අවසන් රාත්‍රිය

.     ...... අවසන් රාත්‍රිය .....
(  කෙටි කතාව  )
❤️❤️❤️❤️❤

දෝණී උබට මම අන්තිම හොදින් කියන්නේ මේ.
උබ දැම්මම ඔය සම්බන්දෙ නවත්තපන්.

මම ආයෙ කියන්නේ මේවිදිට නෙමේ පුතේ..
ඌ මොකා උනත් මේ පූජිත්ට ඌ ලොකු නෑ.
😡

දේදූ දුවට කියල දීපන් , මේ තාත්ත හොදට හොදයි නරකට නරකයි කියල, 😡

කලිනුත් එකියක් නටාගෙන අව. ඒකිට උනේ මොනාද කියල මේකිටත් කියල දුන්නොත් හොදයි .

නැත්තම් .... නැත්තම්
එකා කියල බලන්නැ. තොටත් මම හොද පාඩමක් උගන්වනව.😠

අනේ දැන් ඇති මහත්තයා . මම දුවට කතා කරන්නම් .ඔයා කේන්ති ගන් නැතුව ඉන්නකෝ... 😢

කේන්ති ගන්නැතුව ඉන්න, .. අහ්.. කේන්ති ගන් නැතුව ඉන්න .
මේවට තමුනුත් වග කියන්න ඔනි.
ගෙදරට ගෙනත් ටියුෂන් දෙන්න කියන්කොට තමුසෙත් දෝනි ඇන්දත් එක්ක එකතුවෙලා ඒකි කියන පදේට නැටුව.
දැන් හොදයිනේ..
කොහෙවත් ඉන්න රස්තියදු කාරයෙක් මේ ඊරි කරේ එල්ල ගත්ත.
මොකෙද්ද ඌ...
මේ පූජිත් විජේමාන්නගෙ බෑන වෙන්න ඔය කොහෙවත් ඉන්න අඩු කුලේ පරයොන්ට පුලුවන්ද..
උට එච්චර හයියක් ...

කියනව තමුන්ගෙ දෝනිඇන්දට ලෑස්ති වෙන්ඩ කියල
හෙටම මම මිස්ට සමරනායකගෙ ෆැමිලි එකට ඉන්වයිට් කරනව ඩිනර් එකට.

පූජිත් විජේමාන්න .

වලව් මාන්නෙන් ඔලුව උදුමාගත්තු පරම් පරික බිස්නස් කාරයෙක්.

චිතුලි විහාරා විජේමාන්න . පුංචි කාලෙ ඉදන්ම මේ විසාල බංගලාව අස්සෙ හැදුන අහිංසකාවි
පූජිත්ගෙයි දේදුගෙයි එකම දරුව .

චිතූට පොඩිකාලෙ ඉදන්ම තිබුනේ සීමිත නිදහසක්.
පූජිත්ගේ දරදඩු තීරන. කේන්තිය මේව ගැන හිතනකොට . මේගෙදර දුවට වගේම අම්මටත් තිබුනේ සීමිත නිදහසක්. ගදරටම කොටුවෙච්ච ජීවිතයක්.

මේ නිසාම තමයි චිතූ . උසස් පෙලින් පස්සේ. පරිගනක පාඨමාලාවක් කරන්න පුජීත්ගෙන් අවසර ඉල්ලපු වෙලාවෙ දේදු චිතූගෙ අම්මා කොහොමහරි ඒකට අවසර ඉල්ලල දුන්නේ ගදරටම කොටු උන කෙල්ලට පුංචි හරි නිදගසක් දෙන්න ඕනි නිසා.

ඒත් දැන් මේ කෙල්ල කරගෙන තියන විනාසෙ,
තත්තගෙ හැටි හොදටම දැනගෙත් චිතූ මේවගේ පට ලැවිල්ලක් දාගනියි කියල දේදු උනත් පොඩ්ඩක්වත්  හිතුවෙ නෑ...

ඇයි දෙයියනේ මම මේ වගේ හිර කාරියක් වෙලා ඉපදුනේ... ඇයි ඇයි ..?

චිතු පූජිත්ගේ කෑගැහිල ඇහිල දුකටයි බයටයි දෙකටම ඇඩුව ඇස් රතු වෙමකම්ම,
දේදු චිතුගෙ දොරට ගැහුවත් කෙල්ල දොර ඇරියෙනෑ...
පුංචි දේටත් හිත රිදගන්න චිතුට තිබුනේ හරිම සංවේදි හිතක්. ඒක චිතුට උපතින් දේදුගෙන් ලැබුන දායාදයක්.

දේදු බය උනේම චිතුලි මොනවම හරි කර ගනී කියල..
කොහොම හරි අවසානේ චිතු අඩ අඩාම ඇවිත් දොර ඇරල දේදුව බදාගෙන අඩන්න ගත්තේ. පුංචි කාලේ ඉදන්න දුකට හරි සැපට හරි එකම යලුවා උන තමන්ගෙ අම්මට වත් මේදුක තේරෙන් නැත්තේ ඇයි කියන වේදනාවෙන්.

දෝණි මේ අහන්න, ඇයි දරුවො ඔයා තාත්තිගෙ හැටි දැන දැනම මේවගේ පටලැවිල්ලක් දාගත්තේ..
මම හිතුවෙ නෑ ඔය ඔයවගේ මෝඩ වැඩක් කරගනී කියලා. 
දෝණි දැන්මම ඔය සම්බන්දෙ නතර කරල දාන්න, නිකරුනේ ඒ දරුවත් අමාරුවේ දාන් නැතුව.

ඔයා දන්නේ නෑ දුවේ.
ඒ ඔයාගෙ තාත්ත තමා , ඒ උනාට ඒ මනුස්සයට තරහ ගියාම නෑකම් අමතකයි. මට ඔයා ගැන බයයි දරුවො මට ඔයාව නැති කර ගන්න බෑ , ඒ කයි මේ අම්මා මෙච්චර ඔයාට කියන්නේ .

අනේ අම්මා ... ඇයි ඔයත් ඔහොම කියන්නේ.
අම්මා ඉදුරු අයියා නරක කෙනෙක් නෙමේ... එයා හරිම හොදයි අම්මා..
අනික එයත් හොදට ඉගන් ගත්තු ලමයෙක්නේ. අපිට තරම් නැති උනත් එයාලත් යමක් කමක් තියන මිනිස්සු.
ඇයි ඉතින් තාත්ති ඔය තරම් නපුරු වෙන්නේ.

දෝණි මේ අහන්න , මේ ප්‍රශ්නෙදි මත් අසරනයි , තාත්තිට පිටින් දෙයක් කරන්න නම් මෝඩ වෙන්න එපා.
කාගෙත් හොදට මේ කියන්නේ. දැන්වත් ඔය ලමයව හිතින් අහක් කරල හිත හදාගන්න බලන්න,
මීට අවුරුදු ගානකට කලින් ඔය වගෙම ප්‍රශ්නක් වෙලා  හිතුවක්කාර විදියට තීරණ ගත්තු කෙනෙක් මේ ගෙදර හිටියා. එයාලටත් විදවන්න උනා.
කියන්න ගිය දිග කතාවක් දේදු නවත්ත ගත්තේ. පහුගිය අතීතය ආයෙම් මතක්කරන්න තිබුන අපුල නිසා.

අම්මල කියනව වගේ මම කොහොමද දෙවියනේ , ඉදුරු අයියව අමතක කරන්නේ...
එහෙම හිතනකොට චිතූගෙ කදුලු ආයෙම අලුත් උනා.

අම්මා, ඇයි අම්මා....තාත්ත එයා ගැන විතරක් හිතන්නේ,
කසාද බදින්නේ මම , එකට ජීවත් වෙන්න ඕනි මම, ඉතින් එහෙමනම් , මම කොහොමද මම අකමැති මනුස්සයෙක් එක්ක එකට ජීවත් වෙන්නේ..

තාත්තට ලොකු එයාගෙ නම්බුව, කුල මාන්නේ. ඕව තිබුන කියල මැරෙනකොට ගෙනියන්නද. හරි තාත්ති කියන්න ඔය හැමදේම එයා ඔය ප්‍රපෝස් කරපු කොල්ල ගාව තිබුන කියමුකො. ඒත් එතන ආදරේ නැත්තම් මොකටද ඒ හැමදේම තිබුනත්..

දේදුටත් ඇත්තටම දුකයි. දේදුත් කැමතිනැ එයා  ගත කරනව වගේ ගේකට කොටුවුනු ජීවිතයක් තමන්ගෙම දරුවත් ගත කරනව දකින්න.

චිතූ කදුලු අතරින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න . විදියක් නැති නිසාමයී. චිතූ ලගින් නැගිටල කාමරෙන් එලියට ගියේ.
ඇස්‍ රතු වෙනකම්ම අඩපු කෙල්ල්ට එහෙම්මම නින්ද ගියා...

අඩල අඩලම හෙම්බත් වෙල හිටපු චිතු ටවල් එකත් අරන් බාත් රූම් එකට ගියේ. වොශ් එකක් දාගන්න.
සීතල වතුර බිංදු නිරුවත් කයට වැටෙන්කොට චිතූ වේලුනු කදුලු ආයෙම අලුත් කරමින් ඒ සුංදර අතීතය මතක් කරන්නට උනා.

❤️❤️❤️❤️❤️❤️❤️

මොකද මෝඩයෝ ඔය විදියට බලන් ඉන්නේ..
බිත්තියකට ඔලුව තියන් චිතුලිගෙ සුදු මූන දිහා බලන් ඉන්න ඉදුරුගෙන් චිතූ ඇහුවෙ ඇත්තටම එහෙම බලන් ඉන්නකොට කෙල්ලට ලැජ්ජාවක් දැනුන නිසා... 😊

නෑ මම මේ බැලුවෙ මගෙ මේ තිත්ත කරවිල කරල මෙච්චර කැත මොකෝ  කියල.
මනමාල හිනාවක් දාල ඇහැකුත් ගහල ඉදුරු ඒක කීවෙ කෙල්ලව අව්ස්සන්න ඉතින්.😍😉

අහ් කරවිල... 😠

එතකොට මම කරවිල .
හාකෝ.. එහෙනම් ඉතින් ගිහින් හොයා ගන්න එකයි ඇත්තෙ හොද ස්ටොබෙරි ගෙඩියක් . 😏

හම්මෝ මේකිගෙ සැර, ඔව් ඉතින් හාමු මහත්තයගෙ දෝණි ඇන්දනේ.. නයි කොචිකරලක් තමා, මෙතන අහිංසක පාට් එකෙන් හිටියට

ඉදුරු ඒක කීවෙ විහිලුවට උනත් , කෙල්ලගෙ ඇස්වල කදුලු පිරුනා

අය්යෝ මැනික මම විහිලුවක්නේකරේ
විහිලුවට උනත් ඒ කතාවට මගෙ හිත රිදුනා ,

ඉදුරු අයියේ . ...😢

ඔයා දන්නනවනෙ තාත්ති මොනා උනත් මම එහෙම නෑ කියල

හරි හරි මගෙ මැට්ටී .. සොරි, කෝ මේ බලන්න,
අයිය සොරි කීවනේ..
ඔහොම අඩනකොට ඉතින් ඔය සුදු මූන රතු වෙනව . එතකොට එතින් මේ කොල්ලට අල්ලගෙන හපන්න හිතෙනව ඕන් ඈ...

ඇත්තටම ඉදුරු චිතුලිට හුගක් ආදරේ කරා, ඒ අහිංසක කම, හිනාව, නිර්ව්‍යාජ බව,කොල්ල කෙල්ලගෙන් දැක්ක මේ ගතිගුණ වලට හුගක් ආදරේ කලා.

ඒවත් එක්ක බලනකොට නම් ඇත්තටම මේ , පූජිත්ගේ දුව කියල නොදන්න මනුස්සයෙකුටනම් හිතන්නබෑ
මොකද චිතූ ඒ තර්රමට හොද සංවේදී හදවතක් තිබුන කෙල්ලෙක්..
මේ නිසාම මේ ආදර කතාව හුගක් ලස්සන එකක් උනා,

මේ ආදරේ ගැන චිතූටත් බයක් තිබුනෙ නෑ කියන්න බෑ, ඒ පූජිත්ගේ හැටි දන්න නිසා  . ඒත් ඉදුරගෙ දගකාර ආදරේට චිතූ පිස්සු වැටිල හිටියේ.

......❤️❤️❤️❤️❤️❤️❤️❤️

මැනික ...

ම්ම්....

වෙලාවකට මට මහ අමුත්තක් දැනෙනෙව වස්තු... ඔයා මට නැතිවෙයි කියලා..

අනේ ... සුදු අයියේ ඇයි ඔයා එහෙම කියන්නේ.. ඔයා හිතනවද මම ඒවගේ කෙල්ලෙක් කියල

අනේ නෑ මනික..

ඒත් ඔයාගෙ තාත්ති...

ඉදුරුට කියන්න ලැබුනේ එච්චරයි, චිතූ එයාගෙ අතින් ඉදුරුගෙ කට වැහුවා ...

අනේ ... සුදු අයියේ ඔයවගේ කතා නම් කියන්න එපා.. මොනව උනත් මට ඔයාව ඕනි. එහෙම බැරි උනොත්මේ චිතුලිගෙ ඇගට අතියන්න වෙන පිරිමියෙකුට ඉඩ දෙන්නෙ නෑ...

අපි කොහොම හරි තාත්තිගෙ කැමැත්ත ගමු. එහෙම බැරි උනොත් මම තීරනයක් ගන්නව, චිතූ ඒකනම් කීවෙ ආත්ම විස්වාසයකින්..

අරි මැනික මට ඔයාව වැඩිනෑ.

ඔයාගෙ තාත්ති කැමැත්ත දෙනවනම් මට අද උනත් ඔයාව ගෙනියන්න පුලුවන්, මාත් ජොබ් එකක් කරන් කොල්ලෙක් , ඒත් මේ දේවල් වෙන්න ඕනි පිලිවෙලක් තියනවනි,
අපි කලබල නොවී ඉමුකො

ඉදුරු එහෙම කීවත් දෙන්නගෙම් හිත් දන්නව මේකට තාත්තිගෙන් කැමැත්ත ගන්න කොහොමත් බැරි බව,

චිතූ ඉදුරුට තුරුල් උනේ,, මේ දුක සතුට හදවතේ කොනක ඉතුරු කරමින්...
කොච්චර වේලාවක් එහෙම ඉදියද කියල මතක නෑ..
දෙන්නම් එකපාරම් ඔලුව ඉස්සුවෙ කන ලගම බ්‍රේක් ගහපු වාහනේක සද්දෙ ඇහිල.

වාහනයක්....

වාහනෙන් ඒත් එක්කම බැහැල ආව රුව දැකපු චිතූත් ඉදුරුත් එතනම ගල් ගැහුන.

තාත්ති ... 

චිතූට කියන්න ලැබුනෙ එච්චරයි.
කෙල්ට හිතන්නවත් වෙලවක් නොදී පූජිත් කනහරහ ගහපු පාරින් කෙල්ල විසිවෙල ගියේ ඉදුරුගෙ පපුවට.

ආපහු කොන්ඩන්  ඇදල ගත්ත චිතුව වාහනේට දැම්ම පූජිත් , තමන්ගෙ සහචරයො එක්ක ඉදුරුට ලේ පෙරෙනකම් ගැහුවෙ වටේම මිනිස්සු බලාගෙන් ඉදදිදි..
කෙල්ලට පුලුවන් උනේ කෑගහල අඩන්න විතරයි.

මොන මොනාදො කියල ඉදුරුට කෑගැහුව පූජිත් චිතූවත් අරන් වලව්වට ඉගිලුනේ හීයක් තරම් වේගයෙ.. 

කොච්චර සැර උනත් කවදාවත් තාත්තගෙන් ගුටිකාල නැති චිතූ , මේ නිසිතූ මොහොතක සිද්ද උන දේත් එක්ක හිටියේ, අන්දුන් කුන්දුන් වෙලා...

එතන ඉදන් උන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනි..

.........*****....

ශවර් එක යටට වෙල කල්පනා කරපු චිතූට අද සිද්ද උන මේ දේවල්  මතකයට අවේ රූපරාමු පෙලක් වගේ.

මේ සිදුවීම එක්ක දින කීපයක් ගත උනේ ඉදුරුවත් චිතුලිවත් තව තවත් ඈත් කරමින්
චිතුලි ගේ ජංගම දුරකතනයත් පූජිත්ගේ සන්තකයේ නිසා කොල්ලට උනේ මොනාද කියල චුතූට හිතා ගන්න බැරුව පුදුම වේදනාවහින් හිටියේ..

දවසක් හැන්දෑවෙ එකපාරට චිතුගෙ කාමරේට ආවෙ පූජිත් ,

දෝනි ලෑස්ති වෙනව, සමරනායක අංකල්ල එනව කිව අද ඩිනර් වලට , එතනදි ඔයගෙයි විශ්ව පුතාගෙයි වෙඩින් එක ගැන කතා කරනව.
පිස්සු නටන්න හැදුවොත් මම නරකයි කියන්න එපා , මම එහෙම උනොත් අරූව  පන පිටින් වලලනව.

අනේ තාත්ති ..

චිතූ ඇඩුවත් වැඩක් උන් නෑ, පූජිත් එතනින් ගියේ ගිනි පිට වෙන දෑසින්, දේදු උනත් නිහඩ උනේ පූජිත්ගේ හැටි දන්න නිසා

එදාම හවස සමරනායක පව්ලේ හැමෝම අවා. චිතූටනම් ඕනි කමක් තිබුනෙ නෑ , ඒත් පූජිත්ගේ රැවී ගෙරවීම් නිසාත්, පූජිත් ඉදුරුට කරදරයක් කරයි කියන බටත් අමාරුවෙන් හරි චිතූ හිනාවෙලා හිටියා,

ඇත්තටම චිතූ සුන්දයි, විශ්ව ඒ නිසාම එක පයිම මේ සුන්දර යුවතියට කැමති උන

හැමෝගෙම පුරාජේරු කයිවාරු වලින් පස්සේ. අමුත්තන්  ගියේ , විවාහය තීන්දු කරගෙන.

කාලය ගතවුනා, චිතූට ඉඩක් ලැබුනෙම නෑ අඩුම් තරමේ, ඉදුරුට කෝල් කරන්නවත්. තාත්ති කරදරයක් කරාද කියන සැකෙත් කෙල්ලට තිබුනා

දවසක් හවසක වෙඩින් එකේ වැඩකට දේදු, පූජිත් ගෙදරින් යනකන් ඉදපු චිතූ හොරෙන්
ඉදුරුට කොල් කරා..

දවස්ගානකින් ඇහුන ඒ කටහඩත් එක්ක චිතූට ඇඩුම පාලනය කර ගන්න බැරිඋනා,

සුදු අයිය ...

ඔව් මැනික ... ඔයා හොදින්ද?..

නෑ... අයියේ නෑ....

අනේ plz මාව මෙහෙන් ගෙනියන්න . එයාල හදන්නේ මාව අර විශ්වට බන්දල දෙන්න.. අනේ මට බෑ මගෙ අයියේ මට බෑ...

හරි මැනික මටත් ඔයාව ඔනී. මට ඔක්කොම විස්තර කියන්නකො..

චිතූ ඉදුරු දෙන්නා ලැබුන අවස්තාවෙන්.. ගොඩක් දේවල් කතා කර ගත්ත ඒ කාතාව අවසන් උන්නේ.. චිතුලිව කොහොමහරි ගෙදරින් එලියට අරගන්නව කියල ඉදුරු පොරොන්දු උනායින් පසුවයි.

ඔයාට මම කියපු දේවල් තේරුනා නේද චිතූ.

ඔයා බය වෙන්න එපා මම කොහොම හරි දැන්නම් ඔයාව මගෙ ගාවට ගන්නවමයි.
මගෙ මැනික මා ගාවට එනකම් පරිස්සමින් ඉන්න

බුදු සරණයි...!

*****************************-
දෙන්න සැලසුම් කරපු විදියටම ගෙදරින් පැන ගන්න දිනය ලන් උනා.

පූජිත් බිස්නස් වැඩකට එලියට ගිහිනුයි හිටියේ.
දේදුටත් වෙඩින් එකට දුවල පැනල තිබුන මහන්සියටත් එක්කල හොදටම නිනිද ගිහින්..

චිතුලි බෑග් එකත් අරන් තරප්පු පේලිය බැහැල දෙර අරින්න හදනකොටම ලගින්ම ඇහුන සද්දෙට එතනම නැවතුනා..

හදවතේ වේගය වැඩි උනේ මම අහූනා නේද කියල හිදට දැනෙන කොටයි.

ඔහ් දෙවියනේ කලු පූසී.. 

මම බය උන තරමක් මූත් ඉස්සරහට ආවනෙ මෙතන.

තවත් විනාඩියක්වත් යන්න නොදී දුවගෙන ගේට් එක ලගට ආව .  වටපිට බැලුවෙ ඉදුරු හොයා ගන්න, කීව වෙලාවටත් කලින් ආව නිසා ඉදුරු එනකම් චිතූ බයේ ගැහි ගැහී  අදුරෙ සැග උනේ . එතන ගෙදර බැල්කනියට හොදට පේන නිසා.

විනාඩි දෙක තුනකින් පස්සේ ලග ලග ඇහුන අඩි සද්දෙ එක්ක චිතූ ඉක්මනට එතනින් එලියට ආවෙ ඉදුරුව දකින්න තියන ආසාවට.

දෙබවියනේ...

නොසිතූ මොකොතක චිතූගේ ඇස් ඉස්සරහ හිටියේ .

පූජිත්.

කෙල්ල ගැන තිබුන සැකය නිසාම පූජිත් මුල ඉදන්ම ඇහැ ගහගෙන ඉදල තියෙන්නේ..
ගිනිගන්න දෑසින් චිතුලි දිහා බලන් හිටපු පූජිත් , කෙල්ලගෙ අතින් ඇදන් ගියේ. හීයක වේගයන් ,

ගෙදර නිදන් හිටපු හැමෝම ඇහැරෙන තරම් කෑ ගහපු පූජිත් චිතුලිට හොද ටම පහර දෙන්නට උනා.

නිදන් ඉදපු දේදුත් දුවන් ඇවිත්  හිතාගන්න බැරිව මේ දේවල් දිහා බලන් හිටියේ. තමන්ටත් කරන්න දෙයක් නැති නිසා...

පරට්ටි තෝහිතුවද මේ පූජිත් පොට්යෙක් කියල, මත් බලන් හිටියෙ මෙච්චර දවසක් තෝ මොකද කරන්නේ කියල තමා..
තෝ මේ දොරෙන් එලියට ටනකොට මමත් මේ ගෙදරමයි යකෝ හිටියේ.

හහ්....  හහ්...

තෝ හිතුව මදි මගෙ ඇහැට වැලි ගහන්න.

චිතූ රතු වෙනකම්ම පූජිත් ඇයට පහර දුන්න, බලාගෙන ඉන්න බැරිම තැන  චිතූව බේරගන්න එතැනට ආව දේදුටත් පූරිත් කනට දුන්නේ, විසිවෙන්නමයි..

වැසිඋන දේදු ලගට දුවන් ආපු   චිතූව ආපහු ඇදල ගත්ත පූජිත් ආපහු කනට පාරක් හැහුවෙ කෙල්ලගෙ සමබරතාව ගිලිහෙන තරම් හයියෙන්.

ඒපාරට විසිඋනා චිතූගෙ ඔලුව පසුපස කොටස පඩිපෙලේ ගැටියෙ වැදුනේ නොසිතූ ලෙසින්.
ඒ පාරෙ සැරටම කෙල්ල සිහිසුන්ව වැටුනේ ඔලුවෙ පැත්තකින් ලේ පෙරාගෙන

දෝනී.....

දේදුට කියායන්න ලැබුනෙ එච්චරයි ලේ ගොඩක් මැද ඉන්න චිතූව දැකල එතනම් සිහිසුන්ව ඇය ඇදවැටුන.

පූජිත් බීරාන්තව බලන් හිටියෙ උන දේ හිතා ගන්නවත් බැරුව.

වැඩකාරි දේදු ලගට දුවන් යනකොට , පූජිත් චිතූව දෝතට අරගෙන කෑගැහුවෙ ඔහුටත් ඒ සිදුවීම බලන් ඉන්නට බැරිඋන නිසා,

දෙයියනේ චිතූ...

දෝතින්ම වඩාත් චිතුලිව පූජිත් හැකි ඉක්මනින් රෝහලට රැගෙන ගියා.

ඩොක්ට ඩොක්ට අනේ මගෙ දරුවා... අනේ ප්ලීස් ඉක්මනට මොනව හරි කරන්න එයාගෙ ඔලුවෙන් හුගක් ලේ යනව අනේ...

පූජිත් පොඩි දරුවෙක් වගේ කෑ ගහන උනේ, ඇත්තටම සිදුවුණු හැමදේම තමන් නිසා නේද උනේ කියන වේදනාවෙන්.

ඩෝන්ට් වොරී මිස්ට පූජිත් අපි බලන්නම්,

එහෙම හියපු ඩොක්ට ශල්‍යගාරය ඇතුලට ගියා,

එතනම තිබුන පුටුවට පූජිත් වැටුනේ හිසේ අත ගහ ගනිමින් ,
තමන්ගෙ කෝපයෙන් මේතරම් වරදක් සිදූවීම ගැන පසුතැවෙමින්. වේදනානාවෙන් මිරිකුනා

පූජිත්... පූජිත් ... අනේ මගෙ දරුවා..

කෝකෝ එයා කොහෙද?

එවෙලාවෙ එතනට දුවන් ආපු දේදු කෑ ගහන්න උනා,,...

අනේ නෝනේ .. සන්සුන් වෙන්න , බේබිව ඇතුලට ගන්න ඇති.

මෙහෙකාරිය දේදුව සන්සුන් කරන්න  හැදුවත්  ඔලුව පාතට නැබුරු කරන් ඉන්න පූජිත් ලගට දුවන් ගිය ඇය ඔහුගේ කමිසයෙන් අල්ලන් කෑ ගහන්න උනා.

පූජිත්... ඔයා මොනාද ඒ කරේ..

ඒ අපෙ දරුවා,

අරුදු ගානක් දේවාල ගානේ බඩගාල ,
බොන්න පුලුවන් බෙහෙත් පෙත් ඔක්කොම බීල බඩට ගත්ත දරුව,
ඔයත් තාත්තා කෙනෙක්ද, ඔහොම ගහනවද තිරිසන් සතෙකුට උනත්.

හැබැයි පූජිත් මගෙ දරුවට මොනව හරි උනොත් මාත් ජීවත් වෙන් නෑ..

මෙච්චර කල් පූජිත් ඉදිරියේ මුනිවත රැක්ක දේදු ඒ විදියට හිතේ දුක දියකර හැරිය

එක්ස් කියුස්මී සර්..
ඔයාල දැන් අර ගෙනාපු පේශන්ගෙ පේරන්ස්ලද?

ඔව් ඔව් නර්ස්...

ප්ලීස් සර් මේ පේපස් වලට සයින් කරනවද...

මේ.... මේ ... මොනවද...

පේශන්ගෙ ඔලුව ටිකක් ඩැමේජ් වෙලා තියනව, අනිත් ඔපරේෂන් එකට සර්ගෙ සයින් එක ඔනී...

Ok වෙව්ලන දෑතින් පූජිත් සයින් කරා...

විනාඩි පැය ගනන් ගත උනේ හැමෝම සීතල කරවමින්

ශල්‍යගාරයේ බල්බය නිවී ගියා

ඩොක්ට අනේ මගෙ දරුව... එයාට එයාට කොහොමද දැන්.

අහ්.. මිස්ටර්..
කලබල වෙන්න එපා
ඇත්තටම කීවොත් දුවගෙ ඔලුව තදේට වැදිල තියනව, අපි අපිට කරන්න පුලුවන් හැමදේම කරා බලමු . ඒත් දරුවට සිහිය එනකම් මොකුත් කියන්න බෑ..

දින කීපයක් ගත් උනා .. ඒත් චිතුලිට තාම සිහිය ආවෙනෑ..

නොමල මල මිනියක් වගේ ඉන්න කෙල්ල දිහා බල බලා දේදු හීල්ලුවා.. ඇඩුවා, පූජිත් හිටියෙත් කියාගන්න බැරි තරමේ වේදනාවකින්.

මේ සිදුවීමෙන් හරියටම දින හතරකට පස්සේ චිතුලිට  සිහිය ආව.

කෙල්ලගෙ වාසනාවට මතකයට හානියක්  වෙලා තිබුන් නෑ..
වේදනාවෙන් දෑස් ඇරපු චිතූ දැක්කේ කදුලු පුරවන් ඉන්න අම්මව..

අනේ මගේ දෝනී...
දරුවෝ ඔයා අපිව හොදටම බය කරා මගේ පන ඔයාට අම්මව ඇහෙනව නේද...

කොහොමරි ඔපරේෂන් එකෙන් දවස් කීපයක් යනකම් චිතුලි රෝහලේ නවතින්න උනා.

දේදුත් ඒ ටිකේම චිතුලි ලගමයි. ඒත් පූජිත්නම් චිතූගෙ මූන ඉස්සරහට ආවෙ නෑ..

දේදුත් පූජිත්ගෙ මේ දරඩු කමට තරහින් ජිටියේ.

මේ හැටි වරදක් වෙලත් මේ මනුසයට තමන්ව වෙනස් කර ගන්න බැරි උන එකට.
කොහොමින් කොහොමහරි
ඊට දවස් කීපයකට පස්සෙ චිතුලිට ගෙදර යන්න පුලුවන් උනා , ඇත්තටම ඇය බේරුනේ හාස්කමකින් වගේ.

මිස්ට පූජිත්...

අහ් ඩොක්ට ..

පූජිත් දරුව හොද තත්වෙක හිටියත් තාව සුව වෙලා නෑ, එයාගෙ ඔලුව ගොඩක් ඩැමේජ් වෙලා. ඒ නිසා කල්පනා කරන්න , ශොක් එකක් දැනෙන දේවල් වෙන්න දෙන්න එපා.

මට තේරුනා , තැන්කුයු ඩොක්ට.

චිතූ දැන් ඉන්නේ ඉන්නේ ගෙදර

මේකාලෙ ගේ ඇතුලෙ වෙනස්ම තත්වයක් තිබුනේ.
දේදු පූජිත් එක්ක කතා නොකරපු තරම්. ඒ වගේම . චිතූගේ විවාහය ගැන කිසිම කතාවක් තිබුන් නෑ ඒ වහල යට,

එක දවසක් හවසක පූජිත් චිතුලිගෙ කාමරේට ආව.

දෝනි ......

මෙච්චර දවසක් චිතූ එක්ක කතාවට නාපු පූජිත් එදා චිතූට කතා කරා.
දේදුට වගේම චිතුලිටත් පුදුමයි.

තාත්ති ...

අයිම් සොරි දෝනි, මම මහ පව්කාර මිනිහෙක් , එදා ඒ සුද්දියෙන් තව පොඩ්ඩෙන් මට ඔයාව නැති වෙනව, මට ඇත්තටම තරහ ගියා ඒත් මම හිතුවෙ නෑ දුවේ.....

පූජිත් චිතුලිගෙ අත අල්ලන් මෙහෙම කියනකොට, මේ මොනා උනත් මගෙ තාත්තනේ කියන දුක ඇයට දැනුන ඒකයි කියන්න ගියපු කතාව නවත්තන්න චිතූ පූජිත්ගේ කට වැහුවෙ.

මම තරහ නෑ තාත්ති , මටත් දුකයි, මත් වැරදී. ඒත් තාත්ති  මට බෑ විශ්ව මැරිකරන්න.

මෙච්චර වෙල ඉදගෙන හිටපු පූජිත් පුටුවෙන් එක පාරම නැගිටල කීවෙ මොනා උනත් මේ කසාදෙ වෙනව කියල.

ඒක කියනවත් එක්කම චිතූ දැනුන හිසේ වේදනාවත් එක්ක , හිස බදාගෙන කෑ ගැහිව.

දෝණි .. දෝණි .. අනේ ඇයි මේ...

අනේ දැන්වත් ඔක නවත්තන්න පූජිත් දෙවියගෙ නාමෙන්. ඔයාට ඕනි මේ දරුවව මරාගන්න ද?

දෝනි බබා මේ බලන්න, මම ඔයාට කීවෙ නෑනි දැන් විශ්ව මැරි කරන්නෙ කියල,
පොඩ්ඩක් අර දොර දිහා බලන්න, ....

පියාගත්තු ඇස් හිමීට ඇරල වේදනාවෙන්ම බැලුවෙ දොර දිහා...

දෙවියනේ ඉදුරු .....

චිතූට හිතා ගන්න බැරිඋනා, දේදුටත්.
චිතූ ලගට දුවන් ආව ඉදුරු චිතුලිව තුරුලු කරන් අඩන්න උනා...

මැනික මම ගොඩක් බය උනා... ඔයා නැති ටිකේ මම පිස්සෙක් උනා .... අනේ මගෙ චිතූ . කෙල්ලව දැක්ක සතුටට ඉදුරුට ඉන්නෙ කොහෙද කියල අමතක උනා.

දින ගන නාවකින් දැක්ක ඒ මැලවුනු සුදු මූන. ඉදුරු තොර තෝන්චියක් නැතුව සිප ගත්ත.

එතකොටයි පූජිත් උගුර පෑදුවේ...

කෙල්ලට හරිම සතුටුයි.

දෝණි .... පූජිත් කතා කරා.

මට ඔනී උනේ ඔයා විශ්ව මැරි කරනව දකින්න.
ඒත් එදා ඒ උන දේත් එක්ක දරුවෝ... මම තීරණයක් ගත්ත. ඔයාගෙ සතුට මෙකනම් මම ඒක කරන්නම්.

මේ තාත්තට හිතක් පපුවක් නෑ කීවට එහෙම නෑ දෝණි . මට ඔනි උනේ ඔයාව හොදට සැපට ඉන්න පුලුවන් වට පිටාවක් හදන්න,
ඒත් මම වැරදී... පූජිත් ගොඩක් හැගීම් බර උනා.

පුතා අයිම් සොරි මගෙ අතින් ඔයාට හුගක් වැරදි උනා.

ඒකට කමක් නෑ අන්කල් . දුවක් වෙනුවෙන් ඕනම තාත්තෙක් , එයාගෙ අනාගතේ ගැන හිතනව, අංකල් කරපු කිසිම දේකට මගෙ තරහක් නෑ, චිතූ වෙනුවෙන් ඕනම දෙයක් ඉවසන්න පුලුවන් .

ඉතින් ඔන්න ඔය විදියට මාමල බෑනල සේප් උනා...

කලින් යොදාගෙන තිබුන විදියටම තව සතියකින් චිතූගෙයි ඉදුරුගෙයි වෙඩින් එක දැන් හැමෝම සතුටින් .

කාලය ඉක්මනිම ඉගිල ගියේ විවාහයට එක දිනයක් ඉතුරු කරමින්. හැමෝම හරිම සතුටින් . අද බංගලාවම හරියට සුරන්ගනා ලෝකයක් වගේ චිතූට පෙනුනේ..

ට්‍රීං ට්‍රීං.... ( කෝල් එකක් ඒ)

මැට්ටෝ ... දැන් රෑ දහයත් පහුවෙලා.. මම නිදාගන් නැද්ද.

නින්ද යන් නෑනිනි මැනික . හොල්මනක් පේනව හීනෙන්..

රෝස් ක්ලර් ෆ්‍රොක් එකක් ඇදල, මල් බොකීඑකක් අරන් ඒ මල හොල්මන මගේ මේ සියුමැලි හිත හිරි වට්ටනව

ආ ඇත්තද?? 

දැන් එතකොට කව්ද ඔය හොල්මන..

වෙන කව්ද ඉතිම් මේ ටකරන් වොයිස් එක තියන බටකොල ආච්චි තමා.

ඉදුරුවෝ.... හිනානේ හරි.

හහා හිනා වෙනවකො. හෙට ඉදන් ඉතින් අඩන්න තමා වෙන්නේ.. 
මේ බටකොල ආච්චි තමුන්ගෙ ව්යිෆ් උනාම,

අම්මේ වයිෆ් , දැන්නම් හිතනව, අංකල් කාරයා මේ මගුලට කැමැත්ත දීල මාව නසරානි කරල කියල.

අහ් ඇත්තද, එහෙනම් ඉතින් හෙට බලන් ඉන්නවකො මම පෝරුවට එනකම්, මම එන්නේ නෑමයි.බල මුකෝ ..

හා හා බලමුකෝ...

ඉදුරුත් එක්ක මේ විදියට පැය ගානක් බොරුවට රන්ඩු උන චිතූ  , ඇදට ආවෙ කියා ගන්න බැරි සතුටින්.

විවාහය කියන්නේ යුවතියකගේ ජීවිතියේ සංදිස්තානයක්. හීතේ හිර කරගත්  හීන පැතුම් ඉටුවන දවස, පුංචි කාලෙ ඉදන් හැදුන වැඩුන ගේ දාල වෙන ගෙදරකට යන්නේ ඇය දහසක් නැවුම් බලාපොරොත්තු සමගින්. අලුත් වගකීම්. බැදීම් සමගින් අලුත් ලෝකයක් ඇය තනනව. ඒ සුදර බලාරොත්තුව චිතූට වගේම ඉදුරුටත් තිබුනා.

මේ චිතූගේ අවසන් රාත්‍රිය ,
යුගල යහනේ තනියම සැතපෙන , අවසන් රාත්‍රිය .

හෙට ඉදන් මම ඉදුරු පතිනි.

මේ සොදුරු අනාගත ගැන කල්පනා කර කර ඉන්න චිතට , සිහින් හිසරදයක් ආව.
ඒක ගනන් ගන්න තරම් අමාරුවක් නැති නිසා . උදේම නැගිටින බලාපොරොත්තුවෙන් චිතූ නින්දට ගියා.

ඒත් එලිවෙන යාමේ වගේ එනකොට හිස දෙපැත්තෙන් ආව කැක්කුම කෙල්ලට ඉවසගන්නම බැරිඋනා. වේදනාව වැඩිකමටම තිබුන වේදනා නාශක පෙති කිහිපයක් බීපු චිතූ. ආපහු ඇදට ගියේ හිසේ වේදනාවත් එක්කමයි.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කමලා කෝමේ බේබි , නැගිටල ද දැන් සැලොන් එකට යන්න වෙලාව හරි ...

නෑ නෝනා තවම නිදි ගුලි ගැහිල. මට ඇහැරවන්න ලෝබ හිතුනා

ඉන්නකො මම කතා කරන්නම්
අනේ අම්මේ.... මෙහෙමත් මනමාලියක් තවම නිදී.

දේදු කාමරේට යනකොට තවමත් සුදු ඇද ඇතිරිල්ලේ ගුලි ගැහිල ඉන්න කෙල්ල දිහා බැලුවෙ හරිම ආදරෙන්.. මගෙ කෙල්ල අද මනමාලියක් කියන හැගීමෙන්.

චිතූ දෝනීයෝ... නැගිටින්න සුදූ. දැන් වෙලාවත් පහුවෙලා....

දේදු මෝනා කීවත් චිතූ පොරෝනෙට ගුලි ගැහිල හිටියා.

අනේ මෙහෙමත් කම්මැලියෙක් ... දේදු එහෙම කියල පොරෝනෙ ඇදල අයින් කරා,
එතකොටම දැක්ක දෙයින් දේදු හයියින් කෑ හැහුවා.

දේදුගේ සද්දෙ ඇහිල දුවන් ආපු පූජිත්ට දකින්න ලැබුනේ, සයනේ වැතිරී ඉන්න චිතූ
චිතූගෙ කොට්ටෙ රතුපාට වෙලා තිබුනා.

මොනවත් හිතා ගන්න බැරිඋන පූජිත්ගේ චිතුව දෝතින්ම අරන් ඉගිලුනේ රෝහලට.

ඒත් ඒවෙනකොත් හුගක් පරකුයි

අයිම් සොරි පූජිත්   ,

චිතූ නැතිවෙල මේවෙනකොටත් පැයගානක් ගිහින්.

ඒත් ඩොක්ට මොනවද මේ කියන්නේ අනේ දේදු මගෙ කෙල්ල,...

පූජිත් , දේදු ,    මේ හැමෝම එකපරටම සිද්ද උන මේ දේ අදහගන්න බැරිව හැඩුව,
වැලපුනා, ඒත් ඒ අදෝනා අහන්න චිතූ අද එතන නෑ, එයා යන්න ගිහින්

ඇත්තටම විවාහය නිසා චිතූ හිටියේ අදික සතුටකින්, ඒ සතුට චිතූට දරාගන්න බැරිඋනා හිසට සිදුව තිබූ හානිය නිසාවෙන්.
මේ නිසා ඇගේ මරනය සිදු වූ බව මරන වාර්තාවේ සටහන් උනා.

********************
සුපුරුදු පරිදි පහුවෙනිදත් ඉර පෑයුවා, ඒත් ඒ ඉර චිතූලගෙ ගෙදරට එක්කලේ කියාගන්න බැරි දුකක්.

කලින් සූදානම් උන විදියටම ඉදුරුත් නෑදෑයොත් චිතූලගෙ ගෙදරට එකතු උනා...
චිතු ඉදුරුගේ ආදරේ ... හරි ලස්සනට. මංගල ඇදුමින් සැරසිලා හිටියා.

මංගල ඇදුමින් සැරසිලා මල් පොකුරක් අතේ තියන් සුවසේ සැතපුනු මනාලියට ආපු හැමදෙනාම හරි ආදරෙන් ආසිරි පැතුවා.

ඔව් ඉදුරුගෙ ආදරේ මනමාලියක් උනා,

ඒත්  උඩුකුරු සයනක සැතපෙන .

මේ හැමදේම ඉදුරුට, අම්මා , තාත්තා , හමෝටම හීනයක් වගේ.

මේ සැතපුන සුන්දර මනාලිය දකින හැම දෙනාගෙම නෙතට එකතු කරේ කදුලක්.
චිතූගේ තාත්තා හැඩුව වැලපුනා, ඒත් හදිසි කෝපයෙන් ගත්තු වැරදි ක්‍රියාවක් නිසා හැමෝම අද දුක් විදිනවා.

පූජිත්ට දැනුනේ තමා මිනීරුවෙක් විදියට .
හැමදේටම ඒත් දැන් හුගක් ප්‍රමාදයි

අද මේවගේම හදිසි කෝය නිසා ගන්න වැරදි තීරන නිසාම පහු කාලෙ පසුතැවෙ කොච්චරනම් මිනිස්සු ඉන්නවද?

පූජිත් වගේ ඒ මිනිස්සුත් තනියම විදවනව ඇති. මේලෝකෙ කොහේහරි ඉදන්.

ඉදුරු හැඩුව වැලපුනා, එයාගෙ මනමාලිට ගොඩක් කතාකීව , ඒ රත්තරම් පාට මූන අතගෑව, සිප ගත්ත , ඒත්  ඒ කිසි දෙයක් චිතූට හැහුන් නෑ...

චිතු මනාලිය වෙලා සුභ නැකතින් ගෙදරින් යන්නම ගියා,, ආයේ නොඑන්නම

..... නිමි......

සුභාෂිණි අබේසිංහ

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment