කෙටි කතාවක්
ප්‍රමාදයි මා..........
දීපන් මෙහෙට උඹගෙ ෆෝන් එක. එතකොට අල්ලගත්ත හැකි තමුසෙගෙ හොර ඔක්කොම.
ඒ මගේ ආදරේ අවුරුදු පහක් ආදරේ කරලත් මාව සැකයි.සතියකින් හම්බුනත් මාත් එක්ක එක වචනයකත් කතා නොකර ෆෝන් එක චෙක් කරන්න ගත්තෙ මම ළග ඉන්නව කියල වගේ වගක් නෙතුව.
ආහ් මේ තියෙන්නෙ උඹත් නටන්න පුලුවන් දහ අට වන්නමම නටනව කියල මම හිතුව. කතා කරපන් කාගෙද මේ නම්බර් එක
ඕක කොලෙජ් එකේ අභිශේක් කියල යාලුවෙක්ගෙ අයියෙ. කොලෙජ් එකේ වැඩකට පණිවිඩයක් දැනගන්නයි කතා කරේ.
මට හිතාගන්න පුලුවන් දැං උඹ ඉගෙනගන්නව ඉගෙනගන්නව කියල නටන නාඩගම. මූ උඹෙ හොර එකාද ආ. තෝ වගේ හැම එකා ගාවටම යන ## ගෑනියක් මට ඕනෙ නෑ. තමුසෙ එක්ක යාලු උනාට වැඩිය හොදයි ඕයි නිකන් හිටියනම්. මොනාද උඹට තියෙන්නෙ.
පපුවට පිහියෙන් අනිනව වගේ ඔයා කියද්දි මම අහගෙන හිටියෙ කදුලු බේරෙන ඇස් වලින් ඔයා දිහා බලාගෙන .
දැනුත් ආවෙ පරක්කු වෙලානෙ ඇයි හොර එකා එක්ක ඉදලද ආවෙ 😏
කවදාවත් හිතින්වත් ඔයාට වැරැද්දක් කරන්න හිතලවත් තිබ්බෙ නෑ මගෙ අයියෙ. ඔයා නැතුව ජීවත් වෙන්න බැරි තරමටම මට ඔයාව ඕනෙ උනා. ඔයා කතා නොකර ඉද්දි මට හරි පාලුයි. ඒ තරම් මම ආදරේ කරා. ඒත් මොන කරුමෙකටද දන්නෙ නෑ ඔයාට ඒ ආදරේ පොඩ්ඩක්වත් දැනුනෙ නෑ . ඔයා කිව්ව කතාවට මට පුදුම තරම් කේන්ති ගියා. ඔයාටත් හොදටම බැනල පාර දිගට අඩ අඩ මම ගෙදර ආවෙ.
පහුවදා හවස ඔයාට මාව මතක් වෙලා. ඒත් මේ හැබෑ නොවෙන හීනෙ පස්සෙ දුවල හති වැටෙන්න අතරමං වෙන්න මම බයයි මගෙ අයියෙ. ඒ හින්ද මම ඔයාව මග හැරිය.ඊටත් දවස් දෙකකට පස්සෙ ඔයාගෙන් මට ආයෙත් කෝල් එකක්.
උඹට දැන් හරියට වැඩ නේද ෆේස් බුක් එකේ. කාත් එක්කද බං ඔච්චර චැට් කරන්නෙ උඹෙ හොර එකා එක්කද.
අනේ අයියෙ පාඩුවෙ ඉන්නවද කරදර නොකර.
කොච්චර තේරුම් කරත් වැඩක් නැති බව දන්න නිසාම මම නිහඩ උනෙ වෙන කරන්න දෙයක් නැති කමට.කතාව ටිකක් දුර ගියෙ මටත් නොදැනිමයි. ගල් කරගෙන හිටිය හිත මටම පාලනේ නැතුව ගිහිං මම හොදින් කතා කරන්න හැදුවා විතරයි . ඔයා මටත් වඩා හොදට මහෙ ඒ දුර්වල කම අදුරගත්ත.
දැන් නිදාගන්න පස්සෙ ගන්නම්
මම කොච්චර අඩ අඩ තියන්න එපා කිව්වත් මගෙ ඇස් වලින් වැටුන එක කදුලු බින්දුවකටවත් ඔයාගෙ ගල් හිත උනු උනෙ නෑ . අන්තිමට ඔයා ෆෝන් එක තිබ්බෙ මේ සම්බන්දෙ නැවැත්තුවත් කමක් නෑ කියන තීරනෙත් දීලයි. මගෙ ඇස් දෙකේ කදුලු හිදෙනකල් එලිවෙනක්ල් ඇහැරගෙන ඇඩුවත් හිත හදාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ මගෙ අයියෙ. ඔහේ කල්පනා කර කර ඉද්දි මටත් නොදැනිම දවස් ගෙවිල ගියා.
මම දුකින් උනාට ඔයා සතුටින් ඇති එහෙම හිතල මම හිත හදාගත්ත
එදා ගෙදරින් එලියට බැහැල යද්දි ඒ යන්නෙ මගෙ ඉරණම් ගමන කියල මට නිකමටවත් හිතුනෙ නෑ .
අසිහියෙන් වගේ පාර පැනපු මාව උඩින් විසිවෙනව විතරයි මට මතක. මට සිහිය එද්දි අයිය මගෙ අත අල්ලන් මම ළගට වෙලා හොදටම අඩනව. මම හැප්පිල තිබුනෙ ටිපර් එකකට සිහිය ඇවිල්ලා තිබ්බෙ දවස් තුනකට පස්සෙ.
අනේ රත්තරනේ මට සමාවෙන්න මැණික ඔය හිත රිද්දුවට තරහ නෑ කියන්න වස්තුවෙ අයිය එක්ක.
සමාවගන්නෙ මොනාටද අයියෙ අනික මම කවදාවත් මගෙ අයිය එක්ක තරහ නෑනෙ .
ආයෙ කවදාවත් දුකක් දෙන්නෙ නෑ මගෙ මැණික මගෙ ඇස් දෙක වගේ මම ඔයාව බලාගන්නව රත්තරන්
ඔච්චර හීන මවන්න එපා අයියෙ කියල කියන්න ඕනෙ උනත් ඒක කියාගන්නවත් මගෙ ඇගට පණක් තිබ්බෙ නෑ . ඇගට දැනුනු අපහසුවත් එක්කම දැන් මට යන්න වෙලාව ඇවිත් කියල මට තෙරුන. එදා මම අඩද්දි මගෙ කදුලු කකුලට පෑගෙන දූවිල්ලක් තරමටවත් මායිම් නොකරපු ඔයා අද මං ඉස්සරහ ඉදගෙන හොදටම අඩනව ඔය කදුලු පිහින්නවත් ඔයාගෙ කෙල්ලට පණක් නෑ අයියෙ. එදා මම ඔයාට යන්නම් කියල කියද්දි ඔයා හරිම සැහැල්ලුවෙන් මාව අයින් කරල දැම්ම කිසිම දුකක් නැතුව මට යන්න අවසර දුන්න ඒ අවසරේ හින්දයි මට දැන් යන්න වෙන්නෙ මගෙ අයියෙ. කොච්චර දේවල් මතක් උනත් මට අයිය ගැන කිසිම විදිහකට වයිරයක් හිතුනෙ නෑ .
අයියෙ
කියන්න මැණික
මට ඔයාගෙ අත ටිකක් දෙනවද
මම අයියගෙ අත පපුවට තියල තදකරගත්ත.
මම හැමදාම ආදරේ කරේ ඔයාට අයියෙ ඔයා ඇර කිසිම කෙනෙක් මගෙ තුන්හිතකවත් ඉදල නෑ .මාව විශ්වාස කරන්න මගෙ අයියෙ.
අනේ මැණික මට සමාවෙන්න රත්තරන් මට උඹව විස්වාසයි කෙල්ලෙ.
ආදරෙයි මගෙ අයියෙ.
*****
එහෙම කියනවත් එක්කම කෙල්ලගෙ බෙල්ල පැත්තකට ඇල උනා. කොල්ල කෑගැහුවෙ මුලු ඉස්පිරිතාලෙම සෙනග කම්පාවෙන තරම් දුකකින්. ඒත් ඒ දුක නිවන්න වෙනද වගේ කෙල්ල ළග හිටියෙ නෑ. වැරදි තේරුම් අරන් ආපහු හැරිල ජීවිතේ දිහා බලද්දී මහමෙරක් තරම් ආදරේ කරපු ආදරවන්තිය තමන්ගෙන හුගක් දුර ගිහින් ආයෙ නොඑන්නම. ලග උන්නු කාලෙ ඒ නොදුන්නු නොපෙන්නපු ආදරේ නිසා කොල්ලත් මුලු ජීවිත කාලෙම ඒ මතකයන් එක්ක දුක්වින්ද.
නෙතුලි අභිශේකා
උපුටා ගැනීමකි
No comments:
Post a Comment