මගේ දේව කුමාර ඔබයි

" මේ වගේ කාලකණ්ණියෙක් ෂික් විතරක් කීවෙනි මනමාලයාද මේ ආවේ. එකෙක්ටවත් මේ මූසලීව කැමති නෑ" ෆෝන් එකෙන් කතා කර කර හිටපු තාත්තා එක පාරම කෑගහන්න පටන් ගත්තේ ඊයේ මාව බලන්න ආපු මනමාලයත් මාව කැමති නෑ කිව්ව නිසා වෙන්නැති

මම අපේ ගෙදර තුන්වෙනියා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා බැදලා ළමයිනුත් ඉන්නවා. මම පෙනුමෙන් එච්චර ලස්සන නැති නිසා බලන හැම කෙනාම මාව එපා කියලා යන එක පුරුද්දක් උනා.

" මේ එලියට එනවා මධූ " කල්පනා කර කර හිටපු මම පියවී ලොවට ආවේ තාත්තා කාමරේ දොරට තට්ටු කරද්දි.

බයෙන් ගැහි ගැහී දොර ඇරිය මම බලාපොරොත්තු උනා වගේම තාත්තාගේ කම්බුල් පාරට ඇදටම විසික් උනා

" තමුසෙ වගේ කාලකණ්ණියෙක් ගෙදර තියාගෙන ඉන්න නිසා තමයි කිසි දෙයක් හරියන්නැත්තේ. තමුසෙව වැදුවට වඩා හොදයි හරක් දෙන්නෙක් දැක්කුවානම්." පහර කෑ පුපුරු ගහන කම්බුල අල්ලගෙන තාත්තා කියන දේවල් අහගෙන හිටියේ අඩ අඩා

තාත්තා කරන මේ හැම වැඩක්ම මට පුරුද්දකට ගිහිනුයි තිබ්බේ. හමේ පාට කළු උන නිසා මම මේ විදිහට දුක් විදින්න තාත්තාම එක් කාරණයක්. අම්මා සුදු උනත් තාත්තා කළු නිසා තාත්තාගේ පාටයි මට පිහිටලා තිබුනේ

ඒත් මේ දේ තේරුම් ගන්නැති තාත්තා මගේ කැතට වැරදිකාරි මං කියලයි මට වෛර කරන්නේ

" මේහ් දැන්වත් ඕක නවත්තන්න. එයාලා කැමති නෑ කියලා අපේ කෙල්ලට ගහලා බැනලා හරි යනවා ඇයි" ඒ අම්මා මේ ගෙදර මට ආදරේ කරන එකම ප්‍රාණය අම්මා විතරයි. තාත්තාව මෙල්ල කරන්න අම්මට විතරයි පුළුවන්

අම්මාගේ කීමට මෙල්ල උන තාත්තා එතැනින් ගියේ මාව දවා අලු කරන බැලමක් බලලා

අඩම අඩම ඇදේ හාන්සි උන මට නොදැනුවත්වම නින්ද ගිහින් තිබුනා. ගොඩාක් වෙලා අඩපු නිසා මට ඇස් ඇරගන්න තරම් වත් ඇගේ ශක්තියක් තිබුනේ නෑ.

එහෙමම රෑටත් නොකා නිදාගත්තේ මගේ ඇගට සනීපයක් තිබුනේ නැති නිසා

හැමදාම වගේ උදෙන්ම නැගිට්ට මම බුදු පහන පත්තු කරලා අම්මටයි තාත්තාටයි තේ එක හදලා මේසෙ උඩින් තිබ්බා. උදේ කෑමට කිරිබත් හදපු මම ඒකෙන් ටිකක් ඔතාගෙන සාලයට එද්දී අම්මයි තාත්තායි හිටියේ  තේ බිබී.

අම්මාට දණ ගහලා වැන්ද මම තාත්තා ලගට යද්දීම තාත්තා නැගිටිලා කාමරේට ගියා

" දුව තාත්තා ගැන දන්නවනේ ඕවා ගැන හිතන්නැතුව වැඩට යන්න" අම්මා මගේ ඔළුව අතගාලා කියද්දි මම ආවේ මගේ බියුටි සැලූන් එකට

මං කොච්චර කැත උනත් මං ලගට එන කිසිම කෙනෙක්ව කැත කරලා යවලා නෑ. මේ කැත අතින් මනමාලියෝ සීයකට වඩා හැඩ වෙලා තිබුණත් මේ කාලකණ්ණි  මට මනාලියක් විදිහට හැඩවෙන්න පින තිබුනේ නෑ.

මුළු දවසම මට තාත්තා කියපු  දේවල් මතක් වෙවී තිබුණත් ඒවා බොහොම ආයාසයෙන් යටපත් කරගෙන මම මගේ වැඩ ටික කරා. ඒත් එක්කම මගේ ෆෝන් එකට කෝල් එකක් ආපු නිසා තිබ්බ වැඩ ටික නතර කරලා ෆෝන් එක ආන්ස්වර් කරා

" හෙලෝ මධූ" එහා පැත්තෙන් ඇහුනේ නිශීගේ කටහඩ

" කියපන් නිශී"

"මධූ මේ මං අලුත් හෙයා ස්ටයිල් ටිකක් එෆ්බී එකෙන් බැලුවා ඒවා උබට මැසෙන්ජර් වලින් ෂෙයාර් කරලා තියෙන්නේ හොදයිද බලපන්"

" හා නිශී මං දැන් වැඩවගයක් කරන ගමන් ගෙදර ගිහින් බලන්නම්"

" හා බන් එහෙනම් මං තීනවෝ" ෆෝන් එක කට් කරලා මම මගේ වැඩ ටික කරේ හිතේ දුක තුනී අරගන්න

අද ටිකක් වැඩ වැඩි නිසා මම ගෙදර එද්දී හයත් පහුවෙලා තිබුන නිසා අම්මා බලාගෙන ඉන්නවා මම එනකන්

" ඇයි මධූ මෙච්චර වෙලා මම බයෙන් හිටියේ " අම්මා මං ගෙට ඇතුලට යද්දීම ඇහුවේ මං ලගට එන ගමන්


" අද ටිකක් වැඩ වැඩියි අම්මා " අම්මට කියාගෙන මම කාමරයට ගිහින් වොෂ් එකක් දාගෙන ඇදේ වාඩිවෙලා ෆෝන් එක අතට ගත්තේ නිශී එවපු හෙයාර් ස්ටයිල් ටික බලන්න

හෙයාර් ස්ටයිල් ටික බලපු මම ඕන කරන ටික සේව් කරගෙන හැමදාම වගේ පෝස්ට් ටිකක් බල බලා ඉද්දී අලුත් මැසේජ් එකක් ආපු නිසා ඒක බැලුවා

#සෙව්මිණ තෙන්නකෝන්# කියලා සටහන් වෙලා තිබ්බ නමින් " hi " කියලා මැසේජ් එකක් තිබුනා

අදුරන්නැති කෙනෙක් නිසා මම රිප්ලයි යැව්වේ නැති නිසාම දවස් තුනක් මැසේජ් එවලා තිබ්බා

බැරිම තැන මම එයාට "hi" කියලා  රිප්ලයි කරේ හිතේ දෙගිඩියාවත් එක්කමයි

ඒත් එයාගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැති නිසා මම පාඩුවේ හිටියා

පහුවදා මට ඒ නමින්ම මැසේජ් එකක් ආපු නිසා මාත් එයත් එක්ක කතා කරන්න පටන් ගත්තා

යාළුවෙක් වශයෙන් වත් කිසිම කොල්ලෙක් එක්ක කතා කරලා තිබුනේ නැති මට සෙව්මිණගේ මේ ආශ්‍රය ගොඩාක් සතුටු වෙන දෙයක් උනා. තාත්තාගේන් බැනුම් විතරක් අහපු මට සෙව්මිණගේ එක එක වචන පවා මට සහනයක් උනා

" මට ඔයාව බලන්න ඕනී" ඒ සෙව්මිණ

" ම්ම් මටම " මම කිව්වේ ආසාවෙන්

" එහෙනම් මීට් වෙමු"

අපි දෙන්නා හමුවෙන්න එකග උනත් මගේ හිතේ ලොකූ බයක් තිබුනේ මාව දැක්ක ගමන් සෙව්මිණ මොනවගේ ප්‍රතිචාරයක් දක්වයි ද කියලා. මගෙයි සෙව්මිණයි අතරයි ආදරයක් නැති උනත් මම සෙව්මිණට හිතින් ආදරය කරන්න පටන් ගෙනයි තිබුනේ

එදා දවස උදා උනත් මම හිටියේ ගොඩාක් බයෙන්. මම දිග සුදුයි කළුයි මිශ්‍ර උන ගවුමක් ඇදගෙන බෑග් එකත් අරගෙන බස් එකේ නැග්ගේ දෙගිඩියාවෙන්

කතා කර ගත්ත විදිහට මම බීච් එක ලග වාඩි වෙලා ඉද්දී ටික වෙලාවකින් මං ලග කවුදෝ වාඩිවෙනවා කියලා දැනෙද්දී මම හැරිලා බැලුවා

සුදුපාට හමක් ගානට කපපු රැවුල ඒ මූණට ගෙන ආවේ අමුතුම ලස්සනක්. මාව දැක්ක ගමන් ඒ මූණ වෙනස් වෙයි කියලා හිතුවත් ඒ මූණේ ලස්සන හිනාවක් මතු උනා මිස කිසි වෙනසක් පෙන්නුවේ නෑ

" මොකෝ මැඩම් මුළු දවසම මං දිහා බලන් ඉන්නද අයිඩියා එක" මම පුදුම වෙලා බලන් ඉද්දී සෙව්මිණ ඇහුවේ මගේ ඇස්වලට එබෙන ගමන්

මම හිනා උනා මිස මොකුත් කිව්වේ නෑ

" හරි මධූ මම ඔයාව මීට් වෙන්න ඕනී කිව්වේ ඔයාට වැදගත් කාරණයක් කියන්න"  සෙව්මිණ කියද්දි මම ඒ මූණ දිහා බැලුවා . ඒ මූණේ ඒ ලස්සන හිනාව මැකිලා තිබුනේ නෑ.

" මං ඔයාව මැරි කරන්න කැමතියි  මධූ" සෙව්මිණ කියද්දි මට හුන් තැන පවා අමතක උනා

" මොකෝ කැමති නැද්ද " මම නිශ්ශබ්දව ඉද්දී සෙව්මිණ ඇහුවේ මං දිහා බලාගෙන

" කැමතියි ඒත් මං වගේ කැත කෙල්ලෙක් ඔයාට ගැළපෙන්නෑ සෙව්මිණ" මම කිව්වේ කදුළු ආයාසයෙන් යටපත් කර ගන්න ගමන්

" ලස්සන කියන දේ හදවතේ තියෙන්න ඕනි මිසක් රූපේ නෙමෙයි මධූ. ඔයාගේ හදවත ඕනවට වඩා ලස්සනයි." මෙතෙක් වෙලා ආයාසයෙන් යටපත් කරගෙන හිටපු මගේ කදුළු කම්බුල දිගේ ගලාගෙන ගියේ සෙව්මිණ කියපු වචන වලට

මගේ කදුළු පිසපු සෙව්මිණ මගේ මූණ දෝතින්ම අල්ලගෙන මගේ දෙතොල් වලට බර වෙද්දී මෙතෙක් කල් මගේ ජීවිතයේ විදපු හැම දුකක්ම නැතිවෙලා යනවා වගේ දැනුනා.

.....නිමි.....
 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment