පිවිතුරු ආදරය

රාත්‍රී 12.00 යි සිතුමිගේ ෆෝන් එක නාද විය

#හෙලෝ සිතූ බබා
පවන් අයියේ මොකද මේ රෑ යාමේ අවදිවෙලා
#අයියෝ කෙල්ලේ අද විශේෂ දවසක් නේ
මොකක් අද මගේ බර්ත් ඩේ එකද ආනේ සුදූ මොනවද ගත්තේ මට
#පිස්සියේ බර්ත්ඩේ එකක් නෙවෙයි අද අපි දෙන්නට ගොඩක් විශේෂ දවසක්
ආ......ආ.....මතක් උනා
#උම්මියා මගේ පන කෝ බබා කීන්න බලන්න
කම්පැනියෙන් ඔයාට  එකක් ලැබිලනේ
#😠😠😠කෙහෙල් මල මේ යෝදිට මතක නෑනේ ඉතින්...
හලි හලි ඒනම් කීන්නකෝ උයා ම මගේ අයියේ
#අද පෙබරවාරි 14 වැලන්ටයින් දවස
ආ....නේ ඒකනේ අමතක උනානේ පන
#ඒක විතරක් නෙවෙයි සිතූ අදට අපි ආදරේ කරලා අවුරුදු 2ක් වෙනවා පන...
Happy Valentine's day & 2Anniversary day aiya.....
#same to you පන
අද කොහෙහරි යමුද පන

#ඔව්  සිතූ බබා මාත් ඔයාට කියන්න හිටියේ මොකද 1st Anniversary එකටත් යන්න බැරි උනානේ....

මගේ හොද පවන් අයියා උම්ම්ම්මා

#ආදරෙයි මැණික

සුදු අයියේ අද ක්ලාස්  ඒත් මං ක්ලාස් යන්නැතුව  එනවා ........

#හා බබා දැන් දොයියන්න හොඳද ආදරෙයි මගේ පනට......බුදු සරණයි....

බුදු සරණයි මගේ අයියේ.....

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::;;

හෙලෝ   මගේ අයියේ
#   සිතූ පන
අයියේ මං දැන් එනවා වෙලාව 7.30
8.00 වෙනකොට මං එනවා
#හා පන ඔයා ක්ලාස් එකට යන්න මම එන්නම් ක්ලාස් එක ලගට....
මං තියනවා මගේ අයියේ බුදු සරණයි
#බුදු සරණයි සිතූ බබා
ඇයි අනේ තාම අයියා ආවේ නැත්තේ(සිතූ සිතින් සිතමින් හිටියා ඒ වෙලාවේ එයාගේ යාලුවා ධනුෂ්කා ආවා)

මොකෝ බං සිතූ කල්පනාව
නෑ ධනුෂ්කා......අයියා එනවා කිව්වා ඒත් තාම ආවේ නෑ(සිතූ දුකින් කිව්වා)

ආ එහෙනම් අද කොහේ හරි යන්න වගේ
ඔව් ඔව් ධනුෂ්කා ඇයි ඔයා යන්නෙ නැද්ද(කෙල්ල හරි සන්තෝෂයෙන් කිව්වේ)

ආ මාත් යනවා දැන් මං ඉන්නේ පංති කාඩ් එක මාර්ක් කරන කල් සිතුවෝහහ.....
ම් ම් ඒමද කොහෙද අද යන්නේ ඔයාලා දනු වෝ.
මගේ බෝයි දන්න තැනක් තියෙනවා.... එතනට තමයි අපි ආදරේ කරන්න යන්නේ
ඒ කොහෙද දනු වෝ...
රූම් එකකට බං එතනට පොලිස්සියෙන් එන්නේ නෑ....
ම් ම් ඒ නම් මාත් අයියාට කියන්නම්කෝ
හා හා සිතූ මම යනවා
ම්...ම්.....(වේලාව 8.30 ත් පහු වුනා සිතූ බලා ගෙන හිටියේ පවන් එනකල් ෆෝන් එක අතට ගත්තේ පවන් ට කෝල් එකක් ගන්න)
     මොකක් ස්විච් ඕෆ් ඒ කියන්නේ අයියට අමතක වෙලාද කමක් නෑ මට එයා ආදරේ නෑ මං ආයේ එයා එක්ක කතා කරන්නේ නෑ බොරුවට මාව රවට්ටනවා විතරයි

(සිතූ තමන්ටම එහෙම කියා ගත්තා.සර් ක්ලාස් එකට ආව නිසා සිතූ පොත් බෑගයත් අරන් ක්ලාස් එකෙන් වාඩි වුණා....)

සිතූ ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි.පවන් වැඩියම කැමති උනේ ඒ දේට....හවස 4.00යි ක්ලාස් එක ඉවර උනා බෑගයත් අරන් සිතූ ගේට්ටුව ලගට යද්දී දැක්කා එයාගේ පවන් කෙල්ලට තරහ ගියා දැකලා අහක බලාගෙනම යන්න හැදුවා...

#සිතූ මොකද මේ මාව දැක්කේ නෑ වගේ යන්නේ
මම යන්නේ ගෙදර ඇයි මොකද
#ඇයි මේ තරහ ගිහින් සොරි බබා පරක්කු උනාට
අනේ මේ යන්න අයියා ඔයාගේ බොරුව අරගෙන උදේ ඉදන් වෙන කෙල්ලෝ එක්ක රවුම් ගහලා දැන් ද මාව මතක් උනේ
#නෑ බබා මං කවදාවත් එහෙම කරන කොල්ලෙක් නෙවෙයි(පවන් ගොඩක් දුකින් ඒ වචන ටික පිට කරේ)
අල්ලන්න එපා මගේ අත මං යනවා ......
(සිතූ පවන් ගේ අත අයින් කරලා යන්න ගියා)
#හරි බබා එහෙනම් මේ ආදරේ නවත්තමු(පවන් ගේ ඇස් හොදටම තෙත් උනා)
හා හා ලොකු දෙයක් මට ආයේ කෝල් ගන්න එපා
#හරි සිතූ එහෙනම් මේ මං කියන දේ අහලම යන්න
ම්.....ම් කියන්න
#සිතූ ඔයා දන්නවා නේද මං ආදරේ කරන්නේ වැඩියම ඔයාට කියලා.ඔයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි ඔයාගේ අම්මා තාත්තා ගොඩක් මහන්සි වෙනවා ඔයාට උගන්වන්න ඉතින් එක දවසක් මං ඔයා එක්ක ඇවිදින්න ගියාම ක්ලාස් කට් වෙනවා.ඊට පස්සේ ඔයා ආයේ කොහොමටවත් නෝට්  ලියා ගන්නේ නෑ කම්මැලිකමට එක්සෑම් එකත් ලග තියාගෙන ඒකයි මං දැන් ආවේ ඔයාව හම්බවෙන්න....කමක් නෑ ඔයා දැන් යන්න පරිස්සමට හොඳද..

(සිතූ  පවන්ගේ කකුල් දෙක අල්ලගෙන අඩන්න පටන් ගත්තා.)

මට සමාවෙන්න මගේ අයියේ මං ඔයා දාලා යනවා කිව්වට මං ඔයාට ආදරෙයි මගේ අයියේ....😢😢(සිතූ අඩමින් කිව්වා පවන්ට)
මොකද කෙල්ලේ මේ කෝ නැගිටින්න

(පවන් සිතූව නැගිට්ටලා කාර් එකෙන් වාඩි කරා)

#හරි බබා කෝ දැන් අඩන් නැතුව ඉන්න.කමක් නෑ අපි දැන් යමු කෝ. කෝ කදුලූ පිහිදාගන්න පිස්සි.....

#අපි කොහෙද යන්නේ බබා ඔයා කැමති තැනක් කියන්න...

(සිතූට මතක් උනා එයාගේ යාලුවා ධනූ කියපු තැන)

අයියේ මගේ යාලුවෙක් තැනකට ගියා අපිත් යමුද අයියේ එහේ නිදහසේ ඉන්න පුළුවන්ලු.....

(පවන් දන්නවා කෙල්ල කියන්න යන දේ දන්නෙ නැති විදියට අහන්න පටන් ගත්තා)

#කොහෙද මැණික අර ටවුන් එක එහා පාරේ රූම් එකට
එතකොට එයාලා ගිහින් තියෙනවද
ඔව් අද උදෙත් ගියා ඒ දෙන්නා
ම් ම් ඒත් එතනට පොලිස් බියෙන් පනිනෝනේ අපි යමු වෙන තැනකට

(පවන් යන්න හැදුවේ වෙන තැනකට සිතූ දන්නේ නෑ ඒ කොහෙද කියලා)

එතන අපිට ආදරෙන් ඉන්න පුළුවන් නේද අයියේ

ම් ම් ඔව් බබා ගොඩක් සතුටු වෙන්න පුළුවන් එතනට ගියාම

පවන් වාහනේ නවත්තලා යන්න ගියා ආව තැනට

මේ කොහෙද මගේ අයියේ

බහින්නකෝ බලන්න(සිතූ කාර් එකෙන් බැහැලා වට පිටාව බලද්දී ලොකු බෝඩ් එකක් දැක්කා)

වැඩිහිටි නිවාසයක් නේ මේ ඇයි අයියේ මෙතනට ආවේ...

මෙතනට ආවෙද

ඔව් අයියේ

රූම් වල ලබන සතුටට වඩා මේ අය එක්ක ඉන්නකොට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ පන.යන්කෝ ඇතුලට මං වාහනේ තියෙන තෑගි ටික අරන් එන්නම්...

ඒ කියන්නේ මගේ අයියා මෙහෙ යන්නද ආවේ

ඔව් බබා මං අද උදේ කිව්වෙ මෙහේ යනවා කියලා තමයි.ඔයා හිතුවේ රූම් යන්න කියලද පන.ම් ම් ඔයා කල්පනා කරනවා ඇති මං කොල්ලෙක් වෙලත් ඔයා රූම් එක්ක ගියේ
නැත්තේ ඇයි මාත් කොල්ලෙක් මටත් හැගීම් තියෙනවා ඒත් බබා මං දන්නවා දවසක ඔයාව ලැබෙන්නේ මට කියලා ඒ නිසා මගේ රත්තරන් එක්ක තනිවෙලා ඔයාගේ ජීවිතය ගන්න තරම් මං පහත් නෑ පන.ඒ දේ ගත්තත් නැතත් මං ඔයාට මගේ පනටත් වඩා ආදරෙයි මැණික......

ඔයා නම් දෙවි කෙනෙක් මගේ පවන් අයියේ

හා හා කෙල්ලේ දැන් යමු කෝ ඇතුලට

(සිතුයි පවනුයි තෑගි ටිකත් වැඩහිටි නිවාසයේ ආච්චිලා සීයලට දීලා යන්න ගියා)

#මැණික  දැක්කද එයාලගේ හිනාව

ඔව් මගේ අයියේ මට ත් ගොඩක් සතුටුයි අයියේ... කවදාවත් අමතක වෙන්නේ නෑ මේ දේ නම්

ඒකනේ මැණික අපි දැන් යමු එහෙනම්(පවන් සිතූ ගේ නළලට හාදුවක් දීලා සිතූ ගේ ගෙවල් ලග පාරෙන් දාලා යන්න ගියා)

☆☆☆දගකාර පැංචි☆☆☆

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment