කෙටි කතාව
පසුතැවෙමි අද
"තාරක, මේ සල්ලි ටික ඔයාගේ කෝස් එකට ගෙවන්න. ඔතන 3000ක් අඩුයි, ඒක හෙට උදෙන් වැඩට ගිහින් දෙන්නම්. ඔයා ඒක ගන්න මගට එන්නකො පොඩ්ඩක්.."
"මම මේ ණය කොහොම ගෙවන්නද කෙල්ලේ"
"ඉක්මනටම ඔයා හොඳ රස්සාවක් කරන්න ඕනේ.මේ කෝස් එක සම්පූර්ණ කරන්නකෝ. රස්සාවක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්."
"රස්සාවක් කරල ඉක්මනටම ඔයාව කසාද බඳිනව මම."
"ගොඩාක් ආසාවෙන් හීන දකිනව මම ඒ වෙනුවෙන්. ගොඩාක් ආදරෙයි සුදු මහත්තයෝ."
නිසලි සාමාන්‍ය පෙල අවසන් උන ගමන් නගරයේ සාප්පුවකට සේවයට පැමිණියේ තම නිවසේ තිබූ ආර්ථික අර්බුදයට විසදුමක් සෙවීමටය.
නිසලි රැකියාව කරන අතරතුර තාරක උසස් පෙල කරේ මවගේ දැඩි උවමනාවට හා බල කිරීමටයි. තාරකගේ පියා රජ්‍ය අංශයේ උසස් නිලයක් දැරූ පුද්ගලයෙක් වූවත්, ඔහු රජයට සිදුකල විශාල වංචාවක් නිසා තාරක සාමාන්‍යෙ පෙල අවසන් වූ සමයේ ඔහුව අත්අඩංගුවට ගත්තේ වසර 8කටය.තාරකගේ මවගේ මාන්නය අඩු වූයේ ඒ සිද්දියෙන් පසුවයි.
තාරකට උසස්පෙල සඳහා අවශ්‍ය සුලු මුදල් සැපයුවේ නිසලිය.තාරකගේ මව මෙය පැහැදිලිවම දන්නා නමුත් එය නොදන්නවා සේ හැසිරෙන්නේ එය තමාට මදි පාඩුවක් යැයි සිතූ නිසාවෙනි.
උසස්පෙල අවසන් කල තාරක රැකියාවකට අයදුම් කලද හොඳ වැටුප් සහිත රැකියා ඔහුට ලැබුනේ නැත. නිසලිගේ උවමනාවට ඔහුව පරිගණක අංශයේ පාඨමාලාවට යොමු කලේ ඇයගේම මුදලින්.
නිසලි දිවා රෑ වෙහෙසී උපයන මුදලින් යම් ප්‍රමානයක් ඉතිරි කරේ තාරක හා තමාගේ විවාහ උත්සවය අලංකාරව ගැනීමටයි.එය නිසලිගේ හීනයක්. තවද තම නැගණියගේ ඉගෙනීමට වියදම් කරන්නේද නිසලිය.තාරකට අවශ්‍ය මුදල් දීමටද නිසලි කිසිවිටෙකත් පැකිලෙන්නේ නැත. ඉතාමත් සාමාන්‍ය පවුලක සිටින නිසලී සැබැවින්ම උත්සහවන්ත කෙල්ලෙකි.
කාලය ගෙවී යනවාත් සමගම තාරකගේ පාඨමාලාව අවසන් වූයේ ඔහුට රැකියාවක්ද හිමිවීමෙන් අනතුරුවයි.
නිසලිගේ හිතේ හීනයක් සැබෑ විය. ඒ තාරක යම් තත්වයක් සහිත රැකියාවක් කිරීමයි. තාරකගේ හැකියාව සහ සුදුසුකම් නිසාම ඔහු වසරක් තුල තම වැටුප වැඩි කරගැනීමට සමත් විය.
තාරකගේ මව පෙරටත් වඩා දැං හිස උදුම්මවාගෙන සිටින්නේ ඔහුගේ පුතා උසස් රැකියාවක් කරන නිසායි.
"ගොඩාක් පිං මැණික, ඔයා නිසයි මම අද මේ තත්ත්වෙන් ඉන්නේ"
"එහෙම කියන්න එපා මහත්තයෝ, ඔයාගෙ උනන්දුව, කැපවීම නිසයි ඔයා දියුණු උනේ."
"මම මේ ණය ඉක්මනින්ම ගෙවනවා, ඉන්නකෝ සල්ලි ටිකක් එකතු කරගන්නකල්, මගෙ කෙල්ලව ලස්සන මනමාලියෙක් කරල මගේ ගාවට ගන්නකල්."
තාරක රැකියාව නිසා නිතරම කාර්යබහුල විය. දෙකකින් තාරකගෙන් කිසි ප්‍රතිචාරයක් නැති නිසා නිසලි තරමක් කලබලයෙන් පසුවිය.
"මොනාද දූ කල්පනා කරන්නෙ ඔය තරම්"
ඒ නිසලිගේ අම්මා
"තාරක දවස් දෙකකින් කතා කලේ නෑ අම්මා"
"කරදරයක්ද දන්නෙ නෑ පුතාට."
"ඒක තමයි අම්මේ. හිත බයයි."
"දලදා හාමුදුරුවන්ගේම පිහිටයි.ඒ දරුවට කරදරයක් වෙන්නෙ නෑ."
################################
"පුතේ, මම උඹට ආයෙත් කියන්නෙ නෑ. ඔය මගුල නවත්තපන්.උඹ මාසෙකට ගන්න ගාන හොයන්න ඒකි මාස දෙකක් වැඩ කලත් ගන්න බෑ.උඹට ඔයිට වඩා හොඳ කෙල්ලෙක් ඔය වැඩපොලෙන්ම හොයාගත්තෑකි.අනික ඒකිගෙ හැටි."
තාරකගේ මව නැවත අලුත් වූ මාන්නය සමගින් කියන්නේ නිසලිව අමතක කරන ලෙසයි.
දින සති ගත විය. තාරක ගේ මිතුරියක් වූ වර්ශා පිළිබඳ ව තාරකගේ හිත යන්නේ ඔහුට ද නොදැනීමය. නිසලි සමග නිතර නිතර බොරු අමනාපකම් ඇති කරගත් තාරක වර්ශා සමග පෙමින් බැඳෙන්නේ නිසලිට වඩා වර්ශා පෙනුමෙන්ද ඉහල නිසයි.
දින සති ගෙවුණි.නිසලිට වර්ශා ගැන ආරංචි වීමට වැඩි කාලයක් ගත නොවීය. තමා පණ මෙන් පෙම් කල ඔහු වෙනත් කෙල්ලෙක් සමග පෙම් කිරීම නිසලිට දරාගන්න බැරි විය. නිසලිට මෙය දරාගත නොහැකි විය.ඒ සැනින් තාරක හමුවීමට නිසලි ගියේ තමා වැඩ කරන ස්ථානයටවත් දැනුම් නොදීය. නිසලි ට එයටවත් සිහියක් නැත.
"මට ලැජ්ජ කරන්නද මෙහෙට ආවේ. හැටි බලනවා තමුසෙගෙ. ශොප් එකේ නම තියන ඇඳුමක් ඇඳන් ආවේ මෙතන උන්ට කියල මට ලැජ්ජ කරවන්නද? හිඟන්නියක් වගේ, බලනව, සෙරප්පු දෙක වත් දාල නෑ. ශික් හැටි. ඉන්නව ටිකක්, මෙහෙම කතා කරන්න බෑ. මම ආයෙ මෙතන වැඩට එන්න ඕනේ.."
තාරකගේ වදන් හමුවේ නිසලිට සිහි මද ගතියක් දැනුනි..
"එන්න නිසලි."
යතුරක් දඹරැඟිලේ කරකවමින් තාරක කීවේ ඇයව ගනන් නොගෙනය .
රථ ගාලේ තිබූ ඔහුගේ මිතුරාගේ රියට නැග්ගේ නිසලිටද තමා අනුගමනය කරන ලෙසට අතින් පෙන්වමිනි
නිසලිව මෝටර් රථයට නංවාගෙන ඔහු ගියේ කුඩා අවන්හලකටය. එහි අයිනෙම මේසයක නිසලි වාඩි උනා නෙමෙයි, ඉබේම වාඩි උනා. දිවුල් බීම දෙකක් ඇණවුම් කල තාරක කතාව ඇරඹුවද නිසලි තවම තෝන්තුවාවෙනි.
"නිසලි, මම ඔයාගෙන් සල්ලි වලින් උදව් ගත්තා,ඒවා ඔයා කැමැත්තෙන් නේ කරේ. මගේ අසරණ කාලේ ඔයා කරපු උදව් වලට පිං, ඒ ණය ගෙවනව කියල මම කිව්වනේ, මේ ඒ ණය.පොලිය නම් නෑ කෙල්ලේ."
තාරක සාක්කුවෙන් ගත් මුදල් මිටිය නිසලිට දී නැවත කතාව ඇරඹීය.
"මේ ණය ගෙවන්න මම ඔයාව බඳින්නම ඕනෙ නෑ නේ...එක අතකට ඔයාගෙයි මගෙයි තත්ත්ව ගැලපෙන්නෙත් නෑ. ඒ නිසා අපේ අම්ම ඔයාට කොහොමත් කැමති නෑ.ඔයාව බඳින්න පුලුවනි, ඒත් මට මගේ අම්මව නැති කරගන්න බෑ.අනික් එක අපේ තාත්.... "
"ඇති මහත්තයෝ ඇති, ඔ..ඔය හොඳටම ඇති...මම ඔයාට ඉගෙනගන්න සල්ලි දුන්නෙ, ඔයාගෙන් ඒව මේ විදියට ගන්න නෙමෙයි.මට මේවා එපා..කරුණාකරල, ඔයා යන්න,යන්න, යන්න, මම...මම ඔයාට ලැජ්ජ කරන්න එන්නෙ නෑ. මං නිසා, මේ මං නිසා, මේ ශොප් එකේ නම ගහපු මගේ යුනිෆෝම් එක නිසා ඔයාට උන ලැජ්ජාවට සිය දහස් වාරයක් සමාවෙන්න...හැ..හැබැයි මතක තියාගන්න මේ යුනිෆෝම් එක නිසා.... නෑ එපා මහත්තයෝ. ඔයා යන්න. ආයේ මේ හිඟන්නි දිහා වැරදිලාවත් බලන්න එපා... තෙරුවන්සරණයි මහත්තයෝ..."
නිසලි නිවෙස බලා ගියේ මහත් වූ සිත් වේදනාවෙනි.තමා හා තාරක හමුවූ තැන් දකින විට තමා මහා ගිණි ගොඩක දැවෙනවා සේ ඇයට දැනේ.සාගරයක් තරම් හැඩුවේ නිසලිය. තාරකට ගානක්වත් වූයේ නැත. තාරකගේ මව වූ නිර්මලා නම් මේ ගැන සතුටු විය.තම ලේලිය වර්ශා පිලිගැනීමට නිර්මලා ආසාවෙන් බලාසිටියා.
වසර 6කට පසු
"තාත්ති තාත්ති, අර ආච්චිටත් බයි එකක් දෙමු අපි, පවූ නී එයා"
ඒ සවින්දි පුංචි දෝණි.නිසලිගේ සහ කසුන්ගේ පුංචි දූ පැටියා.
අද චූටි කෙල්ලගේ 3 වෙනි උපන්දිනය. දූගේ උවමනාවට, නිසලිගේ මැදිහත්වීමෙන්, තම ආදරණීය සැමියාගේ උදව්වෙන්, තුන් දෙනාම බත් පාර්සල් පනහක් අරං ඒවා අසරණ මිනිස්සුන්ට බෙදන්න ගියා.
"මෙතන වාහනේ නතර කරන්න තැනක් නෑ දූ. අම්මි එක්ක ගිහින් දීල එන්නකෝ"
"ආච්චි ආච්චි, අද බබාගේ උපන්දිනේ, මේක කන්න"
"පිං සිද්ද වෙනව චූටි නෝනා"
"අම්මී, අම්මි අපි යං"
නිසලිගෙ දැහැන බිඳුනේ දූගේ හඬටය. හිඟන ගැහැණියව හඳුනාගැනීමට නිසලිට වැඩි වේලවක් ගත වූයේ නැත.
"නිර්මලා නැන්දේ??"
"මම අඳුර ගත්තා දුවේ, මට සමාවෙයන් රත්තරනේ, මගේ පුතා ඔයා එක්ක හිටියා නම්, අද රජෙක්, ඒත්..."
"කියන්න නැන්දේ, කෝ තාරක, මොකද මෙහෙම."
නිසලිට දුකක් දැනුනේ නැත.
"තාරක, කාලකන්ණියා, ඕක නිසා තමයි මෙහෙම උනේ, මම ඔය දුවට අකමැති උනා තමයි, ඔය දූ මගෙ පුතණ්යාට ඉගෙනගන්න උදව් කරා තමයි. මම ඒවා අමතක කලා දුවේ. පුතාට වෙන සල්ලිකාර එකියක්ව බඳින්න කිව්ව දුවේ"
ඇය අඬනවා, ඉකි ගසමින් අඬනවා, පෙර කල වරද ඇගේ සිතට දඬුවම් දෙන බව නිසලි මනාව තේරුන් ගත්තා.
"ඌ බඳින්න හිටිය වර්ශා කියල කෙල්ලෙක්, ඒකි උන්ගෙ බොස් එක්ක සම්බන්ඳයක් තිබිලා, ඒ වෙද්දි කොල්ල ඌගෙ නමට තිබ්බ ගේ ඒ වර්ශ කියන හැතිරිගේ නමට ලියල ඉවරයි. ඒකි මාව ගහල ගෙයින් පැන්නුව දුවේ.. තාත්ත හාට් ඇටෑක් එකක් හැදිල නැති උනා. මිනිය තියන්න තැනක් තිබ්බෙවත් නෑ. තාරක බිව්ව, ණය වෙවී බිව්වා, ඌ දැං නාස්ති වෙලා ඉවරයි. ඌට රස්සාවත් නැතිඋනා. දුවේ,තාරක කියල එකෙක් දැං නෑ. ඒ තරම්ම බීල බීල නාස්ති වෙලා ඉන්නේ."
"සමාවෙන්න නැන්දේ, මට ඔයාල වෙනුවෙන් කරන්න තව කිසිම දෙයක් නෑ, මම යනවා, මහත්තය බලන් ඉන්නවා, "
නිසලි තාරකගේ මවගෙන් සමුගත්තේ කල කම් ඵල දෙන හැටි මනාව තේරුම් ගනිමින්.
"දුවේ, උඹට කරපුව අපිට ඵල උන්න රත්තරනේ, සමාවෙයන්, හොඳින් ජීවත් වෙන්න."
තමාට හොඳ සැමියෙක් ඉන්නවා, ලස්සන දූ පැටියෙක් ඉන්නවා, මාලිගා තනන්නට තරම් මුදල් නොමැති උනත්, ණය නොවී, ඉතුරු කරන් සතුටින් ඉන්න මුදල් තියනවා, මහා ලොකූ යාන වාහන නැති උනත්, පුංචි කාර් රථයක් තම පවුලට හිමියි. ඉතින්, මම සම්පූර්ණයි තාරකගෙන් බේරුණ එකම මට ඇති.
"යං මගෙ බර්ත්ඩේ ගර්ල්"
දූ පැටික්කිවත් වඩාගෙන නිසලි ගියේ තම සැමියාට සිද්දිය කීමටයි.ඔහු තමාව විශ්වාස කරනවා, පුංචිමවත් බොරුවක් කලොත් තමාට පවු සිද්ද වෙනවා.
දැං නිසලි සතුටින්.........
ඒත් තාරක අද පසුතැවෙයි
උපුට ගැනීමකි
No comments:
Post a Comment