💞💞💞කෙටි කතාව💞💞💞
🎶සඳූ🎶
"මහත්තයා මොනවාද බැලුවේ." මම පිටුපසට හැරුනේ ඒ නාඳුනන කටහඬ දෙසටයි.
"මල්ලි මම පොතක් මෙතනින් තිබබා. ඒත් දැන් ඒක නෑ නෙ. මම බිල ගෙවද්දී තමයි දැක්කේ ඒ පොත නෑ කියලා."
"සර් හොයන පොත මොන වගේද"
"මල්ලි පොත 3 ශ්‍රේණය ගණිතය ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය පොතතක්."
"සර් හොයන පොතේ අන්තිම පොත අර අතන ඉන්න මැඩම් ගත්තනේ"
"අපරාදේ කමක් නෑ මල්ලි. ආයෙ මේ පොත එන්නේ කවදටද"
එසේ ඇසූ සැනින් ඔහු ගියේ අර කාන්තාව ළඟට. ගිහින් මො මොනවාද කියූ විට ඈ මා දෙසට පැමිණිය. ඇය වයස 22 ක් පමණ වූ සුන්දර යුවතියකි.
"මිස්ට මේ පොත ආයෙ එන්නේ ඊළඟ අවුරුද්දේ. ඔයා මේ පොත ගන්න. මම දැන් කොළඹ යනවා වැඩකට එතකොට මම එකක් ගන්නම්."
මම ඇයට ස්තූති කර කෙලින්ම පැමිණියේ නිවසටයි.
ඔයාලා දන්නෑ නෙ මම කවුද කියලා. මම ගිම්හාන්, මෘදුකාංග ඉන්ජිනේරුවෙක් එතකොට මේ පොත් මගේ එකම අක්කාට.
මගේ අක්කා ගැන කියනවා නම් , එයා තමා මගේ අම්මයි තාත්තයි දෙන්නම. කෙටියෙන් කිව්වොත් මගේ මුළු ජීවිතයම.
අපේ අම්මයි තාත්තයි දෙන්නම රිය අනතුරකින් මිය යන විට මම A/L කරන්න පටන් ගත්තා විතරයි. අක්කාට ගුරු පත්වීම ලැබිලා හරියටම මාසයයි.
එදා පටන් කොපමණ අග හිඟ කම් ආවත් මගේ අධ්‍යාපනයට කල හැකි සියලු දේම අක්කා කලේ ඉතාම ආසාවෙන්.
ඒකේ ප්‍රතිඵලයක් ලෙස අද මා මෘදුකාංග ඉන්ජිනේරුවකු වී හමාරය.
රාත්‍රී කෑම කන විටද මට මතක් වුණේ ඇය ගැනයි. "ආව්....."
"මල්ලි මොනවාද ඔය කරගත්තේ පොඩි එකෙක් වගේ" අක්කා එහෙම හිනාවෙවී කියද්දි මම ගියේ මගේ අත හෝදන්න.
අර කෙල්ල ගැන හිත හිතා හිටපු හින්දා මම නොදැනුවත්ව අත දාලා තියෙන්නේ උණු හොදි පීරිසියකට.
අත හෝදන් ආවා විතරයි අක්ක මහ හයියෙන් හිනාවෙලා මෙහෙම අැහුවම මම උඩ ගියපු නැති ටික විතරයි.
"මල්ලි කවුද කෙල්ල" "මො..මොනවාද අක්කේ මේ කියන්නේ"
"මම ඔය වයස පහු කරලයි ඇවිත් ඉන්නේ. හා ඒක අතාරිමුකෝ මගේ මල්ලි ගැන මටත් වඩා කවුද දන්නේ"
ඔන්න ඔහෙ ඕනේ දෙයක් වෙන්න කියලා මම අක්කාට කතාව කියලා දැම්මා. අක්කත් අහගෙන හිටිය මිසක් වචනයක් කතා කලේ නෑ.
ටික දවසකට පස්සේ මම ඒ කෙල්ලව ආයෙත් දැක්කා. හැබැයි මේ පාර සිද්ධිය වෙනස්. එයා ආවේ පදිංචියට අපේ අල්ලපු ගෙදරට.
එයත් එක්ක තව ගෑනු කෙනෙකුයි ,පිරිමි කෙනෙකුයි ඇවිත් හිටියා. මං හිතන්නේ එයාගෙ අම්මයි තාත්තයි වෙන්නැයි. එ්ත් එයා මාව දැක්කේ නෑ.
මටත් මොකෝ මම සුපුරුදු පරිදී රස්සාවට ගියා. හවස මම එනකොට මෙයාව දැක්කා බාර් එක ළඟ.
මටත් නොදැනීම මගෙ කකුල ගියේ බ්රේක් එකට. මම වාහනයෙන් බැහැලා ගියේ. අර කෙල්ල ළඟට හොඳ කම්මුල් පාරක් දෙන්න.
ඒත් එක්කම කෙල්ල මං ළඟට ඇවිත් "ආ ඉස්කෝලෙ මහත්තයා ඔයත් ආවද මෙතනට" කෙල්ල හිතන්න ඇති මම එදා පොත් ගත්ත හින්දා මම ගුරුවරයෙක් කියලා.
ඒත් එක්කම මම කෙල්ලට කම්මුලට ගැහුවෙ ඇයි කියලා මට ඒ වෙලාවේ හිතට ආවේ නෑ.
කෙල්ල අඬන්න හදද්දීම මම කෙල්ලව වාහනේට දාලා දොර වැහුවා.
කෙල්ලත් මුකුත් නොකියා බිම බලාගෙනම හිටපු හින්දා මම ටිකක් ඉක්මනට කෙල්ලගේ ගෙදරට ගියා. වාහනය නවත්වද්දී එයාගෙ අම්මයි තාත්තයි තව මනුස්සයෙකුයි ඇතුලේ ඉඳන් එළියට ආවා.
කෙල්ල වචනයක් වත් නොකියා බෝතලය අර මනුස්සයාට දීලා ගේ ඇතුලට ගියා.
ඒ මනුස්සයත් වචනයක් වත් නොකියා පිටවුණේ මාව තවත් පුදුම කරමින්.
මාත් වාහනෙන් බැහැලා ගියේ ඇයගේ නිවසටයි. "ස්තූතියි පුතා අපේ කෙල්ලව ඉක්මනට ගෙනත් දැම්මට. නැත්නම් අර මිනිහා අපේ ඔලුව කනවා. පුතා අල්ලපු ගෙදර නේ. මම දැක්කා ෆොටෝ තියනවා. එහෙ ගිහින් එද්දී තමයි අර මනුස්සයා මගෙ ඇඟේ හැප්පිල බොතලය කැඩුනේ."
මගේ උන් හිටිතැන් අමතක විය. එසැනින්ම මා නිවසට පැමිණ කෙල්ලගෙන් සමාව ඉල්ලන්නේ කොහොමද කියා...
"මේ තේ එක බීලාම කල්පනා කරන්න තියෙන දේ කල්පනා කරන්න."
අක්කා ළඟටම ඇවිත් මම දැක්කෙත් නෑ "නෑ මුකුත් නෑ අක්කේ , අක්කා මොනවා කියනවද දන්නෑ"
"හා ඔයා බබා , අද පදිංචියට ආව කෙල්ල ඔයා කොහොමද දන්නේ"
අක්කාට සියල්ල පැවසීම හැර අන් විකල්පයක් නැත.
කතාව ඇසූ පසු අක්කා කාමරයට ගොස් දුරකථනයෙන් කා සමඟද කතා කර කුස්සිය වෙත ගියේ මා හට සිනා සෙමිනි.
"ආ... මල්ලි , දැන් සදූ එයි ටිකක් ඇහැගහගෙන ඉන්න"
"කවුද අක්කේ සදූ කියන්නේ" "ඔයාගෙන් ගුටිකෑව අහිංසකී. එයාල ටිකකට කලින් අපේ ගෙදරට ආවා. එතකොටයි නම්බර් එක ඉල්ල ගත්තේ."
ටික වේලාවකට පසු.........
"සදූ එන්න ඇතුලට , මල්ලි ..... පොඩ්ඩක් එන්න."
මම බිම බලාගෙනම සොරි කියලා යන්න හදද්දීම ,"ගිම්හාන් ඒක නේද ඔයගේ නම" මම ආපසු හැරුනේ ඇයිදැයි කියා මටවත් නොසිතුනි.
"ම්" "ඔයත් අක්කා වගේ ගුරුවරයෙක් නේද" "නෑ" මම කීවේ අහිංසක හා පැටියෙක් වගේ. කොයි මොහොතේ ගුටි කන්න වෙයිද දන්නෙ නෑ නෙ.
"මට ගහපු චන්ඩියා කෝ , දැන් මට ඒ වෙනුවට පේන්නෙ පූස් පැටියෙක් වගේ. "..........................
"කෝ කතා නෑනේ. හරි මං ගැන කියන්නම්කෝ. මම සඳුනි ආදරේට කියන්නේ සදූ කයලා. මං වැඩ කරන්නේ ඔයාගෙ අක්කාත් එක්කමයි"
එදා අපෙ සංවාදය එතනින් ඉවර වුනත් මගේ හිත සොරාගෙන තමයි එදා එයා ගෙදර ගියේ.
සතියකට පසු
"මල්ලි හෙට අපි ගමනක් යනවා, හෙට නිවාඩු දාන්න"
"හ්ම්ම්.... කොහෙද අක්කේ හෙට යන්නේ , හෙටම එනවාද එතකොට"
"මල්ලි ආපේ අම්මලා නැති වුණාට පස්සේ අපි ගොඩක් අසරණ වුණා. එතකොට අපිට උදව් කලේ රංජනී මැඩම්. එයා අපේ ඉස්කෝලෙ ඒ දවස් වල හිටපු විදුහල්පතිනි. ඔයා නම් එයාව දන්නෑ. ඒ මැඩම් මගේ පණට යෝජනාවක් ගෙනාවා. එයාලගේ එකම දුවලු. දුව ගුරුවරියක්. අපි හෙට යන්නේ එහේ"
මගේ හීන සියල්ල බිඳ වැටීමට ගියේ විනාඩි කීපයයි. මගේ හිත සදූ ඉල්ලා සිටියත් අක්කාගේ වචනයට පිටින් යන්න මට බෑ.
පිරිමියෙක් වුවද මා හඬා වැටුනේ ඇයි දැයි මාද නොදනිමි. "මල්ලි නැගිටිනවා හොඳටම පරක්කුයි." රාත්‍රීයේ හඬා වැලපුණු මා හට ඉබේම නින්ද ගොසිනි. ඒ අවාසනාවන්ත දිනය උදාවී ඇත
ඉක්මනින් මා හැද පැලැද සාලයට ආ සැනින් පුදුම වූයේ ඒ ඇය නිසායි.
"අපි යන්නේ සදූ ලත් එක්ක" පිටුපසින් අක්කා එසේ පවසා ඔවුන් සමඟ වාහනයට නැගීය.
අක්කාගේ මාර්ගෝපදේශයෙන් අප පැමිනියේ හෝටලයකටය. එහි අප සදහාම වෙන්වුණු මේසයේ අප වාඩිවිය.
විනාඩි කිහිපයකට පසු වයස 30 ක් පමණ වූ තරබාරු කාන්තාවක් මා අසලට පැමින, ලියුමක් දිගු කලාය.
මා දැන් මලමිනිකට සමාන වී හමාරය. මා ලියුම ගෙන බැලීය. එහි තිබුණේ පිංතූරයක් පමණි. මා මුලින්ම දුටුවේ පිංතූරය පිටුපස ඇති වාක්‍යයයි.
"I love you gimhan" එහි පිටුපස ඇත්තේ. එම වාක්‍ය පමණි. මා පිංතූරයේ සිටින්නේ කවුරුන් දැයි බැලීය.
"අ...............අක්කේ.....මේ" මට කීමට හැකිවූයේ එපමනයි. ඒ වන විටත් සදූ සියල්ල ඉදිරියේ මා වැලඳගෙන අවසානය.
ඔව් පිංතූරයේ සිටින්නේ වෙන කවුරුත් නොව සදූ ය...
නිමි....
සචින් හසරංග
No comments:
Post a Comment