ජය ලැබූ ආදරය

කෙටිකතාවකි...
ජය ලැබූ  ආදරය   
..............

"ඇඩ්මිශන් ගත්තද සහේලි..."

"නෑ දැන් යන්න හදන්නෙ හිරූ......"

සන්තූර් රණබාහු ................මගේ අදරය තමයි ඒ...අපේ එෆෙයා එක පටන් ගත්තෙ අපි දෙන්නා දහය වසරෙදි....දැන් අපි ඕලෙවල් ලියන්නයි ලේස්ති වෙන්නෙ....

මම සහේලි විජේරත්න ....

මම සන්තූර් ට කිව්වෙ හිරූ කියලා ...මොකද එයා මගේ ජීවිතයට පායපු ඉර නිසා...

උපතින්ම අති දක්ශයෙක් උන හිරූ හැමදාම ක්ලාස් එකේ පලවෙනියා ...

මම  දුප්පත් කෙල්ලෙක්...
හිරූනම් සාමාන්‍ය පව්ලක...අපිත් එක්ක බැලුවොත් එයාලා පොහොසත්...

"හිරූ ඔයා පාඩම් කරලා ඉවරද දැන්.."

"ඔයා දන්නවනෙ සහේලි මම පාඩම් කරලා ඉවර උනේ...අගෝස්තු වලනෙ..."

"ඔව්  මම දන්නවා මගෙ දක්ශයා ගැන..."

ඇත්තටම හිරූ ගොඩාක් දක්ශයි....අපි දෙන්නම දක්ශයි කිව්වත් වැරැද්දක් නෑ...ඒත් මට වඩා හිරූ ගොඩාක් දක්ශයි.....

..........................

අපි එක්සෑම් ලිව්වා....එකෑසෑම්  අපි දෙන්නටම  ලේසියි ...ඉතිම් කිසිම ප්‍රශ්නයක් අපට තිබුනෙ නෑ..

තිබුනනම් තිබුනේ මුදල් ප්‍රශ්න තමයි...මගේ තාත්තා කුලී වැඩ කලේ...දවසට හම්බවෙන සුලු මුදලින් තමයි ක්ලාස් පීස් ගෙව්වෙ...ගෙදර කෑම බීම ලෙඩ වලට හැමදේටම වියදම් කලේ තාත්තා හම්බ කල සුලු මුදල විතරයි....බොහොම අරපරිස්සමට අම්ම ඒ මුදල් වියදම් කලේ....

මේ අගහිඟකම් නිසාම මට ඕලෙවල් වලින් පස්සෙ කෝස් එකකටවත් යන්න හිතුනෙ නෑ....තාත්තා ගොඩාක් මහන්සි වෙලා හැන්දෑවට ගෙදර ඇවිත් කෙඳිරි ගාන හඬ ඇහෙද්දි මට අහගෙන ඉන්න බෑ....තාත්තගෙ කකුල් වල අම්මා  බාම් ගන්නෙ ඉස්සරහ ඉඳගෙන....මම හිටියෙ කාමරේ...

"කෙල්ලො දෙන්නා ලොකු වෙනකල් විතරයිනෙ අපේ මහත්තයා. මේ දුක් විදින්න වෙන්නෙ.."

"මම මගේ කෙල්ලොන්ගෙන් හම්බකරගෙන කන්නෙ නෑ නෝනෙ..මට ඕනෙ මගෙ කෙල්ලො දෙන්න  ලොකු නෝනලා දෙන්නක් කරන්න...."

"එහෙනම් අපේ මහත්තය දූලා දෙන්නා ඉගෙන ගෙන ඉවර වෙනකල් මම අර කොහු මෝලෙ වැඩට යන්නද..."

"මට පුලුවන් තාම කන්න අඳින්න දෙන්න...හා දැන් ඇති ඔය බාම් එක ඔහෙන් තිව්වනම්....."

තාත්තා අවසාන ටික කිව්වෙ ටිකක් රලු හඬින්... අපේ තාත්තා කැමති  නෑ අම්මවත් ජොබ් එකකට යනවට..අම්මා ඒ ගැන කතා කරොත් අවසානෙට වෙන්නෙ තාත්තා  කේන්තිගන්න එක...

මට තාත්තා ගැන දැනෙන්නෙ පුදුම දුකක්...මේ විදවන්නෙ නංගියි මායි වෙනුවෙන්  කියලා මතක් වෙද්දි ඒ වේදනාව වැඩිවෙන්නෙ කියා ගන්න බැරි තරම් අසරනකම නිසා....

මට හිටියෙ නංගියෙක් විතරයි...මගේ නංගි මට පුන්චි සුරන්ගනාවි යක්.....
විනායා විජේරත්න......

මට වඩා  අවුරුදු තුනකට බාල උනත් ඇත්තටම මට හොද නංගියෙක් වගේම ගොඩක් හොඳ යාලුවෙක්....

කාලය ගත වෙන්නෙ හරි ඉක්මන්ට......
හිරූගෙයි මගෙයි ආදරේ කාටත්ම හොරෙන් ඉස්සරහට යන්නෙ කාලයත් එක්කමයි.....

රිසාල්ට් ආවා.........මම ඉස්සෙල්ලම බැලුවෙ හිරූගෙ රිසාල්ට් ...

දෙයියනේ මගෙ හිරූට A 9යි...මගෙ ඇස් වලට කදුලක් ආවෙ සතුටට...

මම ඊලගට බැලුවෙ මගෙ රිසාල්ට් ...
මෙච්චර දවසක් චූටි බයක්වත් එක්සෑම් ගැන නොතිබුනු මට මේ තත්පර කිහිපය  මාව ගැහෙන්නෙ බයටද  කියල මට හිතාගන්න බැරි උනා.........

A6 B3යි .. මගේ රිසාල්ට් එක මට ලොකු සතුටක්...මම ගෙදර දුවලා ගියේ අම්මටයි තාත්තාටයි  කියන්න...

මම ගෙදරට යද්දි තාත්තා ඉස්සරහට ආවෙ මගේ මුහුන දෙස බලමින් ...

තාත්තා ට රිසාල්ට් එක කියාගෙන
මම තාත්‍තගෙ අත් දෙක අතරින් තාත්තාගෙ පපුවට තුරුලු උනේ ඒ ඇස් දිහා බලමින් ...

තාත්තගෙ ඇස්වල කඳුලු දකිද්දි මට දැනුනෙ ලොකු සතුටක්....ඒ සතුටු කඳුලු තමයි හැමදාම මම බලාපොරොත්තු උනේ...

මගේ කදුලු වලින් ඒ පපුව තෙත් වෙද්දි  තාත්තා මගේ මූන ගත්තෙ තාත්තගෙ දෝතට...

"මගෙ පුතේ ...මගෙ ඇස් දෙක උබලා දෙන්නා...මගෙ පුන්චි පැටව් දෙන්නා තමයි  අපේ වාසනාව ...."

මම ආයෙ තාත්තා ට තුරු වෙලා ගොඩාක් වෙලා හිටියෙ පුන්චි බබෙක් වගේ....

මම ආර්ට් වලින් ඒලෙවල් කරන්න තීර්නය කලේ ලේසියෙන්ම ඒලෙවල් කරගන්න පුලුවන් වෙයි කියන විශ්වාසයෙන් ....

මොකද  වැරදිලාවත් සකන්ඩ් ශයි තර්ඩ් ශයි කරන්න උනොත් වියදම් කරන්න තරම් මගේ තාත්තට සල්ලි තිබුනෙ නෑ....ඒක නිසාමයි මම ඒ තීරනේ ගත්තෙ...

"සහේලි මම හිතුවෙ මැත්ස් වලින් ඒලෙවල් කරන්න ..."

හිරූ මට කියද්දි ඇත්තටම මට සතුටක් ඒ ගැන තිබුනත් අපි ඒකෙන් ටිකක් දුරස් වෙන එකට මගේ හිතේ තිබුනෙ දුකක්....ඒත් මම ඒක කියලා හිරූගෙ හිත රිද්දන්න මට බෑ...

"ඒක හොඳයි හිරූ...ඉන්ජිනියර් කෙනෙක් උනාම කාටද ආඩම්බර ..."

මම කිව්වෙ බොරු සතුටක් පෙන්වන ගමන්...

"මොනවද එතකොට මේ කෙල්ල කරන්න හිතන් ඉන්නෙ..."

"ආර්ට්...හිරූ අපේ තාත්තට  ගොඩාක් කල් මහන්සි වෙන්න දෙන්න බෑ....ඒකනිසා ෆස්ට් ශයි එකෙන්ම කැම්පස් යන්න පුලුවන් වෙයි ආර්ට් කලොත්...."

හිරූ මොකුත් මගේ තීරනය වෙනස් කරන්න කිව්වෙනෑ ...එයා මාව තේරුම් ගත්‍ත එකට මට සතුටුයි....

"සහේලි එහෙනම් අපි දෙන්නම ආර්ට් කරමු ...මට ඔයාව ඈත් කරගන්න බෑ...අනික මට මේ කෙල්ලව නොදැක ඉන්න පුලුවන්ද..ක්ලාස් වෙනස් වෙද්දි අපිට අපි හමු වෙන්නෙ නෑනෙ ගොඩාක් වෙලාවට....ඔන්න එහෙනම් ඔයාගෙ හිරූත් ආර්ට්..."

මම හිනා වෙලා ඒ නලල මත මගෙ තොල් පෙති තියලා මොහොතකට පසු ආයෙ පිටුපස බැලුවෙත් නැතුව  දිව්වෙ ගෙදරට .. අපි දෙන්නා හැමදාම හමු වෙන ගහ ලඟදි අපි  හමු උනේඑ...
හිරූ අල්ලපු ගමේ උනාට  අපි ගොඩාක් වෙලාවට මේ ගහ ලඟදි හමු වෙනවා...

අපි දෙන්න එකම ක්ලාස් වලට ගියේ ...
හැමදාම වගේ තියෙන පේපර් වලින් හිරූ ක්ලාස් එකේ පලවෙනියා...මම තුන් වෙනියා.....

මට ඕනෙ උනේ මම තරඟ කලේ දෙවෙනියා වෙන්න මිසක් පලවෙනියා වෙන්න නෙමෙයි....මොකද මගේ හිරූ එක්ක මට තරඟයක් නෑ...

මේ දේවලුත් එක්ක කාලය ගත උනේ හරි ඉක්මනට....අපි නොදැනීම ඒලෙවල් එක්සෑම් ලන් උනා....

අපි ඒලෙවල් ලිව්වා....අපි දෙන්නගෙ ආදරෙත් දවසින් දවස වැඩි උනා....ක්ලාස් එකේදි වගේම එද්දි හමුවෙලා අපි කතා කරා ඇරැන්න  ගෙදරට කියන්න බැරි ගමන් අපි කවදාවත් ගියේ නෑ....

ඒලෙවල් රිසාල්ට් ආවා.....සතුට දෝරෙ ගැලුවෙ හිතුවෙවත් නැති විදියට....

දිස්ත්‍රික් ෆස්ට් සන්තූර් රනබාහු....මොනතරම් සතුටක්ද....ජීවිතෙ මම ගොඩාක් ම සතුටු උන දවස...මම නිසා ආර්ට් කරලා එයාට වැරදුනේ නැති එකට මට සතුටුයි....එයාටත් එහෙමයි...හිරූ එදා ගත්ත තීරනය ගැන අද ගොඩාක් සතුටින්....මම දිස්ත්‍රික්කයේ තර්ඩ් ප්ලේස් එක ගත්තා....

දෙන්නම ලෝ  ෆැකල්ටි යන දවස ලන් උනේ අපි දෙන්නටම දුක හදවතේ තැන්පත් කරමින්.......
තාමත් අපි ගැන දන්නෙ මගෙ නංගා විතරයි...
ඒ පිස්සි මට විස්වාසයි....කටවත් නොකියන්න මම මගෙ නංගා පොරොන්දු කරගත්තා....

මම යන්න ලේස්ති වෙලා අම්මගෙයි තාත්තගෙයි කකුල් දෙක අල්ලලා වැන්දෙ දුක හන්ගගෙන....
මගෙ නංගා මූන එල්ලගෙන ඉන්න හැටි දැක්කම මට නොයා ගෙදර ඉන්න තරම් ....
මම  අමමගෙයි තාත්තාගෙයි  ආශිර්වාදය ගත්තෙ නංගා ගෙ මූන දිහා නොබලා...

"මයෙ පුතේ හොදට ඉගෙන ගෙන එන්න ඕනේ...මේ අම්මටයි තාත්තාටයි  ඉන්නෙ උබල දෙන්න විතරයි...තනියම ඉද්දි ප්‍රශ්න ගොඩාක් එයි...හැමදේම අපට කියන්න මයෙ පුතේ ...තනියම විඳවන්නෙ නැතුව  මොනව හරි ප්‍රශ්නයක් උනොත් අපට  කියන්න ඕනෙ....මගෙ පුතේ දුක් විඳපු අපට ජීවිතේ හදාගන්න තියෙන එකම මග තමයි මේ....විනාස කරගන්නෙ නැතුව ජීවිතේ පරිස්සම් කරගන්න ඕනෙ....තේරුනාද ...මගෙ ලොක්කිට...."

මම  තාත්තාගෙ තුරුලෙන් මිදුනෙ ඒ අවවාදත් එක්ක....

නංගගෙ මූන අතගාලා මම යන්නයි ලේස්ති උනේ....නංගත් එක්ක කතා කලොත් මට ගමන නතර කරන්න වෙන එක හොදටම ශුවර් ...

මිදුලෙ හිටි නංගා ගෙට දිව්වෙ ඒ මූන අදුරු වෙලා යද්දි....ඒක එක අතකට හොදයි ...මට මගෙ නංගා අඩනවා බලලා ගෙදරින් යන්න බෑ.....මගෙ නන්ගිට මම ගොඩාක් ආදරෙයි.....

පුන්චි හරි හිතට සැනසීමක් තිබුනේ හිරූ මගෙත් එක්ක ඉන්නවා කියලා දැනුන නිසයි..

.................

කාලය ගත උනේ පියාපත් ලද විගස.........

අවුරුදු තුන හමාරක් ගෙවුනෙ පුදුම තරම් ඉක්මනින්...

ලෝ ෆැකල්ටියේ අවසාන මාස දෙකයි මේ ගෙවෙන්නෙ.... කාලය ගත වෙන්නෙ අපි දෙන්නගෙ ආදරේ තවත් ලන් කරමින් වගේම ශක්තිමත් කරමින්.....

අපි දෙන්නගෙම හිතේ තිබුනෙ අපේ පව්ල් දෙක ගොඩ ගන්න....ඒ වෙනුවෙන් අපි පාඩම් වැඩ වෙනුවෙන් මහන්සි උනා....අපි දෙන්නගෙම හිතේ ලොකු බලාපොරොත්තු ගොඩාක් තියෙනවා....

ලස්සනට පොඩි වෙඩින්ග් එක අරගෙන ලස්සනට ජීවිතේ පටන් ගන්න....
අපි දෙන්නම හීන දැක්කා....සමහර මම හිතින් කඩාගෙන වැටෙන අවස්තාවල  හිරූ මගෙ හිත හදලා මාව ශක්තිමත් කරන්නෙ පුදුම ආදරේකින්....ආදරේ කියනවටත් වඩා ඒක ලොකු සෙනෙහසක් .....

".ඇත්තටම  මම ගොඩාක් වාසනාවන්තයි ..."

මම මිමුනුවේ මගෙ හිතටමයි.....ෆොන් එක රින්ග් වෙද්දි මගේ ඇස් ගියේ ෆෝන් එකට....

"හෙලෝ ....පුතේ ..."

,"ඔව් තාත්තෙ කියන්න..."

"පුතා හෙට එනවනෙ...."

"ඔව් තාත්තා හෙට පන්දරින්ම මම එනවා.. දහය විතර වෙද්දි එන්න පුලුවන්......"

"හා...පුතේ පරිස්සමෙන් ...."

මේ මගේ තාත්තගෙ හැටි මම ගැන හොයන්නෙ හරියට...ඒත් අද කතා කරපු විදිය මගෙ හිතට පොඩි අමුත්තක් දැනුනත් මම ඒක එච්චර හිතුවෙ නෑ.....

..............
මගේ නංගාත් දැන් කැම්පස්...එයාත් ගෙදර නැති නිසා මට දැනෙන්නෙ ලොකු පාලුවක්......

මම ගෙදර ඇවිත් මිනිත්තු කිහිපයක් ගත වෙද්දි ගෙදරට ආවෙ තරුනයෙක්..

එයා අපේ ගෙදර අයත් එක්ක වගේම මාත් එක්කත් සාමාන්‍ය විදියට කතා කරලා දවල්ටත් කාලා ගියා ...ඒත් මම දන්නෙ නෑ කවුද කියලා....

තාත්තා මට බලමු මනමාලයා  කියලා මම දැන ගත්තෙ අම්මා මට කියද්දි.....
අම්මා කියන්නෙ එයත් මට කැමැතිලු...
තාත්තට එයා යද්දි කියලා ගිහින්. ..
කඩවසම් පෙනුමක් තියෙන ඒ තරුනයගෙ නම විහඟ දෙනුවන් ගජධීර....

"පුතේ ...ඒ දරුවා හොද වැදගත් පව්ලක..තාත්තා දුට බන්දලා දෙන්න ආසාවෙන් හිටියෙ ඉංජිනියර් කෙනෙක් ...තාත්තා හොයපු හැම සුදුසුකමක්ම මේ දරුවට තියෙනවා....මේ  දරුවා මගෙ ලොක්කිට හොදට ගැලපෙනවා...පුතේ අකමැත්තක් නෑ නේද....

අම්මා එහෙම කියනකල් මම දැන ගෙන හිටියෙ මගේ තාත්තගෙ හිතේ එහෙම ආසාවක් තියෙනවා කියලා.....ඒක කිව්වම මට දැනුනෙ ලොකු දුකක් මගේ තාත්තා ගැන...මම කොහොමද මෙච්චර දුක් විදල හදපු තාත්තාගෙ බලාපොරොත්තු නැති කරන්නෙ....මට කිය උනේ ඒ මූන බලාගෙන මට අම්මගෙ හිත රිද්දන්න බැරි නිසයි...

"නෑ අම්මා......"

මම කාමරේට ගියේ අම්මට ඒ උත්තරේ දෙන ගමන් ..

අනේ දෙවියනේ දැන් මම මොකද කරන්නෙ....මම කොහොමද මේක හිරූට කියන්නෙ...මගේ තාත්තා මගේ පලවෙනි ආදරේ....හිරූ මගේ ලෝකෙ දෙවනි ආදරේ.....මේ දෙන්නම නැතුව මට ජීවිතේ ගැන හිතන්න බෑ....

....

මම හිරූව  හම්බ වෙලා හැමදේම කිව්වා.....හිරූ ගොඩාක් දුකින් කියලා මට හොදටම තේරුනා..

"සහේලි .. අපි බලමු ....දුක් වෙන්න එපා මගෙ කෙල්ලෙ.....අපි හැමදේම කලේ තාත්තල වෙනුවෙන්...මම දන්නව මගෙ කෙල්ල තාත්තා ගෙ හිත රිද්දන්න කැමති නෑ කියලා..."

මගෙ අත් දෙක අල්ල ගත්ත හිරූ මගෙ ලගට තව ලන් උනේ බැරෑරුම් දෙයක් කියන්න කියලා මට තේරුනා..

"සහේලි .....මගෙ කෙල්ල එයාව බදින්න...මම දන්නවා තාත්තාගෙ හිත රිද්දුවොත් මගෙ කෙල්ල හැමදාම දුකින්..මට මගෙ කෙල්ල දුක් වෙනව බලන්න බෑ......"

මම හිරූගෙ ඇස් පිහ දැම්මෙ ඒ ඇස් වල කදුලු මට දකින්න බැරි නිසා....

නෑ හිරූ මම ඔයාවයි මැරි කරන්නෙ....මට වෙන කෙනෙක්ගෙ වෙන්න බෑ ....මාව ඔයාගෙ කරගන්නෙ හිරු..."

"දැන් මගෙ පන යන්න...අපි බලමු මොනවද වෙන්නෙ කියල...."

හිරූ මගෙ නලල මත උනුසුම් හාදුවක්...තියලා මාව මෑත් කරේ මට යන්නයි....

..............
කාලය ගත උනා...........

අවුරුදු තුනක් ගත උනෙ අපි දෙන්නගෙ දුක තවත් වැඩි කරමින්......

දැන් මම වගේම හිරූත් ලෝයර් කෙනෙක්... මගෙ නංගා ටීච කෙනෙක්...විහඟ ඉන්ජිනියර් කෙනෙක්....
.
තාත්තා ගෙ හිත රිද්දන්න බැරි නිසා මම කවදවත් හිරූ ගැන තාත්තට කිවවෙ නෑ....මගෙ නංගා මේ හැමදේම දන්නවා ....

මම විහඟට  මේ ගැන දවසක් කිව්වා........මොකද  මට මැරි කරන්න වෙන කෙනා රිද්දන්න බෑ....එකනිසාම මම විහඟට මේ දේවල් කියන්න හිතුවා............

"ව්හඟ...මම  සන්තූර් ගොඩාක් ලගින් ආශ්‍රය කලා......මට ටික කාලයක් දෙන්න විහඟ මගේ හිත හදාගන්න....."

විහඟ දන්නවා අපි දෙන්න ගැන මම කලින් නොකිව්වට........මම කිව්වෙ මගෙ හිතට සැනසීමක්  ඔනෙ නිසා.........

"මම ඔයාව මැරි කරන්නෙ සහේලි...ඔයා සන්තූර් අමතක කලත් නොකලත්.... කොහොමහරි හිත හදා ගන්න ..."

විහඟගෙ ඒ වචන මාව තවත් රිද්දුව මිසක් මගෙ  හිතට සැනසීමක් නම් ගෙනාවෙ නෑ........

"කෝ....ඇයි අප්පා මේ දෙන්නා  මුඩ් ගහල.......හිනාවෙලා ඉන්නකො දෙන්නටම කීව්වෙ....."

නංගා මට වගේම විහඟටත් ගොඩාක් ලගයි.....එයාට විහඟ පිට කෙනෙක් වගේ දැනෙන්නෙ නෑ...... නංගා හැමවෙලේම මට කියනවා තාත්‍තාට අපේ ආදරෙ ගැන කියන්න කියලා......ඒත් මට තාත්තාගෙ බලාපොරොත්තු සුන් කරන්න බෑ..................

විහඟගෙයි මගෙයි වෙඩින් එක හෙට.............මම අවසාන වතාවට ගියේ හිරූ හමුවෙන්න......

"හිරූ....ඔයා හෙට වෙඩින් එකට එන්නම ඕනෙ.....ප්ලීස් ......එනවනේද......"

"ඔයාට පුලුවන්ද සහේලි මම ලඟ ඉද්දි වෙන කෙනෙක්ගෙ වෙන්න.....කියන්න මගෙ කෙල්ලෙ ඔයාට පුලුවන්ද. ............මගෙ ජීවිතේ මම වෙන කෙනෙක්ට බාර කරන්න කැමති උනේ මගේ කෙල්ල තාත්තා මතක් වෙලා අඬනවා බලන්න බැරි නිසයි...මම එන්නම් හැබැයි  මගෙ කෙල්ල අඬන්න බෑ.    "

"මේ ආදරේ ඉස්සරහා මම කොහොමද  දෙයියනෙ වෙන කෙනෙක්ගෙ වෙන්නෙ........මම අසරනයි හිරූ........."

මම  හිරූගෙ කකුල් දෙක අල්ලලා වැන්දෙ මගෙ හිරූගෙන් සමාව ඉල්ලන්න ........මගෙ  හිරූ මාව නැගිට්ටුවෙ ආශිර්වාදය මගෙ අලුත් ජීවිතේට එක් කරමින්............

ඒ කදුලු කැට පොලොව මතට වැටුනෙ අපේ අදරේ වේදනාව අපේ හිත් ඇතුලෙ ඉතුරු කරමින්.....

.............

මගෙ ජීවිතේ ලස්සනම දවස අද කියලා අම්මා කියද්දි මට දැනුනෙ අද තරම් අවාසනාවන්ත දවසක් මගේ ජීවිතේ කවදාවත් තිබුනෙ නෑ කියලයි..............

මාව ලස්සනට හැඩ කරලා  මේසයක් ලගට එක් කරගෙන ගියේ මගෙ අම්මයි නංගයි ......අද  නංගා සුරන්ගනාවියක් තරම් ලස්සනයි ........

එතනට විහඟගෙ අම්මයි තාත්තයි දෙන්නත් ආවෙ
විහඟත් එක්ක.........

අපි දෙන්නගෙ විවාහය පොතේ සටහන් කරන්න සියලුම දේවල් සූදානම්......මම මග බලාගෙන හිටි රුව මම බලාගෙන ඉද්දිම මා ලඟටම ඇවිත්  මගෙ ලඟින් හිටගත්තේ මගේ ශක්තිය එයා බව මට අඟවමින්  ...........

මගෙ ලඟින්ම ඉන්නෙ මගෙ නංගායි විහඟයි හිරූයි......... 
අම්මලා තාත්තලා‍යි ලඟම නෑදෑයො කිහිප දෙනෙකුත් හිටියෙ ඒ අසලින්මයි............ සාක්ශිකරුවන් දෙදෙනාත් දෙපැත්තෙන් හිටගෙන හිටියෙ නැකත වෙලාව ආ නිසා......

වෙලාව හරි ....
දැන් මනමාල මහත්තයා මම කියෙව්වහම ..කියන්.න.......

විහඟ දෙනුවන් ගජදීර වන මම අද පටන් මාගෙ නීත්‍යානුකූල භාර්‍යාව ලෙස විනායා විජේරත්න පිලිගන්නා අතර...............

විහඟයි විනායාගෙයි ..........
මාව පුදුම උනේ මේ සිදු වන දේ අදහා ගත නොහැකිව ........

විවාහය නැකතට අනුව සිදුවෙද්දි....එතනට හිරූගෙ අම්මයි තාත්තායි ආවෙ මම හිතුවෙවත් නැති විදියට........ 

තවත් මොහතකින් සිදු උන දෙයින් මාව පුදුම උනේ නොසිතූ ලෙස......

අනිත් මනාල යුවල දැන් මේ වාක්‍ය කියන්න..............
.
සන්තූර් රණබාහු වන මම අද පටන් මාගේ නීත්‍යානුකූල බාර්යාව ලෙස සහේලි විජේරත්න පිලිගන්නා බව මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි..........

සහේලි විජේරත්න වන මම...............

මට දැනුනේ පුදුම සතුටක් ......මම හිරූ   ලගට නෙවෙයි ඉස්සෙල්ලම ගියෙ මගෙ තාත්තා ලඟට.......මම තාත්තාට තුරුලු උනේ මගේ ඇස්වල සතුටු කඳුලුත් එක්ක........... 
මගේ ජීවිතේ සම්පූර්න උනේ අද......

"මගෙ පුතේ ඇයි මට මොකුත්ම කිව්වෙ නැත්තෙ....පොඩ්ඩි මට කියනකල් මම දන්නෙ නෑ මගෙ පුතාගෙයි සන්තූර් පුතාගෙයි සම්බන්දයක් තියෙනව කියලා ........මට හැමදේටම වඩා වටින්නෙ මගෙ ලොක්කිගෙ සතුට  .....පොඩ්ඩි තමයි කිව්වෙ අක්ක පුදුම කරවමු කියලා......."

තාත්තා මගෙ ඔලුව අතගෑවෙ අපරිමිත සෙනෙහසකින් .......
මගෙ නංග මගෙ ජීවිතේ සතුට වෙනුවෙන් කරපු මේ හැමදේටම මම මගෙ නංගාට ණයයි............

මම මගෙ හිරූ ලඟට ගියේ ආත්ම ගානක් පෙරුම් පුරල මට මගේ හිරූ ලැබුනතරම් සතුටකින් ......හිරූ මාව අත් දෙකින් උස්සලා ගත්තෙ මගේ හීන ලෝකෙ ඇත්තක් කරමින්......

           සමාප්තයි...

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

4 comments:

  1. නියම කතාවක් සහෝ...

    ReplyDelete
  2. Woooow.anthima wenakan hithagnna bari una .man hithuwema eyalata eyalawa nathi wei kiyla.oya nam talented aaaa.congrats yalu

    ReplyDelete
  3. Woooow.anthima wenakan hithagnna bari una .man hithuwema eyalata eyalawa nathi wei kiyla.oya nam talented aaaa.congrats yalu

    ReplyDelete