මගේ ආදරේ හිමිකාරි

Admin÷සුදු දෝණි👧.

💙💕🌹මගේ ආදරේ හිමිකාරී💕💛💕💛

සුදු අම්මී කෝ ඔලුව උස්සන්න මැණික.කොහෙද මම ඔලුව ඉස්සුවෙම නෑ.ඔට ඕන වුනේ සුදු අය්යගේ පපුවේ තව ටිකක් වෙළා මූණ හංඟන් ඉන්න විතරයි.

මැණික..කෝ ඉතින් දැන් අප්පච්චී යන්න ඕන..බෑ බෑ බෑ..මම තව ටිකක් සුදු අය්යට තුරුල් වුනා..කෝ මැණික හුරතල් වුනා ඇති.සුදු අය්යා එහෙම කියන ගමන් මගේ ඔලුව ඉස්සුවා එයාගේ අත් දෙකින්.ඔන්න ඉතින් මට බාගෙට ඇඬිලා තිබුනේ..

මම එහෙමයි.සුදු අය්යට ගොඩාක් වද දෙනවා.රංඩු කරනවා.එපා කිව්වොත් ආයේ දෙපාරක් හිතන්නෙ නෑ එපා කියන දේමයි කරන්නේ මං.පුංචි පුංචි දේවල් වලට මහා ගොඩාක් දුක හිතලා දවස් ගනන් අඬනවා. කොනිත්තල,හපලා රිද්දනවා.ඒ හැමදේටම වඩා මම සුදු අය්යට ගොඩාක් ආදරේ කරනවා. ඒ මගේ ආදරේ හැටිද කොහෙද...

-------*****--------

මං ක්ලාස් යන්න පාරට ආවා.ඒලෙවල්ස් ඉවර වෙළා තාත්ත තමා මාව කම්පියුටර් ක්ලාස් එකට දැම්මේ..වෙනද වගේම දුලාන් අය්යා මං එනකම් පාර ලඟ බලන් ඉන්නවා.මම දැක්කෙ නෑ වගේ ඉස්සරහට ආවා..ජානු ඔක්කොම පොඩ්ඩක් ඉන්න..
මම ඇහුනෙ නෑ වගේ ඉස්සරහට ආවා.ජානු තමුසෙගෙ කන් ඇහෙන්නේ නැද්ද?මම අවුරුදු කීයක් තිස්සේ තමුසෙ උත්තරයක් දෙනකම් බලන් ඉන්නවද?දුලාන් අය්යා කේන්තියෙන් කතා කලේ.කේන්තියට වඩා ඒ වචන ඇතුලෙ තිබුනෙ ආදරේද කොහෙද.

මම එහෙමම නතර වුනා.මම දුලාන් අය්යට කිව්වනේ මම කැමති නෑ කියළා. ආයේ ඇහුවත් ඒක තමා උත්තරේ.ඇයි තමුසෙගෙ ජන්ඩි අය්යල දෙන්නට බයේද?දුලාන් අය්යා කිව්ව කතාවෙත් ඇත්තක් නැතුව නෙමෙයි. මම චංඩි අය්යල දෙන්නෙක්ගේ පුංචි නංඟි.
තමුසෙව මං වෙලාවක බලෙන් අරන් යනව.දුලාන් අය්යා දඟකාරකමින් කියද්දී මටත් නිකන් ලාවට ලාවට වගේ දුලාන් අය්යට ආදරේ නොහිතුනා නෙමෙයි..(නොනිමි කඳුළ)

------****-----

ක්ලාස් එකේ වාඩි වෙලා ඉද්දිත් සර් උගන්වපුවට වඩා මතක් උනේ දුලාන් අය්යගේ දඟමූන. පිස්සා.මොකද්ද ජානු කිව්වේ .සර් විතරක් නෙමෙයි ලමයිනුත් මගේ මූණ දිහා බලන්.මට පොලව පලන් යන්න තරම් ලැජ්ජත් හිතුනා...

----****-----
ක්ලාස් ඉවර වෙළා ගෙදර එද්දි දුලාන් අය්යා එයාගේ ඩිස්කවරියත් තියන් පාර ලඟ ඉන්නවා.ජානු..මාව දැක්ක විතරයි දුලාන් අය්යා මම ලඟට ආවා.මම බය වෙලා වගේ පස්සට ගියේ.මොකද තමුසෙට මාව යකෙක් වගේද පේන්නේ?මම මොකුත් කිව්වේ නෑ.තමුසෙ අද කැමැත්ත දුන්නෙ නැතොත් මම මේ බයික් එක හංඳිය ලඟ තාප්පේ හප්ප ගන්නවා...කියනව ඉතින්..හිතේ කැමැත්තක් තිබුනත් අය්යලාට බය නිසා මම කිව්වේ නෑ.මන නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා..හරි එහෙමද?දුලාන් අය්යා බයික් එක අරන් ගිය වේගෙට මූන පුරාම දූවිලි.මම එහෙමම ගෙදර ආවා.(නොනිමි කඳුළ)

-----****-----
ලොකු පුතා දුලන්ඟ ලමයගෙ බයික් එකක හැපිලලු නේද ?අම්මා ලොකු අය්යට කියනව මම අහගෙන.කකා හිටපු බත් කට පිට උගුරෙ ගියා..මම කුස්සියට දුවල ආවා වතුර ට්කක් බොන්න.ඔව්.. ඉතින් ඌ අස්ප වේගෙන්නේ බයික් එකේ යන්නේ.මට තව විස්තර අහන්න උවමනාව තිබුනත් මට බය හිතුනා අම්මා මං ගැන සැක හිතයිද කියල..ඒත් මට මතක් වුනා දුලාන් අය්යා උදේ කියපු කතාව.මම නිසා දුලාන් අය්ය බයික් එක හප්පා ගත්තා කියලමයි මගේ හිත කිව්වේ..

------*****-------
මම ක්ලාස් ඇරිලා එහෙම දුලාන් අය්යලාගේ ගෙදර ආවා.දුලාන් අය්යා ඔලුවෙ බැන්ඩේජ් එකකුත් දමන් ඉස්සරහට වෙලා පුටුවක් තියන් වාඩි වෙලා ඉන්නවා.මාව දැක්ක ගමන් දුලාන් අය්යා බය වෙලා වගේ පුටුවෙන්.. නැගිට්ටේ.දෙවියනේ ජානු...මම නිකමවත් හිතුවෙ නෑ මාව බලන්න ඒවි කියළා...මට දුලාන් අය්ය දැක්කම කඳුළු නතර කර ගන්න බැරි වුනා...අහ් කෙල්ල උඹ අඬනවද? ආ පිස්සී? මම නිසානේ දුලාන් අය්යා හැපුනේ මම අඬ අඬාමයි කිව්වේ..පිස්සු කියවන්න එපා මැණික.එහෙම නෑ..එහෙම නැත්තෙ මොකොද මම නිසානේ බයික් එක හප්ප..(නොනිමි කඳුළ)
ගත්තේ.පිස්සී..යමු ඇතුලට.

කමක් නැද්ද මම ආවට?ඔයා තනියමද ඉන්නේ.ඔව් වැඩ කරන අංකල් ගමේ ගිහින්..ඔයා කන්නේ කොහොමද?? කටින් දුලාන් අය්යා හිනාවෙවී කියනවා.නෑ මැට්ටෝ..කෑම උයන්නේ කවුද?ආ..ඔය තියෙන දෙයක් කනවා.අනේ..මං උයලා දෙන්නද? අහ් කෙල්ල උයන්නත් දන්නවද? උයන්න විතරක් නෙමෙයි සිංහල හෝඩියම දන්නවා...මම හිනාවෙලා කිව්වම දුලාන් අය්යටත් හිනා.මැට්ටී...

මම දුලාන් අය්යා එක්ක එයාලගේ ගෙදර කුස්සියට ආවා.අපෙ ගෙදර වගේ නෙමෙයි හැමදේම සැපට තිබුනා.මොනවද හදලා ඕන...මම දුලාන් අය්යගේ පැත්ත හැරිලා ඇහුවේ...මං ඕන දෙයක් කනව බං .මොනව හරි හදන්න..ම්ම්ම්...දුලාන් අය්යා එක පාරටම ඇවිත් පිටිපස්සෙන් මාව බදා ගත්තා..මාව නිකන් හීතල වෙලා ගියා..දරා ගන්න බැරි තරම් ආදරේකින් මම දුලාන් අය්යගේ පැත්තට.. හැරුනේ..ජානු..ම්ම්ම්..ඇයි මේ බය වෙලා..බය නෑ..මම රහසින් වගේ කිව්වේ...එහෙනම් මේ

ගැහෙන්නේ...ම්ම්ම්...එහෙම නෑ...
ටිකක් වෙලා මගේ දිහා බලන් ඉඳපු දුලාන් අය්යා මගේ තොල් දෙක එයාගෙ තොල් වලින් අල්ලා ගත්තා රිදෙන්නම..මම ඉවසගන්න බැරිම තැන දුලාන් අය්යව බදා ගත්තේ දරාගන්න බැරි ආදරයකින්.ඒ ඇස් වල තිබුනේ පුදුම ආදරයක්...ඌයි මගේ තොල් දෙක රිදෙනවා...මම රහසින් වගේ කිව්වේ..චුට්‍ටයි රිද්දන්නේ..ම්ම්ම්..දුලාන් අය්යා ආයෙත් මගේ තොල් දෙක ආදරෙන් හැපුවේ...(නොනිමි කඳුළ)

දැන් කියපන් ආදරේ නෑ කියළා.දුලාන් අය්යා මගේ මූණ එයාගේ පපුවට තියාගෙන ඔලුව අතගාන ගමන් කිව්වේ.මං ඒ උනුසුමට සනීපෙට තුරුල් වුනා.මට වෙන මොකුත් මතකෙට ආවෙම නෑ..

--------****-------
මම පුදුම විදියට දුලාන් අය්යට ආදරේ කළා.දුලාන් අය්යත් මට ගොඩාක් ආදරේ කළා.ඔව්..ඒක මගේ පපුවට දරා ගන්න බැරි තරම් ආදරයක්..මම ගොඩාක් වෙලා ක්ලාස් යනව කියළා ගෙදරින් ඇවිත් දුලාන් අය්යගේ ගෙදර ආවා.මටත් දුලාන් අය්යව නැතුව ඉන්නම බැරි වුනා..දුලාන් අය්යට පැය ගානක් තුරුල් වෙලා ඉඳලා ගෙදර ආවේ ලෝබකමකින් වගේ.දුලාන් අය්යගේ උණුසුමට මම පුදුම තරම් ලෝබ වුනා..

අනේ මැණික යන්න එපා හැමදාම මෙහේ ඉන්න..දුලාන් අය්යා පොඩි බබෙක් වගේ මගේ පපුවට මූණ තියාගෙන කිව්වේ.අනේ අප්පච්චී එන්නම්කෝ දවසක ඉන්නම..ම්ම්ම්ම්..ඉන්න මං ඔයාට කෑම හදලා දීලා යන්නම්..මම එහෙම කියළා කුස්සියට ආවා..එකපාරටම අතේ තිබුන වතුර කෝප්පේ ඇඟපුරා හැලුනා.අනේ අප්පච්චී මේ...වතුර.. ගෙදර යන්නේ කොහොමද?මම මූන බෙරි කරන් කියද්දී දුලාන් අය්යා හිනාවෙවී බලන්ඉ න්නවා..ඉඳපන් මැට්ටී මං ටවල් එකක් ගෙනල්ල දෙන්නම්..ඕක ඉක්මනට සෝදලා වේලෙන්න දාමු.....ම්ම්ම්.මම ටවල් එකත් අරන් බාත් රූම් එකට ආවා.

------*****-------
මම බාත්රූම් එකෙන් එලියට එද්දී දුලාන් අය්යා ඇඳේ හාන්සි වෙළා බලන් ඉන්නවා..පලයන් ගිහින් මගේ ෂර්ට් එකක් ඇඳගනින්..මම ලැජ්ජවෙන් වගේ ටවල් එක දනිසෙන් පහලට ඇද ඇද දුලාන් අය්යගේ ඇඳුම් තියෙන පැත්තට ආවා..තියෙන ඔක්කොම ඇඳුම් ලොකුයි මේව හොඳයි අලියන්ට අන්ඳවන්න.මටම හිනා. සුදු අම්මී.. උඹ තාම ඇඳුම් හොයනවද?උඹ මාව අවුස්සනවා මැණික.මං රහත් වෙලා නෑ.නිදාගෙන ඉන්න කොටි ඇහැරවන්න එපා.

අහ්... ඇත්තද මහත්තයො ..මම දිව අදින ගමන් දුලාන් අය්යට කිව්වෙ..උඹට මම..... දුලාන් අය්යා මාව එයාගේ කාමරේට උස්සන් ආවා..මම ලැජ්ජාවෙන් දුලාන් අය්යගේ පපුවේ මූන හංඟ ගත්තා.උඹට මං කිව්ව මැණික කෝ උඹ ඇහුවේ නෑ. එහෙම කියලා දුලාන් අය්යා මට රිදෙන තරමට තුරුල් කර ගත්තා..දුලාන් අය්යගේ තොල් දෙක මගේ ඇඟපුරා ගියේ ඉවසිල්ලක් නැතුව වගේ..දුලාන් අය්යගේ උණුසුම වැදුනෙ නැති තැනක් තිබුනෙ නෑ..
එකපාරටම දුලාන් අය්යා මාව ඇතෑරලා එහා පැත්ත හැරුනා.

මම බය වෙලා වගේ දුලාන් අය්යා දිහා බැලුවේ..මේ අහපන් සුදු අම්මී.මම කොල්ලෙක් මටත් හැඟීම් දැනීම් කියළා දෙයක් තියෙයි.උඹ කෙල්ලෙක් හැමදේම කරලා, මම උඹ දාල ගියොත්.. කියළා උඹට බය නැද්ද උඩ බලන් ඉන්නේ ආ?? .දුලාන් අය්යා එහෙම කිව්වම දුලාන් අය්යා ගැන තිබුන ආදරේ තවත් වැඩි වුනා..

මම දුලාන් අය්යට තුරුල් වුනා.කෝ ඇතෑරපන් කෙල්ල මාව. හෙට ඉඳලා උඹ මට වෛර කරාවි.නෑ මගේ අප්පච්චී මම ඔයාගෙ හැමදාම ..මට ඊට එහා වචනයක් කියන්න ලැබුනෙ නෑ.දුලාන් අය්යා මාව ඇඳේ පෙරලා ගත්තා..ආදරෙයි මගෙ අම්මී ගොඩාක්..අප්පච්චිගේ පණ ඩිංඟ(නොනිමි කඳුළ)

ම්ම්ම්ම්....දුලාන් අය්යගෙන් මං දැක්කේ කවදාවත් දැකපු නැති ආදරයක් දැක්කේ.ඒ ඇස් බාගෙට පියවිලා.මටත් කිසිම දෙයක් මතක් උනේ නෑ. මටත් ඕන උනේ දුලාන් අය්යගේ උණුසුම විතරයි..ආදරේ නාමයෙන් මම දුලාන් අය්යගේම උනා..

දුලාන් අය්යා මාව එයාගේ පපුව උඩට ගත්තා..මම ලැජ්ජාවෙන් වගේ දුලාන් අය්යගේ පපුවේ මූණ හංඟ ගත්තේ."මොකද තමුසේ ඇඹරෙන්නේ ආ?ඕන නම තව පාරක් ......ලැජ්ජාව නැති කරන්නත් පුළුවන් මට.. තේරුනාද?මැට්ටා මැට්ටා...මම දුලාන් අය්යගේ කම්මුල හැපුවා...ඌයි ඌයි මැට්ටී රිදෙනව කෝ.. එපා අතාරින්න.කෝ ඉතින්..දුලාන් අය්යා මාව අනිත් පැත්ත හරවලා මගේ මූණට එබුනා..මේ අහපන් සුදු අම්මී.උඹ දැන් මගේ ගෑණි.සෙල්ලම් නෑ.උඹට දැන් වෙන මිනිහෙක් ලඟට යන්න බෑ.උඹ මට ආදරේ නිසා හැමදේම දුන්නේ..අපි දැන්ම ගිහින් බඳිමු..(නොනිමි කඳුළ)

-------*****-------

එකපාරටම දොරට ගහන සද්දයක් ඇහුනා.මම බය වෙලා වගේ දුලාන් අය්යා දිහා.. බැලුවේ.මැණිකගෙ ඇඳුම දැන් වේලිලා ඇති ඒක ඇඳ ගනින්.

ඉන්න මං බලන්නම් කවුද කියළා.දුලාන් අය්යා පහලට ගියාම මම එහෙමම ඇවිත් සායයි ටී එකයි ඇඳ ගත්තා.මට දුලාන් අය්යා ගැන දුකත් හිතුනා.එයාගේ අම්මයි ,තාත්තායි එයාව දාලා කොහොම ඉන්නවද මන්ඳා කැනඩාවලට වෙළා.

ජානු.වරෙන් එලියට.අහ් කවුද කෑ ගහන්නේ කියළා බලන්න මම පහලට ආවා.දෙවියනේ ලොකු අය්යයි පොඩි අය්යයි..මාව වෙව්ලන්න ගත්තා.මම බයෙන් බයෙන් අය්යල ලඟට ආවේ.පොඩි අය්යගේ අත මගේ කම්මුලේ වැදුනේ විසික් වෙලා යන තරම්.. වේගෙන්.දුලාන් අය්යා පැනලා මාව අල්ලා ගත්තෙ නැත්නම් මගේ ඔලුව පඩි පෙලේ වදිනවා.

දුලාන් උඹ තාම දන්නේ නෑ අපි කව්ද කියළ.ලොකූ අය්යා පැන්න ගමන් දුලාන් අය්යට ගහගෙන ගහගෙන් ගියා.අනේ එපා ලොකු අය්යා.මම අඬ අඬා කිව්වත් එයාලට දුක හිතුනෙ නෑ.දුලාන් අය්යා බිම වැටිලා ඉද්දිම ලොකු අය්යා මාව ඇදන් ගෙදර ආවා...ආයේ උඹ ගෙදරින් එක අඩියක් හෙලවෙනව නෙමෙයි.ලොකූ අය්යා මාව කාමරේට දාලා දොර වැහුවේ එහෙම කියන ගමන්.මම ඇඬුව විතරයි.(නොනිමි කඳුළ)

චූටී උඹ මොකද්ද මේ නටපු නාඩගම තාත්තා රෑ වැඩ ඇරිලා ඇවිල්ලා මට කෑ ගහන්න පටන් ගත්තා..උඹට ඉගැන්නුවේ එක එකාගේ ගෙවල් වල ලගින්නද බොල.කවදාවත් බොන්නෙ නැති තාත්තා අද හොඳටම බීලාඇවිත්.අම්මත් හෝ ගාලා අඬනවා.අය්යලාට දැන් සතුටු ඇති..මට හිතුනා..

අම්මා බත් එක කාමරේට ගෙනල්ල දුන්නා.කාපන් චූටි.ආයේ අය්යලා එක්ක එකට කෑම කන්න ලැබෙන එකක් නෑ උඹට.කොහෙද උඹට තියෙන විසේට උන්ඟේ මූණුවල දැලි ගෑවනේ.කොල්ලෝ දෙන්නා රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා යන්න ඕන කියළා උඹට හිතුනෙම නැද්ද චූටි..අම්මා තව ගොඩාක් දේවල් කියලා බත් පිගාන මේසෙ උඩින් තියලා දොර වහන් යන්න ගියා.මට ඕන වුනේ බත් කන්න නෙමෙයි දුලාන් අය්යා ලඟට යන්න විතරයි.මම දුලාන් අය්යගේ වෙලා ආවා කියළා ගෙදර කවුරුත් දැනන් ඉඳියේ නෑ.මම දුලාන් අය්යව මතක් කර කර හැම වෙලාවෙම ඇඬුවා.මං ඒ ආදරේ නැතුව කොහොම ජීවත් වෙන්නද..

චූටි උඹ නොකා නොබී ඉඳලා මැරෙන්නද හදන්නේ?අම්මා රෑ බත් එක දිහා බලන ගමන් උදේ කිව්වේ.නොකා මැරුනොත් වත්ත පහල වලක් කපලා වලලානව පව්ලට ලැජ්ජ කරන උන්ගෙන් වැඩක් නෑ.තාත්තා කෑ ගහන්න පටන් ගත්තා.මට කන්න බෑ.මම කොට්ටේ බදන් අනිත් පැත්තට හැරුනා.එක පාරටම කරකැවිල්ලකුත් එක්ක ආපු වමනෙ නිසා මම නැගිටලා බාත් රූම් එකට දිව්වා..චූටි චූටි ඇයි මේ?ලොකු අයියයි අම්මයි මාව හොස්පිටල් අරන් ආවා.මාව චෙක් කරපු ඩොක්ට කිව්වේ අම්මටයි,අයියටයි තරු විසික් වෙන කතාවක්.ඔයාලට කියන්න සුභ ආරංචියක් තියෙයි.ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.ඩොක්ට අයියා දිහා බලලා කිව්වේ අයියා මගේ මහත්තයා කියළා හිතලද කොහෙද.ඩොක්ටට නම් ඒක සුභ ආරංචියක් වුනාට අපේ ගෙදර අයට ඒක අසුභ ආරංචියක් කියළා දන්නෙ නැති ඩොක්ට බෙහෙත් ගොඩාරියක් දුන්නා.
වෙලාවට බොන්න කියන ගමන්..

තෝ අපේ නම්බුව කෑවා බැල්ලී .ලොකූ අය්යා චීත්තෙ වගේ ආපු ගමන්ම තාත්තාගේ කනේ කේලම තිබ්බා..තාත්තා මට ගහගෙන ගහගෙන ගියා...ඇති ඇති මහත්තයා ඔය ඇති කෙල්ලගේ බඩේ දරුවෙක් ඉද්දි ඔහොම ගහන්න එපා..අම්මා පැනලා මාව බේරගත්තෙ නැත්නම් මාව මැරෙනකම් තාත්තා මට ගහනව ෂුවර්.

ලොකු අය්යයි පොඩි අයියයි දුලාන් අයියගේ ගෙදරට ගියා."දැන් වෙන මොනව කරන්නද බන්ඳලා දෙනව ඇරෙන්න" කියන ගමන්..මට දැනුනේ පුදුම සතුටක්..මොකද දුලාන් අය්යා චූටි පැටව්ට හරි ආසයි කියළා මම දන්න නිසා.මම දකුනු අතින් බඩ අත ගෑවේ හිත මොකද්දෝ ලොකු සතුටකින් පිරිලා ඉතිරිලා යද්දී.දුලාන් අය්යගේ ලේ වලින් මගේ බංඬියේ පුංචි පැටියෙක් කියළා හිතෙද්දි තුන් හිතම පිරුනා...

---------****-------
චූටි චූටි ...ලොකු අය්යා කෑ ගහන සද්දෙට මම කාමරෙන් එලියට ආවා.මට හිතුනා දුලාන් අය්යා ඇවිත් කියළා..මම ඔලුවත් පීරන් එලියට ආවේ..දුලාන් ලංකාවෙන් ගිහින්..මොකක්..මගේ කකුල් දෙකම පන නැති වෙලා ගියා..ඔව් ඌ සතියකට විතර කලින් කැනඩා ගිහින්.ගෙදර දොර වහලා...
ඌ මේකි අනාත කරලා රට පැන්නා.අනේ අම්මා මම අඬාගෙනම අම්ම්ව බදා ගත්තා.අප්පෙක් නැති දරුවෙක් කොහොමද හදන්නේ ආ..උඹ සමාජෙට මූණ දෙන්නේ කොහොමද .දරුවට උප්පැන්නේ දෙන්නේ කවුද..ලොකු අය්යයි පොඩි අය්ය්යි ලොකූ කතාවක්..අපි දරුවා නැති කරමු චූටි ..පොඩි අය්යා එහෙම කිව්වම මම අඬාගෙනම කාමරේට දුවලා ආවා..

මට බෑ දෙය්යනේ මේ දුලාන් අය්යගෙයි මගෙයි ආදරේ.අපි දෙන්නගේම සතුට..මට බෑ මේ පැටියා නැති කරන්න..දුලාන් අය්යා මාව දාලා ගියත් මට ජීවත් වෙන්න මේ දීපු තෑග්ග වටිනව මට.මං කොහොම හරි දරුවා හදා ගන්නවා....මගේ තීරණේ අහපු ගෙදර හැමෝම පුදුම උනා..අය්යලා එක එක දේවල් කිව්වත් දරුව නැති කරන්න මට ශක්තියක් තිබුනෙම නෑ.

නංඟි මහරෙ පුංචිලාගේ ගෙදර නවත්තමු.අපි ගමේ ඉන්න ඕන අම්මා.(නොනිමි කඳුළ)
ලොකු අය්යා මාව පුංචිලාගේ ගෙදර ගෙනත් නැවැත්තුවා...

චුට්ට චුට්ට බංඩිය ලොකූ වෙද්දී මට දුලාන් අය්ය ලඟ නැති අඩුව හොඳටම දැනුනා..මගේ පැටියා තාත්තී කෝ කියළා ඇහුවම මම මොනවා කියන්නද?ඇස් වලට කඳුළු ආවත් මම අමාරුවෙන් විඳ දරා ගත්තේ දුලාන් අය්යා මට දීපු ආදරේ නාමයෙන්..ඔන්න මැණිකට පැටියෙක් ලැබෙන්න ආවම අප්පච්චී කොහෙවත් යන්නෙ නෑ.ලඟින්ම ඉන්නවා..දුලාන් අය්යා මගේ උකුලේ ඔලුව තියන් කියපු හැටි මතක් වුනා.

--------****--------

පුංචි මට අමාරුයි .එක පාරටම ආපු බඩේ කැක්කුම නිසා මම පුංචිට කෑ ගැහුවෙ..පුංචි මාව හොස්පිටල් එකට අරන් ආවා..පුංචිම පුංචි පැටියෙක් දුලාන් අය්යා වගේම නපුරු ඇස්..මම ආදරෙන් පැටියව තුරුලට ගත්තේ..අම්මයි පොඩි අය්යයි හොස්ටල් එකට ඇවිත් හිටියා..තාත්තයි,ලොකු අය්යයි මං එක්ක තරා නිසාද කොහෙද ඇවිත් හිටියේ නෑ..චූටි අපි දරුවා හදාගන්න දෙමු දරුවො නැති ජෝඩුවකට..අම්මා එහෙම කිව්වම මම දරුවා තවත් තුරුල් කර ගත්තා.මට බෑ අම්මා..මේ පැටියා මගේ අම්මා..මගේ පන අම්මා..මම අඬ අඬාමයි කිව්වේ පැටියගේ මූණ ඉඹින ගමන්..දරුවා අරන් මං පුංචි එක්ක ආයේ ගෙදර ආවා.මට හරියට ඇවිදින්න බෑ.පුංචි උදව් කලා.ඒත් කාටවත් වදයක් වෙන්න මට ඕන වුනේ නෑ.මම පුළුවන් විදියට දරුවගේ වැඩ කර ගත්තා..අනේ දුලාන් අය්යා හිටියනම්.මට හිතුන වාර අනන්තයි..

-------*****------

පැටියට දැන් මාස හයයි.දුලාන් අය්යා වගේම දඟ පැටියෙක්..පැටියා පුංචිට බලා ගන්න කියලා..පැටියට දෙන්න බෙහෙත් වගයක් ගන්න මම එහෙමම ටවුන් එකට ආවා.

-------*****------
එකපාරටම ඇවිත් වාහනයක් ෆාමසිය ලඟ නතර කළා.මමත් කලබලේට ආව නිසාද කොහෙද තව ඩිංඟෙන් මං යට වෙනවා..අතේ තිබුන බෙහෙත් තුන්ඩුව බිමට වැටුනා.අනේ සොරි මිස්.(නොනිමි කඳුළ).
වාහනේ එලවන් ආපු පිරිමි ලමයා පාත් වෙලා තුන්ඩුව ඇහිඳලා අතට දෙන ගමන් කිව්වේ..මම නිකමට වගේ ඒ මූණ දිහා බැලුවේ..දෙවියනේ දුලාන් අය්යා..මං වෙව්ලන්න පටන් ගත්තා.එදා වගේම නපුරු ඇස්.. මාව දැක්ක ගමන් දුලාන් අය්යා කන්න වගේ මගේ දිහා බලන් හිටියේ..
ජානු...මං අසරණ විදියට හිනාවුනා.දුලාන් අය්යා වෙන කෙනෙක් මැරි කරලා ඇති කියළා මට හිතුනා..දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි ඒ නිසා මොකුත් නොකියා ඉන්න ඕන කියළා මට හිතුනා..

ජානු..දුලාන් අය්යා කවද්ද ලංකාවට ආවේ?මම අමාරුවෙන් වචන ගැලපුවේ.සතියක් විතර වෙනවා..කොහෙද මේ යන්නේ..මම බෙහෙත් වගයක් ගන්න ආවා..කාටද? මම මොකුත් කිව්වේ නෑ.ජානු තමුසෙගේ කන් ඇහෙන්නේ නෑ නේද එදා වගේම...මගේ ඇස් වලින් කඳුළු වැටුනේ වැහි බින්ඳු වගේ..නැගපන් කාර් එකට..මට බෑ..ඉස්සර වගේම උඹේ හුරතලේ අඩුවක් නෑ නේද?ආ..
මම බෑ කියද්දිම දුලාන් අය්යා මාව බලෙන්ම ඇදන් ගිහින් කාර් එකට තල්ලු කරලා දොර වැහුවා..

දුලාන් අය්යා කාර් එක නතර කලා පාක් එක ලඟ පාරේ..මේ වෙලාවට පාක් එකේ සෙනග අඩුයි..කතා කරපන් සුදු අම්මී.උඹට මොකද වුනේ?දුලාන් අය්යා මගේ මූණට එබෙන ගමන් ඇහුවේ.මමනෙ දුලාන් අය්යගෙන් එහෙම අහන්න ඕන..අහපන් සුදු අම්මී.අය්යලා මාව බාගෙට මරලා එදා ගෙදරින් ගියේ..ඊට පස්සෙත් දෙතුන් පාරක් ඇවිත් මට තර්ජනය කර කර ගියා. අම්මා,තාත්තා ලඟ නෑ,උඹත් මගේ ලඟ නෑ බං.මම කොහොමද මේව තනියම දරා ගන්නේ?මාත් කොල්ලෙක් වුනත් මටත් හිතක් තියෙන්නේ බං.ඉවසන්න බැරිම තැන ඔක්කොම දාලා අම්මා ගාවට ගියේ.
මම ආයේ ඇවිත් ගමේ ගිහින් උඹව හෙව්වා සුදු අම්මී.කවුරුත් උඹව දැක්කේ නෑ කිව්වා අවුරුදු දෙකකින් විතර.මම ඇඬුවා විතරයි.කතා කරපන් සුදු අම්මී මගෙන් මැරුන් නොකා.ඇත්ත කියාපන් උඹට මොකද වුනේ?ඇයි උඹ මෙහේ ඉන්නේ?
මගේ පොඩි වෙනසක්වත් දරා ගන්න බැරි දුලාන් අය්යගේ ඇස් වලත් කඳුළු.පහු ගිය දේවල් වැඩක් නෑ දුලාන් අය්යේ මං යන්න ඕන මට පරක්කු වෙනවා...මොකද්ද යකෝ උඹ කිව්වේ..උඹට මගෙන් අච්චර දෙයක් වෙලා තියෙද්දිත් උඹ මට හැමදේම දුන්නට පස්සෙද උඹට ඔක්කොම පරන දේවල් වුනේ..ආ ....කතා කරපන්..

මම අඬාගෙනම දුලාන් අය්යගේ පපුවට තුරුල් වුනා..මට සැනසීම දීපු දුලාන් අය්යගේ පපුවේ උණුසුම ඉස්සරම ඉස්සර වගේ මට ආයේ දැනුනා.මම මහා ලෝභ කමකින් ඒ පපුවට තවත් තුරුල් වුනා...
අප්පච්චී ....මගේ මැණික..දුලාන් අය්ය මගේ නලලා ඉඹලා ආයේම මාව තුරුල් කර ගත්තා..

උඹට මාව මතක් උනේ නැද්ද මගේ අම්මී..මතක් උනා අප්පච්චි ගොඩාක්..
පැටියට ගොඩාක් බඩගිනිවෙලාද කොහෙද මගේ කුක්කූ වලින් කිරි ඇවිත්..දුලාන් අය්යා පුදුම වෙලා වගේ මගේ පපුව දිහා බැලුවේ...
මැණික ඔයාට දරුවෙක්..ඔව්..අප්පච්චී පැටියෙක් ඉන්නවා...උඹ මාව දාලා වෙන මිනිහෙක් ලඟට ගියේ කොහොමද කියාපන් .මම උඹ මරණව ජානු..නෑ දෙය්යෝ මේ ඔයාගේ පැටියා.(නොනිමි කඳුළ)

මොකද්ද තමුසේ කිව්වේ..මගේ ලේ වලින් හැදිච්ච පැටියෙක්...මගේ පැටියා කෝ..අනිවා මං වගේ ජංඩි පැටියෙක් වෙන්න ඇති..දුලාන් අය්යා මගේ මූණ හැම තැනම ඉඹින ගමන් කිව්වේ.උඹ කොහොමද මගේ මැනික බංඩියත් උස්සන් මම නැතුව..ම්ම්..

තමුසෙගෙ කුක්කූ තෙමෙන්නේ පැටියට බඩගිනි වෙලා කියළා උඹට තේරෙන්නේ නැද්ද .උඹට කොහෙන්ඳ ශක්තිය මගේ පැටියා දාලා මෙහෙම රෝන්ඳෙ ගහන්න..ආ...කියපන් සුදු අම්මී..පුංචිට බලා ගන්න දීලා ආවේ..ඉක්මනට යමන් මගේ කොලු පැටියා බලන්න..මේ ඔක්කොටම කලින් බැඳලම යමන් නැත්නම් කොලු පැටියා ලොකු වුනාම තාත්තිට පාට් එක දාවි..තාත්තී මැරි කරන්න කලින් බබාල හදලා කියළා..දුලාන් අය්යා මගේ නලල ඉඹින ගමන් හරි ආදරෙන් කිව්වේ...මගේ ඇස් වල කඳුළු ඒ දරා ගන්න බැරි සතුටට.....

-------*****-------
දුලාන් අය්ය මායි පැටියයි අරන් එයාගේ ගෙදරට ආවා..මැණික කෝ මගේ කොලු පැටියා දොයිද..ඔව් අප්පච්චී. කෝ හරි දාංඟලේ දොයියන්නෙම නෑ..මම හිනාවෙළා කිව්වේ.

එහෙනම් උඹ වරෙන් මගේ තුරුලට අවුරුදු දෙකකම ඇරියස් කවර් කරන්න තියෙයි..දුලාන් අය්යා මාව ඇදලා අරන් තුරුල් කර ගත්තා..මේ අහපන් සුදු අම්මී..ආදරේ කියන්නේ නිකම්ම නිකන් අකුරු හතරක් නෙමෙයි.ඒක ආත්මීය බැඳීමක්.. ඒ බැඳීමට මං හරි ආදරෙයි අම්මී. උඹව තුරුල් කරන් ඉඳපු මේ පපුව වෙන එකියක්ට දෙන්න මට බෑ අම්මී.එහෙම ගන්නවනම් මං මැරෙන්න ඕන.මං උඹට හරි ආදරේ කළා.අප්පච්චී මමත් ආදරේ කළා මහා(නොනිමි කඳුළ) ගොඩාරියක්..මම දන්නව මගේ අම්මී.හැමෝම එපා කියද්දී මගේ පැටියා හදා ගත්තේ ඒකනේ..හරි හරි දැන් ඒව ඇති..පටන් ගමු නේද..ආ මේ වැඩිය සද්ද බද්ද එපා මැණික..කොල්ලා ඇහැරිලා බලයි මොකද මේ අම්මීයි,තාත්තී කරන්නේ කියළා...මැට්ටා මැට්ටා...මම එහෙම දුලාන් අය්යගේ පපුවට තුරුල් වෙලා ඇස් පියා ගත්තා..ඔව් ඒ පුරුදු සෙනෙහස ආත්මයෙන් විඳ ගන්න හිතාගෙන..

💛💛~~~~~නිමි~~~~~❤️💙

උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment