අහිමි පෙම

කෙටි කතාව

    විහංසා අහිංසක කෙල්ලෙක්.ගොඩාක් ලස්සන නැති උනත් කෙල්ලගෙ මොකක්දෝ සුන්දරත්වයක් තිබුනා.බැලු බැල්මට පුංචි කෙල්ලෙක් වගේ පෙනුනට කෙල්ල චුට්ටක් වයසින් මුහුකුරා ගිහින් තිබුනෙ.ඒත් කෙල්ල දිහා බලන කෙනෙක්ට කෙල්ලගෙ වයස අනුමාන කරන්න අමාරුයි .

    ජීවිතේ ගොඩාක් දුක් විදපු කෙල්ලෙක් විහංසා කියන්නෙ .වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුක් විදපු ආදරේ චුට්ටක්වත් ලැබුනෙ නැති කෙල්ලෙක්.ඒත් කෙල්ලගෙ මූනෙ හැම මොහොතකම හිනාවක් තිබුනා.ඒ හිනාව ඇතුලෙ හැංගුන වේදනාව ඒක දන්නෙ කෙල්ල විතරමයි.

    ජීවිතේ ගොඩාක් දුක් විදලා රැක ගත්ත ගොඩක් දේවල් කෙල්ලට අහිමි උනේ දෛවයේ සරදමට වගේ.කෙල්ල පෙර කල පවක් පල දුන්න ගානට කෙල්ලගෙ ජීවිතේ විවිධ හැලහැප්පීම් වලට ලක් උනා.ඒත් මේ අහිංසක කෙල්ල වැටුනෙ නෑ.අමාරුවෙන් ගොඩනගාගත් කෙල්ලගෙම ව්‍යාපාරය කඩා වැටුනෙත් කෙල්ල තවත් අසරණ කරලා.ඊට පස්සෙ ආව ප්‍රශ්න විසදගන්න කෙල්ල රැකියාවකට ගියා.

     ජීවිතේ පලමුවතාවට රැකියාවකට යන කෙල්ලගෙ හිතේ තිබුනෙ බයක් තිගැස්මක්.ඒත් ජීවිතේ දුකත් එක්කම පොරබැදපු විහංසා ඒ බය හිත ඇතුලෙම මරල දැම්මෙ රස්සාව මේ වෙලාවෙ අවශ්‍ය ම නිසා.

     ජනප්‍රිය නිම් ඇදුම් වෙලද සැලක වෙලද සේවිකාවක විදියට රැකියාවට ආව කෙල්ලගෙ හිතේ තිබුනෙ තිගැස්මක්.කෙල්ල රැකියාවට හුරු වෙද්දි කෙල්ලගෙ හිතේ තිබුන බය චුට්ට චුට්ට අඩු උනා.කෙල්ලො කොල්ලො ගොඩක් එක්ක කරන රැකියාවට කෙල්ල ගොඩක් ආදරේ කලා.කෙල්ලට ගොඩාක් යාලුවො හිටියෙ නෑ.ඇයත් එක්ක හිටපු එකම යාලුවා තමයි හංසි.කෙල්ල හිතේ තියෙන හැමදේම බෙදාගත්තෙ හංසි එක්ක.

       අවිදු කියන්නේ විහංසා එක්ක එකම තැන රැකියාව කරපු තරුනයෙක්.අවිදු සෙල්ලක්කාරයි .විනෝදජනකයි..ගොඩක් විව්‍ර්තයි ..කොල්ලගෙ ඇස් විහංසා ලග නතර උනේ සමහරවිට ඒ සෙල්ලක්කාර කමට වෙන්න ඇති.කෙල්ල ලස්සන නම් නෑ තමයි.ඒත් අවිදුගෙ ඇස් මේ කෙල්ල ලග නතර උනා.මුලදි මුලදි විහිලුවෙන් පටන් ගත්ත බැදීම යාලුකමක් දක්වා වර්ධනය උනා.ඒ සෙල්ලක්කාර කොල්ලගෙ විහිලු වලට මුලදිනම් කෙල්ලගෙ හිතේ තිබුනෙ තරහක්.

   "අනේ අම්මපා මට අරූගෙ හොම්බට අනින්න හිතෙනවා...."

කෙල්ල දවසක් කෙල්ල එක්ක වැඩ කරන තවත් තරුණියකට කිව්වා.

"ඒ අවිදු අයියගෙ හැටි බන්.මටත් විහිලු කරනව එයා... දවසක් කිව්වා එයා බදින්නෙ මාවලු කියලා..."

   විහංසගෙ හිත පලමු වතාවට අවිදු වෙනුවෙන් සැලුනෙ එදා.කෙල්ලගෙ හිතට ලොකු දුකක් දැණුනා කෙල්ලට හොරාම.

      එදා සැලුණ ඒ හිතින් කෙල්ල හැමදාමත් අවිදුගෙ දගකාරකම් බලාපොරොත්තු උනා.ඒ දගකාරකම් බලලා කෙල්ල සතුටු උනා.

      එදා කෙල්ල වැඩට ආවෙ ඒ හිනාව බලන්න උනත් අවිදු වෙනදවගේ විහංසා එක්ක කතා කලේ හිනා උනේ නෑ.අඩු ගානෙ වෙනද වගේ ගුඩ් මෝනිං කියලවත් කිව්වෙ නෑ.විහංසගෙ හිත තිබුනෙ බරවෙලා.කෙල්ලට දැනගන්න ඕනි උනේ හේතුව.ඒත් කෙල්ල වචන දෙකකට වඩා අවිදු එක්ක කතා කරලා නැති නිසා කෙල්ලට ඒ ගැන අහන්නත් බෑ.කොහේදෝ නැති හිසේ කැක්කුමක් හැදිලා කෙල්ල පෙනඩෝල් පවා බිව්වා.හංසිටත් කෙල්ලගෙ වෙනස තේරිලා තිබුනේ.

     සැරින් සැරේට දෙන්නගෙ ඇස් ගැටුනත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් හිනා උනේ නෑ.එයාගෙ ඔච්චර ගනන් නම් මාත් එහෙමයි.කෙල්ල හිතුවා.ඒත් හිතට හොරා පතපු එකම දේ ගෙදර යන්න කලින් අවිදු වෙනද වගේ කතා කරන්න කියන එක.

     වැඩ නිමා වෙන්න හෝරා කීපයක් තියෙද්දි කොල්ල කෙල්ල ලගට ආවා.

"මං චුට්ටක් කතා නොකලම දාන්න තියෙන ඔක්කොම රැස් දාලා පෙන්නනව නේද.."

කොල්ල කියද්දි කතා කලොත් අරම කියනවා මෙහෙම කියනවා කියලා හිතපු කෙල්ල වෙනද වගේම ගොලු උනා.ඒ වෙනුවට කලේ වෙනද විදියටම හිනා වෙලා බිම බලාගත්ත එක.

    විහංසා පාසැල් යන කාලෙදිත්කාත් එක්කවත් කතා කරපු චරිතයක් නෙවී.සමාජයට ලොකු බයක් තිබුනෙ කෙල්ලගෙ.ඒ වගේම කාත් සමගවත් කතා කරන්න බැරි තරමෙ බයක් ලැජ්ජවක් කෙල්ලගෙ තිබුනෙ.කාලයක් විහංසා ඒ වෙනුවෙන් බෙහෙත් පවා ගත්තා.ඒත් කෙල්ලගෙ හිතේ තිබුන කුලෑටිකම අඩු උනේ නෑ.

   දවසින් දවස ගතවෙද්දි විහංසයි අවිදුයි ගොඩක් ලෙන්ගතු යාලුවො උනා.කෙල්ලට ඒ ලස්සන ඇස් නොදැක ඉන්න බැරි තරම් කෙල්ල ඔහුට ලං උනා.අවිදු ඇත්තටම කෙල්ල ගැන ලෙන්ගතුයි කියලා කෙල්ල විශ්වාස කලා.කාත් කව්රුත් නැති අසරණ කෙල්ලට ඒ යාලුකම ලොකු හයියක් උනා.කෙල්ල ඒ යාලුකමට වගේම අවිදුටත් ගොඩක් ආදරේ කලා...

    "අවිදු අයියා මැරි කරපු කෙනෙක්ලු නේද..."

කෙල්ලගෙ යාලුවෙක් කෙල්ලගෙන් අහද්දි කෙල්ලගෙ ඇස් උඩ ගියා.කෙල්ලට හිතාගන්න බැරි උනා ඒ ඇහුන දේ ගැන.කෙල්ලගෙ ඇස් වලට කදුලු ආවෙ කෙල්ලටත් නොදැනිම.ඒ ඇයි කියල තේරුම් ගන්න විහංසට බෑ.ඒත් අවිදු වෙනුවෙන් හිතේ ලොකු ඉඩක් වෙන්වෙලා කියලනම් කෙල්ලට තේරුම් ගියා.ඒත් ගොඩක් හිතලා කල්පනා කරලා කෙල්ල තීරණය කලා කොල්ලගෙන් ඈත් වෙන්න.

         විහංසා කොල්ලගෙ දෑස් මගහැරියෙ හිතා මතාමයි .ඒත් දගකාර ඒ ඇස් කෙල්ලගෙ ඇස් අතැරියෙම නෑ.ඒව ඇවිත් පැටලෙන්නෙ විහංසගෙ ඇස් වලමයි .හිනාවෙද්දි නටන ඒ ඇස් වලටයි දගල දගල හිනාවෙන ඒ හිනාවටයි කෙල්ල නැහීගෙන ආදරේ කලා.හැමදේම දැන ගෙනත් කෙල්ලට ඒ ඇස් මගාරින්න බැරි උනා.

    අවිදුට කෙල්ලගෙ ජීවිතේ ගැන දැන ගන්න තිබුනෙ ලොකු උවමනාවක් .කෙල්ලගෙ හිනාව ඇතුලෙ හැංගුන වේදනාව..කෙල්ලගෙ හැසිරීමට...කෙල්ලගෙ ඇදුමට පැලදුමට කොල්ල ආදරේ කලා.අවිදුටත් නොදැනිම විහංසා කොල්ලගෙ හිතේ අරක්ගත්තා.ඒ ඇස් නොදැක ඉන්න බැරි තරමට කොල්ලගෙ හිත කෙල්ල ලග නතර උනා..

     විහංසා කොල්ලට ආදරේ කරා හිතින්.ඒත් දවසක් අවිදු කෙල්ලට ආදරෙයි කිව්වා.කෙල්ල අවිදුට කොච්චර ලෙන්ගතු උනත් හිතින් ආදරේ කලත් අවිදුගෙ ආදරේ පිලිගන්න විහංසට බෑ.ඒ අවිදු කියන්නෙ තවත් ගැහැනියකගෙ ප්‍රානය නිසා.විහංසට හිත හදාගන්න බැරිව කෙල්ල ගොඩාක් වේදනා වින්දා.ඒත් කෙල්ල හිතුවෙම කොල්ලට තමන්ගෙ හිතේ තියෙන ආදරේ දැනෙන්න දෙන්නෑ කියලමයි.අවිදු කතා කරද්දි මගාරිනවා කියලා කෙල්ල හිටියෙ තද තීරනයක් අරන්.ඒත් උදේ පාන්දර  ඒ ලස්සන ඇස් එක්ක දගකාර හිනාව  දකිද්දි  කෙල්ලට ඉහිලුම් නැති වෙනවා.

    ඇයි විහංසා මේතරම් අවිදුට ආදරේ .කෙල්ල පුංචි කාලෙ ඉදන් ගොඩාක් දුක් වින්දා.කොච්චර දුක් වින්දද කිව්වොත් ගෑනු ලමයෙක් නොවිදිය යුතු අත්දැකීම් කෙල්ල ලැබුවෙ.කෙල්ලට ආදරේ කරන්න  කෙනෙක් හිටියෙ නෑ.අම්ම තාත්ත සහෝදරියො හිටියත් එයාලගෙ ලොකු බැදීමක් කෙල්ල එක්ක තිබුනෙ නෑ.පොඩි කාලෙ ඉදලම නොලැබෙනා ආදරේ සොයාගෙන ගිය කෙල්ලට ජීවිතේ ඉතිරි උනේ දුකක් විතරයි .වසර හතක ආදරයක් නිමාවෙලා ජීවිතේ තවත් දුකක් තුරුල් කරගෙන විහංසා තනිවෙද්දි කෙල්ලට යාන්තම් විසිතුන ලැබුව විතරයි.ආදරේ සුන් බුන් විසිකරලා කෙල්ල ජීවිතේට පාරක් හදාගත්තා.අමාරුවෙන් අඩිය අඩිය තියලා හදාගත්ත පුංචි ව්‍යාපාරය කඩාගෙන වැටුනෙ කෙල්ල කල පවක් පඩිසන් දෙන්න වගේ.ඊට පස්සෙ තමයි විහංසා මේ රැකියාවට ආවේ.

    විහංස ආදරේට ගොඩක් ආදරේ කරන කෙල්ලෙක්.කෙල්ලට ඕනි කෙල්ල ආදරේ කරන පිරිමියාගෙ උපරිම ආදරේ විතරයි.කෙල්ල ගැන නිතර හොයල බලන වරදක් කරාම තරවටු කරන.නීති දාලා කෙල්ලව රැකගන්න කෙල්ලව හුරතල් කරන ආදරේකට විහංසා ගොඩක් ආස කලා .ඒ ආදරේ අවිදුගෙන් පෙනෙද්දි කෙල්ලට කෙල්ලව පාලනය කරගන්න බැරිව් ගියා  .ඒකයි විහංසා අවිදුගෙ ආදරේට ආදරේ කලේ.    

                              විහංසටත්  නොදැනිම ඔව්න් ආදරවන්තයන් උනා.කෙල්ලව නොදැක කොල්ලටත් කොල්ලව නොදැක කෙල්ලටත් ඉන්න බැරි තරම් දෙන්නට දෙන්නා ආදරේ කලා.කෙල්ලගෙ මුලු ජීවිතේම උනේ කොල්ලයි කොල්ලගෙන් ලැබුන ආදරෙයි .

    කෙල්ලට ඕනි උනේ කොල්ලගෙන් ලැබෙන ඒ ආදරේ විතරයි .ඒ ලස්සන ඇස් ඒ හිනාව ඒ කටහඩ ඒ  දගකාරක
ම්   කෙල්ලගෙ ජීවිතේ උනා.විහංසා කොල්ලට ආදරේ කලේ පිස්සියක් වගේ.

     "මං ඔයාට ගොඩක් ආදරෙයි මගෙ කෙල්ලෙ..."

  අවිදුගෙ ඒ වචන තමයි කෙල්ලව ජීවත් කලේ.ඇත්තටම විහංසා ජීවිතේ කලකිරුන කෙල්ලෙක්.අවිදුගෙ ආදරේ කෙල්ලව ජීවත් කලා.   ඒත් කෙල්ලගෙ හිතේ ලොකු දුකක් තිබුනා.ඒ අවිදුගෙ විවාහ ජීවිතේට කෙල්ල නිසා ප්‍රශ්නයක් වෙයි කියලා.ඒ වගේම ලොකු බයකුත් තිබුනා.ඒ කොල්ලව නැතිවෙලා යයි කියලා.

      දවසින් දවස ගතවෙද්දි  කොල්ල කෙල්ලව අවිශ්වාස කලා.අවිදු කැමති උනේ නෑ කෙල්ල වෙන කොල්ලගෙ දිහා බලනවටවත්.එහෙම දෙයක් දැක්කම එදාට කොල්ල කෙල්ලට ගොඩක්     නරක විදියට බැන්නා.කෙල්ලගෙ වරදක් නැතත් කොල්ල කෙල්ලගෙ ආදරේ සැක කලා.ඒක දරාගන්න බැරි විහංසා හැම රෑකම කලේ   අඩන එක.කෙල්ලට දරාගන්න බැරි කෙල්ලගෙ හිතේ තියෙන ආදරේ කොල්ලට තේරුම් ගන්න බැරි එක.

                  විහංසගෙ පපුවෙ අවිදු ගැන තියෙන ආදරේ දවසින් දවස මෝරද්දි කොල්ල කෙල්ලට ගෙනාවෙ කෙල්ලට දරාගන්න බැරි වේදනාවක්..අවිදු කෙල්ලව දාල ගියේ විහංසගෙ ජීවිතේ ආයෙමත් හිස්තැනක් ඉතිරි කරලා.ඒ හිස්තැන පුරවන්න අවිදු ආයෙම එනකල් විහංසා බලන් ඉන්නවා.කෙල්ලගෙ පපුවෙ ඒ හිස්තැන පුරවන්න පුලුවන් කොල්ලට විතරයි .ඒ තරම් හිමි නැතත් විහංසා අවිදුට   ආදරෙයි ......

අවසන් නොවූ ප්‍රේම කතාවක  කතාව

වසූගේ පන්හිදෙන්    

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment