##එදත් වැස්ස
.......................
##පුන්චි කෙටිකතාවක්
මෙච්චරකල් තිබ්බ ඉඩෝරය ඉවර වෙලා අහස කළු කරන් ආවා..
යාන්තමින් එක දෙක වැහි බින්ඳු පොලො මව් සිප ගන්නවා...
චුට්ටියට පටන් ගත්තු වැස්ස දැන් ධාරානීපාත වැස්සක් වෙලා..
මම ජනේලෙන් ඈත බැලුවා..
මුලු වෙල් යායම අද එකම ගඟක් වගේ..
අදත් එදා වගේමයී....
බිමට වැටෙන වැහි බින්දූ මිදුලේ මවන ගෙත්තම් දිහා බල බලම මන් අතීතයට ගියා..
සංජුලා දිශානි වන මම.මෙහි සිටින නිදුක් ආරෝග්‍ය සමඟ අද දින
හ්ම්ම් එහෙම කියලා තමයි අපී ජීවිතේ පටන් ගත්තේ...
නිදුක් කියන්නෙ මගෙ හොඳම යාලුවගෙ අයියා..නිශාරගෙ වෙඩින් එකෙ දෙවනි මනමාලිට ගිහින් තමයි නිදුක් මාව දැකලා තිබුනේ..
නිදුක් කෙලින්ම අපෙ අම්මලගෙන් මාව ඉල්ලලා තිබුනේ..හිතෙ නිදුක් නොවුන්නත් නිදුක්ට අකමැති වෙන්න තරම් හේතූවක් මට තිබුන් නෑ..
ඉතින් මාස හයකට විතර පස්සෙ මාත් නිදුකත් එක වහලක් යටට උනා..
නිදුක් ටිකක් දැඩි මත තියෙන කෙනෙක්..ඒත් නිදුක් ගේ ආදරයත් එක්ක එ දැඩි බව නොදැනුනු තරම්..
නිදුක් ගෙ අම්මා තාත්තා මාව පුන්චි කාලෙ ඉඳන් අඳුරනවා ඒ නිසා නිශාරාට වගේම මටත් දුවෙක් විදියටයි සැළකුවේ..
එක දවසක් නිදුක් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙලයි උන්නෙ මන්..ඒත් ඇති වෙච්චි ක්ලාන්ත ගතියයී ඔක්කාරයයි හින්දා නිදුක් මාව ඩොක්ට කෙනෙක් ගාවට අරන් ගියා..
විස්වාස කරන්න..මට අවුරුදු විස්ස යාන්තම් පිරුනා විතරයි .ඒත් මගෙ චූටු පැටියා මගෙකුසට ඇවිත්..වයස කෙසෙ වෙතත් මව් සෙනෙහස මටත් දැනෙන්න උනා...
මට මුලු ලෝකෙම ලැබුනා වගේ..මම හිතුවෙ මට වගෙම නිදුක්ටත් එ සතුට දැනිලා ඇති කියලා
ඒත් උනෙ හීනෙකින් වත් නොවුනු දෙයක්..
අපි ආපහු එද්දි නිදුක් ආවෙ ගොඩක් කල්පනා කර කර බැරිම තැන මන්ම නිදුක්ට කතා කරා
අයියා
මොකද
හුම්ම්..මුකුත් නෑ
සංජි අපි එයාව නැති කරමු
මොකාක්..
ඔව් මට දැන්ම එ වගකිම් දරන්න බෑ
මොකක් අයියෙ මේ..අනෙ මෙ විහිලුවක් නේද
විහිලුවක්නෙවෙ ඇත්තට කියන්නෙ .මමයි ඔයයි ලබන මන්ත් එකෙ ස්වීඩීන් යනවා..ස්කෝල ශිප් හම්බෙලාතියෙන්නෙ අපිට..
ඔයා ප්‍රෙග්නන්ට් කියලාදැන් ගත්තොත් යන්න වෙන්නෑ
ඒත් අයියෙ ..මෙ අපෙ දරුවා..එයා ඇවිත්..අනේ
එයා දැන් ආවට මටකරන්න දෙයක් නෑ .මන් ඔය ස්ව්ඩීන් යන වැඩේට ටරියි කරන්න අරන් අවුරුදු අටකත් වැඩි
මොකක්
ඔව්..අපි මේක යනවා
අනෙ අයියා දරුවා
මන් සැරයක් කීවානි..දරුවො නෑ ..මන් කියන විදියට වැඩ වෙන්න ඕනි
ඉතින් ඔය ප්‍ර්සනෙ උඩ අපි අතර ගැටුම්
...දෙයියනේ කොහොමද මන් මගෙ බඩට ආව පුතු පැටියව නැති කරන්නේ..
මගෙත් ගෙදර අම්මාගෙ තාත්තගෙත් නෝක්කාඩු මැද එයා තීරණයක් ගත්තා..
මොකක්දො හේතුවකට එදා අපි එලියට එද්දිම හූනෙක් චික් චික් ගෑවා...
නිදුක් මට යන තැනක් කීවෙ නෑ..ඒත් මගදි කා එකේ රෝදයක හුලන් අඩුයි කියලා එයා නැවැත්තුවා
ශෙට් මෙ කා එකත්..මේකෙ හුලන් ගගහා ඉන්න ගියොත් ඩොක්ටත් යයි
ඩොක්ට..අයියෙ ඩොක්ට කෙනෙක් ගාවට ද යන්නේ
නැතුව..තමුසෙගෙ ඔය බඩෙහැදෙන කරදරෙ ඉවරයක් කරන්න යන්නෙ
අයියෙ අනේහ්
නවත්තගන්නවා ඔය ඇඬියාව..තව සති දෙකක් වත් නෑ ගමන යන්න
අනේහ්..
වැස්සක සේයාව කොහේවත් නොතිබු අහස වෙන්න යන විපත දැනිලදො සට සට ගගා කඳුලු වැසි වැට්ටුවා
ශිට් මෙවැස්ස..පාර පේන්නෙත් නෑහ්
මගෙ දිහාත් රව රව බලමින් නිදුක් කා එක ඩර්‍යිව් කරා..
අහ් හරි..ඔය පේන්නෙ
නිදුක්ගෙ මූනෙ නපුරු හසරැල්ලක්..
මෙඩිකෙයා සර්ජරි යුනිට්..
එහෙමයි ගහලා තිබුනෙ..
බෑ බෑ මට මගෙ පුතුවනැති කරගන්න බෑ..
කා එක නැවැත්තුව ගමන් මන් කරෙ දොර ඇරන් පාර පුරා දුවපු එක
සංජු ඔහොම නවතිනවා..
**දඩාස්....
මන් හැරුලා බලද්දි මට පෙවුනෙ නිදුක්ව යට කරන් වාහනයක් යන එක
මොනා උනත් එ මගෙ සැමියා..මගෙ දරුවගෙ තාත්තා...
.....................
එ සිදුවීම වෙලා අදට අවුරුදු දොලහක්..
එදා වගේම අදත් වැස්ස දවසක්..
මම ජනේලෙ ගාවට වෙලා මේ බලන් උන්නෙ..
...අම්මේ...අපී ආවා
ඒ ඒ දෙව්සිතු...දෙව්සිතූ පුනර්ජීව..
මට මෙච්චර දුක් කම්කටොලු මැද ජීවත් වෙන්න ශක්තිය දුන්නු මගෙ පුනර්ජීවනය
ඇයි පුතු පරක්කු උනේ..
අප්පච්චීගෙ යාලුවෙක් හම්බුනානි..ඉතින් වැස්ස ටිකක් අඩු වෙනකම් අපි එහෙ උන්නා නේද අප්පච්චී
දෙව්සිතූ අප්පච්චිගෙමූන බලන් මට කීවා
මා එක්ක එද්දි පුතාට අමාරුයි නෙ සංජූ..ඒකයි ඔයා බය උනාද
ටිකක්..
අම්මි කෝපී..
හා යන්..තුන් දෙනත් එක්කම බොමු
අප්පච්චි අර ඉල්ලනවා කීවෙ
මොනාද ආ අප්පච්චියි පුතුයි කුමන්ත්‍රණ
නෑ මුකුත්නෑ සංජී මෙ පුතාට හැලප කන්න ඕනීලු
නෑ නෑ බොරු අම්මි මෙ අප්පච්චි තමයි
හරි හරි...ඊයෙ පෙරේදා ඉඳන් කිවානි..යන් මන් හැදුවා
දෙව්සිතු අප්පච්චිගෙ වීල් චෙයා එකත් තල්ලු කරන් කුස්සියට ගියෙ මටත් කලින්..
...එදා තමන්ගෙ දියුනුව වෙනුවෙන් බාදකයක් කියලා අයින් කරන්න ගිය පුන්චි පුතු පැටියම අද නිදුක් අයියට හයියක් වෙලා තියෙන හැටී..
ඔව් එදා අනතුරෙන් පස්සෙ නිදුක් අයියගෙ කකුල් දෙකම අයින් කරන්න සිද්ද උනා..
මෙ දෙව්සිතු තමයි මගෙ බඩෙ උන්නු පුන්චි පුතු පැටියා..
.....එදා වගේම අදත් මහ වැසි..
ඒත් එදා වැස්සෙ වෙන්න ගිය අපරාදෙට කම්පා වෙලා..ඒත් අද වහින්නෙ ආදරනීය කැදැල්ලකට ආශිර්වාද සලන්න..
ආන්න ඒකයි වෙනස..
....නිමි..
Savi
උපුටා ගැනීමකි
No comments:
Post a Comment