#කෙටි_කතාව.......💦💦
#චූටි_හාමිනේ..👰💏👰
"අනේ පහන් අයියෙ මේ මැෂිම ටිකක් බලන්නකො නූල් හිරවෙනව"
"ටාගට් එක අඩු වෙනකොට මොනව හරි ලෙඩක් කියනව නේද"
"අනේ මේ....මිස්ට අැහුනොත් අැත්ත කියල හිතයි.....අනික ඔයාලට වැඩක් තියෙන්නෙ මේව කැඩුනොත් විතරනෙ"
"අපෝ ඔව්...මේ ලයින් එකේ ලයිට් එක පත්තු උනොත් තාරැගෙ කියල මම දන්නව"
"අනේ මේ....බොරැ කියන හැටි විතරක්..."
"ඔන්න හරි...මොකෝ ලන්ච් එකට යන්නෙ නැද්ද"
"ඩැමෙජ් වගයක් ලිහන්න තියනව එ්ක හදන්න ඕනෙ"
"මම යනව...නොකා නොබී වැඩ කරපල්ල..මුන්ට තව බිල්ඩිමක් ගහන්න"
පහන් ගියාට පස්සෙ මම අායෙත් මහන්න පටන් ගත්ත අද කෑමට නොයා මහනව කියල හිතාගෙන..මාසෙට දවස් තුන හතරක් කෑම එක ඩස්බින් දානවම තමා...ටාගට් එක අඩු වෙලා බැනුම් අහනවට වඩා නොකා ඉන්න එක ඊට වඩා හොදයි...
මම තරැෂි. ගමක හැදුනු දුප්පත් ගෑණු ලමයෙක්..ගමෙන් කොලඹ අැවිත් බෝඩිමක ඉදන් ගාමන්ට් එකේ වැඩට එන්නෙ...තවත් ගෑණු ලමයි දෙන්නෙක් එක්ක කාමරයක් අරන් ඉන්නෙ....එයාල දෙන්න වෙන තැනක වැඩ කරන්නෙ..
හවස වැඩ ඉවර කරල මම ට්‍රාන්ස්පෝට් බස් එකට නැගල ඉදගත්ත ගමන් පහන් අයිත් අැවිත් එතනින් වාඩි උනා
"මේ මොකෝ අද මෙතන "
"හැමදාම හිටගෙන යන්න බෑනෙ අපිත් අාසයි ඉදගෙන යන්න"
"වෙනදටත් හිටගෙන යන්න කියල නැහැනෙ"
"වෙනදට ඉතින් කෙල්ලන්ට තැන දීල අපි හිටගෙන යනව පව් නිසා"
"එහෙම තමා වෙන්න ඕනෙ කෙල්ලො ඔයාල වගේ නිකන් ඉන්නෙ නැහැනෙ මහන්සි වෙනවනෙ"
"හා..එහෙම හිතමුකො දැනට....එ්ක නෙමෙ අම්මාවරැන්ගෙ දවසට ෆැක්ටියෙන් වැඩසටහනක් ඕගනයිස් කරල..ඔයාලගෙ අම්මටත් එන්න කියන්න"
"අනේ පහන් අයියෙ අපේ අම්ම එයිද දන්නෙ නැහැ දුරයිනෙ"
"කොහොම හරි ගෙන්නන්න ගමට වෙලා දුක්විදින අම්මලට තමයි තාරැ එදාට ඉන්නම ඕනෙ එක දවසක් හරි එයාලව සතුටින් තියන්න පුලුවන්"
"මම අද කියන්නම්..තාත්ත එක්ක එන්න කියල මෙහෙ ඉන්න තැනක් නැහැනෙ..එයාලට රෑම යන්න වෙනව....බෝඩිමෙ ඉඩ නැහැ"
"මෙහෙම කරමු ඉස්සරින්දට එයාලට එන්න කියන්න...මම අපේ ගෙදර එක්කන් ගිහින්..එදාට එක්කන් එන්නම් අපේ අම්මත් එනවනෙ...එදාටත් ඉදලම අනිත් දවසෙ එයාලට යන්න පුලුවන්"
"අනේ...පහන් අයියලෑ ගෙදරින් කැමති වෙයිද"
"අපේ අම්මයි තාත්තයි පන්සලත් එක්කම ජීවත් වෙන්නෙ...එයාල කැමතියි අාගන්තුක සත්කාර වලට"
"අනේ මාත් අාසයි අම්මයි තාත්තයි වැඩපලේ තියන පාටියකට ඉන්නවනම්..."
"හරි ඔයා ගෙදරට කියන්නකො මම අපේ අම්මට කියන්නම්....හැබැයි ඔයාට එන්න වෙන්නෙ නැහැ....දන්නවනෙ....පස්සෙ එ්කටත් කතාවක් හදයි"
"එ්කට කමක් නැහැ පහන් අයියෙ..අම්මලව තියාගන්න එකටම පින්"
"එහෙනම් මම බහිනව"
පහන් අයිය වැඩපල කිට්ටුවමයි ඉන්නෙ...එයා හරි හොද කෙනෙක් හැමෝම වගේ එයා එක්ක හිතවත් මම මෙහෙට අැවිත් දැනට අවුරැදු තුනක් වෙනව. මම වැඩ කරල පොඩි ගානක් එකතු කරන් ඉන්නව..කවද හරි බදින දවසට..මගෙ දෑවද්ද හදා ගන්න ඕන නිසා..ගිම්හාන එයා තමා මම යාළුවෙලා ඉන්නෙ එයාල ටිකක් සල්ලි තියන අය..එයාල සල්ලි කාරයො කියල මම දැනගත්තෙ පස්සෙ..මාත් එක්ක බෝඩිමේ ඉන්න..සයුරි යාළු වෙලා ඉන්න කොල්ලගෙ යාළුවෙක්..එයානම් කියන්නෙ හැම දෙයක්ම හොදින් වෙයි ඉවසමු කියල...මම බස් එකෙන් බැහැල පාරට හැරෙන කොටම ගිම්හාන අැවිත් බයික් එක නතර කරා...
"කොහෙද මේ යන්නෙ"
"කොහෙ යන්නද වස්තුවෙ ඔයාව බලන්න තමයි අාවෙ"
"මොකෝ අද දවසටම කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ"
"අද ගෙදර වැඩකට අහුවුනා හෙල්ලෙන්වත් උනේ නැහැ අම්ම ලගමයි හිටියෙ...නැත්නම් මම කෝල් නොකර ඉන්නවද"
"අපේ අම්මල එනව ලබන සතියෙ...මම ඔයා ගැන කියන්නම් ඔයා එනවද"
"මම කිව්වනෙ තරෑ හදිස්සි වෙන්න එපා කියල...මම ඉස්සෙල්ල අපේ ගෙදරට කියල ඉන්න ඕනෙනෙ.."
"ඔයාලගෙ ගෙදරින් අකමැති උනොත්"
"එහෙම වෙන්නෙ නැහැ....එහෙම උනත් ඔයා බයවෙන්න එපා මම කොහොමත් බදින්නෙ ඔයා "
"එ්ක මම දන්නව ගිම්හාන එ්ත් අපි දුප්පත් නිසා ඔයාලගෙ ගෙදර අය මොනව කියයිද"
"දුප්පත් කමෙන් වැඩක් නැහැ තරෑ...හිත පොහොසත්නම් මට ඕන එච්චරයි"
"අනේ මන්ද ගිම්හාන ගෙදරට බොරැවක් කරනව කියල හිතෙද්දිත් හිතට හරි නැහැ"
"එ්ක නෙමෙ අනිද්ද නිවාඩුනෙ..අපි යමුද පොඩි රවුමක්"
"කොහෙද යන්නෙ සයුරිලත් යනවද"
"එයාලට කියන්න ඕනෙ නැහැ...අැහව්වොත් කියන්න වැඩ කියල"
"බලමු"
"බලන්න දෙයක් නැහැ....මම උදේම මෙතන ඉන්නව ඔයා වැඩට යන වෙලාවට එන්න"
ඉරිද ගිම්හාන අැවිත් හිටිය උදේම බයික් එකේ යන තැනක් මට කියල තිබ්බෙ නැහැ...අපි දෙන්න කඩේකට ගිහින් උදේට කන ගමන් මම අැහැව්වෙ කොහෙද යන්නෙ කියල
"එහෙමයි කියල යන්න තැනක් නැහැ..අපි දෙන්නට කතා කරන්න ඕන නිසයි එන්න කිව්වෙ"
"ඉතින් අපි බීච් එකට යමු "
"මේ උදේම බීච් යන්න පලුවන්ද ලමයො"
"එහෙනම් පිල්ම් එකක් බලන්න යමුකො"
"පිස්සුද දන්න කවුරැ හරි දැක්කොත් ගෙදරට කියයි මම කියල තියනවනෙ තරෑ මමම ගෙදරට කියනකල් දැන ගන්න හොද නැහැ"
"එහෙනම් අපි කොහෙද යන්නෙ "
"මම දන්න යාලුවෙක්ගෙ හොටේල් එකක් තියනව අපි එහෙට යමු කවුරැත් දකින්නෙත් නැහැනෙ...නිදහසෙ කතා කරන්න පුලුවන්"
"අපෝ මට බැහැ...යන්න තැනක් නැත්නම් අපි අායෙ යමු"
"මොකටද වස්තුවෙ බයවෙන්නෙ මම ඔයා බදින්න ඉන්න කෙනානෙ"
"එ් උනාට අපි තාම බැදල නැහැනෙ. ගිම්හාන"
"එ් කියන්නෙ මම මෙච්චර ඔයාට අාදරේ කරද්දිත් ඔයාට මාව විශ්වාස නැහැ එහෙමනෙ"
"අනේ නැහැ මට ඔයාව විශ්වාසයි..එ්ත්.."
"මොනවද එ්ත් කියන්නෙ..විශ්වාසයක් නැතුව අාදරේ කරල වැඩක් තියද තරෑ..."
"අාදරේ නෙමෙනෙ ගිම්හාන එ්වගෙ තැනකට යනඑක"
"හරි හරි යමු යන්න....මම බෝඩිම ලගින් දාන්නම්....."
"අනේ ඉතින් තරහ වෙන්න එපා අපි වෙන කොහෙ හරි යමු"
"විශ්වාසයක් නැතුව කොහෙ ගියත් වැඩක් තියද..තේරැමක් නැහැනෙ...මාව විශ්වාස දවසක කියනව එතකල් මම බලන්නවත් එන්නෙ නැහැ"
"හරි යමු එහෙනම්....දැන්වත්...නපුරැ නැතුව කතා කරන්න"
"ඕක ඉස්සෙල්ම කියන්න තිබ්බනෙ...මම කවදාවත් ඔයාව අතඅරින්නෙ නැහැනෙ"
ගිම්හානගෙ කැමත්තට ඉඩ දීල මමත් යමු කිව්වෙ මම ගිම්හානට හුගක් අාදරේ හින්දයි මම දන්නව ගිම්හාන කවදාවත් මාව අතඅරින්නෙ නැහැ කියල...
.............................. .
වැඩපලේ අම්මාවරැන්ගෙ දවසෙ ලස්සනට තිබුන හුගක් අයගෙ අම්මල එක්කන් අැවිත් තිබුන..එදා එයාලට හුගක් හොදට සැලකුව..අපේ අම්මත් හුගක් සතුටින් හිටියෙ...පහන් අයිය එයාලගෙ ගෙදරදිත් අම්මලට හොදට සලකල තිබුන අම්ම ගෙදර ගිහින් මට කෝල් කරල කිව්ව...ලොකුවට සල්ලි කාරයො නොවුනත් පහන් අයියල හරි හොද මින්ස්සු කියල මට අම්ම කිව්ව..
"චූටි හාමිනේ"
මම එකපාරම හැරිල බැලුවෙ කවුද කියල මොකද චූටි හාමිනේ කියල මට කියන්නෙ මගෙ අම්මයි තාත්තයි විතරයි
"පහන් අයියෙ.......ඔයා කොහොමද දන්නෙ "
"ඔයාලගෙ අම්ම එහෙ හිටපු දවසෙ ඔය නම මැතුරැව වගේනෙ ඔයාගෙ ගැනමයි"
"අනේ..ඔය නම අනිත් අයට කියන්න එපා එයාල මට විහිලු කරයි...."
"අනේ නැහැ තාරැ කාටවත් කියන්නෙ නැහැ....එ්ත් මම හරි අාසයි එ් නමට"
"මාත් අාසයි පහන් අයියෙ...පෝඩි කාලෙ ඉදලම අම්මයි තාත්තයි මට එහෙමනෙ කතා කරන්නෙ"
"එහෙනම් චූටි හාමිනේ මම කැන්ටිමට යනව"
කාලය ගෙවිල ගියා. පහන් අයිය මට හුගක්ම හිතවත් උනා..මගෙ හැම දෙයක්ම මම පහන් අයියට කිව්වෙ..ගිම්හාන ගැනත් කිව්ව.. දවසක් මට ගිම්හාන ගැන නරක අාරංචියක් අාව එයා වෙන කෙල්ලෙක් එක්ක යාළුයි කියල. එදා මම හොදටම කලබල උනා ගිම්හාන මාව බලන්න අාව..
"අැත්ත කියන්න ගිම්හාන කවුද එ් කෙල්ල"
"මොන කෙල්ලද තරෑ...ඔයා කාගෙ හරි බොරැවක් අහල නිකන් කලබල වෙලා"
"මම හැමදෙයක්ම හොයල බැලුව..එ් කෙල්ල වැඩ කරන තැනත් මම හොයා ගත්ත..සැලොන් එකක් කරන කෙල්ලෙක් නේද"
"අා එ් මම අදුරන කෙනෙක් දැක්කාම කතාකරනව"
"මම එයාව හම්බ වෙලාම දැනගන්නම්කො අැත්ත"
"තරෑ නිකන් ප්‍රශ්න අැතිකර ගන්න ඕනෙ නැහැනෙ මම කිව්වනෙ එහෙම දෙයක් නැහැ කියල"
"හරි ඉතින් එහෙම දෙයක් නැත්නම් මොකටද බයවෙන්නෙ.."
"මම මොකටවත් බය නැහැ...එ්ත් තමුසෙ එයාව හම්බ වෙන්න යන්න එපා එච්චරයි"
"නැහැ මම යනව මේකෙ අැත්ත දැනගන්න ඕනෙ මට"
"තරෑ මේ අහපන් උඹට අන්තිම හොදින් කියන්නෙ....ඔව් මම යාළුයි තමයි එ් මම බදින්න ඉන්න කෙනා..හරිනෙ"
"මොකක්ද ගිම්හාන එ් කතාව එතකොට මම කවුද....ඔයාව මගෙන් උදුර ගන්න දෙන්නෙ නැහැ කාටවත්"
"උඹල මොක්කුද බන්...උඹල ගාමන්ට් බඩු උඹව මම තියාගෙන හිටියෙ අාතල් එකට...මේ බලපන්..උඹ වැඩිය දැගලුවොත් මේක හැමෝටම බලන්න ඉන්ටනෙට් දානව"
එතනින් එහාට මට කතා කරගන්නවත් බැරි උනා හැම දෙයක්ම ඉවරයි මගෙ ජීවිතෙත් ඉවරයි..මම බෝඩිමට ගියෙ කොහොමද කියලවත් හිතාගන්න බැරි උනා..එදා මම ගිම්හාන අඩගහපු වෙලාවෙ එයා එක්ක ගියෙ එයාව හුගක් විශ්වාස කරල. එ්ත් එයා හැම දෙයක්ම වීඩියො කරගෙන තියන් ඉන්නෙ..එ්ක කාටවත් දකින්න උනොත් මට ලෝකෙට මූණ දෙන්න බැරිව යනව..එහෙම දෙයක් අාරංචි උනොත් මගෙ තාත්තගෙ පපුව පැලිල මැරෙයි...මට මොනවත් තේරෙන්නෙ නැහැ මට මැරෙන්නත් බැහැ.මගෙ අසරණ අම්මටයි තාත්තටයි ඉන්නෙත් මම විතරයි.
එදින් පස්සෙ මම මහ කරැම ජීවිතයක් ගෙව්වෙ. ගිම්හාන අඩගහන හැම වෙලාවකම මට එයා එක්ක යන්න උනා...මට එයා ගැන පිළිකුලක් තිබ්බත් මම අසරණ වෙලා හිටියෙ....අැත්තම කියනවනම් මගෙ අාත්මගවුරවය රැක ගන්න එ් අාත්මගවුරවයම නැතිකරගන්න උනා..මට මේ ජීවිතේ එපාම උනා...අන්තිමට දවසක් මම හැම දෙයක්ම පහන් අයියට කිව්ව....මට කියන්න වෙන කිසිම කෙනෙක් නැති නිසා...
"පහන් අයියත් මගෙ ගැන වැරදියට හිතුවට කමක් නැහැ.අයියෙ..මට මේක හිතේ හිරකරගෙන ඉන්න බැරි නිසයි ඔයාට කිව්වෙ"
"මට තේරෙනව....මට ඔයාගැන වැරැද්දක් හිතෙන්නෙ නැහැ...මට අර තිරිසනා ගැන කේන්තියක් එන්නෙ"
"අනේ පහන් අයියෙ මාව මේකෙන් බේරල දෙන්න ඔයාට පිංසිද්ද වෙයි...මට මොනව හරි උනොත් මගෙ අසරණ අම්මයි තාත්තයි තනිවෙයි....කවද හරි මට මොනව හරි උනොත් එ් දෙන්නට කියන්න අයියෙ එයාලගෙ චූටි හාමිණේ වැරදි නැහැ කියල"
"පිස්සු කියවන්න එපා තාරැ...ඔයා හෙටම එ් බෝඩිමෙන් අයින් වෙන්න..මම අපේ පැත්තෙන් බෝඩිමක් හොයල දෙන්නම් ඊට පස්සෙ බලමු අපි මොනවද කරන්න පුලුවන් කියල"
"මට නිදහසෙ ඉන්න දෙයිද පහන් අයියෙ ගිම්හාන හරි නපුරැ කෙනෙක්"
"එ්ක බලමුකො එහෙනම් එ්ක උෟට ගිය රට..."
පහන් අයිය මට බෝඩිමක් හොයල දුන්න මම යන තැන කිසිම කෙනෙක්ට කිව්වෙ නැහැ මම කිව්වෙ අස්වෙලා ගෙදර යනව කියල..එ්ත් ගිම්හාන දන්නව මම වැඩ කරන තැන..ගිම්හාන ගැන තිබ්බ කේන්තිය නිසාම මම එන දවසෙ අර සැලොන් එකට ගිහින් එ් කෙල්ලට හැම දෙයක්ම කියල අාවෙ..සමහර විට එ් කෙල්ලවත් රවට්ටනවද දන්නෙ නැහැනෙ එ්කයි..එ්ත් එ්ක මම කරගත්තු මෝඩ වැඩක් කියල මට පස්සෙ තේරැනේ එ්කෙන් වෙන්නෙ ගිම්හාන මගෙත් එක්ක වෛයිර බදින එක
"දැන් හැම දෙයක්ම අමතක කරන්න එ් හැම දෙයක්ම නරක හීනයක් කියල හිතා ගන්න..."
"එ්ත් එ් දේවල් මගෙ හිතට වදදෙනව පහන් අයියෙ...මම හැම වෙලාවකම බයෙන් ජීවත් වෙන්නෙ...අර වීඩියො එක කොයිවෙලාවෙ දායිද කියල හිත පිච්චෙන තරම් මම විතරයි දන්නෙ"
"මම කැමතියි චූටි හාමනේ කසාද බදින්න මොකද කියන්නෙ"
කතාකර කර ඉන්න ගමන් පහන් අයිය එකපාරම එහෙම අැහුවාම මාව ගොළු උනා..මම හීනෙකින්වත් හිතුවෙ නැහැ පහන් අයිය මගෙන් මෙහෙම දෙයක් අහයි කියල
"මොකද බයවෙලා.තාරැ...මම අැත්තටමයි අැහැව්වෙ"
"මට වෙච්ච දේ ඔයා දන්නවනෙ පහන් අයියෙ මම පිරිසිදු කෙල්ලෙක් නෙමෙ මම වගේ පව් කාරියක් ඔයා වගේ කෙනෙකුට ගැලපෙන්නෙ නැහැ පහන් අයියෙ"
"මේ බලන්න ඔයාට වෙච්ච දේවල් කිසිකෙනෙක් දැනගන්න ඕනෙ නැහැ...එ්ක අපිදෙන්නත් අමතක කරල දාමු..මොනදෙයක් උනත් මම ඔයාව අත අරින්නෙ නැහැ සත්තයි චූටි හාමිනේ"
"ඔයාලගෙ අම්මල අැත්ත දැනගත්තොත් මට ශාපකරයි පහන් අයියෙ ඔයාගෙ ජීවිතේට අාව කියල"
"නැහැ කවදාවත් එහෙම වෙන්නෙ නැහැ අපේ අම්ම අාගම ධර්මය අදහන කෙනෙක් එයා දන්නව හරි වැරද්ද තේරැම් ගන්න"
"එ්ත් පහන් අයියෙ කවදම හරි දවසක ඔයා එ් අතීතෙ අැදල ගත්තොත් මම අසරණ වෙයි"
"කවදාවත් නැහැ. මගෙ චූටි හාමිනේට මම පොරොන්දු වෙනව...මම ඔයාට ගොඩක් අාදරෙයි එ් අාදරේ කවදාවත්ම ඔයාගෙ අැස්වලට කදුලක් වැටෙන්න දෙන්නෙ නැහැ"
"මම එච්චරම වාසනාවන්තද පහන් අයියෙ මේ දුප්පත් කෙල්ලව ඔයා අසරණ කරන්නෙ නැහැ නේද"
"නැහැ...කවදාවත්ම නැහැ. මගෙ චූටි හාමිනේ ඉක්මනටම මගෙම කරගන්නව"
මම කවදාවත්ම හිතුවෙ නැහැ..මේ හැම දෙයක්ම දැනගෙන කවුරැත් මට අාදරේ කරයි කියල....අැත්තටම පහන් අයිය කියන්නෙ මනුස්ස පෙනුමකින් ඉන්න දෙවි කෙනෙක්...පහන් අයිය නිසා මම හුගක් සතුටින් හිටියෙ ටිකදවසක් යද්දි දෙපැත්තෙම ගෙවල් වලට කියල අපි බදින්න තීරණය කරා.පහන් අයියලත් ලොකු සල්ලි තියන අය නෙමෙ එ්ත් එ්යාල හැමෝම මනුස්ස කම අතින් හුගක් පෝසත්
ලොකුවට නැතුව..පවුලෙ අයට විතරක් කියල පොඩියට අපේ වෙඩින් එක ගන්න කතා කරගත්ත...ගිම්හාන ගාමන්ට් එක ලගට දවසක් අැවිත් මාව අහල තිබුන...පහන් අයිය කිව්ව මට නතර වෙන්න කියල තව වැඩි දවසක් නැති නිසා මම වැඩපලෙන් අස් වෙලා බෝඩිමේ හිටිය තව සතියයි තියෙන්නෙ ඊට පස්සෙ මම පහන් අයියගෙ එ්ත් මට ගිම්හාන හිතට වද දුන්න....අර වීඩියෝ එක එයා හැමෝටම පේන්න දැම්මොත් එ්කෙන් පහන් අයියත් අසරණ වෙනව...කොච්චර සතුටෙන් ඉන්න හැදුවත් එ්ක මට මතක් වෙද්දි හිත පිච්චිලා යනව.... පහන් අයිය කිව්වෙ එහෙම දෙයක් උනත් බය වෙන්න එපා එ්ක අයින් කරන්න පුලුවන් කියල....
..................................................................
අද මගේ ජීවිතේ ලස්සනම දවස..ලොකුවට වියදම් කරල ලොකු මගුල් ගෙයක් ගන්න බැරි උනාට අද මමත් මනමාලියෙක්.මගෙ අම්මගෙයි තාත්තගෙයි මූණෙ තියන සන්තෝසෙ දැක්කම මට හුගක් සතුටුයි...අැත්තටම පහන් අයිය වගේ කෙනෙක් මගෙ ජීවිතේට හම්බ නොවෙන්න මගෙ ජීවිතේ කොතනින් නතර වෙයිද කියල හිතා ගන්නත් බැහැ..පහන් අයියලගෙ නෑදෑ වෙන කිහිප දෙනෙකුයි අපේ අම්මයි තාත්තයි විතරයි...එ්ත් මට එ්ක ගොඩක් වටිනව තාත්ත මගෙ ලගට අැවිත් මගෙ ඔළුව අතගෑව
"මගේ දුවට හැමදාම සතුටින් ඉන්න පුලුවන්....මගෙ දුවට හම්බ වෙලා තියෙන්නෙ දාහකින් හොයාගන්න බැරි ගුණයහපත් ලමයෙක්"
තාත්ත එහෙම කියන කොට තාත්තගෙ හිතේ තියන සතුට අැස්වලින් හොදට පෙනුන....
"මේ ඉන්නෙ පට්ට බැල්ලි..."
හයියෙන් අපු වාහනයක් එකපාරම ගේ දොරකඩ නවත්තල එහෙම කියාගෙන බැස්සෙ ගිම්හාන..මගෙ අැග පණ නැති වෙලාවගේ ගියා..සද්දෙට ගේ අැතුලෙ හිටපු හැමෝම එලියට අාව පහන් අයියගෙ තාත්ත ඉස්සරහට ගියා
"අැයි මොකක්ද ප්‍රශ්නෙ"
"උඹ පැත්තකට වෙයන් නාකිය අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ මේකිත් එක්ක"
පහන් අයියගෙ තාත්තවත් තල්ලු කරගෙන අපු ගිම්හාන මගෙ කම්මුලට ගැහැව්ව එ් පාරට මගෙ තොලත් පැලුන මම කරකියා ගන්න දෙයක් නැතුව බලන් හිටියෙ
"පට්ට බැල්ලි තෝ මොනාද වේ%$ අමාලිට ගිහින් කියල තියෙන්නෙ...තෝව මම හැම තැනම හෙව්ව අද බලපිය තොට කරන වැඩේ"
"මේ මිස්ට මෙතන කෑ ගහන්න එපා තියන දෙයක් හෙමිහිට කතා කරමු"
"අා.....උඹද මේ ගොන් බඩුව කරගහපු පො%$ය. තෝ දන්නවද මේකිගෙ කැරට්ටුව....අද බලපිය මේකිගෙ විස්තරේ ලෝකෙටම පෙන්නනව"
ගිම්හාන පෝන් එක අතට ගත්තු ගමන් පහන් අයිය පෝන් එක උදුරගෙන පයින් ගහපු පාරට ගිම්හාන අැදගෙන වැටුන කේන්තියෙන් නැගිට්ට ගිම්හාන.එයත් එක්ක අපු අය ලග තිබුනු පිහියකුත් අරන් මගෙ ලගට දුවගෙන අාව පහන් අයිය ගිම්හාන එක්ක පොරබදල පිහිය අරගෙන එකපාරම හත් අටපාරක් විතර ගිම්හානට අැනගෙන අැනගෙන ගියා..එයත් එක්ක අාපු අය දිව්ව ගිම්හාන ලේ පෙරාගෙන එතන අැදගෙන වැටුන.....මට හැමදෙයක්ම කලුවර වෙලා යනව වගේ පෙනුන...මම අැස් දෙක අරිද්දි පහන් අයිය මගෙ දිහෑ බලාගෙන හිටිය අතේ තිබුන පිහිය බිමට දාල අත්දෙකෙන්ම මගෙ මූණ අැල්ලුව
"මගෙ චූටි හාමිනේ අදින් පස්සෙ කිසිම දේකට බයවෙන්න එපා.....අායෙ කිසිම කෙනෙක් එන්නෙ නැහැ ඔයාව රිදවන්න"
"මේ මොනාද පහන් අයියෙ ඔයා කරගත්තෙ....මම කිව්ව ඔයාට..මම හින්ද ඔයාගෙ ජීවිතේ විනාස කරගත්ත නේද... මාව මරල දාන්න දුන්නෙ නැත්තෙ අැයි දෙයියො"
"ඔයා මගෙ...මම ඔයාට පොරොන්දු උනා ඔයාට කවදාවත් කරදරයක් වෙන්න දෙන්නෙ නැහැ කියල...මම ඔයාට ගොඩක් අාදරෙයි මගෙ චූටි හාමිනේ...ඔයාගෙ සතුට වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැහැ"
පොලිස් ජීප් එක පාර ලග නතර කරද්දි මගෙ පපුව හිරඋනා මම පහන් අයියව බදාගත්ත.....තාත්ත බිම වැටිල තිබුන පිහිය අතට අරගත්ත
"කෝ කට්ටිය එහාට වෙන්න මෙතන මොකද උනේ"
"සර්......මම මේ ලමයව මැරැවෙ......මෙයා මගෙ දුවට ගහැව්ව..මට අාපු කේනතියට මම පිහියෙන් අැන්න"
පොලීසියෙ අය තාත්තට මාංචු දාල අරගෙන යද්දි අන්තිම පාරට මගෙ දිහෑ හැරිල බැලුවඑ එ් අැස් වල ලොකු අාඩම්බර කමක් පිරිල තිබුන...මට මගේ ජීවිතේ දීල තාත්ත ගිහින් ජීප් එකේ වාඩි උනා.....
(නිමි)
#සංසාරා෴
උපුට ගැනීමකි
No comments:
Post a Comment