කදුලු එපා තව

#කඳුළු_එපා_තව

යේ මෙරේ හම් සෆර්............ දෙව්නිගේ ජංගම දුරකථනය නාද වන්නට පටන්ගත්තාය.
කවුද අප්ප මේ උදේ පාන්දර වද දෙන්නෙ.... අයියා.....
ආ... දොස්තර මහත්තයට අපිව මතක්වෙලා තියෙන්නෙ. මොකද දන්නෑ නේ....
චූටි මං තව සතියකින් ලංකාවට එනවා. අම්මටයි අප්පච්චිටයි කියනව. වැකේෂන් එකට එන්නෙ. තමුසෙට මොනවද ගේන්න ඕනෙ ?
අයියා... ඔය ඇත්තමද හලෝ....
ඔව් ඔව් මැට්ටියෙ.
වට් අ සප්‍රයිස්.. වාව්.... අයියා . ඇත්තටම පුදුමයි හලෝ. අවුරුදු හතරකට පස්සෙ..... අම්ම කොච්චර සතුටුවෙයිද මේක අහල
හ්ම්ම් .... මොනවද පිස්සියෙ එනකොට ගේන්න ඕනෙ .
මුකුත්ම එපා අයියා . තමුසෙ එනවකො . ඒ ඇති .
------------------------------------
ඔහු අකිල සඳරැස් දිසානායක . වෛද්‍යවරයෙක්. ඉන්දියාවේ මුම්බාය් වල රෝහලක සේවය කරන්නෙ. ඔහු මීට වසර හතරකට පෙර රටින් පිටවුණේ ජීවිතේ ගොඩක් ලොකු තීරණයක් අරං. දැං ඔහු මේ මව් බිමට පා තබන්⁣ෙන වසර හතරකට පසු .
----------------------------
අම්මා.... අප්පච්චි ...... චූටි ....... කෝ මේ ගෙදර කට්ටිය ...? අම්මා...........
තෙහෙට්ටුවෙන් විසිත්ත කාමරයට ගොඩ වුන අකිලට එකවරම අහන්නට ලැබුණේ නංගිගේ කාමරය දෙසින් ඇසුන අම්මාගේ ⁣කෝපයට පත් ස්වරයයි.
උඹ අපේ මුනෙ දැලි ගෑවා.මුළු හත් මුතු පරම්පරාවෙම නම්බුව එක මොහොතින් විනාස කලා. අඩුම තරමෙ උඹට අප්පච්චිගෙ නම්බුව ගැනවත් හිතන්න තිබුන .
අකිල ⁣කුතුහලයෙන් යුතුව අඩියට දෙකට දෙව්නිගේ කාමරයට ගියා. ගියා නෙමෙයි දිව්වා.
මොනවද අම්මා මෙතන වෙන්නෙ ? ඇයි මේ කෑ ගහන්නෙ. අප්පච්චි ඇයි මේ....
ආ මේ ඇවිත් තියෙන්නෙ අයියන්ඩිත්. නංගි පොඩ්ඩ ගෙන්ම අහල දැනගන්නකො මොකෝ කියල... අම්මා කියන කිසිවක් අකිලට නොවැටහුනි.
නංගි තමුසෙවත් කියනවා මොකද මේ....
දෙව්නි බිම බලාගෙන ඉකිලනවාය. අකිලගේ පැනයට පිලිතුර ලැබුණේ අම්මාගෙනි .
කොහොම කියන්නද කටක් ඇරල. මේකි අම්මෙක් වෙන්නයි යන්නෙ.
මොනවා..... නංගි ඇත්තද මේ අම්මා කියන්නෙ. කතා කරනවා.... කියනවා මට. කොහොමද මේක උනේ.... ඇත්ත කියනවා මට...
අකිල දෙව්නිගෙ දෙඋරෙන් අල්ලා සෙලෙව්වේ කේන්තියෙනි .ඇය තවමත් බිම බලා ගත් වනමය. අකිලට නම් අසූ හාරදාහටම කේන්ති ගොස් ඇත.
කියපන් මට ඇත්ත. කවුද මේක කලේ...... ඔහු ගිගුරුවේය.කයපන් මට.ඉතුරු කරන්නෑ මං ඕකව. කියපං කවුද ඌ.
දෙව්නි හිස එසෙව්වේ එවිටය. ඇයසිනහමුසු මුහුනෙන් අයියා දෙස බැළුවාය.
අයියේ. මට සමා වෙන්න. මට එහෙම කිසිම දෙයක් වෙලා නෑ.
සොරි අයියා . මට ඕන උනේ ඔයාට මේ ඇත්ත තේරුම් කරන්න විතරයි. ඒ වෙලාවට කෙල්ලෙක් කොච්චර අසරණ වෙනවද කියල පෙන්නන්ඩ විතරයි. ඒ වගේම ඒ කෙල්ලගෙ පවුලෙ අය ඒ වෙලාවෙ කොච්චර අපහසුතාවට පත් වෙනවද කියන එකයි මට ඔයාට පෙන්නන්න ඕන උනේ. ඒ කෙල්ලගෙ අයියාට දැනෙන ඒ හැඟීම අසරණ කම කේන්තිය ඔයාටම දැනෙන්න ඉඩ අරින්නයි මට ඕන උනේ. අන්න ඒ ෆීලින්ග් එක ඔයාට ප්‍රැක්ටිකලි පෙන්නන්නයි මං මෙච්චර ලොකු ඩ්‍රාමා එකක් කලේ.
අකිලව එකවරම ඇඳේ ඉන්දවිනි. ඔහු ගොළු වූවා සේය.
අයියා ඔයාට තේරෙනවද දැංවත් එදා චාමර අයියා හැසිරුණු විදිය අසාධාරණ නෑ කියලා. නෙතූ අක්කා ප්‍රෙග්නන්ට් කියල දැන ගත්තම චාමර අයියා ඒ විදියට හැසිරුණේ ඇයි කියල දැං අයියට තේරෙනව නේද. එයා ඒ වෙලාවෙ සහෝදරයෙක් විදියට හැසිරුනේ. අයියට දැං තේරෙනව නේද ඒ වෙලාවෙ චාමර අයියගෙ මානසිකත්වය ගැන .
මේ පුංචි කෙල්ලගේ පැහැදිලි කිරිම නිසා අකිලට තමන්ගේ සිව් වසරකට ප්‍රථම අතීතය සේයා පටයක් සේ තමා අබියස මැවී පෙනෙන්නට විය.
-------------------------------
නෙතුකි විහන්සා සහ අකිල අතර ආදරයක් ඇති වුනේ ඔවුන් දෙදෙනාටත් හොර රහසිනි.එකල අකිලගේ හොඳම මිතුරා වූයේ චාමර නිම්නාදයි. දෙදෙනාගේ යාළුකම නිසා ඔවුනොවුන්ගේ නිවෙස් වලින් එකක කාලය ගත කිරිම ඔවුන්ගෙ සිරිතක් විය. අකිල එකල වැඩිපුරම කාලය ගත කලේ චාමරගේ නිවසේය. එහි ප්‍රථිඵලයක් ලෙස අකිලත් චාමරගේ නැගනිය නෙතුකිත් ප්‍රේම දැලේ පැටලීමට වැඩිකල් නොගියාය.
චාමරටත් අන් අයටත් හොර රහසේ ඔවුන් දෙදෙන අසීමාන්තික ලෙස පෙමින් වෙළුනාය.දෙදෙනා දෙදෙනාට පන ⁣මෙන් දැඩිසේ ආදරය කලාය. දෙදෙනා ආදරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම තරණය කරමින්⁣ ලොවටම රහසේ පෙම් සුව වින්දා ය.
නමුත් එක් දිනක මෙම රහස නොරහසක් විය. ඔවුන්ගේ ආදරය සංකේතවත් කිරිමට නෙතුගෙ කුස තුල කලලයක් වැඩෙමින් පැවතින.
එය දැනගැනීමෙන් පසු නෙතූගේ මවත් පියාත් අකිල හමුවන්නට ගියේ වෙනත් යමක් කිරීමට නැති නිසාය. ඔවුන් අකිල හමුවේ පිංසෙන්ඩු විය.
අනේ අංකල්. මං නංගට ගොඩක් ආදරෙයි. මං කවදාවත් එයාව තනි කරන්නෑ.එයාව මං ජීවිත කාලෙම මං හොඳට බලා ගන්නං. මට එයාව කසාද බඳින්නයි ඕන.
උඹ මොකක්ද යකෝ මගෙ නංගිට කලේ.....
එකවරම එතනට කඩාපැන්න චාමර අකිලගේ කොලරයෙන් අල්ලා බිත්තියේ ගැසීය.
දැන ගනිං පරයා මං තොට සැලකුවෙ මගෙම සහෝදරයෙක්ට වගේ. එහෙම ඉඳපු මගෙ නංගිට නේද යකෝ තෝ මෙහෙම කලේ..... ද්‍රෝහියා....
ඉන්පසු එතන ඇති වූයේ කෝලහලයකි. දෙදෙනාම නාගයන් සේ
කිපිලාය.
බැහැපිය මගෙ ගෙයින් දොට්ට. මට උඹත් එපා උඹෙ නංගිත් එපා. උ⁣ෙඔයි මගෙයි යාළු කම් අදින් ඉවරයි.
මගෙ නංගිව කපල ගඟේ මුහුදෙ දැම්මත් තෝ වගේ එකෙකුට දෙන්නෑ යකෝ.
දඩා......ස්..... දොර ශබ්ද නගා වසා දමා කාමරයට වැදුණු අකිල එදින හොඳටම ඇඬුවාය. ඔහුට වඩාම දුක හිතුනේ තම ආදරය අහිමි වීමට වඩා කුඩා කල සිට පැවති මිත්‍රත්වය අහිමි වීමයි. ඔහු මෙසේ දින ගනනක් නොකා නොබී හඬන්නට ඇත.
අවසන ඔහු දැඩි තීරණයකට එලඹිනි. ඒ මේ රට අතහැර යාමටයි. අද මේ ඔහු පැමින ඇත්තේ වසර හතරකට පෙර ඒ ගිය ගමනය. මේ වසර හතරටම ඔහු නාඬපු දවසක් නැති තරම්ය. කුමක් කරන්ටද. ඔහුට නැවත ඇය හමුවට පැමිනිමට ඇත්තේ ලැජ්ජාව කි.
-----------------------------------
තෑන්ක්ස් මැට්ටි මට ඇත්ත තේරුම් කලාට.
අකිල පැවසුවේ නංගිව බදාගෙනය.
අයියා... දැං ඔයාගෙ වාරෙ. යන්න ගිහින් චාමර අයියාගෙනුයි අක්කිගෙනුයි සමාව ගන්න. වෙච්ච වැරැද්ද හදා ගන්න.
ඔව් පුතා... අපි චේචර ඩ්‍රාමා එකක් කලේ ඔයාට මේක තේරුම් කරන්න. යන්න ගිහින් දැම්මම අපේ ලේලි පොඩ්ඩව එක්කන් එන්න.
ඒ අම්මා හා අප්පච්චියි .
----------------------------
අකිල මෝටර් රියෙන් බසින විටම දුටුවේ කුඩා දරුවකු සමග එකතු වී බට පතුරු පාහින චාමරවය.
චාමර..... මට සමා වෙයන් මචං. මං එදා කලබල උනා වැඩියි. වැරැද්ද මගෙ. මට සම⁣ාව දීපන්.
අකිලගේ හඬින් චාමර තිගැස්සී ගියාය. අනතුරුව අකිල දෙස මදක් බලා සිට කුඩා දරුවා සමග කතාකලාය.
සුදු පුතා හැමදාම මොනවද මාමිගෙන් ඉල්ලන්නෙ...?
තාත්තිව.... කුඩා දරැවා පිළිතුරු දුනි.
එහෙනම් අද පුතා ගුඩ්නෙ.බයියන් සේරම කෑවනෙ.ඒක නිසා මං පුතාට ලොකූ තෑග්ගක් දෙන්නයි යන්නෙ.
හා.... ෂෝයි...ෂෝයිි... මගෙ හොඳ මාමි
මේ ඉන්නෙ පුතාගෙ තාත්ති.
අකිලට ⁣තමාගේ දෙපතුලේ සිටම හිරි වැටී යනවා සේ දැනුනි. මේ තමාගේම ලේ ය. තම⁣ාගේම පුතාය. තමා කලලයක් කාලයේ අතහැර ගිය වස්තුවයි.
තාත්තා..............
පිරිමියෙකුට මෙලොව ඇසිය හැකි සුන්දරම වදන තෙපළු සිඟිත්තා දුවවිත් අකිලව බදාගත්තේ ⁣මහත් වූ සෙනෙහසකිනි.
මගෙ පුතේ.... රත්තරන්.... මගෙ මැණික... චූටි පුතේ... අකිල දරුවාව වඩාගෙන ඉඹගෙන ඉඹගෙන ගියේ මහත් වූ දාරක ස්නේහනයකිනි.
ඒ ඇස් වල කඳුළු ය.පිය සෙනෙහස දෝරෙ ගලයි.
චාමර... තැන්ක්ස් මචං. මගෙ දරුවව මෙච්චර කල් බලා ගත්තට.
උඹ මට නෙමෙයි බං තෑන්ක්ස් කරන්න ඕනෙ. මගෙ නංගිට. උඹ නිසා ලොකෙන්ම අපවාද අහගෙන උඹේ ලේ වලට පන දුන්න මගෙ නංගිට.
සොරි
මචං. උඹ මාත් එක්ක තාම තරහද. මට සමා වෙයන්. එදා ඒ කරපු දේවල් වලට.
නෑ බං. මාත් වැරදියි. එදා මං කිසිදෙයක් හොයල බලන්නැතුව කරපු දේ නිසා තමයි මේ හැමදේම. මං පස්සෙයි දැන ගත්තෙ උඹ නංගිව බඳින්න කැමති උනා කියල. මාත් වැරදියි . මං එහෙම නොකෙරුවනම් මේ කරදර මුකුත් නෑ. එහෙනම් මේ අහිංසකයටත් එයාගෙ තාත්තිව හම්බෙන්නෙ මීට කලින්.
චාමර පැවසුවේ පොඩි එකාගේ ඔලුව අතගාමිනි.
දැං ඉතිං පලයන් නංගිව බලන්න. ඒකිට ගොඩක් සතුටු හිතෙයි උඹව දැක්කම.
චාමර අකිලගේ පිටට පහරක් ගසමින් පැවසුවාය.
සුදු තාත්තී...... එන්න අම්මිව පෙන්නන්ඩ
⁣සිඟිති පුතා අකිලව ගේ ඇතුලට ඇදගෙන යනු දුටු චාමර ලොකු සුසුමක් ගත්තේ කලක පටං සිරකරං සිටියා සේය.

Writer- vimukthi

=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment