වැලන්ටයින් තෑග්ග

🐙🐙🐙වැලන්ටයින් තෑග්ග🐙🐙🐙

යමං යමං ක්ලාස් එකට පරක්කු වෙනවා බං.. අපෝ උබ හැමදාම ලේට්.. පස්ස පැත්තට එළිය වැටෙනකන් නිදි...  

අම්මෝ අදත් උදේ පාන්දරම ටින් බෙලෙක්කේ සද්දේ දාන්න පටන් ගත්තා.. ඒ දිනුමි.. නිකම් දිනුමි නෙමේ මගේ පණ.. පොඩි කාලේ ඉදන්ම මගේ හොඳම යාළුවා.. අාහ් මගේ නම කියන්න අමතක උනානේ.. මං තිවංකි.. මගේ අම්මි කැටේගෙයි තාත්ති කැටේගෙයි එකම දඟමල්ල.. අපි මේ යන්නේ කම්පියුටර් ක්ලාස්..  අම්මියි තාත්තියි කැමති නෑ කැම්පස් යනවට.. කැම්පස් සිලෙක්ටි වුනත් අපිට ඇති තරම් සල්ලි තියෙන නිසා තව ඉඟෙන ගන්න ඕන නෑලු.. අපි ක්ලාස් එකේ ඉන්ටර්වල් එකට කෑම කන්න  ආවා.. දැක්ක රූපෙන් ඇස් අහකට ගන්න හිතුනෙම නෑ.. පලවෙනි වතාවට හිතක් ලඟ නතර වුනේ... හීනි දුඹුරු ඇස් වශී කරන පෙනුමෙන් ඇස් අහකට ගන්න හිතුනෙම නෑ..

මොකෝ බං උබ කනවද අත ගානවද? වෙනදා නම් විනාඩියට දෙකට කන උබ අද තාම අත ගානවා..

න්නෑ මුකුත් නෑ දිනූ..

නැති වෙන්න බෑ... ආහ් හා හොරේ තේරුනා.. අර හැන්ඩ්සම් කොල්ලා දිහා නේද බලං ඉන්නේ...

ඇත්තම කියන්නම්.. මට මෙච්චර කල් කාටත්ම හිත ගිහින් නෑනේ බං.. අනේ මන්දා ඒ හිත ලඟ මං අතරමං වුනා බං...

මං ගිහින් කියන්නද..

එපා පිස්සුද දිනූ... එයා මං ගැන වැරදියට හිතයි...

අපි එහෙනම් ටික දවසක් බලමුකෝ..

මචං බලපන්කෝ අර කෙල්ල.. බෝනික්කි පැටියෙක් වගේ....

මොකෝ හිතවත් ගිහින්ද ඒකිට...

උබ දන්නවානේ බං ඉෂාරාගෙන් පස්සේ මේ අවුරුදු 5ට මං කාගැනවත් හිතුවේ නෑනේ... ඒකි දැක්කම ඒකි මගේ විතරයි කියලා මට දැනෙන්නේ බං.. මට එයාව ඕනා බං මට උදවු කරපන්...

ඕන දේකට මං උබත් එක්ක ඉන්නවා.. ඒත් ආයේ අරකි හින්දා නොමැරි මැරුනා වගේ ආයේ එහෙම වෙන්න බෑ.. එහෙම උනොත් මං නරකයි කියන්න එපා... 

හරි බං... අනේ යන්කෝ එතනට මං එක්ක..

හා යමු..

තිවංකියෝ අන්න අරුන් මේ පැත්තට එනවා..

අනේ මට බයයි දිනු ඇයි දන්නෑ එයාලා මෙහෙට එන්නේ..

බය නොවී බලමුකෝ වෙන දේ...

කොල්ලාගේ යාළුවා සංඛ කොල්ලා ධනුජ... නංගි මගේ යාළුවා ධනුජට ඔයාත් එක්ක කතා කරන්න ඕනාලු.. සංඛ තිවංකිට පැවසුවා...

එ එ ඒ මොනාද කියන්න තියෙන්නේ.. තිවංකිට වචන පැටලිනි..

නංගි මං ඔයාව දැක්කේ අද ඒත් ඒත් ඔයාව මං ආත්ම ගානක ඉඳන් දන්නවා වගෙයි මට දැනුනේ... මං ඔයාට ආදරෙයි...

හම්මේ කෙල්ලට දැනුන සතුට තව මොකට බලං ඉන්නද මං දැන්ම හා කියනවා..

මමත් කැමති අයියේ..

ධනූ අයියේ අපේ එකිත් දැක්ක වෙලේ ඉඳන් ඔයා ගැනමයි කිය කිය උන්නේ...

එතැන් පටන් ඔවුන්ගේ ආදරය ලස්සනට ගලා ගියා... අවුරුද්දක් පමණ ගත වුනා..

ධනූ තිවංකිට දුරකතන ඇමතුමක් ගත්තා..

හෙලේ උම්මා කැටේ කියන්න.. මගේ සුදු අයියා බබාට මාව මතක් වෙනවාද හැම වෙලේම...

ඔවු මගේ හා පැටියෝ.. මට ඔයාව හෙට හම්බ වෙන්න ඕනා..

හා ගෙදෙරට බොරුවක් කියලා පැනගන්නම් මං...

හා මගේ හා පැයියෝ... උම්මා....

ඊලඟ දින හැමදාම හම්බවෙන පාර්ක් එකේදී ඔවුන් හමුවිය..

මගේ සුදු අයියේ ඔයා මගේමයි නේද?

ඔවු මගේ රන් පැටික්කියෝ.. මං මගේ උම්මා කැටේගේ විතරමයි...

අනේ අයියේ අපි මේ ගැන ගෙදරට කියමුකෝ.. මට හෙට ගෙදරට කියනවා මගේ අයියේ...

එපා මැනික තව ටිකක් ඉවසන්නකෝ...

අනේ බෑ බෑ ඔයත් හෙටම කියන්න මමත් කියනවා...

අනේ මුරන්ඩු වෙන්න එපා.. ටිකක් ඉවසන්නකෝ කිවුවම.. එවර නම් ධනූ ටිකක් සැර විය... කෙල්ලගේ හිත නම් හොඳටම රිදිනි... අපි දැන් යමු රෑ වෙනවානේ...

අනේ මෙච්චර ඉක්මනට ඇයි අයියේ...

කිවුවම දැන් යමු....

හ්ම්.හ්ම්. හා අයියේ යමු අපි..

පසුදා කෙල්ල කොල්ලට කෝල් කරනා විට දෙපාරක් රින්ග් වුවත් ප්‍රතිචාරයක් නම් නොවිය.. වෙනදාට එකවර කෝල් ආන්සර් කරන කොල්ලා දැන් වෙනස්ය.. තුන් ⁣වෙනි වරටත් ඇය ගන්නා විට ඔහු ආන්සර් කලා..

හෙලෝ සුදු අයියේ මොකද කරන්නේ..

මං වැඩ සුදූ පස්සේ ගන්නද? 

අනේ මගේ අයියා දැන් හුගක් වෙනස් වෙලා.

පිස්සුද අනේ ඔළුව අවුල් කරන්න එපා...

මං තියන්නම් අයියේ... පරිස්සමින් ඉන්න.. ජේසු පිහිටයි..

කිසිත් නොකියා ඔහු කට් කලා..

ඔහු සතියක විතර වෙලේ ඉඳන් වෙනස්ය.. ඇයට හැඩුම් එන්නට විය.. අනේ මගේ අයියේ ඉස්සර ඔයාට මං නැතුවම බෑ..කන්නෙත් මං එක්ක.. හැමදේම කරන්න කලින් මට කියනවා.. ඒත් ඇයි මගේ අයියේ ඔයා වෙනස් වුනේ.. ඇය ඇයටම කියා ගනිමින් ඉකිලන්නට විය.. ඇය දිනුට දුරකතන ඇමතුමක් ගන්නට විය...

හෙලෝ කියන්න තිවංකි.. මොකෝ මේ වෙලාවේ...

අනේ මට බයයි බං මගේ අයියා මට නැති වෙයි කියලා.. එයා වෙනස් වෙලා..

පිස්සු හිතන්න එපා බං.. මං වැඩක.. පස්සේ ගන්නද?? කිසිත් නොකියා ඇයත් කට් කලා..

අනේ මගේ පන වගේ යාළුවත් වෙනස් වෙලා.. ඇයි මටම මෙහෙම වෙන්නේ.. මං හිතං උන්නේ මමයි මේ ලෝකේ වාසනාවන්තම කියලා.. ඒත් ඒත් මං වැරදි... ඇය රෑටත් නොකා අඩමින්ම නින්දට යන්නට විය..

හෙලෝ ධනූ අයියේ තියන්න නම් එපා..

මොකද අනේ කියන්න ඉක්මනට.. වැඩ තියෙනවා..

මට ඔයාව හම්බවෙන්න ඕනා අපි වෙනදා හම්බෙන තැන..

ඒ මොකටද...

ඔයා වෙනදා ඔහොම අහනවද මගේ අයියේ... ආවේ නැත්තන් මං මැරෙනවා කැමති තීරණයක් ගන්න..

අපෝ හා හා එන්න 2වෙද්දි...

පසු දින ඔවුන් වෙනදා හමු වන තැන හමු වුනා..

කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න තිවංකි.. මට වැඩ ⁣ගොඩක් තියෙද්දියි මං මේ ආවේ..

වෙනදා ඔයා ඔහොම නෑ අයියේ.. ඇයි මට මෙහෙම කරන්නේ..

අනේ නහයෙන් නම් අඬන්න එපා.. මේ මගේ යාළුවෙක් අතන ඉන්නවා.. ටිකක් ඉන්න මං කතා කරලා එන්නම්.. ඔහුට ෆෝන් එක ගෙනියන්නට අමතක වුනා.. ඔහු අමතක වී අසල තිබූ බංකුව මත ⁣ෆෝන් එක තබා යන්නට වුනා.. 

ඔහු ගිය පසු දුරකතනට කෙටි පණිවිඩයක් පැමිණියා..

Hi pana moko karanne? Me heta api valentine ekata maha nuwara ara wawa gawa tiyena lassana  hotel ekata dawal 1 ta yamu neda?  Room number 5 neda? Heta man oyagema wenawa.. mata msg ekak tiyanna... umma mge pana. Adarei godaariyak...

එම කෙටි පණිවිඩය පැමිනි දුරකතන අංකය සේව් කර තිබුනේ දිනුමි නමිනි.. ඇය ඉක්මනට නම්බර් එක බැලූ විට ඇගේ පපුව දන්නට විය.. ඔවු මගේ පණ වගේ යාළුවා දිනූගේ නම්බර් එක තමයි මේ.. ඇය ෆෝන් එක බංකුව මතම තබා ඔහුටත් නොකියා ගෙදර ආවා..

මං හෙට තීරණයක් ගන්නවා... ඔවු මං හෙට ඒ හොටෙල් එකට යනවා.. ගිහින් මගේ දිනූට මගේ පණ ධනූව භාර දීලා මං මේ ලෝකෙන් සදහටම යනවා.. එයාලට කරදර නොකර යන්නම යනවා.. මට සමාවෙන්න අම්මියෝ.. සමාවෙන්න තාත්තියෝ.. අනේ මට තවත් ඉන්න බෑ. මං යනවා.. අද විතරයි ඔයාලගේ ⁣දඟමල්ල ජීවත් වෙන්නේ... මට සමාව දෙනවා නේද?

පසු දින උදා විය...  ඇය අන්තිම පාරට ඔහු කැමතිම දිගු ගවුම ඇදගෙන කෙටි පණිවිඩයේ තිබූ හොටෙල් එකට යන්නට සූදානම් වුනා.. අම්මියි තාත්තිත් ගෙදර නෑ. මං මැරෙන්න කලින් ඒ දෙන්නව බලන්න මට පින නෑ... අඩලම ඇගේ ඇස් රතුවී තිබුනි.. ඇය නොම්මර 5 කාමරය අසලට පැමිනියා.. ඇගේ අත වෙව්ලන්නට විය... වෙව්ලම්න් උනත් ඇය සීනුව එක නාද කරන්නට විය.. එහෙත් එක වර දොර ඇරියේ නැත.. ඇය තවත් වරක් නාද කරන්නට විය.. එහෙත් තාමත් දොර එහෙම්මමය..

මං අන්තිම පාරට බෙල් එක ගහනවා.. මේ පාර ඇරියේ නැත්තන් මට මගේ පණගේ මූණවත් බලන්නේ නැතුව මැරෙන්න වෙන්නේ... ඇය තුන් වන වරටත් සීනුව නාද කරන්නට විය.. එවර නම් දොර අරින්නට විය.. දොර ඇරියේ.. දිනූය..

දිනූ මගේ පණ වගේ යාළුවා උබ කිවුවා නම් ධනූට ආදරෙයි කියලා මං උබට මගේ පණව නොදී ඉන්නේ නෑනේ.. කමක් නෑ මගේ පණව හොදින් බලා ගන්න... ආදරෙයි හුඟක් ඔයාලා දෙන්නටම.. මං යනවා සදහටම.

හැපි වැලන්ටයින් ටූ යූ.. හැපි වැලන්ටයින් ටූ යූ.. හැපි වැලන්ටයින් ඩියර් තිවංකි ඇන්ඩ් ධනුජ... හැපි වැලන්ටයින් ටූ යූ....

අම්මේ ඔයාලා... ධනූගේ අම්මයි තාත්තයි නංගියිත් ඇවිත්.. අනේ ඔයාලා හරි නරකයි..

මට ඕනා වුනේ මගේ කෙල්ලව චුට්ටියක් රිදවලා හැමදාටම මතක හිටින්න ලොකු සතුටක් දෙන්න.. ඔයා හැමදාම ආස කලේ ගෙදරට මේ ගැන කියන එක නේද? ඔහු ඇය ලග දණ ගසන්නට විය..

විල් යූ මැරි මී මයි හා පැටික්කි..

යනවා යන්න.. මාව සතියක්ම ඇඬෙවුවා.. අනේ අම්මේ ඔයාලත්.. මං තරහයි.. දිනූ උබත් මේකට හවුල් උනා.. මං තරහම තරහයි...

මගේ ලේලි පොඩ්ඩගේ ලස්සන.. දනුගේ මව ඇයව වැලඳගන්නට විය...  ඔවුන්ගේ විවාහා මංගල උත්සවය පැවැත්විනි.. දැන් අවුරුදු එකහමාරක් ගත වී ඇත.. ඔවුන්ගේ කැදැල්ලේ නිවුන් පැටික්කියො දෙදෙනෙක් සිටී..

නිමි...

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment