මියදුනු සිහිනය

💕
💕

❤️❤️මියැදුන සිහිනය ❤️❤️

වෙනදා වගේම මටත් නොදැනීම මගේ දෙපා ඇදුනේ කලුගග දිහාට...
තියන හැම අඩියකම වෙනදා වගේම අදටත් මගේ හිතම පිච්චිලා යනවා කියලා මට දැනුනා...

මීට අවුරුදු පහකට කලින් මගේ ආසම තැන උනේ කලුගන් ඉවුර...මන් වගේම එයත් මේ කලු ගන් ඉවුරට ආදරේ කලා..

හදවත ඇතුලෙන් දැනෙන වේදනාවත් එක්කම මම මගේ සුපුරුදු ආසනයටම ගියේ අනිත් පෙම්වතුන්ට බාදාවක් නොකර...

මගේ මැණික ඔයා සනීපෙන් නේද 😔😔😔😔
කලුගග දිහා බලාගනම මන් ඇහුවේ එයා මන් එනකන් බලන් ඉන්නවා කියලා දන්න නිසා...

ආශිංශා දිනාංජලී මගේ මැණික...මේ ලෝකේ අහිංසකම ඇස් තිබ්බේ මගේ කෙල්ලට...

ආදරේ කලා මන්...මැරීගන..ඒහ් හැගීම් සරලයි..ලස්සනයි...
එදා මොර සූරන වැස්ස..කොට්ටාවෙන් බස් එකට නගිද්දිත් මන් හොදටම තෙත බරි වෙලා හිටියේ..

ඉදගන්න ශීට් එකක් නැති උනාම මගේ ගතම ගැහෙන්න ගත්තේ කවමදාකවත් මට බස් වල ගිහින් පුරුද්දක් නැති නිසා...

හදිසි ටයර් පන්ච් එකක් නිසා මගේ බී එම් ඩබ්ලිව් එක මන් මග දාලා බස් එකට නැග්ගේ මන් ඔෆිස් එකේ මීටිමට වෙලාවට යන්න ඕන නිසා..

ලන්කාවේ කවුරුත් දන්න ලේටස්ට් පැශන් ඩිසයිනින් ගොඩක් උනේ මගේ කම්පැනිය හරහා...පවුලේ එකම කොල්ලා..මගේ අම්මයි තාත්තයි සල්ලිකාරයෝ උනාට අපි එකට කෑම කෑව දවසක් වත් මතකයේ නැති තරම්...

මන් අහස් දේවන්‍ය ගජනායක...ගජනායක ග්ෲප් ඔෆ් කම්පැනි එකේ එකම අයිතිකාරයා...

ආදරය කියන දේ මගේ ජීවීතේ ගෑවිලාවත් තිබුනේ නෑ...බස් එකේ හිටගෙන හිටිය මට තෙමිලා වැඩිකමට කලන්තේ වගේ ආවේ මන් ඊට කලින් දවසේ මුකුත්ම කාලවත් හිටියේ නැති නිසා..

මන් ශීට් එකට වාරු වෙලා හිටියේ මන් වැටෙයි කියන බයට..එක සුමුදු අතක් මගේ අතින් අල්ලා ගත්තා විතරයි මට මතක..

මට සිහිය එද්දී මගේ ඔෆිස් රූම් එකේ..මගේ ශර්ට් එකේ බොත්තම් කිහිපයක් ගලවලා තිබ්බා..ලස්සනම ලස්සන ස්වීන්ලස් ෆ්ලවර් ප්‍රින්ටර්ඩ් ගවුමක් ඇදන් කොන්නේ පැත්තකට වෙන්න කට්ටක් ගහලා පැන්ට්‍රිය පැත්තෙන් කෙල්ලෙක් ආවා..

කෙල්ලගේ ඇස් ජිල් බෝල දෙකක් වගේ..හීනී දෙතොල් ඒහ් තරමටම පිරුනු කම්මුල්...එයා සුරන්ගනාවියක්...

සර් ඔයාට දැන් අඩුයිද..😊😊😊
මන් එහා පැත්තේ හිටිය නිසා හොදට ගියා..සර් කලාවත් නෑනේ ඉතින්..මන් හැදුවා ඔන්න ස්ට්‍රෝන්ග් ටී එකක්..බොන්නකෝ සර් 😊😊😊

කටර් එකක් වගේ කියවන් ගිහින් කෙල්ල මගේ අතටම ටී එක දුන්නාම මන් බිවා..අදහන්න මන් ජීවිතේ පලවෙනි වතාවට බීව රසම තේ එක ඒක..

කාලය ගෙවිලා යද්දී ඒ ඇස් මන් එක්ක පැටලෙද්දී මාත් ඒහ් බැල්මට ඇදිලා ගියා..ආදරේ කලා..මගේ හාවිට..ආදරේ විදපු නැති මම අසීමාන්තරව ආදරේ වින්දා..

හැමදේකදිම ආශීං තමා මගේ ශක්තිය උනේ..කෑමක් හම්බුනත් ඒක ඔතන් ඇවිත් කෙල්ල මාව ලග තියාගෙන කවනවා..

ආදරේ සීමා මායිම් නොතිබුනාම අපි දෙන්නට දෙන්නා හදවතින් වගේම ගතිනුත් බැදුනා..ඒහ් ගැහුනු ආත්මය හදවතින් වගේම ගතිනුත් මගේම පතිනිය උනාම මගේ හදවත සතුට උපරිමේටම වින්දා..

කියන්න දේව් මේ හුස්ම මේ හිනාව මේ ඇස් මගෙමයි නේද 😊😊😊😔

ආශිං මන් ඔයාගෙම විතරයි..හැමදාමත්..මගෙන් ඈත් උනත් ඇස් මානේ හරි ඉන්න ආශිං..මන් ඔයාව දැකලා හරි හිත හදාගන්නම්..😔😔😊😔😔😔

සෝ සුසුම් මැද උනත් හරි ලස්සනට අපේ ජීවිත ගෙවෙද්දියි නතාලියා මගේ ජීවිතේට ආවේ...

මන් මගේ ආශිං එක්ක කලුගං ඉවුරට ආවේ නිදහසේ කතා කරන්න...

ආශිං මට යන්න වෙනවා..😔😔😔
බෑ දේව් මන් කොහොමද ජීවත් වෙන්නේ..කතා කරන්න දේව්...මේ ඇස් මගේන් ඈත් වෙද්දී මන් කෝමද දරාගන්නේ..😰😰😰😰

ආශිං අහන්න බබා මටත් බෑ..ඒත් මන් අසරනයි...මන් ඔයාට ආදරෙයි ආශිං..ඒක හැමදාම එහෙමයි..ඒත් මට කල් දෙන්න..

බෑ දේව් මාව දාලා යන්න එපා දේව්..දෙවියනේ මට මේ දේවල් දරාගන්න බෑ දේව්..

මගේ පපුවටම තුරුල් වෙලා ආශිං ඉකිබිදිනවා..මගේ පපුව පෑරිලා ගියාම කොහෙදෝ ඉදන් ආව නතාලී මාව ඇදගෙන ගියා

අම්මලා මාව නතාලිට බන්දලා දෙන දවසෙත් ඒහ් ඇස් මන් ගාවට ආවා...බලාන හිටියා මගේ ඇස් දිහාම..ඒ ඇස් මගෙන් ජීවිතය ඉල්ලද්දී මන් හිතක් නැති මනුස්සයෙක් වගේ බලන් හිටියා.. වෙනදට තියන හිනාව වෙනුවට ඒහ් ඇස් වල තිබ්බේ ආයාචනයක්...

මන් මගේ ආදරේට පිටුපෑවා..අම්මලා ඉස්සරහා මන් අසරන උනාම මගේ කෙල්ල තනි උනා

නතාලි මගෙයි හනිමුන් එක රූ මට ආව කෝල් එකෙන් මාව මැරුනා...

මගේ ආශිං එයා අපි ආදරේ කරපු කලුගග ගාවම...ඒහ් නිසල දේහය මගේ අත් දෙකට අරන් මන් කෑ ගැහුවා..ලෝකෙටම ඇහෙන්න ශාප කලා...

කොයිතරම් කතා කලත් ඒ ඇස් එක පාරක් මන් දිහා බැලුවේ නෑ...පිස්සෙක් වගේ මන් ඇඩුවා...ඒත් වෙනදට මගේ කදුලු දැක්කාම මගේ හිත හදන කෙල්ල අද මගේ අත් දෙක උඩ නිහඩව වැතිරිලා...

ආශිංගෙව් මූන අල්ලන් මන් එලි වෙනකන් ඇඩුවා...ඒ ඇස් වල ආදරේ බලන්න මන් ආසා කරත් ඒ ඇස් නිහඩව පියවෙලා

මගේ අහිංසක කෙල්ලගෙයි මගෙයි ජීවිත විනාස කලාට මන් වෛර කලා...

ඒහ් ඇස් පිය වෙලා තිබුනා...මන් හුස්ම දුන්නා..නෑ එයාගේ හදවත ගැහුන් නෑ..අතේ මිටිවෙලා තියන මුද්ද ඒ මගේ ආශිංට මන් දුන්න මුද්ද..එතන තිබ්බේ මගේ අතේ තිබ්බ මුදුව...

මන් ආශිංගේ මරනේ ගැන හෙව්වා..මගේ අම්මලා නතාලි මගේ අහිංසකීව මරලා දාලා තිබුනා..මන් වැරදිකාරයින්ට දඩුවම් දුන්නා..

මගේ මැණික ඔයාගේ මහත්තයා අද නඩුව දින්නා...එයාලා ගියා යන්නම ගියා..😊😊

කියන්න දැන්වත් මන් ඔයා ලගට එන්නද ආශිං මට හරි මහන්සී...තවත් දරාගන්න බෑ..😔😔😔😔

මට ඇහුනේ මගේ ආශිං මට කතා කරනවා වගේ..නිහඩවම ඈ පියාගත්තාම ආශිං මාව එයාගේ තුරුලටම ගත්තා...

එලිවෙන්න මත්තෙන් ලන්කාව පුරාම ඇහුනේ දුක්ඛිත ආරංචියක්...
කෝටිපති ව්‍යාපාරික පුත් අහස් දේවන්‍ය සිය දිවි හානි කරගෙන ඇත...ඔහුගේ සිරුර කලුගග ඉවුරේදී හමු උන අතර බාරකාරයෙක් නොමැති නිසා අසල පොදු සුසාන භූමියේදී මිහිදන් කරන ලදී...

අහස්ගේ සිරුර වැලලුනේ මීට අවුරුදු පහකට කලින් ආශිංශාගේගේ සිරුර මිහිදන් කරපු ස්තානයට අඩි දෙකක් දුරින්...කොහොදෝ තිබුන කඩදාසියක් දෙන්නාගේ සොහොන් කොත අසලට සුලගේ පාවෙලා ආවා...ලස්සන පද පෙලක් එහි සටහන් වෙලා තිබුනා...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දන්නවද එක දවසක
කතා කරපූ ඒ ඇස් දෙකට
පෙම් බැන්දා මන්...හදවතින්ම
අහිමි උනාම ඒ හැගුම
නොදැනීම වැලපුනා හිතම...
නෙතුඅගින් එන කදුලැල්...
කඩාහැලුවා ආදර බැම්ම...

සිදීයද්දී පෙම් හැගුම්...
බිදී යද්දී පෙම් හදවත්...
වෙන් වෙද්දී අප හිත්...
හිනහෙද්දී වෙන හිත්...
ගොලු වෙද්දී අප හිත්...
සැනසුනා වෙන හිත්...

පියනගමි ඔබ වෙතට මන්...
පටලගමි ඔබේ දෑත්...
සිපගනිමි ඔබේ දෙකොපුල්...
විදගනිමි ආදර හැගුම්...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දිණි සේමසිංහ
උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment