#කෙටිකතාව
#අහිමි_පැතුම
"ඇයි අය්යේ ඔයා දැන් වෙනස්"
"එහෙම දෙයක් නෑ සුදූ"
"නැත්නම් කමක් නෑ. ඒත්..."
"ඇයි සුදූ ඒත් කිවුවෙ"
"ඉස්සර වගේ නෙමේ ඔයා දැන් හුගක් කල්පනා කරනවා"
"එහෙම දෙයක් නෑ මැණික. ඒත් මං ප්‍රශ්න ගොඩක ඉන්නෙ"
"මට කියන්න බැරි දෙයක්"
"ඔයාට කියන්න බැරි දේවල් මගේ ජීවිතේ තිබිලා තියෙනවාද? නෑනි"
"එහෙනම් ඇයි කියන්න බැරි"
"ඔයාගේ හිත රිද්දන්න බැරි හන්දයි සුදූ කිවුවෙ නැත්තේ "
"ඔයා දැන් ඔහොම හංගගෙන ඉන්නකොට මං සතුටින් ඉදී කියලා ඔයා හිතනවද අය්යේ"
"නෑ මේකයි සුදූ. මට ගෙදරින් ප්‍රපෝසල් එකක් ඇවිත්"
"ප්‍රපෝසල්😯"
"ඔය ඉතින් ඔයා බය වෙලානි"
"ඒ කියන්නේ ඔයාව මට😔😔 නෑ නෑ ඒක වෙන්න බෑ ඔයා මගේ නේද අය්යේ"
"ඔවු දෙයියෝ"
"මට කාලයක් දෙන්න මැණික මං ඔයාව මගේ කර ගන්නවා"
සතියකට පසු,
"හෙලෝ රොෂාන් ඉන්නවද"
"කවුද කතා කරන්නේ"
"නංගි මං අප්සරා"
"ආහ් අක්කා අය්යා වෙඩින් මුදු බලන්න ගියානේ "
"මොකක් වෙඩින් මුදු"
"ඔවු අක්කා ඇයි?"
"නෑ හරි නංගා"
රොෂාන් අය්යා ඔයා මෙච්චර බොරුවක්. නෑ සමහරවිට නංගි බොරු කියනවා ඇති. කොහොමත් විරංගි ඒ කාලේ ඉදන්ම අපේ සම්බන්ධයට කැමති නෑනි.
මට මගේ අය්යව විශ්වාසයි.
"මැණික"
"අය්යා.."
"මගෙ කෙල්ල ඇඩුවද"
මගේ පුංචි වෙනසක් වුණත් තාමත් එයාට දැනෙනවා. නංගි කියන්නෙ බොරු.
"නෑ අය්යා මගෙ ඔලුව ඩිංගක් රිදෙනවා "
"ඔහොම ලෑස්ති වෙලා ඉන්න මං බෙහෙත් ගන්න යන්න එන්නම්"
"එපා අය්යා ඕක තව ටිකෙන් ඇරිලා යාවි"
"මුරණ්ඩු කෙල්ල. කියපු දේ කරනවා මාව තරහ අවුස්සන්නෙ නැතිව"
"හා"
"පිස්සු කෙල්ල මගේ"
පිස්සු විකාර මැද අපේ ආදරේ ගලාගෙන ගියා. ඒ ආදරය මට සාගරයක් වගේ. පුංචි ම දුකක්වත් මට ඇතිවෙන්න දුන්නෙ නෑ.
එක දවසක උදේම මට කෝල් එකක් ආවා.
"මැණික"
"මොකෝ මහත්තයෝ දොයිය යන්නෙ නෑ"
"මැණික ඔයා දන්නවද මං ඔයාට හුගක් ආදරෙයි"
"ඔවු අය්යේ ඒක මං දන්නවනි"
"ඒත් වස්තු මට සමාවෙන්න"
මේ හිත ඒ වචන වලට ගැස්සුනා කිවුවොත් බොරුවක් නෙමේ.
"අය්යා ඇයි ඒ"
"අද මං මැරි කරනවා "
"මොකක්😯"
"ඔවු දෙයියෝ . මේ අය්යට සමාවෙන්න"
"බුදු සරණයි අය්යේ සතුටින් ඉන්න"
#ඔය හිත ඇතුලේ මට නැද්ද දැන් ඉඩකඩක්
නුබ දන්නෙ දුක දෙන්න විතරද ඉතින්
සිතන්නට බැරි වුණාද මගේ හිත ගැනත්
නුබ පමණි මේ හිත රිදවන්නෙ මේ තරම්
හැර යන්න මා කරපු වරදක් නැතත්
සිතුවාද දුර යන්න කාටත් හොරෙන්
මතු භවයෙ නුබෙ වෙන්න පැතුමක් අරන්
මිය යන්නම් මෙලෙසින් නුබෙ පපුතුරේ ඉදන්
නොහඩන්න කිසිවිටෙක මා මිය ගියත්
සිටිදා සිතුවේම නුබෙ වෙන්න මේ හිතත්
දෛවය කුරිරුය අප නොසිතූ ලෙසින්
හැර යන්න හැකි වූයේ ඒකද ඉතින්
💓💓💓💓💓💓💓💓💓
No comments:
Post a Comment