සමාවෙයන්‍ රත්තරනේ

කෙටි කතාව

විනාඩියක් අරන් කියවලා යන්න..
ඇහැට කඳුලක් උනයි සත්තයි..

"සුද්දි පැටියව ගන්නකො මං බඩු ටික ගන්නකම්..

අවුරුදු දෙකක් වයස මගෙ සුරංගනාවි ව අරන් වයිෆ් සෙනුකිට දුන්නෙ වාහනේ තිබුන බඩු ටික ගන්න..

වයිෆ්ගෙ අම්මා වැටිලා කකුලක් කැඩිලා හොස්පිට්ල් එකේ..

අම්මව බලන්න රෙදි ටිකත් බෙඩ්ශීට් අරන් ආවේ දවස් දෙකකට වතාවක් අම්මගෙ ⁣බෙඩ්ශීට් මාරු කරන නිසා..

සති කීපයක් හොස්පිට්ල් එකේ ප්‍රතිකාර ලබපු නිසා අම්මට දැන්  හුඟක් දුරට අඩුයි..

සෙනුකිට වගේම මටත් තිබුන සැනසීම අම්මට ටිකෙන් ටික සනීප වෙන එක...

සෙනුකි පැටියාවත් අරන් ඉස්සරහින් යනකොට බඩු ටිකත් අරන් පිටිපස්සෙන් ගියේ පොඩි එකීට කෝලම් කර කර..

මගේ ඇස් දෙක..
සෙනුකිගෙ කැරලි ගැහුන කොන්ඩෙ
හිනාවෙද්දි වල ගැහෙන කම්මුල්..

ඉසඳි චතුල්‍යා මගේ පැටියා අපි දෙන්නගෙම අනුරුවක්..

බලන් ඉන්න ආසයි..

අම්මා ඉන්න වෝඩ් එකට යන්න හැරෙද්දි එහා  පැත්තේ කොරිඩෝ එකෙන්  ඇටෙන්ඩන්ලා දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන් ගියේ පොඩි ගෑණු ළමයෙක්ව...

අවුල් වූණ කොන්ඩේ..
අපිලිවල ඇඳුම්..
ඒ හැසිරීම්..
මානසික රෝගියෙක්ගෙ කියන්න සාක්ෂි වුනා..

පුංචි කෙල්ලෙක් නිසාම..
හිත පුරා නුහුරු වේදනාවක් පැතිරුනා..

ඒ ගැන අමතක කරලා සෙනුකි එක්ක ඇතුලට ගිහින් ආයෙම ආවේ අම්මට වතුර එකක් අරන් යන්න..

කැන්ටින් එකට යන අතරතුර..
ජනෙල් කූරු වල එල්ලිලා..
එලිය බලන් ඉන්න කලින් දැකපු ගෑණු ලමයව
ඇස ගැටුනෙ..
ඇග පුරාම විදුලියක් ගිහින් හිරිගඬු පිපෙද්දි..

දෙවියනේ මගේ දඟ මල්ල..
රන්වන් පාටට පිරිලා තිබුන..
එ් මූණ.. පිරිලා තිබුන ඒ ශරීරේ..
අඳුරන්න බැරි තරම් වැහැරිලා..

මං එනකම් මඟ බලන් උන්න..
එ් ඇස්..
කොහෙදෝ බලාගෙන..
හැම වෙලාවෙම මූණෙ තිබුන හිනාව..
අතුරුදන් වෙලා.....

ඒ මූණ දැක්කම ඉහිලුම් නෑ..

ඒ මතක ආයෙම මතක් වුනේ ඇස් දෙකම බොඳවෙද්දි..

"සුදු මහත්තයෝ..

අහගෙනද ඉන්නේ..

මේ...

මට ඔය මූණම තියන..

ඔයා වගේම හුරතල්.. පොඩ්ඩො තුන් දෙනෙක් ඕනි...

කතා කරන බෝල ඇස් දිහා බලන් හිටපු මට
කිව්ව දේවල් ඇහුන් නෑ..
තනියෙම හිනාවෙවී,, රඟපපා ඇස් ලොකු කර කර කියවන දිහයි බලන් හිටියේ..

"ඒයි හිකනලා,,
මං තමුන්ට ඕයි කිව්වෙ..

මූණත් දෙක කරන් ඉනටත් අත තියන් හරි හරියට රවනවා ඒ පාර..

"ඌයි.. මෝඩි,,,  ඔහෙ හිටු හාවිට...

කොන්ඩෙන් ඇදලා දුවන්න ගත්තම ඒ පස්සෙන් මාත් දිව්වෙ ඉන්නෙ පාර්ක් එකේ කියලත් අමතක වෙලා..

#රිතුලි_සහන්යා මගේ පලවෙනි ආදරේ..
කියන්න තරම් ලස්සනක් නම් නෑ..
ඒත් හැමවෙලාවෙම මූනේ තිබුන හිනාවයි..
හුරතලෙයි මගෙ හිත හොරාගත්තෙ මටත් හොරාම..

අවුරුදු දෙකකින් විතරක් මට වඩා වයසින් අඩු වුනත් කරපු තරමක් කලේම බාලාංශ වැඩ..
පොඩි එකෙක් වගේ..
⁣පොඩි පොඩි දේටත් හිත රිද්දන්..
කඳුලු පුරෝගෙන අඬන්නමයි ඒ ඇස් සැරසිලා හිටියෙ..

බොලඳයි හුඟක්..
පොඩි දෙයක් වුනාමත් ඉවරයක් නැතිව කියවලා
එපාවෙනකම් රන්ඩු වෙලා යනවා කියලා ගිහින් ෆෝනුත් ඕෆ් කරලා විනාඩි පහක් ඉඳලා නැතිව ඇති.. ආයිම ඇවදින් හිටියටත් වඩා හොඳට ආදරෙන් ඉන්නවා..

මගේ භාෂාවෙන් දඟ මල්ලක්..
පිස්සු හෝන්තුවක්..

මං ගැන මගෙ අම්මා තරම්ම..
සමහර වෙලාවට ඊටත් වඩා හොයලා බැලුවෙ රිතූ..

මගෙ වුවමනාකම් ගැන මටත් වඩා දැනන් හිටියෙ එයා..

හැම දේම හොයලා බලලා පුදුම ආදරේකින් හැමදේම කරලා දුන්නේ..

මං කැම්පස් තේරුනේ එයා  එක්සෑම් කරද්දි ...
කැම්පස් යන්න ගියපු දවසෙම කිව්වෙ

"සුද්දා ඕන දේකට ඔට්ටුයි මං ජීවිතේ විඳින්න තියෙන ලස්සනම කාලේ.. මං ගැන හිත හිත නොඉඳ සතුටින් ඉන්න.. ඒ ලස්සන විදින්න කියලා..

කෙලින් නොකිව්වට ඒ වචන වල අරුත තේරුම් ගන්න බැරි වුණේ නෑ..
ඒ වෙද්දි මගෙ ආදරේට අවුරුදු පහක්..
ඉතින් හීනෙකින්වත් ඒ අත අතාරින අදහසක් මට තිබුනෙ නෑ..
මට කේන්ති ගියේ ඒ වචන වලට..

කවදාවත් නැති තරම් දිගින් දිගටම රණ්ඩු වෙලා කොහොම හරි ශේප් වුණේ ආයි එහෙම කතා කියන් නෑ කියලා පොරොන්දු කරගෙන..

මහලොකු සල්ලි කාරයෙක් නෙවේ මං ඒ කාලේ..
නංගිගේ ඒ ලෙවල් තාත්තා අසනීපෙන්..
ඒ හැමදේම බලාගත්තෙ අම්මගෙ සොච්චන් පඩියෙන්.. අම්මා කාර්යාල සහයක කෙනෙක්..

මුල්ම කාලේ හැම සතියෙම වගේ බලන්න ගියත්
හැමදාම බලන්න යන්න ආස වුනත්
සල්ලි ප්‍රශ්න එක්ක මාස පහ හයක් එක දිගට ඉන්න වුනේ ඒ ඇස් නොදැක..

හැමදාම සුදු අය්යේ එන්නකො ඇවදින් යන්න කියද්දි මොකක් හරි දෙයක් කියලා නොගිහින් හිටියේ ඉන්න පුලුවන්කමට නෙවේ..
මං වෙනුවෙන් එයා වියදම් කරනකම් බලන් ඉන්න බැරි නිසා..

ඒ දේවල් වලට හැමදාම වගේ රන්ඩු වෙන්න ගත්තෙ ටිකෙන් ටික එයාව වාත වෙද්දි..

නිතරම කෝල් කර කර ඉන්නෙ කොහෙද කෑවද බීවද කා එක්කද ඉන්නෙ හැමදේම ආදරේට කියලා මුලින් හිතුනත් කල් යද්දි ඇත්තටම දැනුනෙ කරදරයක් විදියට..

කැම්පස් එකේ කෙල්ලො දෙක තුන රන් කරන කොල්ලො ගැන,, ඒ තියෙන නිදහස ගැන සර්ලා කියන කතා අහන් හැමදාම මාත් එක්ක රන්ඩු කලේ එයා මං ගැන ටික ටික සැක කරද්දි..

කැම්පස් ජීවිතේ හිතන තරම් සුන්දර නෑ..
ඒක කට්ටක්.. ඇතුලේ ඉන්න අයම තමා ඒ ගැන දන්නේ.. නිදහස තිබුනට වැඩ කන්දක්.. ඒ ලෙවල් වගේ කීප ගුනයක් වැඩියෙන් වැඩ කරන්න වුනා..

උදේ හය හමාරට ගියාම ආයි එන්නෙ හවස පහට විතර..
රැග් සීසන් නිසා ෆෝන් පාවිච්චියත් කේස්..
ෆෝන් පාවිච්චි කරන්න පුලුවන් වුනත් ඇතුලෙදි පාවිච්චි කරන්න හිතුනෙම නෑ මට..

ලස්සන ගෑනු ලමයි හිටියට ඒ හින්දා නම් නෙවේ.. කට්ටිය ඉස්සරහා කෙල්ලට මෙසේජ් කරන්න හිතුන් නෑ..

ඇත්තටම ටිකෙන් ටික රිතූව මඟ ඇරුනා මට..
මුලින් මුලින් හැමදේටම රන්ඩු වෙන්න ආවත්
ටික ටික එයත් ඒවට හුරු වුනා..

වෙනදා එන කෝල්ස් මෙසේජ් හුඟක්ම අඩු වුනා..
කා ඉදිරියේවත් සෙකන්ඩ් නොවුන මං පස්සෙන් වැටීගෙන ගියෙ නෑ..

ඉතින් ටිකෙන් ටික හොඳටම ඈත් වුනා..

යාලුවෝ වැඩ ඒ නිසා හුඟක් දැනුන් නෑ මට..

මං කැම්පස් සමාජෙට අනුගත වෙද්දි..
එයා නෑ කියලා දැනුන් නෑ..
ඒ නිදහස උපරිමෙන් විඳින්න මාත් හුරු වුනා..

එක දවසක එයා යන්නම ගියා..

කිව්වෙ "සුදු මං තරම්ම ආදරේ නැතත් රන්ඩු අල්ලන් නැතිව තේරුම් අරන් ඔයා එක්ක ඉන්න පුලුවන් කෙනෙක් හම්බෙයි කියලා..

මාස ගානෙකින් හම්බුන් නැති නිසා ඒත් කිව්වෙ මෙසේජ් එකකින්..

අවුරුදු ගානක් ආදරේ කලාට ඒ වෙද්දි තිබුන දුරස් බවත් එක්ක සත්තකින්ම ලොකුවට දැනුන් නෑ.... මං හොයන්න ගියෙත් නෑ ආයි..

කැම්පස් එකේදි මට සෙනුකිගෙ නම පට බැදුනේ අපි දෙන්නගෙම බර්ත් මාර්ක් එකක් මූණේ තිබුන නිසා..

යාලුවෝ හැමෝම විහිලු කරද්දි ටිකෙන් ටික එයත් මං දිහා බලනවා..
සුදුපාටට පුංචියට හුරුබුහුටිවට හිටපු නිසා මගෙ හිතත් සෙනුකිට බැදෙන්න හුඟක් කල් ගියෙ නෑ..

දෙන්නම ඉංජිනියරින් ෆැකල්ටි.. ඉතින් ඒ මානසිකත්වෙ තේරෙන නිසා හුඟක් අව⁣බෝධෙන් තේරුම් ගැනීමෙන් අපි දෙන්නා එක වහලක් යටට එන තරම් බැඳුනා..

සෙනුකිගෙ අාදරේ එක්ක රිතූව අමතකම වුනා..

අද මං සිවිල් ඉංජිනයර් කෙනෙක්..
සෙනුකි ටෙක්ස්ටයිල් ඉංජිනියර් කෙනෙක්..

ඇස් දෙක බොඳ වෙලා
උන්න හීනෙන් ඇහැරුනේ..
රිතූට ඉන්ජෙක්සන් එකක් දෙන්න
නර්ස්ලා වද කරන සද්දෙන්..

ජනේලේ ලඟට කිට්ටු වුන මගෙ ඇස ගැටුනෙ බෙහෙත් එකට බයේ ඒ මේ අත පෙරලෙන රිතූව..

දරන්න බැරිතරම් වේදනාවක් හිතේ තෙරපෙද්දි එතන තිබුන කබඩ් එක උඩ තිබුන ඩයරි එක අතට ගත්තෙ හැඟීමකින් තොරව..

එකින් එක පෙරලද්දි
තිබුනෙ ඩයරිය පුරාම නිසදැස්..
හැම නිසදැසටම උඩින්..

#මගේ_සුදු_බෝලෙට..

අඩියක් පිටිපස්සට විසිවුණේ එයාගෙ සුදු බෝලෙ මමම නිසා..

අවසාන පිටුවෙ ජෙල් පැනකින් ලියලා බොඳ වෙලා තිබුනෙ කඳුලු වලට වෙන් නැති..

#හීන_ඇහැරෙන_මැදියමේ..
#නුඹේ_අැස්මයි_සිහිවුණේ..
#පාර_බලාගෙන_ඉඳිමි_තවමත්..
#එනතුරු_නුඹ_ස්වප්නයේ..

මාත් එක්ක ඇඳපු හීන
එයත් එක්ක පාට කරන්න..
තරහක් අහිතක් නෑ..
තනියි මේ හිතට මහ ගොඩක්..
දරන්න බෑ තවත්..
සමාවෙයන් මට..
පාට පිරුන උබේ ලෝකේ..
මං කලු සුදු ඇති..
ඒ නිසාම උබට මාව මගැරෙන් ඇති. .
තවත් බෑ.. බැඳීම් එක්ක ඔ⁣ට්ටු වෙලා..
හරි තෙහෙට්ටුයි දැන්..
බලාන හිටියට දන්නවා එන් නෑ කියන්න..
උබේ ජීවිතේ විදපන්..
හිනාවෙයන් හැමදාම..
මං නවතින්නම්..

                   #ඔව්_මං_උබේ_මොංගලී..

⁣මුලු⁣ලෝකෙම කඩා වැටෙනවා දැනෙද්දි අඩිය දෙක තියලා දුවන් ඇවදින් මගෙ අත අල්ලගත්තේ මගේ දෝණි..

දෝණිව වඩාගන්නවත් සිහියක් නෑ මට..

මගේ දඟමල්ල..
ලෙඩ ඇදේ මං හින්දම..
තෝන්තුවෙන් ඉඳිද්දි..
මං කොහොම විඳින්නද..

සමාවෙයන් රත්තරනේ..
මේ පව්කාරයාට සමාවෙයන්..

දෝණිවත් අල්ලන් බිමම වාඩි වු⁣ණේ
ඇස් බොඳ කරන් රැදිලා තිබුන කඳුලු වලට
නිදහසේ වැටෙන්න දීලා...

💔💔💔💔💔💔💔💔💔💔💔

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment