අන්ධ ආදරය

#අන්ධ_ආදරය

😅😅😅💔💔💔😅😅😅 කෙටි කතාව

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

" අපර්නා.. කොහෙද ඔයා.. "

උදෙන් නැගිටලා අනුෂ්ක හැම තැනම හෙව්වේ එයාගේ අාදරණීය බිරිද අපර්නව..

" අැයි මහත්තයා මේ.. නෝනා උදෙන්ම කොහෙද ගියානේ. මහත්තයට කිව්වේ නැද්ද..?"

"අා.. මට අමතක උනානේ. ඊයේ රෑ මට කිව්වා කොහෙද යන්න තියෙනවා කියලා.. "

ගෙදර වැඩට ඉන්න සුමනට බොරුවක් කියලා අනුෂ්ක ආයේත් කාමරයට ගියේ උදෙන්ම අපර්නා ගියේ කොහෙද කියලා හිත හිත.

අවුරුදු තුනක ආදරේකින් දෙන්නම එකම වහලක් යටට වෙලා දැනට මාස පහක් විතර වෙනවා. කාත් කවුරුත් නැතුව අනාථ නිවාසෙක හැඳුනු අපර්නට අනුෂ්ක ආදරේ කරන්න පටන් ගත්තේ අප්පච්චිගෙ අවුරුදු පහේ දානයට අනාථ නිවාසයකට කෑම වේලක් දෙන්න ගිය වෙලාවක..

අප්පච්චිගෙ මරණෙන් පස්සේ ගෙදර හැම බිස්නස් වැඩක්ම පැවරුනේ අනුෂ්කට එයාට හිටියෙ නංගි කෙනෙක් විතරයි. එයත් හොඳට ඉගෙන ගෙන ඕස්ටේලියා පදිංචියට ගියේ අනුෂ්කගෙ හොඳම යාළුවා දර්ශන එක්ක විවාහ වෙලා. අම්මත් එයාලා එක්කම ඕස්ටේලියා ගියේ අනුෂ්කට අපර්නා එක්ක නිදහස් ජීවිතයක් ගත කරන්න ඉඩ දීලා..

" අනුෂ්ක.. "

ඇදේ හාන්සි වෙලා සිවිලිම දිහා බලන් හිටපු අනුෂ්ක ගැස්සිලා ගියේ අපර්නාගෙ කටහඬට..

" අපර්නා ඔයා කොහෙද ගියේ.. "

" ආ මං ළමා නිවාසෙට ගියා උදෙන්ම.. මැඩම් කතා කරා පොඩ්ඩකට ඇවිත් යන්න කියලා.. "

එහෙම කියාගෙනම අපර්නා බාත් රූම් එකට ගියේ තමන් අරන් ආපු බෑග් එක ඇද උඩින් තියලා.. ටික වෙලාවකින් අපර්නගේ ෆෝන් එකට කෝල් එකක් ආපු නිසා අනුෂ්ක ෆෝන් එක ආන්සර් කලා.

" සුදූ ඔයා පරිස්සමෙන් ගෙදර ගියාද වස්තු. හස්බන්ගෙන් අවුලක් උනේ නෑනේ.. "

අනුෂ්ක කතා කරන්නත් කලින් අනෙත් පැත්තෙ ඇහුන පිරිමි කටහඬට අනුෂ්ක ගැස්සිලා ගියේ මොනවද මේ වෙන්නේ කියලා හිතා ගන්නවත් බැරුව.

' දෙයියනේ අපර්නා ඔයා මට බොරුද කිව්වේ.. න් නෑ එහෙම වෙන්න බෑ. අපර්නා මට කවදාවත් බොරු කියන්නේ නෑ... බලමු ළමා නිවාසෙට ගිහින් අහමුකො.. '

ඉක්මනට ලෙහෙස්ති වෙලා අනුෂ්ක ළමා නිවාසෙට ගියේ අද උදේ අපර්නා ආවද කියලා මැඩම්ගෙන් අහන්න.

" අනේ නෑ මහත්තයෝ. අපර්නා හුඟ දවසකින් මේ පැත්තේ ආවේ නෑ. අපිව අමතක වෙලාද මන්දා දැන් කෙල්ලට.. "

හිතට එක එක දේවල් මතක් වෙද්දි අනුෂ්ක ගෙදර ගියේ අසිහියෙන් වගේ.. හැමදෙයක්ම දැනගෙන නොදන්නවා වගේ හැසිරුනු අනුෂ්ක හැමදාම හිතුවේ මේ දේවල් අත ඇරලා අපර්නා ආයේත් අනුෂ්ක එක්ක සතුටින් ඉඳිවි කියලා. ඒත් අපර්නට ලැබුනු නිදහසින් උපරින් ප්‍රයෝජන ගත්ත අපර්නා ටික ටික අනුෂ්කගෙන් ඈත් උනේ ඒ තමන්ගේ ස්වාමි පුර්ෂයා කියන දේවත් ගනන් නොගෙන.

" අපර්නා මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන.. "

" මට පරක්කු වෙනවා අනුෂ්ක මං පොඩි ගමනක් යන්න ඕන.. "

ඉක්මනට යන්න හදන අපර්නගෙ අතින් අල්ලගත්ත අනුෂ්ක අපර්නගෙ ඇස් දිහා කෙලින් බැලුවා..

" තවත් මං ඉවසන්න ඕනද අපර්නා. හිතන්නේ තමුන් කරන දේවල් මං දන්නේ නෑ කියලද ආ.. ඇයි මේ.. මට ආදරේ කරපු අපර්නමද මේ ඉන්නේ.. මං මාස තුනක් ඉවසුවා.. ආයේත් මගෙ පරන අපර්නා මට ලැබෙයි කියලා. තමුසෙට මොනවා වෙලාද ආ.. කව්ද මාලක කියන්නේ කියනවා. කව්ද මාලක කියන්නේ.. "

කෙල්ලගෙ උරහිසින් අල්ලගෙන හොල්ලපු අනුෂ්කගේ ඇස් දුකින් පිරිලා තිබ්බේ අපර්නා බලන් ඉද්දිමයි..

" ඒ මගේ ආදරේ.. ඔව් මාලක කියන්නේ මගෙ ආදරේ.. මං තමුන්ට අදරේ කලේ ආදරේකට නෙවේ සල්ලි වලට. මට තමුන්ට වඩා මගෙ මාලකව වටිනවා.. "

" මොකක්ද තමුසෙ කිව්වේ.. "

හිතේ තිබ්බ තරහට අත මිටමොලවලා ළඟ තිබ්බ දොරකට ගැහුවේ මොන දේ කලත් අපර්නාට අතක් උස්සන්න තරම් අනුෂ්කට හිත හදාගන්න බැරි නිසා..

" මට තවත් තමුසෙ එක්ක ඉන්න බෑ. මං යනවා මාලක ළඟට. ආයි මං ගැන හොයලා මගෙ පස්සෙන් එන්න එපා.. "

වේගෙන් ඉහල මහළට ගිය අපර්නා ටික වෙලාවකින් පහළට ආවේ ඇදුම් බෑග් එකකුත් අරගෙන.

" මං යනවා අනුෂ්ක.. "

කිසිම ගානක් නැතුව අනුෂ්ක දිහා බලලා එහෙම කියපු අපර්නට ගෙදරින් එළියට බහින්න ලැබුනෙත් නෑ ඔළුවත් අල්ලගෙන එතනම වැටුනේ අනුෂ්කත් බලන් ඉද්දි..

" අපර්නා.. මොකද උනේ.. අපර්නා කෝ රත්තරනේ නැගිටින්නකෝ.. "

කලබල උන අනුෂ්ක අපර්නව එයාගේ අත්දෙකෙන් උස්සගෙන ගිහින් ඇද උඩින් තියලා ඉක්මනට කෝල් කලේ එයාගේ යාළුවෙක් වෙන ඩොක්ට අකාෂ්ට..

" හරි මචං මං දැන්ම එනවා.. "

වැඩි වෙලා නොගිහින් ආකාෂ් ඉක්මනට ආවේ අනුෂ්කගෙ ගෙදරට..

" අනේ මචං මගෙ කෙල්ලට මොකද කියපන්කෝ.. "

" බය වෙන්න එපා. ටිකක් ඉවසපන්කෝ.. "

ටික වෙලාවක් අපර්නව පරික්ෂා කරපු අකාශ් අනුෂ්ක ළඟට ආවේ හිනා වෙවී..

" කන්ග්‍රැඩුලේෂන්.. බය වෙන්න එපා. උබ අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ.. "

ඒ කියපු දේට අනුෂ්ක ඇස් දෙකත් ලොකු කරගෙන ආකාශ්ව බදා ගත්තෙ හිතේ තිබ්බ සතුටට. අකාශ් ගියාට පස්සේ අනුෂ්ක අපර්නා ළඟට ආවේ ලොකු සතුටකින්..

" රත්තරන්.. අද ඉදන් වෙච්ච හැම දෙයක්ම අමතක කරලා අපි සතුටින් ඉමු. මං මගේ පනවගේ ඔයාව බලාගන්නවා.. පුළුවන් තරම් ආදරේ දෙන්නම්. අපි සතුටින් ඉමු.. "

" නෑ ඒක වෙන්නේ නෑ.. මට මගේ මාලකව ඕන.. මට තමුසෙව ඕන නෑ.. "

මොන දේ කලත් අපර්නව නවත්තන්න බැරි උනා.. එයාට ඕන උනේ බඩේ ඉන්න දරුවව නැති කරලා මාලක ළඟට යන්න.

" මට තමුසෙගෙ ළමයි ඕන නෑ.. මට මේ දරුවා වැඩක් නෑ.. මට ඕන මගේ මාලක.. "

" හරි තමුන්ට ඕන මාලකවනේ.. පලයන්.. ඌත් එක්කම පලයන්. ඒත් මේ ළමයට මුකුත් වෙන්න බෑ.. ළමයා හම්බෙනකන් මෙහේ ඉඳලා ඕන තැනක පලයන් මට ළමයව දීලා... එතකන් ගෙදරින් එළියට යන්න බෑ.. කොහේ ගියත් මාත් එක්ක යන්න ඕන.. ඊට පස්සේ මගෙන් තමුන්ට කිසි කරදරයක් නෑ.. "

හිතේ දුක හිරකරගෙන අපර්නා දිහා බලලා කාමරේට ගිය අනුෂ්ක ඇස් පියාගෙන කල්පනා කලේ එයාගේ ජීවීතේ ගැන..

පන වගේ ආදරේ කරපු මුල්ම කෙල්ලව ගෙදරින් කැමැත්තත් අරන් කසාද බැන්දේ හීන ගොඩාක් හිතේ හිර කරගෙන. ඒත් දැන් ඒ හීන හැම දෙයක්ම බොඳ උනේ හිතුවෙවත් නැති විදිහට.. කාලය ගියේ ගොඩාක් වේගෙන්.. බබා හම්බවෙන්න සතියකට කලින් අනුෂ්ක අකාශ්ව මීට් වෙන්න ගියේ වෙක කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැති නිසා..

" මචං මට උබ ගැන දුකයි බං. හොඳ අයටමයි බං කරදර.. ඇයි අපර්නා උබ ගැන තේරුම් නොගන්නේ.. "

" එයා ආදරේ මාලකට බං.. මේක මගේ ලැබීම. දරුවා ලැබුන ගමන් දරුවත් අරන් මං යනවා ඕස්ටේලියාවට. අම්මයි, නංගි  එහෙනේ.. "

" ඒත් බං එයාලා අපර්නා ගැන ඇහුවොත් උබ මොකද කියන්නේ.. "

" මට හිතා ගන්න බෑ බං. එන දේකට මූණ දෙනවා.. "

----------------------------------

" අනුෂ්ක.. අනුෂ්ක.. "

අපර්නගෙ සද්දෙට බය වෙලා කාමරේට දුවපු අනුෂ්ක ඇඳ උඩට වෙලා වේදනාවෙන් දඟලන අපර්නවා තම දෝතට අරගෙන හැකි ඉක්මනින් ගියේ හොස්පිටල් එකට..

' අනේ මගේ රත්ත්තරන්ට මුකුත් වෙන්න එපා දෙයියනේ.. මගේ පන මේ දෙන්නා. අනේ කිසිම කරදරයක් කරන්න එපා.. '

අපර්නා දුන්න හැම වේදනාවක්ම අමතක කරලා අනුෂ්ක දෙවියන්ගෙන් ඉල්ලුවේ එච්චරයි. ඒත් අනුෂ්ක දන්නවා අපර්නා ආයේත් එයා ළඟට එන්නේ නෑ කියලා..

අනුෂ්ක පුළුවන් ඉක්මනට අපර්නව හොස්පිටල් එකට එක්කන් ගිහින් බලන් හිටියෙ මෙච්චර දවසක් එයා ආරක්ෂා කරපු එයාගේ පන පුංචි පුතාවත් අරගෙන රට යන්න.. ඒ අපර්නා හැමදාම කිය කිය හිටියේ පුතා හම්බ උන ගමන් එයා මාලක ළඟට යනවා කියලා.. ඒ නිසයි දරුව ලැබුන ගමන් අනුෂ්ක දරුවත් අරගෙන රට යන්න තීරනය කලේ..

" සොරි මිස් මිස්ගේ බබා නැති උනා.. "

නර්ස් කෙනෙක් ඇවිත් අපර්නට කියද්දි එයා දැක්කා වීදුරු දොරෙන් අනුෂ්ක එයා දිහා දුකින් බලන් ඉන්නවා..  අපර්නා කට කොනින් හිනාවක් දාලා අහක බලාගත්තා.. අනුෂ්ක ඇතුළට ආවේ අන්තිම පාරට අපර්නට කියලා යන්න..

"තමුසේ වගේම පව්කාරයෙක් තමා.. අද ඉදන් මට නිදහසේ ඉන්න පුළුවන්.. "

" ඔව් අපර්නා මං මහා පව්කාරයෙක්. ඔයාට ඕන හැම දෙයක්ම මං ලෑස්ති කලා. මට මෙහේ තියෙන හැම දෙයක්ම ඔයාගේ නමට ලිව්වා. අපි දෙන්නා හිටිය ගෙදර ඇරෙන්න. ඒක එහෙම්ම තිබුන දෙන්. ඔයා අද ඉදන් නිදහස්.. සතුටින් මාලකත් එක්ක ඉන්න.. අද ඉඳන් කවදාවත් මේ පව්කාරයා ඔයා ඉස්සරහට එන්නේ නෑ.. සමාවෙන්න මෙච්චර කාලයක් මගෙන් උන වැරදිවලට.. මං යන්නම් පරිස්සමෙන් ඉන්න.. "

----------------------------------

වසර විස්සකට පසු....

" අඩෝ බිනර උබ ලංකාවට ආවද බං.. "

" ඔව් ඔව්.. ඇයි අපිට ලංකාවට එන්න හොඳ නැද්ද... ආ.. "

" අනේ නෑ මචං.. උබ ඉතින් ඕස්ටේලියාමනේ.."

" ඔව් බං. කොහෙද අපේ අප්පච්චි එන්න දුන්නේ නෑනේ බං.. උබත් ලංකාවට ආවහම මටත් එන්න හිතුනා. අප්පච්චිට බල කරලා කොහොමහරි අවා.."

" හ්ම් කෝ ඉතින් අන්කල්.. "

" එයා ගෙදර.. මේ යමුද මොනවා හරි බොන්න. මං මෙහේ තැනුත් දන්නේ නෑ බං.. "

" හරි යමං.. "

බිනර එයාට හිටපු හොඳම යාළුවා වගේම අප්පච්චිගෙ හොඳම යාළුවගේ පුතා ජනිත් එක්ක එයාගේ වාහනට නැග්ගේ නිදහසේ දෙන්නා එක්ක ටිකක් කතා කරන්න.. 

වාහනය පන ගන්වලා ටික දුරයි යන්න ලැබුනේ පාර පැන්න ගෑනු කෙනෙක් වාහනේ හැප්පුනා..

" ඒ ජනියා.  මොකක්ද බං උනේ.. "

බිනර කලබලෙන් වාහනෙන් බැහැලා ඒ ගෑනූ කෙනා ළඟට ගියා..

" ආන්ටී.. අනේඑ සමාවෙන්න ආන්ටී. ගොඩාක් අමරුද.. ? "

" ඒ හැටි අමාරුවක් නෑ පුතේ.. මගෙයි වැරැද්ද.."

" ඒ ජනියා මේ බලපන්කෝ.. ආන්ටි කියන කතාව.. අමරු නෑලු. අතෙනුයි, ඔළුවෙනුයි ලේ බේරේනවා.. කෝ කෝ ආන්ටි නගින්න කා එකට. අපි බෙහෙත් දාන්න යමු.. "

" එපා පුතේ.. මේක ඒ හැටි දෙයක් නෙවේ.. පුතාට පුළුවන්නම් මට රුපියල් සීයක් දෙන්න. උදේ ඉඳන් මුකුත් කාලා නෑ.. ඒකයි කරකැවිල්ල වගේ ඇවිත් පාර පනිද්දි වාහනේ  හැප්පුනේ.. "

බිනර ඒ දිහා බලන් හිටියේ ගොඩාක් දුකින්..

" එන්න ආන්ටි. අපි බෙහෙත් දාගෙන. කෑම කන්න යමු.. "

" ඒත්.., "

" ෂ්ෂ්ෂ්ෂ්.. කතා කරන්න එපා. මං කිව්වොත් කිව්වා.."

බිනර ආන්ටිවත් කා එකට් නග්ගගෙන ජනිත් එක්ක ආවේ හොස්පිටල් එකට. ඒ ජනිත්ගේ තාත්තා වැඩ කරන හොස්පිටල් එක..

" මචං බිනර. උබ ආන්ටිට බෙහෙත් දාගෙන කා එක ළඟින් හිටපන්. මං අප්පච්චිව මීට් වෙලා එන්නම්.. එයාට හැපි දවසක් වෙයි අද.. "

බිනර හා කියන්න ඔළුව වැනුවේ එයාගෙයි, ජනිත්ගෙයි අප්පච්චිගෙ යාළුකම දැකලා. ඒ වගේම යාළුකමක් තමා අද ජනිත්, බිනර අතර තියෙන්නේ..

තුවාල වලට බෙහෙත් දාලා බිනර ආන්ටිත් එක්කම ආවේ ජනිත්ගෙ කා එක ළඟට. කා එකේ බොනට් එකට හේත්තුවෙලා යතුර උඩ දදා හිටපු ජනිත් මේ දෙන්න එනවා දැකලා වාහනයට නැග්ගා.. එන්න ආන්ටි.. අපි යමු..

බිනර දොර අරින ගමන් ආන්ටි දිහා බලලා එහෙම කියද්දි ආන්ටිගෙ මූණ දැකලා ආයේත් එයා පැත්ත හැරුනා.

" ආන්ටි ඇයි මේ.. ඇස් වල කඳුළු.. "

" මටත් හිටියනම් ඔයා වගේ පුතෙක්... "

" ඇයි ආන්ටිට ළමයි නැද්ද.. ? "

" හිටියා ඒත් දැන් නෑ.. "

බිනර ඒ ගැන තවත් මුකුත් අහන්න නොගියෙ තමන්ගෙ අම්මා වගේ ඉන්න ගෑනු කෙනාගේ කඳුළු බලන්න බැරි නිසා..

" ආන්ටි හිතන්නකෝ මං ආන්ටිගෙම පුතෙක් කියලා. ඒ හින්දා ඔය ඇස් වල තියෙන කදුළු පිහිදාගෙන යමු. මොකද පුතාලා කැමති නෑ අම්මලා අඬනවට.. "

දෙන්නම කාර් එකට නැගලා වාහනය පාරට දානවත් එක්කම බිනරට කෝල් එකක් ආවා..

" කියන්න අප්පච්චි.. "

" කොහෙද පුතා ඉන්නේ.. "

" මං මේ ජනියා එක්ක එනගමන්.. අප්පච්චි.. "

" හරි පුතා පරිස්සමෙන් ගෙදර එන්න.. අකාෂ් අන්කලුත් එනවා ආවා. "

බිනර කෝල් එක කට් කරලා බැලුවෙ ජනිත් දිහා..

" උබලගෙ අප්පච්චි අපේ ගෙදරලුනේ බං. "

" උබට කියන්න බැරි උනානේ.. අපොඅච්චි හොස්පිටල් එකේ හිටියෙ නෑ..  උබලගෙ අප්පච්චි කෝල් කරහම ගියා කිව්වා එහේ. මක් කෝල් එකක් ගත්තා.. "

" එහෙනම් අපි යමු අපේ ගෙදරම.. "

" පුතා. මාව ඔතනින් බස්සලා යන්න.. "

" අම්මත් යමු අපේ ගෙදර.. "

ඒ වචනේ ඇහිලා ඒ ගෑනු කෙනා ඔළුව උස්සලා දුකින් බැලුවෙ බිනර දිහා..

" මට අප්පච්චි  හිටියට අම්මා නෑ.. මං පුංචි කාලේ අප්පච්චිගෙන් ඕන තරම් අහන්න ඇති අම්මා කෝ කියලා.. ඒ වෙලාවට මගෙ අප්පච්චිගෙන් ඇස් වලින් කඳුළු වැටෙනවා බලන් ඉන්න බැරි නිසා මං ඊට පස්සෙ කවදාවත් මගේ අප්පච්චිගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවෙ නෑ.. අම්මට පුතාව දාලා අපිව එක්ක එන්න බැරුව ඇති. මොකද ආම්මගෙ පුතා බලන් ඇති අම්මා එනකන්.. කියම්න අපි පුතා ළඟට ඇරලවන්නම්..  "

" මගේ පුතා මාව දාල ගිහින් දැන් අවුරුදු දෙකක් වෙනවා.. තාත්තා නැතුව දුක් මහන්සියෙන් හැදුවේ ලොකු මහත්තයෙක් කරන්න.. ඒත් අම්මට වඩා පස්සෙ හම්බ උන එයාගේ ආදරේ එක්ක එයා ගියේ අම්මව බලෙක් ගානට පාරට දාලා.. එදා ඉදන් පාරක් පාරක්ගානේ හිඟා නොකා හිඟා කනවා මං.. "

" අම්මගේ හස්බන්ට මොකද උනේ.. "

" එයා මාවයි පුතාවයි දාලා වෙනා කෙනෙක් එක්ක ගියේ දරුවට මාස හතරෙදි.. "

බිනර ඇස් දෙකේ කඳුළු පුරෝගෙන බලන් හිටියේ ඒ ගෑනු කෙනා දිහා..

" අපි අපේ ගෙදර යමු.."

ටික වෙලාවකින් වාහනය නතර උනේ විශාල ගෙයක් ඉදිරිපිට.

"   බහින්න ආම්මා.... "

බිනර ආන්ටිවත් එක්කරගෙන ජනිත් එක්ක ගේ ඇතුළට ගියා..

" අප්පච්චී.. අප්පච්චී..  "

ටික වෙලාවකින් ආපු බිනරගෙ අප්පච්චි දැකලා ඒ ගෑනු කෙනා ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන..

" අපර්නා ඔයා.. "

එත් එක්කම ආකශ් පහළට ආවේ හිනා වෙවී..

" මචං අනුෂ්ක.. උබට මතකද එදා.. "

ඊට එහා මුකුත් කියන්න ලැබුනේ නෑ අකාශ් කට ඇරන් බලන් හිටියේ අපර්නා දිහා..

" තමුසේ.. තමුසෙ කොහෙද ගෑනියේ මෙහේ ආවේ.. ආ.. තවත් මේ ජීවීතේ අවුල් කරලා දාන්නද.. ? තාමත් උබ නිසා එකෙන් විඳවනවා මෙහේ.. තවත් මොනවද ඕන.. "

" අකාශ් එපා.. එපා මුකුත් කියන්න.. "

බිනර ජනිත් මේ දිහා පුදුමෙන් බලන් හිටියේ මේ වෙන්නේ මොනවද කියලා..

" උබ හිටපන් කට පියාගෙන.. අද මං කතා කරන්නේ.. "

" අන්කල් ඇයි මේ අම්මට බනින්නේ.. එයා ගොඩාක් අහිංසක කෙනෙක්.. "

" අහිංසක කෙනෙක්.. "

" මට සමාවෙන්න පුතා.. මං යන්නම්.. ඔයාගේ අප්පච්චි කැමති වෙන එකක් නෑ මං මෙහේ ඉන්නවට. "

" ඉන්න අම්මා.. "

යන්න හදන අපර්නගෙ අතින් අල්ලගත්ත බිනර එයාවත් එක්කන් ගියේ  අනුෂ්ක ළඟට.

" අප්පච්චි.. මං මීට කලින් අප්පච්චිගෙන් කිසිම දෙයක් ඉල්ලලා නෑ.. ඒත් මේ ආන්ටිව ගෙදර තියා ගන්න විතරක් දෙන්න.. පුංචි කාලේ අම්මා නැතුව හැදුන මං මේ තප්පර ගානේ ඉදන් මං මේ ඇන්ටිව දැක්කේ මගෙ අම්මා වගේ.. ඒ ආදරේ මගෙන් ඈත් කරන්න එපා අප්පච්චි.. අවුරුදු විස්සකට  පස්සෙ දැනිච්ච අවුරුදු විස්සක් පුරා හොයපු ඒ අම්මාගෙ උනුහුම මගෙන් ඈත් කරන්න එපා අප්පච්චි.. "

කේන්තියෙන් එතනට ආපු ආකාශ් බිනරව තමන්ගෙ පැත්තට හරවලා ඒ මූණ දිහා බැලුවෙ කේන්තියෙන්..

" තමුන් දන්නවද ඔය අප්පච්චිගෙන් ඉල්ලන්නේ කාවද කියලා ආ.. තමුන් බඩට ආපුවහම නැති කරන්න හදපු ගෑනීව.. තමුන්ව එපා කියලා අප්පච්චිගෙ බලකිරීම මත තමුන්ව බිහි කරපූ අම්මව.. අවුරුදු විස්සක් අප්පච්චිව.. නොමරා දුක් දීපු නමට විතරක් ඉන්න තමුන්ගෙ අම්මව.." 

බිනර ඇස් දෙකත් ලොකු කරගෙන අපර්නා දිහා බලන් ඉද්දි අපර්නා බලන් හිටියෙ අනුෂ්ක දිහා.. එදා ඒ ඇස් වල තිබ්බ ආදරේ අදත් ඒ වගේමයි.. අපර්නා ඇස්වල කඳුළු පුරොගෙන අනුෂ්කගෙ කකුල් දෙක ළඟ වැඳ වැටුනේ වැලහින්නියක් වගේ අඬාගෙන..

" ම් ම් ම..ට.. ස..මා..වෙ..න්..න ආ.. අනුෂ්ක.. ඔයාට දීපු දුකට මං අද විදවනවා.... මං මාලකගෙ බොරු ආදරෙන් අන්ධ වෙලයි හිටියේ.. මට හරි වැරැද්ද තේරුම් ගන්න බැරුව මාලකට රැවටිලයි හිටියේ.. "

අනුෂ්ක මුකුත් නොකියම අපර්නගේ උරහිසින් අල්ලලා එයාව නැගිටලා ඒ පපුවට තුරුල් කරගත්තේ  එදා වගේම ලොකු ආදරේකින්..

" බිනරට එයාගෙ අම්මගේ ආදරේ දෙන්න අපර්නා.. ඒ  අහිංසකයා පව්.. "

බිනරත් ඇවිත් මේ දෙන්නට තුරුල් උනේ ආකාශ්, ජනිත් කාටත් නොපෙනෙන්න එයාලගේ ඇස් වල තිබ්බ කඳුළු පිසදාගනිද්දි..

                          නිමි...
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😉

By - pahandi

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment