ඔහුගේ රාගී පෙම

--ඔහුගේ රාගී පෙම--
(කෙටි කතාව)

ඒ..අප්පටසිරී...කවුද බං මේ...කෝමද ඒක.

ඒක පට්ට බං.

ලසියා ක්ලාස් එක මැද්දෙන් යන සුන්දර යුවතිය දෙස බලාගෙන හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන.

ඒ ඒක මගේ ඈ..

කේවින් ලසිත්ගෙ ඇස් වහලා එහෙම කියලා ක්ලාස් එක ඉවර වෙනකන්ම බලන් හිටියෙ ඒ සුන්දර යුවතිය දිහා.

හංසිකා අ.පො.ස උ පෙළ හදාරලා රිලාස්ට්ස් එනකන් ඉංග්‍රීසි කෝස් එ⁣කක් කරන්න යන්න හැදුවත් හංසි ක්ලාස් එකට ආවෙ පටන් අරන් සති දෙකකට පස්සෙ .

හංසි සාමාන්‍ය පවුලක හොඳට හැඩී වැඩුනු සුන්දර යුවතියක්.

කේවින් පොහොසත් පවුලක හැදුනු දඟකාර කොල්ලෙක්.කොච්චර යාළුවො හිටියත් ⁣ලසිත් ,අනුහස් දෙන්නා තමයි කොල්ලගෙ හොඳම යාළුවො දෙන්නා වුනෙ.තුන් දෙනාගෙන්ම හැන්ඩියා වුනේ නම් ලසියා.කේවින් දෙවනි පාර ඒ ලෙවල් කරලා ක්ලාස් එකට ආවෙ අම්මාගෙ පෙරත්ත කිරීමට .ඒත් ඉතිං ක්ලාස් එකට ඇවිත් තුන් දෙනා එක්ක නම් කරපු වැඩක් නෑ.ක්ලාස් එන්නෙත් මාසෙට එක පාරක් වගේ.

ඒ මේ ටිකක් ඉමු බං මෙතන අරකි එනකන්.

කවුද බං.

ඇයි උබලා අද කෙලපෙරන් හිටපු මගේ කෑල්ල.

කේවින් කිවුවෙ ලසියට ඇහැක් ගහලා.

ඇයි උබේ ඉන්න කෑලි දෙක තුනට මොකක්ද කරන්නෙ එතකොට.

උන් වගේද බං මේක..උන්ව ඕනෙනම් උබලා දෙන්නා ගනින්.

ඒ මූ බලහංකො බං.උබ සූප්පු කරපු මස් කටු අපි කයි කියලා හිතුවද.

අනුහස් කිවුවෙ ලසිත්ගෙ කරට අතදාගන්න ගමන්.

ඒ ඔන්න එනවා..

කරට ෆ්‍රිල් එකක් දාලා ⁣දනහිසගාවට කොට ගවුමක් ඇදලා හිටපු කෙල්ලගෙන් පෙනුනෙ හුරතල් පාටක්.

අම්මෝ...මේ තරම් ලස්සනක් 😉😉😉

කේවින් කියපු කතාවට කෙල්ලො තුන් දෙනාම කටවල් තදකරන් හිනා වෙලා එතනින් ගියා.

ඒ බලපන් බං ඒකිගෙ ලස්සන.මට ඒකිව ඕනා බං.කොහොම හරි ඕනා.මට හෙල්ප් කරපන් උබලා දෙන්නා.දෙනවා ආයෙ සුප්පා පාටියක්.

යමං යමං පස්සෙන් ගිහින් බලමු උන් කොහෙටද යන්නෙ කියලා.

කොල්ලො තුන් දෙනා පාරට යනකොටම කෙල්ලො තුන් දෙනා බස් එකකට අතදාලා නැගලා ගියා.

ඒ අන්න බං අරුන් තුන් දෙනා බස් එකට නැග්ගනෙ.

හුටා ඉදහං මං කාර් එක අරන් එන්නම් බලමු පොඩ්ඩක් ෆලෝ කරලා.

තුන් දෙනා බස් එක ෆලෝ කරලා ගිහින් කෙල්ල බහින තැනට වෙලා තුන් දෙනා එක්ක බලන් හිටියා.

හංසි ගියේ පාර අයිනෙම තිබුන ගෙදරකට.

******
කේවින් බලන් හිටියෙ ක්ලාස් යන්න ඊළඟ සතිය වෙනකන්.ඒ අතරතුර හංසිගෙ ගේ ළඟට ඇවිත් දෙතුන් වතාවක් බලන් හිටියත් ⁣හංසිව කේවින් දැක්කෙ නෑ.

ඊළඟ සතියෙ කේවින් කොහොම හරි හංසිව කතාවට අල්ලගත්තා.

මාස හතරක්ම ට්‍රයි කරලයි කේවින් කෙල්ලගෙන් කැමැත්ත ගත්තෙ. හංසිගෙ පළමු පෙමයි කේවින්.

බබා.

ම්..

අපි හෙට ක්ලාස් නොයා යමුකො කොහේ හරි.

අනේ අයියා.මට බයයි.

බය වෙන්නෙ මොකටද මැට්ටි මාත් එක්කනෙ යන්නෙ.අපි බීච් එක පැත්තෙ ගිහින් එමු.

දෙන්නා පලවෙනි දවසෙ ක්ලාස් කට් කරලා ගියෙ බීච් එකට.
කේවින් බීච් එක අයිනෙන් කාර් එක නතර ක⁣රලා කෙල්ල දිහා බලන් හිටියෙ ඇස් දෙකත් පුංචි කරන්.

යමු ඉතිං..

යමු යමු ටිකක් ඉන්නකෝ බබී.

කේවින් එහෙම කියනගමන් බර වුනෙ හංසිගෙ දෙතොල් වලට.

කෙල්ලත් මේ නුහුරු අත්දැකීමට මුහුන දුන්නෙ කැමැත්තෙන්.

ම්..යමු .බ්ලවුස් එක හදාගන්න.

******

හංසි බබෝ කොහොමද අද දවස.

අද ආදරේ වැඩි වුනා වගේ අයියා.මට ගොඩක් සතුටුයි.අපි ආයිත් යමු.මම ගොඩක්ම ආස ඔයා එක්ක රැල්ල පාගන්න.

හ්ම්...ලබන සතියෙත් යමු එහෙනම්..

****සතියකට පසු***

කොල්ලා බීච් එක පැත්තෙන් ඇවිත් කාර් එක නතර කරේ කලින් දවසේ නවත්තපු තැනින් නෙවෙයි.

යමු.

ම්..

මේ කොහෙද යන්නෙ.

කේවින් කෙල්ලගෙ කරට අතදාන් එක්කන් ආවෙ බීච් එක අයිනෙ තියෙන ලැඟුම්හලකට.

Rooms➡️

ඒ බෝර්ඩ් එක දැක්කම කෙල්ල හොදටම බය වුනා.

අනේ මට බෑ අයියෙ අපි යමු .

මේ දගලන්න එපා මැට්ටි.කට්ටිය හිතයි මම ඔයාව බලෙන් අරන් යනවා කියලා.

අනේ ම⁣ට මේක කරන්න බෑ අයියෙ.😢

මුකුත් කරන්නෑ ඉතිං තුරුල් වෙලා විතරයි ඉන්නෙ.බීච් එකේ ඉදලා කවුරු හරි දැක්කොත් මැට්ටි.

කේවින් කොහොම හරි හංසිව චාටු කරන් කාමරේ ඇතුළට ආවෙ කෙල්ලගෙ කරට අත දාගෙන.

හංසි කාමරේට ඇවිත් ඇඳ උඩින් වාඩි වෙලා හිටියෙ බයෙන්.

කේවින් ඇඳන් හිටපු ෂර්ට් එකත් ගලවලා හංසි ළඟට එනකොට හංසි තවත් ටිකක් බය වුනා.

කෝ මොකද මේ මූණ හංගගෙන.බලන්නකො මේ පැත්ත

බෑ අයියෙ අපි යමු මෙහෙන්.

ඔයා මට ආදරේ නෑ හංසි.

මම ඔයාට ආදරෙයි අයියෙ.

නෑ නෑ.ඔයාට මට තුරුල් වෙලා ඉන්නවත් බැරිනම් මොකක්ද ආදරේ කියන්නෙ.

හරි හරි ඉතිං.තුරුල් වෙමු.

හංසි එහෙම කියලා කේවින්ව බදාගත්තා.

නුහුර අත්දැකීම් ගොඩක් කෙල්ලට කේවින්ගෙන් ලැබෙද්දි හංසිටත් හැඟීම් වලට වහල් වෙන්න සිද්ද වුනා.

පැය දෙකක් විතර කේවින් කෙල්ලගෙ උණුසුම ලබලා හංසිගෙන් ඈත් වුනෙ කෙල්ලගෙ හැම දෙයක්ම උදුරගෙන.

හංසි විසිරී ගිය ඇඳුම් එකිනෙක අරන් අැඟලා ගත්තෙ අඬන ගමන්.

ඇයි මේ අඬන්නෙ හංසි.ඔයාට මාව අවිශ්වාසද?

ඔයා මාව අමතක කරනවද කේවින්.

ඔයාට පිස්සුද මැට්ටි.කෝ ඉක්මනට ඇඳගන්න අපි යමු.

කේවින් කාමරෙන් එළියට ආවෙ කෙල්ලගෙ කරට අතදාගෙන හාදුවකුත් දෙනගමන්.

හංසි එදා ඉදන් ගෙදර හැසිරුනෙ වෙනස්ම විදියට.හරියට කෑමක් බීමක් ගත්තෙ නෑ.කා එක්කවත් වැඩිය කතා බහක් නෑ.

*******
මං ඊයෙ ගියා බං හංසි එක්ක.පට්ට බං ඒකි.

කොල්ලා මහලොකු හපන්කමක් කරා වගේ  කියනකොට ලසිතුයි අනුහසුයි අහගෙන හිටියා.

පවු බං ඒකි අමතක කරන්න එපා උබ.

පිස්සුද බං උබලට අපේ ගෙදරින් මට ඒකිව බදින්න දෙයිද?

එහෙනම් ඇයි බං එහෙම කරේ.

ඒක මගේ ආතල් එක මචං.😁😁😁😁

*******
දැන් දෙන්නාගෙ සම්බන්දෙට අවුරුදු දෙකක්.

ඒ අවුරුදු දෙකටම කෙල්ලට වුනේ කේවින්ගෙ රූකඩයන් වගේ එයාගෙ ආශාවන් ඉෂ්ඨ කරන්න විතරයි.

හෙලෝ හංසි.
මම එනවා දැන් ඔයාව ගන්න

අනේ ප්ලීස් මට බෑ අයියෙ මට බෑ.

බෑ කියලා කොහොමද මම අද හාෆ් ඩේ දාලා ආවේ.

මට බෑ කිවුවනෙ අයියෙ.වෙන කොහේ හරි යමු.

බෑ.වෙනදා යන තැනටමයි මට යන්න ඕනෙ.ඇයි තමුසෙට දැන් වෙන එකෙක් සෙට් වෙලාද යන්න .

කේවින්ගෙ කටේ හැමදාම තියෙන්නෙ ඔය වගේ කතා නිසා දැන් ⁣හංසිට ඒවා ඇහුවට පිළිකුලක් මිසක් දුකක් ඇති වුනෙ නෑ.

අර ෆොටෝ ටික උබ මට කියලා ලෝකෙටම පෙන්නගන්නැතුව වරෙන් හංසි.මම දැන් එනවා.

හංසිගෙ නිරුවත් ෆොටෝ වගයක් තියාගෙනයි කේවින් හංසිව හැමදාම බයකරගත්තෙ.

හංසිත් කරපු මෝඩ කම් වලට විදවනවා කියලා හිත හදාගෙන ලෑස්ති වෙලා පාරට ආවා

අනේ අද මට බෑ අයියෙ යන්න.

ඇයි මොකෝ තමුසෙට අද ලෙඩක්වත්ද?

කොල්ලා එහෙම ඇහුවම හංසි කොල්ලා දිහා බැලුවෙ දුකත් අප්පිරියාවත් පිරුණු බැල්මක්.

දැන් මට තමුසෙව එපා වෙලා ඕයි තියෙන්නෙ.උබ අර බෙහෙත් එහෙම බොනවානෙ වෙලාවට.මටනම් බෑ බඩවල් උස්සන් ආවාම බාරගන්න .කාගෙ ළමයිද දන්නෑනෙ.

කේවින් එහෙම කියනකොට හංසිගෙ හි⁣තේ ඇතිවුනෙ කියාගන්න බැරි තරම් දුකක්.කෙල්ල ආදරේ කරපු එකම කොල්ලා කේවින් විතරයි.

ඇයි අයියෙ ඔයා ම⁣ට මෙහෙම කරන්නෙ .මම ඔයාට කොච්චර ආදරේ කරනවද?😢

අනෙ උබේ බම්බුවේ ආදරේ.

කොල්ලා සුපුරුදු ලැගුම් හලට ඇවිත් කෙල්ල එක්ක කාමරේ ඇතුළට ආවා.

ඔහොම ඉන්නවා.

පැයක් විතර කේවින්ට ඕන කරන දේවල් හංසිගෙන් ලබාගෙන  කෙල්ලගෙන් මෑත් වෙලා කාමරෙන් එළියට ආවෙ කෙල්ල දිහාවත් නොබලා.

හංසි ඇඳ උඩ තිබුන ටවල් එක අරන් ඇඟවටේ ඔතාගෙන කරේ හැමදාමත් වගේ අඬපු එක.

මට මෙහෙම වෙන්න තරම් මම මොකක්ද කරලා තියෙන පව.😢😢😢😢

⁣කේවින් එළියට එනකොට අනුහසුයි,ලසියයි එතනට ඇවිත් බයික් එකෙන් බැස්සා.

ඇයි උබ දැන් අපිට මෙතනට එන්න කිවුවෙ.

අන්න පලයන් ඇතුලට.

කේවින් කිවුවෙ ෂර්ට් එකේ අත් දෙක උඩට උස්නන ගමන්.

ඕනෙනම් දෙන්නම එකට පලයන්.උබලාත් ඒකිව දැකපු මුල්ම දවසෙ කෙල පෙරාගෙනනෙ හිටියෙ.ස්පෙෂර්ලි ලසියා.😂😂😂

කේවින් කිවුවෙ හරිම සැහැල්ලුවෙන්.

මූ බලහන්කො බං.උබ හිතුවද උබේ පව්කාර වැඩ වලට අපිවත් හවුල් කරගන්න.යමං බන් යන්න.

කොල්ලො දෙන්නා එතනින් ආවෙ කේවින් දිහා ⁣කේන්තියෙන් වගේ බලලා.

කේවින් ⁣හංසිව ගේ ගාවින් දාලා කෙල්ල දිහා නොබලම යන්න ගියා.

හංසි කඳුළු පිරුණු දෑසින් බලන් හිටියෙ කේවින්ගෙ කාර් එක නොපෙනී යනකන්.

කේවින් මොනවා කරත් හංසිගෙ හිතේ කේවින් ගැන ලොකු ආදරයක තිබුනා.

සති දෙක තුනක් යනකන්ම කේවින් හංසිට කෝල් කරේ නෑ.හංසි කෝල් ගත්තත් කොල්ලා ෆෝන් එක ආන්සර් කරේ නෑ.

හංසි උදේම නැගිට්ටත් කෙල්ලගෙ ඇඟට දැනුනෙ පනනැති ගතියක්.

කෙල්ල කාමරේ ජනේලෙ ලඟට ඇවිත් ජනේලෙ අරිනකොටයි ඔක්කාරෙට වගේ ආවෙ.

එළියට දුවන් ගිහින් වමනෙ කරනකොට කෙල්ලගෙ අම්මත් ළඟට දුවන් ආවෙ බයෙන්.

කෙල්ල අම්මටත් නොකියා යාළුවත් එක්ක ⁣ඩොක්ටර් කෙනෙක් ළඟට ගියාමයි දැනගත්තෙ තමන් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා.

මම මොකක්ද බං දැන් කරන්නෙ .

කේවින්ව ඉක්මනට හම්බවෙලා මේ දේ ගැන කියලා ඉක්මනට මැරි කරපන් බං.

යාළුවා එහෙම කිවුවම කෙල්ලගෙ හිතට දැනුනෙ සැනසීමක් .

ඒත් පහුවදා ඉදන් කොච්චර කෝල කොල්ලාට ගත්තත් කොල්ලගෙ ෆෝන් එක වැඩ කරේ නෑ.

ඊට පස්සෙයි ⁣හංසි හිතාගත්තෙ කේවින්ව හොයාගෙන ගෙදරටම යන්න.

කෙල්ල පහුවදා උදේම කොල්ලගෙ ගෙදර හොයාගෙන යනකොටයි එතනින් ගියපු කාර් එකක් කෙල්ල ළඟින් නතර කරේ.

ආහ් හංසි කොහෙද මෙහේ.
කාර් එකේ හිටියෙ ලසිත්.

මං මේ ආවා අයියෙ කේවින් අයියාගෙ ගෙදරට.මෙයාගෙ ෆෝන් එක වැඩ නෑනෙ.

නංඟි නගින්නකො.
කෙල්ල දෙපාරක් නොසිතම කාර් එකට නැග්ගෙ ලසිත් කේවින් වගේ නරක කෙනෙක් නෙවෙයි කියලා දන්න නිසා.

අයියා මට ගේ පෙන්නනවාද?

නංඟි මං ඒකනම් කරන්නම්.ඒත් වැඩක් වෙන්නෙ නෑ දැන්.

ඇ.ඇයි අයියෙ ඒ.

කෙල්ල ඇහුවෙ කලබලෙන්.

මං කියන දේ අහලා කලබල වෙන්න එපා නංගි.ඒත් කේවියා කිවුවා ඔයා එක්ක මේ ප්‍රශ්නෙ විසදගත්තා කියලා.ඒකයි අපිත් මේකට මැදිහත් වුනේ නැත්තේ.

අනේ කියන්නකො අයියෙ මාව බය නොකර.

කේවියා මැරි කරලා ඊයෙ ඉන්ග්ලන්ඩ් ගියා නංඟි.

හංසිට ඒ වචන ටික ඇහුනම ක්ලාන්තෙට වගේ ආවා.

නංඟි..

අනේ ඇස් අරින්න.

එයා දැන් ගිහින් ඉවරයි නංඟි.

මාව ටවුන් එකෙන් දාන්න අයියෙ.

කෙල්ල කිවුවෙ මැලවුනු හඬින්.

ඔහොම නවත්තන්න.

කෙල්ල බැස්සෙ බීච් එක අයිනෙන්.

කෙල්ල ඇවිදින මලමිනියක් වගෙයි වෙරළට ගියේ.

රැළි අතරින් නොපෙනී ගිය හංසි කරදිය යට සැඟවුනා.

***************
කේවින්ගෙ වයිෆ්ට බබා ලැබෙන්න තිබුනෙ තව මාස දෙකයි.

කේවින් වයිෆ්ගෙ වැඩ කරේ ගොඩක් සතුටින්.ඇයව ⁣නිතරම සතුටින් තිබ්බා.

⁣කේවින් දවස් දෙකකට පස්සෙ වයිෆ්ව හොස්පිට්ල් අරන් ගියෙ තරප්පු පේළියෙන් පෙරලිලා කෙල්ලව වැටුන වෙලාවෙයි.

කේවින් හිටියෙ ගොඩක් ලොකු බයකින්.

විනාඩි විස්සකට විතර පස්සෙ ඩොක්ටර් එළියට එනකන් ඉදලා කොල්ලා ඩොක්ටර් ළඟට දිවුවෙ කලබලෙන්.

සොරි මිස්ට කේවින්.

ඩොක්ටර් කිවුවෙ එච්චරයි.කේවින් තම බිරිඳගෙ නිසල දේහය බඳන් හැඬුවෙ ලොකු වේදනාවකින්.

කොල්ලා ලංකාවට අාවෙ සියලු බලාපොරොත්තු බිඳවැටුනු විදියටයි.බිරිඳ එක්ක එකට ගිහින් තම කිරිකැටියත් එක්කම ලංකාවට එන්න හිටපු කේවින්ට එන්න වුනෙ තනිවමයි.

කොල්ලා ඇවිත් දවස් දෙකකට පස්සෙයි කාමරේ තිබිලා ලංකාවෙන් යන්න කලින් යූස් කරපු ෆෝන් එක කොල්ලට හම්බුනේ .

ඇඳ උඩින් වාඩි වෙලා ෆෝන් එකත් චාර්ජ් කරන් ඔන් කරේ කරන්න වෙන දෙයක් නොතිබුන නිසයි නිතරම දැනුන තනිකම නිසයි.

කොල්ලා ෆෝන් එකේ ෆොටෝස් බලනකොටයි දැක්කෙ හංසිව බයකරන්න තියන් හිටපු ඇයගෙ නිරුවත් පින්තූර.

අනේහ්..හංසි..

ඒ තරම් කාලෙකට පස්සෙ කේවින්ට හංසිව මතක් වුන පළමු අවස්ථාව ඒකයි.

කේවින් ඉක්මනට ඇඳෙන් නැගිටලා ගියෙ අනුහස්ව හොයාගෙන.

අනුහසුත් ඒ වෙද්දි මැරි කරලයි තිබුනෙ.
අනුහස්ටත් කේවින්ව දැකලා ඇති වුනෙ ලොකු පුදුමයක්.ඒ වගේම කේවින්ගෙ බිරිඳත් දරුවත් මෙලොව හැර ගියපු එකටත් අනුහස් දුක් වුනා.

මචං හංසිව හම්බුනේ නැද්ද උබට ඊට පස්සෙ.

ඒ මොකටද දැන් ඒකිව අහන්නෙ බං.

මං ඒ කෙල්ලට කරපු දේවල් තමයි බං මේ මට පඩිසන් දීලා තියෙන්නෙ.මට ඒකිගෙන් සමාවගන්න ඕනා බං.

හරි යමං.වරෙන් යන්න.

අනුහස් එක්ක කේවින් ආවෙ ලොකු ගේට් එකක් දාපු ගෙයක් ගාවට.

මේ කාගෙද බං මේ ගෙ.

හංසිගෙ.

වට්..

අර බලපන්.

අනුහස් අතදික් කරේ ඒ සුවිසල් මන්දිරයෙ බැල්කනි එකට.

ලසියා..😱😱😱😱
මචං මේ මං දකින්නෙ හීනයක්ද.

බැල්කනි එකේ පුංචි දරුවත් එක්ක සෙල්ලම් කර කර හිටපු ලසිත්වත් හංසිවත් දැක්කම කේවින්ගෙ ඇස් උඩ ගියා.

උබ එදා ඒකිව දාලා ගියාම ඒකි ආවා බං.එ් ආවෙ මාස දෙකක් වුන උබේ දරුවා හිටපු බඩත් එක්ක.

😱😱😱

ඒකි මුහුදෙ ගිලෙනකොට ඒකිව බේරගත්තෙ අපේ ලසියා බං.විස්තරේ සේරම ඒකි නොකිවුවත් ඒකිගෙ යාළුවා කියලා තිබුනා බං ලසියා එක්ක.ඒකි අකමැති වුනත් ලසියා ඒකිව මැරි කරා බං.ඒකිව මැරි රාට පස්සෙ තමයි බං ඌට මේ තරම් හරි ගියේ.ඒකිට උබ දැකපු දවසෙ ඉදන් බොරුවට ආදරේ කරාට ඌ හිතින් ඒකිට සිරා ලව් කරලා බං.

ඒ කියන්නෙ මේ මගේ ලේද බං.

හ්ම්..

මම යනවා බං මට මගේ දරුවා ඕනෙ.

උන් දෙන්නා දැන් ගොඩක් සතුටින් ඉන්නෙ කේවින්.උබ ඒකත් නැති කරලා උබට උපදින්න ආත්මයක්වත් නැති කරගන්න එපා.කරපු පවු ඇති බං .උන්ට දැන් සතුටින් ඉන්න දීපන්.හංසිට දැන් තව බබෙක් ලැබෙන්න ඉන්නෙ.උබේ වයිෆ්ට වෙච්ච⁣ දේ මේ කෙල්ලට කරන්න හදන්න එපා.

හංසි ලසිත්ගෙ අතින් අල්ලගෙන ,දෙහැවිරිදි තම දියණියවත් වඩාගෙන ගේ ඇතුළට යනවා කේවින් බලන් හිටියෙ දුකෙන්.

අපි යමු අනුහස්.😢

කේවින් කඳුළු පිරි දෑසින් කිවුවේ එපමනයි.

--නිමි--
 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment