රෝස මල

රෝස මල - කෙටිකතාව
"සුදු මැනික..."
"හ්ම්ම්ම්..."
"මොකෝ චාස් චූස් ගාන්නේ..හෙම්බිරිස්සාව නේද???"
"ඔව් අයියේ..මේ ඔෆිස් එකේ A/C එක ටිකක් වැඩි..ඔලුවත් කැක්කුමයි.."
"අනේ කෙල්ලේ..යමුද ගෙදර?මං ඇරලවන්නම්.."
"එපා අයියේ..ඉන්න පුලුවන්.."
එපා කියල කියුවේ මට ඉන්න පුලුවන් කමකට නෙමේ..ඒත් එයත් එක්ක තනි වෙන්න බය හිතුනා..මං හිතන්නේ ඒ අපේ ආදරේට තාමත් වුනේ දවස් තුනක් නිසා වෙන්නැති..එයා වෙනුර..වෙනුර දිසානායක..මං පහන්දි..පහන්දි ඉරුගල්බණ්ඩාර...අපි දෙන්නම වැඩ කලේ එකම තැන..ඒත් අංශ දෙකක...දකින්නෙත් උදේ හවස විතරයි...දෙන්නම අවේ ගියේ එකම බස් එකේ..එහෙම දැකලා දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා..මුලින් එයා ඉස්සර වුනත් මාත් මගේ කැමැත්ත දෙන්න කල් ගත්තේ නෑ..ඒ ඇත්තටම මට එයා විශේෂ වුන නිසා...අපි දෙන්නට ප්‍රශ්නෙකට තිබුනේ අපි දෙන්නගේ වයස් පරතරය..ඒක අවුරුදු 6ක්...ඇත්තම කියනවානම් ඒක අපි දෙන්නට නම් ප්‍රශ්නයක් වුනේ නෑ...
"ඇයි??ඉස් ඉස්සෙල්ල්ම මාත් එක්ක තනියම එන්න බයද??බය වෙන්න එපා පන..මං ගෙදරට ඇරලවන්නම්...යමු..ඔහොම ඉන්න බෑනේ...."
"ඒත් අයියේ අපරාදෙනෙ ඔයා නිවඩු දාන එක..මං තනියම යන්නම්..."
"පිස්සු කෙල්ල..දැන් ලන්ච් එකනේ...ඔයාව දලා ටුක් ගාලා මං ආයිත් වැඩට එනවා...ඔයා ඒ ගැන හිතන්න එපා.."
"හා..."
එච්චර ආදරෙන් කියද්දි මට බෑ කියන්න හිතුනේ නෑ..මේ කාලේ ඉන්න කොල්ලන්ව වුනත් ඔනවට වඩා විශ්වාස කරන්න පුලුවන්කමක් නෑනේ...වෙනුර අයියා මාව පරිස්සමට ගෙවල් පාර ගාවට ගෙනත් බැස්සුවා...එන මග දිගට කන්න මොනා හරි අරන් දෙන්නද අහා අහා මට වද දුන්න..යනකොට පරිස්සමෙන් මගෙ මැනික කියලා මගේ ඔලුවත් අත ගෑවා..මං හිතුවට වඩා ඒ ස්පර්ශය මට දැනුනා...මට හිතුනෙම ඒක මට මීට කලින් හුරු පුරුදුයි වගේ...අන්න එදා තාමයි අපේ ආදර කතාව පටන් ගත්තේ...මං පුදුම තරම් මගේ වෙනුර අයියට ආදරේ කලා...එයත් එහෙමයි...එයා මට ආදරේට කියුවේ රෝස මල කියලා..එයා හැමතිස්සෙම කියපු දෙයක් තමයි එයගේ රෝස මල නැති වුනොත් එයාට ජිවිතයක් නෑ කියලා..
"කෙල්ලේ..."
"ඔව් මගේ අයියේ..."
"ගෙදරට කියන්න කලින් අපි දෙන්නා වේලාවල් බලලා ඉමුද???"
"ඇයි එහෙම කියුවේ??"
"නෑ පැටියා...අපේ ගෙදරින් ගොඩක් වෙලාව විශ්වාස කරනවනේ...ඒකයි.."
"හරි..හදිස්සියෙවත් ඒක ගැලපෙන්නේ නැති වුනොත්???"
"පිස්සු කියවන්න එපා කෙල්ලේ..දන්නවනේ ඔයගේ අයියට එයගේ රෝස මල නැතුව ඉන්න බෑ කියලා...කොකටත් හොදයිනෙ අපි බලල තියෙන එක..."
"හා එහෙනම්.".
"කෙල්ල මට ගෙනත් දෙන්නකෝ එහෙනම් වෙලාවේ කොපියක්..."
ඔන්න ඊට පස්සේ තමයි අපේ ජීවිතේට අපේ පලවෙනි බාධකේ ආවේ..අපි කොහොමත්ම හිතුවෙ නැති විදියට අපේ වෙලාවල් නොගැලපුනා...තැන් තුන හතරකින්ම බැලුවත් කිවුවේ එකම දේ...අපි දෙන්නා පුදුම විදියට ඇඩුවා...මගේ වෙනුර අයියා මාත් එක්ක හිටපු අවුරුදු දෙකට මං එයා අඩනවා දැක්කේ එදා...කොහොමින් කොහොම හරි අපි කතා කරලා විසදුමකට අවා...ඒ අපි දෙන්නා ඈත් වෙන්නේ නෑ කියලා...එන ප්‍රශ්නෙකට මූන දෙනවා කියලා හිතාගෙන අපි අපි ගැන ගෙවල් වලට කිවුවා...අපි අම්මා මුලින්ම වේලාව බල්ලන ඕනේ කියලයි කියුවේ...එයාලගෙ ගෙදරිනුත් එහෙමයි...හිතේ ඇතිවුන තිගැස්ම කියන්න බෑ...මට කොහොමත්ම මගෙ වෙනුර අයියා නැතුව ජිවත් වෙන්න පුලුවන් කමක් නෑ...
"රෝස මල"
"හ්ම්ම්"
"සතුටුයි නේද??"
"ඔව් මගේ රත්තරං අයියේ...ඒත් දෙයියනේ කොහොමද මේක වුනේ"
මං එහෙම ඇහුවම වෙනුර අයියා මාව එයාගෙ පපුවට තවත් තුරුල් කරගත්තා...
"මං ආත්ම ගානක ඉදන් මගේ රෝස මලව පතාගෙන එනවා ඇති...ඒක වෙන්නැති කිසිම දේකට අපිව වෙන් කරන්න බැරි.."
"මං ආදරෙයි මගේ අයියේ.."
"මාත් මගෙ රෝස මලට පනටත් වඩා අදරෙයි"
එහෙම කියලා එයා මාව තව තවත් තුරුලු කරගත්ත...ඒ උනුහුමට මං හරි ආස කල...මං ඒ උනුහුමල මැදි වෙලා ප්‍රාර්තනා කලේ හැමදාමත් මෙහෙම ඉන්න ලැබෙන්න කියලා..
මොනා හාස්කමටද දන්නේ නෑ අපේ අම්මලා වේලාවල් බලපු තැන් වලින් කියල තිබුනේ අපි දෙන්නගේ විවාහය නොකරන්න තරම් නොගැලපිමක් අපි අතර නෑ කියලා..ඒක අපි දෙන්නගේ හිත් වලට ලොකු සහනයක් වුන...දෙන්නා අතර නොගැලපීම් තිබුනත් එවා විවාහයට එතරම් බලපාන්නෙ නෑ කියලයි එයාල කියලා තිබුනේ..
කාලය ගත වුනා..අපේ විවාහයට දිනත් නිටම වුනා...මං වෙනුර අයියගේ වෙන්න ඇගිලි ගැන ගැන හිටියේ..ඒ වෙනකොට මං වෙන තැනක තමයි රැකියාව කලේ..අපි දෙන්නා පුදුම සතුටින් හිටියේ...ඒත්..
"රෝස මල..මොකෝ අසනීපෙන් වගේ??"
"මුකුත් නෑ අයියේ...ඔලුව ටිකක් රිදෙනවා.."
"හැමදම ඕක බල බල ඉදලා හරියන්නේ නෑ..යමු බෙහෙත් ටිකක් ගන්න"
"එපා රත්තරනේ...අඩු වෙලා යයි..."
"පන්ඩිත කෙල්ල...හෙට වෙනකම් විතරයි බලන්නේ..අඩු නැත්තම් බෙහෙත් ගමු පැටියෝ..."
පහුවෙනිද මං රස්සාවට ගියේ නෑ...ඒ තරමට ඔලුව කැක්කුම වැඩි වෙලයි තිබුනේ...මං වෙනුර අයියට කතා කරලා බෙහෙත් ගන්න යමු කිවුවා..ඒත් එයාට එන්න පුලුවන් කමක් තිබුනේ නෑ...වැඩ ගොඩකට හිර වෙලා වෙන්නැති කියලා මං දන්නවා..නැත්තම් එයා කියටවත් නෑවිත් ඉන්නෙ නෑ...
"හොද මැනික වගේ කාත් එක්ක හරි ඉක්මනට යන්න බෙහෙත් ගන්න...නැත්ත්ම් දන්නවනේ රෝස මල අයියට හිත එක තැනක තියන් වැඩ කරන්න බෑ කියල..."
එයා කිවුවේ එහෙමයි..ඉතිම් මං මගේ හොදම යාලුවා වුන චතූට කතා කලා බෙහෙත් ගන්න යන්න එන්න පුලුවන්ද අහලා..කෙල්ල එක පයින්ම ආවා...කවදත් එයා එහෙමයි...උදවුවක් ඉල්ලුවම නෑ බෑ කියන්නෙ නෑ..
අපි ගියා බෙහෙත් ගන්න...මුලින්ම කිවුවේ test වගයක් කරන්න ඕනේ කියලා...ඒ හැම ටෙස්ට් එකක් අවසානෙම ඩොක්ටස්ලා තීරනය කලා පහන්දි ඉරුගල්බණ්ඩාරට තව ජිවත් වෙන්න පුලුවන් මාස තුනයි කියලා...මගේ ඔලුවේ තිබුන ගෙඩියක් තමා ඒකට හේතුව..මට එකපරටම කිසිම දෙයක් හිතගන්න බැරි වුනා...චතු ඒක විශවාස කරන්නෙ නෑ කියලා මට එයාගෙ මූනෙන් පෙනුනා...ඒත් එක ත්මයි ඇත්ත කියලා ඩොක්ටස්ලා අපිට තේරුම් කලා...මං පියවි සිහියට ආපුගමන් මුලින්ම චතූව පොරොන්දු කරගත්තා මේ කිසිම දෙයක් කාටවත් කියන්නෙ නෑ කියලා..චතූ හොදටම අඩනවා...මට අඩන්න තේරෙන්නෙ නෑ..මං හීනෙක කියලයි මට හිතුනේ...
"රෝස මල මොකෝ ඩොක්ටර් කිවුවේ...ඇයි කෙල්ලේ phone එක ආන්සර් නොකලේ??මං බය වෙනවනේ.."
"ආහ් මට ඇහෙන්න නැතුව ඇති මගේ අයියේ...එහෙම ලොකු අවුලක් නෑ...සෙම නිසා කියලයි ඩොක්ටර් කිවූවේ"
කවදවත් ඔයාට බොරු කියන්නෙ නෑ කියල මටම පොරොන්දු වුනත් කොහොමද දෙයියනේ මං ඔයාට ඇත්ත කියන්නේ...කොහොමද කියන්නේ මං ඔයාට ඔයාගෙ රෝස මල තව ටිඅක දවසකින් ඔයාව දලා පරවෙලා යනව කියලා...කොහොමද ඔයා ඒක දරගන්නෙ..ඔයාට ඒක කරන්න බෑ කියලා මං දන්නවා මගේ අයියේ..ඔයාට ඒ දුක දරාගන්න දෙන්න බෑ...මං තීරනයක් ගත්තා...මේ ලොකේ මට ගන්න වුන අමාරුම තීරනේ...කවදවත් හීනෙනවත් කරන්න හිතපු නැති දෙයක් මට කරන්න වුනා...ඒ ඔයාගෙන් ඈත් වෙන එක...
"රෝස මල"
"හ්ම්ම්"
"කෝල් එකක්වත් නැනේ??මොකෝ අනේ.."
"මට වැඩ තියනවා"
"හී අනෙව් ඔයගේ වැඩ ගැන මං දන්නවනේ..කම්මැලි කමට job එකෙනුත් අයින් වුනා..දැන්  කකා බිබී ඉන්නවා ගෙදරට වෙලා..මහත් වෙලත් එක්ක..අපෝ මට කැත කෙල්ලෙක් තමා honeymoon අරන් යන්න වෙන්නෙ"
අනේ නෑ රත්තරන්නෙ ඔයා ඇත්ත දන්නෙ නෑ...ඔයාගෙ කෙල්ල මහත් වෙලා නෙමෙයි ඒ..ඉදිමිලයි හිටියේ..ඔය කොහොමද දන්නෙ නේ..ඔය හීනෙකින්වත් හිතයිද මෙහෙම දෙයක්..අනික අපේ honeymoon එක..අනේ ද්වියන්නේ මං ඒක ගැන කොයිතරම් නම් හීන මැවුවද???ඔයාගෙ අතේ එල්ලිල නුවරඑළි ගිහින් හැමතනම ඇවිදින්න...දැන් ඒවා හීනම විතරයි...
"පිස්සුද ඔයාට???මං කැතයි නම් වෙන කෙනෙක් හොයන් යන එකයි තියෙන්නෙ..වදයක් වෙන්න එපා අනේ"
"රෝස.....
මං phone එක තිබ්බා....මට තවත් කතා කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...එහෙම වුනා නම් ඔයාට දැනෙනවා මං අඩනවා කියලා...මන් ඊට පස්සේ phone එක off කලා...අයිත් on කරද්දි msg 22ක්..ඒ හැම එකකම තිබුනේ මගේ වෙනස්වීම ඔයාට දරගන්න බැරි බව...ඔය නොකිවුවට මන් දන්නව රත්තරන් මගේ මේ වෙනස්වීම ඔයාව කොයිතරම් නම් පුච්චනවද කියල..ඒත් මේ අසරණී වෙන මොනා කරන්නද??
තවත් ටික දවසක් ගෙවිලා ගියේ අපි දෙන්නගේ රණ්ඩු තවත් වැඩි කරල...ඔයාත් මුල් දවස් ටිකේ ඉවසුවා...ඒත් මං දන්නවා ඔයාට තවත් මෙහෙම ඉවසන්න අමරුයි කියලා...මං ඔයාගෙ නම්බර් එක සමහර වෙලාවට block කලා..එතකොට ඔයා හිතුවේ මගේ number busy කියලා...
"තමුසේ කාත් එක්කද මෙච්චර වෙලා කතා කර කර හිටියේ..හොර මිනිහද??"
ඒ වචන මාව කොයි තරම් නම් රිද්දුවද කියලා ඔයා දන්නවනම්..එත් මේ මට ඕන කල දේනෙ..මට ඕන වුනේ ඔය මට වෛර කරනවා දකින්න...ඒ ඔයාට ඊට පස්සෙ මං නැතුව ජිවත් වෙන්න ලේසි නිසා...
"ඔව් හොර මිනිහ තමයි...ප්‍රශ්නයක් කරගන්න එප ඔයා ඒක.."
"වහපන් බැල්ලි කට.."
ඒ ඔයාට ඉවසලා ඉවසලා බැරිම තැන කියලා මං දන්නවා රත්තරන්...නැත්තම් ඔයා මට කවදාවත් ඔහොම කතා නෑ...
ආයිත් රෑ වෙලා ඔයාගෙන් කෝල් එකක්...ඒ ආදරනීය හඩ
"රෝස මල....මට සමාවෙන්න...එහෙම කතා කරන්න හිතුවෙ නෑ ඔයාට."
මං දන්නවා මගේ රත්තරං අයියේ...මට එහෙම කියන්න ඕන වුනත් ඒක කරන්න බෑ කියලා මං දන්නවා..
"මගේ පාඩුවේ ඉන්න දෙනවද??""
මං phone එක off කරා...මුලු රෑ එලි වෙනක්ම්ම මං ඇඩුවා..මගේ අසනීප තත්වේ එන්න එන්නම වැඩි වුනා...මං ගෙදර අයටවත් හරියට මූන දුන්නෙ නෑ...ඔයා අපේ ගෙදර ආවත් මං ඔයා ඉස්සරහට අවේවත් නෑ..මං දන්නවා ඔයාගෙ රෝස මල මේ විඩියට ඉන්නවා බලන්න බෑ කියලා..
දවසක් හැමදේටම තිත තියලා යන්න ඔයාට ඕන වුනා...ඔයා සාදාරනයි රත්තරං..මෙච්චර දවසක් හරි ඔයා මේක ඉවසපු එක ලොකු දෙයක්..
"පහන්දි එනවා එලියට.."
ඔයාගෙ කටහඩ අමුතුයි...දෙයියන්නෙ ඔයා බීලා...ඒ මල ජරාව පිලිකුල් කරපු ඔයා අද මං ඉස්සරහටම ඒ මල ජරාව බීලා ඇවිත්...අනේ රත්තරන්නේ..මට සමාවෙන්න...මේ තරම් දුකක් ඔයාට උහුලන්න බෑ...ඒත් වෙන විසදුමකුත් නෑ...
"පහන්දි..මෙහෙ වරෙං යකෝව්"
පහන්දි...ඒ නම මට හුරු නෑ මගේ අයියේ...මං ඔයාගේ රෝස මලනේ...මං දහස්වාරයක් එහෙම හිතලා හිතින් ඇඩුවා..
"මේ මොකෝ මේ..මල ජරවක් බීගෙන...ඒ මදිවට තව පිස්සෙක් වගේ කෑ ගහනවා...ලැජ්ජ නැද්ද""
මට සමාවෙන්න මගේ අයියේ...
"ඔව් මං බීලා...ඔව් මං පිස්සෙක් තමා...මං පිස්සුවෙන් වගේ තමුසෙට ආදරේ කරනවා..."
"වෙනුර පුතා...අනේ අපි හිමින් මේ ප්‍රශ්නේ විසදගමු" ඒ අපේ අම්මා..
"නෑ අම්මේ නෑ...අද මේකේ දෙකෙන් එකක් බේරගන්න ඕනේ...කියනවා පහන්දි මොකද්ද තමුසෙට මාත් එක්ක තියෙන ප්‍රශ්නේ??"
"මට මේක ඇතිවෙලා...මට මගේ පඩුවේ ඉන්න දෙන්න"
"පාඩුවේ???මොනාද ඇති වෙලා තියෙන්නෙ උබට??"
"ඔයාව වෙනුර ඔයාව..මං වෙන කෙනෙකුට ආදරේ කරන්වා"
චටාස්...ඒ ඔයාගෙ දකුනු අත මගේ කම්මුලේ වැදුන පාර...ඔයා තවත් මොන මොනාද කියෙවුවා...ඒත් ඒව ඇහෙන තරම් හොද සිහියක නෙමේ මම හිටියේ....තවත් ටික වෙලාවකින් ඔයාගේ bike එක යන සද්දේ මට ඇහුනා...ඔයා ලගට දුවලා ඇවිත් ඔයාගෙ කකුල් දෙක ලග වැටිල හැම ඇත්ත්ක්මමට කියන්න ඕන වුනා...ඒත් එහෙම කරන්න ම්ට පුලුවන් කමක් නෑ මගේ අයියේ....එහෙම වුනොත් මේ දුකට වඩා දුකක් ඔයාට දැනෙයි...
"අපේ මූනේ දැලි ගෑවා..මොන ලැජ්ජවක්ද මේ වුනේ??wedding එකට තව මාස කීයද.."ඒ අපේ අම්මා...
"වෙන කවුරු හරි හොයගෙන නම් එවුන් එක්කම පලයං...අපිට ලෑජ්ජ කරන්නේ නැතුව..
ඒ තත්තා...මට සමවෙන්න..මේ තරම් දුකක් දෙන්න වුනාට..එත් ඔයාලගේ චූටි දුව මේ වෙලාවෙ හරිම අසරනයි....මං තීරනය කලා එදා රෑම ගෙදරින් එන්න..
එහෙම ඇවිත් දැන් දවස් පහක්වෙනවා...අම්ම තාත්තා හිතනව ඇති මං මගේ අලුත් පෙම්වතා එක්ක සතුටින් කියලා..ඒත් ඔයාලා දන්නවානම් ඇත්ත...
මගෙ පන...ඔයා තාමත් මුකුත් හිතාගන්න බැරුව කල්පනා කර කර ඇති...ඔයාගේ රෝස මල තව ටික දවසකින් යන්නම යනවා..මේ ආත්මේ පිං කරලා නෑ මහත්තයො ඔයාගෙ වෙන්න ඒත් එන හැම ආත්මෙකදිම ඔයා මගේ වෙන්න ඕනේ...මෙහෙම දුරක ඉදන් ඔයාගෙන් වෙන්වෙන්න හිතුවේ නෑ මං කවදාවත්...ඒත් මේකයි මගේ ඉරණම...මගේ මහත්තය මේ ආත්මෙ විතරක් ලස්සනම ලස්සන නෝන කෙනෙක් ගේන්න ඕනේ...අපි දෙන්න හිතන් හිටියා වගේ චූටි දරු පැටව් තුන්දෙනෙකුත් හදන්න ඕනේ...මං දන්නවා ඔයා එහෙම කරන්න කැමති වෙන එකක් නෑ...ඔයා කැමති වෙන එකක් නෑ ඔයාගේ රෝස මලගේ තැන කාටවත් දෙන්න..ඒත් අම්මා තාතතා ගැන හිතලා ඔයා ඒක කරයි...ඒත් කවදාවත් ඔයාගෙ රෝස මල ඔයා එක්ක තරහ නෑ...ආදරෙයි මහත්තයො මහමෙරක් තරම්...
මං දන්නවා චතූ මට වුන පොරොන්දුව රකිනවා කියලා...තව එක උදවුවක් ඉල්ලනවා මං ඔයාගෙන්..මං තව ටික දවසකින් යන්න යනවා..ඊට පස්සේ මේ මගේ කතාව ඔයා අතට එයි..ඒ වෙනකොට මං මේ ලෝකේ නෑ..මේ කතාවා පරිස්සම් කරන්න...දවසක මගේ වෙනුර අයියා මාව අමතක කරල ලස්සන ජිවිතයක් ගත කරයි..එයාගේ දරුවෝ ලොකු වෙලා කසාදත් බදී..අන්න ඉට පස්සෙ මගේ වෙනුර අයියට දෙන්න එයාගෙ රෝස මල දුන්න කියලා මේ කතාව..එදයින් පස්සේ එයා මට වෛර කරන එකක් නෑ..මගේ ආත්මෙට එතකොට තමයි සැනසීමක් ලැබෙන්නේ....
දැන් ඇති ලිවුවා...මනසේ හරි පැහැදිලි බවක් දැනෙනවා..කිසිම වේදනාවක් දැනෙන්නේ නෑ..ඔලුව හිරි වැටිලා..ඈත ඉදන් හුරු පුරුදු කට්ටියක් මං දිහා බලන් ඉන්නවා...එයාලා ලගට යන්න වෙනවා මට දැන්....මං හිතන්නෙ රෝස මලට පරවෙන්න කාලේ හරි...
                                                           -නිමි-
පසුවට ලියමි,
මම උපේක්ශා රත්නවීර..මට පහන්දිව හම්බෙන්නේ A/L ක්ලාස් වලදි...ඇත්ත්ටම එයා පුදුම හොද ලමයෙක්...මට කියන්න ඕන වුනේ ඒක නෙමෙයි..මං දැන් මගේ husband එක්ක පදිංචි වෙලා ඉන්නේ australia වල..මීට සති දෙකකට කලින් පහන්දි මට කතා කරල ඇහුවේ එයා austraila එනවා මං ලගට එන්න පුලුවන්ද කියලා...එයා ආවා...ඇවිත් එයාගේ ජීවිත කතාව කිවුවා..ඒක ඇහුවම මට ලොකු දුකක් දැනුනා...එයා මගෙන් ඉල්ලුවෙ උදව් දෙකයි...එකක් මේ ලියුම එයාගේ ලංකාවේ ඉන්න යාලුවට යවන්න කියලා...අනික තමයි එයාගේ අවසාන කටයුතු කරන්න කියලා...එයා මේ කතාව ලියලා ඉවර කරලා මගේ අතට දුන්නා.ඊට පස්සෙ පැය 24ක් වත් එයා හිටියේ නෑ...මේ ලොකෙන් යන්න ගියා...එයාගේ අවසාන කටයුතු මට පුලුවන් උපරිමෙන්ම කලා...දැන් මේක චතූට යවන්නයි තියෙන්නෙ..මං ප්‍රාර්තනා කර්නවා කිසිම කරදරයක් නොවී මේක එයාට ලැබෙන්න කියාලා...

උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment