමාවෙන්න .... මේ... මේ... ඔයාගෙ පුතා.. මම එයාව ඔයාගෙන් උදුර ගත්තා....

" ඈප මට කොහෙන්ද පුතාලා.. මට ඉන්න එකම දරුවා මගේ රත්තරං කෙල්ල....

" නැ.. සිරි.. දම්මිටයි.. ඔයාගේ ගිතාටයි බාබා ලැබුනේ එකම දවසේ නෙ ...එද දම්මි බිහි කරේ මළ දරුවෙක් ...ගීතාට ලැබුනේ  නිවුන් දරුවෝ...ඉතින් ඒ වේලාවෙ හිතට ආපු හොඳයි කියලා හිතුණෙ එක දෙයයි... දම්මිට දරුවෝ හදන්න එපා කියද්දි නෙ අපි ඔය දරුවා හැදුවේ... අයමත් දරුවෙක් හදන්නේ බැරි නිසා දොස්තරට සල්ලි දිලා ඔයාලාගෙ පුතා මම අරගත්තා ....

" ඈ... පා.....ඇයි.. ඇයි... මම  උඹේ හොඳම යාලුවා නෙද ඉල්ලුවානම්  පණ උනත් දෙනවා...

" මට සමාවෙන්න සිරි.. එදා ඉදලා අද වේනකම් මම සැනසිමේ නිදාගත්තේ නැ... මට සමාවෙන්න...

දම්සර ඇස්වල කදුළු පුරවගෙන අහන් ඉද්දි පිනිදි ඉකිබිදිමින් ඒ කතාව අහගෙන සිටියාය....

දම්සර ගිතා ලඟ දණ නමා වැද ඇයව තුරුළු කරගත්තේ මුව පුරා අම්මා යැයි කියමින්...
පියා අද ජිවතුන් අතර සිටින්නෙ තම සොයුරා හන්දාය ...

දම්සර  තම නැගෙණියේ බදා වැලද ගත්තේ සොයුරු සෙනෙහසිනි .....

******* නිමී *********

තෙරුවන් සරණයි ...

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment