බිදුනු පෙම

කදුලට පෙම් බැදි රැවැත්තිය..

                     
                       💔🌟 බිදුනු පෙම 🌟💔

හෙලෝ..

හෙලෝ .. සුදු නෝනා
කොහෙද ඉන්නෙ ??

මේ..මේ...ඔෆිස් ඉන්නෙ මහත්තයෝ.

මොකද කරන්නෙ ?? පාළුයිද ??

ම්ම්ම්ම්.. ඔයාව නොදැක දවස් හතරක් කොහොම ඉන්නද කියලයි කල්පනා කලේ..

අනේ පිස්සි එච්චරට ආදරෙයිද ??

ඔව්.. ගොඩාක් ආදරෙයි.
ඒත්...

ඇයි දැන් ඒත් ගාන්නෙ ??
ආ.. මොකද මේ වෙලාවෙත් මාව යකා කරගන්නද හදන්නෙ ??

අනේ තරහ ගන්නෙපා දෙයියනේ. මම ඔයාගෙ හිත රිද්දන්න හිතන් මොකුත් කියන්න හැදුවෙ නෑ.
ගෙදර අය මතක් වුනාම හිත ටිකක් ගැස්සිලා ගියා.

හැමවෙලාවෙම එපා කියන දේ කියන්න එපා
මම කැමති නෑ ඔයාට සැර කරන්න, කෑ ගහන්න..

හරි හරි දැන් ඒක ඉවරයිනෙ.
කෝ වෙඩින් එකට යන්න ඔක්කොම රෙඩිද ?

ම්ම්ම්.. ඔව් ඔව්
යන්නම ඕන නිසා යනව. නැත්නම් යන්නෙ නෑ. කොහෙද අපෙ අම්මගෙන් බේරුමක් නෑනෙ.
බබා අම්ම කතා කරනව  මම තියන්නම් ඒ නිසා.
පස්සෙ කෝල් එකක් ගන්නම්.
ඔයා කෝල් කරන්න එපා මම ගන්නකල්.
හරිද ?

ම්ම්ම්ම්.. හරි  පරිස්සමට ඉන්න මහත්තයෝ..

ඔහු නමින් අවිශ්ක චතුරංග..
නගරයේම ප්‍රසිද්ධ ධනවත් පවුලක එකම පුතු.
තවත් නැගණියක් විතරයි අවිශ්කගෙ පවුලෙ අවිශ්ක ඇරුනම හිටියෙ.

ඇය සවිනි මන්දාරා.
අගහිගකම් වලින් පිරුනු පවුලක බාලම දියණිය.
තවත් සොහොයුරන් දෙදෙනෙකු හිටියත් මුළු පවුලකම බර කරට ගෙන ජීවත් වුන දිරිය දියණියක්.

මන්දාරට අවිශ්ක මුණගැහෙන්න ඇය වැඩකරන ආයතනයෙදි.
ඇයගේ ප්‍රධානිය වුනේ අවිශ්ක.
රූමත් වගෙම ඉතාම සොදුරු රූ සපුවකට උරුමකම් කියන නිසා ඕනම කෙනෙක්ගෙ හිත මන්දාරා වෙත ඇදිල ගියේනම් දකින පළමු බැල්මෙන්මයි.

අවිශ්ක වුනත් මන්දාරව දැකපු දවසෙ ඉදන් මන්දාරටහිත වැටුනට ඒ ගැන කෙල්ලට දැනෙන්න නොදුන්නෙ ඒක කොල්ලගෙ තත්වෙට ඒ තරම් නොගැලපෙන හින්දා.
ඒත් කාලයත් එක්ක මන්දාරගෙ හිනාව, ඒ කෙළිලොල් බව, දගකාර හුරතල් හැසිරීම් රටාව නිසා කොල්ලට බැරිවුනා කෙල්ලගෙන් ඈත්වෙලා ඉන්න.

ඒත් ඒ අතරම තමයි අවිශ්කට ආරංචින් වුනේ මන්දාරා ඒ ආයතනෙයම රනුක කියල පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන කියල.
රනුක කියන්නෙ ටිකක් විතර සෙල්ලක්කාර  වගෙම ඒ ආයතනයෙම හොද රැකියාවේ යෙදුන තරමක් කඩවසම් තරුණයෙක්.
ඒත් මේ ගැන දැනගත්ත වෙලාවෙ ඉදන් අවිශ්ක හිත කලබල වුනේ නොසිතපු විදියට.
ඒ හිත් වේදනාව එක්කම තමයි අවිශ්ක ගෙදරින් ගෙනාව යෝජනාවකට කැමත්ත දෙන්නෙ
මොකද මන්දාරට රිද්දන්න ඕන කියන බොලද ආශාව විතරයි අවිශ්කට දැනුනෙ. එයාට කොයිම වෙලාවකවත් මතක් වුනේ නැහැ හිතේ හංගගෙන ඉන්න ආදරය කවදාවත්ම මන්දාරට දැනෙන්නෙවත් දුන්නෙ නැහැ නේද කියල.

ඔය විදියට කාලය ගෙවිල යද්දි මන්දාරගෙයි රනුකගෙයි සම්බන්ධය කැඩිල යන්නෙ රනුකගෙ තිබුන වෙනත් පෙම් සබදතාවක් මන්දාරගෙ අතටම අහුවුන නිසා.
ඊට පස්සෙ කෙල්ල දුකින් වුනත් ජීවත් වෙන්න තීරණය කරන්නෙ තාත්තත් නැති පවුලෙ අම්මව බලාගන්න එක මන්දාරගෙ යුතුකම නිසා.
දුක කියන දේ මන්දාරට නුහුරු වුනේ නෑ.
පුංචි කාලෙ ඉදන් ඒ කෙල්ල නොවිදපු දුකක් නැති තරම්.

එක දවසක් ඔෆිස් එකේ තියන උත්සවයකට සහභාගී වීම එහි සියළුම සේවකයන්ට අනිවාර්ය කරනව.
ඒත් එදාම තමයි මන්දාරගෙ අම්මට හොදටම අසනීප වෙන්නෙත්. අද උත්සවේට නොගියොත් කෙල්ලගෙ පඩියෙන් ලොකු ගාණක් කැපිල යනව. සමහරවිට රස්සාව වුනත් නැතිවෙන්න පුළුවන් කියලයි යාළුවගෙන් ඇහුවමනම් කිවුවෙ.
ඒත් මන්දාරට අම්මව මෙහෙම ලෙඩ ඇදේ දාලා එන්නත් බැහැනෙ.
කෙල්ල ගොඩාක් වෙලා කල්පන  කරල අන්තිමට තීරණය කරන්නෙ අවිශ්කට කතා කරල මේ ගැන දැනුවත් කරන්න.
ඒ නිසාමයි අංකවත් හරියට පේන්නෙ නැති අබලන් නොකිය ෆෝන් එකත් අතර අරන් මුල්ම දවසෙදි හැමෝටම දීපු විසිටින් කාඩ් එකත් අරගෙන මන්දාරා ගෙයි පිළිකන්නට ඇවිත් වාඩි වුනේ.

වෙව්ලන අතින් නම්බර් එක ඩයල් කරල කෙල්ල ඒ ෆෝන් බලාගෙන හිටියෙ හොදටම බයවෙලා.

හෙලෝ..
එහා ඉමෙන් ඇහෙන ගාම්භීර හඩත් එක්ක කෙල්ලගෙ බය තව තවත් වැඩිවුනා.
ඒත් අසරණ අම්මගෙ මූණ මැවිල පෙනෙද්දි කෙල්ල ඒ බය හිතේම හංගගෙන හඩ අවදි කලේ වෙනසක් නොදැනෙන්නමයි.

හෙලෝ අවිශ්ක සර්..

ඔව්.. කතා කරනව.

සර් මම.. මම.. මේ.
ම.න්.දා.රා.

කෙල්ලගෙ නම ඇහුන ගමන් අවිශ්කටනම් දැනුනෙ කියාගන්න බැරි තරම් සතුටක්.
මොකද මේ වෙද්දි අවිශ්කට දැනගන්න ලැබිලයි තිබුනෙ මන්දාරගෙයි රනුකගෙයි ප්‍රශ්නෙ ගැන.

ආ.. කවුද මන්දාරා ??

සර් මම මේ අකවුන්ට් සෙක්ශන් එකේ..

ආ.. හරි හරි මට මතකයි.
මේ දැනට මාස 4කට කලින් වගේ ආපු ගර්ල් නේද ?
ඇයි මන්දාරා ??

සර් මං මේ පොඩි දෙයක් අහන්න කතා කලේ.
මගෙ අම්මට හොදටම සනීප නෑ සර්. දැන් හොස්පිට්ල් එකට එකට එක්කගෙන යන්න වෙනව.
ඒත් අද අර පාටි එක නිසා හැමෝටම එන්න කියල අනිවාර්ය කරලනෙ
ආවෙ නැතිවුනොත් ලොකු දෙයක් වෙයි කියලත් කිවුව.
අනේ සර් මගෙ අම්ම ලග මමත් නැතිවුනොත් කවුරුවත්ම නැතිවෙනව
මම අම්මට බෙහෙත් ටික අරන් දීලා ටිකක් පරක්කුවෙලා ආවට කමක් නැද්ද සර් ?
මන්දාරා ඇස්වල කදුළු පුරවගෙනයි ඒ හැම වචනයක්ම අමාරුවෙන් කියාගත්තෙ.
ඒ හැම වචනෙකම තිවුන අසරණකම, අවංකකම අදුනගන්න අවිශ්කට අමාරු වුනේ නෑ..

කමක් නෑ මන්දාරා ඔයා අද එන්න ඕන නෑ.
හෙට ඇවිත් මාව මීට් වෙන්නකො.
ඔයාට මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
ඕකේ..

අනේ තෑන්ක් යූ සර්..
මන්දාරා කෝල් එක කට් කලේ පුදුමාකාර සැනසීමකින්.
කෙල්ල අම්මවත් ලේස්ති කරගෙන බෙහෙත් ගන්න පිටත් වුනා.

මන්දාරගෙ කෝල් එකත් එක්ක අවිශ්කනම් හිටියෙ වෙනමම ලෝකෙක.
කෙල්ලගෙ නම්බර් එකත් සේව් කරගෙන කොල්ල බලාගෙන හිටියෙ කාටත්ම හොරෙන් කෙල්ලවත් නොදැන කොල්ලගෙ ෆෝන් එකෙන් අරගනිපු ලස්සන ෆොටෝ එක දිහා.
වැඩකරන අතරෙ කාටත් හොරෙන් කොල්ල මේ ෆොටෝ එකනම් ගත්තෙ  ගොඩක් මහන්සි වෙලා.

මේ විදියට පටන් ගනිපු අවිශ්කගෙත් මන්දාරගෙත් කතාව හෙමි හෙමීට ගලාගෙන යන්නෙ මේ දෙන්න ලෝකෙටම හොරෙන් ආදරවන්තයො කරල.
පුදුමාකාර බැදීමක් මේ හිත් දෙක අතරෙ තිබුන.
මුළු ලෝකෙටම හොරෙන් කතා කරන්න පුළුවන් වුනාට ඒ ඇස්වල තියන ආදරය හංගන එකනම් ලේසි වුනේ නෑ.
මේ නිසා මන්දාරා ගැන අවිශ්කගෙ ගෙදරට ඉව වැටෙන්න වැඩි කාලයක් ගත වුනේ නෑ.

අවිශ්කගෙ අම්ම අවිශ්කගෙ වෙඩින් එක ලේස්ති කලේ අවිශ්ක කියන දෙයක්වත් කනකට ගන්නෙ නැතුවමයි.ඒත් අවිශ්කට කරන්න පුළුවන් කිසිම දෙයක් තිබුනෙ නෑ.
මේ වෙද්දි මන්දාරගෙ අම්මත් නැතිවෙලා කෙල්ල මේ ලෝකෙ තනිවෙලා ඉවරයි
ඒ අතරෙම මේ හැමදේම මන්දාරට දැනගන්න ලැබුනත්  කෙල්ල කලෙත් ලෝකෙට හොරෙන් අඩපු එක විතරමයි.
මන්දාරා දැනගෙන හිටිය ඒ පපුව ඇතුලෙ තෙරපෙන අසීමිත ආදරේ දවසක මහ ගින්දරක් වෙලා ඒ මුළු ජීවිතයම විනාශ කරල දානව කියල.
අවිශ්කට මේ ගැන කොයිතරම් තේරුම් කලත් අවිශ්ක කවදාවත්ම ඒ කිසිම දෙයක් ගනන් ගත්තෙ නැහැ.
කෙල්ලෙක් විදියට අවිශ්ක ඉස්සරහ මුළු ජිවිතයම කැපකරපු මන්දාරට ජීවිතයෙ තව නැතිවෙන්න කියල දෙයක් තිබුනෙත් නැහැ..

මන්දාරට හොරෙන්ම අවිශ්කෙගෙ වෙඩින් එකේ හැමදෙයක්ම ලේස්ති වෙද්දිත් කෙල්ල කලේ පුළුවන්තරම් අවිශ්කට මේ ගැන තේරුම් කරපු එක.
ඒත් අවිශ්ක කැමතිවුනේ නැහැ මන්දාරව අතාරින්න.

දවසක් හැන්දෑවක මන්දාරට අවිශ්කගෙන් කෝල් එකක් ආවෙ මන්දාරා පිළිකන්නට වෙලා අහස දිහා බලාගෙන කල්පනාකර කර ඉද්දි.

හෙලෝ..

හෙලෝ සුදු මහත්තයා
කොහෙද ඉන්නෙ ??

මම මේ ගෙදර යන ගමන් මැණික.
අහන්න මම කතා කලේ ඔයාට වැදගත් දෙයක් කියන්න.
මට මේ සතියෙම ලොකූ වැඩ වගයක් තියනව ඉවර කරගන්න. ඒ නිසා මට ඔයාට කතා කරන්න බැරිවෙයි මැණික.
මම කෝල් කරනකල් ඔයා කෝල් ගන්නෙපා හරිද ??
දන්නවනෙ නැත්නම් අම්මට එහෙම අහුවුනොත්...

හරි මහත්තයෝ..
ඔයා කරන දෙයක් පරිස්සමට.
බුදුසරණයි !

අවිශ්කගෙ වෙනසක් දැනුනත් මන්දාරා උත්සහ කලේ ඒ වෙනස නොදැනුනා වගේ ඉන්න.

ඊට පහුවෙනිද කෙල්ල සුපුරුදු විදියටම ඔෆිස් එකට යන්න පිටත් වුනත් හිතටනම් දැනුනෙම හරිම අමුත්තක්.

ගුඩ් මෝනින් නිලූ..
මන්දාරා කටපුරාම හිනාවෙලා කිදුවෙ රිසෙප්ශන් එකේ ඉන්න ගර්ල්ට.
මේ ඔෆිස් එකේ ඉන්න හැම කෙනෙක්ම වගේ මන්දාරට ගොඩක් ආදරේ කලා.
හැමෝම අතරෙ මන්දාරව කැපිල් පෙනුනෙ ඒ ලස්සන නිසාම විතරක් නෙමෙයි ඒ ගතිගුණ නිසා.

ගුඩ් මෝනින් මන්දාරා.
අදනම් කෙල්ල තව ලස්සනයි..

අනේ..මේ...
ඔයා හැමදාම මාව මුරුංග අත්තෙමනෙ තියන්නෙ.

අපෝ වැඩේමයි.
මේ ඒක නෙමෙයි කෙල්ලෙ අද ඉදල දවස් ගාණකට බොසානම් එන්නෙ නෑ.

ඇයි නිලූ ඒ ?
මන්දාරා වෙනසක් නොපෙන්නම ඇහුව.

ඇයි අහන්නෙ බන්.. අද බොසාගෙ ව්ව්ඩින් එකනෙ.

මො..ක..ද්..ද ??
වෙ..ඩි...න් ??

කෙල්ලට දැනුනෙ හිස මතට හෙනයක් කඩා වැටුන වගෙයි.
තමන්ගෙ මුළු ජීවිතයම එක මොහොතකින් විනාශ වෙලා ගියා නේද කියන හැගීමෙන් කෙල්ල සීතල වෙලා ගියා.
ඒ වේදනාවෙන් ඇස්වලට උනපු කදුළු එහෙමම හිරකරගෙන එතනින් ඉවත් වුනේ නිලූ ඉස්සරහ අඩන්න බැරිකමට.

බාත්රූම් එකට රිංගගත්ත කෙල්ල හිතේ දුක යනකල්ම කියල හිතාගෙන ඇඩුවත් ඒ වේදනාවනම් මොහොතකටවත් අඩුවක් වුනේ නෑ.
කරන්න බාත්රූම් එකට රිංගගත්ත කෙල්ල හිතේ දුක යනකල්ම කියල හිතාගෙන ඇඩුවත් ඒ වේදනාවනම් මොහොතකටවත් අඩුවක් වුනේ නෑ.
කරන්න දෙයක් හිතාගන්නවත් බැරි තරමට කෙල්ල අසරණ වෙලා.
කවදාවත් අවිශ්ක තමන්ට නොලැබෙන බව මන්දාරා දැනගෙන හිටියට මේ විදියට තමන්ට හංගල හැමදේම කරාවි කියලනම් මන්දාරා මොහොතකටවත් බලාපොරොත්තු වුනේ නෑ.
තවත් මොහොතක්වත් එතන රැදෙන්න බැරි නිසාමයි කෙල්ල ලීව් එකකුත් දාලා ඔෆිස් එකෙන් ගෙදර එන්න පිටත් වුනේ.

දවස් ගාණක් යනකල්ම මන්දාරා කලේ කාමරේට රිංගගෙන අඩපු එක.
ඔෆිස් එකෙන් කොයිතරම් කෝල් කලත් එක කෝල් එකකටවත් මන්දාරා ආන්සර් කලේ නෑ.
නිලූගෙන් එක දිගටම ලැබුන මැසේජ් එක්ක කෙල්ල තව අසරණ වුනා.
ඒ අතරෙ අවිශ්කත් මන්දාරට නිතරම කෝල් කරද්දි වුන දේ ගැන කියල මැසේජ් කරද්දි ඒ හැමදේකින්ම වුනේ කෙල්ලගෙ හිතේ දුක වැඩිවුන එක විතරයි.
ඒ නිසයි අන්තිමටම ෆෝන් එකත් ඕෆ් කරල දාලා මන්දාරා කාමරේටම වෙලා දවස ගත කරන්න හුරු වුනේ.

අවිශ්ක කෙල්ලව මුණගැහෙන්න කොයිතරම් උත්සහ කලත් කොල්ලට ඒකට කිසිම අවස්ථාවක් ලැබෙන්න කෙල්ල ඉඩක් තිවුවෙම නැහැ.
ඒත් මේ විදියට දිගටම තමන්ව හොයාගෙන එන එකෙන් වෙන්නෙ ජීවිත කීපයක්ම නාස්ති වෙන එක කියල තේරුම් ගත්ත මන්දාරා අවසානයටම තීරණයකට ආවෙ තමන් ගැන ඇරුනම අනිත් හැමෝම ගැන හිතල.

ආදරය කියන්නෙ මහත්තයෝ ලබා ගැනීම නෙමෙයි.
පරිත්‍යාගය.
අද මගෙ මහත්තය මට අයිති නැහැ.
ඒ මුළු ජීවිතයම දැන් වෙන කෙනෙක් එක්ක බැදිල ඉවරයි.
ඒ නිසා ජීවිත දෙකක් අතර තුන්වැන්නෙක් වෙන්න මගෙ හිත කවදාවත්ම මට ඉඩක් දෙන්නෙ නැහැ.
මම ඉන්නකල් මහත්තය අලුත් ජීවිතේ ලස්සනට ගතකරන්නෙත් නැහැ.
ඒ නිසා මම යන්න යනව. සදහටම
මං වෙනුවෙන් එකම එක දෙයක් කරන්න..
මං වගේ පුංචි දූ පැටියෙක් හදන්න..
එයාව ආදරෙන් බලාගන්න..
සතුටින් ජීවත් වෙන්න..

ආදරෙයි හැමදාමත්ම...

මේ මන්දාරගෙ අතින් අවිශ්ක වෙනුවෙන් ලියවුන අවසන් වචන ටික.
මැසේජ් එක සෙන්ඩ් කරල මන්දාරා ෆෝන් එක ලග තිබුන ඇලට විසි කරල දාන්නෙ ඒ හැම මතකයක්ම ඒ එක්කම අමතක කරල දාලා.
ගේ ඇතුලට ආපු මන්දාරා පුංචි සාලය මැද තිබුන අම්මගෙ ෆොටෝ එක දිහාත් බලල බෑග් එක අතට අරගෙන ගෙදරින් පිටවෙන්නෙ මේ සසර ගමන් කෙටි කරගන්න බලාපොරොත්තුව හිතේ තියාගෙන.

-----------------------------------------------------------------------------

වසර හතරකට පසු...

මන්දාරා ඉන්න පැටියෝ..
වැටෙයි ඔයා..

නා..නා.. අප්පච්චි බබී වැතෙන්නෙ නෑ.
පුංචි මන්දාරා පඩිපෙල දිගේ නැගගත්තෙ යන්තමට අත්වැටට වාරුවෙලා.

අවිශ්කත් පුංචි හුරතලී පස්සෙන්ම පඩිපෙල නැගගත්තෙ මන්දාරා දිහා බලාගෙනමයි.
මන්දාරා දුව එන්නකො මෙහෙට.
අවිශ්ක මන්දාරව නතර කරගන්න කොයිතරම් උත්සහ කලත් ඒකෙන්නම් ප්‍රයෝජනයක් වුනේ නෑ.

පුංචි රෝස මලක් තරම් හුරතල් මන්දාරාව දැකපු හැම කෙනෙක්ම මේ දූ පැටිය දිහා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්.
අවිශ්ක අද මන්දාරවත් එක්කගෙන ඇවිත් හිටියෙ බණ්ඩාරවෙල පැත්තෙ තිබුන වැඩිහිටි නිවාසයකට.
ඒ අවිශ්කගෙ අම්මගෙ අවුරුදු තුනේ දානය වෙනුවෙන්.
මේ වැඩිහිටි නිවාසය ගැන අව්ශ්කට දැනගන්න ලැබුනෙ ෆේස්බුක් එක හරහා පලවුන පෝස්ට් එකක ආධාරයෙන්.
ඉතින් අවිශ්ක පුංචි මන්දාරවත් එක්කගෙන මේ ගමනට එකතු වුනේ හරිම සතුටින්.

මතකය අතරෙ පැටලිලා හිටපු අවිශ්ක ගැස්සිලා ගියේ යාන්තමට ඇහුන ඒ හුරුපුරුදු කටහඩට.
අවිශ්ක මුළු මිදුල පුරාම හොයද්දි තමයි දැක්කෙ මන්දාරා කවුද ගෑණු කෙනෙක් ලගට වෙලා හුරතල් වෙනව දැක්කෙ.
මන්දාරා කියන්නෙ සාමාන්‍යයෙන් කාටවත්ම ලං නොවෙන දරුවෙක් නිසා අවිශ්කට දැනුනෙ ලොකු පුදුමයක්.

මන්දාරා..

ඒ හඩට තමන් දිහාවට හැරුණ රුව දකිද්දිනම් අවිශ්කට දැනුනෙ මේ දකින්නෙ හීනයක්ද කියලයි.
මීට අවුරුදු හතරකට කලින් තමන්ගෙ මුළු ජීවිතයම කරගෙන හිටපු ඒ ලස්සන ඇස් දෙක, ඒ අහිංසක මූණ අදටත් කිසිම වෙනසක් නැතුව ඒ විදියටම තමන් ඉස්සරහ ඉන්නව කියල දැනෙද්දි අව්ශ්කගෙ ඇස් තෙත් වුනේ ඉබේටමයි.

ඒ වගෙමයි මන්දාරටත්.
එදා ගෙදරින් පිටවෙලා අරමුණක් නැතුවම ආව මන්දාරට මේ වැඩිහිටි නිවාසෙට එන්න ඉඩ සැලසුනෙ වාසනාවකට වගෙයි.
ඉතින් ජීවිතේ බලාපොරොත්තු ඇතෑරගෙන හිටපු මන්දාරා මේ අසරණ වුන ජීවිත එක්ක මේ අවුරුදු හතරම ගතකලේ පුදුමාකාර සතුටකින්.

අවිශ්ක.. ඔයා

මන්දාරා..

ඇ..යි.  අප්පත්ති මේ ??
මං ඉන්නෝනේ මේන් මෙතන..

හුරතල් වෙවී පුංචි මන්දාරා කියාගෙන යද්දි මන්දාරා දරුව දිහා බලාගෙන හිටියෙ හරිම පුදුමෙන්.

මන්දාරා.. ??

ඔව්.. මේ ඉන්නෙ මගෙ දුව මන්දාරා..
සෙනුදි මන්දාරා. ඔයා ඉල්ලුව වගෙම මම ලස්සන දූ පැටියෙක් හදාගත්තා මන්දාරා.
එයාව ඔයා තරම් පරිස්සම් කරගත්ත.

එතකොට කෝ ...

ප්ලීස් ඒ ගැන කතා කරන්නෙපා.
එයා යන්න ගියේ අපෙ මුළු පවුලම නැති කරල.
මේ පුංචි රෝස මලට යන්තමට මාසයයි එතකොට.
ඒ දුක දරාගන්න බැරුව මගෙ අම්මිත් මේ ලෝකෙ ඇතෑරල යන්න ගියා.
මම මගෙ පැටිය එක්ක තනි වුනා.
ඒ මම ඔයාට දීපු ගින්දරට වෙන්න ඇති මැණික.
ඒත් මම ඔයා වෙනුවෙන් මගෙ දූ පැටියව ආදරෙන් බලාගත්තා.
පරිස්සමට රැකගත්තා.  අම්මගෙ අඩුවෙක් නොවෙන්න ආදරේ කලා.

අනේ.. මහත්තයෝ..
මට ඔයාගෙන් වරදක් වුනේ නෑ දෙයියනේ.ඔහොම පවු පිරෙන කතා කියන්නෙපා.

එහෙම දෙයක් වුනේ නැත්නම් අපි වෙනුවෙන් එක දෙයක් කරන්න පුළුවන්ද මැණික ??

ම්ම්ම්ම්... කියන්න.

අසරණ වෙලා ඉන්න මගෙ දූ පැටියට අම්ම වෙන්න පුළුවන්ද ??
මට මගෙ හිටපු සුදු නෝනා වෙලා හැමදාටම මං ලගම ඉන්න පුළුවන්ද ??

මේ ඇහෙන හැම වචනයක්ම මන්දාරට ඇහුනෙ හීනෙකින් වගේ.
ඒ ඇස් වලින් ගලාගෙන යන නිමක් නැති කදුළු එක්ක මන්දාරා එහෙමම අවිශ්ක පපුවට තුරුල් වුනේ නැතිවෙලා ගිහින් ලැබුන ඒ ආත්මීය සුවද විදගන්න හිතේ තිබුන ලෝබකමින්මයි..
කොයිතරම් වෙලාවක් අවිශ්ක , මන්දාරා එයාලගෙ ලෝකෙ තනි වුනාද කියලවත් එයාලට තේරුනේ නැහැ.

අප්පත්ති.. අප්පත්තී..
අනේ මේ දූ බබී පවුලෙ අලේ..
මොතෝ මේ තුදු අම්මි බබා වදේ මේ අදන්නෙ..

පුංචි මන්දාරගෙ හඩට තමයි අවිශ්ක වගෙම මන්දාරත් හිටපු හීන ලෝකෙන් එළියට ආවෙ.

එන්න මගෙ චූටි මැණික.
මන්දාරා හරිම ආදරෙන් දූ පැටියව තුරුලට ගත්ත.
දූ කැමතිද මේ සුදු අම්මි එක්ක හැමදාමත් ඉන්න.

ම්ම්ම්.. ආතයි බබා තුදු අම්මිට.
ආදලෙයි ගොදාලියක්..

අම්මගෙත් දුවගෙත් හුරතලේ දිහා බලාගෙන හිටපු අවිශ්ක දෙන්නවම ඒ පපුවට තද කරගත්තෙ මුළු ලෝකයම ලැබුන තරම් සතුටකින්..

නිමි.

ආදරය වෙනුවෙන් විදවන ඉවසන හදවත් වෙනුවෙන් ලියවුන එක් ආදර කතාවක්.....

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

1 comment: