කවිකාර මනාලි

#කවීකාර_මනාළී ...💞💞

කෙටි කතාව..💏💏

සද මීදුමේ හැංගිලා මුමුණන්න බෑ
පෙම් කතා සීතලට හංකිති කවා
කීවා රහස් තාරැකා..
සද නේන යාමේ දසුනේ වෙලීලා
මට ඕන නෑ තාරැකා..

දෙවුරේ වෙලීලා හුරතල් විලාසේ
ආයේ කොනිත්තා දගකාරී වාගේ
සද ආදරී ආදරී
අද ඊයේ වාගේ තනියෙන්ම දෑසේ//
ඔබ ඉන්නවාදෝ ලං වේවී
පාරන්න බෑ ඇස් යළි..

නොකියා කියාවී සිත ආඩපාලී
ඔබ දුන්න කුසුමේ දැනුනාම රස්නේ
මේ රාත්‍රියේ රාත්‍රියේ
පිණි බිංදු බේරේ කැකුළක් විලාසේ
ආදරේ දැනුනා එ වගේ
උදුරන්න නොකියා සිතුවිලි..

සද මීදුමේ හැංගිලා..,,,,෴

හංස සිංදුව කියලා ඉවර වෙද්දී කෙල්ලෝ කොල්ලෝ ටික මහා හයියෙන් අත්පොළසන් දුන්නේ එ තරම් ලස්සනට ඔහු ගායනා කරපු නිසා..

කට්ටිය ඔෆිස් එකෙන් ඇනුවල් ට්‍රිප් එකට ආවේ නුවරඑළියේ..

රෙන්ට් එකට ගත්ත බන්ග්ලෝ එකේ මිදුල මැද්දෙ ගිණි මැළයක් ගහලා දුන්නේ බංගලාවේ අප්පු..

හීතල මැද්දෙ කට්ටිය ගිණි මැළේ වටේ වාඩි වුනේ  මේ රාත්‍රිය අමතක නොවන රැයක් කරගන්න..

සෙට් එකේ ගායකයා විදියට ජනප්‍රිය වෙලා ඉදියේ හංස..

එ නිසාම අමතක නොකර හංසට ගිටාර් එක ගේන්න කිව්වේ ඒකයි..

හංස සිංදුව කිව්වේ දැහැනකට සම වැදිලා වගේ එ තරම් ලස්සනයි..ගිටාර් එකත් අතේ තියන් ඇස් පියන් ගායනා කරන කොල්ලා දිහා කෙල්ලෝ බලන් ඉදියේ වශී වෙලා වගේ..

වාව් හසා ෆට්ට බං..

සිරා බං සීතලත් නැති වුනා උබේ වොයිස් එකට..

කට්ටිය කමෙන්ට් දාද්දී කොල්ලා මුකුත් නොකියා හිනා වුනා විතරයි..

හංස..හංස මල්සර..වැඩි සද්ද බද්ද නැති කොල්ලෙක්..කණ්නාඩි දාපු නිසා කොල්ලට විහිලුවට වගේ කණ්නාඩි පොලගා කියලත් කට්ටිය කිව්වා..ඒත් හංස කරන්නේ හැමදේටම අහිංසක විදියට හිනාවෙන එක..

එ නිසාම ඔෆිස් එකේ කොයි කවුරැත් කොල්ලට ආදරෙයි..

එහෙනම් මචංලා දැන් ඇති යමු ඇතුලට
තව ටිකකින් හීතල වැඩි වෙයි වගේ..

රංග කිව්වට පස්සේ කට්ටියම ඇතුලට ගියාට පස්සේ මිදුලේ තනි වුනේ හංස විතරයි..

ෆයින් ගස් සිපගෙන එන හුළග කොල්ලට දැනුනෙ නෑ..පලසක් බදු තනකොල බිස්සේ හංස වාඩි වුනේ ගිටාර් එකත් පැත්තක තියලා..

උදේ ඉදන්ම තනි වෙන්න වුවමනාවක් තිබ්බත් කොල්ලෝ කෙල්ලෝ මැද්දෙ හංසට නිදහසක් ලැබුනෙ නෑ..එ නිසාම කට්ටිය නිදාගන්න ගියාට පස්සේ හංස එලියේ තනි වුනේ..

අහස මැද්දෙන් පේන තනි තරැවක් දැක්කහම හංසට හිතුනේ තමාත් එ වගේ තනි තරැවක් කියලා..

හංස හැදුනේ ආච්චි ලග..අම්මා තාත්තා ඇක්සිඩන්ට් එකකින් නැති වෙද්දී හංස ට අවුරුදු පහයි..එදා ඉදන් හංසගේ ආච්චි කොල්ලව හදා ගත්තේ කඩයප්පං විකුණලා..

ආච්චි ගේ මහන්සිය අපතේ නොයවා හංස හොදට ඉගෙන ගත්තා..කැම්පස් ආවත් කැම්පස් යන්න වත්කමක් නොතිබුණු නිසා හංස එ අදහස අත ඇරියා..

ඊටත් වඩා හංස ට තිබුන එකම හයිය වෙච්ච ආච්චි හංසව දාලා ඇස් පියා ගත්තේ අවුරුදු අසුහතත් පහු වෙලා..

මැරෙන මොහොතෙත් එ වියපත් ඇස් වල තිබ්බෙ තමන්ගේ මුණුබුරා ගැනම විතරයි..

හංස තනිවෙනවා කියලා ආච්චි දැනන් ඉදියත් ඒකට කරන්න දෙයක් ඇයට තිබුණේ නෑ..එ නිසාම හංස ව බලා ගන්න කියන්න කෙනෙක් ඇයට ඉදියේ නෑ..

හංසට මෙලොව ඉදපු එකම නෑයා ආච්චි අම්මා ඇස් පියා ගත්තේ හංස ගේ අත උඩමයි..

කෑ නොගහා ඇඩුවත් හංස ක මහා මෙරක් දරාගෙන ආච්චි ⁣ගේ අවසන් කටයුතු කරේ ගමේ මිනිස්සුන්ගේ ආධාර උපකාර මැද්දෙ..

එදායින් පස්සේ ආච්චි එක්ක ඉදපු එ ගෙදර තනියෙන් ඉන්න බැරි නිසාම දොරවල් වහලා දාලා හංස කොළඹ ආවේ රස්සාවක් හොයාගෙන..

හොදට ඉගෙන ගෙන තිබුන නිසා ශක්ති ඇපරල් එකේ අකවුන්ට් ජොබ් එකක් හංස ට ලැබුනෙ වාසනාවට..

එදා ඉදන් ගන්න පඩිය ඉතුරැ කරගෙන කොල්ලා තනියෙන් ජිවත් වුනා. බෝඩින් ජිවිතේ තිත්ත වුනත් ඔෆිස් එකේ කෙල්ලෝ කොල්ලෝ ටික එක්ක ගෙවපු ජිවිතේ නිසා ටිකක් හරි සතුටින් ඉදියේ..

හවසට බෝඩිමේ ස්ලැබ් එක උඩට වෙලා ගිටාර් එක ගහමින් සිංදු කියන එකේ හංස ගේ ජිවිතේ කොටසක් වුනා..

කෙල්ලෙක් ගේ ආදරේ විදින්න තරම් හැගිමක් හංස ට නොදැනුනත් හංස දැකපු කෙල්ලෝ වහා වැටෙන තරම් ලස්සනක් හංසට තිබුනා..

ක්රෙල් කොණ්ඩේ කණ්නාඩි දාපු එ මුණට එක් කරේ අපුරැ ආකර්ෂණයක්..

ඒත් ජිවිතේ වින්ද දුක එක්ක ආදරයක් ගැන හිතන්න හංස ට ලැබුනෙ නෑ..

නුවරඑළියේ බංගලාවේදි පලවෙනි පාරට තමන්ට කියලා කවුරැහරි ඉදියා නම් කියලා හංස ට හිතුනා..

දිග සුසුමක් හෙලපු හංස ක මිදුලෙන් නැගිටලා බංගලාව ඇතුලට ගියේ මහන්සියක් දැනුන නිසා..

ට්‍රිප් එක ගිහින් ඇවිත් පුරැදු විදියට කාර්යාල කටයුතු කරගෙන ගියේ පුරැදු ජිවිතයට අවතීර්ණ වෙලා..

එ බං මේ අහපන්කෝ..

නදිත ඔෆිස් එකේ රොයිටරේ ආවේ එලියේ ඉදන් හංසලා වැඩ කරපු සෙක්ෂන් එක පැත්තට..

මොකද බං ගාලකඩා ගත්ත මී හරකා වගේ දුවන්නෙ උබ මෝහීනිවත් දැක්කද උදේ පාන්දර..රංග ඇහුවේ නදිත දිහා බලලා..

මොහීණි නෙවෙයි බං අලුත් කෑල්ලක් ගොඩ බැහැලා..

සිරා..උදාර ටක් ගාලා මේසේ ලගින් නැගිටලා නදිත ලගට ආවේ..

කට්ටියට කෙල්ලෙක් කිව්වොත් වෙන මුකුත් ඕන නෑ..

කෝ කෝ කවුද බං කෑල්ල ලස්සන ද සුදුද??

කෙල්ලෙක් කිව්ව ගමන් කට්ටියට ප්‍රශ්න ලෝකයයි..

සුදුයි පොඩි ෆට්ට බං හම්මේ ඔර්ජිනල් සුරංගනා තමා..

ඔව් ඔව් සුරංගනාවියෝ විතරයි අඩු මෙයලට..එහෙම කිව්වේ චමරි..

අනේ පලයං බං යන්න තොපි නිකවන් නව දැළි හේනක වැදිරියෝ වගේ තමයි..බලපං ඒකී ආවහම..නදිත කියද්දී චමරි ගියේ නදිත්ට නෙවෙයි කොල්ලෝ කට්ටියටම ගස්ස ගෙන..

ආවා මෙතන..

හරි හරි දැන් කොයි සෙක්ෂන් එකටද බං ඒකී එන්නේ උබ බැලුවේ නැද්ද?? රංග නදිත ගෙන් ඇහුවේ..

මං හිතන්නේ අකවුන්ට් එකට තමයි බං..මං දැක්කා බොසාගේ රෑම් එකේ ඉන්නවා..

එලනේ ⁣යකෝ..

කට්ටිය කෙල්ල ගැන කතා වෙද්දී හංස විතරක් පැත්තකට වෙලා ඉදියේ හිනා වේවී..

එ හංසක උබත් මොනාහරි කියහන්කෝ බං..

පිස්සු ද හංස යා කවදද බං කෙල්ලන්ට ඉන්ට්‍රෙස්ට් වුනේ..

කට්ටිය කියව කියව ඉද්දි හංස දැක්ක බොස් ඔවුන්ගේ සෙක්ෂන් එක පැත්තට එනවා..

ස් ස් බං මේ..

එ ස් ස්..

හංස කට්ටියටඑ ගැන කියන්න හැදුවත් කතා පිට ඉදපු කට්ටියට ඒක ඇහුනේ නෑ..

රංග ටේබල් එකක් උඩ..

නදිත පුටුවට කකුලක් තියාගෙන..

කොච්චර අසිහියෙන් ඉදියද කියනවා නම් කට්ටිය දැක්කේ නැ මැනේජර් එනකල්ම..

මොකද මේ කට්ටිය ආ..⁣ඔහුගේ කෑ ගැහිල්ලට කොල්ලෝ කෙල්ලෝ ටිකත් බය වුනා..

මෙහෙමද ඔෆිස් එකේ හැසිරෙන්නේ..

ඔහු අහද්දී කොල්ලෝ ටිකට කටඋත්තර  නෑ..

න් නෑ සර් මේ..

නෑ සර් මේ සර් නෙවෙයි ආයේ මෙහෙම හැසිරිලා මට අහු වෙන්න එපා..

ඕකේ සර්..

හ්ම්ම්..දැන් අහගන්න..මේ ඉන්නේ අලුත් අකවුන්ට් මිස් පැහැසරා දම්සාරී..අද ඉදන් මේ සෙක්ෂන් එකේ තමුන්ලත් එක්ක වැඩ කරයි.

මැනේජර් ඇවිත් අලුත් කෙල්ලව අදුන්වලා දෙද්දී කට්ටිය කට ඇරන් බලන් ඉදියේ එ රැව දිහා..

සුදු ලස්සන පොඩි කෙල්ලෙක් ඉදියේ..පුංචි වුනත් ඉදියේ ලස්සන ට බ්ලැක් සාරී එකක් ඇදගෙන..කෙල්ල සුදු ම සුදු නිසා බ්ලැක් සාරී එකට කැපිලා පේනවා..

හරි දැන් වැඩ පටන් ගන්න..මිස් පැහැසරා අර තියෙන්නේ ඔයාගේ ටේබල් එක යන්න වැඩ පටන් ගන්න..

මැනේජර් ගියාට පස්සේ පැහැසරා ඇවිත් තමන්ට වෙන් කරපු ටේබල් එ⁣කට ආවේ..

පැහැසරා ඉදියේ හංස ගේ ඉදිරියේම ටේබල් එකේ..

කොල්ලෝ ටික වැඩ කෙසේ වෙතත් උදේ වරැවෙම කරේ කෙල්ල ගේ හැඩ බලන එක..සාරියේ බද ලගින් ටිකක් ඕපන් වැඩි නිසා කෙල්ල ගේ නාභිය සාරිපට අතරින් පේනවා..

කොල්ලෝ ටික එක එකාට ඇස් ගහගහා ඒක හැමෝටම පෙන්නුවේ මැජික් එකක් වගේ..

ඒත් ෆයිල් වල සිහියෙන් ඉදපු පැහැසරා ඒක දැක්කේ නැතත් හංස ක දැක්කා කොල්ලන්ගේ ඇස් තියෙන්නේ කොහෙද කියලා..

එ නිසාම ලන්ච් ටයිම් එකේදී හංස පැහැසරා එලියට යද්දී ම කෑම එකත් අරගෙන එලියට ගියේ අනිත් එවුන් එන්න කලින්..

එක්ස්ක්යුස් මී..එක පාරට ඇහුණ සද්දෙ එක්ක පැහැසරා හැරෙද්දි දැක්කේ හංසව..

ඔයා මටද කතා කරේ??

ඔව් ඔයාට..

අහ් ඇයි දන් නෑ..මොනාහරි ප්‍රශ්නයක් ද??

ප්‍රශ්නයක් නෙවෙයි ආපහු කැබින් එකට එද්දී ඔය සාරිය හරියට හදාගෙන එනවා කොල්ලන්ට මැජික් පෙන්නන්නේ නැතුව..

හංස කියද්දී පැහැසරා එක වරම තම වත දිහා බැලුවා..

ඇ ඇයි එහෙම කියන්නේ..

ඇයි අහන්නෙ කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලනවා මුලින් බඩ භාගයක් එලියේ.ඔහොමද කෙල්ලෙක් වුනහම හැසිරෙන්නේ..පැහැසරාගේ මූණ බලාගෙන ඉද්දි කලු වුනා..

සොරී..

පැහැසරා මුමුණද්දී හංස තවත් එතන නොරැදී ලන්ච් රෑම් එක පැත්තට ගියා..

ලන්ච් ඉවර වෙලා ආයේ එද්දී හංස බැලුවේ පැහැසරා ගේ සාරිය දිහා..

කෙල්ල බඩ චුට්ටක්වත් පේන් නැති වෙන්න සාරීය හදාගෙන..

ඒකට නම් කොල්ලට ලාවට හිනාවක් ගියා..

ටික දවසක් යද්දී පැහැසරා ඔෆිස් එකේ කා එක්කත් සුහද වුනා..එ වගේම දක්ෂ විදියට වැඩත් කරා..

මේ නිසා කට්ටිය එක්කම පැහැසරා හොද යාලුවෙක් වුනා..විශේෂයෙන්ම හංස එක්ක..

අනිත් කොල්ලන්ට වඩා පාඩුවෙ අහිංසක විදියට ඉන්න කොල්ලා ගැන පැහැසරා පැහැදුනා..

දම්සාරීරීරී..

ඔෆීස් එකේ කොල්ලෝ කොයි වෙලෙත් කරන්නේ දම්සාරී කිය කිය ⁣කෙල්ලට විහිලු කරන එක..

පැහැසරා එ වේලාවට කරන්නේ සුදු මූණ තවත් එලිය වෙන්න හිනා වෙන එක..

එ අතරම තමයි හංස ගේ බර්ත් ඩේ එක එන්නෙත්..

කොච්චර බෑ කිව්වත් කොල්ලෝ කෙල්ලෝ ටික හංස ගෙන් පාටීයක්ම ඉල්ලනවා..හරියට ඉන්න තැනක් නැතුව බෝඩිමක ඉන්න කොල්ලා එ වෙලාවට අසරණ වුනාට ඒක කාටවත් කියන්න ගියේ නෑ..

ඒත් පැහැසරා..

පැහැසරාට තේරැණා හංසව..

හංස..පැහැසරා ටී ටයිම් එකේදී කොල්ලා ලගට ආවේ වටපිට බල බල..

ආ පැහැසරා..කියන්න..

මට ටිකක් කතා කරන්න පුලුවන් ද හංස..

පුලුවන් පුලුවන් ඇයි පැහැසරා මොකක් හරි ප්‍රශ්නයක් ද??

ප්‍රශ්නයක් නම් තමයි..

ඉතින් කියන්න ලමයෝ මොකක්ද ??

ඔයාගේ බර්ත් ඩේ එක ලගයි නේද හංස..

කෙල්ල කිව්වේ ඒක..

ඔව් ඔයා කොහොමද දන්නේ..

දන්නේ ඔෆිස් එකේ කට්ටිය කතා වෙන නිසා..

හ්ම්ම් ඔව් බර්ත් ඩේ එක නෙක්ස්ට් වීක්..

කට්ටිය පාර්ටියක් ඉල්ලනවා නේද??

ඔව් පැහැසරා නොදිත් බෑ දෙන්න ඕන කොහොම හරි...

හ්ම්ම්.මම දෙයක් අහන්නද හංස ප්‍රයිවට් දෙයක්..

අහන්න..

හංස ඉන්නේ තනියමද??

කතාවෙන් කතාවෙන් කෙල්ල හංස ගැන හැමදේම දැන ගත්තා..

එ වගේම මේ වෙද්දී  පැහැසරා ගේ හිතේ හංස ගැන හැගිමක් තිබුනා..කාටවත් කරදරයක් නොවී පාඩුවෙ වැඩ කරන කොල්ලා ගැන කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම උනන්දු වුනා..

හංස දිහා හැමදාම කෙල්ල බලන් ඉන්නවා ඒත් හංස තියා ඔෆිස් එකේ කවුරැත් එ ගැන දැනන් ඉදියේ නෑ..

අනේ එතකොට කොහොමද හංස පාටීය දෙන්නෙ..හංස ගැන දැන ගත්තහම කෙල්ල ට දුකයි..

මොනා කරන්නද පැහැසරා කොහොම හරි දෙන්න එපැයි..

හ්ම්ම් අපි බලමුකෝ..

සතියක් ගෙවිලා ගියේ හංස ගේ උපන්දිනේ දවස ලං කරලා..

හැමෝටම හොරෙන් පොඩියට පාටීය ලෑස්ති කරගත්ත කොල්ල කට්ටියව සප්‍රයිස් කරා..

ඔෆිස් එකේදී කේක් එක කපලා කොල්ලා මුලින් ම කේක් කැව්වේ පැහැසරාට..

ඒ වෙද්දී පැහැසරා ගැන පුංචි අදහසක් හංස ගේ හිතේ තිබුනා..

කට්ටිය දෙන්නට විහිලු කරද්දි හංස වගේම පැහැසරාත් ලැජ්ජාවෙන් හිනා වුනා..

හවස වැඩ ඇරිලා හංස බයික් එකට නැග්ගේ බෝඩිමට යන්න..

බයික් එක ස්ටාට් කරද්දිම දුවගෙන ආවේ පැහැසරා..

හංස..සාරියත් උස්සගෙන කෙල්ල දුවන්නෙ..

මොකෝ මැට්ටි මේ තව ඩිංගෙන් වැටෙනවනේ..

වැටෙනවා තමයි මොකද අද නොකියම යන්නේ ආ ග්ර්ල් ෆ්‍රෙන්ඩ්වත් එන්න කිව්වද..

ඔව්නේ මම මේ එයාට බර්ත් ඩේ ට්‍රීට්මන්ට් එකක් දෙන්න යනවා...

හංස කියද්දි පැහැසරගේ මූණ බලන් ඉද්දි අදුරැ වුනා..

නෑ නෑ මට කෙල්ලෝ නෑ කියලා ඔයා දන්නවනේ පන්සලට යන්න හිතුවා පැහැසරා ඒකයි ඉක්මනට යන්නේ..

ආනේ දැන් එතකොට ඔයා පන්සල් යනවද හංස..

ඔව් බෙල්ලන්විල  පන්සලට යනවා..

මාත් එන්නද?? පැහැසරා අහද්දී හංස ට පුදුමයි..

ඔයා ..

ඔව් මං..එන්නද??

ඒ වුනාට ඔයාට රෑ වෙනවනේ ලමයෝ..

රෑ වෙන්නේ නෑ අනේ මාත් එන්නද ම්ම්..

එන්න හැබැයි ඔලුවක් නම් නෑ..

මොකක් ඔලුවක්..ඇයි මේ තියෙන්නේ ඔලුවනේ කෙල්ල ඔලුවට අත තියලා පෙන්නනවා..

මැට්ටි ඔය ඔලුව නෙවෙයි මම කිව්වේ හෙල්මට් එකක් ..

හී කවුද දන්නේ..ඉන්නකෝ මම සිකුරැටි අන්කල් ගෙන් අහලා ඉල්ලන් එන්නම්..

පැහැසරා ගිහින් මුරකරැගෙන් හිස් ආවරණයක් අරගෙන ඇවිත් දාගෙන හංස ගේ බයික් එකට නැග්ගා..

හංස ට හිමින් ගිහින් පුරැදු නැති නිසා කොල්ලා ස්පීඩ් යනවා..එ වේලාවට බ්රෙක් ගහද්දි පැහැසරාව විසී වෙන්න යනවා..

කෙල්ල එ නිසාම හංස ගේ බඩ මැද්දෙන් අත දාලා හයියෙන් අල්ල ගත්තා..

එහෙම කරද්දි කෙල්ලගේ පපුව ⁣හංසගේ පිටට තද වෙනවා..

හිමීය යන ගමන් පැහැසරා එ පිට සිප ගත්තා..

හංස ට තේරැනත් කොල්ලා සද්ද නැතුව ඉදියේ වෙන දේවල් හීනයක් වගේ නිසා..

බෙල්ලන්විල පන්සල් ගිහින් මල් පහන් පුජ කරලා දෙන්නා එක්ක  එද්දී රෑ හතටත් කිට්ටුයි..

වෙනදට වඩා දෙන්නා ගොඩක් කිට්ටු වුනා..හංස ට පලවෙනි පාරට කෙල්ල ගැන ආදරයක් දැනුනෙ එදා..

පැහැසරාව ගේ ලගින් දාලා කොල්ලා බෝඩිමට ගියේ වෙනදට වඩා සතුටින්

හිත ඇතුලේ මොනවද වෙනවා වගේ..

ගිටාර් එක ගත්ත කොල්ලා සිංදුවක් මිමිණුවේ පැහැසරාව හිතේ ඇදගෙන..

නාදුනන සුභ හීනේ
සුව මැව්ව සුරගන ඔබදෝ
හාද වෙලා මල් වාරේ
වස්සාන උණුහුම මගෙදෝ
මගේ වාගේ දැනුනා
නෙතු වින්ද මොහොතේ මා
ගව් ගාණක් රැදුනා
එක හීනයක මා ....

කාලය ගියේ පැහැසරාව වගේම හංසවත් පෙම්වතුන් කරලා..කාත් කවුරැත් නැති ⁣හංසට පැහැසරා අම්මා කෙනෙක් වගේ වුනා..

එ සෙනෙහස ඉදිරියේ හංසට දැනුනෙ තමන්ගේ ආච්චි අම්මගේ ආදරේ..

එ නිසාම එ ආදරේ ට හංස ගොඩක් ලෝභ වුනේ..

පැහැසරා බබා..

ඇයි පැටියා ම්ම් කියන්න..

පැහැසරා කියන්නේ හංස ගේ තුරැලේ ඉදන්..

ඉක්මනට බදිමු මැණික..

බදින්න 

ඔව් දැන් තනියෙන් ඉදියා ඇති නේද??

හ්ම්ම්..

හ්ම්ම් නෙවෙයි බදිමු නේද??

බදින්න තව වයස තියෙනවනේ හංස..

මට ඔයාට වගේ නෙවෙයි පැහැසරා මම අනාථයෙක් ඒකයි කියන්නේ බදිමු කියලා එතකොට ඔයාවත් ඉන්නවා මට..

හංස කියද්දී පැහැසරා කරේ මුණිවත රකින එක විතරයි..

හංස යා අනිද්දට ඔෆිස් එකේ ඇනුවල් පාටී එකලු බං..හොටෙල් එකක තියෙන්නේ..

කවුද ද බං කිව්වේ..

මැනා බං කිව්වේ හැමෝටම කියයි..

ඒකත් එහෙමද?

ඔව් බං දැන් ඉතින් අලුතෙන් ඇදුම් ගන්නත් වෙයි පාටීයට..බොසාගේ දුවත් එදාට එනවලු බං..

බොස් ගේ දූ..ඔව් බං..

ශක්ති ඇපරල් එකේ අයිතිකාරී ඒකීලු..

එහෙම එකෙකුත් ඉන්නවද බං දන්නෙත් නෑනේ..

ඔව් බං කෙල්ල රටලු  ඉදලා තියෙන්නේ..

හම්මට එහෙනන් එලිකිරි කෑල්ලක් වෙන්න ඇති..

එලකිරි තියා ටිංකිරි වුනත් අපිට වැඩක් නෑ බං ඒවා බර අතුනේ...

බ්ලු ඇවේරා එකේ තිබ්බ පාටීයට හැමෝම යන්න සුදානම් වුනේ ආසාවෙන්..

හංස මගට වෙලා බලන් ඉදියත් පැහැසරා ආවේ නෑ..

බලන් ඉදලා ඉදලා බැරි තැනම හංස හොටෙල් එකට ගියේ පැහැසරා එන එකක් නෑ කියලා හිතලා..

යද්දී කට්ටියම ඇවිත් ..

වාව් අදනේ යකෝ හංස ගේ ලස්සන දැක්කේ..

කොල්ලෝ කෙල්ලෝ ටික හංස දැක්ක ගමන් විහිලු කරන්න ගත්තා..

ෆුල් සූට් ඇදලා කොට් එක දාන් ඉදපු කොල්ලා නලුවෙක් වගේ..

මු අද මනමාලයා වගේ නේද බං..

වැඩක් නෑ බං මනමාලි නෑනේ..

ඇත්තටම පැහැසරා ඇවිත් ඉදියේ නැ..කොල්ලට දැනුනෙ දුකක්.එ මදිවට ෆෝන් එකත් ඔෆ්..

සුභ සන්ධ්‍යාවක් ඔබ සැමට ශක්ති ඇපරල් ආයතනයේ වාර්ෂික සුහද හමුවට ඔබ සැම දෙනාම ගෞරවයෙන් ආදරයෙන් පිලි ගන්නවා..

මැනේජර් ඇවිත් කට්ටිය පිලි අර ගත්තට පස්සේ පාටීය පටන් ගත්තේ..

කාලා බීලා ඉවර වෙලා කට්ටිය ඉද්දී ශක්ති වික්‍රමආරච්චි වේදිකාවට ආවේ..

එ ගාම්භීර පෙනුම දැක්කහම කට්ටියට ඇති වුනේ ගෞරවයක් ..

ඔයාලා දන්නවා ඇති අදට අපේ ආයතනට අවුරුදු විසිහයක් වෙනවා කියලා..

එ අවුරුදු විසිහය ඇතුලත බොහෝ දුක් කම්කටොලු මැද ආපු ගමනක් මේ..

ඒත්  අවුරුදු විසි එකකට කලින් ඔයාලා හිතන්නේ නැති දෙයක් වුනා..

ඔව් ඔයාලා හිතන්නේ නැති දෙයක්..

එ කියන්නේ ශක්ති ඇපරල් එකේ සම අයිතිකරැ මගේ නංගි ඇක්සිඩන්ට් එකකින් නැති වුනේ අදට වගේ දිනක අවුරුදු විසි එකකට කලින්..

එදා මගේ ජිවිතේ ලොකු හිඩසක් ඇති වුනා..මගේ අම්මා එ විතරක් නෙවෙයි මගේ නංගි ගේ දරැවා එදා ඉදන් ආගිය අතක් නැති වුනා..

අවුරුදු විසි ගාණක් මම මගේ නංගි ගේ දරැවා හෙව්වා..

ඒත් අදටත් මගේ අම්මව මට දකින්න ලැබුනෙ නැ..

ශක්ති එහෙම කියන ගමන් ඇස් වල කදුලු පිහ දැම්මා..

ඒත් දෙයියෝ බැලුවා වගේ මගේ එකම දුව අවුරැද්දකට කලින් රට ඉදන් ආවේ

මගේ දුවගේ උත්සහයෙන් මගේ නංගි ගේ දරැවා මට හොයා ගන්න පුලුවන් වුනා..

දැන් ඔයාලා බලන් ඉන්නේ මගේ දුව කවුද කියලා නේද??

එන්න දුව මෙතනට..

ශක්ති කියද්දී එතනට ආවේ හීනෙන්වත් හිතන්නේ නැති කෙනෙක්..

එතනට ආවේ පැහැසරා..

මේ ඉන්නේ මගේ එකම දුව පැහැසරා දම්සාරී..අවුරුදු ගාණක් ඔස්ට්‍රේලියා ඉදලා ආවේ..

ආපු දවසෙම තමයි පැහැසරා ශක්ති ඇපරල් එකේ වැඩට ආවේ..

එයාට ඕන වුනේ එතනට සේවීකාවක් විදියට ගිහින් බලන්න..

එ නිසයි එයා එතනට එහෙම ගියේ සාමාන්‍ය සේවීකාවක් විදියට..

ඒත් ජිවිතේ මහා පුදුමයි..පැහැසරා මගේ දෝණී මට ජිවිතේ දෙන්න පුලුවන් ලොකු ම තෑග්ග දුන්නා..

ශක්ති තමන්ගේ කතාව කරගෙන යද්දී හංස පැහැසරා දිහා බලන් ඉදියේ පුදුමෙන්..

මෙච්චර කල් තමන්ට ආදරේ කරේ ශක්ති ඇපරල් එකේ අනාගත අයිතිකාරීටද??

එහෙනම් තවත් දුරට එ ගැන හිතලා වැඩක් නෑ කියලා හංස ට හිතුනා..

මොකද තමන් වගේ හිගන්නෙක්ට එ සුරංගනාවි ලැබෙන්නේ නෑ..

ඔයාලට මේ දේවල් කියන්න ඕන වුනේ එක හේතුවක් නිසා එ මගේ දුව පැහැසරා බල කරපු නිසා..

එ වගේම අද මම මගේ නංගි ගේ පුතා වගේම මගේ අනාගත බෑනා ඔයාලට හදුන්වලා දෙන්න කැමති..

ශක්ති කතාව නවත්තලා වටපිට බලද්දී  සභාව මීයට පිම්බා වගේ වුනා..

හැමෝම ඉදියේ පුදුමෙන්..

ඔව් එ වෙන කවුරැත් නෙවෙයි ඔයාලා හිතන එකකුත් නෑ එ කෙනා ගැන..

එ එ වෙන කවුරැත් නෙවෙයි හංස හංස මල්සර..

ශක්ති කියද්දී කට්ටියට දාඩිය දාන්න ගත්තා..

හංසව  සිහිසුන් වුනා වගේ..

දෙයියනේ කොල්ලා පපුවට අතක් තියා ගත්තා..

හංස මගේ පුතේ එන්න මං ලගට එන්න ශක්ති අඩ අඩම ගිහින් හංස ව වැලද ගත්තා..

ලොකු මාමේ..

ඔව් පුතේ ඔව් මම උබේ ලොකු මාමා..අවුරුදු ගාණක් උබව හොයපු ලොකු මාමා..දැන් කියපන් පුතේ කෝ මගේ අම්මා මගේ රත්තරං අම්මා..

ශක්ති ඇහුවේ අඩ අඩා..

ආච්චි..ආච්චි නැති වුනා ලොකු මාමේ..

අම්මා නැති වුනා..අනේ දෙයියනේ..

මම අවුරුදු ගාණක් අම්මවයි උබවයි හෙව්වා..මේ දේපල හැම එකකම අයිතිය මගේ නෙවෙයි උබගේ..

සංසලා..සංසලා කියන්නේ  උබේ අම්මා මගේ නංගි..මේ හැමදේම නංගි ගේ..එදා ඇක්සිඩන්ට් එකෙන් නංගි මස්සිනයි නැති වුනා..ඔයාලා අතුරැදහන් වුනා..

මම විදෙව්වා පුතේ උබව හොය හොය විදෙව්වා..අන්තිමට පැහැසරා තමයි උබ ගැන හොයා ගත්තේ..කෙල්ල උබ ගැන හොයාගෙන කියද්දී මම සතුටු වුනා පුතේ..දැනුයි මම හුස්ම ගන්නෙ..

දැන් මේ දේපල නෙවෙයි මගේ කෙල්ලවත් ඔයාටම අයිති..

ශක්ති කියද්දී හංස කදුලු අතරින් පැහැසරා දිහා බැලුවා..

එ ඇස් සතුටට දිලිසෙනවා..

ශක්ති ඇපරල් හී සම අයිතිය හංස ට ශක්ති ලියලා දුන්නා..

එ විතරක් නෙවෙයි ලබන මාසේ සුභ නැකතින් හංස පැහැසරාගේ අත ගන්නවා..

හංස ඉදියේ පැහැසරා ව තුරැල් කරන්..

මස්සිනේ..

මොකෝ නෑනේ..

බඩිඩක් අහන්නෙයි..

අහපන්කෝ බං ඉතින් ..

මං ඔයාගේ කවුද ම්ම්..

මගෙද??

ඔව් හංස ⁣ගේ කවුද මං ම්ම්..

කියන්න ම ඕනද??

ඔව්නේ කියන්න..

කෝ එහෙනන් මේ හැරෙන්න..

හංස පැහැසරාව තමන්ගේ මූන පැත්තට හරවා ගත්තා..

හංස ගේ අනාගතේ එ මූණේ දේදුනු පාටින් සිත්තම් වෙලා..

ටික වේලාවක් බලන් ඉදපු

හංස..

ඔයා මගේ..

කවියක් තවත් කුමට
කවියක්ය නුඔ මෙමට
ගහකොළද මල් වැලද
නුඔ හට පෙම් බදී..

පැහැසරා හයියෙන් හංස ගේ පිට මතට අත දාලා ඔහුට තුරැල් වුනා..

අවසානයි..

   (#ලියන්නේ_නන්නාඳුනන_කවීකාරි)

උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment