තරහක් නෑ හිතේ අදත් ඔබ නමින්

💟💟💟 #තරහක් නෑ හිතේ අදත් ඔබ නමින් 💜💜

     💕 විනාඩි දෙකක් වැය කර කියවා බලන්න.. මේ ඔබේ කතාව විය හැක...ඔබේ දෙනෙතටද කඳුලක් නැගේවි..😢😢

           " ම්ම්ම්... අදත් පරක්කුයි වගෙ😕😕😕 කෑම ටික මේසෙට යවන්න ඕන..."

"දිනායා... දිනායා..... කෝ මේකි... තමුසෙගෙ කන් දෙක ඇහෙන් නැද්ද ඕයි... මෙහෙට එනවා👿👿👿👿"

"මහත්තයා අදත්...😢😢😢😢"

"මේ බලනවා... මේ ඉන්නෙ මාත් එක්ක වැඩ කරන මිස් කෙනෙක්... යනවා ගිහින් අපිට කෑම ලෑස්ති කරනවා...👿👿"

"නෑ බබා.. ඩෝන්ට් වොරි... එයා අවුලක් නෑ... අපි යමු ඩලිං.....😘😘😘"
  
           "අනේ... ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ... කමක් නෑ මගෙ මහත්තයො.. ඔයාගෙ කැමැත්තක්... මං ඉවසන් ඉන්නම්.......😕😕😕😕"

            මීට අවුරුදු 4කට පෙර අත් වැරදීමකින් වූ දුරකථන ඇමතුමක් නිසා දිනායට නාඳුනන අංකයකින් ඇමතුමක් පැමිණෙයි.....

"හෙලෝ සමිත්... අඩෝ වරෙන් යකෝ... තෝ මොක්ද තාම කරන්නේ..👿👿.."

"අනේ... අනේ... මං මේ.... සමිත් නෙවෙයි.. ඔයාට වැරදීමක් වෙලා...🤔🤔🤔"

"අප්පා... අනේ සොරි වෙන්න ඕනි... ඔයා කොහෙන්ද?? නම මොකක්ද??????😃😃😃"

    මෙතනින් ඇරඹුනු සංවාදය කෙළවර වූයේ ඔවුන් දෙදෙනා දෙමව්පිය ආශිර්වාදයත් සමග එක් වහළකට පැමිණීමෙන්ය.... අවුරුද්දක් පමණ සතුටින්  සිටි ඔවුන් දැන් ජීවිතය ගෙවන්නේ මේ ලෙසිනි..........

"ඕයි... තමුසෙ මොකො මේ කාමරයෙ කරන්නේ😈😈😈 යනවා අනික් කාමරයට....👿👿👿"

"අනේ මහත්තයෝ... එත් මං.... 😭😭😭😭"

"කෑ ගහන්න එපා ගෑණියේ.... තේරෙන් නැද්ද?? අර ඉන්නේ මං බඳින්න ඉන්න කෙනා...  තමුසෙ ඉක්මනට මගෙන් අයින් වෙන්න ඕන... තේරුනානේ උඹට?? දැන් පලයන් මෙතනින්......  👿👿👿👿"

"ඔයා කොහොමද මහත්තයෝ මෙහෙම කරන්නේ😢😢😢 මගෙ අතින් වැරද්දක් උනාද දෙයියනේ😭😭😭"

"බලනවා උඹේ තියෙන මූසලකම...  කොයි වෙලෙත් අඬා ගත්ත ගමන්... මේ ටානියට හොඳට කන්න ඕන.. රසට උයහන්..😈😈😈"

  මෙය සෑම දිනම වෙන්නට විය... දිනායට වූයේ ගෙදර මෙහෙකාරිය සේ වැඩ කිරීමටය... දැන් තම සැමියාගෙ පමණක් නොව අනෙක් ගැහැණියගේත් දේවල් කරන්න වූයේ ඇය අතිනි...

"මේ හලෝ මගෙ රෙදි ටිකක් ඇති.. ගිහින් හෝදලා දාන්න😒😒😒"

"අනේ... පින් සිද්ද වෙයි... ඔයාට මං වැඳලා කියන්නම්... මෙහෙන් යන්න... එයා මගෙ මහත්තයා 😭😭😭"

"හහ්... ඉතින් මට මොකෝ.. ඔයාගේ මහත්තයා තමා මාව හොයන් ආවේ... මම කියන විදියට ඉන්නවා😏😏😏"

"මගෙ ඉවසීමේ සීමාව පන්නන්න එපා... මම මේ කටවහන් හිටියෙ මිනිස්සු හිනස්සන්න බැරි හින්දා...නැත්නම් ගෙදරින් එළියට ඇදලා දාන්නේ😈😈😈😈"

"මේ උඹ කාටද ඔය කතා කරන්නේ... බැ...ලි.... චටාස්......"

"බලන්න රාහුල් මෙයා මට බයිනවා.... ඉහි ඉහි😭😭😭"

"ඔයා එන්න බබී මෙහාට... මේ අද ටානිගේ යාලුවො එනවා කෑම හදහන් හොඳට 👿👿👿👿👿"

                  ටානියා විසින් දිනායා මහන්සියෙන් සැදූ කෑම වලට හොරෙන් ගොඩක් ලුණු කවලම් කළාය... මේ කිසි දෙයක් නොදත් දිලිනිට.........

"ඕඕඕ...ෂිට්...  මොනවද රාහුල් මේ👿👿👿.... බත් එකේ මෙච්චර ලුණු.... මෙයා හිතලමයි රාහුල් මෙහෙම කරන්නේ.. මං කොහොමද යාලුවන්ට මූණ දෙන්නේ😭😭😭😭😭"

          "අඬන්න එපා බබී... අපි ඩිනර් අවුට්  යමු..ඔක්කොම.... කෝ ඉක්මන්ට චේන්ජ් කරන් එන්න.....😍😘😘😘😘.... ඔහු ඇයව දිනායා ඉදිරියේ සිප ගනිමින් කීවේය..."

"තෝ...පට්ට බැල්ලි😈😈... හිටපන් මං එනකල්.... මේ බත් ඔක්කොම උඹ කන්න ඕන.. නැත්නම් මං බලාගන්නම්... කියමින් රාහුල් ඇයගේ කොණ්ඩය අදිමින් කීවේය . මේ සියල්ලම ටානියා සිනාසෙමින් බලා සිටිමින් කාමරයට ගියාය....

"අනේ අම්මේ.......😭😭😭 ඇය සියල්ලම අස් පස් කර අනික් කාමරයට වී සිටියාය.. නමුත් ඇයට නින්ද ගියේ නැත.... ඒ රාහුල් නැති නිසාය... මැදියම් රැය වෙන තෙක් ඔවුන් පැමිණියේ නැත... නමුත් වාහනයක සද්දයක් නිසා ඇයට ඇහැරුණාය... ඒ රාහුල් හා ටානියාය... අනික් දිනයේ.........

"දිනායා.... මේ පේපර්ස් ටික සයින් කරලා දෙනවා ඉක්මනට 😏😏😏"

"අනේ මට බෑ මහත්තයෝ ඔයා නැතුව ඉන්න..... මට මෙහෙම කරන්න එපා😭😭😭😭 " ඇය ඔහුගේ දෙපා මුල වැටී අඬන්නට වූවාය....

"නැගිටිනවා ඕයි... තමුසෙව හුරතල් කරන්න මට බෑ... අනික තමුසෙට තාම මගෙන් ළමයෙක් හම්බෙන්නවත් නෑනේ...😏😏😏...

අනේ... මට බෑ... මං ඔයා කියන ඕනම දෙයක් කරන්නම්... හැමදාම මෙහෙම ඉන්නම්.. මාව ඈත් කරන්න එපා😭😭😭"

"කියන දේ කරනවා දිනායා.. මගෙන් මැරුම් නොකා... 👿👿👿"

        ඇය අඬමින් පේපර්ස් සයින් කලාය... මාස කීපයකින් ඔවුන්ගේ දික්කසාදය විය... රාහුල් ටානියාව කසාද බැඳ ඔවුන්ගේ නිවසටම කැන්දන් ආවේය..... දිනායාද ඇගේ දෙමව්පියන් ළඟට පැමිණ නැවතත් ඇයගේ රැකියාවට ගියාය.. නමුත් තාම සිතින් රාහුල් ගැන සිතන්නීය...

"උඹ හැමදාම ඔහොම ඉන්නද බං කල්පනාව.... මං ඊයෙත් දැක්කා රාහුල් අර ගෑනි එක්ක කාර් එකේ යනවා😏😏😏"

"කමක් නෑ වින්දි.... එයාට හොඳ නම්... මං තාම එයාට ආදරෙයි.. ඉස්සර වගේම...😢😢😢😢"

"උඹට නම් පිස්සු දිනු..... අර ෂෙහාන් උඹ ගැන උනන්දුයි වගෙ... අදත් මගෙන් ඇහුවා 😍😍😍😍"

"උඹට පිස්සුද බං👿👿 මං බැඳලා දික්කසාද වෙච්ච ගෑනියෙක්.....😢😢😢"

"හැම කොල්ලම එක වගෙ නෑ බං... ඌ හොඳ එකා...🤔🤔🤔🤔 උඹ ටිකක් හිතලා බලහන්.....😊😊😊😊"

.................💖💖💖💖💖

"ටානියා.... බබා මගෙ මේ ෂර්ට් එක පොඩ්ඩක් අයන් කරලා දෙන්නකෝ😘😘😘😘😘"

"අනේ..... මං මේ ඩ්‍රාමා එකක් බලනවා.... ඔයා අයන් කරගන්නකෝ...😏😏😏😏"

"පැටියෝ.... මට බඩගිනියි... ගිහින් මොනවා හරි හදන්නකෝ.... හොඳ ළමයනේ...😘😘😘😘😘"

"අනේ රාහුල්.... මට නම් බෑ.... මොකක්ද අනේ.... අපි ලන්ච් එක එළියෙන් ගමු... ප්ලීස්...😍😍😍😍"

"ම්ම්ම්ම්ම්... හරි... හරි... එහෙනම් ලෑස්ති වෙලා එන්න....😘😘😘😘"

"බබා... ඔයා මගෙ වැඩට අඳින කලිසම් ටිකයි ෂර්ට් ටිකයි හේදුවේ නැද්ද??😟😟😟😟"

"ඔයාට පිස්සුද රාහුල් 😒😒😒😒 මං කොහොමද රෙදි හෝදන්නේ.... මගෙ නේල් ආර්ට් එක කැත වෙයි... ඔයා ලොන්ඩ්‍රි දාන්නකෝ... මගෙ රෙදිත් ඇති... 😘😘😘😘😘😘"

"එතකොට මගෙ කෑම එක කෝ😱😱😱😱"

"අනේ...... අද බෑ.... මට කම්මැලියි බබා.... ඔයා එළියෙන් ගන්නකො... මේ මටත් ඕඩර් කරලා යන්න බායි....😘😘😘 ආ මේ මට ටෙන් තවුසන්ඩ් දෙන්නකෝ ෂොපිං කරන්න ඕන.. 😍😍😍😍"

"ම්ම්ම්ම් ආ.... මෙන්න කාර්ඩ් එක.. මං යනවා😘😘😘😘😘"

            "අනේ මංදා.... කාර්ඩ් එක ගත්තා විතරයි ගියා.... ඒත් දිනායා හිටියා නම්😕😕😕😕😕😕..."

             දිනායා එසේ නැත... රාහුල් කඩෙන් කෑම කන්න අකමැති බව දන්න නිසා කඩෙන් කෑවේ අවම ලෙසය.. ඔහුගේ ඕනෑ එපාකම් සියල්ලම සොයා බලා කලින්ම කලාය....  ඇගේ හිනාව දඟ කාරකම ඔහුට එකින් එක මතක් වූවේය....😢😢😢😢😢

     දිනායා දිනෙන් දින රාහුල්ගෙ මතකයන් සමග තනිවී සිටියාය..... දිනක් රාහුල්ට දිනායගේ අල්මාරිය තුල තිබූ ඇගේ අත් අකුරින් ලියූ පොතක් බිමට වැටීය..

      #රිදෙව්වත් නුඹ මාව
      ආදරේ කලා #පණ වගේ මම...
      නපුරුකම් කෝටියක්
      ඒත් මං ඉවසුවා නිතර නිතර...

      නුඹටත් වඩා නුඹ ගැනම හිතපු හින්දාම දිවා රෑ දෙකෙහිම....
      තනිරැක්කා නුඹ ලඟම බොහෝ සතුටින්...
      ඇවිත් ඔබ දවසක...බලා යනවද මේ පුංචි #හිත...
      ඒහි ඇත්තේ නුඹයි #වස්තූ...තව කෙනෙකු හට නම් නෑ ඉඩක්...
      මේ අහන් වස්තුවේ..නුඹ මගේ විතරක් නම්..
      යනු එපා අතැර #මා වෙන සුවයක් පතා...
      දරනු බැරි වෙයි මේ හිතට #නුඹ මගේ හින්දා........
    
                       (#දිනායා.. 2017....10...12)

එකක් නොවේ... ඇගේ අකුරින් ලියවුණු කවි බොහෝය.....
       
 
#හැමදාම නුඹයි මගෙ ලෙංගතු හිත
  සිහි උනත් නැතත් නුඹට අද මාව
  හිරු නැගෙන තුරු සඳ බසින තුරු
  නුඹ එක්ක නිරතුරුව සිතින් දොඩමලුවන
  තුන් හිතම නුඹ සමග සැරිසරන
  හරි මිහිරි සිතුවමක් #නුඹ....
  අමතක වී ගියත් අද මාව
  මතකයි එදවස් අපි අපිට නැතුව බැරිවුණ
  ඒත් දන්නවද #නුඹ...
  නුඹට නොකී ඒ ඇත්ත....
  නුඹ නැතත් අද මා ළඟ
  #නුඹයි මගෙ ආදරේ හැමදාම.....

                                  (#දිනායා..2017...10..13)

"අනේ... දිනූ.....😢😢😢😢 මට සමාවෙන්න මගෙ පණ.. මං දැන් පරක්කුයි ඒත්.. මට ඔයාව... 😭😭😭..."
           
          කාලය ඉක්මනින් ගෙවී ගොසිනි.. අදට රාහුල් දිනායගෙන් වෙන්වී මාස තුනක්ද ගතවිය...

"ටානියා... තමුසෙට අඩුගානේ මගෙ කෑම එකවත් හදලා දෙන්න බැරිද කියනවකො👿👿👿👿"

"මේ රාහුල්👿 දිනායට වගෙ මට සද්දෙ දාගෙන එන්න එපා Ok... ඒකි කට වහන් හිටියට මම එහෙම ඉඳී කියලා හිතන්න එපා😏😏😏"

"මොකක්ද තෝ කිව්වේ👿👿👿... තමන්ගෙ මිනිහගෙ වැඩ කරන්න බැරි ගෑනු මොකටද ඕයි.. ඔහොම වේ...යෝ ඕන තරම් පොල් පිති වලින් කපා ගන්න පුළුවන් 👿👿👿👿"

"ඉතින්... තමුසෙ එහෙනම් කපා ගන්නවකො මට වද දෙන් නැතුව... හිතුවද මම මේ ගෙදර බත් තම්බ තම්බ ඉඳී කියලා.... ගෙදර වැඩ කරගන්න ඕන නම් වැඩට ගැණියක් අරගන්නවා.. මට කියවන් නැතුව😒😒😒😒😒"

         දින සති ගනන් ගෙවී ගියාය...  ෂෙහාන් තමන්ගේ දෙමව්පියන් සමග දිනායව බලාපොරොත්තුව ඇතිව ඇගේ නිවසට පැමිණියේය.....

"ම්ම්ම්ම්... ඔයාලා දන්නවා ඇතිනේ අපේ දුව ගැන.. එයා කලින් කසාද බැඳලා නීතියෙන් වෙන්වුණු කෙනෙක්... ඉතින් එහෙම කෙනෙක් පුතාට හරියයි කියලා හිතනවද????🤔🤔🤔🤔"

"කාගෙ අතිනුත් වැරදි වෙනවනෙ අංකල්... අනික දිනායා අතේ කිසි වැරද්දක් නෑ... ඉතින් මං අකමැති වෙන්න හේතුවක් නෑ... ගතිගුණ විතරයි මට ඕන.. මං බලාපොරොත්තු උනු ඔක්කොම දිනායා ළඟ තියෙනවා😃😃😃😃😄😄"

"අප්පච්චිලා කැමති නම් මම කැමතියි... අම්මලට බරක් වෙන්න මම කැමති නෑ.. කලිනුත් අම්මලා කියන දේ මම ඇහුවෙ නෑනේ😩😩😫😫"

"අපිට ඔයාව බරක් නෙවෙයි දුවේ.. ඒත් අපි හැමදාම ඉන්න මිනිස්සු නෙවෙයිනේ... අපි නැති කාලෙක දුවව බලාගන්න ආරක්ෂා කරන්න පිරිමියෙක් ඕන.🤔🤔🤔🤔"

"මට නම් පිරිමි ගැන මතක් කරන කොටත් අප්පිරියයි... ඒත් මං කැමතියි ඔයාලා කියන ඕන දේකට😊😊😊"

              ඇගෙ මුවින් එම වදන් කිව්වත් රාහුල් ගැන තවමත් ඒ සිතේ ආදරේ එලෙසින්ම පැවතුණි... දිනක් දිනායා හා ෂෙහාන් මුහුදු වෙරළට ගියේ නිදහසේ කතා කිරීමටය....ඒත්...... දිනායා වටපිට බැලුවේ... ඔවුන් දෙස කවුරු හෝ බලා සිටිනා බව තේරුම් ගිය නිසාය... අදහන්න... මේ ඔහුමය.... ඉස්සර පිළිවෙලට කපා තිබු කොණ්ඩය අද වැවී ගොසිනි.. රැවුල සති දෙකකින් පමණ කපා නොමැති හැඩය... ඔහු ඇදී ගොසිනි... ඇගේ දෙනෙතට කඳුලු ඉනුවේ ඇයටත් රහසිනි.....

"දිනායා..... කොහොමද ඔයාට😄😄😄😄.. මේ ඔයාගේ..🤔🤔"

"මේ මම.......😥😥😥😥😥"

"හලෝ අයිම් ෂෙහාන් අනුරාධ... යු ආ මිස්ටර්......😬😬😬😬😬😬"

"හායි.. අයිම් රාහුල්... දිනායගෙ එක්ස් හස්බන්ඩ්..😊😊😊😊"

"ඕඕ..... ම්ම්ම් ඉතින්... ඔයාලා දෙන්නා කතා කරන්නකෝ.. මම බොන්න මොනවා හරි අරන් එන්නම්.....😄😄😄"

"ඉතිං රාහුල්... ඔයා හොඳින් ඉන්නවද???😊😊😊"

"හ්ම්ම්ම්ම්ම්.... ඔව් 😩😩😩😩"

"ඇයි රාහුල්.... ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද??? මට කියන්න.. පුළුවන් දෙයක් නම් මම උදව් කරන්නම්😊😊😊😊

"අනේ දිනූ... ඔච්චර හොඳ වෙන්න එපා...😭😭😭😭😭 මම පව්කාරයෙක්... මගෙ අහිංසක කෙල්ලට කරපුවට මම දුක් විඳිනවා රත්තරන්😭😭😭😭" කියමින් ඔහු ඇගේ දෙඅත් රැගෙන අඬන්නට වූවේය....

"අඬන්න එපා රාහුල්😩😩😩.. ඔයා අඬනවා මට බලන් ඉන්න බෑ.... මොකද උනේ කියන්න...."

"අර ටානියා කියන බැල්ලි මාව කැවා දිනූ😭😭😭😭"

"ප්ලිස් කියන්න රාහුල්.. මොකක්ද උනේ🤔🤔🤔😩😩"

   (පටලගන්න එපා.... මෙතන ඉඳන් තියෙන්නේ දැනට සති දෙකකට පමණ රාහුලට සිදුවූ දෙයයි... රාහුල්ගෙ වචනෙන් ලියන්නේ...)

"ටානියා..... මට බොන්න වතුර ටිකක් ගේන්න..."

"ඕ... ෂිට්....ඔයා බීලද?? මේක නම් මගෙ කරුමයක්... පුදුම වදයක්නේ... බිව්වනම් ගිහින් නිදා ගන්නවකෝ.. මට වද දෙන් නැතුව... අරක් ගේන්න... මේක ගේන්න... ඕ.. ගෝඩ්😒😒😒😏😏"

"මොක්කද බැල්ලියෝ තෝ දැන් කියන්නේ.. උඹේ කරුමේ නෙවෙයි... මගෙ කරුමේ... අර දිනායා හිටියනම් මට මෙහෙම වෙන්නෑ... තෝ මාව කන්නම ආපු හැතිරියක්.. මගෙ සල්ලි ඔක්කොම කනවා උඹ හැමදාම ප## වේ#...👿👿👿"

"ආ... දැන් ඒකි හොඳයි... යනවකො ඉතිං ඒකි ගාවට ආයෙත්.. මට තමුසෙව ඕනි නෑ ඕයි කොහොමත්😏😏😏"

            ඔහුට සියල්ලම කළකෙරුණි.. ඔහු දිනපතාම පැමිණියේ අසිහියෙනි... ටානියා ඔහුට හොරෙන් අනියම් පෙමක් ගෙන ගොස් ඔහුගේ අතටම අසුවුණු අතර.......

"තොට මාව මදිවෙලාද යකෝ... වෙන මිනිස්සු හොයන් ගියේ👿👿👿.... චටාස්..."

"ඔව්.... ඔව්... මදි තමයි... තමුසෙට මොනවද ඕයි පුළුවන්... නිකන් කට විතරයි..😏😏😏....."

"තෝ නම් මහ අමුම අමු වේ##ක්... පලයන් යන්න මගෙ දෑහට නොපෙනි...👿👿👿"

.................💟💟💟💟💟💟

"තමුසෙ අදත් බිව්වද?? බිව්වනම් පාඩුවෙ ගිහින් නිදාගන්නවා ඇණයක් නොවී😏😏"

"ඇයි උඹට මොකද?? මම බොන්නෙ මගෙ සල්ලි වලන්... කටවහන් පලයන් යන්න.. 👿👿👿👿"

"දිනූ... දිනූ.... මට සමාවෙන්න මගෙ රත්තරන්... ඔයාට මම ආදරෙයි.... " ඔහු අසිහියෙන් කියවයි....... මේ ඇසුනු ටානියා ඔහු අසිහියෙන් සිටියදී ඔහුගේ ඇඟිලි සළකුණ යොදා ගනිමින් ඔහු සතු සියලු දේ ඇගේ නමට හරවා ගනිමින් ඇයගේ නව පෙම්වතා සමග රහසිගත ලෙස රටින් පිටව යන්නට විය.... අන්තිමට............

"මට හැමදේම නැතිවුණා දිනූ😭😭😭😭"

"ඔහොම අඬන්න එපා රාහුල්... හැමදේම වෙන්නෙ හොඳට කියනවනේ.. මොනවා නැති වුනත් ඔයාට ඔයා ඉන්නවනේ😊😊😊"

"මං ඉඳාලා මොනවා කරන්නද දිනූ😥😥😥 මං මේ සති දෙකේ තැනින් තැන යාලුවන්ගෙ ගෙදර හිටියේ... එයාලටත් මාව කරදරයක්... මාව මැරිලවත් යනවා නම්😩😩😩😩😩😩"

"මොනවද රාහුල් ඔයා කියන්නේ😥😥😥😥"

"ඔයා යන්න දිනූ... ෂෙහාන් හොඳ කෙනෙක්... එයා එක්ක අලුතින් ජීවිතේ පටන් ගන්න.. සතුටින් ඉන්න.. ඔයාට වරදින් නෑ...😊😊😊😊"

"හ්ම්ම්ම්.... මම යන්නම්.....

       ඇය ෂෙහාන් සමග මගක් දුරකට පැමිණියාය...

"දිනායා... මට ඇත්තම කියන්න.. ඔයා තාම රාහුල්ට ආදරෙයිද???😃😃😃😃

"මම ඇත්ත කියන්නද බොරු කියන්නද??? බොරුවෙන් ජීවිතේ පටන් ගන්න ඕන නෑ ෂෙහාන්... රාහුල් කියන්නේ මගෙ ජීවිතේ මගෙ හුස්ම... මගෙ හදවත් ගැහෙන්නෙ එයාගෙ නමින්... එයා වැරදි ඇති.. ඒත් එයා මගෙ ආදරේ... හැමදාම ඒක එහෙම තියෙයි...  මට ඔයාට ආදරේ කරන්න බෑ.. ඒත් භාර්‍යාවකගේ වගකීම් මම ඉෂ්ට කරන්නම්........😊😊😊😊"

"මම කැමතියි ඔයා ඇත්ත කියනවට... යන්න.. ඔයාගෙ ආදරේ ළඟට... එයා ඔයා එනකල් බලන් ඉන්නවා😃😃😃😃"

"ෂෙ... ෂෙහාන්.. ඔයා මට කියන්නේ...😩😩😩"

"කවුරුත් කියන දේ කරන්න එපා ඔයාගෙ හදවත කියන දේ විතරක් කරන්න.. ඔයා දැන් මට හා කිව්වත් මම ඔයාව භාර ගන්නවා 😄😄😄"

"මට රාහුල් ඕන...😭😭😭"

"ම්ම්ම්ම්ම්... යන්න ඉතිං... ඔයා දැන් නිදහස්.... 😄😄😄😄"

.....................💟💟💟💟💟💟

"දිනූ..  ඔයා ඇයි ආයෙත් ආවේ... කෝ ෂෙහාන්😱😱😱😱"

"මට එයාව එපා.. මට ඔයාව ඕන මහත්තයෝ.... මම ආදරෙයි තාමත් ඔයාට....😍😍😍😍😍"

"අනේ මගෙ කෙල්ලෙ....මට සමාවෙන්න පණ අපි ආය අලුතින් ජීවිතේ පටන් ගමු.. මට සමාව දෙනවද??..😩😩😩😩"

"ඔව් මගෙ රත්තරන්.... දන්නවද මහත්තයෝ ඔයා...😍😍"

"ම්ම්ම්.. මොකක්ද පණ...????😄😄🤔🤔"

       #නුඹයි මමයි එක අහස යට නම්
       දකින්නේ එකම හඳ තරු නම්..
       දුර කියන්නේ වචනයක් විතරයි
       ආදරේ හැමවිට එතනමයි....

"අම්බෝ.. මගෙ පණ්ඩිත ආච්චි... අපි යමු දැන් හවස් වෙලා.. ඒත් අපි යන්නේ😩😩😩😩"

"ෂ්ෂ්ෂ්.... අපි අපේ ගෙදර යමු.. අද ඉඳම්😍😍😍😍...."

"එසේය.. එසේය.. අග බිසවුනි. ඔබේ අණ පිළිගනිමි.... 😂😂😂😂😂"

"හී.... හී... මෝඩ රජා....😍😘😘😘😘😘😘"
            
💛💛💜💜💜💙💙💙💘💘💟💟🔯🔯

                     ඔන්න කතාව ඉවරයි ළමායි..... සමහරුන් හිතෙන්න පුළුවන් මේක බොළඳ කතාවක් කියලා... ඒත් මේවා ඇත්තටම වෙන දේවල්... ඇත්ත ආදරයක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ.... ඉතින් මම කියන්නෙ මේකෙන් ආදර්ශයක් ගන්න කියලා.. මොකද අද කාලේ සමහර ගෑනු , පිරිමි දෙගොල්ලම තමන් ළඟ තියෙන මැණික් කැටය විසි කරලා නිකන් ඔපයක් නැති ගල් කෑල්ලක් හොයා ගන්නවා... ඉතින් කරදරේ වැටෙන්නෙ නොදැනමයි... ඉතින් මේ වගෙ ඔක්කොම සාමවදෙන අය ඇත්තටම අද අඩුයි.. ඉතිම් මේ වගෙ දේවල් නොකර තමන්ගේ මැණික ආදරයෙන් පරිස්සමින් බලා ගන්න....😍😍😍 කතාවේ අඩුපාඩු, චෝදානා, අදහස් කියන්න.. ඔක්කොටම ස්තූතියි 😘😘😘😘😘😘😘😘😘

writer - Hiruni Roshika -

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment