යථාර්තය්

🙂 යථාර්ථය🙂
කෙටි කතාව

"අනේ මේ මගේ ඉස්සරහ ඔය කිඹුල් කදුලුනම් හලන්න ලෑස්ති වෙන්නෙපා.මේක දැන් සෙල්ලමක් කරගෙන හැම එකටම නාහෙන් අඩන්නෙ මොන කරුමයක්ද ගෑණියේ මේක.."

ඒ මම අවුරුදු ගානක් පණ වගේ ආදරේ කරපු තවමත් පිස්සුවෙන් ආදරය කරන මගේ සිතුම්. ඉස්සරනම්.....

" චූටි මැණික ඇයි පැටියො මේ අඬන්නෙ..අයියාට ඔයා අඩනවා බලන්න බෑනේ සුදූ. නවත්තන්නකො මැණික.."

සිතුම් කිවුවේ මගේ කම්මුල් දිගේ ගලාන යන කදුලු පිහිදන ගමන්. එහෙම කියද්දි මගේ ඇඬිල්ල තවත් වැඩි වුණා.

"අනේ මැණික කො කො මේ බලන්න.."

මගේ කදුළු පිරුණු මූණ දෝතට ගනිපු සිතුම් මගේ කදුළු ගලන ඇස්වලට දෙතොල් තියාගෙන හිටියේ දරාගන්න බැරි ආදරයකින්. එහෙමම මගේ කම්මුල් වලත් ඔහුගෙ දෙතොල් තවරමින්ම මගේ දෙතොල් ඔහුගෙ දෙතොල් වලින් අල්ල ගත්තේ මගේ කදුලු පිරුනු දෙනෙත් ලාවට පියවී යද්දි.
එදානම්  මට දැනුනෙ මේ ලොකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මම කියලයි.

අවුරුදු 7ක ප්‍රේම සම්බන්ධයක ප්‍රතිපලයක් විදියට දෙපාර්ශවේම ආශිර්වාදය මැද මමත් සිතුම් ත් විවාහ වෙලා දැන් අවු.2ක්.

වෘත්තියෙන් ගුරුවරියක් වුනු මම ⁣ශනායා දිසානායක.සිතුම් නිමන්ත ඔහුත් වෘත්තියෙන් ගුරුවරයෙක්. කසාද බැදලා අවුරුදු එකහාමාරක් යනකංම මමත් සිතුම්ත් එදා තිබුනු තරම්ම ආදරේකින් තමයි හිටියේ. ඒත් දැන් ටික කලක ඉදන් සිතුම් හුගක් වෙනස් වෙලා.ඉස්සර මම අඬද්දි මාව තුරුල් කරන අඬන සිතුම් අද මම අඬද්දි මට ගොඩාක් නරක විදියට බනිනවා. ඉස්සර මට කියල කෑම කවාගන්න සිතුම් දැන් මම උයන කෑමක්වත් නොකා පිටින් කාලා එනවා. ඉස්සර යහනට ආපු ගමන් මගේ තුරුලේ උණුහුම හොයන සිතුම් දැන් මගේ දිහා නොබලම අනිත් පැත්ත හැරිල නින්දට වැටෙනව. බිරිඳක් විදියට කරන්න ඕන හැම යුතුකමක්ම මගේ සිතුම් වෙනුවෙන් මම කලා. ගෑණියෙක්ට විදින්න බැරි දුකක් මම විඳින්නෙ.ඒත් කවදාවත් මම මගේ මහත්තයව සැක කලේ නෑ. ඔහු කියන කරන හැමදේම මට නොකිව්වත් ඔහුව මම මටත් වැඩිය විශ්වාස කලා.අඩුම ගානේ මේ අවුරුදු 7ටම මම ඔහුගේ ෆෝන් එකවත් චෙක් කරල නෑ.

දවසක් සිතුම් ස්කොලෙට යද්දි ෆෝන් එක තියල ගිහින් තිබුනා.
ෆෝන් එකට කෙටි පණිවිඩයක් ආවේ ඒ වෙලාවේ..

" Wasthu man chamini rest eke inne.. room number 21... ikmanata enna baba.."

අමා කියල නමකින් සේව් කරපු නම්බර් එකක්.
ඒකෙ තිබුනෙ එහෙමයි.මට උන් හිටි තැන් අමතක වුනා.ඒ කියන්නේ මගෙ සිතුම් දැන් මගෙ නෙවෙයි.
මම කොහොමද විශ්වාස කරන්නෙ දෙයියනෙ..අනේ සිතුම් ඇයි මට මෙහෙම කලේ මහත්තයො. සිතුවිල්ලකින්වත් බැල්මකින්වත් ඔයාගෙන් පිට නොගිය ඔයාට ද්‍රෝහි නොවුනු අහිංසක කෙල්ලට ඇයි මෙහෙම කලේ සිතු ඇයි. මට දරාගන්න බෑ..

     *******************************

"මහත්තයෝ..... සිතු.... "

මම කතා කලේ මට පිටුපාලා නිදාගෙන ඉන්න සිතුම්ගෙ නිරුවත් පිටට අත තියලා.

"මොකද"

මගෙ අත ගසල දාපු සිතුම් එහෙම ඇහුවෙ මම දිහා නොබලමයි.

"ඇයි රත්තරනෙ මට මෙහෙම කරන්නෙ..මම ඔයාට වරදක් කලාද මගේ දෙයියො.."

මම අැස්වල කඳුලු පුරවගෙන ඇහුවේ සිතුම්ව මගේ පැත්තට හරවගන්න ගමන්.

"ඇත්තම කියන්නම් ශනායා කොහොමත් මම මේක කියන්නමයි හිටියේ.මට දැන් ඇති වෙලා ඔයා එක්ක ඉදල අපි ඩිවොස් වෙමු."
ඒ වචන ටික මට ඇහුනෙ හෙනයක් ගැහුව වගෙ.සිතුම් ඇදේ වාඩි වුනෙ මගෙ දිහා නොබලමයි.

"සිතුම්... අනේ ඇයි මහත්තයො මේ.. ඔයා විහිළුවක් නේද පණ කලේ"
මගෙ වේගෙන් ගැහෙන පපුවට අත තියාගෙන සිතුම්ගෙ පාමුල වාඩි වුනු මම ඇහුවේ ඇස්වලින් කදුලු කඩා වැටෙද්දි.

"නෑ විහිළු නෙවෙයි ඇත්ත. ම⁣ට තමුසෙ එපා.මම කැමති කෙනෙක් ඉන්නව. මට එයාව ඕන.මට ඩිවෝස් එක දීපං නැත්නම් මම තෝ මරණව දැනගනින්.."

සිතුම් අඬමින් උන්නු මගෙ කොණ්ඩෙන් ඇදල අල්ලල කිවුවෙ ගිණි පිට වෙන දෑසින් මගෙ දිහාවම බලලා.

මම කදුළු අතරින් හිනා වෙලා සිතුම්ගෙ කම්මුලක් අතගෑවේ හිතේ දරාගන්න බැරි වේදනාවකින් වගේම සිතුම් කෙරෙහි තියෙන ආදරෙත් එක්කමයි.

"මගේ මහත්තයගෙ සතුට ඒකද ම්ම්..එයා ද ඔයාගේ සතුට පණ.."

මම සිතුම් දිහාම බලාගෙන ඇහුවෙ කදුලු ගගක් මගේ කම්මුල් තෙත් කරමින් ගලාගෙන යද්දි. මම එහෙමම නැගිටල සිතුම් ලගින්ම වාඩ්වෙලා සිතුම්ගෙ පපුවට බර වුනා. සිතුම් හිටියෙ ගල් වෙලා වගේ.මගෙන් මෙහෙම දෙයක් එයා බලාපොරොත්තු නොවෙන්න ඇති.

"මට ඔයාගෙ සතුට තරම් මගෙ සතුටවත් වටින්නෑ මගෙ මහත්තයො.මගෙ රංකඳ සතුටින් ඉන්නවනම් ඒකයි මගේ සතුට.. කමක් නෑ මම ඩිවෝස් එක දෙන්නම් මහත්තයො.."

එහෙම කියපු මම සිතුම්ගෙ පපුව බදාගෙන කෑගහල ඇඬුවා.සිතුම් මුණිවත රැක්කා ඇරෙන්න අඬන්නෙපා කියලවත් මට කිවුවෙ නෑ.ගලක් වගේ හිටියා.

"මහත්තයො අවසාන වතාවට මට මගෙ අයිතිය දෙන්න.හෙටින් පස්සෙ මම මේ ගෙදරවත් ඉන්නෙ නෑ."

අවසාන වතාවටත් සිතුම්ගේ ලග ආදරෙන් තුරුල් වුනු මම දිග සුසුමක් හෙලුවෙ වෙහෙසට පත්වෙලා නිදාගෙන උන්නු සිතුම්ගෙ මූණ දිහා බලාගෙන.

හෙටින් පස්සෙ ඔයා මගෙ නෙවෙයි පැටියො කොහොමද වස්තු ඔයා මෙහෙම වෙනස් වුනේ..

ඒ විදියට මගෙත් සිතුම්ගෙත් විවාහ ජීවිතය කෙලවර වුනා.. ඒ සිද්ධියෙන් පස්සෙ මම ගොඩක් හුදකලාවෙන් ජීවත් වෙන්න පුරුදු වුනා.දවසක් ඒ ආපු පීඩනයත් එක්ක මැරෙන්නම කියල හිතාගෙන අවසාන වතාවට බුදු හාමුදුරුවො වැදල එන්න  මම පනසලට ගියා.මම එතැනදි දැක්කේ හිත නිවිල යන රූපයක්. සන්සුන් ගමනින් වඩින පින්වන්ත මෙහෙනින් වහන්සෙ නමක්.
මම උන් වහනසෙ එක්ක මගෙ ජීවිතේම කිවුවෙ අඬමින්.

"දරුවො....දැන් ඔය ඇත්තිට දරාගන්න බෑ මගේ කියල තියාගෙන හිටපු මහත්තයා තමන්ව දාලා ගියා.ඒ දුක දරාගන්න බැරුව දැන් ඔය ඇත්ති හදන්නෙ ජීවිතේ විනාස කරගන්න. තමන් අවාසනාවන්තයි තමන්ට කවුරුත් නෑ කියලා හිතල තමන්වම නැති කරගන්නයි කල්පනාව නේද. හොදයි.මම ඔය ඇත්තිට කතාවක් කියන්නම්.එදා බුද්ධ කාලෙ සිටු ගෙදරක හිටියා බොහොම ලස්සන දියණියක්..ඇය ⁣හරිම ලස්සනයි. මේ කුමාරිකාව මාලිගාවෙ දර පලන්නා එක්ක පැනල යනව.දැන් ඒ කුමාරි වාසනා වන්තද අවාසනාවන්තද.."

"අවාසනාවන්තයි.." ඒ මගෙ උත්තරෙ.

" ම්ම් සිටු සම්පත් විද විද ඉදල නිකන්ම නිකන් දර පලන්නෙක් එක්ක පැනල ගියා. අවාසනාවන්තයි.
එහෙම කලක් යද්දි ඈ ගැබ්බර වුනා.නියමිත කාලය එද්දි ඇයට අම්මා ලගට යන්න ඕන වෙනවා. සැමියා අකමැති වෙ නිසා ඇය තනිව යනව..කැලේ මගදි විලි රුදාව හැදිල දරුවා පාරෙම ප්‍රසූත කරනව.වාසනාවන්තද අවාසනාවන්තද."

"අවාසනාවන්තයි"

"සිටු ගෙදරක සුවසේ දරු ප්‍රසුති කරන්න පුලුවන්කම තිබුනු කැලයක දරුවෙක් ප්‍රසුත කරනව. අවාසනාවන්තයි.
දෙවෙනි දරුවා ලැබෙන්න ඉද්දිත් ඇය එ් විදියටම කරනව.බිරිද සොයාගෙන එන සැමියා නයෙන් දශ්ඨ කරල මරණයට පත් වෙනවා.ඇය දෙවනි දරුවත් කැලේදිම ප්‍රසුත කරනව. වාසනාවන්තද අවාසනාවන්තද.."

" අවාසනාවන්තයි."

"සැමියා නැතිවුනු සෝකෙන් මව්පියන් හොයාගෙන එන කුමාරි එදිනම ඉපදුනු කිරිකැටියත් අනිත් දරුවත් ගගකින් එගොඩ කරද්දි කිරි කැටියා උකුස්සෙක් අරන් යනව ලොකු දරුව වතුරෙ ගිලෙනවා. ඒ වගෙම ඇගෙ මව පියා සහොදරයා එදිනම එකම දර සෑයක දැවෙන්නෙ සිටු නිවස වැස්සට කඩාගෙන වැටිලා.ඇය දැන් වාසනාවන්තද අවාසනාවන්තද."

"අවාසනාවන්තයි."

"දරුවන් දෙදෙනත් සැමියත් මව පියා සහොදරයත් අහිමි වුන කුමාරි වියරු වැටිල පාරක් ගානෙ යනව ඇදුම් පවා නැතිව.ඇයට නම වැටෙනව 'පටාචාරා' කියල. දැන් ඇය වාසනාවන්තද අවාසනාවන්තද"

"අවාසනාවන්තයි"

"වියරුවෙන්ම ජේතවනය පැත්තට දුවගෙන යන පටාචාරා බුදුන් වහන්සේ ඉදිරියෙ වැද වැටෙනවා. 'සිහි එල්බ ගන්න නැගණිය'
උන් වහන්සේ එච්චරයි දේශණා කලේ.පටාචාරවට නියම සිහිය ලැබෙනවා.ඒ වගේම බුද්ධ සාසනය තුල පැවදි බවට පත්වෙලා අරහත්වය සාක්ෂාත් කරනවා.දැන් ඇය වාසනාවන්තද අවාසනාවන්තද.."

උත්තරේ වෙනස් වුනා..
"වාසනාවන්තයි.."

"ඔව් වාසනාවන්තයි.දැන් ඔය ඇත්ති හිතන්න එදා සැමියා දරු දෙදෙනා මව් පියන් නොමැරුනානම් ඔවුන් ඇයට අහිමි නොවුනානම් ඇයට ඒ උතුම් තත්වය ලැබෙනවද.. නෑ..ඇය සියදිවි නසාගත්තනම් ඇයට ඒ තත්වය ලැබෙනවද. නෑ..

ජීවිතෙ කියන්නෙ ලැබීම් වලට වඩා නොලැබීම් තියෙන දෙයක්.යම් අකුසලයක විපාකයක් විදියට තමන්ට යම් දෙයක් අහිමි වුනාම ⁣ඒ විපාක අවස්ථාවේ  තවත් අකුසලයක් කරගත්තොත් ⁣කොහෙන්ද නැවතීමක්. සසරක් හද හද මේ ව්දියටම නැවත නැවත ඉපදි ඉපදි මැරි මැරි යන්නටයි වෙන්නේ..අනික නොලැබීමක් කියන්නෙ #යථාර්ථය තේරුම් ගන්න එක අවස්ථාවක්. දැන් ඔය ඇත්ති කියන්න තවමත් ඔය ඇත්තිට ජීවිතේ නැති කරගන්න ඕනද "

අලුතින් ජීවිතයක් ලැබුනා වගේ හැගිමක් මට දැනුනේ.. ඇත්තටම ජීවිත #යථාර්ථය මෙයම නොවේද..... නොලැබීම් ඉදිරියේ කම්පා නොවී ජිවිතයෙන් වන්දි ගෙවන්නට නොයා ඉන් පාඩමක් ඉගෙන පෙරට වඩා හොදින් තම ජීවිතය ගත කරන්න.. මෙය එක් පැත්තක් පමණයි. ජීවිත යථාර්ථය තේරුම් ගෙන ස්වකීය ජීවිතය යහපත්ව ගත කරන්නට උත්සහ ගන්න..එයයි මා ලබාගත් පාඩම.

පීඩනය දරාගන්න බැරුව ජීවිතේ නැතිකරගන්න ගියපු මම අද සසර දුක් නසන්නට මරණය මරන්නට බුදුන් වැඩි මග වඩිනා  බුද්ධ ධීතාවක්.
මම ගල්ගමුවේ සුඛීතා මෙහෙණින් වහන්සේ.

-නිමි-

❤️ මලී ශෙහංසා ❤️
උපුටා ගැනීම්කි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment