මගේ දෑස තරම් මං ආදරෙයි


🌹💕මගෙ දෑස තරම් මං ආදරෙයි 🌷💕

මේ බත් කටත් කන්නකෝ…
ඇති රත්තරන් ලේට් වෙනවා මට යන්න. මේ බඩ ෆුල් වෙන්න කැවුවා. මට උස්මුරුත්තාව වගේ දැන්..අනේ තව එකම එක කටක්..
මැට්ටී බස් එක ඔන්න මට අද පාස් වෙනවා මේ නාකි හුරතල් බල බල ඉදලා… අම්මා….

හා හා ඉතින් ඕකත් අම්මට අඩගහලා කියන්න ඕනද… මේ හනිමූන් එක දවසටත් ඔහොම කෑ ගහනවද මැට්ටියේ…
හී… 😀😀 😘😘😘හිනා වෙනවා ඉතින් ඒ පාර. මේ සිරික්කිය මන් යන්නම් පරිස්සමින් ඉන්න ඕන හොදේ.. කදු පල්ලම් වලින් පරිස්සමින් යන්න ඕන.උඩ පැන පැන යන්න එපා. නිර්මාල් ඒ නලල සිප ගත්තේ ආදරයෙනුයි.පරිස්සමින් මහත්තයෝ…
කදුලු පුරවන් නිර්මාල්ගේ දෙපා පාමුල වැද වැටුනු සනිදිව නිර්මාල්හරි පරිස්සමට ඔසවා ගත්තා. හමුදා සෙබලෙක් උන නිර්මාල්ගේ දෑතට කෙල්ලව දැනුනේ පුලුන් රොදක් වගෙයි.

අ..ම්…මා … පොඩි දවසේ ඉදන් හැමදේටම අම්මා කියලා කියවෙන එක කෙල්ලට පුරුද්දට ගිහිනුයි තිබුනේ. ඒත් හඩ පිටවෙන්න කලින් නිර්මාල් ඒ තොල් දෙක හරි සීරුවට ඔහුගේ ග්‍රහනයට නතු කර ගත්තා… සදිනිගෙ දෑත නිර්මාල්ගේ ගෙල වටා එතුනේත් නිර්මාල් දෑස වසාගෙන කෙල්ලව තුරුල් කරාගත්තේත් වෙන් වෙන්නට බැරි මොහොත ලගා වු නිසයි..
මැනික .. පරිස්සමින් ඉන්න මන් යන්නම්.

අනේ…. අම්….මා.. ඔය ආයේ අම්මලු. මැට්ටි .. යුද්දේ නෑ තේරුනාද. මන් ලබන මාසේ ආවම ඔය අම්මා කියන එක නවත්තන්නම්කො .. එතකන් බත් ගොඩාක් කාලා අල බෝලේ වගේ මහත් වෙන්න වෙයි හොදේ..අනේ යනවා යන්න ..
ලැජ්ජාවෙන් රතු උන සදිනිගෙ මුහුන දෙස තවත් වරක් බැලූ නිර්මාල් ලොකු හුස්මක් අරන් ආපසු නොබලා ඇවිදගෙන ගියා. සදිනී තමා පිටිපස්සෙන් එන බවක් වත් කොල්ලා දුටුවේ නෑ. නිමාඩුව ඉවර වී ආදරනීයන්ගෙන් වෙන් වී නැවත කදවුරට එන දිනයට දැනෙන හැගීම හමුදා සෙබලෙකුට මිස වෙන කෙනෙකුට හිතා ගන්න වත් බෑ..

ආව බස් රතයට අත දමා ගොඩ වූ පසුව දුටු දෙයින් නිර්මාල්ගේ දෑසට කදුලු ඉනුවත් ඔහු වේගයෙන් ඇස් පිය ගසා කදුලු වලක්වා ගත්තා. සදිනී තමා පිටුපසින් විත් බස් රතය යන තුරා කදුලු පිරි දෙනෙතින් බලා සිටි අයුරු කලුතර හමුදා කදවුරට පැමිනි පසුවත් ඔහුගේ මනසේ සිතුවම් උනා.. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මාස දෙකහමාරකට පසුව නිර්මාල්ට දින 07ක නිමාඩුවක් ලැබුනේ හිත සතුට දෝරේ ගලද්දියි. ගමට ගිය විගස යතුරු පැදියට නැගුන ඔහු ගියේ සදිනිගේ නිවසටයි. පුන්චි කෙල්ල උඩ පැන්නේ නොදන්නවාම ආව නිර්මාල්ගේ බෙල්ලේ එල්ලීගෙනයි.. සුදු අම්මී කෙට්ටු වෙලා හුගක්..

සුදු මහත්තයත් කෙට්ටු වෙලානේ.. නේද අම්මා.. කෝ අම්මා නෑනේ. අම්…..මා….
නිර්මාල් සදිනිගේ තොල් තම තොල් අතර සගවා ගත්තා. කෙල්ල දගලන්න උනත් අඩුවට අහු උන කජු ලෙල්ලක් සේ යකඩ වැනි දෑත් වලට මැදි වී සිටි සදිනිට ගැලවෙන්න නම් පුලුවන් උනේ නෑ..අනේ.. මට යන්න.. දෙන්න.. යන්න දෙන්නම්. අනේ අනේ කවද්ද ඔය අම්මා… කියලා කෑ ගහන එක නවත්තලා රත්තරන්… කියලා කෑ ගහන්නේ …. ඒවා හදේ මැට්ටෝ. මොකක්ද කීවේ ඔහොම හිටු මන් අද … බැන්දාම කරන වැඩ මාත් එක්ක දැන්ම කරන්න එන්න එපා හරිද..

ආ දැන් මේ තොල චුට්ටක් හපන එක ගැනද මේ කියන්නේ. ඒවා බැන්දාම කරන වැඩ නෙමේ.. එහෙනම්.. සදිනි කට ලොකු කරන් ඇස් හීනි කරන් ඇහුව විදියට නිර්මාල්ට හිනා ආවත් ඔහු ඉවසන් හිටියා..බැන්දාම මේ ඇදට දාගෙන… ඔයිට වඩා…. ඒයි මැට්ටා ඇති… හී ටියුබ් ලයිට් දැන් තේරුනාද. .. ඕවා මේ පොඩි ලමයිට තේරෙන්නෙ නෑ හරි ඩෝ..
හා ඇත්තෙයි. දැන් රෑ වෙලා කියලා නොපෙනේද මේ රජතුමාට. ඔවු චූටියෝ මන් එහෙනම් යන්නම්… අනේ එපා අම්මා එනකන් ඉන්නකෝ ප්ලීස්..

යකෝ මේකිට මාව පන්නන්නත් ඕනා. අම්මා කෝ දැන් හිටියනේ.. ඔයාට තේක හැදුව වෙලාවේ අම්මා පොඩි ආච්චිලාගෙ ගෙදර ගිහිල්ලා එන්න ගියා.. දැන් එනවා ඇති.. ආ.. මෙහාට එනවා එහෙනම්. අම්මා මට දුවව බාර දීලා ගියේ. දැක්කා නේද විශ්වාසේ…ඔවු ඉතින් නරියට කුකුල්ලු බාර දුන්නා වගේනේ.. මොකක්ද කීවේ.. කෝ බලන්න මුන කියපන් ආයෙත්.. දගකාර විදියට නිර්මාල් සදිනිව ඇගේ කාමරයට ගෙන ගොස් ඇදෙන් හාන්සි කර ඇගේ වත මතට බර උනා.. සදිනිගෙ ගැහෙන පපුව මත මුහුන ඔබන් සිටි නිර්මාල් දෑස් පියාගෙනම මිමිනුවා..

හරි සැනසිල්ලයි පැටියෝ මෙහෙම ඉන්නකොට.. හ්හා.. අයියේ..
මොකෝ මේකි බය වෙලා. මැට්ටි..
එලෙස කියා නිර්මාල් සදිනිගෙන් ඈත් වී යලිත් සාලයට සදිනව වඩාගෙනම ආවා. සදිනිට එක මොහොතකට හිතුනේ නිර්මාල් යනු කොයි තරම් හොද පිරිමියෙක්ද යන්නයි..මැට්ටියේ ඔයා බය උනාට.. මම මගෙ සුදු නෝනව බදින දවසට තමා පොඩි කරන්නේ. ලබන සදුදා මගෙ අතට එනකන් මෙහෙම්මම මල් පොහොට්ටුවක් වගේ ඉන්න ඕනා.. ඒත්.. ඒත් අයියේ..

ඒත් මේත් නෙමේ පිත්තී. කෝ දැන් හොද බබා වගේ මෙතෙන්ට උම්ම එකක් දෙන්න. ඌයී හැපුවා නේද මගෙ කන පිස්සු කෙල්ල. අන්න අම්මා එනවා. මන් යන්නම් එහෙනම්.. අම්මේ යන්නම්…කුසුමාවතීගේ දෙපා වැන්ද නිර්මාල් පිටව ගියේ රාත්‍රී 7ට පමනය.. පුතේ මොකද කියන්නේ.. කොල්ලා… අම්මේ සදුදා බදිමු කීවා.. හා. ඒක හොදයි.. අම්මා කෙනෙක් විදියට කුසුමාවතී එලෙස කීවේ වටින් පිටින් ඇසෙන කටකතා වලට තිතක් තැබීමට නම් මේ කසාදය සිදු විය යුතු නිසයි..
💐💐💐💐💐💐💐💐💐💐💐💐

සදුදා දිනය එලබියේ වෙනදාටත් වඩා සුන්දරත්වය මන්මත් කරවමිනුයි. වෙනදාටත් වඩා අලන්කාර ලෙස සැරසුනු තම පතිනියව අතින් ගෙන හමුදා සොල්දාදුවන් රැසක් මැද්දෙන් නිර්මාල් පිය නැගුවේ ඔවුන්ගේ අලුත්ම නවාතැන වෙතටයි.. ප්‍රේමනීය රාත්‍රීය තුල ඔවුන්ගේම ලෝක වල ජීවිතය කලතවමින් ප්‍රේමයේ පලමු අනුසස් ගායනය ඇරබූ නිර්මාල් පසු දින පහන් ඌ පසු බලන විට සදිනී තවම සුව නින්දේ…

බාත් රූම් එකට ගිය නිර්මාල් නැවත පැමිනියේ සදිනිගේ හඩන ඉකිබිදින හඩත් අම්මේ.. අම්මේ කියන හඩත් ඇසුනු හෙයිනුයි.. අනේ මට මොකුත් පේන්නෙ නෑ අයියේ. මට පේන්නෙ නෑ..ඇදේ සිටම අත දික් කරමින් කෑ ගසන තම හුරතලියව දුටු නිර්මාල් පුදුමයට පත් උනා. මගෙ ඇස් දෙක ගොඩාක් රිදෙනවා අයියේ… ඉන්න සුදු මැනික ඉන්න මන් බලන්නම්..

දෝතට ගත් සදිනිව රැගෙන ලග තිබූ රෝහල වෙත පැමිනි නිර්මාල්ව වයිද්‍යවරයා කැදවූවා.. ඩොක්ටර්.. කොහොමද දැන් සදිනිට.. .. පුතා මේ ලමයා බදින්න කලින් මොකුත් ලෙඩක් තිබ්බෙ නැද්ද.. අනේ නෑ ඩොක්ටර්… සිරි කනගාටුයි පුතා. මෙයාගෙ තද හිසේ කැක්කුමක් තිබිලා තියෙනව

ඔවු ඩොක්ටර් හැමවෙලේම ඔලුව රිදෙනවා නම් කියනවා. බෙහෙත් බොන්නෙ නෑනේ. ඕහ්. ඕකනේ නොසැලකිලිමත්කම.. ඔයාලා මැරි කරපු දෙන්නෙක්ද?ඔ..වු.. ඩොක්ටර්. ඊයේ අපි මැරි කලේ… ඕහ් එහෙමද. මීට කලින් මේ දුව ගැන් හැමදේම ඔයා දන්නවද.. මට තේරුනේ නෑ ඩොක්ටර්
මෙයාගෙ අම්මට එන්න කියනවද

ඕකේ ඩොක්ටර් නිර්මාල් සදිනිගේ මව කැදවාගෙන නැවත රෝහල වෙත ආවේ හදිසියෙන්. අම්මේ ඇයි ඔයා බය වෙලා වගේ.. අනේ පුතේ මන් මේවා කලින් කියන්නයි තිබුනේ උබට. සදිනිගේ මව ඇගිලි පටලවා ගනිමින් කීවේ වරදකාරී හැගීමෙනුයි. ඇයි අම්මේ මොකක්ද .. මට කියන්න. නිර්මාල් නොසන්සුන් ලෙස පැවසුවේ තම බිරිද පිලිබදව උපන් වේදනාවෙනුයි..

පුතේ අපි අනුරාදපුරේ ඉස්සර හිටියේ පොඩි කරදරයක් උන නිසයි මන් දුවව අරන් මාතලේට ආවේ. මොකක්ද අම්මේ උනේ. මට කියන්න ඉක්මනට.. පුතේ දුව ඉස්සරලා බදින්න හිටිය පුතත් ආර්මි එකේමයි. හරියට පුතාගෙ හැඩරුවමයි..

මොකක්.. ස…දි…නි.. බදින්න හිටියා? මේ.. මගෙ කෙල්ල… වේදනාව හිත පහුරු ගාන විට නිර්මාල් සදිනිගේ මවගේ උරහිසින් අල්ලා ඇසුවේ පුදුමයෙන්. පලමු පෙම්වතා තමා යැයි කියූ සදිනී තමාට බොරුවක් කලා යැයි ඔහුට සිතා ගත නොහැකි උනා..

පුතේ .. ඒ කොල්ලා එක්ක වෙඩින් එකට ඇදුම් තෝරන්න ගිය දවසේ වාහනේ හැප්පිලා දුව අසනීප උනා.. කොල්ලගෙ අම්මලා තාත්තලා කීවේ මේවා මගෙ දුවගෙ මූසල කමට උන දේවල් කියලා. ඉතින් මන් මගෙ කෙල්ලව අරන් පුතේ මෙහාට ආවේ ඒ ගමේ තවත් ජීවත් වෙන්න බැරි තරම් අපිට කට කතා පැතිරුන නිසයි. මගුල හෙට කියලා කසාතේ නැවතුනා විතරක් නෙමේ පුතේ මගෙ දරුවට හැමදේම අමතක උනා ඒ ඇක්සිඩන්ට් එකෙන්. ඒත් ගමේ මිනිස්සුයි ජානක පුතාගෙ ගෙදර මිනිස්සුයි කීවේ මේ අහින්සකී බොරුවට රගපානවා කියලයි..

ඇය එක හුස්මට කියවාගෙන ගියේ නිර්මාල්ගේ දෑත අල්ලාගෙනයි.. ආහ්.. අම්මේ.. තම සොදුරිය වෙන අයෙකුට ආදරය කලා යැයි හිත පිලිගන්න අකමැති උනත් යතාර්තය එය යැයි ඔහුට තේරුම් ගන්න හැකි උනේත් කදුලු පාලනය කරා ගත්තේත් නිර්මාල් හමුදා සොල්දාදුවෙකු නිසායි.

යමු අම්මේ ඩොක්ට බලන් ඇති..
නිර්මාල් වයිද්‍ය වරයා වෙත සදිනිගේ මව කැදවාගෙන ආවේ එලෙස කියමින්..
අයි ඈම් වෙරි සොරි .. ෆේශන්ට්ගේ ස්නායු තෙරපීමක් වෙලා තියෙනවා. ඒ නිසා ඇස් දෙක සනීප කරන්න නම් අපිට බෑ. ඒ වගේම කියන්න ඕන දෙයක් තියෙනවා . මේ ෆේශන්ට් අතීතය අමතක වෙලා හිටිය කෙනෙක්. ඒත් දැන් සදිනිට හැමදේම මතකයි. කන්ග්‍රැජුලේශන් ඒත් ඩො…ක්..ටර්… මගෙ කෙල්ලගෙ ඇස්..

නිර්මාල් ලග තිබූ පුතුවට ඇද වැටුනේ දෑතින් හිස බදාගෙනයි.. සොරි .. ස්නායු පීඩනයක් මේක .අපිට එයාට ඇස් දෙකක් බද්ද කිරීම හැර වෙන විකල්පයක් නැහැ.. ඩො..ක්…ට…ර් ඒ වගේම ලෙඩාව මහන්සි කරන්නත් එපා.. මේ අයි කමීන් ඩොක්ටර්.. අර ගෑනු ලමයා පිරිමි ලමයෙකුගේ නමක් කියනවා…ඕහ්. නර්ස් යන්න ඇතුලට..
එලෙස කියූ වයිද්‍යවරයා නැවත හැරුනේ නිර්මාල් දිහාවට.. ඔන්න සිහිය ඇවිල්ලා යන්න ඔයා දැන් එයා ලග ඉන්න ඕනම වෙලාව. එයාව සනීප වෙන්න නම් ඔයා ඉන්නම වෙයි දැන්. ඔන්න ඔයාගෙ නම කියනවලු..

නිර්මාල් නැගිට්ටා නොව නැගිටිනි. ඔහු වාට්ටුව වෙත දිව ගියේ කදුලු පිරි දෑස අතින් පිස දමමිනි. සදිනිගේ මවද ඔහු පසු පසින් පැමිනියාය. සදිනිගේ ඇද වෙත ගිය නිර්මාල් සදිනිගේ නලලත සිප ගත්තේ ආදරය උතුරන විටදීය.. ඔයා ආවද මාව බලන්න… අ..යි…යේ… ඔවු මන් ආවා රත්තරන්.. ඇයි මේ අඩන්නේ..
මට ඔ…යා…ව පේන්නෙ නෑ අයියේ…

කෝ අඩන්න එපා රත්තරන් අපි සනීප වෙමු ඉක්මනට. ම්ම්.. කෝ හිනා වෙන්න. දුවේ.. අම්මේ ඔයත් ආවද.. බ..ල..න්න… අම්මේ ජානක අයියා ඔයාටත් කලින් ඇවිල්ලනේ..පු..තේ…. සදිනිගේ මව පුදුමයෙන් බැලුවේත් නිර්මාල් අල්ලන් සිටි සදිනිගේ දෑත අතෑරුනේත් එක වරම.. මුලු ලොවම අතෑරුනා වැනි හැගීමක් සමග නිර්මාල්ගේ දෑස කදුලින් වැසුනේ එක තත්පරයකින්…තම බිරිදගේ දැන් ලෝකයේ තමා ජීවත් වන්නේ නෑ යැයි හිතෙන විට ඔහු පස්සෙන් පස්සට ආවේ කදුලු වලක්වාලන්නට ආයාසයක් ගනිමින්..

ජා…න..ක අයියේ.. මගෙ ඇස් පේන්නෙම නැති වේවිද.. නැවත ඇස් දෙක ගැන කියමින් ඉකි බිදින සදිනී වෙතට කදුලු පිරි දෑසත් සමග නිර්මාල් පැමිනියේ ඇය අඩනවා ඔහුට බලා සිටීමට වත් දරා ගැනීමට වත් නොහැකි නිසයි.. කෝ. මෙහාට එන්න. මගෙ කෙල්ලව සනීප කරා ගන්න පුලුවන් තේරුනාද ..

නිර්මාල් ලගට විත් ඇය පපුවට ලන් කරා ගත්තේ සෙනෙහසිනුයි.. ඇය මොහොතකට නිර්මාල්ගේ පඖව තුල උනුසුම වින්දේ ඒ ජානක යැයි සිතමින්. මේ තමාට ජීවිතය දුන් ආදරය දුන් තම සැමියා වන නිර්මාල් බව ඇගේ මතකයේ තිබුනේ නැහැ.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

පසු දින සදිනිගේ ඇස් බද්ද කිරීම තිබෙන බව සදිනිගේ මවට දැනුම් දුන් නිර්මාල් තමා යුද හමුදා කදවුරට යන බවත් නිමාඩු ඉල්ලා ගැනීමට නොහැකි බවත් පැවසුවා. වියදමට අවශ්‍ය මුදල් ඔහු සදිනිගේ මවගේ බැංකු ගිනුමට දමා ඇති බවත් පැවසුවා.

සදිනිගේ මව පසු දින රෝහලට යන විට දුටු දෙයින් ඇය පුදුමයට පත් උනා. තරුනයෙක්‍ සදිනිට ආහාර කවමින් සිටි අතර ඒ ජානක බව තේරුම් ගැනීමට ඇයට වැඩි වෙලාවක් ගියේ නෑ.අම්මේ.. ජානක දෙපා වැන්දා.
පුතේ මෙහෙ.. කො…හො…මද.. දැන ගත්තේ.. අම්මේ .. මට නිර්මාල් හැම දේම කීවා අම්මේ. නංගී සනීප කරා ගත්තාම බදින්නම් මන් එයාව. ඒත් පුතේ.. නිර්මාල් කියන්නේ සදිනි බැන්ද කෙනානේ. ඒත් සදිනිගෙ ජීවිතේ ඉන්නේ දැන් මන්නෙ අම්මේ. මන් සනීප උන ගමන් මගෙ කෙල්ලව කොච්චර හෙවුවද දන්නවද අම්මේ..

අනේ මේවා කොහෙන් ඉවර වේවිද දන්නෙ නෑ පුතේ. නිර්මාල් කැමති විදියට කරන්න… ඒ කොල්ලගෙන් ආහලා බලලා..
අම්මේ හෙමින් කතා කරන්න සදිනිට ඇහෙයි.. ජානක සිටියේ තම පෙම්වතිය ලැබීම පිලිබද සතුටින්‍ ය. සදිනිගේ මවගේ දෑස කදුලින් පිරුනේ තම දුවටත් වඩා නිර්මාල් පිලිබද සිහි වීමෙනි..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

සදිනිගේ දෑස යලි පේන්නට පටන් ගත්තේ කාච බද්ද කිරීමෙන් අනතුරුවය.. ජානක විටින් විට පැමින ඇය බලා යෑම නිසා ඇය සිටියේ සතුටිනි. මාස 02ක් පමන ගෙවුන පසු සදිනිගේ මව සදිනිට නිර්මාල් පිලිබද පැවසීය. එහෙත් කසාත කොපිය පෙන්නුවත් සදිනී එය විශ්වාස නොකලාය..

අම්මේ.. ඉතින් එයාට වෙන කෙනෙක් බදින්න පුලුවන්නෙ අම්මේ.. දුවේ.. ඒ ලමයා ඔයාට ගොඩක් ආදරෙයි.. අනික ඔය දෙන්නා බැදලා එක ගෙදරක දවසක්ම හිටිය දෙන්නෙක්.. අම්මේ මන් ආදරේ ජානක අයියට අම්මේ. එයාට මොකක්ද වෙන්නෙව් අම්මේ .. අනික ඔය කියන මනුස්සයා ආවෙ නෑනේ මාව බලන්න එක දවසක් වත්..

අනේ මගෙ දුවේ.. ජානක කියකියා ඒ කොල්ලගෙ පපුවේ උබ එල්ලුනේ කියලා උබ දන්නවනම්….අම්මේ.. මො..කක්..ද.. කීවේ.. නෑ ඒක මොකුත් නෑ දුවේ. ඒක නම් උබේ තීරනේ අපි යමු ඒ ගෙදර යතුර මගෙ ලග තියෙනවා. ජානක පුතත් එන එකේ හවස් වෙලා එහාට ගිහිල්ලා ඇදුම් ටික අරන් එමු..

හා අම්මේ.. සදිනී කල්පනා ලොවක ගිලුන අතර කදුලු පිරි දෑස චීත්ත පොටින් පිසදාගත් සදිනිගේ මව කුස්සියට ගියා.
හවස් යාමයේ සදිනීත් ජානකත් සදිනිගේ මවත් නිර්මාල්ගේ නිවස වෙත ගිය අතර සදිනීට ඔවුන්ගේ කාමරයට ආ පසු දැනුනේ වෙන්ස්ම හැගීමක් ඇය පර වී තිබූ රෝස මල් පෙති ඇති යහනාව මත වාඩි උනේත් සුදු පැහැති ඇද රෙද්ද මත තිබූ රතු පැහැති ලේ පැල්ලම දුටුවේත් එක වරමයි….

අම්මලා කීව දේවල් එතකොට ඇත්තද.. පලමු වරට සදිනී තමාගෙන්ම ඇසුවා.. සදිනී අල්මාරිය අරින විටම අල්මාරියේ තිබූ වෙඩින් ෆොටෝස් දැක්කේත් නිර්මාල්ගේ රුව දුටුවේත් එක වරම. ඔවු ඇගේ හදවත දෙදරුවා. මේ ඉන්නේ.. එ…ත…කො…ට … එ…යා..ද..ඇය නැවත ඇද වෙත පැමින.. මාස 2කට පෙර ඇද මත එලූ රෙද්දෙහි වියලී ගිය මල් පෙති ගසා දානවාත් සමගම වැටුන කොල කෑල්ලත් පෑනත් අහුලා පැත්තකින් තබන්නට ගිය මොහොතේ කොලයෙහි අකුරු කර තිබූ යමක් දැක එය කියවන්නට උනා..

රත්තරන් අතීතය මතක් නොවී තිබුනා නම්… ඔබ මාගෙයි නෑ එහෙනම් මේ හැටි මේ රිදුමන් නම්.. කදුලු පිරුන දෑස නුබේ අයදිනවා සෙනෙහ්ස නම්… රැක ගනු මැන රත්තරනේ දෑස මගේ මියෙනා කල්…

අනේ.. එක වරම අඩමින් කෑ ගසන සදිනීගේ හඩ ඇසෙනවාත් සමගම ජානක පැමිනියා. අම්මේ මට.. නි..ර්..මා…ල්..ව බලන්න ඕනා.. ඒ..ත්. සදි..නි.. ජානක කතා කලේ අපහසුවෙන්‍.. මාව කොහොම හරි එයා ලගට එක්කන් යන්න ප්ලීස්..

සදි…නී.. ජානක කෝපයෙනුත් දුකෙනුත් කතා කලා. සදිනී පපුවට තුරුල් කරගෙන සිටින ඇද රෙද්ද දුටු සදිනිගේ මව සැනසුම් සුසුම් හෙලුවේ ඇයට හැමදේම මතක් උනා කියා සිතමිනුයි.. යමු පුතේ අපි කලුතර කෑම්ප් එකට. නිර්මාල් එහෙ ඇති..
ජානක අපහසුවෙන් උනත් සදිනී හා ඇගේ මව සමග කලුතර යුද හමුදා කදවුර වෙත පැමිනියා.

ඕහ්. කෝපල් සමරතුංගද? එයා දැන් මාස 2ක් වෙනවා අනුරාදපුර යුද හමුදා රෝහලේ.. වික්ටරි එකෙද සර්. yesඅනේ මාව ගෙනියන්න එහාට. ජානක අපි යමු ප්ලීස්. හ්ම් යමු. හිස අත ගා එලෙස කියූ ජානක නැවත සුක්කානම අතට ගත්තේ දුක ඊරිසියාව හිත සිප ගනිද්දී.

වික්ටෝරියා රෝහල වෙත පැමිනි සදිනී නිර්මාල් පිලිබදව ඇසුවා.. නිර්මාල් ඉන්නේ අක්ශි රෝග ඒකකයේ. මෙතනින් යන්න 23 වාට්ටුවට මිස්. නි..ර්..මා…ල්… ක..වුද මේ.. සදිනී නිර්මාල් වෙත දුව ගොස් දෑතින් අල්ලා ගත්තේ අඩමින්මයි. දෑස නොපෙනුනත් නිර්මාල්ට සදිනිගේ දෑතේ පහස අමතක උනේ නෑ.

සදී.. මගෙ කෙල්ල… නි…ර්මාල්.. මේ මොකද කලේ .. මට ඔයාගෙ ඇස් දීලා ඔයා මේ.. මෙහෙම තනියම දුක් විදිනවා..
ජානකගේ දෑසටද කදුලු ඉනුවේ නිරායාසයෙන්මයි .පිස්සී අඩන්න බෑ. මේ පේන්නෙ නැතිඋනාට කදුලු දැනෙනවා මට හරිද.

ර…ත්…තර….න්න්න්න්න්න්…
ආ මෙන්න අම්මේ… කියන්න ඕන තැනකට මගෙ මැනික අද මට රත්තරනේ කීවා.. සදිනිට හිනා ගියේ එය ඔහු කීව ආකාරයටයි.. සදිනී දෑත අල්ලා ගත්තේ නිර්මාල්ගේ පපුවට හේත්තු වෙමින්. ම්ම්.. ඔවු අද ඉදලා කියන්නේ රත්තරන් කියලා තමයි.. මැට්ටී මාව මතකද දැන්
..

නෑ මට මතක නෑ මොකුත්ම.. ඒත් මන් ආදරේ කරනවා ඔයාට මේ දැන් ඉදලා මේ මොහොතේ ඉදලා.. .. ඉස්සර අපි අතරේ සම්බන්දකමක් තිබ්බද කියලා වත් මට මතක නෑ. ඒත් මන් අද ඉදලා ඔයාට ආදරෙයි. ඔයා මේ ඉස්පිඩිතාලා ගානේ ඉන්න ඕනා නෑ … යමු ගෙදර.. ජානක අයියේ මට සමාවෙන්න ඔයාට හොද කෙනෙක්ව බදින්න පුලුවන්

කමක් නෑ නංගී. අනේ. මචන් ජානක අවුලක් නෑ මචන්. අපි හමුදාවේ කොල්ලෝ. උබ පරිත්‍යාගය කියන එක ආදරෙ නාමයෙන් කලා නම් මට බැරි ඇයි බන්. කොල්ලො ඒත් මන් අන්දයෙක් දැන්… අනේ කඩනවා ඔය කට දැන් ..හී.. පිස්සු කෙල්ල මට ඇස් පේන්නෙ නැති උනාට මගෙ වැඩ කරා ගන්න පුලුවම් හාද මොකද ආමි එකේ කොල්ලෙක් මන්.. මේවා අපිට හුරු කරලා තියෙන්නේඑතකොට පුතේ.. සදිනිගේ මව ජානකගේ දෑත අල්ලා ගත්තේ අනුකම්පාවෙන්

අයියෝ දුක් වෙන්න එපා අම්මේ. මේ කොල්ලට කෙල්ල වෙනුවෙන් මෙච්චර දෙයක් කරන්න පුලුවන් උනා නම් මට මේ චූටි වැඩේ කරන්න බැරි ඇයි. අනික මේ බැන්ද ජෝඩුවනේ. ඔවු ඒත් සමාවෙන්න පුතේ අපිට. අනේ අම්මේ හමුදාවේ කොල්ලෝ දේශ සීමාවට වෙලා රට රකින ගමන් රටේම මිනිස්සුන්ගේ මූනු වලට හිනාවක් ගේනවා. එහෙම හමුදා කාරයෙක් මූනු දෙකකට හිනාවක් ගෙන්නන්න හදනකොට සමාව ඉල්ලන්න එපා. පරිත්‍යාගය ගැන හමුදා කොල්ලෙක් මිස වෙන කවුද පරිත්‍යාගය ගැන දන්නේ අම්මේ..

එලෙස කියූ ජානක සදිනිගේ දෑත අල්ලා නිර්මාල්ගේ දෑතේ තබා ගියේය. නිර්මාල්. මචන්.. උබට කාච දෙකක් ගෙන්නන්න පුලුවන් කීවා ලක්ශ 3කට. මන් ඒ සල්ලි බැන්දා මාතලේ හොස්පිටල් එකෙන්ම කරාගනින් වැඩේ. ඒ මචන්.බන්.. හී බන් හිනා වෙයන් දැන්. උබ එක දවසින් වැඩ පෙන්නලා වගෙයි. දවසක් වමනේ ගියා සදීට. මන් හොස්පිටල් ගෙනිච්චා. දැන් ඩොක්ටර් කෝල් එකක් දුන්නා ටෙස්ට් චෙක් කරලා. . සදිනි ෆ්‍රෙග්නන්ට්. ඇස් දෙක හොද කරා ගනින් බබාව බලන්න ඉක්මනට.

මොකක්ද.. මගෙ කෙල්ල..
ඇස් නොපෙනුනත් මවත් සමග කතා කර කර සිටි සදිනිව වඩාගෙන වටයක් කැරකුනු නිර්මාල් ඇගේ දෙතොල තම ග්‍රහනයට නතු කරාගත්තා. අනේ.. රත්තරන්… ඒ යකෝ මචන් උබේ ඇස් නොපෙනුනාට අපේ පේනවා යකෝ. ගෙදර ගිහිල්ලා කරන එකක් කරාගනින්.

හැමෝම හිනා උනේ එකට එක්වී..
සදිනි වාහනය වෙත විත් නිර්මාල්ගේ පපුවේ මුහුන සගවා ගත්තා. සුක්කානම අතට ගත් ජානක නැවත වරක් සිනා සුනේ පැති කන්නාඩියෙන් සදිනිගේ ටීශටය ඉහලට ඔසවා ඇගේ කුස මත මුහුන තියන් සිටින නිර්මාල්ව දැකීමෙන්. සදීනී තමා මවක් වීමට යන බවක් නොදන්නා බව මතක් වූ ජානකට නැවත සිනා ගියා. මේ පුන්චි පවුලට සෙතක්ම වේවා යැයි සිතමින් ඔහු වාහනය හරවා ප්‍රදාන මාර්ගයට ගත්තේ හිත සැහැල්ලු කර ගනිමින්.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හැපි බර්ත් ඩේ ටූ යූ..
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ වියා පැන්ඩා..
හැපි බර්ත් ඩේ ටූ යූ..

නිර්මාල්ගේත් සදිනීගේත් පුතනුවන්ට ආදරයට ජානක කීවේ පැනඩා කියායි. ඒත් සමගම සදිනීව තුරුල් කරා ගත් නිර්මාල් පෑනක් අතට ගෙන සදිනිට පේන අයුරින් මෙසේ ලීවා.. දැන් නම් හිතෙනවා රත්තරන්.. ඉස්සර වගේම දෑස මගෙ..
නොපෙනුනානම් කියා.. එහෙම නම් ඉතින්..
මේ සියලු මිනිසුන් මැද උනත්.. සිප ගන්න තිබුනා ඔබේ ඔය දෙතොල්…අනේ.. රත්තරන්න්න්න්න්න්න්.. කොනිත්තා කමින් එලෙස කීව සදිනී නිර්මාල්ගේ පපුව බදාගෙන හිනා උනා. මේ මැට්ටී..
ම්ම් ඕ.. දැන්නම් අම්මට මාත් එක්ක තරහත් ඇති..ඒ ඇයි.. ඇස් දෙක කතේ දාන් බලන්න එපා බන් මට ඔබ කට හපන්නම හිතෙනෝ. ඇයි මැට්‍ටියේ ඉස්සර නම් හැම එකටම අම්මේඒඒඒඒඒහ් ගාල ගෑ ගහන එකී දැන් කෑ ගහන්නේම රත්තරන්න්න්න්න් කියලනේ..

යනවා මැට්ටා යන්න.. එලෙස සතුටින් පිරුන මේ කපල් එක දෙස ඔවුන්ගේ පුතාවද වඩාගෙන බලා සිටි ජානකගේ අතේ එල්ලුනේ මාස 06ක දරු කුසක් දරාගෙන සිටි ඔහුගේ බිරිද ශලිනී.

~~නිමි~~~~~❤️💛❤️💛

විනුදී නෙතූශා
උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment