විහන්සා සේනාධීර නිර්මාණයක්

කියවලා බලලා කියන්න හොදයිද කියලා.

"එතකොට ඔයා මට කියන්නේ යන්න කියලද මේ ආදරේ දාලා යන්න කියලද යොහාන්?" තිරුනි ඇහුවේ ඇස් වල කදුලු පුරවගෙන.

"මං මොකක්ද කරන්නද මේක මගේ අම්මලා තාත්තලා ගෙනාපු ප්‍රොපෝසල් එකක්නේ අනික ඩව්රියත් හොදයි.අපි දැන් වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න නම් එහෙම ඩව්රියක් ඔනී.චුට්ටක් මාව තේරුම්ගන්නකෝ" යොහාන් කීවේ හරි ලේසියෙන් ආදර කතාවට තිත තියලයි.

තිරුනිට හිතාගන්නවත් බෑ අවුරුදු තුනක ආදරේට යොහාන් කොහොමද එහෙම කරන්නේ කියලා.ඇස් වල ලොකූ කදුලු කැට.ඒත් යොහන්ගේ මූනේ කිසිම කනගාටුවක් නෑ.

"හරී එහෙනම් මං යනවා. ඔයා පරිස්සමින් ගෙදර යන්න. ආය මට කෝල් කරන්න මැසේජ් කරන්නෙපා. අපි මේක ඉවර කරල දාමු. " එහෙම කියපු යොහාන් හරි ඉක්මනට මොටර් බයික් එකේ නැගලා එතනින් ගියා.

තිරුනි එතන තිබිච්ච සිමෙන්ති බංකුවේ ඉදගෙන මහ මුහුද දිහා බලාගෙන හිටියා" කරන්න දෙයක් නෑ එයටනේ යන්න ඕනී කිවේ ඉතින් මට එයව නවත්තන්න බෑ යන අය ගියපුදෙන් එන අය ආපුදෙන්"තිරුනි මෙහෙම හිතව්වෙ එයගේ හිත හදාගන්න. ඒත් හිත ඇතුලෙන් ගොඩාක් අඩනවා කියලා එයා දන්නවා.

ටික වෙලාවක් එහෙමම හිටපු තිරුනි එතනින් නැගිටලා හරි වේගෙන් ගෙදරට ආවා ගෙදර කීවට කෙල්ල ඉන්නෙ පොඩි බෝඩිං කෑල්ලක.කෙල්ලගේ හිතේ මොකක්දෝ ලොකු ප්ලෑන් එකක් තිබ්බා.

වසර 2කට පසු......

යොහාන් විවහා වෙලා.එයා පදිංචි වෙල ඉන්නෙත් කොළඹ මයි. දැන් එයාට පුංචි පුතෙක් ඉන්නවා.දවසක් මේ පුංචි පැටියට අසනීප වෙලා ඩොක්ටර් බෙහෙත් වගයක් ලියලා දෙනවා ෆාමසියකින් ගන්න කියලා.යොහාන් ඔය චිට් එක අරන් යන්නේ මෑතකදි විවෘත කරපු ලොකු ප්‍රධාන පෙළේ ෆාමසියකට.

එතන සෙනග ගොඩාක් ඉන්නවා.කරන්න දෙයක් නෑ දැන් යොහානුත් පොලිමේ ඉන්නවා. යොහාන්ගේ වාරය ආවට පස්සෙ යොහාන් කව්න්ටරයට යනවා.

ෆාමසියේ හැමෝම එකම යුනිෆොම් එකක් තමා අදින්නේ . ඒත් එතන එක්කෙනෙක් හිටියා ලස්සන සාරියක් ඇදලා.යොහාන් ටිකක් පරිස්සමින් එයා දිහා බැලුවා "දෙවියනේ තිරුනි" යොහාන්ගෙ යටි පතුල් සීතල වෙලා ගියා.

කොහොමත් හදවතට ගොඩාක් ලං වෙලා හිටපු කෙනෙක් කාලෙකින් ආපහු අහල පහල ඉන්නවා කියලා හදවතට දැනුනාම හදවත ගැහෙනවනේ .තිරුනිගේ පපුවටත් උනේ එකමයි එයා එක සැරයක් විමසිල්ලෙන් පාරිභෝගිකයන් දිහා බලව්වා. තමන් දිහා බලන් ඉන්න ඇස් දෙකක් එයා දැක්කා. ඒ තමන්ව එපා කියලා සල්ලි වලට වහ වැටිලා ගියපු යොහාන්. තිරුනි හරි අහිංසක හිනාවක් යොහාන්ට පෑවා.

යොහාන් බෙහෙත් ගන්න අතරේ තිරුනි කව්න්ටරයට ආවා."තිරුනි ඔයා මොකද මෙතන කරන්නේ.... මෙතනත් ක්ලීනින් ද කරන්නේ .... යොහාන් නෝන්ඩියට වගේ ඇහුවා. ජීවිතේ කවදවත් කගෙවත් ක්ලීනින් වැඩක් නොකර තිබුනත් තිරුනිට ඒවගෙ කතාවක් අහන්න උනා කෝමත් යොහාන් එහෙමෛ අනිත් අයව පාත් කරලයි කතාකරන්නෙ.

තිරුනි ආපහු වතාවක් හිනා උනා.නෑ යොහාන් මේ මගේ ෆාමසිය .මේක අයිති මටයි.මේක ම්න් මහන්සි වෙලා හදාගත්ත දේ

බෙහෙත් ටික ගත්ත යොහාන් ආපහු හැරිලා ගියා

(ඔයාලත් ඔයාලට වටිනාකමක් හදාගන්න තමන්ට වටිනාකමක් තියනවානම් කවදාවත් කාටවත් ඔයාලගෙ වැරැද්දක් කියන්න බෑ)

විහන්සා සෙනාධීර

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment