Admin÷සුදු දෝණි👧 .
"💌💌 ෆේස් බුක්💌💌"
සඳලි,
මගේ ජීවිතේ උඩු යටි කුරු කළ අහිංසක පුංචි කෙල්ල.
මම හැමදාම රෑ වෙනකම් බලන් ඉන්නවා.
විශ්වාස කරන්න,
සඳලි ඉස්සරම ඉස්සර දවස් වල තිබුන ලස්සන හිනාවත් අරන් හැමදාම රෑට මාව බලන්න එනවා.
*********
සඳලි මට හමු වුණේ ෆේස්බුක් එකෙන්,
ලයික්,කමන්ට්,ටැග්,ශෙයා ෆේස් බුක් තියරියේ අහම්බෙන් හමුවුණු අහිංසක පුංචි කෙල්ලෙක්. කවදාවත් දැකළා නොතිබුනාට සඳලි ගැන මොකක්දෝ ලොකු බැඳීමක් මගේ හිතේ තිබුණා.
මට ඕන වුනේ ආදරේ කරන්න නෙමෙයි,
කොරියාවේ ඉන්න අනිත් කොල්ලො වගේ පාලු මකා ගන්න කෙල්ලෙක් හොයා ගන්න විතරයි.
මම සඳලිට රැයක් දවාලක් නැතුව කතා කළා.
මගේ හිතේ ආදරයක් තිබුනෙ නෑ.
පාලුව මකා ගන්න විතරයි මට ඕන වුණේ.
සඳලිට මම ගොඩාක් සල්ලි වියදම් කළා.
ලක්ෂ දෙක තුනක් පඩි ගන්න මට රුපියල් විසි තිස් දාහක් පුංචිම පුංචි මුදලක් වුණා.
සඳලි අනිත් කෙල්ලො වගේ මගේ දත ගැලෙව්වා නෙමෙයි.
මමයි එයාට සල්ලි දුන්නේ එක එක දේවල් අරන් දුන්නේ.
ටික කාලයක් කතා කරද්දි තමා,
මම සඳලි ගැන දැනගත්තේ.
එයාට හිටියේ ආච්චි විතරයි.
එයා උසස් පෙළ කරන්න සල්ලි නැති හින්දා පොඩි රස්සාවක් කරන ගමන් ඉගෙන ගන්නවා කියළා කිව්වේ.
එදානම් මට ගොඩාක් දුක හිතුනා.
එදා ඉඳලා මට ඕන වුණේ සඳලිට උදව් කරන්න. ජීවිතේ ගොඩ දා ගන්න. මගේ හැම ප්‍රශ්නෙම අමතක කරළා දාලා මම හිතුවේ සඳලි ගැන.
මගේ හිතේ සඳලි ගැන ලොකු අනුකම්පාවක් තිබුණා.
ඒක ආදරයක් නෙමෙයි.
*********
සඳලිගේ උසස් පෙළ ප්‍රතිඵල එන්න සතියකට කලින් මම නිවාඩුවකට ලංකාවට ආවා.
මම ආපු ගමන් ඉස්සර වෙලාම ගියේ සඳලි බලන්න.
සදලි ළඟ පොෂ් පෙනුමක් නෙවෙයි තිබුණේ.
ගමේ කෙල්ලෙක්ගෙ අහිංසක පෙනුමක්.
දිගම දිග කොණ්ඩයක් තිබුණ සඳලි ලග තිබුණේ අමුතු ලස්සනක්.
මූණ බලළා වචනයක් කතා නොකරණ සඳලි, කියන්නේ අහිංසක කමේ සංකේතයක් කියළා කිව්වොත් මම හරි. කවදාවත් කොල්ලෙක් එක්කවත් යාළු නොවුන සඳලි ලග පුදුම තරම් හොඳ ගතිගුණ තිබුණා.
**********
උසස් පෙළ ප්‍රතිඵල ආවා. සඳලිට කැම්පස් යන්න තරම් ලකුණු තිබුනෙ නෑ.
මම කිව්වා මොකක් හරි කෝස් එකක් කරන්න.
මම සල්ලි දෙන්නම් කියළා.
ඒත් සඳලිට ඕන වුණේ කැම්පස් යන්න.
ඉගන ගන්න.
"මම සල්ලි දෙන්නම් පිට රට කැම්පස් එකකට යන්න"
ඒක අහළා සඳලි ගොඩාක් සතුටු වුණා.
කොරියාවෙ කැම්පස් එකකට එන්න,
ඇප්ලයි කළා කිවුවම මමත් ගොඩාක් සතුටු වුනා.
මමත් කොරියාවේ නිසා හොදයි කියළා මට හිතුනා.
***********
සඳලි කොරියාවට ආවට පස්සේ තමා හැමදේම වෙනස් වුනේ,
කියළා මට හිතෙනවා.
සඳලිගෙ කැම්පස් එක තිබුණේ මම වැඩ කරන තැනට පැය පහක් විතර දුර.
සඳලි කොරියාවට ඇවිත් මාසෙකට විතර පස්සේ මාව බලන්න ආවා.
සඳලි මගේ යාළුවෙක්ගේ කාමරයේ නතර කළා.
එදා රෑ ඒ යාළුවාට වැඩ නිසා සඳලි විතරයි කාමරයේ ඉදියෙ.
නොදන්න රටක සඳලි තනියම කාමරේක තියන්න මට මොකක්දෝ ලොකු ලෝභ කමක් දැනුනා.
මමත් ඒ කාමරේට ගියා.
මොනවා උනත් මටත් සඳලි දැක්කම මගේ හැඟීම් පාලනය කරගන්න බැරිවුනා.
අපි අතර ගොඩාක් දේවල් වුනා.
සඳලියි මමයි සෙල්ෆි ගත්තා.
සඳලිට පස්සේ බලන්න කියළා.
සඳලි යද්දී ගියේ මට ආදරේ කියළා.
මම මොකුත් කිව්වෙ නෑ.
කවදාවත් කොල්ලෙක් ලගට නොකියපු සඳලිට, මාව මහමෙරක් තරම් වටිනවා වුනාට,
මට සඳලිව එකම එක අවස්ථාවක් විතරක් වුණා.
**********
සඳලි එදා ඉඳලා මට වදයක් වුණා කිව්වොත් මම හරි.
මට නිතර කෝල් දෙන එක වදයක් වුණා.
සඳලි මට කතා කළේ සුදු අයියේ" කියළා.
දවසක් මම හොඳටම තරහ ගිහින් සඳලිට බැන්නා.
"මොන වදයක්ද කොල්ලෝ නැතුවද උඹ වගේ කරේ එල්ලිලා ඉන්නේ"
කියළා.
එදා සඳලි ගොඩාක් ඇඬුවා.
මගේ ආදරේ ඉල්ලුවා, ජීවිතේ ඉල්ලුවා,
එයාට තව කොල්ලෙක් ළඟට යන්න හිත හදාගන්න බෑ කියළා ඇඬුවා.
මට දුක හිතුනෙ නෑ.
මට ඕන වුණේ කොල්ලෙක්ගේ වචනයෙන් කියනව නම් කියනව නම් පට්ට'" කෑල්ලක්.
මම සඳලිට කොච්චර බැන්නත් සඳලි මාව දාලා ගියේ නෑ.
මගේ පස්සෙන්ම වැටිලා ඉදියා.
මට පුදුම තරම් ආදරේ කළා.
*********
"මට උඹ වගේ නෙමෙයි ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුළුවන් බලපන් උඹේ හැටි"
දවසක් මම කිව්වා එදා තමා සඳලි යකෙක් වගේ මට බැන්නේ.
"තෝ මගේ කැත ලස්සන දැකළා නෙමෙයිද මම ලගට ආවේ?
සඳලි සැරෙන් ඇහුවේ.
සඳලි ලඟ තිබුන අහිංසක කම අහලකවත් නැති වුණා.
නරක වචන ගොඩාක් කියලා බැන්නා.
නිතරම කේන්ති යන කෙල්ලෙක්ට වඩා අහිංසක කෙල්ලෙක්ට කේන්ති ගියාම දරුණුයි කියළා මට හිතුනා.
එදා ඉඳලා සඳලි මට හොදින් කතා කළේ නෑ.
මට හිතාගන්න බෑ අහිංසක කෙල්ලෙක් කොහොමද දරුණු වුණේ කියළා.
මම ඊට පස්සේ හිතුවා කපටි කම්න් සඳලි මෙල්ල කරන්න ඕන කියළා.
ඒත් සඳලි දැනගත්තා එයාට මම බොරුවට ආදරේ වගේ රඟපාන්නේ කියළා.
සඳලි ලග තිබුණේ පුදුම මීටරයක් ඕනෙ දෙයක් ටක් ගාලා හොයා ගන්න පුළුවන්.
මම බොරුවක් කලත් සඳලිට අහුවුනා.
මගේ රඟපෑම් වලට සඳලි රැවටුනේ නෑ.
***********
සඳලි මගේ නමින් ෆේස්බුක් එකවුන්ට් එකක් හදළා තිබුණා.
එයාගේ මගේ සෙල්ෆි දාළා.
මගේ යාළුවෝ නෑදෑයෝ විතරක් නෙමෙයි, අම්මයි තාත්තයි පවා මේවා දැකළා තිබුණා.
ගෙදරින් කෝල් කරළා ෆොටෝ ගැන අහන්න ගත්තා.
මම කිව්වෙ සඳලි නරක කෙල්ලෙක්, කොල්ලෝ එක්ක යනවා.
ඒ වගේ මාත් එක්ක ආවා කියළා.
සඳලි කියන්නේ කවදාවත් නරක වැඩක් නොකරපු කෙල්ලෙක්.
ඒත් මට ඕන වුණේ මගේ බේරුමට ගෙදරට මොනවහරි කියන්න විතරයි.
මම හැමදාම එහෙමයි.
මගේ වාසියට ඕනම දෙයක් කළා.
ෆේස්බුක් සිද්ධියෙන් පස්සේ මට සඳලිගෙ කරදර වැඩි වුණා.
මම හිතාගත්තා,
ලංකාවට ගියාම සඳලිට වැඩක් දෙනවා කියළා.
මොකද මම සඳලි ගැන විස්තර දැනගෙන හිටියේ .
එයාට උප්පැන්යක් තිබුණේ නැහැ.
එයා පාවිච්චි කළේ යාළුවෙක්ගෙ උප්පැන්නයක්.
කොරියාවට ආවෙත් අනුන්නේ අයිඩින්ටී එහෙකට කියළා මම දැනගෙන හිටියා.
මම ඒවා මගේ වාසියට හරවා ගත්තා.
සඳලිගේ දුර්වලකම් වලින් ප්‍රයෝජන ගන්න ඕන කියළා මට හිතුනා .
***********
මම ලංකාවට ආවා.
සඳලිට විරුද්ධව නඩුවක් දැම්මා.
ඒ චෝදනා තුනක් යටතේ එකක්
"'මගේ සල්ලි වංචා කිරීම.
ෆොටෝ ෆේස්බුක් දමා අපහාස කිරීම.
අනුන්ගේ උප්පැන්නයකට කොරියාවට යාම.""
කියන වරදවල් යටතේ.
සඳලි ලංකාවේ පොලීසියෙන් ලංකාවට ගෙන්නන්න කටයුතු කළා.
සඳලි ලංකාවට එන දවස මම දැනගත්තා .
සඳලි,
එයාපෝර්ට් එකේදීම් අත් අඩංගුවට ගන්න සූදානම් කරළා තිබුණේ.
මමත් එදා එයාපෝර්ට් ගියා.
සඳලි මගේ ඇස් දෙක ඉස්සරහම අත්අඩංගුවට ගත්තා.
විශ්වාස කරන්න,
පුංචි දේටත් ඇස් වලට කදුළු එන ඒ ඇස් වලට කදුළු ආවේ නැහැ.
සමහර විට දරාගන්න බැරි දුකට ඒ ඇස් වලට කදුළු එන්නේ නැතුව ඇති කියළා මට හිතුනා.
සඳලි බිම බලාගෙන ඉස්සරහට ගියා.
අත් දෙකට මාන්චු දාළා අරන් යන සඳලි දිහා,
මම ඈත ඉඳන් බලන් හිටියා.
**************
ඊට සති දෙකකට පස්සේ, සඳලි අපේ ගමේ පොලිසියට ගෙනාවා.
එදා මගේ අම්මයි තාත්තයි මමයි පොලිසියට ගියා.
අපේ තාත්තා කිව්වේ සඳලිගේ මයිල් ගහක් ගානේ පළි ගන්නවා කියළා .
ඒ තරම් සඳලි ගැන වෛරයක් ඒ හිත් වලට දැම්මේ මම.
ඒත් සඳලි නරක කෙල්ලෙක් නෙමෙයි කියළා මගේ හිත මට වද දුන්නා.
ඒත් මට ඕන වුණේ මගේ වාසිය විතරයි.
ෆේස් බුක් පොටෝස් දාළා මට ලැජ්ජා කරපු එකට පලිගන්න විතරයි මට ඕන වුණේ.
ඒත් මගෙනුත් සඳලිට වැරදි සිද්දි වුනා කියළා මට නොතේරුනා නෙමෙයි.
************
සඳලි දැක්කම මට දුක හිතුනා.
සඳලිගෙ දිග කොණ්ඩය කොටට කපලා තිබුනා.
සඳලි පුදුම විදියට කොණ්ඩෙට ආදරෙයි කියළා මම දැනන් හිටියේ.
සඳලි මගේ දිහා ඔලුව
උස්සලා බැලුවෙ නැහැ.
ඒ දවස් වල තිබුණ අහිංසක කම ඒ මූණෙ තිබුණෙ නැහැ.
මොකක්දෝ ලොකු අසරණ කමක් ඒ ඇස්වල ලියවිලා තිබුණා.
සඳලි ප්‍රශ්න කරන්න නඩුකාරතුමා ලඟට ගෙන්නුවා.
සඳලිගෙන් එක එක ප්‍රශ්න ඇහුවත් සඳලි මොකුත් කිව්වෙ නෑ.
ඊට පස්සේ මාව ගෙන්නුවා.
මට සඳලිගෙන් මොනවා හරි අහන්න තියෙනවද කියළා ඇහුවා.
අපේ අම්මා තාත්තගේ බල කිරීමට මම සඳලි ලඟට ගියා.
මගේ සල්ලි ගත්තා නේද, කොරියාව ගියේ වෙන කෙනෙක්ගේ විස්තර වලට නේද?
මගේ පොටෝස් ෆේස් බුක් දැම්මා නේද?
ඊට පස්සේ තමා සඳලි ඔළුව ඉස්සුවේ.
මගේ මූණ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා අසරණ විදියට හිනා වුනා.
ඔක්කොම ඇත්ත"
කියළා හිමින් කිව්වා.
නඩුව කල් ගියා
*******
ගෙදර ආවාත් මගේ හිතට වද දුන්නේ සඳලිගේ අහිංසක මූණ.
මාව හමු වුන දවස.
කොරියාවෙදි මගේ තුරුලට වෙළා හිටපු හැටි.
හැමදේම මට මතක් වුණා.
නඩුව දවසෙවත් එයාට හිටපු එකම නෑදෑයා වුන ආච්චි ආවේ නැත්තේ ඇයි කියළා මට හිතුනා. පොලීසියෙන් කිව්වෙ එයාගෙ ආච්චිට පණිවිඩයක් යැව්වා කියළා.
***********
සඳලි දීපු ලිපිනය හොයාගෙන මම ගියා.
ඒ ලිපිනෙ තිබුණ තැන කටුමැටි ගෙයක්.
මාස ගානකින් කවුරුත් ඒ ගෙදර ඉඳලා නෑ කියළා මට හිතුණා.
හැම තැනම කොළ වැටිලා තිබුනා.
මහත්තයා කාවද හොයන්නේ?
මම පිටි පස්ස හැරිල බැලුවෙ එතකොට,
මේ ගෙදර සඳලි කියලා කෙනෙක් ඉන්නවද?
ඒ ආපු ගෑණු කෙනාගෙන් මම ඇහුවා.
ටිකක් වෙලා මගේ දිහා බලන් හිටිපු ඒ ගැහැණු කෙනා
එහෙම නමක් තියෙන කෙනෙක් නම් නෑ කියළා කිව්වා.
මම පෝන් එකේ තිබුන සඳලිගේ පොටෝ එකක් පෙන්නුවා.
ආ මේ චූටි මැණිකෙනෙ,
අනේ මහත්තයා මාස හතර පහකින් ආරංචියක් නෑ.
රට ගියා ගියාමයි.
එයාගේ ආච්චි කෝ?
ඔය කෙල්ල නිසාම තමා මැරුණේ.
දැන් මාසෙකටත් කිට්ටුයි කෙල්ලගෙන් ලියුමක් කෝල් එකක් නෑ කියළා අඬ අඬා හිටියේ.
සාංකාවටම තමා උන්දෑ මැරුණේ.
අහිංසක මනුස්සයා,
එහෙම කියළා ඒ ගැහැණු කෙනා කඳුළු පිහදා ගත්තා.
සඳලි ඉස්සර කතා කරන්නේ නැද්ද?
මම මොකුත් නොදන්නවා වගේ ඇහුවා.
කතා කළා අපේ ගෙදර ෆෝන් එකට තමා කෝල් එහෙම ගත්තෙ.
හරිම අහිංසක කෙල්ල.
කාටවත් වරදක් නෑ.
ඒ ඇන්ටි ටිකක් වෙලා ඉඳළා ගියා.
මට හිතුනා ඒ ගේ ඇතුලට ගිහින් බලන්න ඕනි කියළා.
ගේ ඇතුලේ තිබුනේ පුටුවකුයි, පරණ ඇදක් පොත් මේසයක් විතරයි.
මේසෙ උඩ තිබුන පොත් දෙක තුන සඳලිගෙ වෙන්න ඇති කියළා මට හිතුනා.
දූවිලි බැඳුණ ඩයිරිය මම නිකමට වගේ පෙරළලා බැලුවෙ.
""ඇයි මගේ ඩයිරිය බලන්නේ""
ලොකු අකුරින් ලියළා තිබුනා.
පව් මගේ ආච්චී මම නිසා ගොඩක් දුක් විඳිනවා.
කවදා හරි ලොකු ගෙයක් හදළා අච්චිත් අරන් මම යනවා.
මම ආච්චීට දුකක් දෙන්නේ නැහැ.
පලා විකුණලා මට ඉගෙන ගන්න දෙන සල්ලි වලට මම අසාධාරණයක් කරන්නේ නෑ.
එතනින් එහාට කියවන්න මට අකුරු පෙනුනේ නැහ.
ඇස් වලට කදුලු ආවා
සඳලි කොච්චර දුක් විදින්න ඇද්ද කියළා මට හිතුනා.
මට මම ගැනම දැනුනේ කලකිරීමක්.
මටත් නොදැනීම සඳලිට ආදරේ කරන්න පටන් අරන්,
**********
පොලිසියට ගිහින් සඳලිගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්නවා කියළා හිතුවා.
මම පොලිසියට එනකොට හවස පහට විතර ඇති,
ආ පොඩි මහත්තයා ..
තාත්තගෙ යාළුවෙක් වුණු ඕ අයි සී ධනපාල සර් මට කතා කළා.
තාත්තා උදේ ඇවිත් ගියා.
මම හිනා වුනා.
මට අර ගෑණු ළමයා බලන්න ඕන"
ඔතනින් ඉස්සරහට ගිහින් වමට හැරුණම සුරවීර ඉන්නවා එයාට කියන්න.
********
මට සඳලිව බලන්න ඕන,
ෆේස් බුක් සීන් එකට නඩුවක් යන..
ඔව් ඔව්,
එයාට හොඳට සලකන්න කියලා ඕ අයි සී මහත්තය ඕඩරයක් දුන්නා.
අපිත් ඉතින් හොඳට සැලකුවා.
එහෙම කියළා සුරවීර කට කොනකින් හිනා වුණා.
මගේ පපුව පිච්චිලා ගියා.
මට එයාව දැන්ම බලන්න ඕන.
මම වෙව්ල වෙව්ලා කිව්වේ
**********
සඳලිව ඇදගෙන පොලිස් කාන්තාවෝ දෙන්නෙක් ආවා.
දෙවියනේ!
සඳලිගෙ ඇඳුම් බාගෙට ඉරළා.
තොල් පැලිළා ලේ එනවා.
කෙස් අවුල් වෙළා
ඇග පුරාම ලේ,
සඳලි ඇවිත් මගේ කකුල් දෙක ලග බිම වැටුනා.
මම එහෙමම බිම වාඩි වුණා.
සඳලිගෙ අත් දෙකෙන් අල්ලා ගත්තා.
අනේ මගේ නංගි,
ඒ ඇස් දෙක බාගෙට පියවිළා.
මම සඳලිව තුරුළු කරගත්තා.
අනේ දෙවියනේ!
කවුද සඳලිට මෙහෙම කළේ.
මම කෑ ගහළා ඇහුවා.
බය වෙන්න එපා මහත්තයා.
කවුරු කළාද කියලා හොයාගන්න බෑ.
මහත්තයාගේ තාත්තා තමා කියළා තියෙන්නේ ඕ අයි සී මහත්තයට මෙයාට සලකන්න.
මැරුණත් අවුලක් නෑ.
කියළා සුරවීර හිනා වුනා.
සඳලිට පොලීසියෙන් හොඳටම වද දීලා කියළා මට තේරුණා.
සඳලි ,
මම ඒ මූණ මගේ මූණට ලං කරලා කතා කළා.
සඳලි අමාරුවෙන් ඇස් දෙක ඇරළා,
"සුදු අයියේ මට වතුර ටිකක්"
කියළා කිව්වා.
අනේ, වතුර ටිකක් ගේන්න.
මම සුරවීර සර්ට කිව්වා.
සඳලිගෙ ඇස් දෙක පිය වුනා.
විශ්වාස කරණ්න සඳලි මගේ අත් දෙක උඩ අන්තිම හුස්ම හෙළුවා.
මම කෑගහලා ඇඬුවා.
සඳලි මගේ නංගි මට සමාව දෙන්න.
**********
මම සඳලිගේ සොහොන ලඟට වෙලා කොච්චර වෙලාවක් ඉදියද කියලවත් මට මතක නෑ.
සඳලි මගේ ලග ගත කරපු කාලය එකිනෙකට චිත්‍රයක් වගේ මැවිළා පෙනුනා.
මම නීතියෙන් බේරුනාට, හෘද සාක්ෂියෙන් මට කවදාවත් සැනසිල්ලක් ලැබුණේ නෑ.
මට හැම වෙලාවෙම මගේ හිත වද දුන්නා.
සඳලිව මරාගත්තේ මම කියළා.
මම ගොඩාක් විදෙව්වා.පසුතැවුනා.
**********
පුරුද්දට වගේ සඳලිගෙ ෆේස්බුක් එක බැලුවෙ.
දෙවියනේ!
සඳලි ඔන් ලයින් ඉන්නවා.
මට හිතාගන්න බෑ.
ඒත් එයාගේ ෆේස්බුක් පාස්වර්ඩ් කවුරුත් දැනගෙන හිටියෙ නෑ.
මට පුදුමයි.
මැසේජ් එකක් ආවා.
සඳලිගේ ෆේස් බුක් එකෙන්.
"සුදු අයියේ මට වතුර ටිකක්"
මම වෙවුලන්න ගත්තා.
සඳලි අවසානෙට ඉල්ලුවේ වතුර.
මම ෆෝන් එක මේසෙ උඩින් තිබ්බා.
මගේ හිතේ තිබුන සිතුවිල්ලක් වෙන්න ඇති, කියළා හිත හදාගෙන මම ඇස්දෙක පියා ගත්තා.
කවුරු හරි මගේ ලග ඉන්නවා වගේ දැනිළා මම ඇස් දෙක ඇරියෙ.
විශ්වාස කරන්න සඳලි මගේ ඇඳ ලඟ,
සුදු පාට ඇඳුමක් ඇඳලා කොණ්ඩෙ දිගට දාළා.
පුදුමයි,
මට බය හිතුනේ නෑ.
ඉස්සරම ඉස්සර දවස් වල වගේ හිනා වෙළා මගේ දිහා බලාගෙන ඉන්නවා.
සඳලි අත දික්කරලා,
"සුදු අයියේ මට වතුර ටිකක්"
කියළා කිව්වා.
මම දුවළා ගියා වතුර ටිකක් ගේන්න.
වතුර අරගෙන එද්දී සඳලි නැහැ.
**********
කළුවර වැටෙන හැමදාම රෑට සඳලි මගේ ළඟට එනවා.
ඇවිත් ඉල්ලන්නේ එකම දෙයයි
"""සුදු අයියේ මට වතුර ටිකක්"""
වතුර අරගෙන එද්දී සඳලි මට නොපෙනී යනවා.
----------නිමි----------
උපුටා ගැනීමකි
No comments:
Post a Comment