කුෂි

කුෂී .....(කෙටි කතාව)
කතා පොකුර - ආදර කතා  දෙසතිය
💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

කු....ෂී....කු....ෂී..........කු......ෂී  කා.....මෝ....න්.......කු.....ෂී.....

මට මීටර් 400✖️4 අවසන් වටය  අවසන් කරන්න තිබුණේ තව පොඩි දුරක්....ප්‍රේක්ෂකාගාරයෙන් විරාමයක් නැතුවම  මගේ නම කියලා මාව අප් කරද්දි මගේ දිවීමේ ජවය දෙගුණ තෙගුණ වුණා....

ක.....මෝ.....න්.....කුෂී.....ඔයාට පුළුවන් ...
තව පොඩ්ඩයි තව පොඩ්ඩයි...මගේ සිතම මට දිරි දුන්නා ....අනෙක් මං තීරුවේ මං එක්ක කරට කර එන සනූ....මට  ළං වෙලාද කියලා පොඩ්ඩක් හැරිලා බැලුවා විතරයි...

උඩින්  විසි වෙලා ගිහින්  මාව  වැටෙනවා  මතකයි..එච්චරයි  මට මතක....

ම්.......ම්........ආයෙ සිහිය  එනකොට මං  හිටියේ හොස්පිට්ල් එකේ..අත් කකුල් වෙළුම් පටි වලින් ඔතලා තියෙනවා  දැකපු මගේ ඇස් වලට කඳුළු ඉනුවේ සමස්ථ  ලංකා මීටර් 400 ✖ ️4 සහය් දිවීමේ තරඟය මතක් වෙලා....😢😢😢

කෞෂි  නිම්නෙතු මුතුතන්ත්‍රී ....කව්රුත්  ආදරේට මට කිව්වෙ කුෂී කියලා ...මේ මගේ විතරක්  නෙවෙයි.....ගෝතමී බාලිකාවෙම හීනයක්....අවුරුදු තුනක ඉඳලා පිට පිටම ශූරතාවය දිනුවෙ.මේ කුෂී........ඒක අදත් එහෙම ම වෙන්න තිබ්බා....ගෝතමියෙ හීනෙ...කුෂී  ගේ හීනෙ හැමදේම බොඳ වෙන්න තප්පරයක් ගියෙ නෑ ...ක්‍රීඩා පාසලක් වුණු ගෝතමිය....එක්කම එකට බැඳුණු  ආත්මයක් කුෂීට තිබ්බෙ..

අනිත් කෙල්ලො මැරීගෙන ලව් කරද්දි මං නැහීගෙන කළේ ප්‍රැක්ටිස්...කව්දාවත් පීරියඩ් එකක ක්ලාස් රූම් එකේ මං නෑ....හිටියොත්  එදාට වහිනවා කියලයි සිංහල සර් කිව්වෙ....ඒ තරම් පුදුමයක් ගුරුවරුන්ටත් ඒක....මා එක්ක කරට කර හිටියනම් ඒ සමුද්‍රෙ සනුලි විතරයි...ඒකත් මගෙ ළඟට ම නෙවෙයි...ඒත් මට තරඟයක් දෙන්න හිටියෙ සනූ විතරයි ....ශිට්....අද සනූ මගෙ රෙකෝඩ්  එක කඩන්න ඇති....

කුෂී ...කියන්නෙ හින්දියෙන් සතුට....ඒක ඇත්තටම  ඇත්ත....කියලයි අපේ තාත්ති කිව්වෙ...පව්ලට සතුට වාසනාව...මේ හැමදේම ගලාගෙන ආවෙ මේ කුෂී  ගෙදරට ආපු දවසෙ ඉඳලා කියලා ඔක්කොම නෑදෑ සනුහරේම කියන්නෙ ලෝභ නැතුව....

එක විදියකට එක තප්පරේකට ඉන්න අමාරු කෙල්ලෙක් කව්රු හරි හොයනවා නම් ....ඔයාලා පණිවිඩේ දෙන්න....මේ කුෂී ට ත් එක තැන එක විනාඩියක් ඉන්න බෑ ...කොණ්ඩෙ කපලා කොල්ලා වගේ....කිසිම ලලිතවත් කතාවක් නෑ ...කොල්ලො ගොඩේ මේ කුෂී  කෙල්ලෙක් කියලා හොයාගන්නෙ ඔය පොදු හැමෝටම පේන නිර්ණායක වලින් කියලා කියන අයත් නැතුවම නෙවෙයි.......

ඒත් ඉතිං  මේ කුෂී  කැත නම් නෑ ....කොච්චර  අව්වෙ හිටියත් කළු නොවෙන කහ පාට හමක් කුෂී ට දිලා තිබ්බෙ ආච්චම්මා...අච්චම්මගෙ දූ උණු අපේ අම්මා කළුයි ...ඒත් ඒ අම්මගෙ දූ උණු මේ දූ කහ පාටයි...

ඒත් ගෙදර හැමෝම විරුද්ධ යි...මගෙ මේ කොලු චාරයක් නැති වැඩ වලට...ඒත් හිත යන්නෙම ඒ වගේ වැඩ වලට...මගේ හීන ඉලක්ක වලට යද්දි කවදාවත්  දෙවෙනි තැන මට ලැබුණෙ ම නෑ ...හැමදාම  1 වෙන්නෙ...මං😂😂😂😂

ඒත් ජීවිතේ පළවෙනි වතාවට අද කුෂී ගෙ සතුට හොරු අරං..

උඹ ට කොහොමද  කෙල්ලෙ..අපි බය උණා..

දුවගෙන  ඇවිත්  මගෙ අතකින් අල්ල ගත්තෙ  නිම්නාදි...

මට ඇති අමාරුවක් නෑ ,බං මේ ඩොකාට පිස්සු ....මගෙ වින් එක....අපරාදෙ...දුවන්න තිබ්බා මාව ඩිස්චාජ් කලා නම් ...පිස්සු යක්කු...

ඒක නෙවෙයි කුෂී ...සනූ තමයි කප් එක ගත්තෙ...බෝයිස්කූල් එකේ මාර සප් එක...ඒකිට....බිඟු ඒකි වටේමයි....උඹට බිංදුව වගේ....

චමෝදි කිව්වෙ මගෙ වෙළපු අත අතගාන ගමන්....

හිතේ විදුලියක් කෙටුවා....මගේ අප්‍රකාශිත ප්‍රේමය...බිඟුරැව් දම්සෙත් දිසානායක...අනෙක් කෙල්ලො වගේ කොල්ලො එක්ක ආදරේ  ගැන කතා නොකළට බිඟු ගැන මගේ හිතේ විශේෂත්වය ක් තිබ්බා...ධර්මරාජෙ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්....එයා...මම හැමදාම හවසට ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස්  කරද්දි බිඟු එයාගෙ යාළුවො එක්ක ක්‍රිකට්  ප්‍රැක්ටිස්...

ඒ නිසාම අපි  හොඳ  යාළුවො උණා...ඒත් යාළුකමට එහා ගිය හැඟීමක් බිඟු ගැන මගේ හිතේ ඇති උණේ ඒ දිලිසෙන  ඇස් දැක්ක වෙලේ ඉඳලමයි....ඒත් කුෂී ට ආදරේ  කියන්න බෑ ...මං කළේ හැමදේම හිත් කොණක හංගගෙන බලා ඉන්නෙක...

මං ඒ එක්කම දොරෙන් ඇතුළට  ආපු කොල්ලො ටික දිහා බැලුවා....මං හිතුවා  හරි...ධර්මරාජෙ ක්‍රිකට්  ටීම් එකම ඉන්නවා...ඒත් කෝ බිඟූ..මගේ  ඇස් බිමට බර උණේ බලාපොරොත්තු  සුන් වෙලා...

කුෂී....

ඒත් බිම බලපු වේගෙට වඩා ආයෙ ඇස් ඉස්සුණේ  බිඟු ගෙ හඬට...

සනුත් ඒ ළඟම....

හිතම කඩාගෙන වැටුණත් මේ කුෂී ....කවදාවත්ම ඒක පෙන්නන්නෙ නෑ ...පෙන්නලත් නෑ ...

කුෂී ....මොකෝ කෙල්ල.වුණේ...ඔයා ට ගොඩාක්  ඩැමේජ් ද.....

බිඟු  මගෙ  අතින්  අල්ලලා.ඇහුවෙ හරි ආදරේ කින්....ලෝභ නොහිතෙයිද මේ කුෂී ට..මේ ආදරේ  ට....

ම්හු....මුකුත් නෑ ..බිඟු....පොඩි ඩැමේජ් එකක් මේ....ඒක හරියයි....

රෙස්ට් කරන්න කුෂී ...ඔයා ට හොඳ ටම හොඳ වෙනකල් ආයෙ දුවන්න හිතන්නවත් එපා....තේරුණාද....

තරවටුවක් කරන ගමන් බිඟු අර දිලිසෙන ඇස් වලින් මං දිහා බැලුවා ඔ...

අපි යමුද....බිඟුරැව්...මට පරක්කු වෙනවා...

යමු ස්වීටි...

සනූට එහෙම කියපු බිඟු මගෙ දිහා බලලා සමුගත්තේ ...බැල්මකින් යන්නම් කියලා...

ඒයි කුෂ් .....ඉක්මන්ට  සනීප වෙලා ග්‍රවුන්ඩ්  වරෙං....අපිට පාළුයි....

අකලංක කියන්නෙ හිනාවෙවී...

කාලය ගත වෙලා යනවා.....මං හැමදාම බිඟු ගෙ යාලුවා...සනූ දැන් බිඟුගෙ පෙම්වතී..දුක තමයි....ඒත් මං   දුක එක්ක ඉන්න කැමතිම නෑ ...ඒක.මේ කුෂී ගෙ විදිය ....ඒ නිසා කුෂී  හැමෝටම පේන්න හිනා වෙනවා

සදාදර කුමරුනි...

දිව යන ඳඟපෑ සිතුවිලි  කෝඩුකාර
මුව මදහාසය පෑවේ නුඹවද...
කුමරුනි ඔබෙ ඇස් කී ඒ රහසින්...
කුල්මත් වුණි හද
මින්දද හී වැද
මල වට රඟදෙන
බිඟුරැව් මෙන්....
මා වෙත එනු මැන
බිඟු  දම්සෙන්.....

මගේ ෆිසික්ස් පොතේ අන්‍තිම පිටුවෙ මේ කවිය මං කුරුටු  ගෑවේ....බිඟු දිහා බලාගෙන...එයා හිටියෙ ඒ වෙලාවෙ තව යාළුවො ටිකක් එක්ක...මොකක්ද  විවාදෙක පැටලිලා....

එක පාරම මගෙ පොතට උඩින් එබුණු අකලංක  පොත උදුරගෙන දිව්වෙ මට හිතන්නවත් වෙලාවක් නොදී.....දෙවියනේ ...ඒකා ඒක අරන් දිව්වට පස්සෙයි මට මත ක් වුණේ මගෙ දැන් කුරුටු ගාපු කවිය....

ඊළඟට  බිඟු  ළඟට දුවපු අකලංක පොත ඔහුට දෙනවා මං බලාගෙන ...අපොයි මේ කවදාවත්  කුෂී  බලපොරොත්තු උණ දෙයක් නෙවෙයි....බිඟු ඒක අරන් කියවලා මංඉන්න පැත්ත බලනවත් එක්කම  මං ඔළුව ගහගත්තා..

ඒත් පන්තිය අවසන් වෙන්න...ලං වෙනකොට
වත් බිඟු ගෙන් ඒකට ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ ...මං දෙවියන්ට දහස් වාරයක් පින් දුන්නා...ඒත් අකලංක  ඇවිත් පුංචි  චිට් එකක් මගෙ පොත එක්ක ගුලි කරලා දෙනකොට මං බය වුණා ....කුෂී  බය අඳුරන කෙනෙක් න්වෙයි...ඒත් මේ වෙලාවෙ මට ඒක හොඳට ම දැණුනා....කරකවලා ඇතෑරියා වගේ....

මං හෙමින් ඒක දිග ඇරියෙ ඇගිලි වෙව්ලද්දි...

හිතවත් කුෂී .....

මං දන්නෙ නෑ  ඔයාට  මේ වගේ.දෙයක් හිතුණෙ ඇයි කියලා...ඒත් ඒක අපි හැමෝටම පොදුයි...
ආදරේ  කියන දේ අපි  හැමෝටම දැනෙනවා....මටත් ...ඒත්  ඒ ඔයා  ගැන නෙවෙයි....සනූ ගැන....කොල්ලෙක්...කෙල්ලෙක්ගෙ ආස කරන විදියක් තියෙයි...දිග කොණ්ඩයක්....හුරතල්  කතාව....නැළවෙන ගමන....කොටින්ම ලාලිත්‍ය....ඒක ඔයා  ළඟ නෑ ....ඒකයි මං මේ තරම් ඔයා  ළඟින් හිටියෙ...ඔයාගෙයි අපේ කොල්ලො ටිකගෙයි ලොකු වෙනසක් නෑ ....ඔයා ත් අපිට කොල්ලෙක් වගේ....ඉතිං ....සමාවෙන්න ..හිත රිදුණා නම් මාව හිතින් ඈත් කරලා දාන්න...ප්ලීස්....ගෝඩ් බ්ලෙස් යූ...

හිත රිදුණ තරමක්.....අනේ බිඟූ....ජීවිත කාලෙටම ආයෙ ආදරයක් ඕනිම නැති වෙන්න තිබ්බා...මම ඔයාට පස්සෙන්  ඇවිත් ආදරෙයි  අදරෙයි  කියලා කරදර කළේ නෑ ...ඒක නිහඬවම වින්ඳා.....ඔයාට  ඔහොම නොකියන්නයි තිබ්බෙ....බොහොම  දරුණුවට හිත රිදුණා.....කුෂී  කවදා වත් අඬන කෙල්ලෙක් නෙවෙයි....ඒත්.....ඒත් ....අද කුෂී අඬනවා....

එහෙමම පොත් ටික අරං නැඟිටපු මම ක්ලාස් එකෙන් එළියට ආවෙ ෆිසික්ස් සර් උගන්නද්දිමයි.....

Zzzzzzzzzzzzzz

සූ සද්දයක් කොල්ලො ඉන්න පැත්තෙන් ඇහෙද්දි මං දුවලා ගිහින් නවත්තලා තිබ්බා...ත්‍රීවීලර් එකකට නැඟ්ගා....දෑස් කොණකින් මං  දැක්කා බිඟූ ඇස් වල දුක අතුල්ලගෙන මං දිහා බලා ඉන්නවා....

කුෂී ....කන්නෙ නැද්ද පුතේ....ඇයි මේ.....

අම්මා මේ කාමරේට ඇවිත් ගිය පස් වෙනි පාර....මං නැඟිට්ටා....අඬලා අඬලා මූණ තඩිස්සි වෙලා  හොඳටම....කැඩපත ඉස්සරහින් හිටගත්ත කුෂී .....කුෂී  දිහා බලං ඉන්නවා.....ඇත්ත ....මේ වගේ කෙල්ලෙක්ට කොල්ලෙක් කොහොමද  නිකමටවත් කැමති වෙන්නෙ...කණ්ණාඩිය ඉස්සරහ ඉන්නෙ තනි කරම කොල්ලෙක් ගෙ අච්චුවක්...

තාත්ති.....නැන්දිට කියන්න මං එහෙ එන්න කැමති කියලා....
පුළුවන්  තරම්  ඉක්මනට මාව ගන්න කියන්න

අන්තිමට ,මං තීරණේකට ආවා....මගෙ තාත්තිගෙ නංගි....පොඩි නැන්දි ඉන්නෙ ඕස්ට්‍රේලියා  වල...එයාට දරුවො නෑ ....ඒ නිසාමයි මාව එයාලා ළඟට ඉල්ලුවෙ ....අම්මියි තාත්ති යි නම් කැමති උණා...මට හොඳ  අධ්‍යාපන යක් ලැබෙන නිසා..ඒත් මට ඕනි උණේ ලංකාවෙ  මගේ අය එක්ක සතුටින්  ඉන්න....ඒත් මට පරණ කුෂී  වෙන්න බෑ ....හිත හදාගන්න  නම් යන්නම වෙනවා......කුෂී ගෙ සතුට වෙනුවෙන් යන්නම වෙනවා.....

පුතේ ඇයි මේ....හොඳ ටම හිතලද මේ තීරණේ කළේ.....

ඔව් තාත්ති...ඉක්මන්ටම වැඩේ කරන්න...

මං කිව්වෙ මගෙ හිත වෙනස් වෙයි කියලා  බයට.....

වසර 3 කට පසු.....
---------------------------------------

නිම්......පුතේ.....ඔක්කොම බඩු ටික හරියටම  බලලා ගත්තද?

අපේ ටික නම් රෙඩී.....

නැන්දි මගෙත් ඔක්කොම රෙඩි...යන්න විතරයි ...තියෙන්නෙ ....

එහෙම කියපු මං නින්ද ට ගියේ හෙට ලංකාවට  යන ගමන ගැන හිත හිත...ලංකාවට සමුදීලා අවුරුදු තුනක්....ආයෙම හෙට මං ලංකාවට පය තියනවා....බිඟු ....කොහේ කොහොම  ඇත්ද..... මේ අවුරුදු  තුනටත් මගෙ හිත වෙනස් වෙලා නෑ ....අනිත් හැම දේම වෙනස් වෙලා....

කටුනායක ගුවන්තොටුපළින් ලංකාවට පය තියෙනවත් එක්කම මට මතක් උණේ බිඟූව...දැන් සමහරවිට මැරි කරලත් ඇති...නෑ ..නෑ ....තවම නැතුව ඇති....මට මොකටද  ඒක....පරණ කුෂීව වලදාලා ඉවරයි...ආයෙ කවදාවත් එයා ට පණ එන්නෙ නෑ ..දැන් ඉන්නෙ නිම් කෙනෙක්....බොහොම තැන්පත් අහිංසක  කෙල්ලෙක්....

ගෙදර එකම මඟුල් සක්වලක්....වගේ.....ඔක්කොම නෑදෑයො ගෙදර පිරිලා....මොකද මේ....හෙටනෙ දෙව්මිගෙ වෙඩිම....අවුරුදු තුනකට පස්සෙ මං ලංකාවට ආවෙ මගෙ ලොකු අම්මිගෙ දූ දෙව්මි අක්කිගෙ වෙඩින් එකට.....ඒක තියෙන්නෙ  හෙට....හොටෙල් එකේලුනෙ
ඇයි ඉතිං මේ....අපේ ගෙදර මෙච්චර සෙනඟ...

මං වාහනෙන් බැහැලා ගෙට පය තියන්න කලින්...අපේ අම්මි දුවගෙන ආවා...ඒ ඇස් වල කඳුළු බේරෙනවා.....සතුටට.....

දූ.....මගෙ දඟ මල්ල.....

එයාට අදහගන්න බෑ  වගේ බලාගෙන ඉන්නවා...අනිත් අයත්..එහෙමයි....

අම්මි ඔක්කොම අමතක වෙලා බය වෙලා මගෙ දිහා බලං ඉන්න විදියට මට හිනා ගියා...

ප්ලීස්....අම්මී....හග් මී

අත් දෙක දෙපසට විහිදලා  කතා කලාම අම්මි දුවගෙන ඇවිත් මාව තුරුළු කරගත්තෙ  අවුරුදු  තුනටම හරියන්න ආදරේ එක පාර  දෙන්න හිතාගෙන වගේ.....

අම්මිට් තුරුළුවෙලා ඉඳලා මිදෙද්දි කව්රු හරි මගේ ළඟම හිටගත්ත කියලා මට දැනුණා...කළු බූට් සපත්තු දෙකක් විතරයි මට පෙනුණෙ....පහළ ඉඳලා උඩට බලාගෙන ඇවිත් මං ඒ ඇස් ළඟ නතර උණා...

දෙවියනේ...බිඟූ....මේක හීනයක් ද....?

මගේ ඉස්සරහා හිනාවේගෙන ඉන්නෙ බිඟුද ඇත්තටම ....මං පුදුමෙන් බලාගෙන ඉන්නකොට ...බිඟූ ආවා මගෙ ළඟට....

කුෂී.....

ඒත් මං නිහඬයි ...

කොහොමද  කතා කරන්නෙ....ගොළුවෙලා මාව...

බිඟු ....

මං....ඇහෙන නෑහෙන ගාණට කියාගත්තා....

කෝ සනූ...

මං බැලුවේ  වට පිට....

එයා නෑ  කුෂී ....එයා ගියා....ඔයා මාව දාලා යන්නම ගියාමයි තේරුණේ ඔයාට මේ හිතේ තියෙන  තැන...මං පිස්සෙක් උණා....හැමතැනම හෙව්වා...
ඔයාලගේ  ගෙදරට ආවා..ඔයා හොයාගෙන...ඒත් ඔයා එතකොට ත් ගිහින් කුෂී ..

මට හිතාගන්න බෑ ...මොකද මේ වෙලා තියෙන්නෙ...කියලා ...ඒත් හිතට තටු ඇවිත්...සතුටින් ඉගිලෙන්න හදනවා..

කුෂී ..කුෂී ....කන්ට්‍රෝල් යුවර් සෙල්ෆ්...මං හිතට තරවටු කළා....

බඩ්ඩ්ක් කියන්නද.....බිඟූ...මගෙ මූණටම මූණ ළං කරලා කිව්වෙ රහසින්...

මං හිස සැලුවා...

අර කැත....කොණ්ඩෙ කපපු කොල්ලෙක්  වගේ කටගහන සුකොමල නැති....මුරණ්ඩු  කෙල්ල....ක් හිටියා නේද?...

ඉතිං ....

මං ආදරේ  නම් අන්න ඒ කෙල්ලට....ඒත් මෙතන ඉන්නෙ...කොණ්ඩෙ වවපු....හරිම අහිංසක ...සුකොමළ කෙල්ලෙක් නෙ...මෙයා නම්  එපා  මට ....

බ්ඟු කියන්නෙ...හයියෙන් හිනා වෙලා....

අනේ හරි.නරකයි....

ඔව් ඔව් .....මම නරකයි..

බිඟූ සාක්කුවට අතදාලා මුද්දක් එළියට ගන්න,ගමන් කිව්වෙ හිනාවෙවී....

Attention  every  bdy.....

බිඟු ....හැමෝගෙම අවදානය ගත්තා...

ඔක්කොමලා බලා ඉන්නෙ බිඟූ....දිහා..

මාත් පුදුමෙන් බලාගෙන ඉන්නෙ මොකක්ද මේ වෙන්න යන්නෙ...කියලා  හිතාගන්නවත් බැරුව...

බිඟූ....මගෙ ඉස්සරහ.....දණගහහත්තා...

මගෙ කුෂී ....

Wil you marry  me.....?

මට උන් හිටි තැන අමතක උණා ....ඔක්කොම මං දිහා බලාගෙන ඉන්නවා...

මම ආයෙ බිඟූ දිහා බැලුවා....ඒ ඇස් කතා කරනවා...තවත් මං  ඇයි පැකිළෙන්නෙ...මේ මගේ ආදරේ ....මං මගේ වම් අත දිගු කළේ ඒ ඇරයුම පිළිගන්න...

තවත් නම් සංසාරෙ මේ අත අතෑරගන්නෙ නෑ ...මගෙ මැණික...බිඟූ ...කිව්වෙ ආදරේ  උතුරා යන හදවතින්......

💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment